2017 අවුරුද්ද 

කිරිබත් කාලා හැමදාම වගේ මෙදත් අක්කලගෙ ගෙදර ගියේ හිස තෙල් ගාන්න ගමේ යන්න බලාගෙන. අක්කගෙන් දවල් බත කාල ටික වෙලාවක් රූපවාහිනීය බලාගෙන ඉන්න අතර හරියට 3.31ට ආපදා ස.අ මලින්දගෙන් කෝල් එකක් ආව.

“සුබ අලුත් අවුරුද්දක් වේවා මලින්ද”

“එසේම වේවා. සර් කොලොන්නාවෙ කුනු කන්ද කඩා වැටිලා ගෙවල් යටවෙලා.”

“මලකෙලියයි. ගොඩක් ඩැමේජ්ද දන්නෙ නෑ?”

“තොරතුරු නෑ සර් මම කට්ටිය යැව්වා. තොරතුරු ලැබුනම කියන්නම්.”

“ඕකේ මලින්ද. සී.එම්.සී යටයි, ඩී.එම්.සීයටයි කියන්න.”

“ඕකේ සර්. ගුඩ් ඩේ සර්”

මලින්ද පෝන් එක තිබ්බ. ගුඩ් ඩේ කොහොම වෙතත් බරපතල අනතුරක ඉවක් දැනුනා. එසැනෙන් සුගත් (කොලොන්නාව ප්‍රා.ලේ) කතා කලා. තොරතුර ඒකමයි. ගෙවල් සීයක් විතර අහුවෙලාලු කියන එක සුගත් කිව්ව.

“සර් මම කට්ටිය සීන් එකට යැව්වා. මමත් ගෙදරින් පිටත් වුනා. ගිහිල්ල කතා කරන්නම්.”

“ඕකේ සුගත්” මම පෝන් එක තිබ්බ.

තත්වය බරපතල බව පෙනුනා. වග කිවයුතු අය කීප දෙනෙකුට කතාකරන්න බැලුවා පෝන් වැඩ කලේ නැහැ. බස්නාහිර පළාත් ආරක්ෂක සේනා අණදෙන නිලදාරි මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහට කතා කලා. දෙසැරයක් පෝන් එක වදිනකොට “මිස්ටර් කන්නන්ගර සුභ අලුත් අවුරුද්දක් වේවා” කියල උත්තර දුන්න.

“එසේම වේවා මිස්ටර් රණසිංහ, නරක ආරංචියකුත් තියනවා.”

” මම දන්නවා. අපේ කට්ටිය යවමින් තමයි මම ඉන්නෙ. දැනටමත් මගේ කණ්ඩායමක් ස්ථානගත වෙලා ඉන්නෙ. අපේ බැකෝ යන්නෙ මත්තෙගොඩින්. ඒවා ස්ථානගත වෙනකම් සී.එම්.සී එකේ බැකෝ එකක් අරං දෙනවද?”

“ඕකේ මිස්ටර් රණසිංහ, මම දැන්ම බලන්නම්”

කොලඹ නාගරික කොමසාරිස් අනුරට ගත්තා. මිනිහත් වැඩට බැහැලා.

“සර් මගෙ බැකෝ 4 ක් කුණු කන්දෙ තියනව. මිනිස්සු ඒව ගන්න දෙන්නෙ නෑ. දැනටම එකකට ගිනි තියල” අනුර කියාපි. පොලිසියට කියල උදව් අරං දෙන්න කියලත් මිනිහ ඉල්ලුව.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහට කතාකරල ආපහු ජෙනරාල් රණසිංහටත් පනිවුඩ දුන්න. අවුරුදු නිවාඩු අවලංගු කරල කොලඹට එන්න සූදානම් වුනා. අපේ මහින්ද දේශප්‍රිය සර් කතාකරා. සුපුරුදු ගැඹුරු ඒත් බොහොම හිතේශිවන්ත ශෛලියෙන් “මල්ලි, උඹට මේ වෙලාවෙ ඕනෑම දේකට මමත්, මගෙ කොමිසමත්, මිත්‍රයොත් ඉන්නවා. අවුරුදු කියල නෑ මම සැනෙන් එන්නම් ඕනනම් කියපං” කිව්ව.

“හරි සර් බොහොම ස්තූතියි. අවශ්‍ය වුනාම කියන්නම්” මම කිව්ව.

