යුද්ධෙට මැදිවී

පේෂ කර්මාන්තෙත් එක්ක මුලුකුඩාකර්මාන්තෙම පලාත්සභා යටතට පත්වෙන්නෙ ආන්ඩුක්‍රම ව්‍යවස්තාවෙ දහතුන්වන සංශෝධනයට අනුව පලාත්සභා පිහිටෙව්වහමයි.1989වෙනකොට උතුරු නැගෙනහිර පලාත්සභාව ස්ථාපිත කරනවා.පලමුවැනිආන්ඩුකාරවරය ලුතිනන් ජනරාල් නලින් සෙනවිරත්න මැතිතුමා.මීට ඉස්සර කතාවකදි කිව්ව විදියට පලාත් සභාවට චන්දයක් තියලා මහ ඇමතිවරයෙක් පත් කර ගත්තා වරදරාජා පෙරුමාල් තමයි මහ ඇමතිවරයා වුනේ.පලාත් ඇමති මංඩලයෙ කර්මාන්ත ඇමතිකම කලේ අබු යූසුෆ් මහත්තය.වරධාරාජාපෙරුමාල් මහ ඇමතිවෙලා අම්පාරෙ කච්චේරියට ඇවිල්ල සියලුම දිස්ත්‍රික් නිලධාරින්ට රැස්වීමක්තියල කිව්ව තමන්ට සහායදෙන්න කියල උතුරු නැගෙනහිර පලාතේ සුලු පිරිස උන සිංහල අයට තමන්සලකන්නෙ රටේ ආණ්ඩු සුලු ජනතාවට සලකපු විදියට නෙවෙයි කියලත් කිව්වා.තමන් රටේ සුලු ජනකොටසට අයිති කෙනෙක් නිසා රාජ්‍ය පාලනයේදී සුලුජනතාවට වෙනස්ව සැලකූ විට ඒඅයට දැනෙන වේදනාව අත්දැක ඇතිනිසා එබදු වේදනාවක් තමන්ගෙ පාලනේ තියන පලාතෙ මිනිස්සුන්ට දැනීමට ඉඩ නොසලස්වන බව තමයි මහ ඇමතිතුමා කිව්වෙ. කොහොම හරි පලාත්සභාව කටයුතු සංවිධානය කර ගන්නකොට එතෙක් මහ ආණ්ඩුව යටතෙ තිබුන කාර්‍යන් රාශියක් පලාත් සභාව භාරයට පත් උනා.ඒ අනුව කච්චේරිය යලි ප්‍ර්තිසංවිධානය කෙරුනා.කච්චේරියෙ උපදිසාපතිවරය හැටියට මගේභාරයේ තිබුන ග්‍රාම සංවර්දන,ක්‍රීඩාසංස්කෘතික වාගෙ විෂයනුත් මම වැඩබලන පදනමින් කටයුතුකලකුඩාකර්මාන්ත පේශ කර්මාන්ත විශයනුත් පලාත් සභාවට අයිති උනා.ඒඅවධියේ හිටපු දිසාපතිතුමත් මම ත් එක්ක වැඩි මනාපෙන් නෙවෙයි හිටියෙ.ඒඅනුව සියල විෂයන්ද සමග මාව පලාත් සභාවට යන කාර්‍ය මංඩලයට ඇතුලත් කලා.මටත් ඉතින් වෙන විකල්පයක් නෑ.කල්පනාකරන අතරතුර මගෙ යටතෙ තිබුන මධ්‍යමරජය යටතේ වූ රාජකාරි වෙන නිලධාරියෙකුට පැවරුවා .මම වහාම පලාත් සභාවෙ විෂයන් වල කටයුතු දිගටම කරා.අම්පාරෙ කච්චේරියෙ තම පලාත්සභාවට අයත් කටයුතු කරනනිලධාරියෙක් සිටීම ගැනපලාත්සභාව සතුටු උනා.

