දිස්ත්‍රික් සමුපකාර මංඩලේ චන්දෙ

මගේ සමුපකාර රාජකාරියක් නිසා අම්පාරෙ කලු මල්ලිට පෝස්ටර් ගැහිල්ලකට සම්බන්ධවෙන්නත් උනා කියල ඒකතාවෙදි කිව්වනෙ.මේ සමුපකාරෙ කෙරුවාවට මටත් සම්බන්ධ වෙන්න උනේ ප්‍රාදේශීය ලේකම් කමට සමුපකාර නියෝජ්‍ය කොමසාරිස් බලතල දීල බල ප්‍රදේශෙ සමුපකාර පාලනය කිරීමේ කාර්‍යත් පවරල තිබුන හින්දයි.ප්‍රාදේශීය ලේකම් වෙන්න ඉස්සෙල්ල සමුපකාර උප කොමසාරිස් කම අම්පාරෙම වැඩ බලන පදනමෙන් අවුරුදු දෙකක්විතර කරල තිබුනු නිසා සමුපකාර නීතිරීති ගැනයි.සමුපකාර පරීක්ෂකවරු ගැනයි හොඳ අවබෝධයක් තිබුනුඑක මට වාසියක් උනා.මේකත් ඒවගේම සමුපකාර කථාවක්.අම්පාර ප්‍රාදේශීය ලේකම්ට තිබුනසමුපකර බලතල යටතේ කොට්ඨාශයේ සියලු සමුපකාර සමිතිවල පාලනය පැවරී තිබුනා .අම්පාර කොට්ඨාශෙ පිහිටවලතිබුන සමුපකාර සමිති බොහොමයක් දිස්ත්‍රික් මට්ටමේ සමිති.ඒ කිව්වෙ ගම් මට්ටමේ සමුපකාර නෙවෙයි දිස්ත්‍රික් සමිති.සකසුරුවම් හාණයගනුදෙනු දිස්ත්‍රික් සංගමය සත්වනිශ්පාදන දිස්ත්‍රික් සමුපකාර සංගමය කර්මාන්ත සමුපකාර සංගමය වාගෙ දිස්ත්‍රික්කෙටම එකක් හැටියට තිබුන සමුපකාර සමිතිවල ව්‍යවස්ථාපිත කාර්‍යන් ප්‍රාදේශීය ලේකම් වරයා යටතෙයි ක්‍රියාත්මක උනේ.මේ කටයුතුකරන්න සමුපකාර සමිති පරීක්ෂක වරු කීප දෙනෙක්ම කාර්‍යාලෙ හිටියා.ඒ සමුපකාර පරීක්ෂකවරු සමුපකාර නීතිය පිලිබඳ විශාරද දැනුමක් තිබුන අයත් කීපදෙනෙක් හිටියා.තවත් කීපදෙනෙක් නියමිත රාජකාරිය කරමින් අර විශාරදයින්ගෙ ගෝලයොවගේ හිටියා ඇත්තටම නම් කියන්න ඕන අර විශාරදයො සාමාන්‍ය අයගේ ගුරුතනතුරට ස්වේච්චාවෙන් පත්වෙල හිටිය කියලයි.කොහොමහරි පරීක්ෂක යො දෙතුන්දෙනෙක් තමන්ගෙ නීති දැනුම පෙන්නගෙන සමුපකාරිකයො බය කරගෙන හිටිය කිව්වොත් වඩාත් නිවැරදියි.මේ අය අතර හිටපු පුංචි කොල්ලෙක් අද අම්පාරෙ සමුපකාර සහකාරකොමසාරිස් තත්වෙට උසස් වෙලා කියල දැනගන්න ලැබුනා.ඒ නලින් මහි කුමාර් මහත්තය.නලින් ඒ කාලෙත් හොදට වැඩකරපු කෙනෙක්.අර නීතිවිශාරදයින් එක්කත් ගැටෙන්නෙ නැතුව නිවැරදිව රාජකාරිකල උපාධිධාරී තරුනයෙක්.අපොස උසස් පෙල සමත් වෙලා විශ්වවිද්‍යාලෙට යන්න ඉන්න අතරෙ කච්චේරියට අනුයුක්තවෙලා මගේ ලඟ පුහුනු උන තරුණ කන්ඩායමේ කෙනෙක්.කොහොමහරි මේ කන්ඩායම් එක්ක සමුපකාර සමිති කටයුතු කරගෙන ඉන්න එකත් ලොකු අත් දැකීමක් උනා.

