.උගත් පාසලට සම්මාන මල්ලිට (2017/03/24)

අද බොහොම සුවිශේෂ දවසක් උනා.ජාතික ඵලදායිතා සම්මාන බස්නාහිර පලාත් කුසලතා හා විශේෂ කුසලතා සම්මාන ප්‍රදානය අපේ ශ්‍රවනාගාරයේ සූදානම් කරල තිබුනා.මමත් ආරාධිතයෙක්. කුසලතා සම්මාන දෙන්න ආරාධනා කලේ මට..මගේ මුල් පාසැල මතු/ඉගුරුදලුව විදුහලට තිබුන සම්මානෙ දුන්නෙ මම.ගත්තෙ පාසැලේ වර්තමාන විදුහල්පති විජේසිරි කන්නන්ගර මගේ මල්ලි. මේ පාසැලේ ඉගෙනගත්තු අයගෙන් මුලින්ම උපාධිධාරියෙක් උනේ මම. මට මතක් උනා පාසැලේ නිර්මාතෘ ඩී.ටී.මද්දහෙට්ටි ගුරුතුමා. එතුමා මගේ නෑයෙක්. මම 1964 .1 .1 පාසැලට ඇතුලු වෙනකොට එතුමා වෙන පාසැලකට ගිහින්.ඒ නිසා මට ඉගැන්නුවේ නැති උනාට මේ පාසැලෙන් බිහිවූ සහ මත්තට බිහිවන්නාවූ සියලූ සිසුන්ගේ ගුරුවරයා එතුමායි. ඊලගට මතක් වුනා මම ඉගෙන ගත්ත අවුරුදු 8න් අවුරුදු 6 1/2 විතර තනිවම පංති 8ටම ඉගැන්වූ පී.වී. ගාරලිස් විදුහල්පති තුමා.එතුමාගෙන් මේ පාසැලේ ඉගනගත්තු ගෝලයෝ අපි. අපිව හැදුවෙ එතුමා. හොදට තැලුවා. ළමා අයිතිවාසිකම් නීතිගත වෙලා අපි දියුණුවෙලා හිටියෙ නැති නිසා අපිව හදන්න එතුමාට පුලුවන්වුනා.එතුමාගෙ විශ්‍රාමය මගේ ඉගුරුදලුව පාසැල් යුගයෙ නිමාව එකම දිනයක උනේ.1971.12.30 හෝ 31. විශ්‍රාම යන දවසෙ මට ගුරු නිවාසෙට එන්න කියල කිරිබත් කෑල්ලක් කන්න දීල කිව්ව “ඔයාට හොද අනාගතයක් තියනව. ඒක නිසයි මම දඩුවම් කලේ ඔයාව හදා ගන්න. අලුත් ස්කෝලෙදි හොදට ඉන්න වැරදි දේට යොමු උනොත් ඔයාගෙ අනාගතේ නරක් වෙනවා. හරිදේ කරන්න හරිදේ කියන්න.ගුරුවරුන්ට කීකරුව ඉන්න” කියල. ඒත් එක්කම පොඩි කාලයක් වුනත් උගන්වපු තිලකරත්න , විජේනායක, ඩී.ඩබ්ලිව්.කේ හෙයියන්තුඩුව, පී.ඩී විමලාවතී ගුරුවරු මතක් වුනා. අපිව මේ තැන්වල ඉන්න මේ සියලු දෙනාගේ උත්සාහයෙ පිහිට තමයි හේතු වුනෙ. ඒවගේ ශ්‍රේෂ්ට පාසැලක් අද මගේ මල්ලිගෙ නායකත්වයෙන් අරගත්තූ ජයග්‍රහණයට මගේ උණුසුම් සුබ පැතුම්. මල්ලිට විතරක් නෙවි. සියලුම ගුරුවරුන්ට හා ඉගෙනගන්න දූ දරුවන්ට!!!

Advertisements

10 thoughts on “.උගත් පාසලට සම්මාන මල්ලිට (2017/03/24)

  1. ඔය චන්ද්‍රසේන මහත්තයා අපේ ගෙදර හොදට දන්නවා.එයා මගෙතුන්වෙනි අවුරුද්දෙ ජපුරට ඇතුලු උනේ.ඊට පස්සෙ කාලෙක අතලෙ උගන්වන කොට අපේ ගෙදර ආවා.

    Like

  2. ඔන් සර්, මාගලගොඩ පහුකරල යන්න ඕන ඉස්කෝලෙ කිට්ටුව. ඉස්ලෙොකෝලෙ ගඟෙන් මෙගොඩ. ගෙදර තිබුණෙ ගඟෙන් එගොඩ. දැන් එක බාප්ප කෙනෙක් ඉන්නව. අනිත් අය ඔක්කොම ගමෙන් පිටවෙලා. මටත් අවුරුදු කිහිපයකින් ඒ පැත්තෙ යන්න බැරි වුනා.

    Like

    1. චන්ද්‍රසේන සිරිවර්දන කියල ඉන්නෙ බාප්ප කෙනෙක්ද?එයා ජපුර අවුට් උපාදිදාරි ගුරුවරයෙක්.

      Like

      1. සර් ඔය අඳුනගත්තෙ කාගෙ කවුද කියලා. ඒ තාත්තගෙ බාලම මල්ලි. දැන් වලගෙදර මහා විද්‍යාලයේ විදුහල්පති. තාත්තා ජේ. එස්. පියසේන

        Like

  3. සර් එහෙද? කොච්චර සුන්දර ගමක්ද? ඉස්සර ඇවිදපු පාරවල්ව ඒ දඬු දිගේ තාමත් ඇවිදිනවා මනසින්. එතකොට හිතෙනවා කවදා හරි ආයෙත් ඒ සුන්දර කාලෙට යන්න ඇත්නම් කියලා. දුක හිතෙන්නෙ ගමත් දැන් අළුත් වෙලා

    Liked by 1 person

      1. මගේ තාත්තා බොරළුගොඩ. සර් අනිවාර්යෙන්ම තාත්තව දන්නවා ඇති. මද්දහෙට්ටි මහත්තයලාගේ කාලේ තාත්තත් උගන්නනවා. පුංචි කාලෙ ශ්‍රමදාවලින් පාර කපනකොට නම් මමත් ගිහින් තියෙනවා. තාත්තා ගමෙන් එන්නෙ කෙවිටියාගල මහා විද්‍යාලයට. මගේ හැම පාසැල් නිවාඩුවක්ම ගෙවුනේ තාත්තගේ මහ ගෙදර බොරළුගොඩ.

        Like

      2. එහෙනම් නෑදෑයො තවමඇති.මම හිතන්නෙ පහල හෙවෙස්ස ස්කෝලෙ හරියෙ හෝ මාගලගොඩ

        Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s