නෑයින් සොයා…..

දිගටම අතීතෙම වමාරන්නෙ නැතුව වර්තමානෙනුත් යමක් පන්හිඳට එකතු කලොත් කොහොමට හිටීදැයි කියල මට කල්පනාවෙල ටිකදොහක් වෙනව.හැබැයි ඒකට පිවිසෙන්නෙ කොහොමද කියල කල්පනාකරකර හිටියෙ.මේරටේ ඉතින් වරුතමානෙ ගැන ලියන්න ගියහම සමහරුන්ගෙහිත් නොහොඳ වෙන්න පුලුවන්.ඒත් එක්කම සමහරු කියන්න පුලුවන් ඕක ඔහොම නෙවෙයිමෙහෙමයි කියල.ඒ හැම උවන්දිරමකින්ම බේරිලා මේ වැඩේ කරන්නෙ කොහොමදයි කියල හිතහිතාඋන්නෙ.මෙහෙම ඉන්නකොට පහුගිය දොහක අපේ මහ ගෙදර ඇත්තොත් එක්ක ඤාති ගෙදරක මංගල්ලෙකට යන්න වුණා.මේ මගුල් ගෙදරදි හමු උනා කුකුලෙ ප්‍රේමසිරි මහත්තයව.ප්‍රේමසිරි අපේ ලඟ ඤාතියෙක් උනාට ඒ නෑකමට වැඩිය ලොකු යාලුකමක් තියෙන්නෙ.විශ්ව විද්‍යාලෙ මට වැඩිය අවුරුද්දකට පස්සෙ ඇතුල් උන ප්‍රේමසිරි නෑදෑයො බවදැනගත්තෙ පස්සෙදියි.දැන් කලවානෙ අද්‍යාපන සංවර්දන මද්‍යස්තානෙ වැඩකරන ප්‍රේමසිරි ව අපේ මහගෙදර අම්මට තාත්තට එහෙමත් අඳුන්වාදෙන්න පුලුවන් උනා.අපේ මල්ලිලදෙන්නෙක්ම හිටපු මේ අවස්ථාවෙ පොඩි කයියක් ගහන්න ප්‍රේමසිරිත් සම්බන්ධ උනා.