දැන් මගේ රාජකාරි කුඩා කර්මාන්ත,පේශ කර්මාන්ත,ග්‍රාම සංවර්ධන අංශවල වැඩ විතරයි.මාසෙකට වරක් දෙකක් පලාත්සභාවට ගිහින් රාජකාරි කටයුතුකරගන්න පුරුදු උනා.වරධරාජා පෙරුමාල් මහඇමතිතුමා කිව්වා වගේ පලාත්සභාවට ගියහම අපිසිංහල නිලධාරින්ට විෂේශ සැලකීමක් තිබුනා.අපි ප්‍රධාන ලේකම් කාර්‍යාලයට ගියගමන්ම අහන්නෙ අදම ආපහු යනවද නැත්නම් ඉන්නවද කියල.අදම ආපහු යනවකිව්වොත් කාර්‍යාලවලින් අපේවැඩේට ප්‍රමුඛත්වයදීල කරල දෙනවා.නවතිනව කිව්වොත් නවතින්න හෝටලයක කාමරයක් කෑමද සහිතව වෙන්කරල දෙනවා.කිසිම දවසක කොලඹදිමෙහෙම සැලකිල්ලක් ලැබිල නැති අපිට මේදේ හරි ලොකු දෙයක් උනා.ඉතිනපිට පලාත්සභාව බොහොම සුහද ස්තානයක් උනා.ඒකාලෙ ප්‍රධාන ලේකම් ගනේශ් සර්,අමාත්‍යංශ ලේකම්වරු උන ලෝගනාදන් පද්මනාදන් වගේ මහත්වරු දෙපාර්තමේන්තුප්‍රධානින්වුන දෙමල ජාතික නිලධාරි කවුරුත් අපිට උදව් කරා.මේහින්දම පලාත්සභාවට යන ගමන හරිම විනෝද ජනක ගමනක් උනා.

