නූල් සහනාධාරෙ

අත් යන්ත්‍ර රෙදි විවිල්ල ගමේතිබුන පුංචි කර්මාන්තයක් උනත් ඒක ඇතුලාන්තයෙ තිබුන දේවල් එක්ක අපි බොහෝ දේවල් ඉගෙන ගත්තා කිව්වොත් තමයි හරි.මේකර්මාන්තය 1977ට ඉස්සෙල්ලා හුඟුක් ජනප්‍රිය කර්මාන්තයක් .හැම ගමකම වාගෙ රෙදි ඉස්කෝලයක් තිබුණා.මේරෙදි ඉස්කෝලෙන් රෙදිවිවීම පුහුනු කලා විතරක් නෙවෙයි රෙදිනිෂ්පාදනයත් කලා.මධ්‍යස්ථානෙ තියෙන යන්ත්‍ර හය හතක රෙදිවියන්නකාර්මිකාවො ආවෙ අහල පහල ගෙවල් වලින්.මේඇරුනම විවාහවෙලා ගෙවල්වලහිටපු පලපුරුදු කාර්මිකාවො රෙදිවියන යන්ත්‍රයක් ගෙදර හයි කරගෙන ඒකෙවියන්න ඕනකරන නූල්ටික රෙදීස්කෝලෙන් අරගෙන වෝප් එකත් එතනින්ම දාගෙනගෙදර ගෙනැල්ල තමන්ගෙ මැසිමට හයි කරල වියල රෙදිටික මද්‍යස්ථානෙට භාරදුන්නා.මේවිදියට මිනිස්සුන්ට ඕනකරන සරොන් ,සාරි,තුවා,බෙඩ් සීට්,මේස රෙදි වාගෙ දේවල් විශාල ප්‍රමානයක් ගමේ යන්ත්‍රයෙන් වියාගන්න පුලුවන් උනා.ඒ විතරක් යැ ආන්ඩුවේ ස්ප්‍රිතාලෙට ඕනකරනඇදඇතිරිලි දූලිපිස්නා හිර කාරයො අදින ජම්පරේ මහන අමු රෙදි වාගෙ ඒවත් ගමේ ගෙවල් වල “ශට පටස් ටස් ටස් ශට පටස් ටස් ටස් කියල සද්දෙ දාගෙන උදේ ඉදන් රෑවෙනකම් ගෑනු උදවිය රෙදි මැසිමෙන් විව්වා.අදනම් ගාමන්ට් එකක රස්සාව කරනවටත් වැඩිය තැනක් රෙදිවියන අයට එදා ගමේ තිබුනා.හුගක්වෙලාවට රෙදිවියන ගෑනුලමයෙක් කසාද බඳින කොට දෑවැද්දට දුන්නෙත් රෙදිවියන මැසිමක්.

මේවිදියට තිබුන රෙදි කර්මාන්තෙ විඋර්ත ආර්ථිකෙත් එක්ක පිරිහෙන්න පටන් ගත්තා.විඋර්ත ආර්තිකේ යටතේ විදේශ රෙදිපිලි ආනයනය වැඩිවෙනකොට ගමේ රෙද්ද පැත්තකට වීසි කරපු අපේ උදවිය රට රෙදි වලට හුරු උනා.මේකත් එක්ක ගමේ රෙදි ඉස්කෝලෙ වැහුනා.අත්‍යන්ත්‍ර කාර්මිකාවො ගාමන්ට් ජොබ් වලට ගමෙන්පිට ගියා.අලුතින් පේෂකර්මාන්තෙ ඉගෙන ගන්න එන අය අඩු උනා.පුද්ගලික ආයෝජන හැටියට අත්‍යන්ත්‍ර කර්මාන්තශාලා කරපු අය පුංචි ගාමන්ට් පටන් ගත්තා මෙහෙම ගිහින් ආණ්ඩුවෙ රෙදි ස්කෝල ටිකවිතරක් ඉතුරු උනා.ඔන්න ඔයකාලෙ තමයි මේ කර්මාන්තෙට අම්පාරෙදි මම සම්බන්ද වෙන්නෙ.දැනටමත් එහෙම සම්බන්ධවෙලා කරපු ටිකක් කියලනෙ තියෙන්නෙ.මේකත් ඔයකියාපු රෙද්දෙ කථාවක් තමයි.

