අම්පාර ග්‍රිඩ් උපපොල.

අම්පාරෙ ප්‍රාදේශිය ලේකම් කමේ කෙරුවාවල් බොහෝයි.මේවා කියන්න ගියහම කයිවාරුවක් කියල හිතන්න ඉඩ තියෙනවා ඒ වුනාට මේව නොකියත් බෑ.වර්තමානයේ ඉන්න අපේ දක්ෂ තරුන පරිපාලන සේවා සාමාජිකයින්ට අපිට දෙන්න තියෙන්නෙ අපේ අත්දැකීම් විතරයිනෙ.ඒනිසා අපි මූණ දීපු අභියෝගාත්මක අවස්ථාවලදි කටයුතු කරපු ආකාරය කියන්න ගියහම මේ මිනිහගෙ පුරාජේරුව කියනවා කියල කෙනෙකුට හිතෙන්නත් පුලුවන්.අපේ තරුණ පරිපාලණ නිලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මම කටයුතු කරපු ආකාරයට වඩා සාර්තක පලදායි විසදුම් ඒගැටලු වලට හොයාගන්න තමන්ට පුලුවන්ද කියල බලන්න මේ අත්දැකීම් යොදාගන්න කියලයි.ඉතින් එහෙම ඉල්ලන ගමන්ම අදත් කියන්නම් මම සම්බන්ධ උන අම්පාර ග්‍රිඩ් උප පොලේ කථාන්දරය.

අම්පාරට විදුලි බලය ලැබෙන්නෙ අනිත් දේවල් වගේම ගල් ඔය සංවර්ධන මංඩලෙන්.මුලින් ලොකු ජෙනරේටර් වලින් විදුලි බලය දීල ගල් ඔය වැඩබිම්වලට අවශ්‍ය විදුලිබලය සම්පාදනය කර ගත්ත ගල් බෝඩ් එක සේනානායක සමුද්දරේ යොදාගෙන විදුලිය නිපදවන්නත් පටන් ගත්තා.සේනානායක සමුද්දරේ මහ බැම්ම පාමුල වතුර පිට කරන දොරටුව මැදි කරගෙන ඉඟිනියාගල බලාගාරෙ ස්ථාපිතවුනා.වතුර පිටකරන උමගදිගේ අඩි 110උස මහ ජල කදේ පීඩනයත් එක්ක පිටවෙන වතුර පාර කැලඹුම් ලිදක් හරහා බලාගාරෙට යොමු කරනවා.මට මතක හැටියට ප්‍රරැන්සිස් වර්ගයේ තල බමන(turbine )හතරක් මාර්ගයෙන් විදුලිය මෙගාවොට් දහයක් නිෂ්පාදනය කරල එලියට බහින මහ ජල කඳ ඊලගට දොරටු තුනක් තියෙන තැනකට එනව.එතනින් කෙලින්ම තියෙන දොර ඔස්සේ ගල් ඔය ගඟට වැටිල අමුනු විසිහතකින් අක්කර හතලිස් දාහකට ජීවයදීල කරවාහු පෙරිය කලපු දිගේ ඉන්දියානු සාගරේට බහින්න පුලුවන්.වම් පැත්තෙ දොරෙන් ඇතුලුවෙන ජල කඳ වම් ඇල දිගේ අලිගල්ගේ හිමිදුරාව වලගම වැව්පුරෝගෙන මන්ඩූර් උහන ගොනාගොල්ල බෙදුම් ඇලවල්දිගේ තියෙන මහ කුඹුරු යායවල්වලටත් ජීවය දීගෙන යන ගමන් වැඩි ජලය කොටසක් නවගිරියාවවැවත් පුරෝගෙන වෙල්ලාවෙලි හරහා මඩ කලපුවට බැහැල කයිතඩි පාලම යටින් ඉන්දියන් සාගරේට බහිනව.දකුනු පැත්තට තියෙන දොරෙන් දකුනු ඇලට ඇතුලුවෙන ජලකද මොරගහපල්ලම හරහා දමනටඇවිත් එතනින් මලයඩි වැවට වැටෙන්නකලින් හිඟුරානෙ උක්වගාවට ජීවයදීගෙන දීගවාපිය පැත්තෙන් පෙරිය කලපුවටත් මලයඩියෙන් අක්කරපත්තුව පැත්තට ගිහින් මහාකුඹුරුයායවල් අස්වද්දගෙන සාගම කලපුව දිගේ සින්න මුත්තුවාරම පෙරියමුත්තුවාරම හරහා ඉන්දියන්සාගරේට බැහැල සද්දෙ දානව.