මහින්ද දේශප්‍රිය සර් මෙච්චර කලබල මැද්දෙදිත් රටේ වෙනදේ ගැනත් අපි ගැනත් තියෙන අවධානය ගැන මහ සතුටකුත් දැනුනා. සුසිල් ඇමතිතුමා කතා කරල හෙට උදේ ආපදා ඇමතිතුමා එක්ක අවශ්‍ය කට්ටිය රැස්වෙල කතා කරමු පසු කටයුතු සැලසුම් කරන අන්දම කියල කිව්ව. ඒ එක්කම ජනාධිපතිතුමා කතා කරල පසුකටයුතු සැලසුම් කිරීම ගැන උපදෙස් දුන්නා. අවශ්‍ය ඕනෑම තීරණයක් මහජන නියෝජිතයින් සමග කතාකරල අරගෙන අනිකුත් ආයතන සම්බන්ධීකරණය කරල කටයුතු මෙහෙයවන්න උපදෙස් දුන්නා. වජිර ඇමතිතුමාට කතාකරල තත්වය කියලා කොලඹ ආව.

රාත්‍රිය පුරාම ප්‍රා.ලේ, ග්‍රාම නිලධාරින්, හමුදාව, නගර සභාව ආදින් සමග කටයුතු සාකච්ඡා කරමින් හෙට රැස්වීමට පනිවුඩ යැවීම සැලසුම් අංශයටයි, අති.දි. නිරෝශන්ටයි පැවරුවා. අපේ හිටපු සැලසුම් අධ්‍යක්ෂ බණ්ඩාර ඇඔිලිපිටියෙ ඉඳගෙන දුරකතනයෙන් පනිවුඩ දෙමින් ගොඩක් උදව් කරා. මේ වනවිට නිවාස සියයක් පමන යටවී ඇති බව තහවුරු වුනා.

15 උදේ රැස්වීම පැවැත්වුවා. අගමැතිතුමා ජපානෙ ඉඳන් කතාකලා අවශ්‍ය විස්තර විමසුවා. මුදල් ගැන ගැටලුවක් තියාගන්න එපා, දැනටමත් අවශ්‍ය සියලු මුදල්  ලබාදෙන්න භාන්ඩාගාරයට දැන්වූ බව එතුමා කිව්ව. හර්ශ සිල්වා ඇමතිතුමා හා ජෙනරාල් රණසිංහටත් එතුමා කතා කලා. අවශ්‍ය දේවල් ගැන තීරණ ගත්තා. සාගල ඇමතිතුමා බේරා ගැනීමේ මෙහෙයුම අධීක්ෂනය කරලා ස්ථානයේ  තීන්දු අරගෙන කටයුතු සංවිධානය කරල රැස්වීම දැනුවත් කලා. එදා දවසම කොලොන්නාවෙම ගතකලා.

16 උදේ 10ට ජනාධිපතිතුමාගෙ ප්‍රධානත්වයෙන් රැස්වුනා. ඒ වන විට පවුල් 228කට අයත් පුද්ගලයින් 980ක් අවතැන් බවත් මරණ 20ක් සොයාගෙන ඇති බවත් තවදුරටත් අවදානම් ප්‍රදේශ ඇති බවත් සාකච්ඡා කලා. විනාශ වූ අවදානම් ප්‍රදේශයේ පවතින දේපල තක්සේරු කිරීම 17 ආරම්භ කර දින 5කින් අවසන් කිරීමටත්, අවතැන්වූ හා අවදානම නිසා ඉවත් කලයුතු අයට වාසස්ථාන සැකසීම ආදී කාරණා පිලිබඳ වගකීම් ලැබුනා. මෙතෙක් සිදුකළ කාර්‍යන් පිලිබඳ ආපදා අමාත්‍යංශය කල ඉදිරිපත් කිරීමේ ප්‍රාදේශිය පාලනයේ අපි, මියගිය අයගේ අවසන් කටයුතු කිරීමේ වගකීම භාර අය ලෙස පමණයි ප්‍රකාශ කලේ. ඉතිරි සියලු කටයුතු කරේ ආපදා කලමනාකරන මධ්‍යස්ථානයෙන් ලු. 

අපරාදෙ අපේ ග්‍රාම නිලධාරින්, අනෙක් නිලධාරින්, ප්‍රා.ලේ සුගත්, මම, අති.දි. නිරෝශන් වගේ අය 14 වෙනිද හවස ඉදන් නිදි මරාගෙන මේ වෙනකම් කලේ එච්චරද එතකොට? ඉතිරි සේරම වැඩ අපි කලේ හීනෙන්ද?

කුණු කන්දකට යටවෙලා ඉන්නෙ කොලොන්නාවෙ මිනිස්සු විතරක් නෙවෙයි, අපි ඔක්කොම කියල හිතාගෙන හිත හදා ගත්ත. මේ වෙලාවෙ මතක් උනේ අපේ ලොකු මාමගෙ උපමාවක්. කිසියම් වගකීමක් ඉෂ්ඨ කරන අතර මුහුණ දෙන්න වෙන අප්‍රසන්න අවස්තාවකදි ලොකුමාම කියනව, “මොනව කරන්නද බං? වින්නඹු කමට ගියහම බෙට්ටක් ආවත් ගන්න එපායැ” කියල. 

