මගුරු ගඟ ගලා බසී

මගුරු ගඟ කියන්නෙ අපේජීවිතේ …අපේ කියල කිව්වෙ අපේගමේ ජීවත් වෙන සකලවිධ මිනිස් ප්‍රාණීන් ඇතුලු සියලු සත්වයින්ගේ ජීවිත වලට මගුරුගඟ ලොකු බල පෑමක් කලා. මම ඒ බලපෑම කොච්චරද කියනවනම් අපේ ගමේ හැම පරම්පරාවකම මිනිස්සු මගුරුගඟට ගොඩක් ගරු කලා.මගුරුගඟ අපි හැමෝගෙම ලඟම ඤාතියෙක් හැටියටයි අපි සැලකුවෙ.මේමගුරුගඟ අපේගම් මැද්දෙන් ගලාගෙනගියානොවෙයි.මගුරු ඟඟ මායිම් කරගෙන අපේ ගම පිහිටවපු එකයි වෙලාතියෙන්නෙ.මේසිද්දිය කොයියම් කාලෙක උනාද කියන්න දන්න කෙනෙක් මේ ලෝකෙ නොහිටියට අපේ ගමේ කවුරුත් එදා මගුරු ගඟට ප්‍රදේශෙ තියෙන අයිතිවාසිකම අවිවාදයෙන් පීලිගත්ත.ඒපිලිගැනීම මත තමයි ගඟයි ගම්වැසියොයි අතර සම්බන්දතාවය පවත්වාගෙනගියේ.මේඅපේ මගුරු ගං නෑයාගේ උප්පත්තිය සිද්දවෙච්චකාලෙ අවුරුදු ලක්ෂ ගානක් වෙන්න ඕන උප්පත්තිය සිද්දවෙන්නෙ මහ සිංහරාජෙ සබරගමුවට අයිති වනන්තරේ කොතනකින් හරි.මහ සිංහරාජෙට වැටෙන වැහි අස්වැන්නෙන් කොටසක් බස්නාහිර පැත්තට අරගෙන යන්න හදාපු පාර පුංචි දියපාරක් හැටියට පටන් ගන්නවා.මේ පුංචි දියපාර හිමිහිට වනන්තරේ ඇතුලෙන් පහලට බහින්න පටන්ගන්නවා.මේ පහලට බහින්නෙ නිකම්ම නෙවෙයි හැම පියවරක් පාසාම සිංහරාජෙට වැටෙන වැහි වතුරටිකටික එකතු කරගෙනයි.මේවැහිවතුර උල්පත් හැටියටත් කෙලින්මත් මේපුංචි දියපාරට එකතුවෙනවා.උතුරට දකුනට හැරෙමින් හැඩවැඩ දාගෙන මේ ගමන බස්නාහිර මුහුදට යන මේපුංචි දියපාර ඉක්මනින්ම පොඩි දොලපාරක් බවට පත්වෙනව. පුංචි දියපාර පොඩි දොල පාරක් උනහම මහ වනන්තරෙන් වතුර එකතු කරන්නෙ පුංචි දියපාර වලින්. මේපුංචිදියපාරවල් එකතුවෙලා පොඩිදොලක් වෙලා තවත් පොඩිදොලවල් එක්ක එකතු වෙලා මහ දොලක් වෙලා මහදොල හැටියට පහලට බැහැගෙන එන කොට තව මහදොලක් එක්ක එකතු උනහම ලොකු දියපාරක් වෙනවා.ඔන්න අපි එතකොට අඳුන ගන්නවා මේ ගඟක් කියලා.