මේ ඉඟිනියාගල බලාගාරෙ හදන විදුලිය ගල් ඔය ප්‍රදේශෙ භාවිතාවෙ යෙදෙව්වත් ඉක්මනින්ම ජාතික පද්ධතියට සම්බන්දකරනවා. ඒවිදුලි මාර්ගය බදුල්ල ඉදන් ඇවිත් ඉගිනියගල ග්‍රිඩ් පොලත් එක්ක සම්බන්ධවුනා.එදා ඉඳන් ඉගිනියාගල ග්‍රිඩ් උපපොල තමයි අම්පාරෙ විදුලි මධ්‍යස්තානෙ.පස්සෙන්පහු විදුලි ඉල්ලුම වැඩිවෙලා අම්පාරෙන් මහඔයට කල්මුන හරහා මඩකලපුවට විදුලි මාර්ග සම්බන්දවෙනකොට නවග්‍රිඩ් පොලක අවශ්‍යතාවය අම්පාරට ඇතිඋනා.මේ ග්‍රිඩ් පොලක් දාන්න ඉඩම් හෙවීම මුලින් කරල තිබෙන්නෙ නිලධාරි නෙවෙයි.නිලධාරි මේවගේ කාර්‍යන් බලවන්තයින්ට භාරදීල ඒගොල්ලො කියන විදියට වැඩකරා එතකොට ලෙඩ අඩුයි වැඩ හොඳයි. කොහොමහරි මේ මොනවත්ම දන්නෙ නැතුව හිටපු අම්පාරෙ ප්‍රාදේශීය ලේකම් උන මා හමුවෙන්න දවසක් කන්ඩායමක් ආවා.කොලඹ ඉඳන් ආපු මේ කන්ඩායමේ විදුලි බල මංඩලයෙ ඉන්ජිනේරුවො කන්ඩායමක්ම හිටිය.අම්පාර කච්චේරි ගොඩනැගිල්ලෙ පහල මහලෙ මගෙ කාමරේට ආපු මේකන්ඩායම අම්පාර නවග්‍රිඩ් උප පොල හැදීමට ඉඩමක් අවශ්‍ය බව කිව්වා.මේගැන සාකච්චාකරනකොට දැනගන්න ලැබුනා ස්කැන්ඩිනේවියානු රටකින් ලැබෙන ණය ආධර යටතේ රුපියල් මිලියන දහසක මුදලකින් කරන මේ ව්‍යාපෘතිය ප්‍රමාදවීතිබියදී අෂ්රොෆ් අමාත්‍යතුමා මැදිහත්වී කැබිනට් අනුමැතිය ලබාගෙන කඩිනමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ව්‍යාපෘතියක් බව. මීට පෙර මේසදහාවෙන්කරතිබුනේ අම්පාර සාම චෛත්‍යට එපිට ඉඩමක් නිසා ව්‍යාපෘතියේ මුදල එම ස්තානයේ දක්වා අධිසැර විදුලි මාර්ගය ගෙනඒමට ප්‍රමානවත් නොවන බැවින් ව්‍යාපෘතිය අක්‍රිය වී තිබූ බවද දැන ගත්තා .මේසේරම විස්තර කිව්ව කන්ඩායම ඉල්ලාසිටියේ නගරසීමාවෙන් අක්කර පහක පමන ඉඩමක් මීට අවශ්‍ය බවයි.

මම නගරයේ වටරවුම් සීමාවේ ග්‍රාම නිලධාරි වසම් වල කැඩැස්තර සිතියම් පිටපත් කන්ඩායමට ලබාදී ගාමිනී විජේකෝන් හා දිසානායක යන ග්‍රාමනිලදාරින්ද සම්බන්දකරදී වහාම ගොස් සුදුසු ඉඩමක් තෝරාගෙන දන්වන ලෙස කියා කන්ඩායම පිටත් කලා.මේ කන්ඩායම පැය පහ හයක කාලය ගතකර හවස පහට පමණ ආපසු පැමින අම්පාර කල්මුන මාර්ගයේ 12කනුව අසල විහාරස්තානය පිටුපස ඉඩම තම කාර්‍යට සුදුසු බව දැනුම් දුන්නා .අදාල ඉඩම ලබාදීමපිලිබඳ තීරණය ඉක්මනින්ගෙන තම කාර්‍යට උපකාර කරන ලෙස ඔවුන් ඉල්ලා සිටියා.