මම රත්නපුරේ ඉන්න දවස්වල ප්‍රේමසිරි එක්ක ගමනක් කථාවෙලා හිටියා.ඒ ඉලුඹකන්දෙ ගමට යන්න.මොකද අපේ උඩහගෙදර ආච්චි නැත්නම් තාත්තගෙ අම්ම ඉලුඹ කන්දෙ කෙනෙක්.අපේ ආච්චිගෙ ගමත් එක්ක මොනම සම්බන්දයක්වත් අපිට තිබුනෙ නෑ.අපි මතක ඇති කලෙ ආච්චිගෙ නෑයො කියල ආවෙ කුකුලෙ ආත ඒකියන්නෙ ආච්චිගෙ මල්ලි විතරයි.කුකුලෙ ආත කරසිංහ ආරච්චිගේ රත්‍රන්හාමි.අපිපුංචිකාලෙ ආච්චිබලන්න එනව අවුරුද්දකට විතර සැරයක්.අන්තිමට ආපු වෙලාවෙ හැරමිටියට ගෙනාපු බටගහ පලල කිරිගොට්ටක් වියල දීලයි ආත ගියේ.ඉන්පස්සෙ ආතගෙ පුතෙක් උන ගුනසේකරමාම කකුලටවෙඩිල්ලක් වැදිල බෙහෙත් කරේ අපේ තක්කඩිකම් ආත නැත්නම් වෙද ආතගෙන්.බෙහෙත් කරන කාලෙ වෙද ආතගෙ ගෙදරම නැවතිල හිටපු ගුනසේකර මාම අපේගෙදරත් නිතර ආව.ඉන්පස්සෙ හමු උනේ නෑ.තාත්ත ගමනක් දෙකක් කුකුලෙ ගියාම හමු උනා කිව්ව.නිකගොඩ හංදියෙ කඩයක් දාගෙන ඉන්නව කියලතාත්තා මට කිව්ව රත්නපුර ඉන්න කාලෙ ඒපැත්තෙ ගියොත් බලන්න කියල.ඒත් යන්න බැරි උනා.ඉතින් මේසේරම කියල ඉලුඹ කන්දෙ යමු කියලඒදවස්වල ප්‍රේමසිරි මහත්තයට කිව්වෙ ආච්චිගෙ නමත් කියල”නාඹුලුවෙ මුදියන්සෙලාගෙ”වාසගම තියෙන අය ඉලුඹකන්දෙ ඉන්නවද බලන්න කියලත් කියල තිබුනෙ.දන්න අඳුනන අයගෙන් විපරම් කරල ප්‍රේමසිරි මහත්තය කිව්වෙ හොයාගන්න බැරිඋනා කියලයි.කොහොම උනත් ආච්චිගෙ ගම බලන්න තාත්තට තිබුනෙ ලොකු ඕන කමක්.”පුතේ අපේ අම්මගෙ ගමට අපේ අප්පොච්චිවත් ගිහින් නෑ”කියලයි තාත්ත නිතරම කිව්වෙ.එහෙනම් කොහොමද ආත ආච්චිව කසාද බැන්දෙ කියල ඇහුවම තාත්තකිව්වෙ.”අපේ අම්ම එයාගෙ අම්මයි සහෝදරයෙකුයි සහෝදරියොතුන්දෙනෙකුයි එක්ක පුංචි කාලෙම ගමෙන් කුකුලට ඇවිල්ල තියෙනවා.එහෙන් තමයි අප්පොච්චි අම්මව එක්ක ආවෙ”කියල යි.ආච්චිගෙ මල්ලි උන කුකුලෙ ආත කරසිංහ ආරච්චිගේ වෙල ආච්චි නාඹුලුවෙ මුදියන්සෙලාගෙ උනේ කොහමද කියන උභතෝකෝටිකය ගැන තාත්තගෙ පැහැදිලි කිරීම උනේ ආච්චිගෙ අම්මට ඉඩකඩම් තිබුනනිසා ඒඅයිතිය දරුවන්ට තහවුරු කරන්න අම්මගෙ වාසගම උන කරසිංහ ආරච්චි වාසගම දරුවො කට්ටියකට යෙදුව කියල කුකුලෙ ආත කිව්ව කතාවකුයි.

ඉතින් මගුල් ගෙදරදි ප්‍රේමසිරි මහත්තය එක්ක කයිවාරුවට පටන්ගත්තම වැඩිවෙලා නොගිහින් ඉලුඹ කන්ද ගැන කථාව ආවා.අපි ආයිත් කථාඋනා ඉලුඹ කන්දෙ යන්න.යන්නෙ කවදද කියන ප්‍රශ්නෙ ආවහම දින ගනනාවක් යෝජනාවෙලා අන්තිමට හැමෝටම පුලුවන් දිනේ හැටියට බිනර පසලොස්වක පෝය දවස තෝරාගත්තා.ඉලුඹකන්දේ ඉන්න හිතවත් ගුරු භවතුන්ට කියල එහේසූදානම් කිරීමයි.ගුනසේකර මාමට කියල එයාව ගෙන්වාගැනීමයි ප්‍රේමසිරි මහත්තය භාර ගත්ත.අපිඋදේ 8.30වෙනකොට කුකුලෙට එන්නම් කියල පොරොන්දු උනා.ගමනට අපේ පැත්තෙන් මමත් චූටිමල්ලි පත්මසිරියි රන්මල්ලි විජේසිරියිතාත්තයි යමු කියල අපි කතාඋනා.පත්මසිරි මල්ලි ඉතිහාසෙ විෂයෙ මහාචාර්‍යවරයෙක් නිසා පැරනි සබඳතා විග්‍රහ කරන්න ලොකු පලපුරුද්දක් තියෙනවා.රන්මල්ලි විදුහල් පති වරයෙක්.අපේ කන්ඩායමට ප්‍රේමසිරි මහත්තයයි ගුනසේකර මාමයිඑකතු කර ගත්තම මේ යන වැඩේට සෑහෙන කන්ඩායමක්.