මෙහෙම අඳුන ගත්ත ගඟට නම දුන්නෙ කවුද කියල කිසිකෙනෙක් දන්නෙ නෑ.හැබැයි ඒගඟට නමක් හැදුනෙ කොහොමද කියන එක ගැන හොයල බලන්න වටිනවා.මේගැන කල්පනා කරනකොට මට හිතෙන්නෙඅපේගඟට නම හැදෙන්න බලපාපු හේතු දෙකක් පෙන්නන්න පුලුවන් බවයි.එකක් මේගඟේ මගුරන් බහුලව සිටීම නිසා ගඟේ නම මගුරු ගඟ ලෙස භාවිතාකිරීම.අනික මගුර කියන ගම හරහා ගලන ගඟවීමනිසා මගුරෙ ගඟ ලෙස හදුන්වලා ඒමගුරෙ ගඟ පසුව මගුරු ගඟ ලෙස හැදින්වීම.මේ අදහසට තියෙන සාධක වැඩියි.මොකද අතීතයේදි වනන්තරේ මගුරෙ ගම ආසන්නයටම තිබුනායැයි සිතිය හැකිවීම.ඒඑක්කම එදා මේගඟ වනන්තරෙන් එලියට ආවෙ මගුර ගමේ සීමවෙදි වීමට බොහෝ ඉඩකඩ තිබීම නිසා.කොහොම නමුත් අපේගඟට ඔන්න නම් තැබීමකුත් අප්‍රසිද්දියේ වෙලා මගුරු ගඟ බවට පත් වෙනවා.මගුරුගඟේ හදුනාගන්න පලමුවැනි සුවිශේෂී ස්තානය වෙන්නෙ පාන්තුඩු ඇල්ල.පාන්තුඩු ඇල්ල හමුවෙන්නෙ වනන්තරේ මැද්දෙන් මගුරු ගඟ පහලට එනකොට ලොකු පල්ලමක එකසැරේ බහින කොටයි.පහනක තුඩේ ආකාරයේ කපොල්ලකින් ජලය වැටෙනනිසා පාන්තුඩු ඇල්ලනම්න් නම් උනා විය හැකියි.ඒ නම් තැබීම ගැනත් ඊටවඩා තොරතුරු නෑ.පහුගිය කාලෙ කුඩාබලාගාර මාපියාව ඔතන විදුලිබලාගාරයක් හදන්න සැලසුම් කලත් මහජන විරෝධෙ නිසා බැරි උනා.ඉස්සරහට මොනවේසෙන් හරි යලිත් ඒ වැඩේට එන්න පුලුවන්.බලාගෙන ඉමු.

පාන් තුඩු ඇල්ලෙන් පහලට වැටෙන මගුරුගඟ ගලන්නෙ ලස්සන ගමනක්.වමට හැරෙන දකුනට හැරෙන මගුරුගඟ ගල් අස්සෙන් කඳු අයිනෙන් වක්කලම් හදාගෙන පහලට බහිද්දි ගැඹුරුවලවල් හැදෙනවා මේ වනන්තරේට අයිති බිමේ ගලන මගුරු ගඟේ විවිධවර්ගවල මාලු ජීවත් වෙනවා.අවශ්‍ය ජලයත් වනාන්තරය සෝදාගෙන එන ජලයත් එක්ක ගේන ආහාර පානයි හින්ද මසුන් හොදින් මගුරුගඟේ හැදුනා.මේවිවිධාකාර මාලුන්ට රැකවරනය දීගෙන පල්ලම් බහින මගුරු ගඟ සාමාන්‍ය මනුස්සයො ඇසුරු කිරීම පටන් ගන්නෙ රූණ කන්ද ගමට එතෙරවෙන “හෙංචාවල” ලඟදි.මේ ලගඳිම හෙංචවල ලඟ පින්තූරත් එක්ක මගේ ගම්වාසී අපෙන් පස්සෙ පරම්පරාවෙ බුද්දික අතුකෝරල තරුන මිත්‍රයා හොඳ විස්තරයක් මූනු පොතට එක්කරල තිබුනා.අපේගමේ තියෙන ජනප්‍රවාදයට අනුව හෙංචා නමින්වූ අයෙක් රාත්‍රියෙ මාලුබෑම සදහා මේවලට ‍යොත(මාලුබෑම සදහා භාවිතා කරන බිලී ලනුව)දාගෙන යොතේ එක් කෙලවරක් තම කකුලේ බැද ගෙන නිදා සිටියදී ඇම කෑ දැවැන්ත ආඳා විසින් වලට ඇදගෙන අතුරුදහන් කිරීමෙන් පසුව හෙංචාවල නමින් මේවල ජනවහරේ හැදින්වීම ආරම්භවෙලාතියෙනවා.හෙංචාවල පහුකරගෙන තවත් ටිකදුරක් පහලට ගලන මගුරු ගඟ ඉදන් ලඟට හදාගන්නෙ “මිල්ලකඳවලයි”.මිල්ල කඳවලත් ගැඹුරුවලක්.මේකෙ ඉන්න මාලුන් අතර නම් දරාපු මාලුව තමයි “හොරපලයා.”සත්තුවත්තෙ මින්මැදුරෙදි “ලෙහෙල්ලා” කියල නමකින් හඳුන්වන මේ අපි “හොරපලයා” කියන මාලුවා විශාලව වැඩෙන මාලුවෙක්.අපේ ලොකුමාමා කියන හැටියට මිනිහෙක්ව වුනත් ඇදල ගන්න පුලුවන් දැවැන්ත හොරපලයො ඉන්නව යි කිව්වට මම මිල්ල කඳවලේ දි දැකපු හොරපලයොනම් කිලෝග්‍රෑම් පහක් විතර බර ඇතෙයි හිතන්න පුලුවන්.මේවාගෙ විශාල මාලුන්ට අභයභූමිය උන මිල්ල කඳවලට ඒනම වැටුනෙ එතන තිබුන දැවැන්ත මිල්ල ගසක් නිසාවියයුතුයි.මොකද මිල්ල කියන්නෙ මගුරු ගංදෑලේ නිරන්තරයෙන් දැක ගන්න පුලුවන් ශාඛයක්.

