සාරියේ කථාව

පේශකර්ම සහකාර අධ්‍යක්ෂ කමේදි මඩකලපු සරමෙ ගුණාත්මක තත්වය වැඩි කරපු හැටි කිව්වනෙ.මේ විදියට කටයුතු කලේ සම්මත රාජ්‍යසේවා සම්ප්‍රදාය ඇතුලෙ නෙවෙයි.ඉන්දියන් නිශ්පාදන එක්ක තරඟ කරන ක්‍රම වේදය ක් හැටියට උපක්‍රමශීලීව කටයුතු කරන්න උපදෙස් දීමක් තනයි කලේ.මේ පුද්ගලික වියන්නො නිෂ්පාදකයො එක්ක සම්බන්ද වීමෙන්පේශකර්මාන්තෙට හොද කන්ඩායමක් අම්පාරදිස්ත්‍රික්කයෙ හදාගන්න පුලුවන් උනා.කොලඹ පේශ කර්මාන්ත ප්‍රදර්ශනයකට අලෙවිසැලක් කරන්න කියල කොලඹින් ආරාධනාවක් ඔයකාලෙ ලැබුනාමගේ පේශ කර්ම කන්ඩායම එක්ක කතාකරල ප්‍රදර්ශනයට සහභාගි වෙන්න තීරනය කලා.අපේරජයේ මධ්‍යස්තාන වල වැඩිපුර හැදුවෙ බෙඩ් ශීට්,තුවා අත්පිස්නා වාගෙ දේවල්.අලෙවි සැලට ඕනකරන සරොන්, සාරි,වාගෙ දේවල් විකිනීමෙන් පසු මුදල් ගෙවීමේ පදනමට මරදමුනෙන් ඉල්ලා ගත්තා.මේවිදියටසේරම ලෑස්තිකරගෙන කොලඹ අලෙවිසැලට ආවා.අම්පාරෙ අය කවදාවත් කොලඹ රෙදි අලෙවි සැලකට ඇවිත් නෑ.අනිත් දිස්ත්‍රික්ක වලින් ආපු අයගෙ අලෙවි කුටි බලාගෙන අපේ අලෙවි කුටියත් හදාගෙනවෙලඳස්ම පටන් ගත්තා අපේ අලෙවිකුටියටලොකු ආකර්ශණයක් ආවා.කාන්තාවො ගොඩක් ඇවිත් සාරි තමයි අහන්නෙ අපේසාරි තිබුනෙ බොහොම ටිකයිමේසාරි ටිකක් ගොරෝසුයි කියල කීපදෙනෙක් කිවෙආනුවර කුරුනෑගලවගේ පලාත්වල අලෙවිසැල්වල සාරි වලට හොද ඉලුමක්තිබුනා ඒසාරිත් ගොරෝසු නෑ.මේක නිරීක්ෂනය උන මම හනීපා මාස්ටර් එක්ක කතාකලා.

“මාස්ටර් අපිට බැරිද අරනුවර කුරුනෑගල අය හදල තියෙන සාරි හදන්න.?”

“පුලුවන් සර් ඒකට ඕන කරන නූල් රීඩ් එහම ගන්න ඕන”.

“ඇයි අපිලඟතියෙන නූල්.ඒවායින් බැරිද?”

“සර් අපිලඟ තියෙන්නෙ ලොකු නූල් වර්ග.අපිසාරි වියන්නෙ 50නූලෙන් .ඒඅයගෙ සාරි 2/100නූලෙන් වියපුවා.අපිත් ඒනූල් ගත්තොත් ඒවගේ සාරි හැදියැකි.”

“ඉතින් ඇයි නොගන්නෙ.?”

“සර් 2/100 නූල් ගනන් වැඩියි ඒක දෙපට නූලක්.ඒනිසා නූල හුගක් සිහින්.ඒකසාරිවලට ගන්නෙ ඒකයි.ඒකෙන් වියන සාරි ගාන වැඩියි.දැන්බලන්න නුවරසාරියක් 450/=වෙනවා අපේ 50නූලෙ සාරියක්250ක් වෙනවා.ඔයකියාපු දෙපට නූල පාවිච්චි කරොත් අපේ සාරියත් ඒගානට යනවා”.මාස්ටර් මට කියාදුන්නා.