අම්පාරෙ මහජනතාව අතරෙ සමුපකාරිකයො බොහොමයක් හිටියා.මේඅය ගල් ඔය සංවර්දන මංඩලේ කාලෙ ඉදන් සමුපකාර ව්‍යාපාරෙට සම්බන්ද වුන අය.බොහෝදිස්ත්‍රික් සමිතිවල ප්‍රධානින් උනේ මේවාගෙ සමුපකාරිකයො.මේ අතරින් මුදුන්මට්ටමේ සමුපකාරය උනේ අම්පාර දිස්ත්‍රික් සමුපකාර මංඩලය.ඒ සංගමයෙ සාමාජිකයො උනේ දිස්ත්‍රික්කයේ ලියාපදිංචි සමුපකාර සමිති.දිස්ත්‍රික් මංඩලේ ජාතික සමුපකාර මංඩලේ දිස්ත්‍රික් නියෝජිතය.මම අම්පාර ප්‍රාලේ වෙනකොට දිස්ත්‍රික් මංඩලේ සභාපති ධූරය දැරුවෙ කොහොඹානෙ ධර්මපාල මහත්තය.ටී බී ධර්මපාල නැත්නම් තලා බංඩාරලාගේ ධර්මපාල උහන කොහොඹානෙ පැරණි ගම්වාසියෙක්.ගල් ඔය සංවර්දනේ එන්න කලින් මුල් පදිංචි පරම්පරාවල අය ටිකදෙනෙක් මේ පලාතෙ හිටිය.ඉතින් මේ ධර්මපාල මහත්තයත් කාටවත් කරදරයක් නැති ප්‍රතිපත්ති ගරුකව ජීවත් උන ගමේ නායකයෙක්.ධර්මපාල මහත්තය අම්පාරට සකසුරුවම් හා ණය ගනදෙනු සමුපකාර සමිති හදුන්වා දුන් පුරෝගාමී සමුපකාරිකයෙක්.දිස්ත්‍රික් සමුපකාර මංඩලේනියෝජනයකලේ දිස්ත්‍රික් සණස සංගමේ සභාපති විදියටයි.තමන් ගැන බලන්නෙ නැතුව පොදු දේගැන හොයන බලන කතා කරන ධර්මපාල මහත්තය මගේ පුද්ගලික මිත්‍රයෙක් උනේ හදුනගත්ත මුල් කාලෙ ඉදන්මයි.සමුපකාර උප කොමසාරිස් හැටියට මම වැඩ බලපු කාලෙත් ලොකුසහයෝගයක් දුන්නා.