පලාත් සභාවයි මහ ආන්ඩුවයි අතර ගැටලු මේඅතර මතු වෙන්න පටන් ගත්තා.වරධරාජා මහ ඇමතිතුමා පලාත් සභාව හැදින් වුයෙ “උතුරු නැගෙනහිර පලාත් ආණ්ඩුව”කියන නමෙන්.බොහෝදෙනාට මේ හැදින්වීම ගැටලුවක් උනා මේගැන රටේ අනිත් පලාත් වල ඇතැම් අය කිව්වෙ ඔය ඊලමට මුල පිරිල්ල කියලයි.ඒඅතර දෙමල සමාජෙ ඇතුලෙන් එල් ටීටීඊ එකේ මෙහෙයවීම මත පලාත් සභාව වැඩක් නැති දෙයක්ලෙස විවේචන යක් මතු කරන්න උත්සාහකලා.ප්‍රේමදාස ජනාධිපතිතුමා ඉන්දියන් හමුදාවට රටින් පිටවෙන්න අවසන් දිනනියම කරා.එල්ටීටීඊ එක ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්ක මිත්‍ර වෙලා සාකච්චාවට ආවා.වරධරාජා පෙරුමාල් මහ ඇමතිතුමස්ගෙ පාලනයෙ තිබුන පලත් සභාව.යි මහ ආණ්ඩුවයි දුරස් වීම වැඩිඋනා.මහ ආණ්ඩුවෙනායකයො එල්ටීටීඊ එකට ලංවෙනකොට පලාත් සභාව ඉන්දියන් හමුදාවටබොහෝම ලංඋනා.ඉන්දියන් හමුදාව තරුනයො පුහුනු කරල ආයුධ සැපයුවා තමන් ආපසු ගියහම පලාතෙ ආරක්ශාවට.මේකට විරුද්ධව ලොකු විරෝධයක් රටෙර් ඇතිඋනා .මේඅතර ඉන්දියානු හමුදාව ක්‍රමයෙන් ආපසු යන්න පටන් ගත්තා හැබැයි ඒඅය හිටපු කදවුරු අර පුහුණුකර ආයුධ ලබාදුන් පුරවැසි හමුදාවට භාරදුන්නා.ඉන්දියන් හමුදාව අම්පාරෙන් ඉවත් උනවිගසින් එල්ටීටීඊඑක අර පුරවැසි බලකා කදවුරු වලට පහරදී අවිආයුධ ඔවුන් භාරයට ගත්තා.පුරවැසි හමුදා නිකම්ම යටත් උනා.අම්පාරදිස්ත්‍රික්කෙ දෙමල කථාකරන ප්‍රදේශ මුලුමනින්ම එල්ටීටීඊ එක ප්‍රසිධියේ ගැවසෙන ප්‍රදේශ බවට පත් උනා.මේඅතර එල්ටීටීඊ එක තුවක්කු හයි කරපු ඩබල් කැබ් එකක නැගිලා අම්පාර නගරෙටත් එන්න පටන් ගත්තා.මිනිස්සු මේගැන පොලිසියටයි ආන්ඩුවටයි බනින කොට පොලිසිය අපූරු වැඩක් කරා.ඒ අම්පාරෙ නගරෙට දොලහෙ කනුවමාර්ග බාධකයෙන් එල්ටීටීඊ වාහන ඇතුල් වෙනකොට පොලිස්ජීප් එකකුත් ඒවාහනේ පස්සෙන් යන්න පටන් ගැනීම තමයි ඒ අපූරු වැඩේ.එල්ටීටීඊ කාරයො නවත්තනකොට නවත් වන ඔවුන් යනකොට පස්සෙන් යන පොලිස් වාහනේ රාජ කාරිය අහවර වෙන්නෙ එල්ටීටීඊ වාහනේ දොලහෙ කනුවෙන් ආපහු ගියහමයි.එල්ටීටීඊ කාරයොත් සමහරදාට දොලහෙ කනුවෙන් එහාට ගිහින් ටිකවෙලාවකින් ආපහු එනවා.එතකොට අර පසුගමන් රාජකාරි කල පොලිස් භටයො ආයිත් යුනිෆෝම් දාගෙන තුවක්කු කරගහගෙන ජීප් කබලට ගොඩවෙලා ආයි පසු ගමන පටන් ගන්නවා.එහෙම යනගමන් ඉතින් දෙමව්පියො සිහිකරන්නෙ මේ රාජකාරිය පවරපු අයගෙ.

මේවගේ මඩකලපුවෙනුත් ඉන්දියන් හමුදාව අයින් උනා .ත්‍රිකුනාමලෙනුත් වැඩිකොටසකින් ඉවත්වෙලා නගරාසන්නව ඉන්දියන් හමුදා රැදීසිටියා ඔය කාලෙ දවසක් මට පලාත්සභාවට යන්න උනා.මේවෙනකොට කාර්මික සංවර්ධන මංඩලේ කාර්‍ය්‍යාලෙටත් ත්‍රිකුනාමලේ යන්න ඕනවෙනවා.ඒකාර්‍යාලෙ සීසී මහත්තයයි දිස්ත්‍රික් මැනේජර් දෙනිපිටිය මහත්තයයිත් මාතෙක්ක යන්න එනවා.මම කච්චේරියෙන් වාහනයක් ඉල්ල ගත්තා පාත්පයින්ඩර් වර්ගයේ අලුත්ම වාහනේ රියදුරු ගාමිනීත් එක්ක ගමනට ලැබෙනවා.මමත් අයිඩීබී දෙන්නයි ගාමිනී රියදුරු මහත්තයයි ත්‍රිකුනාමලේ යනවා.ත්‍රිකුනාමලේ පාලම් පටාර් වල මංකිබ්‍රිජ් (වඳුරු පාලම)ලඟතියෙන මාර්ග බාධකේ අපේ හමුදාව ඉඳල අපිව නැවැත්තුවා.අපි කව්ද යන්නෙ කොහෙද කිව්වම මාර්ගබාධකේ ඉන්න ප්‍රධාන සැරයන් වරය වාහනේ ලඟට ආවා.

