තක්කඩිකම් ආතා

වැඩිහිටියො වෙලා ඉන්න අපි හිතෙන් ළමා කාලෙට ගියහම ආපසු එන්න හිතෙන්නෙ නෑ. ඒක නිසාද කොහෙද මම තාමත් ඉන්නෙ ළමා කාලෙ. මට ළමා කාලෙ ගැන තියන මුල්ම මතකය දියනයෙකුට සම්බන්ද සිද්දියක්. මගේ ගෙදර තියෙන්නෙ කන්දක් පාමුල. ගෙදර ඉදන් පේන දුර දෙපැත්තෙම පුංචි දොලවල් දෙකක් තියෙනවා. ගෙදරින් දකුනුඅත පැත්තෙ තියන දොල කිට්ටුවට වෙලා දොලෙන් එගොඩ ගොඩේ හේනෙ වල් නෙලන කට්ටිය දිහා බලා ගෙන හිටපු මට අවුරුදු තුනක විතර වයස වෙන්නැති. මට මතකයි වල් නෙලන හේනෙ හිටපු ගංගොඩගොඩේ කුඩම්මා මට හකුරු කෑල්ලක් දෙන්න කතා කලා. මම හෙමිහිට පුංචි දොලට බැස්ස. ඊට පස්සෙ මට මතක කබරගොයෙක් වාගෙ සතෙක් මා දිහා බලාගෙන ඉන්නව දොලේ පීන පීනා. මම හයියෙන් කෑ ගහල අඩන කොට හේනෙ හිටපු අයත් ගෙදර හිටපු අම්මත් දුවගෙන ආවලු. ඒ අය දැකල තියෙන්නෙ මම අඬනව. දිය නයෙක් ඒ කිට්ටුව දොලේ පීනනව. අම්ම මාව ඉස්සල වඩා ගන්නකොට මගෙ කකුලෙ දෙවැනි ඇගිල්ලෙන් ලේ යනව දැක්කලු. ඒ ගමන හැමෝම තීරණය කලාලු මාව දිය නයා කාල කියල. ඊට පස්සෙ වෙද ආතට පනිවුඩේ කියල වෙද ආත ආව. කබරගොයා පීනපීන ඉන්න දර්ශනෙන් පස්සෙ මට මතක වෙද ආත මගෙ කකුල බලන එකයි. වෙදාඅත කකුලට කරපු බේතත් මතකයි. මිදැල්ල දලුයි අමු කහයි එකට අඹරල තුවාලෙට තියල බැන්ද. වෙද ආත්ත තමයි අපේ ගමේ කැඩුම් බිදුම් වෙදකම කරේ. ආත සර්ප වෙදකමත් ඇස් වෙද කමත් කලාට ප්‍රසිද්ද උනේ කැඩුම් බිදුම් වෙද කමට. පස්දුන් කෝරලේ පුරාමත් ඉන් එහාටත් වෙදආත්ත ප්‍රසිද්ද කෙනෙක්. මගෙ කකුල සනීප කරන්න මාස ගානක් බෙහෙත් කරන්න උනා කියලයි තාත්තයි අම්මයි කියන්නෙ. මට මතක වෙද ආත එන කොට මම ගේ වටේ කොර ගගහ දුව දුව අඬන එකයි. එතකොට ආත කියනව “තක්කඩිකම් නොකර වරෙන් පුතේ මම උඹට රිද්දන්නෙ නෑ”කියල. කොහොම හරි තුවාලෙ සනීප වෙනකම් ආත ගෙදරට ඇවිත් වෙදකම් කලා. අද වගේ සල්ලි ගැනේමක් ඒකාලෙ නෑ. ආත බෙහෙත් තෙල් හිදිනකොට බෙහෙත් බඩු හොයාගෙන යනගමන් කියනව තාත්තට “ගුනපාල ළමයො මෙදා සැරේ තෙල් වඩියට මුවකීරිය ටිකක් හොයා ගන්නටත් ඕන”කියල. එතකොට තාත්ත කියනව “හා මාමෙ මම හොයා දෙන්නම්කො” කියල. මේ වගේ එක එක්කෙනාට පවරන බේත් ජාති ටික යොදාගෙන හිදින තෙල් ලෙඩ්ඩුන්ට පිහිටට ලැබෙනව. වෙද ආතගෙ කුඹුරු වැඩට කවුරු කව්රුත් සහබාගි වෙනව. මගෙ කකුලෙ සිද්දියත් එක්ක මම ටික කාලයක් යනකං වෙද ආතට කිව්වෙ “තක්කඩිකම් ආත” කියල. එහෙම කතා කරන කොට ආතා හිනා වෙන්නෙ මහ හයියෙන් “හරි අපූරු නම බොල”කියල. මම ලොකු මහත්වෙලා රස්සාවටත් ඇවිත් විවාහ වුන දවසේ මඟුල් ගෙදර ආපු වෙද ආත අපේ නෝන ගෙන් ඇහුවෙ “උඹ කොහේද දුවේ” කියල.”වරකාපොල ආතෙ” කියල උත්තර දුන්නම “අපූරු පලාත පුතේ මම ගියානෙ ඔය පලාතෙ තලගුලි මුදලාලිගෙ අතට බෙහෙත් කරන්න” කියල ඒ විස්තරෙත් කිව්ව. මේ සුප්‍රසිද්ද ජිනදාස තලගුලි ව්‍යාපාරය නිර්මාතෘ මාහේනෙ ජිනදාස මුදලාලි ගැනයි ආත කිව්වෙ. “එහෙනම් පුතේ බොලාට රත්නත්තරේ පිහිටයි. මම ගිහින් එන්නම්” කියල හයියෙන් කිව්ව වෙද ආත මගෙ කනට කරල අහනව “මතකද තක්කඩිකම් ආත” කියල. මට හයියෙන් හිනාගියා. තාමත් මගෙ වම් කකුලෙ දෙවැනි ඇගිල්ලෙ පුංචි ගැටයක් තියෙනවා. ඒ ඇගිල්ලේ එතන අල්ලන්න අදත් බැහැ කිති ගතියක් තියෙනවා. හැමදාම වෙද ආතාව මතක් වෙනවා. අනේ අපේ වෙද ආතා අපේ ගමේ අයත් ඇතුලු මහපිරිසක් සුවපත් කරන්න කරපු මහා මෙහෙවරේ පිනෙන් දිව්‍ය සම්පත් විදිනවා ඇතැයි හිතල සතුටු වෙනවා.

Advertisements

One thought on “තක්කඩිකම් ආතා

  1. ඡේද බෙදුවා නම් හොඳයි කියලා හිතෙනවා. කියවන්න පහසුවක් වේවි එතකොට 🙂

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s