අම්පාරෙදි අත්‍ යන්ත්‍ර කර්මාන්තෙ විශේශයක් තිබුනෙ සුප්‍රසිද්ධ මඩකලපු සරොන් කාරයො හින්ද.මරඳමුනේ ගමේ උදවිය තුන් හාරසීයක් බොහොම අමාරුවෙන් මේකර්මාන්තෙ කරගෙන ගියේ.ඒඅයට වෙන කරන්න කිසිදෙයක් නැති හින්දයි.මේඅය අතර රෙදි මැශින් විස්සක් විසිපහක් තියාගෙන කර්මාන්තෙ කරපු දෙතුන් දෙනෙක් හිටිය.මේ උදවිය නූල් වර්ණකිරීමේ තාක්ෂණයෙත් කෙල පැමිනිඋඩවිය .රෙදිවියල නිමහම් කිරීම සදහා කැඳ දැමීමක් මේ අය කලා සාම්ප්‍රදායික ක්‍රමයකට.මේ නිෂ්පාදන ක්‍රියාවලියට අපෙන් ලොකු දෙයක් කරන්න තිබුනෙ නෑ.මේ අය ඉල්ලුවෙ අලෙවියට උදව් විතරයි.1989වෙනකොට පේශකර්මාන්තෙ පලාත් සභාවට භාර දෙනවා.ඒ අනුව ආණ්ඩුවෙ පේශකර්ම මධ්‍යස්ථාන පලාත් සභාවට භාරදෙනව.මුලු පේෂකර්ම කාර්‍ය මංඩල පලාත්සභාවට අයිතිවෙනවා.මම කච්චේරියෙ උපදිසාපති උනාට පලාත්සභාව පැත්තටයි අයිතිඋනේ.දිසාපති මුදන්නායක මහත්තයට මාව පේන්න බෑ ඔය වෙනකොට.ඉතින් මාවපලාත්සභා කාර්‍ය මංඩල ලැයිස්තුවට දැම්මා.මමත් වැටුනුවල හදාගෙනවලේ ඉන්නවකියල හිතාගෙන පලාත් සභාවෙ වැඩේටම යොමු උනා.මේවෙනකොට අපේ වරධරාජා පෙරුමාල් මහ ඇමතිතුමා තමන්ගෙ කැබිනට් එකත් එක්ක ඉන්දියාවට පසු බැහැලා.මුලු මහත් උතුරු නැගෙනහිර පලාතම ආන්ඩුකාරවරයෙකුගේ පාලනයට අරගෙනයි තිබුනෙ මේවෙනකොට.ඒ බලවත් ආන්ඩුකාරදුරය දැරුවෙ ලුතිනන් ජනරාල් නලින් සෙනවිරත්න මැතිතුමා.එතුමා ශ්‍රීලංකායුධ හමුදාවේ අධිපති දුරය දරා විශ්‍රාමික වුනායින් පස්සෙ තමයි මේ ආණ්ඩුකාර දුරයට පත් කෙරුනෙ.