ඉතින් උදෙන්ම කොලඹින්පිටත් වෙලා කොට්ටාවෙ මල්ලිලාගෙ ගෙදරින් අම්මයි තාත්තයි මල්ලියි දාගෙන අගලවත්තට ගියේ අධිවේගී මාර්ගයෙන්. එහෙ රන් මල්ලිලගෙ ගෙදර අම්මව නතර කරා රන් මල්ලිත් එක්ක කට්ටියම කුකුලෙට ගියා වෙලාවටම.ප්‍රේමසිරිගෙ ගේපහුකරලත් ටිකක් දුර ගිහින් ආපහු ඇවිත්තමයි ගේ හොයා ගත්තෙ.ගුනසේකර මාමා එහාට ඇවිත් හිටිය.අවුරුදු47කට පස්සෙ ගුනසේකරමාමව දැක්කෙ එදයි.එයත් එක්ක ඉලුඹ කන්දෙ නෑයො හොයන්න යමු කිව්වම බොහොම කැමැත්තෙන් එකඟ උනා.ප්‍රේමසිරි මහත්තයලගෙ ගෙදරින් තේ බීලා එයයි ගුනසේකර මාමයි ජීප් එකේ නග්ග ගෙන ඉලුඹ කන්දට පිටත් උනා.

දැන් වාහනේ ඇතුලෙදි කතාබහ කරනකොට ගුනසේකර මාම ට මතකයි කිව්ව ඉලුඹ කන්දෙ හිටපු බාප්ප කෙනෙක් ගෙ නම.ඒකිව්වෙ අපේ ආච්චිගෙ සහෝදරයෙක් ගෙ නම.ඒ කරසිංහ ආරච්චිගේ හුරතල්හාමි.එයාගෙ පුතෙක් බොහොම ඉස්සර ඇවිත් ගුනසේකර මාමගෙන් ඉඩම් කොටසක් ගත්ත කිව්වා.ආපු කෙනා ගෙ නම හරියට මතක නෑකිව්වාඅපි කලවානෙන් ඉලුඹ කන්දට පිටත්වෙලා යනවා.මග දිගට පහුගිය බිහිසුනු නායයාම් වල ලකුනුරක්වාන පාර තැනින්තැන කන්ඩි පිටින් පාරට ඇවිත්.පොතුපිටිය හංදියෙන් හැරිලා ඉලුඹ කන්දට යන පාරදිගේ ගියා.බොහොම පුංචි පාරක් පොතුපිටියෙ ඉඳන් යන පාර පාරක්ද වලවල් ගොඩක්ද කියල පැහැදිලි කරන්න අමාරුයි.කොහොමින් හරි ඉලුඹකන්ද පාරෙ වංගු වලින් ප්‍රවේශමෙන් යද්දි එකවංගුවකදි මතු උනේ අවුරුදු12ක විතර දරුවෙක් පැදගෙන එන ලොකු යතුරු පැදියක්.එතකොට තේරුම් ගිය දෙය තමයි ශ්‍රීලංකා ජනරජයේ නීතිරීති ක්‍රියාත්මකනොවනතරම් දුරකට අපි ඇවිල්ල කියන එක..මේ විදියට වංගු ගහගෙන ඉස්සරහට ගිහින් ඉස්කෝලයක් ලඟ නැවැත්තුවා.එතන වටාපිටාවෙ ලොකු ශුධ කිරීමේ ව්‍යාපාරයක් දහයක විතර පිරිසක් එතන හිටියා.එතකොට මතක් උනා හෙට ස්කෝලෙ පටන් ගන්න ඉස්සෙල්ල ලොකු ශ්‍රමදාන ව්‍යාපාරයක් ලංකාවෙ හැම ඉස්කෝලයක් ආශ්‍රිතවම කරනව කියල අධ්‍යාපන අමාත්‍යංශය ජනාධිපති කාර්‍යාලෙ ඩෙංගු මර්දන රැස්වීමෙදි කිව්ව නේද කියල.අවුරුදු 12විතර ලමයි තඩි මෝටර්සයිකල් පැද්දට ජාතික වැඩසටහනක් ඒසැලසුමටම ක්‍රියාත්මක කරන හැටිත් ඒකෙන් පෙනුනා.

මෙතන බැහැලා ප්‍රේමසිරි මහත්තය ඉස්කෝලෙට ගොඩ උනා වාහනේ ලඟට ආපු පිරිසට මම කථාකලා.

