සුදු බන්ඩා ආරච්චි.

මහඔය සුදු බන්ඩ ආරච්චි මහත්තය ගැන මේ දක්වාලියපු කතාකීපෙකම සදහන් කලා මතක ඇතිනෙ.මහඔය මගේ රාජකාරි කාලය තුලදි බොහොම සමීපව ඇසුරු කල බින්‍තැන්න වාසී ම්නිසා තමයි සුදු බන්ඩා ආරච්චි මහත්තය කියන්නෙ.සුදු බන්ඩා ආරච්චිල පදිංචිය මහඔය නගරෙමයි.මහ ඔය චෙන්කලාඩි පාරෙ කඩපේලිය පහු කරනවත් එක්ක දකුනු අත පැත්තෙ තිබුන පරන ගෙදර තමයි ආරච්චි මහත්තයගෙ ගෙදර.මේ ගෙදර ප්‍රධාන දොර … Continue reading සුදු බන්ඩා ආරච්චි.

කලුබණ්ඩගෙ අවුල

අම්පාර මහඔය අතර යමින් එමින් සමහර දවස්වලට වාරිමාර්ග නිවාසෙ නතරවෙමින් ගතකල කාලෙ මතක් වෙනකොටත් සතුටුයි. ප්‍රාදේශීය ලේකම් කන්තෝරුවෙන් මිනිස්සුන්ගෙ එදිනෙදා ගැටලු විසදමින් ඉන්නකොට මහඔය සමාජෙ හොදට අදුනාගන්න පුලුවන් උනා. වෙන ඕනෑ කාර්‍යාලෙක මහජන දිනේ බදාදා. ඒත් මහඔය ප්‍රාලේ කාර්‍යාලෙ මහජන දිනේ අඟහරුවාදා. ඒකට හේතුව මහඔය පොල තියෙන්නෙ අඟහරුවාදා වීමයි. කෙසෙල්, බඩ ඉරිඟු, මුං, කව්පි වාගේ … Continue reading කලුබණ්ඩගෙ අවුල

මහඔය කෙරුවාව.

මම මහඔය ප්‍රාදේශීය ලේකම් හැටියට වැඩකරන්න පටන්ගත්තෙ 1993 පෙබරවාරි මාසෙදියි. එදා ඉදන් අවුරුදු දෙකක් ඉවර කරලා තවත් මාස තුනක් යනකම් මහඔය වැඩ කරා. මේ කාලෙ වැඩි වශයෙන් අම්පාරෙ ඉඳන් දිනපතා රාජකාරියට ආවගියා උනත් රාජකාරි වැඩි දවස් වල මහඔය නවතින්න සිද්ධ උනා. මහඔය තිබුනෙ එක නිල නිවාසයයි. ඒකෙ යූ.පී පියදාස මහත්තය දරු පවුලත් එක්ක පදිංචිව හිටියෙ … Continue reading මහඔය කෙරුවාව.

පනජ්ජා ඔයේ තේක්ක පාලම

බෝගමුයාය කියන්නෙ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශෙ තියෙන ගමක්. මහඔය ඉඳන් මාදුරුඔය යන පාරෙ ගිහින් ටික දුරකදී හැරිලා පනජ්ජා ඔයෙන් එගොඩවෙලා බෝගමු යායට යන්න පුලුවන්. මම මහඔය ප්‍රා.ලේ හැටියට වැඩ කරපු 93-95 කාලෙදි බෝගමු යාය සුවිශේෂ ගම්මානයක් උනා. ඒ වනවිට බෝගමු යායට ත්‍රස්තවාදී ප්‍රාහාර තුන් වරක් එල්ල වෙලා ගම් වාසීන් තුන් පාරක් අවතැන් කරලා විශාල පිරිසක් … Continue reading පනජ්ජා ඔයේ තේක්ක පාලම

“උණට” කරපු වැඩ

අම්පාර කියන්නෙ මගෙ දෙවනි ගම කියල කිව්වොත් නිවැරදියි. අදටත් මගේ උපන් ගම වගේම සබඳතා තියෙන තැනක් තමයි අම්පාර. මේ තරම් බැදීමක් අම්පාරත් එක්ක ඇති උනේ දීර්ඝ කාලයක් එහෙ රාජකාරි කිරීම නිසාම විතරක් නෙවෙයි, ඒ රාජකාරි ජීවිතයෙ බොහෝ දේවල් ඉගන ගන්න අවස්තාව අම්පාරෙදි ලැබීමත් ඊට හේතු උනා. මම අම්පාරට යනකොට රාජකාරි අත්දැකීම් හැටියට තිබුනෙ පුහුණු වෙන … Continue reading “උණට” කරපු වැඩ