පේෂ කර්මාන්ත කුඩා කර්මාන්ත කටයුතු පලාත් සභාවෙ පරිපාලනය සකස් උනෙ ආණ්ඩුකාරතුමාගෙ අනුමැතියෙන්.පලාත් කර්මාන්ත දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරල දිස්ත්‍රික්කවල කටයුතු ඒකාබද්ධ කරා.පලාත් කර්මාන්ත දෙපාර්ථ මේන්තුවපේෂකර්ම හා කුඩාකර්මාන්ත මූලස්ථානෙ බවටපත් උනා.කොලඹත් එක්ක කටයුතු කර්මාන්ත අධයක්ෂ වරයා මගින් කෙරුනා.මේවිදියට සංවිධස්නය වෙලා කටයුතු සිද්ද කරන කොට දවසක් හදිසි සාකච්චාවකට ත්‍රිකුනාමලේ එන්න කියල ලියුමක් ආවා.රැස්වීම ආන්ඩුකාර කාර්‍යාලයේ තිබුනෙ.රැස්වීමෙ හිටියෙ කර්මාන්ත අධ්‍යක්ෂ වේලායුධන් පිල්ලෙ මහත්තයයි මඩකලපු කුඩාකර්මාන්ත අධ්‍යක්ෂ සින්නතම්බි නෝනයි මමයි විතරයි.මේ සාකච්චාව මූලාසනේ ආණ්ඩුකාරතුමා මටත් මඩකලපු සහකාර අධ්‍යක්ෂටත් පයිල් දෙකක් දුන්නා.මේපයිල් එකේ තිබුනෙ රිසිට්පත් ගොඩක් .මේරිසිට් පත් ගැන කතාව ආන්ඩුකස්‍රතුමා කිව්වා.රජය අත්‍ යන්ත්‍ර පේෂකර්මාන්තය දියුණු කිරීමසඳහා ගත් තීරණයක් අනුව අත් යන්ත්‍ර නූල් සඳහා සහනාධාර වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවත් ඒයටතේ අත් යන්ත්‍ර සඳහා පාවිච්චි කරන නූල් සඳහා 10% මූල්‍ය සහනයක් ලබාදෙන බවතේසඳහා නූල්නිශ්පාදනය කරන ආයතන අත් යන්ත්‍ර රෙදි නිෂ්පාදකයන්ට 10%වට්ටමක් සහිතවනූල් ලබා දී එම බිල්පත්වල පිටපත් පේෂකර්ම අමාත්‍යංශයට ඉදිරිපත් කලපසු අමාත්‍යංශය එසේ අඩු කල වට්ටම නූල් නිශ්පාදන ආයතනවලට ගෙවීම කර ඇති බවත් ආණ්ඩුකාරතුමා පැහැදිලිකලා.අලාත්වලට බලය විමධ්‍යගත වුනනිසා උතුරු නැගෙනහිර පලාතෙ මේගෙවීම පලාත්සභාවෙන් කරන ලෙස දන්වාඇති බවත් ඒඅනුව නැගෙනහිර පලාතේ අම්පාර මඩකලපුව දිස්ත්‍රික්කවල වියන්නන්ට ලබාදුන් නූල්වලට අදාල රිසිට් පත් සඳහා ගෙවීම් කිරීමට බලන විට ගෙවියයුතුමුදල ලක්ෂ පනහක් පමන වන බැවින් මේගැන දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂවරු දෙදෙනා සමග සාකච්චාකිරීමට තීරනය කලබවත් ඒඅනුව මෙම ගෙවීම ගැන අදහස් දක්වනලෙසත් දැන්වූවා.

ලබාදුන් ලිපිගොනුවේ ඇතුලත් රිසිට් පත් කීපයක් පරීක්ෂාකල මම දැක්කේ බිල්පත් සියල්ලටමවාගෙ අදාලවියන්නන් මරඳමුන ගම්මානයේ ලිපිනයන් සහිත අය බවයි.එසේම ගෙවන මුදල විශාලමුදලක් බැවින් මේගැන පාරීෂාවකින් තොරව ගෙවීම නිර්දේශ කිරීමට පදනමක් නැති බවත් තේරුන මම කිව්වා මේගෙවීම නිර්දේශ කිරීමට පෙර අදාල වියන්නන් ගෙන් මෙම නූල් ප්‍රමානය ලැබුනේද යන්න තහවුරු කර ගැනීම වඩාත් නිවැරදි ක්‍රමවේදය බැවින් ඒසදහා සති දෙකක කාලයක් දෙන හැටියට.ආන්ඩුකාරතුමා ඊට ඉඩ දුන්නා.ඒ අනුව අදාලරිසිට් පත්ගොනුවත් අරගෙන අම්පාරට ආවා.