උහන පරණ ගම්වාසියෙක් හින්දම වීරසිංහ මංත්‍රී තුමාගෙ ලඟ නෑදෑයෙක් උන ධර්මපාල වීරසිංහ බලයට ගේන්න හුඟක් වැඩකරා..මුලු දිගාමඩුල්ල පුරාම වීරසිංහ අරගෙන ඇවිදපු මිනිහ අන්තිමට නැවතුනෙ වීරසිංහව මංත්‍රී කරලයි.වීරසිංහ මංත්‍රී තුමත් අපරාදෙ කියන්න බෑ ධර්මපාල මහත්තයව පුද්ගලික ලේකම් කමට පත්කර ගන්නයි බැලුවෙ.ඒත් අපේ මිත්‍රයා ධර්ම්මපාල ඒතනතුර ප්‍රතික්ෂේප කලේ අලුයම ලූ කෙල පිඩක් වගේ කිව්වොත් තමයි හරි.
“මම උඹෝව ම්ංත්‍රී කරන්න මහන්සි උනේ මට තනතුරු ගන්න නෙවෙයි .අම්පාරෙ මිනිස්සුන්ට වැඩ කරවගන්න.ඒකහින්ද සුදුසු කෙනෙක් පත් කරගෙන කරන්න තියෙන වැඩටික කරපන් හැබැයි පුතෝ ඒවැඩ හරියට නොවුනොත් උඹේ පලවෙනි තරහ කාරය වෙන්නෙත් මම කියල හිතාගනින්.”මේ විදියට තමයි ධර්මපාල මහත්තය වීරසිංහට කිව්වෙ.මංත්‍රී වෙලා සුමානයක් දෙකක් ඇතුලත වීරසිංහ මහත්තයගෙ ලඟින් ඈතට වෙලා අධීක්ෂණ රාජකාරියට තමන් විසින්ම පත්උන ධර්මපාල මහත්තය මාසතුනක් ඇතුලත මංත්‍රීතුමාගෙ හොඳම විවේචකයා උනා.වීරසිංහ මංත්‍රීතුමාත් ධර්මපාල මහත්තයට මොකුත් කියන්න ගියේ නෑ.මොනවිවේචනය කරත් ඒව දරාගෙන හිටියා හැබැයි එතුමගෙ සහායකයො එහෙම ඉවසල ඉන්න සූදානම් උනේ නැහැ.ඒ අය හිටියෙ කොහොම හරි ධර්මපාලට පාඩමක් උගන්නන්නම් කියල.මේ පසුබිමේ අම්පාර දිස්ත්‍රි සමුපකාර මංඩලේ අධ්‍යක්ෂක මංඩලේ නිල කාලෙ අවසන්වුනා.

දිස්ත්‍රික් මංඩලේ නව සභාපති ධූරයට ධර්මපාල මහත්තයවම පත් කරගන්න සමුපකාරිකයො කන්ඩායමක් අදහස් කරා.මේකට ධර්මල මහත්තයත් එකඟ උනා.මේ ගැන ආරංචි උන මංත්‍රී තුමාගෙ සහායක ධර්මපාල විරෝධී කන්ඩායම දිස්ත්‍රික් මංඩලේ නිලවරණයෙන් ධර්මපාල පැරදවීමේ සටනට බැස්සා.සමුපකාර ක්ශේස්ත්‍රයේ ප්‍රබලයෙක් උන ධර්මපාල මේකට කලබල උනේ නෑ.ඒමොකද ඔහුට තරඟයක් දෙන්න තරම් කෙනෙක් සමුපකාරිකයො අතර හොයාගන්න අමාරුවෙයි කියල හිතුන නිසා.හැබැයි ධර්මපාල පැරදවීමේ මංත්‍රීතුමාගෙ සහායක කන්ඩායමත් මේගැන හිතල මුලින්ම අල්ලාගත්තා මගේ කාර්‍යලයේ සේවය කරපු සමුපකාර පරීක්ෂක නීති විශාරද දෙන්නව.මේ දෙන්න යටින් ඉඳගෙන ධර්මපාල විරෝධී සටන සංවිධානය පටන් ගත්තා.මුලින්ම සභාපති ධුරය සදහා හොඳ අපේක්ෂකයෙක් හොයාගන්න ඕනනෙ.මේකට අල්ල ගත්තා ඒවෙනකොට වීරගොඩ විවිධසේවා සමුපකාරෙ රජයෙන් පත්කල සභාපති විදියට කටයුතුකල මගේ කාර්‍යාලෙ සහකාර ලේකම්ව.මංත්‍රී තුමගෙ ගෝලයොත් කියන නිසයි දිස්ත්‍රික් මංඩලේ සභාපතිකමේ වරුනාව ගැන සමුපකාර පරීක්ෂක නීතිවිශාරදයො දීපු විස්තරයි එක්ක මිනිහ උඩින්ම කැමැත්ත දුන්න.දැන් මංත්‍රීතුමාගෙ කට්ටිය චන්ද ව්‍යාපාරෙ පටන් ගත්තා දිස්ත්‍රික් සමුපකාර මංඩලේ ට නව අධ්‍යක්ෂ මංඩලයක් සප්‍රාලේගෙ නායකත්වයෙන් පත්කරගන්න.විවිධසේවා සමිති වැඩි ප්‍රමානයක් මේ අයට සහායට බැස්සා.මේවිදියට චන්දව්‍යාපාරෙ යනකොට ධර්මපාල මහත්තය මාව හමු උනා.ධර්මපාල මහත්තය කලබලයක් නැතිව කතාවට බැස්සා.