දිරිදීමනා සටන

හැමදාම පුංචි කාලෙ ගැනම ලිය ලිය ඉන්න එපා, රාජ්‍ය සේවාවෙ ගැනත් ලියන්න කියල අපේ හුඟක් මිත්‍රයො ඉල්ලා සිටියා. බලාගෙන ගියහම ඒ ඉල්ලීම හරි. ඒක නිසාදෝ කොහෙද හර්ද සාක්ෂිය කියන මගේ නඩුකාරය තීන්දුවක් දුන්න. ඒ අනුව ඉඩ තියෙන තියෙන හැටියට රාජ්‍ය සේවාවෙ ගතකල කාලය ගැනත් ලියන්න ඕන. කොහොම උනත් මම ඔය නඩුකාරය දෙන තීරණ වලට අභියාචන … Continue reading දිරිදීමනා සටන

ඡන්දෙ ලිවිල්ල

ආයෙත් සැරයක් ඡන්දෙ ලිවිල්ල පටන් අරන්. හැම අවුරුද්දකටම ජුනි මාසෙ ඒ කෙරුවාව අපේ ග්‍රාම නිලධරින් පටන් ගන්නවා. මේ වැඩේ මෙහෙයවන්නෙ මැතිවරණ දෙපාර්තමේන්තුව. 2015 ඉඳන් කොමිසමක් පටන් ගත්තු හින්ද දැන් මේ ඡන්ද සම්බන්ධ වැඩ මෙහෙවන්නෙ මැතිවරණ කොමිසමෙන්. හැම අවුරුද්දකම වගේ මෙදත් කොමිසම අපේ ග්‍රාම නිලධාරිීන් දැනුවත් කරනවා. ඊට පස්සෙ මේ කාර්‍ය ගැන සාකච්ඡා කරන්න ග්‍රා.නි වෘත්තීය … Continue reading ඡන්දෙ ලිවිල්ල

දෙවනි ස්කෝලෙ

මම නමවන ශ්‍රේණියට අතලෙ මහා විද්‍යාලයට ඇතුලු උනේ 1972/1/1 දිනයේදියි. ඒ වෙනකොට අතලෙ ස්කෝලෙ ගුරුවරු කීප දෙනෙක් උගන්වපු ස්කෝලයක්.විදුහල්පති සේන විජේසේකර මහත්තය රංජිත් රුද්‍රිගු,පියසිරි ජයසිංහ,චන්ද්‍රසේන වික්‍රම ආරච්චි,විමලාගංගොඩ සෝමවීර,ඇක්මන් ආදී ගුරුවරු ස්කෝලෙ හිටියා. අතලෙ මහාවිද්‍යාලයපරණ ස්කෝලයක්. 1910 වාගෙ කාලෙ ආරම්භ කලා කියලයි කියන්නෙ. මේ විද්‍යාලයක් උනාට පංති තිබුනෙඅ.පො.ස. සාමාන්‍ය පෙළ වෙනකම් පමණයි ජීවිතේ පළමු වතාවට විෂයයන් … Continue reading දෙවනි ස්කෝලෙ

අධ්‍යාපනයේ ගමේ කථාව

පිලිපීනයේ මැනිලා නගරේ තරු පහේ සුඛෝපභෝගී මාර්කෝපෝලෝ හෝටලයේ තිස්වෙනි තට්ටුවේ කාමරයකට කොටු වෙලා ඉන්න මේ දවස්වල ගම මතක් වෙනව වැඩියි. ඇයි ගෙදරදොරින් ඈත්වෙලා දුර රටක ඉන්න කොට හැම වෙලේම කල්පනා වෙන්නෙ අපේ රට ගැනනෙ. රට ගැන හිතෙනකොට ඉතින් ගම ගැන මතක් වෙන එක අහන්නත් දෙයක්ද? පාලුව යන්නත් එක්ක මූණු පොතට රිංගලා බලනකොට මෙන්න හොද කතාවක්. … Continue reading අධ්‍යාපනයේ ගමේ කථාව

ගමේ පාලනය.

කලුතර දිස්ත්‍රික්කයේ කෙලවරේ ගාල්ල රත්නපුර දිස්ත්‍රික් මායිම කිට්ටුව තිබුන අපේ ගම්වල පාලනය තිබුනෙ කොහොමද කියල කල්පනා කරල බලන කොට හරි අපූරු පාලන ව්‍යුහයක් ඒ කාලෙ තිබුන නේද කියල හිතෙනව. වර්තමානෙ පාලන බලය වෙනුවෙන් මහා අරගල කරන මිනිස්සු ඉන්න සමාජෙ දිහා පේන කොට අපිට එදා තිබුන සරල පාලනයයි ඒ පාලනය බලය පාවිච්චි කල අයයි කොයි තරම් … Continue reading ගමේ පාලනය.