අම්පාරට ඇවිත් මුලින්ම කලේ මේරිසිට් පත් අධ්‍යනය කරන එක.ඒ රිසිට් වලට අනුව මේවට්ටමට නූල් මිලදීගෙන තියෙන්නෙ මරඳමුනේ ගමේ අය.නමයි ලිපිනයයි රිසිට් එකේ තියෙනවා.රිසිට් පත් වලට අනුව ලක්ෂ 350විතරනූල් විකුනල තියෙනවාපූගොඩ නූල් කර්මාන්ත ශාලාවෙ හදනනූල්,ජාඇල යුනයිටඩ් වීවිං ඇන්ඩ් ස්පයිනින් මිල්ස් කියන කම්හලක හදන නූල් තමයි විකුනලා තියෙන්නෙ.සේරමනූල් 50මානයේ නූල්.මේනූල් රෙදි නිෂ්පාදනයට යොදාගෙන තියෙනවද බලන්න මරඳමුනේ ගිහින් බලන්න තීරණය කරා.ඒඅනුව එකදවසක හනීපා මාස්ටර් මුස්තාපා මාස්ටර් ලේකම් මහත්තයා මම ඇතුලු කන්ඩායම මරඳමුනේ ගියා.රිසිට්වල තියෙන ලිපින වලට ගිහින් බැලුවම සමහරලිපිනහා නම් ව්‍යාජ බව තේරුනා.නම් ලිපින සත්‍ය ස්තානවලින් හොයා බැලුවම ඒඅය හුඟ දෙනෙක් රෙදිවිවීම කරන්නෙ නැතිඅය.ඉතාම ටිකදෙනෙක් රෙදිවිවීම කරන අයගෙ නමට රිසිට් තිබුනත් ඒඅය නූල් මේසමාගම්වලින් අරගෙන නෑ.සම්පූර්ණ දවසක පරීක්ෂාවෙන් ත මේබිල්පත් සියල්ල ව්‍යාජ බිල්පත් බව පැහැදිලි උනා.ආපසු කාර්‍යාලෙට ඇවිත් මේමුදල් ගෙවීම නිර්දේශ නොකරන බවත් සඳහන් කරමින් සම්පූර්න වාර්ථාවක් පලාත් සභාවට යැව්වා.

මගේවාර්ථාව අනුව අදාලසමාගම් වලට මුදල් ගෙවීම ආන්ඩුකාරතුමා තහනම් කරා.මේසමාගම් කොලඹ පේශකර්ම අමාත්‍යංශයට පැමිනිලිකලා.රජයේ නියමය පරිදි නූල් 10%වට්ටමකට අලෙවිකිරීමෙන් පස්සෙ එම වට්ටම එකඟවී ඇති පරිදි ප්‍රතිපූරණය නොකිරීමෙන් තමන්ට අසාධාරනයක් උනබවට.අපේ ආන්ඩුකාරතුමා මගේ වාර්ථාවෙ පිටපතක් පෙන්නලා මේප්‍රත්ක්ශේපයට කරුනු පෙන්වාදුන්නා.නිවැරදි බිල්පත් වලට මුදල් ගෙවීමට තමන් සූදානම් බවත් පෙන්වාදුන්නම පේශකර්මාන්ත අමාත්‍යංශෙ ලේකම් ජයමහ මහත්තය සමාගම්වලට ඒඅනුව කටයුතු කරන්න කියල පැමිනිල්ල අවසන් කරා.

මේ කාලෙ දවසක උදේ පාන්දර හයට විතර දොරට තට්ටු කරන සද්දෙට මම මගේ නිල නිවාසෙ වුන අම්පාර නව නගරෙ සී 1 නිවසෙ දොර ඇරියා.අමුත්තො හතරදෙනෙක් හිටියා..ඒඅය මරඳමුනේ බවත් මාව මුනගැසී වැදගත් දෙයක් සාකච්චාකිරීමට පැමිනි බවත් කිව්වා.ඉස්තෝප්පුවෙ ඒඅයට වාඩිවෙන්න කියල කිව්වා.ගේ ඉදිරියේ මේ අය ආපු ලාන්සර් කාරෙක නතර කරලතිබුනා.මමත් ඉස්තෝපුවෙ වාඩි වුනා.