“ඔව් මේගැන තීරණය මට දෙන්න පුලුවන් හෙට වරුවකින්.දොලහට විතර එන්න.”මම කිව්වා.

“හෙට වරුවකින්?” කන්ඩායමේ ප්‍රධානියා ඇහුවා.

“ඇයි පරක්කු වැඩිද?එහෙනම් දහයට එන්න මම ඒවෙලාවට ඉඩම් පරිහරන කමිටුවේ සාමාජිකයො කැදවනව මේගැන කතාකරන්න.ඒකට ඔයාලත් එන්න.”

කන්ඩායමම මාදිහාපුදුමයෙන් බලා ඉඳලා හොඳයි අපි එන්නම් කියල ගියා.මේ අයගෙ ප්‍රතිචාරය නිකම් මාව විශ්වාස කරන්නෙ නැතුව වගෙයි තේරුනෙ.මම ඒවෙලාවෙම අදාල ආයතනවල නිලධාරින්ට කතාකරල උදේදහයෙ රැස්වීම සූදානම් කලා.පහුවෙනිද දහයට ඉඩම් පරිහරන සාකච්චාවට වන සංරක්ෂන,වනජීවී,වාරිමාර්ග,පුරාවිද්‍යා,දෙපාර්තමේන්තු ඉඩම් පරිහරණ කාර්‍යාලය විදුලිබල මංඩල කන්ඩායම ඇවිත් හිටියා.රැස්වීමේ අරමුන ලෙස අම්පාරග්‍රිඩ් උපපොල සදහා ඉඩම් ලබාදීම විස්තර කර තෝරාගත් ඉඩම පිලිබඳ ආයතනවල නිරීක්ෂන ඉල්ලාසිටියා.යෝජිත ඉඩමතුල පැරනි ටැම් ලිපියක් තිබෙන බවත් එය පුරාවිද්‍යා පනත යටතේ ප්‍රකාශයට පත් කල පුරාවිද්‍යාභූමියක් බැවින් යාර හාරසීයක් තුල කිසිදු සංවර්දන කාර්‍යක් කිරීම නීතිවිරෝධීබැව් පුරාවිද්‍ය නිලධාරි පෙන්වා දුන්නා.ඒ අනුව එම ඉඩම භාවිතා කලනොහැකි බැව් පෙනීගියා.විදුලි බල කන්ඩායමට ඒබව දන්වා අදම විකල්ප යක් සොයා යෝජනා කරන ලෙසත් පවුල් කීපයක් ඉවත් කිරීමට සිදු උවත් එය බාධාවක් නොවන බවත් දැන්වූවා.ඒඅනුව යලි අදාල පරීක්ෂාව සිදුකර මිහිඳුපුර ගමේ ඉඩමක් එදිනම යෝජන කලා .ඒ ඉඩමගැන අනෙකුත් ආයතනවල නිරීක්ශන පසුදිනම ලබාගෙන මැනුම් නියෝගයක් යවා දිනක් තුල අනුරේඛනයක් සකසා ගත්තා.අනුරේඛනය අනුව අනවසර පවුල් තුනක් පැල්පත් නිවාස ඉදිකරගෙන ඉඩමතුල ඉන්න බව හෙලිඋනා.

මේ කාලෙ මිහිදුපුර ග්‍රාම නිලධාරි ගාමිනීවිජේකෝන්.දිගාමඩුල්ලෙ රණවීර කියන නමෙන් ලේක් හවුස් වාර්තාකාරකමත් කරපු ගාමිනී ඔයවාගෙ ප්‍රශ්න විසදන්න.දක්ෂය.මම ගාමිනීට කතාකලා.

“ගාමිනී දැන් අම්පාරෙ ග්‍රිඩ් එක හදන්න තෝරාගත්තු ඉඩමෙ ඉන්න පවුල් තුන අයින් කරන්න වෙනවා.”

“ඔව් සර් ඉතින් අයින් කරමු.මම මොකද කරන්න ඕනා.”

“ගාමිනී මිහිදුපුරෙන්ම පර්චස් දහයෙ ඉඩම් කෑලි තුනක් හොයා ගන්න බැරිද?”

“හොයමු සර්.”මිනිහගෙ නෑ බෑ නැහැ.

“හරි එහෙනම් හොයාගෙන අර පවුල්තුනට අයින් වෙන්න කියන්න ඒ ඉඩම් වලට.”

