ගාලු සයිකල් වර්ක්ස් විසඳුම

ගාලු සයිකල් වර්ක්ස් ජිනදාසගෙ ඉඩමෙ විස්තරේ හුගක් මහන්සිවෙලා ගොනු අධ්‍යයන කරලා හොයාගෙන පෙල ගැස්සුවම දැක්කෙ අසාධාරනයකට එරෙහිව සාමාන්‍ය මනුස්සයෙක් කරපු බරපතල සටනක කථාන්දරයක්. මිනිසා විනාශ කල හැකි වුවද පරාජය කල නොහැකිය කියන සංකල්පෙත් මතක් උනා. සාමාන්‍ය පංතියෙ වින්කල් කාරයෙක් උන ජිනදාස මුලින්ම අභියෝග කරේ අසාධාරණ නියෝගයක් දීපු කල්මුනේ නඩුකාරයට. කෝලහලයක නඩුවක් විභාග කරන විනිසුරු කෝලහලයේ එක් පාර්ශවයකට කිසිදු වග විභාගයකින් තොරව කෝලහලයට හේතු වූ ඉඩම භුක්තිය භාර දෙන්න කියල නියෝග කරේ නීතියට අනුවනම් නෙවෙයි කියල ඊට එරෙහිව අභියාචනාධිකරනයට යන්න තරම් හයියක් තිබුන ජිනදාසගෙ ප්‍රශ්නය සාධාරනව බලල නොතිබීම ලොකු අඩුපාඩුවක් හැටියට නිරීක්ෂනය උනා. ඒත් එක්කම ගල්බෝඩ් එක ජිනදාස වෙන්දේසියෙන් ගත් ඉඩම ලබානොදීම. විශාල ව්‍යාපාරිකයෙක් තම මුදල් බලය මත ජිනදාස භුක්තිවිඳි ඉඩම ට වෙන්දෙසියේදි ජිනදාස සමග තරඟ කර ලබා ගැනීමත් සදාචාරසම්පන්න භාවයක් නැති දෙයක් හැටියට දැක්කා. සයිමන් සිල්වා වෙනුවෙන් දිසාපති ඇතුලු රජය අධිකරණයට ගොස් පරාජය වූ විට අභියාචනයක් ඉදිරිපත් කිරීමෙනුත් පෙනුනෙ රජ්‍ය නිලධාරි බලය සයිමන් සිල්වා වෙනුවෙන් නොඅඩුව පෙනී හිටියා කියන එකයි. ඒක තවත් තහවුරු උනා පවතින නීතියෙන් ජිනදාස එලවන්න බැරි උනහම සන්තකය ආපසු ගැනීමේ පනත සම්මත වුනු විගස ජිනදාසට එරෙහිව ඉවත් කිරීමේ නියෝග ඉල්ලා නඩු දැමීමට තරම් උනන්දුවක් දිසාපතිවරයා පෙන්නුම් කිරීමෙන්. අනික අභියාචනාධිකරණයට දෙවතාවක් හා ශ්‍රේෂ්ඨාධිකරණයටත් වරක් ගොස් තමන්ට වෙන අසාධාරනයට එරෙහිව සටන් කිරීමට ජිනදාස පෙන්වූ සටන්කාමිත්වය ගරු කලයුතු ක්‍රියාවක් බවත් නිරීක්ෂනය උනා.

මේ සියල්ල හිතේ තියාගෙන ඔම්බුඩ්ස්මන් ට යවන වාර්තාව සකස් කලා. මේ වාර්තාවෙ ජිනදාසගේ ගැටලුවට අදාල සිද්දි සිදුවූ අනුපිලිවෙලට විස්තර කර ඒ ඒ ස්ථානවලට අදාල ලියවිලි පිටපත් ඇමුනුවා. ඊලඟට මගේ නිරීක්ෂන ඇතුලත් කරා. එහිදී ඉහත සඳහන් කල සියලු නිරීක්ෂනයන් සටහන් කරා. අවසානයේ සමාලෝචනයේදී මම ස්වකීය ජීවනෝපාය සලසන නීත්‍යානුකූල කර්මාන්තය පවත්වාගෙනයාම ස්තාවර කර ගැනීම සදහා ජිනදාස ගත් සාධාරණ උත්සාහය ගල්බෝඩ් නිලධාරින් විසින් තම රාජකාරිය ඉටු නොකිරීම නිසා නිශ්පල වී ඇති අතරම දිසාපති කාර්‍යාලයේ නිලධාරින් විශාල ව්‍යාපාරිකයෙකු වූ සයිමන් සිල්වාට සිදුවූ අසාධාරණය නිවැරදි කිරීම කර ඇත්තේ පිරිමැසිය නොහැකි අසාධාරණයක් ජිනදාසට සිදුකරමින් බව නිරීක්ෂනය වන බව විශේෂයෙන් සදහන් කිරීමට අමතක කලේ නෑ. අවසානයට සටහන් කලා සාමාන්‍ය බයිසිකල් අලුත්වැඩියා කරන අයෙක් තමන්ට වූ අසාධාරනය වෙනුවෙන් අධිකරණ ගනනාවකට ගොස් අභියෝග කිරීම සදහා මුලු ජීවිත කාලයම ඉපැයූ මුදල් වියදම් කර තම ජීවිතයේ අවුරුදු විස්සකට අධික කාලයක් ගතකර ඉන් අසාර්තකවීමෙන් පසු අසරණයෙක් සේ මියයාම බරපතල අපරාධයක් බව. එබැවින් මොහුට සුදුසු සහනයක් සැලසීම තරයේ නිර්දේශ කරන බව සඳහන් කලා.