“සර් මේ ඉන්නෙ කාත්තකුඩියෙ “හරිදාස”සාප්පුවෙ අයිති මුදලාලි,මෙයා මරඳමුනේ “සිප් පැලස්”අයිති මුදලාලි.මෙයාමරඳමුනෙ තවත් කඩේක මුදලාලි.මම මරදමුනේ කෙනෙක් මේමුදලාලිලට සිංහල හරියට බෑ .ඒකනිසයි මම එක්ක ආවෙ” කියල එක් අයෙක් හඳුන්වාදීම කලා.

“ඔව් ඉතින් මේමුදලාලි මහත්තුරු මොකද උදෙන්ම මාව මුනගැහෙන්න ආවෙ?”

“සර් අපේමුදලාලිල ලොකු කන්ඩායමක් ඊයෙ සාකච්චාකරල මේ තුන්දෙනාව නියෝජිතයො හැටියට එව්වෙ සර් එක්ක වැදගත් දෙයක් කතාකරන්න”

“ඔව් ඉතින් මොකක්ද කියල කියන්න කාරනේ”

“මේකයි සර් මේලඟදි සර් මරඳමුනේ ගෙයක් ගානෙ ගිහින් නූල් ගත්තාය කව්දකියල හොයල යැව්ව වාර්ථාව නිසා මුදලාලිලට ආන්ඩුවෙන් ගන්නතියෙන සල්ලි ලක්ෂ තිහක් විතර නැතිඋනා.ඒක ගැන කතාකරල තමයි සරෙක්ක කතාකරමු කියල ආවෙ”

“දැන් ඉතින් ඒක ඉවරයිනෙ දැන් ඒගැන කතාකරල වැඩක් නෑනෙ”

“ඔව් සර් ඒක ඉවරයි.ඉස්සරහටත් මේ විදියට බිල් දෙන්න තියෙනවා.සර්ගෙ නිර්දේශෙ නැතුව මේවට ගෙවන්නෙ නෑනෙ.ඉතින් අපිට උදව් කරන්න කියලයි මේමුදලාලිල ඉල්ලන්නෙ.”

“මොකක්ද මගෙ උදව්ව.මම රාජ කාරියක්නෙ කරන්නෙ.”

“ඒකහරි සර් සර්ගෙ රාජකාරියට ප්‍රශ්නයක් නොවෙන්න අපිට උදව් කරන්න.අපිසර් ගැන බලාගන්නම්”

“මොකක්ද මගෙන් බලාපොරොත්තුවෙන්නෙ?.”

“මෙහෙමයිසර් සර් ට එන බිල්ටිකට ගෙවන්න නිර්දේශෙ දෙන්න.ඒකට අපිනියම නම් වලටම රිසිට් දෙන්නම්.සර්ට ගිහින් බලන්නත් පුලුවන් ඒඅයත් පිලිගනියි නූල් හම්බු උනාකියල එතකොටසර්ට කිසි ප්‍රශ්නයක් නෑනෙ.මේ උදව්වට සර්ට ගෙවන සල්ලිවලින් තුනෙන් කොටසක් අපි දෙන්නම්”

මට එකපාරටම කේන්තියක් ආවා.ඒ එක්කම බයකුත් දැනුනා.මේ සාකච්චාවට ආපු අය ලොකු වාසියක් නූල් සහනාධාරෙන් ගත්තු අය.මුන් එක්ක ගැටුනොත් වෙඩිතියල දැම්මොත් කරන්න දේකුත් නෑ.ඒකනිසා හොදමවැඩේ ශේප් එකේ කතාකරල යවන එකයි.කියල හිතුන.

“ඔය කිව්ව කාරනේ ගැන මම ටිකක් කල්පනා කරල බලන්න ඕන.”