“සර් මේඉස්සරහ එල්ටීටීඊ කාරයින්ගෙ බැරියර් එකක් තියෙනවා.දැන් උන් මේවාහනේ නවත්තයි.කලබල නොවී යන්නෙ කොහෙද ඇහුවම ත්‍රිකුනාමලේ කච්චේරියට කියන්න.පලාත්සභාවට යනව කියන්නනම් එපා.”

“ඇයි ඒ ?”මම ඇහුවා.

“සර් මේදවස්වල උන් අපිත් එක්ක හොඳයිනෙ උන්ට වරධරාජගෙ පලාත්සභාව පෙන්නන්න බෑ.උන් හිතන්නෙ එතන ඔක්කොම ඊපීආර් එල් එෆ් කාරයොකියල්‍යි. උන් අපිටත් යනඑනගමන් පොඩ්ඩක් කතාකරනවා.ඒකෙන්දැනගත්තෙ”.

“අනේ මල්ලි කිව්ව එක හොඳයි බොහොම ස්තූතියි”.

“හොඳමයිසර් පරිස්සමින් යන්න.මූල විශ්වාස නෑ.ඔය දැන් අපිට හොදමූන පෙන්නගෙන හිටියට අපිටත් මූල ගෙන් කන්නවෙනවා.මහඑවුන්ට ඒවතේරෙන්නෙ නෑ”.කියා සැලියුට් එකකුත් දැම්ම.

අපිත් ඉස්සරහට ගියා පාලම්පටාර් පහුකරලමීටර් දෙසීයක් යන්න ඉස්සෙල්ල කොටි කොඩියත් එක්ක මාර්ග බාධකයක් අටෝල තිබුනා.එතන නැවැත්තුවා.ස්වයංක්‍රීය තුවක්කුවක් එල්ල ගත්ත කොටි කොල්ලෙක් වාහනේ ලඟට ආව.මම වීදුරුව පාත් කලා.මිනිහ දෙමලෙන් මොකක්දෝ ඇහුවා.මම ඉන්ග්‍රීසියෙන් කතාකලා.

“Thambi we are from ampara kacheri.we want to go to trinko kachchri.”

“අයිඩී කාඩ්?”

මම මගෙ හැදුනුම් පත දුන්න .ඒක දෙපැත්තම හරෝල බලල ආපහු දීල ටිකක් එහාට ගිහිල්ල තවත් එකෙකුට මොනවද කිව්ව.ඌත් ඔලුවහොලෝහොලෝ ඉදල මොනවද කිව්ව ඒගමන් බැරියර් එක ඉස්සුවා.අපි එතනින් පැන්නා.කෙලින්ම පලාත්සබාවෙ කර්මාන්ත අමාත්‍යංශෙට ගියා.ඕන කරන රාජකාරි ටික කිව්වා.සුපුරුදු ප්‍රශ්නෙ ඇහුව අදම ආපහු යනවද අද නවතිනවද කියල.අද නවතිනව කිව්වා.කොහේදනවතින්නෙ සෙවන් අයිලන්ඩ් ද ක්ලබ් ඔශැනික්දඇහුවා මේ අපිට නවාතැන්දුන්න හෝටල් දෙක.කලිනුත් ඇවිත් නැවතුන ක්ලබ් ඔෂැනික් හෝටලේ හොඳයි කිව්වා.එතන නවතින්න ලියුම හදල දුන්න.ඒලියුම අත්සන් කලේ තම්බිරාජා එකවුන්ටන් මහත්තය මගෙන් ඇහුවා.
“අද නවතින්නෙ උප්පුවේලිද? ඇයි සෙවන් අයිලන්ඩ් හොඳනෙ.එතනට යන්න”

මම කිව්වා පුරුදු තැනහොදයි කියල.ඕකේ ඕකේ කිව්ව එකවුන්ටන් මහත්තය ලියුම අත්සන් කලා.