“සුනිල් මහත්තය මටහිතෙනව සමුපකාර මංඩලේන් අයින් වෙන්න” .මිනිහ කතාව පටන් ගත්තා.

“ඇයි අප්පා මොකද එහෙම හිතුනෙ.?”

“නෑ මේ දිස්ත්‍රික් මංඩලේ නිලවරණෙ ඔබතුමත් අසීරුතාවෙට පත්වෙන අතටයි හැරෙන්නෙ දැන්.ඒකයි මම කල්පනාකලේ අයින්වෙලා ඉන්න”

“මට කිසිම අසීරුතාවයක් නෑ.නිලවරණෙ ගැන.ඒක තවත් එක රාජකාරියක් විතරනෙ.”

“නෑ දැන් මට විරුද්ධව තරඟෙට ගේන්නෙ සප්‍රාලේ තුමාව.ඒකට නීති උපදෙස් දෙන්නෙ ප්‍රාලේ කාර්‍යාලෙ සමුපකාර පරීක්ෂකවරු දෙන්නෙක්.අපේ වීරසිංහගෙ ගෝලයො මාව පරද්දන්න බැහැල වැඩ.ඒ අතර ඔබතුමයි මමයි හොදමිත්‍රයො.මේ අවුල මැද්දෙ වැඩිම අසීරුතාවය එන්නෙ ඔබතුමාට නෙවෙයිද?”

“මේධර්මපාල මහත්තය මම දැන් ඕව ගැණ මගෙ අදහස කියන්නම්.සප්‍රාලේ නිලවරනෙට එනව කියල මට කියල නෑ කිව්වත් එයාට ඔය නිලවරණෙට එන්නබෑ.දිස්ත්‍රික් මංඩලේ භාරව ඉන්න සමුපකාර පරීක්ෂකවරය ජයවීර මහත්තය.එයා කාටවත් පක්ෂග්‍රාහී කෙනෙක් නෙවෙයි. වීරසිංහ මංත්‍රීතුමා මේක ගැන මට කිසිම බලපෑමක් කරන්නෙ නෑ.ගෝලයො කොහොමවත් මා ලගටවත් එන්නෙ නෑ.අපි දෙන්නගෙ මිත්‍ර කම ඔයා කොහොමටවත් වැරදියට යොදාගන්නෙත් නෑ යම් විදියකින් වැරදියට යොදා ගත්තොත් ඒමොහොතෙ ඉදන් මිත්‍රත්වය ඉවර වෙනවා. ඒකනිසා මට කිසි අසීරුතාවයක් නෑ.”

“අම්මප ඔය ඇත්තද?”මම හිතුවෙ ඔබතුමා හරි අපහසුවෙන් ඇති මේගැන කියලයි.

“ධර්මපාල මහත්තය මේ සමුපකාර මංඩලේ නිලවරණෙ සාධාරනව පවත්වන එක මගේ රාජකාරියනෙ.මේනිලවරණයෙන් අධ්‍යක්ෂ මංඩලයක් පත් කරගන්න සාමාජිකයින්ට තියෙන අයිතිය මම සහතික කරනවා.ඔයාව අයින්කරල වෙනකාවහරි පත්කරගන්න සාමාජික බහුතරේට ඕනනම් මට ඒකට කරන්න දෙයක් නෑ.හැබැයි මම සහතිකවෙනව මංත්‍රීතුමාගෙ ගෝලයින්ට හරි දෙපාර්තමේන්තුවෙ පන්ඩිතයින්ට හරි ගේම් ගහල මේවැඩේ කරන්න දෙන්නෙ නෑකියලනම් සහතික උනහැකි.ඔයා කැමති තීරණයක් ගන්න.”