“අපි මේ ගමට ආවෙ අපේ ඤාතීන් හොයාගෙනයි.අපේ ආච්චි අම්මා මේගමේ කෙනෙක් අදින් අවුරුදු 100කට විතර ඉස්සෙල්ලා අපේ ගමට ගිහින් තියෙන්නෙ.ආච්චි අම්මගෙ ඤාතින් හොයාගෙනයි ආවෙ.”

“මහත්තය රත්නපුරේ දිසාපතිතුමා නේද?”එක්කෙනෙක් ඇහුවා.

“ඔව් මම රත්නපුරේ හිටියා දැන් කොලඹ ඉන්නෙ”.

“මහත්තය පොතුපිටියෙ පංසලේ රැස්වීමකට ඇවිත් ඉලුඹකන්දෙ ඤාතින් ඉන්නව කිව්ව නේද?මමත් ඒරැස්වීමෙ හිටියා” තවකෙනෙක් කිව්වා.

“ඔව් ඔව් කිතුල් මල් කපන අයගෙ රැස්වීමක් නෙ තිබුනෙ.මම එදා එහෙම කිව්ව තමයි.”

“මහත්තයලගෙ කිරි අම්මා කවුද ?”

“නාඹුලුවෙ මුදියන්සෙලාගෙ පුංචි නෝනා තමයි.අපේආච්චි අම්මගෙ නම.”අපේ මල්ලි කිව්වා

“අපේ අම්ම්ගෙ මල්ලිලා දෙන්නෙක් ගමේ ඉන්නව කියල අම්ම කියල තියෙනවා.දැන් ඒඅය නැතුව ඇති ඒත් ඒඅයගෙ දරුවො ඇතිනෙ.මට ලොකු ආසාවක් තියෙනවා අම්මගෙ නෑයො හොයාගන්න” අපේ තාත්තා කිව්වා.

“අන්නඒ කෙනෙක්ගෙ නම කිව්වනම් ඔය දැන් කියාපු වාසගමෙන් නම් කවුරුත් මේගමේ නෑ.”

“අපේ බාප්ප කෙනෙක් හිටිය හුරතල් හාමි කියල” ගුනසේකර මාමා කිව්වා.

“මේ අපේ ආච්චිඅම්මගෙ මල්ලිකෙනෙක් උන කුකුලෙ රත්‍රන්හාමි ආතගෙ පුතා ගුනසේකර මාමා.එයාගෙ බාප්ප අපේ ආච්චි අම්මගෙත් මල්ලිනෙ.”මමවිස්තර කලා

“ඉතින් හුරතල් හාමි කියන්නෙ අපේ සීයනෙ.අපේතාත්ත කියලතියෙනවා කුකුලෙ රත්‍රන්හාමි ආත ඉඩම් කොටසක් තාත්තටදුන්න කියල “එක්කෙනෙක් කිව්වා.

“ආ එහෙනම් ඒ හුරතල් හාමි තමයි අපේ ආච්චි අම්මගෙ මල්ලි.පටන් ගන්න කොටම නෑයො හමු උනා”.අපේ මල්ලි හිනාවෙලා කිව්වා.

“අපේ තාත්තනම් දැන් නෑ .ඒත් බාප්පල ඉන්නවා”.අර නෑයා කිව්වා.

“ආ ඔයඑන්නෙ මේගොල්ලන්ගෙ බාප්පගෙ පුතා” තවකෙනෙක් කිව්වා.ඒකිව්වෙ තවත් තරුණයෙක්ව පෙන්නලා.