“එහෙම නෙවෙයි සර්. මම ඉඩම් කෑලිතුනහොයාගන්නම් .අරුන්ට මම ඒකනොකිය නඩු දාල අයින් කරන්නයි හදන්නෙ කියන්නම්.ඊට පස්සෙ උන් එවන්නම් සර් ලඟට සර් කියන්න ඉඩම් කෑලිතුනක් දෙන්නම් ඒකට යන්න කියල.එතකොට උන්ට හිතෙනව උන් යමක් අරගත්ත කියල.නැත්නම් උන් යන්න බෑ කිව්වොත් නඩුදාල යවන්න මාස හයක් යනව.”

“හරි එහෙම කරනවකො.මම තවකරන්න පුලුවන් දේකුත් බලන්නම්.”

මම ව්‍යාපෘති ඉන්ජිනේරු නරේන්ද්‍රට කතාකලා.අනවසර කරුවො තුන් දෙනා අයින් කරන්න නම් ගේ හදාගන්න සල්ලි දෙන්න ඕනවෙයි කිව්ව.

“ප්‍රාදේශිය ලේකම්තුමා ඕන ගානක් දීල මිනිස්සු යවමු.අපිට ඉඩම ඉක්මනට ගන්න පුලුවන්නම් එච්චරයි.”

“හරි නරේන්ද්‍ර මම මිනිස්සු එක්ක කතා කරල ඕන ගනන කියන්නම් ඒමුදල අපේ කාර්‍යාලෙ ගිනුමට වහාම එවන්න පුලුවන්ද?”

“එක දවසෙන් සල්ලි එවන්නම් මට ඕන ගාන කියල ලියුම ෆැක්ස් කරන්න.”

කිව්වත් වාගෙ අනවසර කාරයො තුන් දෙනා ඊලඟ දිනේම කාර්‍යාලෙට ආව ග්‍රානි ගාමිනීත් ආව.සප්‍රාලේත් ගෙන්නගත්ත.පලමුවැනි අනවසර කරුඇතුලට ආවා.

“දැන් ඔයා අල්ලගෙන ඉන්න ඉඩම රජයට ඕනවෙනව.රාලහාමි කියන්නැතිනෙ.කවදද යන්නෙ.?මම ඇහුවා”.

“අනේසර් හදිසියෙ යන්න තැනක් නෑනෙ.රාලහාමි අද හෙටම යන්න කියලනෙ.අපි කොහේ යන්නද?”

“හරි මම තමුන්ට ඉඩම් කෑල්ලක් දුන්නොත්.මිහිඳුපුරෙන්ම.”

“එහෙම ඉඩම් කෑල්ලක් දෙනවනම් යතහැකි සර්.හැබැයි.සති දෙකක් ඕනෙ.”

“තමුන්ගෙ ගේහදලතියෙන සේරම ගලෝල අරගෙන ගිහින් අලුත් ඉඩම් කෑල්ලෙ හදාගන්න. රාලහාමි ඉඩම් කෑල්ල අදම පෙන්නයි.ඔය ගේ හදා ගන්න කීයක් ගියාද?”

“රුපියල් හත් අටදාහක් විතර ගියා සර්.”

“හරි සතියකින් ඔය ඉන්න ඉඩම රාලහාමිට භාරදුන්නොත් රුපියල් විසිදාහක් දෙනවා හරිද.හැබැයි එක දවසක් හරි පහූනොත් සතයක් වත් නෑ හරිද.”

“ඇත්තමදසර් මම අනිද්දට ඉඩම රාලහාමිට දෙන්නම් අද ඉඩම් කෑල්ල පෙන්නුවොත්.”

“හරි ලබනසතියෙ එන්න සල්ලි දෙන්නම්”

මි නිහ දොරෙන් එලියට ගියා නෙවෙයි පැන්නවගේ.ඊලග කෙනාටත් මුලටික අර විදියමයි.මිනිහට ගේ හදාගන්න රුපියල් දොලොස් දාහක් ගියා කිව්ව .මිනිහට සතියක් තුල දැන් ඉන්න ඉඩම භාර දුන්නොත් රුපියල් විසිපන් දාහක් දෙනව කිව්වා.තුන් වෙනියගෙ ගේටිකක් හොදයිලු රුපියල් විසිපන්දාහක් ගියාකියලයි කිව්වෙ.මිනිහගෙ දීමනාව පනස්දාහයි.ඔක්කොම එකතුව අනූපන් දාහයි.ව්‍යාපෘතියෙන් රුපියල් අනූපන්දාහට චෙක් එකක් අපිටදුන්න.ඒක කාර්‍යාලීය ගිනුමට දැම්මා.දින පහක් තුල අනවසර කරුවො ඉඩම්කොටස්වලින් ඉවත් උනා සම්පූර්න දින දාහතරක් තුල ව්‍යාපෘතියට ඉඩම භාරදී විධිමත්ව ඉඩම පවරන තුරු ඉදිකිරීම් කිරීමට අනුමැතිය දුන්නා.අනවසර කරුවොතුන් දෙනාට සල්ලි ඊලග සතියෙම ගෙව්වා.