“එහෙනම් කමක් නෑ.අපිට සාමාජිකයො ගැන ගැටලුවක් නෑ.මේ කට්ටිය එකතුවෙල යටිකූට්ටු වැඩ කරයිද කියන බයයි තිබුනෙ.මොනව උනත් ඔබතුමාට ගැටලුවක් නෙවෙයිනම් මම ඉදිරිපත් වෙනවා.”

“නෑ මට ගැටලුවක් නෑ කවුරු ඉල්ලුවත්.”මම අවසානෙටත් කිව්වා.ධර්මපාල මහත්තය ගියා.

දිනෙන්දින තත්වය උනුසුම් උනා.මගේ සහකාර ලේකම් තුමා තවමත් මේ ගැන මට කතා කලේනෑ.මමත් ඒගැන ඇහුවෙ නෑ.හැබැයි වරින්වර වෙනත් අය ඇවිල්ල සප්‍රාලේ සමුපකාර මංඩලේ සභාපති කමට ඉල්ලනවලු නේද කියල මගෙන් අහනවා.ඒවෙලාවට මම කියන්නෙ එයාටබෑනෙ සමුපකාර චන්ද ඉල්ලන්න කියල කෙටි උත්තරයක් දෙනවා.ඉතින් මේඅය මගින් මමකියන දේ ධර්මපාල විරෝධී පෙරමුනේ න්‍යායාචාර්‍යවරු උන සමුපකාර පරීක්ෂක මහත්වරු දෙන්නට ආරංචි වුනා.ඒඅයට හිතාගන්න බෑ මම කියනදේ. මගෙන් අහන්නත්බෑ.මේගොල්ලො කල්පනා කරනව සප්‍රාලේට තරඟ කරන්න බෑකියන්නෙ මිනිහ වීරගොඩ සමුපකාරෙට පත්කල සභාපති නිසාවෙන්න ඇති කියල කොලඹ සමුපකාර දෙපාර්තමේන්තුවෙ නීතිඅංශෙට ලිපියක් යවනව සප්‍රාලේගෙ අත්සනින් පත්කල සභාපති කෙනෙකුට දිස්ත්‍රික් මංඩලේට තරගකල හැකිද කියල අහල.එතනින් ප්‍රාලේට ලිපියක් ගන්නවා පත්කල සභාපතිට තරඟ කල හැකිය කියල.මේලිපිය මට එන්නෙ පාලාත් කොමසාරිස්ට පිටපතක් යවල.තැපෑලෙ මේලිපිය දැකල මම සටහනක් දැම්මා මේ උපදෙස් පිලිගත නොහැක කියලා.මේක දැකපු න්‍යායාචාර්‍යවරු කලබල උනා.දැන් නම් මේ ප්‍රාලේ නීති උපදෙසුත් නොසලකා ධර්මපාලගෙ වාසියට වැඩ කරන්න හදන්නෙ.නිලවරණ මහසභාවට තව දවස් පහයි තියෙන්නෙ.මගේ සප්‍රාලේ පහුවෙනිද උදේම මගේ ලඟට ආවා.

“සර් මට පොඩ්ඩක් පුද්ගලික කතාවක් කරන්න තියෙනවා කමක් නැතිද?

“අපොයි කමක් නෑ ඕනදෙයක් කියන්න”

“නෑ සර් මට දිස්ත්‍රික් සමුපකාර මංඩලේට සභාපති වේන්න කියල මංත්‍රීතුමාගෙ කට්ටිය බල කරනවා.මම බෑකිව්වෙත් නෑ.හැබැයි හුඟක් දෙනා කියනවා සර් ඒකට අකමැතියි කියල.ඒක ගැනයි මට කතා කරන්න ඕන.”

“ඔව් මටත් කට්ටිය කිව්ව ඔයාව තරඟෙට දාන්න යනව කියල මම අකමැතියි කිව්වෙනම් නෑ.ඔයාට තරඟ කරන්න බෑකියලයි මම කිව්වෙ.”

