කුණු කන්දේ කුණු

මේ අලුත් අවුරුද්දට වැඩ ඇල්ලුවේ කුණු කන්දෙන්. තවම සාර්ථකව එදා අල්ලපු වැඩේ කරගෙන යනව. ඒකෙදි එන අතුරු කතා හින්ද උඩහගෙදර ආච්චිගෙ පිළිකුල් භාවනාව මතක් වුනා. හුදී ජන පහන් සංවේගය සඳහා ඒක කියල ඉන්නම්.

ආච්චිගෙ තනියට නවතින්න ගියහම රෑට නිදාගන්න ඉස්සෙල්ල පන්සිල් අරගෙන භාවනා කරන්න ඕන. මෛත්‍රී භාවනාව කරල ටිකකින් පිළිකුල් භාවනාවට ආච්චි එන්නෙ අපිටත් ඇහෙන්න. 

“අනේ අනිච්චේ දුක්කේ අනේ අනිච්චේ දුක්කේ මේ මාගේ ශරීරය මහා පෘථිවියේ පස් වාගේම මහා පෘථිවියට පස් වෙලා යනවා. මම ගෙනියන්නේ මොනවාද? කුසල් අකුසල් දෙක පමණයි”. මේ වාක්‍ය තුන් වරක් කියලා ආච්චිගෙ භාවනාව අවසන් කරනව. 

මේක මතක් උනේ කුණු කන්දෙ අපි කරපුවා තමන් කරපුවා සේ පෙන්නන්න අහවල් කළමනාකරණ මධ්‍යස්ථානයේ අය ගත්ත උත්සාහය දැක්කමයි. ඒකට මම අහවල් මධ්‍යස්ථානයේ ලොක්කට මෛත්‍රී භාවනාව වැඩුව. හැබැයි ඒක ආච්චිගෙ භාවනාව වගේ හයියෙන් වැඩුවට මේකෙ ලිව්වොත් තිත් පේලියක් තමයි දාන්න වෙන්නෙ. මෙන්න වැඩේ, භාවනාවෙ ප්‍රතිපලේ එවෙලෙ ඉඳන් පේන්න ගත්තා. අර මිනී විතරක් වළලපු අපි ඊලඟ රැස්වීමෙ ඉඳන් ප්‍රධාන චරිත වුනා.

ඊලඟට කුණු ගොඩ අස්සෙන් තව කුණු ගොඩක් මතු වුනා. ඒක ටිකක් වෙනස්ම එකක්. කහපාට රෙදි කෑල්ලක ඔතපු ලොකු කුණු පොට්ටනියක් කිව්වට කමක් නෑ. මේ කුණු පොට්ටනිය අර කුණු ගොඩෙන් එලියට වීසිවෙලා. මේක ස්වයංජාත අලෙවි මණ්ඩලේ ලඟ ස්ථාවර වෙන්නයි බලාපොරොත්තුව. මගෙ ලඟට ඇවිත් ස්වයංජාත මණ්ඩලේ තැනට කුණු කන්දෙ අනාතයො දාන්න යෝජනා කලහම මම බලමු කිව්ව. ඒ සැක හිතිලා. ඊට පස්සෙ කුජීත කුණු ගොඩක් මේ කුණු ගොඩට එකතුවුනා. ලොකු තැන් වලට ගිහින් මේ යෝජනාව සම්මත කර ගත්තා. ඒත් වැඩේ ආවෙ අපිට. අපි ඉතින් වැඩේ පටන් ගත්ත. ඒත් කුජීත පොට්ටනියයි, කහ පොට්ටනියයි මේකට ඇඟිලි ගහනව. ඉවසල ඉවසල බැරිම පාර මව්පියන් සිහිපත් කරල පූජාවක් කරා. වැඩේ හරි. මව් පියන් සිහිපත් කරල කරන පූජාවෙ ආනිසංස, බලෙන් කරදරයක් නැතුව වැඩේ කරගන්න පුලුවන් වුනා.

ඒත් පරණ පව් හින්දද කොහෙද මහ ගන්දස්කාර් කුණු ගොඩක් කඩා වැටුන. මේක හරි පරිස්සමට බලන්න ඕන ඇයි ගඳයිනෙ. මේ කුණුගොඩ මිනිස්සුන්ට පේන්න බෑ. ඈතදි දකින කොටත් මිනිස්සු කෑගහනව. ඒක හින්ද ප්‍රා.ලේ ගෙ ඇඟේ වදින්නමයි හදන්නෙ. මේ එක එක ගන්දස්කාර් දේවලින් බාධා උනොත් දමල ගහල යනව අපි ඔක්කොම කියල ලොක්කන්ට කිව්වම ඒකත් හරි ගියා. ඒත් මේක ඉවර වෙන පාටක් නෑ. 

තව මොන කුණු ගොඩවල් කඩා වැටෙන්න තියනවද කියල දෙයියො තමයි දන්නෙ. මිනිස්සු ඉවත් කරල මේකෙන් බේර ගත්තට අපිට මේකෙන් ඉවත් වෙන්න බෑනෙ. ආපහු ආවර්ජනය කරා මේ වගේ එකකදි වැඩියෙන් ප්‍රතිපල දෙන්නෙ මොන ක්‍රමයද කියල. අර තියන්න කිව්ව සාකච්ඡාව තියල අත් දැකීම් බෙදා ගත්තනම් තව හොඳ ක්‍රම ගැන දැන ගන්න තිව්නනෙ කියල හිතුනෙ මහින්ද සර්ව මතක් වෙලා. ඔන්න බොලේ එතකොට තේරුනා. වැඩියෙන්ම පලදරන්නෙ මව් බාෂාවෙන් ආමන්ත්‍රණය නේද කියල හෙටම යනව මහින්ද සර් හම්බුවෙලා මව් භාෂාවෙ අලුත් වචන අහ ගන්න!

Advertisements

3 thoughts on “ කුණු කන්දේ කුණු

  1. ජේෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ ජීවන අත්දැකීම්, රාජ්‍ය සේවා ජීවිතයේ ලබා ගත් අත්දැකීම් සහ අදහස් මේ අයුරින් නවීන තාක්ෂණය භාවිතයෙන් ගොනු කිරීම කාලෝචිත ක්‍රියවක් ලෙස අගය කරනු කැමැත්තෙමි! එයින් රාජ්‍ය සේවයේ යෙදෙන අනෙකුත් ජේෂ්ඨ නිලධාරීන්ගේද සේවය සදහා වන කැපවීම් අගය වන අතර දේශපාලනඥයින්ගේ චරිතයෙන් ඔවුන් වෙන් කර හදුනා ගැනීමට අවස්තාව ලැබෙනු ඇත. තවද කනිෂ්ඨ රාජ්‍ය සේවකයන්හට ඉතා වටිනා මාර්ගෝපදේශනයක්ද වනු ඇත.

    Liked by 1 person

    1. මේක තේරෙන්නෙ නැතුව ඇති.වැඩ කරනකොට බාධාකරන අය ඉන්නවනෙ.එබඳු කීප දෙනෙක් ගැන.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s