මේසේරමකරල ඉවරවෙලා මුල්ගල් තැබීමේ උත්සවය සංවිධානය කරනකොට තමයි දේශපාලන බලධාරින් දැන ගත්තෙ.වීරසිංහ මහත්තය ගෙදරටම ඇවිල්ල අත්දෙකම අල්ලගෙන ස්තූතිකරා.අශ් රොෆ් ඇමතිතුමා දුරකතනයෙන් කතාකරල ස්තූති කරා විතරක් නෙවෙයි අම්පාරෙදි හමුවෙන්නත් කිව්වා.විරුද්ධ පැත්තෙ ප්‍රබලයා මට එරෙහිව පිටු දෙකක ලිපියක් දිසාපතිතුමාට එව්වා.ප්‍රධාන චෝදනාව ජනාකීර්න නගරයක්තුලට ග්‍රිඩ් උප පොලක් ගෙන ඒමට හිතුවක්කාර ලෙස ක්‍රියා කිරීම.විදුලිය පිලිබඳ කිසිදු දැනුමක් නැති හිතුවක්කාර ප්‍රාදේශීය ලේකම්වරයා අම්පාර නගරවාසින්ගේ ජීවිත අවදානමට ලක් කර ඇති නිසා මේඉඩම් වෙන්කිරීම අවලංගු කරන ලෙස ඉල්ලා තිබුනා.දිසාපතිතුමා මට කතාකලා.

“ඒයි මෙන්න උඹ ගැන ප්‍රශංසාවක් එවල පරණ ලොක්ක බලපන් මිනිහ ඔය විෂය දන්න කෙනා කල්පනාවෙන් උත්තර හොයපන්”

මම ලියුම කියෙව්වා.කියවල ඉවරවෙලා උත්තරේ කිව්වෙ මෙහෙම.

“සර් මේ ලියන මැතිතුමා මේ විෂයෙ කටයුතු කරල තියෙන්නෙ අවුරුදු විසිපහකට ඉස්සෙල්ලනෙ. මේඉඩම තෝරාගත්තෙ අදත් මේ විෂයෙ ඉන්න ඉංජිනේරුවරුනෙ.මෙතුමාට විෂයෙ කරුනු ඒඅයත් එක්ක වාදවිවාද කර ගන්නවනැතෑ.අහිංසක මාව අල්ලගන්නෙ නැතුව.”

“අම්මප උඹේ නැකතින් ඉපදුන තව දෙන්නෙක් මගෙ ලඟ හිටියනම් මම ඉන්දියාවෙනුත් කෑල්ලක් පාලනය කරනවා”.