මේ විදියට සැපයූ මගේ වාර්තාව යැවීම ගැන ආරංචි වූ සයිමන් සිල්වා පාර්ශවයද පාර්ලිමේන්තු ඔම්බුඩ්ස්මන් වෙතට පෙත්සමක් ඉදිරිපත්කලා. ඔම්බුඩ්ස්මන්වරයා දෙපාර්ශවයම පරීක්ෂනයට කැඳෙව්වා. මටත් එනලෙස දන්වා තිබුනා. ඒ අනුව පරීක්ෂනයට සියල්ලෝම පැමින හිටියා. මුලින්ම ඔම්බුඩ්ස්මන් තුමා මාගේ වාර්තාව ගැන විශේෂ ස්තූතියක් කරා. තමාට ලැබුනු හොඳම පරිපූර්නම වාර්තාව බව ඔහු ප්‍රකාශ කලා. ලෙස්ලි වෙනුවෙන් ඉදිරිපත් උනේ ඔහුගේ සහෝදරියයි. ලෙස්ලි මේ වනවිට විදේශ රැකියාවක ට ගිහින්. සයිමන් සිල්වා පාර්ශවය වෙනුවෙන් සයිමන් සිල්වා මියගොස් ඇතිනිසා දරුවන් පැමින තිබුනා. දෙපාර්ශවයම ඉඩමට අයිතිවාසිකම් කියූ බැවින් සමතයක් ඇතිකිරීම අපහසු උනා. ඒ අනුව පරීක්ශනය අවසන්කර වාර්තාව කතානායක තුමාට යවන බව ප්‍රකාශ කලා. අවසානයේ මට ඔම්බුඩ්ස්මන් කාර්‍යාලයේදී පුද්ගලිකවම තම ස්තූතිය වාර්තාව වෙනුවෙන් පිරිනමන බව පවසා කටයුතු නිම කලා.

ඊලඟට මහජන පෙත්සම් කාරක සභාවේ පරීක්ෂනයක් තිබ්බා. එහිදී මේ  පාර්ශව අතර එකඟතාවයක් ඇතිකිරීම අපොහොසත්වූ බැවින් විසදිය හැක්කේ කෙසේදැයි මගෙන් විමසුවා. මම විසඳුම් තුනක් ඉදිරිපත්කලා.

1. මේ ඉඩම දෙකට බෙදා දෙපාර්ශවයට දීම

2. එක් පාර්ශවයකට මේ ඉඩම දී නගරයේ මීට සමාන ඉඩමක් අනිත් පාර්ශවයට දීම.

3. මේ ඉඩම දෙපාර්ශවයටම නොදී වෙනත් ඉඩම් දෙකක් ලබාදීම.

නගරයේ ඉඩමක් තිබේදැයි විමසූවිට තිබෙන බව මම කිව්වා. ඒ අනුව සුදර්මන් සාප්පුව ලග පර්චස් 12 ඉඩම දිය හැකි බව කිව්වා. එය ගැන තීරණය කර දැනුම්දීම් කරන ලෙස පාර්ශව වලට දන්වා පාරීක්ෂනය කල් දැම්මා. ඉන්පසු මා අම්පාරෙන් කොලඹ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ස්ථාන මාරු උනා. ප්‍රශ්නය පසුව ප්‍රා.ලේ උන මාලා බස්නායක මහත්මියට භාර උනා. ඇය ඉතාමත් දක්ෂ ලෙස මාගේ දෙවන විසදුමට ලෙස්ලි පාර්ශවය එකඟ කර ගත්තා. ලෙස්ලිගේ අක්කා කොලඹ පැමිණ මාගෙන් උපදෙස් ඉල්ලා සිටි අවස්තාවේ විකල්ප ඉඩමට එකඟවන ලෙස මමත් කරුණු කිව්වා. කොහොමින්හරි අවසානයේ ලෙස්ලි සුදර්මන් එක ලඟ ඉඩම ගත්තා. ඔහු විදේශගතව සිටි බැවින් මාලා ප්‍රා.ලේ තුමිය ඔවුන්ට අදාල උපදෙස් ලබාදී ගැටලුව නිමා කිරීමට දක්ෂ ලෙස කටයුතු කරා. අද අම්පාර නගරයේ සුදර්මන් ගොඩනැගිල්ල අසල ලෙස්ලිගේ ගොඩනැගිල්ල දකිනවිට මේ ගැටලුව අධ්‍යනය කල හැටිත් කවදාවත් දැකල නැති වින්කල්කරු ජිනදාසගේ අසාධාරනයට එරෙහි සටනත් මැවී පෙනෙනවා. අවසානයේ ජිනදාස ජයග්‍රහනය කල බැවින් දිරිමත් මිනිසෙක් පරාජය කල නොහැකි බවත් ඔප්පු උනා.

Advertisements

6 thoughts on “ගාලු සයිකල් වර්ක්ස් විසඳුම

  1. අවංක මිනිසුන්ට සාදාරණයක් ඉටු කිරීම පිනිස රජයේ ඉහළ නිළදාරියෙකුගේ කැපවීම මැනවින් පෙනෙනා නිදසුනක්. සැමටම ආදර්ශයක් වේවා!

    Like

  2. දිසාපති පන්හිඳ තීරණ ගන්නා සෑම මට්ටමකම නිලධාරීන්ට අතක් සර්. දිගටම ලියන්න සර්!

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s