මිල්ල කඳවල පහුවුනාට පස්සෙ අපේ ගඟට ප්‍රධාන ඇලක් එකතුවෙනවාඒ හල්ලින්න ඇල. දික්හේන කිරිමැටිවල පල්ලෙකුඹුර සාවියටවැටෙන වතුර ඒකරාශිකරගෙන දකුනුපැත්තට ගලන හල්ලින්න ඇල ලොකු වතුර ප්‍රමානයක් අරගෙන වේපනාව කිට්ටුවදි මගුරු ගඟට එකතුවෙනවා.හල්ලින්න ඇල මිටියාවත මැනික් තියෙන ප්‍රදේශයක්.මේ මැනික්කැට පොලෝතලයෙ තැන්පත් කරගෙන මගුරුගඟ පෝෂනය කරන හල්ලින්න ඇලත් පොඩි ගඟක් වගෙයි.හල්ලින්න ඇල එකතු උනහම තවත් ශක්තිමත්වෙන අපේගඟ ලැසි ගමනෙන් පිවිසෙන්නෙ නුගේවලට.නුගේවලත් එක්ක ලොකු දිගනක් පිහිටලා තියෙනවා.දිගන කියල කියන්නෙ ගඟේ වතුර එකදිගට නිශ්චලව වගේ තියෙන සමාන ගැඹුරකින් යුතුතැනිතලාවක් හරහා ගඟ ගලන තැනක්.දිගනෙදි ගඟ හිමින් ගලන්නෙ.ගඟේගැඹුරත් සෑහෙන තරමකට තියෙනවා.මාලුන්ගෙ බෝවීමට අවශ්‍ය වටාපිටාව කදිමට තියෙන්නෙ දිගනෙදියි.ඒකනිසා දිගන ගඟේ ජීවය පැවැත්වීමට අවශ්‍ය වැදගත් කොටසක්.නුගේවල දිගනෙන් පස්සෙ ගඟ ආපහු කැටකඩයක් නිර්මානය කරගෙන පහලට ගලනව.දිගටතියෙන තරමක බෑවුම් හරියකින් ගඟ ගලන්නෙ කැටකඩයක් හදාගෙන.මෙහෙම තැනක ගල්ගොඩක් මතින් වතුර පහලට ගලන නිසා ගඟ හරි හැඩට ගලනවා.කැටකඩවල “හීතමස්සා”කියන මාලුවාතමයි ඉන්නෙ.ඇගේ දෙපැත්තෙ නිල්පාට ඉරිදෙකක් තියෙන සාමාන්‍යෙන් ග්‍රෑම් 500පමන බර දක්වා වැඩෙන හීතමස්සා ලස්සන මාලුවෙක්.හොරපලයොත් කැටකඩවල ඉන්නවා.මේ හරියෙදි මගුරුගඟ තවත් මැනික්බහුල ඇලක් තම ගමනට එකතුකර ගන්නවා.ඒ කිරිකඳු ඇල.කිරි කඳු ඇල ගඟට එකතුවෙන්නෙ වම් පැත්තෙන් මීට කලින් හල්ලින්න ඇල එකතුවුනේ දකුණු පැත්තෙන්.මේ ඇලේ දිගට තිබුන මැනික් සම්පත පසුගිය කාලෙ මුලුල්ලෙම අපේ ගම්වල අයයි ගාලුකෝරලේ පැත්තෙ අයයි හූරා ගත්ත කිව්වොත් තමයි හරි.ඒ අතින් බැලුවම හොඳටම දූෂනය වෙච්ච ඇලක් තමයි කිරිකඳු ඇල.