මම අනිත් අලෙවිකුටිවල අයත් එක්ක කථාබහ කරල මේසාරි වලට යන වියදම ගැන හොයල බැලුවා.සාමාන්‍යෙන් 2/100නූලෙන් සාරියක් වියන්නරුපියල් 400/=විතර වියදමක්‍යන බව හොයාගත්ත.දවස් තුනක අලෙවිසැල නිමකරේ අපි ගෙනාපු රෙදිපිලි80%විතර ඉවර වෙලා.කොලඹ පැත්තට අත් යන්ත්‍ර රෙදිපිලි වල ලොකු ඉල්ලුමක් තියෙන බව මේකෙන් තේරුනා.

කොලඹ අලෙවිසැල ඉවර කරල ගිය දවසෙ ඉදන් මගෙ උවමනාව තිබ්බෙ අඩුවියදමින් ආකර්ශනීය සාරි නිෂ්පාදනය කිරීම.මේගැන සූටර් සිංඥෝ ලේකම් මහත්තය මුස්තපාමාස්ටර් හනීප මාස්ටර් වගේ අය එක්ක කතාකලා ඒමදිවටගුණවතී කුසුමාවතීපොඩි හාමිනේ වගේ පේශකර්ම ටීචර්ල එක්කත් කථාකලා.කාගෙත් යෝජනාව අඩුමිලට නූල් හොයාගත්තොත් මිල අඩු සාරි හැදිය හැකියි කියල.ඒවිසදුම අපිට විතරක් තියෙන එකක් නෙවෙයි.ඕනකෙනෙකුට පුලුවන් එකක් නිසා ඒකහරි ගියේ නෑ.මම කට්ටියටම කිව්වා මිල අඩු වියයුතුයි.තුනී වියයුතුයි.ලස්සනවියයුතුයි.මෙන්න මෙහෙම සාරියක් හදන්නෙ කොහොමද කියල හොයන්න කියල.ටිකදවසක් ගියා.අපේ හනීපා මාස්ටර්ට මගෙ ප්‍රශ්න වලට උත්තර හොයන්න දඟලනව වගේම පේෂ කර්මාන්ත තාක්ෂනය මට උගන්නන්නත් වෙලා තිබුනා.ඇයි මම වරින් වර නූල් ගැන වර්ණ ගැන්වීම ගැන වෝප් දාන හැටි රෙදිවියන හැටි රෙදි මැශිම ගැන ප්‍රශ්න අහනවනෙ.එහෙම ප්‍රශ්නයක් ඇහුවම මාස්ටර් මට මුල ඉදල කියාදෙනවා.රෙදි මැශිමෙ වාඩිවෙන ලෑල්ල පැද්දෙන්න හදලතියෙන්නෙ වියන්නගෙ සුවපහසුවට කියල මාස්ටර් කියාදුන්නා.ඔයවගේදාහක් දේවල් අහන අතරෙ මාස්ටර් සාරිය කොහොමද කියලත් අහන්න මම පටන් ගත්තා.දවසක් උදේම කාර්‍යාලෙ මගෙ කාමරේට ආපු මාස්ටර් මට කතා කලා.

“සර් මේසාරියෙ ප්‍රශ්නෙ හින්ද මොනවැඩක්වත් කරන්න බෑ.අපි මේක අතාරිමු අපි හදන 50 නූල් සාරිය මිල අඩුයිනෙ.ඒකත් විකිනෙනවනෙ.”

“මාස්ටර් ඒවුනාට අරනුවර කුරුනෑගල අය විකුනපු සාරි අපේ ඒවට වැඩිය හොදයිනෙ.”

“ඒ2/100සාරි මිලවැඩියිනෙ.ඒඅය 50නූල් සාරි හදන්නෙ නෑනෙ. අපි පනහ හදමු ඒගොල්ල 2/100 හදයිනෙ.වෙනස එකක් නූල ලොකුයි.මිල අඩුයි.අනික නූල පොඩියි මිලවැඩියි”.කියල මාස්ටර් හිනාවුනා.

“එකක්නූලලොකුයි මිල අඩුයි අනික නූලපොඩියි මිලවැඩියි.”මේකහිතෙන් කියනගමන් මාස්ටර් දිහා බලාගෙන ඉන්නකොට මට පොඩි අදහසක් ආව.

“ඈ මාස්ටර් මේනූල් වර්ගදෙක මිශ්‍ර කරන්න බැරිද?”

මාස්ටර් එක පාරට ගල්ගැහුනාවාගෙ උනා.මදක් නිහඬව සිටි මාස්ටර්

“සර් මෙච්චර කාලෙකට අපි එහෙම කරල නෑ.හැබැයි බෙඩ් සීට් වියන කොටනම් 2/30 හා16 නූල් මිශ්‍රව පාවිච්චි කරනවා.”