එයාඑක්ක කථා කලහම එයාගෙ තාත්ත කරසිංහ ආරච්චිගේ සෝමපාල බවත් සුලු අසනීප තත්වයෙන් ගෙදර ඉන්න බවත් කිව්වා.ප්‍රේමසිරි මහත්තය කිව්වා ගමේ උඩහට යා යුතු බවත් අනිත් ස්කෝලෙ විදුහල් පතිතුමා අපි එනතුරු එහි සිටිනා බවත්.ඒ අනුව අලුත හමු වූ ඤාතින් දෙදෙනාගෙ දුරකථන් අංකත් ඉල්ලාගෙන හමු වීමට එනබවත් පවසා ගාලෙවත්ත නම් ස්ථානයෙන් ගමේ උඩහට පිටත් උනා.ඉලුඹ කන්ද ගම වටේම කදුකර වනාන්තරයෙන්වටවී මැදින් ගලන ගංගාවක් සහිත අතිශය සුන්දර ගම්මානයක්.මුලු ගමපුරාම තේවගාව දැකිය හැකියි.ගම්වාසින් බොහොමයක් ඉත හොඳ ජීවනතත්වයකින් ඉන්නා බවත් ගමනේ දුෂ්කරතාවය ප්‍රධාන ගැටලුව බවත් පෙනී යනවා.නුවර එලිය ප්‍රදේශයට සමාන දේශගුනික තත්වයක් සහිත මේගමට නිරන්තර වර්ෂාව පවතිනබවත් තුනී මීදුම් සහගත තත්වයකුත් ඇති බවත් පෙනුනා.අපිකුඩා කාලයේ ආච්චි අම්මා කියූ ඉලුඹ කන්දේ විස්තරය මේ ගම මැදින් ඉහලට යද්දී හරි අපූරුවට සිහියට නැගුනා.ඉහලට අපි ගමන් කරද්දී අතරමගදී කාන්තාවක් විසින් පදවාගෙනඑනලද ඩිමෝ බට්ටෙකු හමු උනා.වාහන දෙක මාරුවීමට තිබූ ඉඩ යම්තමින් ප්‍රමානවත් බැවින් වාහන දෙකම නතරකලා.වහාම රියදුරු අසුනෙන් බැස ගත් කාන්තාව රියදුරු අසුන වයස 12-14ක පමන ලමයෙකුටභාර දුන්නා. ඉතාම දක්ෂ ලෙස සුලු ඉඩතුල වාහනය හසුරුවාගත් ඔහු හිනාවෙවී පහලට ගියා.

ඉලුඹකන්ද කනිෂ්ඨ විද්‍යාලය අසල වාහනය නවතා අපි පාසැලට ගොඩ වුනා.මේ විදුහලේ විදුහල්පතිතුමා තරුන අයෙක් ඉතාම උනන්දුවෙන් පාසැලේ කටයුතු මෙහෙයවන විදුහල්පතිතුමාපාසැලේ හොද කෙසෙල්වගාවක්දකරතිබෙනවා.පාසැලේ ඉතිහාසය ඇතුලත් ලේඛන එකතුකර හොඳ කාර්‍යාලයක්ද පවත්වාගෙන යනවා.අපේ ගුරු පරපුර ගැන ලොකු ආඩම්බරයක් ඇතිවන ලෙසට ක්‍රියාකරන මේවිදුහල්පතිතුමාගමත් සමග පවත්වාගෙන යන සබඳතාවයද ආදර්ශමත් එකක්.විදුහල අසලනිවසක අපිට තේ සූදානම් කර තිබුනා.ඒ නිවසේ ගෘහ මූලික කාන්තාව අපේ ගම් පලාතේ හෙවෙස්ස ප්‍රදේශයේ කෙනෙක්.ඒගෙදර හිටපු මවත් එක්ක විස්තර කිව්වාම ඇය කිව්වා හුරතල් හාමි ආතා ඇයගේ පියාගේ වැඩිමල් සහෝදරයා බව.ඇයගේ පියාත් ඔහුගේ මල්ලීත් හුරතල්හාමි ආතාත් යනුවෙන් පිරිමි තුන් දෙනෙක් ඒපවුලේ සිටි බව ඇය කිව්වා.තාත්තාට මතක තිබුනේ ආච්චි අම්මාගේ සහෝදරයින් දෙදෙනෙකු පමනක් ඉලුඹ කන්ද ගමේසිටින බව යි.කොහොම උනත් මේතොරතුරු අනුව ඉලුඹ කන්දේ ආච්චි අම්මාගේ සහෝදරයින් තුන් දෙනෙකු සිටි බව පෙනීගියා.