මෙතනින් පස්සෙ ගඟේ පහලට ගමනෙදි හමුවෙන්නෙ ඇඳවල කියන ස්ථානයයි.ඇඳවල මගුරුගඟේ තියෙන සුවිශේෂ තැනක්.කැටකඩ ස්වරූපෙන් පහලට එන ගඟ මෙතනදි දිග වලකට වැටෙනවා.මේදිගැටි වල පටු ස්වරූපයක් ගන්නෙ ඒවලේ එක පැත්තක් දැවන්ත ගල් ඇන්දකට මායිම්වෙලා තියෙන්නෙ.අනිත් පැත්ත ලොකු ගල් තලාවක්.මේගල් තලාව මැද තවත් ලොකු වලක් වතුරින් පිරී තියෙනවා.ඒවල වතුරවැඩි දිනවල ගඟට සම්බන්ද වුනාට සාමාන්‍යදිනවල වෙනම තියෙන්නෙ.සාමාන්‍යෙන් ඇදක ස්වරූපය ගන්නා වලක් හරහා ගඟ ගලන බැවින ඇඳවල උනා කියල ජනව්‍යාහාරෙ තියෙනව වගේම රත්තරන් ඇඳක් නිදන් කරතිබීම නිසා ඇඳවල කියන නම හැදුනා කියලත් කියනවා.මේ වලේ ඇතැයි කියන නිධානය පිලිබඳ ජනප්‍රවාදයට මේස්ථානයේ සෙල් ලිපියක් ඇතැයි යනවිශ්වාසයක් ද එකුතු උනාඅපේ වැඩිහිටි පරම්පරාවේ ලොකුමාමා අපේතාත්තා කිරිමැටිවල ආරියදාසමාමා වැනිඅය මේ සෙල් ලිපිය දැක්ක බවත් පැවසුවා.පසුකාලයකදී මමත් අපේ මල්ලි පත්මසිරි පියදාස අයියා ඇතුලු කන්ඩායමක් අපේලොකු මාමාගේ උපදෙස් සහිතව මේස්ථානය පූර්ණ පරීක්ෂාවට ලක්කලත් සෙල්ලිපියක් සොයාගැනීමට බැරි උනා.තවත් අවස්ථාවක අපේ මල්ලි කල ගවේශනයකදී පැරණි ගල්කටු සලකුනක් සහිත ගලක් හමු උවත් සෙල්ලිපිය අදටත් හමුවී නෑ.නමුත් ඇඳවලේ රන් ඇඳ රන්සෙම්බුවක් ,හා කඩුක්කන් ආඳා පිලිබඳ කථාව අදටත්පවතිනවා.