“ඒකතමයි සර් ප්‍රශ්නෙ කොලඹ නීති කටයුතුභස්‍ර නියෝජ්‍ය කොමසාරිස් පුලුවන් කියල එව්ව ලියුමත් පිලිගත නොහැක කියල සටහන් කරෙත් මම තරඟ කරනවට අකමැති නිසයි කියලයි මට හිතුනෙ.”

“ඔයාට තරඟ කරන්න පුලුවන්නම් ඇයි මම අකමැති වෙන්නෙ.ඔයාට දැනගන්න කියන්නම් මේතරඟෙට එන්න නිත්‍යානුකූලවත් බෑ.සදාචාරයට අනුවත් බෑ.”

“සර් මම සර්ට උඩින් වැඩ කරන්නෙ නෑ සර් බෑ කියනවනම් මම පිලිගන්නවා මම ආසයි බැරි හේතුව දැන ගන්න අනික මම දැනටමත් කිව්වා මම තරඟ කරන්නෙ නෑ කියල මංත්‍රීතුමාගෙ අයට”

“බොහොම හොදයි බුද්ධිමත් තීරනයක් අරගෙන තියෙන්නෙ.සදාචාරය අනුව මේ තරගෙට ඔයාට එන්න බැරි.එහෙම ආවනම් ඒක හරියට චන්දානන්ද සිල්ව මහත්තය(එකල මැතිවරණ කොමසාරිස්)චන්දයක් කරද්දි මෙහෙ ඉන්න බන්ධුල හරිස්චන්ද්‍ර(අම්පාර සහකාර මැතිවරණ කොමසාරිස්)චන්දෙට තරඟකලා වාගෙයි.නීත්‍යානුකූල බැරි හැටිත් හෙට අනිද්ද කියල දෙන්නම්.”

සප්‍රාලේ එලියට ගියා.ටිකවෙලාවකින් ත්‍රිකුනාමලේ සමුපකාර පලාත් කොමසාරිස් කාර්‍යාලෙ උප කොමසාරිස් කරුනාරත්න කතාකලා.එයා දෙපාර්තමේන්තු නිලධාරියෙක්.

“සර් දිස්ත්‍රික් මංඩලේට තරඟ කරන්න පත්කල සාභාපතිවරුන්ට පුලුවන් ඒත් කොලඹින් එවපු ඒඋපදෙසත් නොසලකා සර් වැඩ කරන්න යන්නෙ කියල කොමසාරිස්තුමාට දන්නලා.ඒකයි කතාකලේ.”

“කරු,නීතිවිරෝධී උපදෙස් කොහෙන් එව්වත් පිලිගන්න බෑ. කොලඹින් ආපු උපදෙසත් ඒවගේඑකක්නෙ ඔයා දන්නව ඇතිනෙ ඒකෙ වැරැද්ද.”

“නෑ සර් මම දන්න හැටියට ඒඋපදෙස හරි.”

“මම කනගාටුවෙනවා සමුපකාර නීති විශාරදයින්ට තියන නීති දැනුම ගැන.සමුපකාර පනත යටතේ පනවපු රීති මාලාව හෙම පහුගිය මාසෙ සංශෝධනය කලාද?”

“නෑ සර් එහෙම සංශෝධනය උනේ නෑ.”

“එහෙනම් අහගන්න රීති මාලාවෙ තියනවා කිසියම් සමුපකාර සමිතියක් නියෝජනය කරමින් තනතුරකට පත්වීම, ඒසදහා චන්දයදීම ,කල හැක්කේ එම සමිතියේ සාමාජිකයෙකුට පමනි. කියල.ඒක කොලඹ නීති කොමසාරිස් ට වලංගු නැතිව ඇති නේද.?පත්කරන සභාපතිවරු අද්‍යක්ෂ මංඩල සාමාජිකයින්ට ඒ සමිතියේ සාමාජිකත්වය නැතිනිසා .සමිතිය නියෝජනය කරල තනතුරුවලට පත්වීමත් කරන්න බෑ කියල ඔය නීති කාරයින්ට මම උපදෙස් දෙනව කියල කියන්න කරු හරිද?