ඉන් පසුව විදුහල්පතිතුමා අපව රැගෙනගියේ ගමේ පරම්පරාවිස්තරය ලිඛිතව තබාගෙන සිටින නිවසකටයි.ඉලුඹකන්ද ගමේ ඉතිහාසය කරසිංහ ආරච්චි පරපුරේ ඉතිහාසය ගමේ එක් එක් පව්ල්වල විස්තර ගමේ පුද්ගලයින් මියගිය දින ආදීසියලුතොරතුරු ලේඛන ගතව පවත්වාගෙන ගොස් ඇත්තේ වෙල්විදාන මහතෙකුයි.වර්තමානයේ ඔහුගේ පුතාවන ප්‍රඥාරත්න මහතා ඒතොරතුරු යාවත් කාලීනකරමින් පවත්වාගෙන යනවා.ජාතියේ ඉතිහාසය ලිඛිතව පවත්වාගෙන ගිය රටක ඒඋරුමය සජීවීව ප්‍රදර්ශනය වෙන මෙම සිද්ධිය ඉතිහාස විෂයේ මහාචාර්‍ය වරයෙකු වූ අපේ මල්ලිට සුවිශේෂ සිද්දියක් උනා අපි කවුරුත් විස්මයට පත් උනේ මේ අපූරු වාර්ථාකරනය දැකීමෙන්.අපේ ඤාතින්ගේ නම්ගම් ඇතුලු තොරතුරු හරිහැටි නොදැන මේවාර්ථා පරිශීලනය අපහසු බව පෙනුනා හැබැයි අපේ හුරතල් හාමි ආතාගේ මරනය මේලේඛනයේ වාර්තාවීතිබී සොයාගත්තා.ඒත් නාඹුලුවෙ මුදියන්සෙලාගේ පරපුරක් ගැන තොරතුරුවාර්තාවේ තිබුනේ නෑ.

ඉන් පසුව දිවා ආහාරය ගැනීමට තවත් නිවසකට ගියා.ඒනිවසේ හිමි කෙනා ගුනසේකරමාමා හදුනනවා.ඒනිවස හිමිකරු අප සොයන පරපුරේතොරතුරු දන්නවා.ඔහු කියන තොරතුරු අනුව හුරතල් හාමි රත්‍රන්හාමි සේතුහාමි නමින් පිරිමි තුන්දෙනෙක්ද කර්ලිනාහාමි පොඩිහාමි නමින් කාන්තාවන් දෙදෙනෙක්ද මේපවුලේසිටතිබෙනවා.අපි තේබීපු ගෙදර අම්මා කිවූ පරිදි ඇයගේ පියාහා බාප්පා මේ පවුලට සම්බන්ද නැතිබවයි මේ කෙනා කිව්වේ.හුරතල්හාමි ගාලෙවත්තේ සිටිබවත් රත්‍රන්හාමිහාකර්ලිනාහාමි කුකුලේසිටිබවත් පොඩිහාමි කරංගොඩ පදිංචිවසිටිබවත් සේතුහාමි ගබ්බෙල ප්‍රදේශයට ගොස් පදිංචි වූබවත් ඔහු අපේ ආච්චිඅම්මා සහ මොරටුවේ සිටි ආච්චිඅම්මාගේ නංගී ගනත්තොරතුරු දැනසිටියේනෑ.මේ අනුව තවත් නිරවුල් කරගතයුතු බොහෝදේ ඇතිබව පෙනුනා.