“හරි සාම්පල් එකක් වියල බලමු කොහොමද මේක කරන්නෙ.”

“සර් 2/100 නූල දිගට දාල 50නූල හරහට ගහමු.මම සාම්පලයක් හදවන්නම්” මාස්ටර් කිව්වා.

“හරි මාස්ටර් ඇස්තමේන්තුවක් හදල විකුනන මිලත් බලන්න.”

සුමානදෙකකින් මාස්ටර් සාරියක් හදවගෙන ගෙනාව.මේසාරිය අපේ පැරනිසාරියට වැඩිය සැහැල්ලු සාරියක් නුවර සාරි වගේමයි.ඇස්තමේන්තුව අනුව මිල රුපියල්350/=විකුනන්න පුලුවන්.මම වහාම තීරනයක් ගත්තස් මේවිදියෙ සාරි හදන්න.සියලුම දෙනාට කිව්වා මේක්‍රමය රහසක් හැටියට තියා ගත්‍ යුතුයි කියල.ඒඅනුව සාරි නිශ්පාදනය ආරම්භ කලා.2/100නූල පමනක් යොදාගෙන වියන සාරියයි මේඅපේසාරියයි අතර වෙනස තිබුනෙ බරෙන් පොඩ්ඩක් වැඩිවීම විතරයි.

මේ විදියට සාරි හදන්න පටන් අරගෙන සාරි මෝස්තර පිටින් හොයාගෙන අපේ සාරි නිෂ්පාදනය දියුනුකලා.ප්‍රාදේශීයව අලෙවියත් වැඩි උනා.මාස හත අටකට පස්සෙ කුඩාකර්මාන්ත ප්‍රදර්ශනය කොලඹ බන්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙ පැවැත්තුවා.මේකට සුපුරුදු විදියට අපේ අලෙවි කන්ඩායම ආවා.මෙවර අපේ අලෙවි කුටියෙ වැඩිපුර සාරිතිබුනා.මිල 350/=අලෙවිය පටන් අරගෙන ටිකවෙලාවකින් අපේ කුටිය පිරුනා.අපේසාරි වලට ලොකු ඉල්ලුමක් .නුවර කුරුනෑගල අලෙවි කරණ සාරි වලට වඩා ලොකුඉල්ලුමක් අපේසාරියට එන එක ගැනඒ පලාත්වල පේශකර්ම අධ්‍යක්ෂවරුත් උනන්ඩු උනා.කුරුනෑගල අධ්‍යක්ෂ අසෝකා මැඩම් අපේකුටියට ඇව්ල්ල සාරිත් බලල

“මල්ලි කොහොමද ඔයාලාමේසාරියක් තුන්සිය පණහට දෙන්නෙ.අපිටනම් සාරියක වියදම මීටත් ටිකක් වැඩිය යනවා” කියල ඇහුවා.

“මැඩම් අපි නූල් වර්ණ ගැන්වීමයි වැඩකුලියයි හුගක් අඩු කරගෙනතියෙන්නෙ.අනික මේසාරි විකුනන්නෙ වියන ගෑනුලමයිමයි.ඒගොල්ලො ඒකෙන් ලාභෙකුත් ගන්නනිසා වියන කුලිය බැලන්ස් වෙනව'” කියල මම බොරුවක් කිව්වා.අසෝක මැඩම් ඔලුව වනවනා ගියා .එවර ප්‍රදර්ශනයේ අලෙවියෙන් ලොකු මුදලක් හොයාගත්තා සාරි පාරිභෝගික කාන්තාවො රාශියක් ඊලඟට මේසාරි කොලඹ විකුනන්නෙ කවද්ද කියල ඇහුවා.අනිවාර්‍යෙන්ම ප්‍රදර්ශනවලට එනබව හැමෝටම කිව්වා.

මේ විදියට ආකර්ශනීය ලස්සනසාරි හදන වියන ලමයෙක් හිටියා.ඒලමය නම සංජීවනී.අම්ම අපේ පේශකර්ම උපදේශකවරියක්.ඒලමය නිර්මානය කරපු මල්මෝස්තර සහිත සුදුසාරිය හැමතැනම ජනප්‍රිය උනා .පස්සෙ ඒලමය පේශකර්ම ඩිප්ලෝමාව හදාරල උපදේශකවරියක් බවටත් පත් උනා.මම දන්න හැටියට මේවගේ නූල්වර්ග දෙකක් මිශ්‍ර කරල සාරි මුල්වරට හැදුවෙ අම්පාරෙදි අපි තමයි.