ඇඳවල පසු කරමින් ඉදිරියට ගලන මගුරු ගඟ හැඩවැඩ දමමින් සුන්දර දියරැලි නවමින් කැට කඩයන් ඔස්සේ ගලා බසිමින්ද පැමින බඹරවැල්දොල මෝදරදී අංශක අනූවක හැරවුමකින් බටහිර දිසාවට හැරෙනවා.මෙතනදි විසාල දොලක්වූ බඹරවැල්දොල වමි ඉවුරෙන් එකතු කරගෙනම පෝෂනය වෙන මගුරුගඟ බටහිර දිශාබිමුභව ගලන්න පටන් ගන්නවා.මෙන්න මේ බඹරවැල් දොල මෝදර තමයි අර මගේ මැනික් සොයා කතාවෙ සිද්දිය සිද්දවුනේ. බඹරවැල්දොල මෝදර පහූ උනාම නැවනිංකඩ දිගන.නැවනිංකඩ දිගන ගොඩක් දිගයි.ගඟේ වතුර තැටිය දැම්මා වාගෙ තියන නැවනිංකඩ දිගනෙන් පස්සෙ කැටකඩේ.මේහරියට එනකොට ගඟේ ගල් පර්වත තැනින්තැනවිසිරිලා.මේව අස්සෙ ආඳො තෙලියො මගුරු හීතමස්සො හොරපොලයො වාගෙ මාලු ඉන්නවා.කැටකඩේ පහුකරන ගඟ ඊලඟට වැටෙන්නෙ බූදල මෝදර නම්වූ ස්ථානයට.බූදලමෝදර වල ලඟ වැල්ලෙ මාලුබාන්න යනඑක ඒ කාලෙ අපේ විනෝදාංශයක්.හවස හතරට විතර ගෙදරින් හාල් දුරුමිරිස් තුනපහ ගාපු පොල් සුදුලූනු රතුලූනු වාගෙ ජාතිත් අරගෙන සීනි තේකොල අලුමිනියම් මුට්ටි සස්පාන් ගෝනියකදාගෙන භූමිතෙල් බෝතලේ ගිනිපෙට්ටිය වාගෙ අත්යවශ්‍ය දේවල් එක්ක ගඟදිගේ මාලුත් බාගෙන ගිහින් බූදලමෝදර වැල්ලෙ.ලිපක් හදල බතක් උයාගෙන අල්ලපු මාලු ත් එක්ක හොදි හදල කාල රෑට යොත් වලට දාල වැල්ලෙ නිදගන්නව.බූදල මෝදර මහ වනන්තරේ මැද්දැවෙ රැහැයියන්ගෙ නිශාචර සතුන්ගෙ සංගීතෙ මැද්දෑවෙ ගඟේවැල්ලෙ නිදාගැනිල්ල තරම් ජපානෙ ඉන්දුනිසියාවෙ කොරියාවෙ ඕස්ට්‍රේලියාවෙ සිංගප්පූරුවෙ ඉන්දියාවෙ චීනයෙ පිලිපීනයෙ ඉතාලියෙ තරු හෝටල්වල නින්දවත් සැප නෑකියල මම අද කියන්නෙ ඔයකියාපු රටවල තරුපහේ හෝටල්වල ඇති තරම් ලැගුම් ගෙන තියෙන හින්දයි.බූදල මෝදර වැල්ලෙ රෑ තරු වියන යට නිදාගෙන ඉදල වලට දාපු යොත්වල ඇමිනිලා ඉන්න කිලෝග්‍රෑම් පහේ හයේ ආඳුන්ව ගෝනියෙ දාගෙන උදේට අපහු ගමට එන්නෙ බොහොම ලොකු සතුටකින්.

බූදල මෝදරට පස්සෙ වටපාන .වටපානෙ ගඟෙන් එගොඩ ගල්තලාව.තරමකලොකු වලක් එක්ක ගඟගලා බහින්නෙ වැලිවල කැටකඩේට.වැලිවලකැටකඩේන් වතුරපාර කලුපාට වැලිවල වලට වැටෙන කොට ඒකෙ ඉන්න රැවුල් කාර මගුරො රංචුපිටින් උඩ පනිනවා.වැලිවලවලේ මගුරු සෙල්ලම් බලාගෙන අපේගඟ මහඕකන්දට බහිනවා.මහඕකන්දෙ මතුපිට පොලොව යමදෙ මතුවෙන්නම සූරල උඩපස් ටික අයින් කරාපු මගුරු ගඟ කැස්ම දිගනෙ කැට කඩේ හරහා කැස්මදිගනවලට ඇවිත් මොරගහ කැටේටලඟාවෙන්නෙ සාන්ත දාන්ත ගමනෙන්.ඔන්න ඉතින් මහසිංහරාජෙන් පටන් ගන්න මගුරු ගඟ අපේගමට ආවා.එහෙමෙයි කියල කිසිවෙනසක් නැතුව මොරගහ කැටේ පහුකරල දෙකට බෙදෙන මේ ගංගාව මහ කලුවල ලඟින් වම්ශාඛාව පිටපාර කැටකඩේ ඔස්සේ හොරෝක වලට එකතුවෙනවා.දකුනුශාඛාව නුගකද ඇලයි තැටිබින්දල දොලයි එකතුකරගෙන අපේ ගේඉස්සරහින් ගිහින් අංශක අනූවක් හැරිලා හොරෝක වලට එක්කාසු වෙනවා.හොරෝක වලත් ඒ එක්කම තියෙන තොටුවත් බොහෝම ප්‍රසිද්ධ තැනක්.හොරෝකවල මගුරන්ගෙ නිජබිම වෙලා තියෙන්නෙ ඒවලේ තැන්පත්වෙන කොලරොඩු තට්ටුයට නිරුපද්‍රිතව උන්ට ඉන්න පුලුවන් නිසයි.ඊට අමතරව පෙටියො වලපොත්තො වගෙ මාලුත් මේවලේ ඉන්නවා.ඒකාලෙ පායන කාලෙට මගුරො බාන්න විස්සක් විසිපහක් වරදින්නෙ නැතුවම ඉන්න තැනක් හොරෝකවල.දවල්දවසෙ විශාල පිරිසක් නාන්න එන්නෙ මෙතනට.ඒඉඩකඩ ඇතුව නාන්නපුලුවන් නිසයි.අදත් එහෙමඇති.මේහොරෝකවල අපේතාත්තගෙ අයිය කෙනෙක්ව බිලිගෙනත් තියෙනව.ඒඋනාට අපිඅදටත් කැමතිම තැනක් තමයි හොරෝකවල.