මේත් ඒවගේ එකක් වෙන්නැති ලොකු මාමෙ!

Advertisements

8 thoughts on “2017 අවුරුද්ද 

  1. අපිටත් ඔය ප්‍රශ්නය තියෙනවා සර්. හැමදාම කට්ට කාලා සියළුම දේවල් බැලන්ස් කරන්නේ අපියි ප්‍රා/ලේ තුමාලයි ඔබතුමාලයි. නමුත් අන්තිමේදී ගණන් බේරලා තියෙන්නේ ඩී.එම්.සී යයි. මේවා ගැන දිසාපති සම්මේලනයේදී කතාකරල බේරගන්න ඕන ප්‍රශ්න සර්. සර් මේ ගැන කතා කරන්න. අනිත් දිසාපතිවරුත් මේ දේ පිලිගන්නවා.

    Like

  2. දිසාපති තුමා! ඕක හැමදාම ඔහොමයි. ඩිසාස්ටර් එකකදි අමාරැම දේ සමහර මීඩියා අපේ ජොබ් එක ඇරගෙන “මාධ්‍ය සත්කාරය” ආරම්භ කරනවා. ඊට පස්සෙ කාට හරි කැමරාව අල්ලල නිලධාරීන් ට දොස් කියනවා. විපතට පත් වූ ගනන වගේ දහගුණයක ගනන් කියනවා. කෑම පාර්සල් පයට පෑගෙනවා. ග්‍රාම නිලධාරීට රෝල් එකක් නෑ එතන. දත්ත තොරතුරැ ඒ අය හදනවා. ඊට පස්සේ සේරම අවුල් වෙනවා. වෙන රටවලදී නම් ඩිසාස්ටර් එකකදි බලපෑමට යටත්වෙන ප්‍රදේශය හමුදාව දාලා හැමෝම කඳවුරැ ගත කරල ප්‍රදේශයම බෑන්ඩ් කරනවා. මැස්සෙකුටවත් යන්න බැරි වෙන්න. එතකොට දේපොල සොරැන්ගෙන් ආරක්ෂා වෙනවා. කටයුතු පාලනය කරන්න ලේසියි. අපේ රටේ ගං වතුරකදී වහලවල් උඩට කෑම ගෙනිහින් දෙනවා. අනෙක් මිනිස්සුත් වාහනයක් අරගෙන වතුර බෝතල් , කෑම පාර්සල් ටිකක් අරගෙන ඩිසාස්ටර් එක බලල ත්‍රිල් එකකුත් අරන් බජව් දදා ගෙදර යනවා. ප්‍රා.ලේ. ල ග්‍රාම නිලධාරීන් මොනවත්ම කලේ නෑ කියල ප්‍රචාරය කරනවා.

    Liked by 1 person

    1. අපි හැමෝම (වැඩි දෙනෙක්) රාජ්‍ය සේවෙට ආවෙ සිදුහත්, ජීසස් වගේ අය එළියට ගන්න බලා ගෙන තමයි. ඒ වුනාට එළියට ගන්න වෙලා තියෙන්නෙ බලු බෙටි බළල් බෙටිම තමයි.

      Liked by 2 people

  3. පෙරහරවල යන ඇත් රජවරු සහ කොට අදින ඇතුන් ගෙන් රාජ්‍යය සේවයට කවදත් අඩුවක් නැහැනෙ. ඉතින් මෙම කතා ගැන පුදුම විය යුතු නැහැ . ඒත් කල කිරීමක් ඇතිවන බව ඇත්ත . ඒත් දිසාපතිතුමා ට මෙම කතා අලුත් නැති බව හිතවත් කවුරුත් දන්නවා.

    Liked by 1 person

  4. ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් පාලනයෙ කවුරුවත් අන්තිමට සියඹලා ගෙනල්ලම නැහැනෙ.සර් ට ඕක අලුත් අත්දැකීමක් නෙමෙයි නෙ. ඒත් දන්නො දනිති. ඇතැමුන් එය නො දන්නා ලෙස සිටිති.

    Liked by 1 person

  5. සර් හෙන ගහනකොට එලියට වීසී කරන්න යකඩයක් ඕන. පොඩ්ඩක් වැරදුනාම බලන්නකො. ඔය කට්ටියම කියයි දිසාපතියි ප්‍රා ලේ යි තමයි ඔක්ඔකොම බදා ගෙන කලේ අපි කොරා නම් මෙහෙමයි කියල

    Liked by 2 people

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s