අපි උප්පුවේලි ක්ලබ් ඔෂැනික් හෝටලේටගියා.වෙනදවගේ නෙවෙයි.හෝටලේට ඇතුලුවෙන්න තියෙන්නෙ ලොකු බැරියර් එකක් හරහා.එතන ඉන්නෙ ඊ පී ආර් එල් එෆ් කොල්ලො තුවක්කු එල්ලගෙන.වාහනේ බලල බැරියර් එක ඉස්සුව හෝටලේට ඇතුල් උනා.හෝටලේ වත්ත ඉන්දියන් හමුදාවයි ඊ පී ආර එල් එෆ් කොල්ලොයි පිරිල..හෝටලේන් ඇහුවම කිව්ව දැන් සුමාන දෙකක ඉඳන් මේ කඳවුර පටන්ගත්ත කියල.එනදවගේ වාහනපාක් එකට දාන්න බෑ හෝටලේ ඉස්සරහ අයිනට කරල වාහනේ නවත්වන්න කියල කිව්වා.ඩ්‍රයිවර් රූම් එකක් ගාමිනීට දුන්න මට කාමරයයි.අයිඩීබී දෙන්නට කාමරයයි දුන්නා.රාත්‍රි කෑම හතහමාරට සූදානම් කරන්න කියල කාමරවලට ගිහින් නාල තේ ගෙන්නගෙන බීල හරියට හතහමාරට ඩයිනින් හෝල් එකට ආවා.දෙනිවිටගෙ මහත්තය නම් තේ බීලනැතුව වෙනත් දෙයක් බීල බවතේරුනා.මිනිහගෙ කතාව වැඩිවෙලා .හතරදෙනාම කෑම මේසෙවාඩිවෙල කෑම කෑවා.මම ටිකක් ඉක්මනට කෑම කනව මම කාල අත හෝදන කොට ටකරමකට ගහනවවාගෙ සද්ද දෙකක් ඇහුන මිදුල පැත්තෙන් .

“සර් වෙඩි තියනවා” .ගාමිනී ඩ්‍රයිවර් බත්කට අතේ තියාගෙන බයෙන්වගේ කිව්වා.

“මොන වෙඩිද ගාමිනී තහඩුවකට ගැහුවා කවුරුහරි” මමකිව්වා.

“නෑ සර් ඒවෙඩිසද්දෙ තමයි” කියනකොටම පට් පට් පට් පට් කියල සද්දගොඩක් ඇහුනා.ඒඑක්කම මහ හයියෙන් “ලයිටෝෆ්ෆ්”කියල කවුරුහරි කෑගැහුවා මුලු පලාතෙම ලයිට් නැති උනා.එක දිගට වෙඩි එන්න පටන් ගත්තා.ඩයිනින් හෝල් එක වටේන්ම වෙඩියන්නෙ එලියකුත් එක්ක.මම එහෙම්මම බිමදිගාඋනා.

“ගාමිනියෝ ඩවුන්ඩවුන්” කියල “බිමදිගාවෙයන් යකෝ” කියල කෑගැහුවා ගාමිනියත් අයිඩීබී සීසී මහත්තයත් බිමට පැන්නා.දෙනිවිටය වෙරිමර ගාතෙ කෑගහනවා හිටගෙන
“කවුදඩෝ අපි හොද දකුනෙ පොරවල් අපිබයනෑ යකෝ” කියල.
“දෙනිවිට පාත්වෙයන් යකෝ මැරෙන්නෙ නැතුව” මම කෑගැහුවා මූ කියනවා “එකඑකාටබයේ මම පාත්වෙන්න නෑ මේහොද සිංහල ලේ” කියල මම බඩ ගාගෙන මිනිහලඟට ගිහින් අතින් බත් කෙන්ඩට හොද පාරක් දුන්නා පෙරේතය පොලොවෙ ගැහුවවගේ මිනිහ බිම.මම මුගෙකනට කරල හොද කුනුහරුපයක් කියල “ඔලුව උස්සන්නෙ නැතුව හිටපිය” කිව්වා.දැන් එකදිගටවෙඩි තියනවා පැරාවල එලියෙන් පේනවා එලියෙ හොල්මන්වාගෙ තුවක්කු අරගත්තු එවුන් දුවදුවවෙඩි තියනවා.සමහරවෙඩියන්නෙ ඩයිනින්හෝල් එකහරහාබවපේන්නෙ එලියකුත් එක්කවෙඩියන නිසයි විනාඩි විස්සක් විතර යනකොට කලුවරේම එකෙක් බඩගාගෙන අපි ඉන්න තැනට එනව පෙනුනා යම් තමින් .”හොල්ලන්නෙනැතුව හිටපියව්ව් මොකෙක් හරි බඩගාගෙන එනව” කියල අනිත් උන්ට කියල නොහොල්ල හිටිය.දැන්නම් දෙනිවිටයගෙ වෙරිත් බැහැලවගෙයි උගෙ සද්දයක් නෑ.

