පූර්විකාව

පුංචි කාලේ මතකයන් මුහුණු පොතේ ලියන්න පටන්ගත්තට පස්සේ ඒව කියවපු හුඟ දෙනෙක් බ්ලොග් එකක් පටන් ගන්න කියල කිවුවා. වසන්ත දේශප්‍රිය තමයි මේ අදහස මුලින්ම දැම්මෙ. ඊට පස්සෙ අපේ විද්‍යා පෙරේරයි මහින්ද දේශප්‍රිය සර්රුයි ඒකට දිරිගැන්නුවා. ඒකෙ ප්‍රතිඵලයක් හැටියට ඔන්න බ්ලොග් එකක් පටන් ගත්තා. දැන් ඉතින් ඉඩ තියන තියන හැටියට මතක පොත දිග අරින්නයි හදන්නෙ…

14 thoughts on “පූර්විකාව

  1. නියමයි ..
    අපි ආසාවෙන් කියවනවා..
    සුබ පැතුම් ..

    Like

  2. රාජ්‍ය පරිපාලන සේවයේ තතු අප සමග බෙදාගත් හොරොව්පොතානේ පළවැනි ඩීආර්ඕ, ගොවි ගෙදරින් දිසාපති මැදුරට, පහන් සංවේග ආදී ලේඛක නිලධාරී පරපුරේ නූතන පුරුක වීමට “දිසාපති පන්හිඳට” ශක්තිය ලැබේවා

    Like

  3. Happy to see the blog. අව්‍යාජ අත්දැකීම් පිලිබදව ඔබ ලියන ලිපි හරිම රසවත්. ඉදිරියේදී රජයේ සේවා අත්දැකීම් පිලිබදවත් ලිපි එලි දකින්න ලැබේවා ! ජය වේවා !

    Like

  4. ඒක හොඳ අදහසක්. දැන් සර් වටා හොඳ රසිකයෝ පිරිසකුත් ඉන්නවා. ඇත්තටම ඔබ ඉදිරිපත් කරන අතීත අත්දැකීම් වු නිර්මාණ හරිම අපූර්වත්වයෙන් යුතුයි. ඉතා පැහැදිලි චිත්ත රූප මවා පානවා. ගැමි ජීවිතය එහි සරල බව, මානව ගුණාංගයන්. ඔබ සහ ඔබගේ නිර්මාණ ඇසුරු කල මා හට තේරුම් ගියේ ඔබතුමන්ගේ සාර්තකත්වයට ඔබ ගත කල අත්විදි, සොදුරු පරිසරය බල පා ඇති බවයි. නූතන කලා කරුවන්ට අනුව වර්තමාන විද්‍යුත් තාක්ෂණය භාවිතය හමුවේ තම කලා නිර්මාණ සඳහා ආකර්ෂණයක් නැති බව මැසිවිලි නැගුවද හොද නිර්මාණ කවර තත්ත්වයකදි වුවද පාඨකයා අගය කරනු අැත. මෙම අලුත් මෙවලම භාවිතයෙන් තව තවත් නවමු නිර්මාණ රස විඳීමට අපේක්ෂාවෙන් පසු වෙමි.

    Like

  5. සර් වගෙ ආදර්ශමත් පරිපාලන නිලඩාරියෙක් ගෙ ජීවිතය අත්දැකීම් අද පරපුරට පාඩමක් වෙයි . ලියන්න සර් ආසයි ලස්සන ජීවිත අත්දැකීම් කියවලා රස විදින්න

    Like

Leave a comment