කරුනාරත්න උප කොමසාරිස් තුමාමොහොතක් නිහඬව ඉදල
“හරි සර් මම තියන්නම් බොහොම ස්තූතියි” කිව්වා.

මගේ සප්‍රාලේ තරඟෙන් අයින් වුනා.ධර්මපාල විරෝධී පෙරමුන සැලුනා.වහාම ආදේශක අපේක්ශකය හැටියට කච්චේරියෙ සණස සමිති යේ සභාපති ප්‍රාලේ කාර්‍යාලෙ ඉඩම් අංශෙ ප්‍රධාන ලිපිකරු ආරියසේන මහතයව යොදාගත්තා.ආරි මගෙත් එක්ක කතාකලා.මම මිනිහට සුභ පැතුවා.නිලවරන සභාවට කලින් දවසෙ දුර කතනයෙන් තර්ජනයක් ආව නිලවරනයට ගියොත් මරනව කියල.තර්ජනය කරපු එකාට මව් බසෙන්ම කතා කරල පොලිසියෙ එච් කිව් අයි ධනසේකරට කතාකරලපොලිස් කන්ඩායමක් එවන්න කිව්ව.උදේ දිස්ත්‍රික් මංඩලයට ගියා සමුපකාර පරීක්ෂක ජයවීර මහත්තය එක්ක.ඉස්සෙරින්ද පලාත් කොමසාරිස් පැක්ස් එකක් එවල තිබුන.මමකියාදීපු රීතියට අනුව නිලවරනයට ඉදිරිපත් වීම හා චන්ද භාවිතා කල හැක්කේ අදාල සමිතියක සාමාජිකයෙකුට පමණි කියල. ශාලාව ඇතුලෙ හිටිය පලාත් කොමසාරිස් කාර්‍යාලෙ සහකාර කොමසාරිස් කරුනාරත්න මහත්තය.මිනිහව ගෙන්නලතියෙන්නෙ ධර්මපාල විරෝධී පෙරමුන පලාත් කොමසාරිස්ට කියලයි.

මම ශාලාවෙ සිටි සියලු දෙනා ඉවත් කරල අපේ කැදවීම් ලිපි තිබුන අයත් මගේසහායක නිලධාරිකීපදෙනාවත් කරුනාරත්න සහකාර කොමසාරිසුත් ඇතුලට අරගෙන ඉතිරි සියලුදෙනා මීටර් දෙසීයකින් එහාට යවල පොලිසිය යෙදෙව්වා.ගෝරි දානා ඕනෑම කෙනෙක්අත් අඩංගුවට අරගෙන ජංගම රතයට භාරදෙන ලෙසට නියම කලා.ඊලගට නිල ධාරීන් හදුන්වා දීම සදහාමුලින්ම කරුනාරත්නට අවස්තාව දී අනිත් අයටත් නම සහ තනතුර කියා තමන්ව හදුන්වා දීමට අවස්තාව දුන්නා අවසානයේ දීමම සමුපකාර නියෝජ්‍ය කොමසාරිස් දූරයක් සමගාමීව දරණ ප්‍රාලේ බවත් දන්වාමෙහි සිටින ඉහලම සමුපකාර නිලධාරියා මම බැවින් මේසියලු කටයුතු මගේ මෙහෙයවීමෙන් සිදුකරන බවත් සභාවට දැන්නුවා.ඊලඟට මහසභාව ආරම්භකලා.නව අද්‍යක්ෂ මංඩලය තෝරා ගැනීම අවස්තාව පැමිනිවිට අතුරු ව්‍යවස්තාවේඊට අදාලවිධි විධාන සභාවට කියවාඑක් එක් සමිති වර්ග නියෝජනය කරමින් පත් විය යුතු අධ්‍යක්ෂ ධුර පත් කිරීමඇරඹුවා.

“මුලින්ම කර්මාන්ත සමිති නියෝජනය කර්මින් පැමිනි අය නැගිටින්න.”මම නිවේදනයකලා. එක් අයෙක් නැගිට්ටා.