“ඔව් ඔව් සර් එහෙම කල්පනාකරල හිමිහිට උත්තරයක් කියන්නකො.අපි කිසි ප්‍රශ්නයක් නොවෙන්න වැඩේ කරමු.”

“හොඳයි බලමුකො.හැබැයි මම මේරස්සාව සල්ලි වලට කරන එකක් නෙවෙයි.සල්ලි හම්බුකරන්නනම් අම්පාරෙ ටවුමෙ බුලත්විට විකුනුවත් පුලුවන්.අපි බලමුකො”.මම කිව්වා.

හොදයි සර් අපි එන්නම් එහෙනම් මම සර්ට කෝල් කරන්නම් කියල බොහොම සුහදව කට්ටිය ගියා.

මම ඊට දවස්දෙකකට පස්සෙ ගිහින් ආන්ඩුකාරතුමාහමුවෙලා මේකතාව කිව්වා.

“අයිසෙ සුනිල් තමුසෙ බය නැතුව ඉන්නවා.මම තමුසෙට පොලිස්ගාඩ් එකක් දෙන්නම්”ආන්ඩුකාරතුමා කිව්වා.

“එපාඑපාසර් මගෙ රස්සාව පොලිස්ගාඩ් එක්ක කරන්න බෑ.”

“දැන් මේයක්කු තමුසෙට කරදර කරොත්?”

“සර් මමයෝජනාකරන්නෙ අපේ ගෙවන ක්‍රමය වෙනස් කරමු.දැනමෙච්චර කලක් සහනාධාරය ගෙවල තියෙන්නෙ නූල් මුදලාලිට නෙ.අපි ඔයමුදලරෙදි වියන කෙනාට දෙමු.සර්ට පුලුවන්නෙ නූල් සමාගම් වලට කියන්නවට්ටම අඩු නොකරරෙදිවියන අයට නූල් විකුනන්න කියල.නූල් සල්ලිවලට ගත්තු රෙදිවියන අයට කියමු රිසිට් එක අපිට දුන්නම 10%අපි ඒඅයට ගෙවනවා කියල.”

ආන්ඩුකාරතුමා මාදිහා ටිකවෙලාවක් බලාගෙන ඉදලා

“හරි තමුසෙ හදනව අලුත් ක්‍රමය.හදල මට දෙනවකො.මම ඉතුරුටික කරන්නම්.”

මම අම්පාරෙ ඇවිත් මගෙ කන්ඩායම එක්ක කතාකරල අලුත් ක්‍රමය සැලසුම් කරා.ඒඅනුව රෙදිවියන මැශින් තියෙන අය සහාකාර අධ්‍යක්ශ කාර්‍යාලයේ ලියාපදිංචි කල යුතුයි.ලියාපදිංචි අත් යන්ත්‍රයේ අපනිකුත් කරනා අංකය සටහන් කලයුතුයි.නිෂ්පාදනයේ යොදන සෑම යන්ත්‍රයටම මාසික උපරිම නූල්භාවිතය කිලෝ දහයක් ලෙස ගනනය කලා.අපවිසින් යන්ත්‍ර ලියාපදිංචි කිරීමේදී නිකුත් කරන කාඩ්පත් අංකය සදහන් කර නූල් සහනාධාර සඳහා බිල්පත් සමග ඉල්ලීම එවූ පසු පේශකර්ම පරිපාලකවරයෙක් අදාලනූල් භාවිතාකර රෙදි නිශ්පාදනයේ නිරතවූ බව සනාත කලයුතුයි.ඉන් අනතුරුව අදාල පුද්ගලයාට නූල්සහනාධාරය ගෙවීම කලයුතුයි.මේ ක්‍රමය හදලා ලියාපදිංචි සහතිකේ ආදර්ශයක් එක්ක ආන්ඩුකාරතුමාට යැව්වා.සතියක්තුල මගේ වැඩපිලිවෙල චක්‍රලේඛයක් ලෙස ආවෙ ලියාපදීංචි සහතිකේ මුද්‍රිත ආකුර්තිත් එක්ක.වැඩපිලිවෙල දියත් කර මරඳමුනේ රෙදියන්ත්‍ර කරුවො ටික ලියා පදිංචි කලා.නූල් ආධාරගෙවීම කලේ වියන්නන්ට.මේ සිද්දියෙන් මරදමුනේ රෙදි නිශ්පාදකයොයි වියන්නොයි අපිත් එක්ක ලොකු බැදීමක් ඇතිකර ගත්තා.අපේ මුදලාලි නියෝජිතයො ආයිත් කතාකලේ නැත්තෙ ක්‍රමය වෙනස් කලනිසා වෙන්නැති.