බඩගාගෙන ආපු එකාඅඩිදහයක් විතර දුර ඉදන් “සර් සර් මම හෝටලේ කොහෙද ඉන්නෙ” කියනව ඇහුන.”අපි මෙහේ” කියල මමකිව්වා “සර් ඔහොමම බඩගාගෙන කිචන් එකට එන්න මාත් එක්ක යං” කිව්වම මම අනිත් උනුත් එක්ක එතනට ඇදිලගියා.ඔහොමම මගේපස්සෙන් එන්න කියල මිනිහ බඩගාගෙන ගියා අපිත් පස්සෙන්ම ගියා කුස්සියට අල්ලපු ගබඩාවක් වගේ තැන කට ගිහින් ඔලුව උස්සල බැලුව.

“සර් මෙතන වාඩිවෙන්න” කියල මිනිහ කිව්වා නැගිටල පොඩි බංකුවක වගේ එකක වාඩිඋනා.දෙනිවිටත් වාඩිඋනා සීසී මහත්තයයි ගාමිනියි බිමවාඩි උනා.අපිවාඑහනට එක්ක ආවෙ අපිට සංග්‍රහ කරපු වේටර් ලමය.මිනිහ හිමිහිට ඉටිපන්දමක් පත්තු කරල බිම හයි කරා.

සර්ල බඩගින්නෙ නේද මම කෑම ටිකක් මෙතනට ගේන්නම්” මිනිහ කියනවා

“නෑනෑ මම කාල ඉවරයි.මේක පටන් ගන්න කොට” මම කිව්වා.

“අනිත් සර්ල කෑවෙ නෑනෙ.”

“නෑ අපිත් කෑවා”.ඔක්කොම කිව්වා.මේවෙනකොටත් එකසීරුවට වෙඩිතියා ගැනිල්ල.
“මේක මොනව වෙයිද ?”මම ඇහුවා.

“සර්ල බයවෙන්න එපා මේ ඉන්දියන් ආමි කෑම්ප් එකට කොටි කට්ටිය ගහනවා.ඒගොල්ල මේක ඇල්ලුවත් සර්ලට කරදරයක් වෙන්න දෙන්නෙ නෑ.”