මෙතනින්පස්සෙ මියනපලාවතොටුව.ඉස්කෝලෙ තොටුව ගල්ගොඩේ තොටුව අකුලතොටේවාගෙ ගමේතොටුපලවල් පහු කරගෙන මැදවත්තට ගඟ ගලාබහිනවා.මැදවත්තෙදි පලමුවතාවට ගඟේ ඉවුරුදෙක යාකරන බොරලුගොඩ පාලම ගඟහරහ හමුවෙනව.ඔයපාලම 1940දිවිතර කාලෙ සී.ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගරමහත්තයගෙ කාලෙ ඉල්ලුම් කරල 1994දි මහාමාර්ග ඇමතිඋන එල පවුසි විසින් මුල්ගල් තියල2005අවුරුද්දටත් පස්සෙ වැඩ ඉවර කරපු එකක්.ඒකෙන් බොරලුගොඩ ඉඟුරුදලුවහරහා තිනියාවල ඉඳන් අලුත් පාරක් හැදුනා.කුමාර මහත්තයා කියල අපේ පැත්තෙ අය කථාකරන කුමාරවෙල්ගම මැතිතුමා ඔය පාලම දාගන්න බොහොම මහන්සිඋන කෙනෙක්.ඔතනට පස්සෙ පෙතිපනාවකවල.ඔයවල ගැනත් හොඳ කථාන්දරයක් තියෙනවා.
එක දවසක් ගමේ කෙනෙක් දැල්දාලා පෙතිපනාවක වල වට කරල මාලු ඇල්ලුවා.අල්ලපු මාලු ටික ගෙදර ගෙනිහින් උයන්න අඹුවට භාර දීල මනුස්සය ඕවිටේ වැඩට ගිහිල්ලා.හුගක් දවල් වෙනකම් වැඩ කරපු මනුස්සය ගෙදර ඇවිත් කනකොට මාලුවල කිසිම රහක් නෑ කියල තේරිලා.දුරුමිරිස් කහ දාල නෑවගේම දියරහ හොඳට තිබුනලු.මේකට තරහගිය මනුස්සය ගෑනිටබැන්නලු.දුරු මිරිස්කහ දාන්නෙ නැතුවමාලු ඉව්වකියල.ගෑනි ගත් කටටමකිව්වලුදුරුමිරිස් කහ ඇතිතරම්දැම්මා කියල.දැම්මනන් කෝරස කියලමිනිහ ඇහුවම මේ ගෑනි කිව්වලුඇයි මිනිහො අහල නැතිද පෙතිපනාවක වලේ මාලුන්ට දුරුමිරිස් කහ දැම්මට අල්ලන්නෙ නෑ කියන එක.ඒ හින්දයි ඔය රස නැත්තෙ කියල.මේවිදියට ගෑනි එවෙලෙ ගොතල කිව්ව කතාව පස්සෙන් පහු උප හැරණයක් උනා.