පරණ කරපු වංචාව ගැන ආන්ඩුකාරතුමා සීඅයිඩී එකට පැමිනිලි කලා.මමත් ප්‍රකාශයක් දුන්නා.ටික දවසකින් කාත්තන්කුඩියෙ හරිදාස් මුදලාලිවයි පූගොඩ නූල් කම්හලේ කලමනාකාර ඉන්දියන් අයෙක්වයි රිමාන්ඩ් කලා.එතනින් ඒක ඉවරයි.මීට අවුරුදු දොලහකට පස්සෙ 2001කොලඹ ඉදන් මරදමුනේගමට ගියහම අපේ අත්‍යන්ත්‍ර කරුවො මාව අඳුනගෙන මගේ අත්සන සහිත ලියාපදිංචි කිරීමේ සහතික පෙන්නුවෙ හරිම සතුටින් ඒව දැක්ක මටත් සතුටුයි.හිතනකොට දැනුත් සතුටුයි.

8 thoughts on “නූල් සහනාධාරෙ

  1. සර් වගෙ පරිණත නිලධාරීන් සමග වැඩ කරන්න තිබුණානම් අපිට තව ගොඩක් ඉගෙන ගන්න පුළුවන්

    Like

  2. අද වෙනකොට පැරණි විලාසිතා නැවත පැමිණීමත් සමග අත්යන්ත්‍ර පේෂකර්ම නිෂ්පාදන වලට යම් ඉල්ලුමක් වගේම උනන්දුවක් තියෙනවා. මේ සඳහා අන්තර්ජාලයේ වෙළඳපොළ (e-shopping website) පවා තියනවා. ඒ වගේම ප්‍රසිද්ධ විලාසිතා සමුහයන්ගේ වල පාවා මේ සඳහා වෙන් වූ කොටස් තියනවා දැකල තියනවා.

    නමුත් මිල අධිකකම මෙය සාමාන්‍ය පාරිභෝගිකයන්ගෙන් ඈත් කිරීමට ප්‍රධාන හේතුවක්. එනිසා දේශීය දේ මිලදී ගන්න ගමන් ආදේශකයක් ලෙස බතික් රෙදි පාවිච්චිය තමයි සාක්කුවට රිදෙන ගතිය අඩු කරන්න තියන එක විදිහක්.

    Like

    1. දැන් ඔය කරුමාන්තෙ ඉහල වෙලඳ පොලක් වෙනුවෙනුයි කෙරෙන්නෙ.(up market ).මේ අපිවාගෙ අයට නෙවෙයි ගනන් අහන්නෙ නැතිව බඩුගන්න වෙලඳ සමාජෙ උදවියට තමයි අත්‍යන්ත්‍ර රෙදි දැන් හදන්නෙ.

      Liked by 1 person

  3. ස්තූතියි සුනිල් මහත්මයා අපූරුම ලිපියක්.