අපි පැයදෙකක් විතර එතන හිටියා වෙඩිසද්දෙ ටිකක් අඩුවෙනකොට අපේ වේටර් මිත්‍රයා ඇන්ටන් අපිව කාමරවලට ඇරලුවා.පලවෙනිතට්ටුවේ කාමරේට ගිහිනැද අයින්කරල මෙට්ටෙ බිමදාල නිදාගන්න ඇන්ටන් හදල දුන්නා ගාමිනීටත් තැනක් හදල දුන්නා.ඇන්ටන් දිගටම අපිට කිව්වෙ කිසි කරදරයක් වෙන්න දෙන්නෙ නෑ කියලයි.මේ යුද්ධෙ අස්සෙත් මිනිහ අපේසුව පහසුවගැන බලනවා.
“සර් මම කෝපි ටිකක් හදාගෙන එන්නම්” කියල කෝපිත් දුන්නා
රාත්‍රි එකට විතරවෙඩිසද්දෙ නැවතුනා.ගාමිනිය කියනවා සර් අපේවාහනේ ඉවර ඇති කියල.මම කිව්වා යකෝ ජීවිතේ බේරිල වාහනේ නැති උනාට මොකද කියල.පස්සෙන්ද උදේ හයවෙනකම් ඉදල හිමිහිට එලියට ඇවිත් බැලුවා.වාහනේට කිසිහානියක් නෑ.හෝටල් වත්තෙ තිබුන ගස්ලබු ගස් කෙසෙල් ගස් ගස්වල අතුබිමවැටිලා හිස්පතුරම් කොපු දසදහස් ගානක් බිමවිසිරිලා.මූනවත් නොසෝද ඇන්ටන් දීපු තේ එක බීල කට්ටියම හෝටලෙන් පිටඋනා.ත්‍රිකුනාමලේ ස්ටේශමට ඇවිත් මූනහෝදාගෙන පලාත් සභාවට ගිහින් ලියුම් ටිකත් අරගෙන තම්බිරාජා මහත්තය හමු උනා.රාත්‍රියෙ වෙච්චදේ කිව්වම ඒකතමයි මම ඇහුවෙ සෙවන් අයිලන්ඩ් යනවද කියල කියල හිනාඋනා.අදත් මතක් වෙන්නෙ හෝටලේ වේටර් දමිල ජාතික ඇන්ටන්ගෙ තිබුන උදාර ගතිගුණ.ඒවගේ මිනිස්සු ඉන්න රට වාසනාවන්තයි කියල හිතෙනවා.අනික සිද්ධියවෙලාවෙ කිසිම බයක් නොදැනුනේ ඇයි කියල අදත් පුදුමයි.බය දැනුනේ පස්සෙන්ද අම්පාරටත් ආවට පස්සෙයි.

6 thoughts on “යුද්ධෙට මැදිවී

  1. පණ බේරුනා එකම මදැයි 🙂

    ඉන්දියන් සාම සාධක හමුදාව ගැන කියපුවම මතක් උනේ … ඔය වකවානුවේ අපේ ගමේ කඩ මණ්ඩියේ බිත්ති පුරා සැරින් සැරේ සහෝදරයෝ තාර පාවිච්චි කරලා පොල් සයිස් අකුරෙන් ලියල යනවා

    “ඉන්දියන් වඳුරු හමුදාව පන්නමු !”

    කියල. ඕක ආරංචි උනහම පොලිස්සියෙන් ඇවිල්ල මකල යනව හුණු හරි තවත් තාර බල්දියකින් හරි.

    පොඩි එවුන් වෙච්චි අපිට තිබ්බ ප්‍රශ්නෙ ඔය වඳුරු හමුදාව කොයි වගේද කියන එක ?

    Like

    1. ඔය වඳුරු හමුදාවෙ ලොක්කො නම් බොහොම හොඳ මිනිස්සු.අපි අම්පාරෙ ඉන්න කොට ඒලොක්කන්ට කිව්වම අම්පාරෙ ඉදන් කොලඹ යනව කියල උතුරට යන ඉන්දියන් ප්ලේන් එකක නග්ගල රත්මලානෙන් බස්සල යනව.හැබැයි වඳුරු භටයො නම් පාරෙ ගිහිල්ල පැය භාගයක් විතරයනකම් සුවඳ තියෙනවා.අර ඇෆ් ගනිස්තානෙ ගැන ලියල තිබුනෙ ඒවාගේ.රාජ්පුත් රෙජිමේන්තුවෙ මේජර් අශෝක් කියල මගෙ මිත්‍රයෙකුත් ඒකාලෙ හිටියා.මම රාජ්පුත් සටන් ගැන කියන කොට මිනිහට මාර සතුටුයි.ඔය චිතෝර් කොටුව අල්ලපු සුල්තාන් අලාඋද්දීන් ඛල්ජි ත් එක්ක රාජ්පුත් රතන් සිං ගැන එහඑම කිව්වම මිනිහ ඇස්දෙක දිලිසෙන්න හිනාවෙනව.