අශ්‍ රොෆ් ඇමතිතුමා ග්‍රිඩ් උපපොලට මුල්ගල තිබ්බා.එතුමගෙ ලේකම් නීතීවේදී යාසින් මහත්තය මගේ සමීප මිත්‍රයෙක් උනේ මේ සිද්දියෙන්.ව්‍යාපෘතියට කෙනෙහෙලිකම් තවදුරටත් උනේ අම්පාර නගරසභාවෙන්. ඉදිකිරීම අනුමැතිය ගන්නා තුරු කටයුතුකිරීම තහනම් කර ලිපියක් නගරසභාපතිතුමා යැව්වා.ඉදිකිරීම් සදහා අනුමැතිය ඉල්ලීමට ගැලපෙන ආකෘතිපත්‍රයක් සපයන ලෙසත් දැනට නිකුත් කරන ආකෘතිපත්‍රය ගොඩනැගිලිවලට අදාල නිසා ග්‍රිඩ් උපපොලේ ඉදිකිරීම් ඊට වෙනස් බැවින් අදාල ආකෘතිය නොගැලපෙන බැව්ද පෙන්වාදී ලිපියක් යවා වැඩ කරගෙන යනලෙස මා ව්‍යාපෘතියට උපදෙස් දුන්නා.එයින් තහනම ඉබේම අහෝසි උනා.ව්‍යාපෘතිනිලධාරින්ගේ නවාතැන්සදහා ලක්ශ පනහක් වෙන්ව ඇතිනිසා සංචාරක බංගලාවක් ඉදිකිරීමට ඉඩමක් ඉල්ලුවා අම්පාර සාම චෛත්‍යට හැරෙන තැන අනිත් පැත්තේ හාඩි ඉඩම අසලින් ඉඩම දුන්නා.වතුරටැංකිය ඉදිකර වැඩ ආරම්භ කලත් නගරසභාපතිතුමා ඉදිකිරීම්වලට බාධාකලා ඒනිසා එය අතහැරදමා පුද්ගලිකනිවසක් කුලියට ගෙන නවීකරණය කර භාවිතාකිරීමට ඒමුදල් යෙදවූවා.ඒවුනත් ග්‍රිඩ් උපපොල මිහිදුපුර ඉදිඋනා දැනුත් මතක් වෙනකොට සංතෝසයි.ව්‍යාපෘතියෙ කටයුතුකල ඉන්ජිනේරු මරික්කාර් මහතා මට හමු නොවුනට තාමත් මාව මතක් කරනවා කියල මගේමිත්‍ර යාසින් මහත්තය කියනවා.ව්‍යාපෘති ඉන්ජිනේරු විදියට වැඩ කල නරේන්ද්‍ර තරුණ ඉංජිනේරු මහත්තය තවම ඉන්පස්සෙ හමු උනේ නෑ .සතිදෙකක් තුල රජයේ ව්‍යාපෘතියකට ඉඩමක් දීම අදත් වාර්තාවක් මම හිතන්නෙ.

5 thoughts on “අම්පාර ග්‍රිඩ් උපපොල.

  1. “අම්මප උඹේ නැකතින් ඉපදුන තව දෙන්නෙක් මගෙ ලඟ හිටියනම් මම ඉන්දියාවෙනුත් කෑල්ලක් පාලනය කරනවා”.
    කියන්න ඕන ඔක්කොම මේකෙ තියෙනව.

    Like

  2. ඔබතුමාව වහාම දැනට ඉන්නා තනතුරෙන් ඉවත් කරන්න ඕන !!!

    අනේ වැරැද්දකට එහෙම නෙමෙයි, ඔබතුමාගෙන් මේ ඉතිරිව තියන කාලය තුළ ගන්න පුළුවන් වැදගත්කම උපරිම සේවය තමයි “කොන්දක් සහිත” රාජ්‍ය පරිපාලන සේවකයන් පුහුණු කිරීම සඳහා යොදා ගැනීම 😀

    අනික දැන් ලියුම් අත්සන් ගහලම එපා වෙලත් ඇති නෙව, එනිසා හොඳම දේ තමයි මී ලඟ පරම්පරාවේ කොන්දට උණ බම්බු බැඳීම සඳහා සම්මාදන් වීම !

    Like

  3. හොද වැඩක් කරන කොට බාධා එල්ල කිරීම සමහර රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම පුද්ගලයන්ගේද සිරිතක් වී ඇත. ඔබතුමා කල හොඳ වැඩ වලට ඔබට ප්‍රතිඵල ලැබේවි. ඒ නැතත් හිතට දැනෙන සතුට ගොඩක් වටී.

    Like

  4. මේක කියවනකොට මට අදහසක් පහළවුනා 😊 මේ අත්දැකිම් කියවන ‘ඔයවන් හදහන් තියන තරුණ කණ්ඩායමක් දැන් එකතුවෙලා සාකච්ඡා මාර්ගයෙන් අවශ්‍ය අවස්තාවලදි් එකිනෙකාගෙන් අදහස් විමසමින් කටයුතු කරන පිළිවෙතක් ඇරඹුවොත්
    පරිපාලන සේවයට අළුත් ගරුත්වයක් ඒ හරහා රටට මහත් සෙතක්, ර‍ටේ නිති පද්ධතිය පිළිබද ජනතාවට ධනාත්මක හැගිමක් එහෙම ඇතිවෙන්නට ඉඩක් සැලසේවිද?
    දේශපාලනය හා පරිපාලනය යන කොටස් දෙක පිළිබද ඇති අපැහැදිළි භාවයත් යාන්තමින්වත් දුරු වෙන්නටත් මෙය උපකාරි වේවිද??

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s