    මගේ පියාත් කුඩා කර්මාන්ත සහකාර අධ්‍යක්ෂ හැටියට සේවය කලා අනුරාධපුරයෙ…ඒ හින්ද ඔය අත්යන්ත්‍ර පේෂකර්මාන්තය කෙරෙන මධ්‍යස්ථාන කීපයකට මමත් ගිහිල්ල තියනව…

    Like

  4. ඔලුව තියෙන කොන්ද පණ තියෙන නිලධාරියෙක් අපට ඉහළින් හිටියොත් ක්‍රමය වෙනස් කරල වුනත් වැඩේ කරන්න පුළුවන්. නමුත් අද වන විට එවැනි අයගේ අඩුවක් අැති බව දැනෙනව . ඔබතුමාට හොඳ නිලධාරීන් ලැබී ඇති බව පේනවා. ඔබේ කාර්ය බහුල වේලාවෙන් මේ ලිවීමට කාලය වෙන් කර ගැනීම වෙනුවෙන් ස්තුතියි.

    Like

  5. “… මාව අඳුනගෙන මගේ අත්සන සහිත ලියාපදිංචි කිරීමේ සහතික පෙන්නුවෙ හරිම සතුටින් ඒව දැක්ක මටත් සතුටුයි.හිතනකොට දැනුත් සතුටුයි….”
    තඤ්‌ච කම්‌මං කතං සාධු, යං කත්‌වා නානුතප්‌පති
    යස්‌ස පතීතො සුමනො, විපාකං පටිසෙවති.
    (68) 9. යම් කර්මයක් කොට සත්ත්ව තෙම නො තැවේ ද, යම් කර්මයක්හුගේ ඉෂ්ට විපාකය ප්‍රිතිවෙගයෙන් පිණා ගියේ සොඳුරු සිතැති ව අනුභව කෙරේ ද, එබඳු කුශල කර්ම කිරීම මැනැවි.
    ධම්මපදය (68)
    http://www.thripitakaya.org/tipitakaya/Index/629?s=21204

    Like

  6. මහ දිසාපතිතුමාට ඔබතුමාව “නෙද්දකිං” වෙන්න හේතුව නං හිතාගන්න අමාරු නෑ. මාවත් මේ දවස්වල මහ පුටුවලට පේන්න බෑ.

    දිසාපතිතුමා ඇල්ලුවයිං ඇල්ලුවෙ නෑ මේ වගේ පොටක්. නූල් පොටක් දිගේ සමාජය ඇතුළට සෑහෙන දුරක් යන්න ඔබතුමාට පුළුවං වෙලා තියෙනව. දැනුත් රෙදි ඉස්කෝල කීපයක් හරි ක්‍රියාත්මක වෙනවා නේද? බදුල්ලෙත් කඳනෙ එහෙම එකක් තියෙනව. මගේ බැජ්මේට්ගෙ වෙන්ඩ හාමිනා ඒකෙ පුහුණුවෙනව. මං දන්න විදිහට ලොකු ගානක් නං හම්බුවෙන්නෙ නෑ. හැබැයි ඉස්සර අපේ අම්මට නං “රෙදි ඉස්කෝලෙ ශිෂ්‍යාවක් හැටියට” ඒ කාලෙ හොඳ මගුලක් කන්න තරං ලොකු පඩියක් මාසෙකට හම්බවුනාලු.

    මේ විස්තර කියවගෙන යද්දි මට හිතුණ දෙයක් තමයි අපි මේ ගෙවන ජීවිත කිසිම ශිල්පයක් නොදැන නටන නාඩගමක් කියලා. අපි විවිධ කර්මාන්ත එකිනෙක අතෑරලා කැරකෙන පුටුවටයි කොම්පිවුටරේටයි ඇබ්බැහි වේගෙන යනව. ඒත් එක්කම මොකක් හරි කර්මාන්තයක් ඉගෙනගන්න හදන කෙනාටත් ඒක ඉගෙනගන්න විදිහක් නැතිවේගෙන යනව. පහුගිය කාලෙ මටත් මේසන් වැඩයි වඩු වැඩයි ඉගෙනගන්න ඕනැ වුනා. කාර්මික විද්‍යාලෙත් සති අන්ත පාඨමාලා නෑ කිව්වනෙ. රෙදි වියන්නො වඳවුනා වගේ තවටික කලකින් මේසන්, වඩු, කාර්මිකයොත් වඳවී ගිය කොටසක් වෙයිද?

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s