“පැමිනසිටින්නේ එක් සමිතියක් පමනයි.ඒ අනුව කර්මාන්ත සමිති වෙනුවෙන්වූ අධ්‍යක්ෂ ධුරයට නිතරගයෙන් පැමිනසිටින සමිතියේනියෝජිතයා පත්වෙනවා.” මේ විදියට ධීවර සමිති, කම්කරු සමිති සදහාවූ අධ්‍යක්ශ ධුර හා විවිධ සේවාසමිති අධ්‍යක්ෂ ධුර නිතරගෙන් පත් උනා.සණස සමිති වෙනුවෙන අධ්‍යක්ෂ ධුර පහකට චන්දෙ විමසන්නවුනේ වැඩිපුර පැමිනසිටියේ සණස සමිතිවලින් නිසයි.ධර්මපාලත් ආරියසේනත් දෙදෙනා ම සණස නියෝජනය කර අධ්‍යක්ෂ මංඩලේට ආවා.අවසානයේ අධ්‍යක්ශමංඩලයේ සංයුතිය උනේ ධර්මපාල විරෝධී පෙරමුන ට දෙන්නයි ඉතිරි සියලු දෙනා ධර්මපාලට සහය දුන් අය.ඉතින් නිතරගයෙන් ධර්මපාල යලිත් සභාපති උනා.

ධර්මපාල විරෝධී චන්දෙ ව්‍යාපාරෙ සංවිධානයකරපු මංත්‍රී තුමාගෙ ගෝලයො පස්සෙ කිව්වෙ ඒඅය වැඩිසමිති ප්‍රමානයක් තමන්ගෙ පැත්තට ගන්න බැලුව මිසක් අධ්‍යක්ෂ මංඩලේ සංයුතිය ගැන හිතුවෙ නෑ කියලයි. ධර්මපාල මහත්තය දැන් කෑගල්ලෙ ප්දිංචි සමුපකාර වලට සම්බන්ධ නෑ.ඒත් එදාවගේම පරාර්ථය වෙනුවෙන්පෙනී ඉන්න සරල මනුස්සයෙක්.මේ චන්දෙන් පස්සෙ අපේ න්‍යායාචාර්‍ය සමුපකාර පරීක්ශකයො දෙන්නගෙ රැස් වලල්ල බිදිලගියා.අපේ හිතවත් වීරසිංහ මංත්‍රී තුමා මේගැනත් මැරෙන තුරුම කථා කලේ නෑ.

5 thoughts on “දිස්ත්‍රික් සමුපකාර මංඩලේ චන්දෙ

  1. රාජ්‍ය සේවකයන් ලෙස නීතිය ගැන දැනුවත්ව සිටීම සහ නීති ක්‍රියාත්මක කිරීමට දැන සිටීමත් එය සාධාරණ, යුක්ති සහගත හා අපක්ෂපාතීව ක්‍රියාවට නැංවීමටත් ඔබේ ලිපි රජයේ සේවකයන් වන අපට ඉතාමත් වැදගත් වේ.
    ඉතා අගය කොට සලකමි.

    Liked by 1 person

    1. මගේ අත්දැකීම වන්නේ බොහෝ ඉහල මට්ටම් වල නිලධාරින් නීති අණ පණත් පිලිබඬව සොයා නොබලා තම පහල නිලදාරින් මත යැපෙන තත්වයක් ඇති බවයි.මේ නිසාම වැරදි චක්‍රලේඛ වැරදි උපදෙස් නිකුත් කිරීම් බොහෝ කොට සිදුවේ.මේ අනුව නීතියෙන් නැති බලතල ක්‍රියාත්මක කිරීමට උපදෙස් නිකුත් කර ජනතාවට අසාධාරණ ලෙස සලකනු ලබයි.මේවා අභියෝගයට ලක්කිරීමට අධිකරණයට යානොහැක්කේ ඊට දැරීමට සිදුවන අධික මිල දැරිය නොහැකි බැවිනි.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s