      Liked by 2 people

      1. රාජ්පුත්වරු ඉන්දියාව පාලනය කරපු රදළ කුලේ උදවිය නිසා ටිකක් එක විදිහක් කොහොමත්, තම පරපුර ගැන ලොකු ආඩම්බරයක් එහෙමත් තියනවා.

        දැනට මම රාජකාරි කරන ක්ෂේත්‍රයේ ගුරුවරයා උනේ ඉන්දීය ජාතික අවුරුදු තුන හතරක් වැඩිමල් රාජ්පුත්වරයෙක්. කෙළින් මහන්සි වෙලා වැඩකරන නිසාත් ඕනෑම දෙකට පොල්ලෙන් ගැහුව වගේ ඇත්ත කියන නිසාත් මිනිහ මට කැමතියි. ගුරු මුෂ්ඨි නැතුව කියල වගේම යාලුවෙක් වගේ ආශ්‍රය කරනවා අදටත්.

        මිනිහ නොකිව්වට විප්‍රවාසයෙන් ගත කරන්නෙ ගෙදරට හොරෙන් ආදරය කරලා බැඳපු වාඩුවට පවුලෙන් පිටමං කිරීම මත කියල නොකියා කියල තියනවා.

        මිනිහ පම්පෝරි නැති බොහොම චාම් මනුස්සයෙක් උනාට ඉඳහිට පරණ කතන්දර කියනව. ඔහුගේ පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළු ඥාතීන් දුසිමකට කිට්ටුව අදත් ඉන්දීය පාර්ලිමේන්තුවේ ඉන්නවා. අදටත් ගාන්ධි පවුලේ උදවිය කැන්වසින් එනකොට නවතින්නේ මේ පවුලත් සමගයි. කොයිතරම් හොඳ මනුස්සය උනාට හිටි ගමන් අර රාජ්පුත් අහංකාරකම් එළියට පනිනවා, විශේෂයෙන් දකුණු ඉන්දීය ජාතිකයින් කරන පිස්සු විකාර දැක්කහම ලේ කකියන්න අරං රට කන්නේ මුං තමයි කියල බනිනවා වැඩිය කාටවත් නෑහෙන්න 🙂

        Liked by 1 person

  2. ඔබතුමාගේත් රටේත් වාසනාවට ඔබ ඇතුළු පිරිසට අනතුරක් සිදු නොවීම සතුටට කරුණක්.
    යුද්ධයේ අත්දැකීම් කිසිදා අමතක නොවේවි.

    Like

  3. දෙයියනේ කියල ඔබතුමා බේරිලා ආපු එක ලොකු දෙයක්. සමහර විට බය දැනෙන්න නැතුව ඇත්තේ ගොඩනැගිල්ල ඇතුලෙ හිටපු නිසයි.

    මට අදටත් හිතාගන්න බැරි දෙයක් තමයි මේ පලාත් සභා, ප්‍රාදේශීය සභා කියන ජාතිය මොකටද කියන එක. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයටයි, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටයි ඒ වැඩටික බලාගන්න පුළුවන්නෙ. සමහර වැඩ කටයුතුවලදි ප්‍රාදේශීය සභාව සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන දෙකක් තිබීම හින්දා මිනිස්සු අසරණ වෙනවා මං දැකල තියෙනව.

    Like

    1. මටත් හිතෙන්නෙ ගොඩනැගිල්ලතුල සිටීමත් අනිත් අයගේ ජීවිත ආරක්ෂාවවෙනුවෙන් ක්‍රියාකලයුතුයි කියන හැඟීම හා ඇන්ටන් නම් වේටර් සහෝදරයාගේ ක්‍රියාකාරිත්වය නිසා බය හිතුනෙ නෑ කියලයි.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s