6 thoughts on “සාරියේ කථාව

  1. මේක කියවං යද්දි මතක්වුනේ. ඔය නූල් පොදි ගෙනැත් ආපහු වෙනම අටපට්ටං රෝදෙක ඔතනව වගේ මතකයක් තියෙනවා. ඒ අටපට්ටං රෝදෙ කරකවන්නෙ බයිසිකල් රිම් එහෙකට මහත නූල් කඹේකින්ම සම්බන්ධ කරලයි. ඒ රිම් එක කරකවන්න හැඬල්ලෙකක් තිබුණා වගෙත් මතකයි. අපේ අම්මගේ Cloth school එකේ classmate කෙනෙක් වුනු පේමා නැන්ද ගාව එයිං එකක් තිබුණා. කරුමෙ කියන්නේ ඒ යන්තරෙත් වැඩිකල් නොගිහිං අභාවෙට ගිය එකයි. මේ වගේම යන්තරයක් කුවේනි කපු කටින චිත්‍රෙකත් තිබුණා.
    අපේ ගමේ තිවුනු රෙදිවියන යන්තර සේරම අභාවෙට ගියාට පස්සෙත් පේමා නැංදා ගාව ඉතුරුවෙලා තිවුණු රෙදි වියන නූල්වලිං
    අවුරුදු ගානක්ම ඒගොල්ලො පාන්තිර හදලා ගෙදර පහන් පත්තු කලා.

    Like

    1. ඔය අටපට්ටම් රෝල වයිංඩිං රෝල කියලකියන්නෙ.අරගේන නූල් කැරැල්ල නූල් පොඩි සුරුට්ටුවක් වගේ එකක එක එක නූල් ඔතනවාඒසුරුට්ටුව වාගෙ එකට නූල්කැරැල්ල ඔතන්නෙ අර බයිසිකල් රිම් එකේ ආධාරෙන් ඔය බයිසිකල්‍රිම් ගැජට් එක කොටස් තුනයි.
      1කරකවන හැඬලය සහිත රිම් එකසහ රිම් එකවටා එතුන පටියකින් කැරකෙනසුරුට්ටු හැඩේ උපකරණය සවිකරන කොටස
      2සුරුට්ටු හැඩේ උපකරනය ට අමුනන නූල් කැරැල්ල සවි කරන අටපට්ටම් කැරකෙන ලීකූඩුව.
      3වාඩිවෙන බංකුව
      මේසේරටම කියන්නෙ වයිංඩිං මැශිම කියල.ඔය ගැජට් එකෙන් වෙන්කර සුරුට්ටු කෑලිවලට ඔතන දිගට එලන නූල් රාක්කයක සවි කරලලොකු අඩි අටක් වෙතර පලල කැරකෙන රෝලකටඔතාගන්නවා.ඒරෝල වෝප් රෝල කියලයි කියන්නෙ.හරහට ගහන නූල් අරසුරුට්ටුවෙ ඔතල ශටල් එකට හයි කරලා මැශිමෙ දෙපැත්තට දුවෝනව.ඕක තමයි සාස්තරේ.රෙද්දෙ හැටියට අගලකට දිගට නූල් කීයද හරහට කීයද කියල වෙනස් වෙනවා.අසූවට අසූව පලයකාට් සරොන් කියන්නෙ ඒකෙ අඟලට දිගනූල් අසූවයි.හරස් නූලසූවයි ගහල තියෙනවා.අසූවවෙනුවටහතලිහ ගැහුවම ඝන්ටාර මාක් සරම හැදෙනවා.ආන්ඩුවෙ මධ්‍යස්ථානෙ හරස්නූල්ගාන අඩුවට ගහල නූල් පන්නල විකුනන එක බලන්න කුඩා දේලොකුකරල බලන අඟලයි අඟලෙ ගැජට්ටුවක් පේශකර්ම ලොක්කොලඟතිබුනා.ඒකරෙද්දෞඩින්තියල දිගට හරහට තියෙන නූල් ගාන ගනන් කරන්න පුලුවන්.

      Like

    2. අපේ නැන්ද ලඟත් තිබුණ රෙදි වියන මැසිමක්. දැං මතකත් නෑ ඒකට මොකද උනේ කියල.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s