ඉන්පසුව ගාලෙවත්තේ සෝමපාල මමාගේ ගෙදරට ඇවිත් ඔහුමුන ගැසුනා.ඔහුගේ සහෝදරයාවූ දැනට ජීවතුන් අතර නැතිජයසේකර මමාගෙ පුතාද පැමිනහිටියා.සෝමපාල මාමා ගත් කටටම කිව්වා අපේ තාත්තාගේ අලොකු අක්කා පස්දුන් කෝරලේ බොරලුගොඩට දීගගියබව තාත්තා සිටියදීකිව්බව.මොරටුවේත් තවත් සහෝදරියක් කරංගොඩ සහෝදරියක් ඉන්නාබවත් කුකුලෙ සහෝදරයෙක් හා සහෝදරියෙකුත් ඉන්නා බවත් ගබ්බෙල අනිත් සහෝදරයාඉන්නා බවත් තමපියාකියූ බවත් සෝමපාල මාමා කිව්වා.අපි තේබිව් නිවසේ අම්මා කිවු හුරතල් හාමි ආතා ඇගේ පියාගේ වැඩිමල් සහෝදරයා යන කතාවගැන සෝමපාල මාමාගෙන් ඇහුවා.තමන්ගේ කිරි අම්මාවූ කරසිංහ ආරච්චිගේ මැනික් හාමි විවාහ වූයේ මාදම්පේසිට පැමිනි නාබුලුව මුදියන්සේ පරපුරේ කෙනෙක් සමග බවතමේයුවල ඉලුඹකන්දේ පදිංචිව සිටි බවත් මවගේ ඉඩම් උරුමය නිරවුල්ව ලබාගැනීමට පිරිමිදරුවන් මවගේවාස ගමෙන් හැදින්වූ බවත් ගැහැණු දරුවන් පියාගේ වාසගම ගත් බවත් සෝමපාල මාමා පැහැදිලිකලා.මැනික් හාමි කිරිඅම්මාගේ ස්වාමි පුරුෂයාහදිසියේ මියයාමෙන් පසු පිරිමිදරුවන් එක් අයෙක් හා ගැහැනුදරුවන්හතරදෙනාසමග ඇය කුකුලෙ වලව්වට ගියබවත් ඇය එහිජීවත්වී මියගිය බවත් ඉලුඹකන්දේ නතරවූ හුරතල්හාමි නම් තම පියාව හදාවඩා ගත්තේ අපිතේබිව් ගෙදර අම්මාගේ පියාගේ පියාබවත්සෝමපාලාමාමා පැහැදිලි කලා.හුරතල් හාමි ආතාව හදාවඩාගත් දෙමව්පියන්ට පසුව පිරිමිදරුවන් දෙදෙනෙකු උපන් බවත් අපිතේ බිව් නිවස එක් පිරිමි දරුවෙකුගේ දියනියගේ බවත් වැඩිදුරටත් පැහැදිලි කලා.

මේ හමුවෙන් සියලු ගැටලු විසඳුනා.සෝමපාලමාමාගේ මල්ලී පොඩිමහත්තයා හා නංගී කෙනෙක්ගේ ගෙදරටද මල්ලිලා දෙදෙනාගියා.ආච්චිඅම්මාගේ ඤාතින් සොයා ඉලුඹ කන්දට ගිය අපිට නෑයො මුන ගැහුනා.අපේ ආච්චි අම්මා ඒගමෙන්පිටවී අවුරුදු 110කට පාමන කාලයකට පසු මේ සොයා ගැනීම විස්මය ජනකයි.සියල්ලට වැඩිය අපේතාත්තාගේ ලොකුම අභිලාෂය ඉෂ්ට කරන්න ලැබීම ගැන සතුටුයි.

8 thoughts on “නෑයින් සොයා…..

  1. මට විශාල කුතුහලයක් තියනවා මගේ පියාගේ සහ මවගේ පරම්පරාවන් ගැන නමුත් ඒ ගැන විස්තර හොයාගන්න පුළුවන් විදිහක් තවම නැහැ 😦

    Like

    1. ලංකාවට ආව වෙලාවක ඔය අක්මුල් හොයාගෙන ගියානම් හරිනෙ.පියා බංගම කිව්වනෙ.අකුරැස්සෙ ඉඳන් යන්නතියෙනව හැතැක්ම අටක් දහයක් විතර.මමත් ඒගමට ගියේ එක්දාස් නමසිය අසූතුනේ දවසක මද්‍යම රාත්‍රියෙ.යාලුවෙකුත් එක්ක මාතර ගියගමන් තවත් යාලුවෙක් හොයන්න ඔය පැත්තෙ ගියා.

      Liked by 1 person

      1. අපේ පරම්පරාවෙ උදවිය ඒ ගම් පළාත් වල නැහැ, අපි ගැන ඒ දවස් වල ඉඳන්ම බලාපු සීය නැති උනායින් පස්සෙ නෑයො විශ්වාසයක් නැතුවම ගිය නිසා වැඩි අශ්‍රයකුත් නැහැ 😦

        Like

  2. Thank you for taking me through a beautiful phase but unfamiliar to me. I experienced a life style through your eyes . So simple and serene

    Like

  3. තාත්තා ගේ බලාපොරොත්තුව වසර ගණනාවකට පසුව හෝ ඉෂ්ඨ කිරීමට ඔබතුමාට හැකි වීම සතුටට කරුණකි.
    පරම්පරාවේ අක්මුල් සොයා ගොස් ඤාතීන් හමුවීමට හැකි වී ඇත්තේ ඔබේ උත්සාහය නිසා බව පෙනේ.
    සතුටුයි සුභපැතුම්

    Like

  4. ඔබතුමාගෙ පවුලෙ පත්මසිරි මහත්තයාව නං දැකල තියෙනව ටීවී එකේ සාකච්ඡාවකදි.

    ඔය කියන නිකගොඩ හංදියෙ ගුණසේකර කවුදැයි මට තාම හිතාගන්න බෑ නෙව. ඔතන ඉන්නෙ ගුණසේකරල දෙන්නයි. එක්කෙනෙක් බාරෙකේ ගුනසේකර මාමා. එයාගෙ එක කකුලක් නොන්ඩියි. අනික් එක්කෙනා මතුගම මුදලාලිගෙ පුතෙක්. දැන් වයල හැට පැනල. බොහොම කරුණාවන්ත මනුස්සයා. ඒ වුනාට ඔය දෙන්නගෙං එක්කෙනෙක්වත් ඔබතුමාගෙ මාමල වෙන්න තරං වයසක වෙන්ට බෑ.

    ඔය පේමසිරි කියන්නෙ කලිං හිටිය ගුරුතුමෙක්ද? මං දන්න විදිහට දන්න එකම පේමසිරි නම තියෙන ගුරුතුමා කාලයක් ජයන්තියෙ උගන්නපු කෙනෙක්. බොහොම කෙසඟ කෙනෙක්.

    මං දන්න විදිහට කරසිංහ ආරච්චිගේ පරම්පරාවෙ අය ඉන්නව අපේ ගමේ නාරගල්පිටියෙෙ, දම්පිටියෙ. පොඩිඅප්පුහාමි මාමා එහෙම ඒ පරම්පරාවෙ තමයි.

    පොඩි එවුං බයිසිකල් පැදිල්ල ගැන කියතොත් ඔය පැත්තෙ හැටියක් තමයි ඔය. ඔය ලමයිම අවුරුදු දහ අටෙං කසාද බැඳල කැලෙං අක්කරයක් කපල තේ හිටෝල කාමර දෙකක ගේකුත් අටෝල වීල්ලෙහෙකුත් ගේනව. ඔය නීතිවිරෝධීකම මොකද නිවිතිගල ටවුම මැදිනුත් හෙල්මට් නැතුව බයිසිකල් පැදං යනවනෙ අනන්තව.

    කොහොම නමුත් ඉළුඹකන්ද වගේම තවත් හරිහමං පාරක් තොටක් නැති ගම් කීපයක් ඔය අවට තියෙනව. ඒවයෙම ඉපදිලා ඒවයෙම නාකිවෙලා මැරිල යන ජිවිත තවත් අපමණයි. කොහොම වෙතත් තාත්තගෙ ආසාව ඉෂ්ඨ කරපු එක ගැන නම් සතුටුයි.

    Like

    1. නිකගොඩ හංදියෙ කඩේ දාගෙන හිටපු ගුනසේකරමාමා දැන් වයස 68ක්විතර.කකුල නොංඩි ගහන කෙනා තමයි මංහිතන්නෙ.දැන් ප්‍රොජෙක්ට් පාරෙ කිමී තුනක් විතර එහායින් කඩයක් දාගෙන ඉන්නෙ.අපේ ප්‍රේමසිරි මහත්තය 1990ගනන්වල ජයන්තියෙ ඉගැන්නුවලු. අපේ කුකුලෙ ආතා කරසිංහ ආරච්චිගේ රත්‍රන්හාමි ආතාට කසාද දෙකක හෝතුනක දරුවො ඉන්නවා.ඔය පොඩි අප්පුහාමි කියල පුතෙක් ගැනත් නම කියවෙනවා.ගුනසේකර මාමා එක කසාදෙක දරුවෙක්.කොහොම හරි ඔය කසාදබැදිලි ලිහිලි ඉතින් අපේගැමිසමාජෙ එදා සරල දේවල්නෙ.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s