මේ කිව්ව පෙතිපනාවකින් පස්සෙ තුං මෝදර.මෙතනට මගුරුගඟේ ලොකුම උප ශාඛාව වුන හෙවෙහි ඇල සම්බන්ද වෙනවාහෙවෙහි ඇල ඉහලහෙවෙස්ස පැත්තෙ කදුවලින් පටන්ගෙන උතුරුපැත්තට ගලල දිග ගමනකින් පස්සෙ මගුරුගඟට එක්කාසු වෙලා මගුරු ගඟ පොෂනය කරනව.හෙවෙහි ඇලවිතරක් උතුරනදාට අපේගෙවල් පහු කරලමහඕකන්දට වෙනකම් උඩහට මගුරුගඟ ගලනවා.තුංමෝදර තොටුපොල තමයි පංසලේ තොටුව වෙන්නෙත්.එතනින්පස්සෙ කහගල්ල තොටුවමෙතන තමයි ගඟ බදින්න සැලසුම් කල තැන.1968විතර කලු ගිං නිල්වලා මිටියාවත් ගංවතුරෙන් මුදාගැනීමේ ඇමරිකන් සැලැස්ම අනුව මගුරු ජලාශය නමින් යෝජනා කල ජලාශය හැදෙන්න තිබුනෙ අපේ මගුරු ගඟ හරස් කරලයිඒ ජලාශෙ වේල්ල හදන්න සැලසුම්කලේ මේ කහගල්ලෙ තොටුවලගින්.ඒක කලානම් බොරලු ගොඩ ඉගුරුදලුවගම් දැන් මාලුන්ගෙ වාසස්ථාන වෙලා.මින් පස්සෙ අතලෙ ඉස්කෝලෙට ඉහලදි පුවක් දොලත් තම ගමනටඑකතුකරගෙන පහලටයන මගුරු ගඟ ස්කෝලෙ ලගදි දෙවෙනිපාලමත් පැලඳගෙන පහලටම යනවා.මින්පහලට පරිනත ගඟක් වගේනිහඬව ගලන අපේ ගඟ මගුරට උඩහදි බෙරව කැටේ නම් තැනදි එක පාරටපහලට වැටෙනවාබදුරලියෙදි තවත් පාලමක්පැලඳගෙන ඉලුක්පත පැත්තෙන් ගිහින් කුඩා ගඟට වැටිල කලවැල්ලාව පහුකරල කලුගඟට එකතුවෙනවා

12 thoughts on “මගුරු ගඟ ගලා බසී

  1. බොහොම ස්තූතියි මාදෙයියාව ගැන කිව්වට මම ගිහින්තියෙන්නෙ පාන්තුඩු ඇල්ලට විතරයි.ඒ ඔය කොලඹ කන්දට එහා පැත්තෙ මහ හේනක් කෙටුව අපේතාත්ත ඇතුලු ගමේ කන්ඩායමක්.ඒකාලෙ ජෝන් මාමයි ලොකුමාමගෙයි පස්සෙන් හොරපොලයො බාන්න යනකොට ගිහින්.

    Like

  2. මග අරුණු පෝස්ට් එකක්…
    ඉතා අශාවෙන් කියෙව්වා…
    සමහර දේවල් ඔය අවටම උන්නු මටත් අලුත්…
    ඔබේ විස්තරය කියවන ගමන් මම මගුරු ගඟේ ඉහළට සහ ඔබ කියූ දොළ පහරවල් ඔස්සේ ගුගුල් මැප් අධාරයෙන් ගිහින් බැලුවා…

    ///මගුරුගඟේ හදුනාගන්න පලමුවැනි සුවිශේෂී ස්තානය වෙන්නෙ පාන්තුඩු ඇල්ල.///
    පහන්තුඩු ඇල්ලට කලින් ඒ කිට්ටුවම තියෙන සුවිශේෂී තැනක් තමයි “මාදෙයියාව”…
    තුන් දිශාවකින් එන දොළ පහර තුනක් එකට එකතුවෙලා මගුර ගඟ විදිහට පහලට බහින්නේ එතනින් පස්සේ…
    මම ඒ ගැන පෝස්ට් එකක් ලියල තියෙනවා…
    පහල ලින්ක් එකෙන් ගිහින් බලන්න…

    https://widiyabandara.blogspot.com/2016/01/blog-post.html

    මම පහළින් දාන ලින්ක් එකේ තියෙන ෆොටෝ එකෙන් ඔබට ඒ ස්ථානය හඳුනාගන්න හැකි වෙයි…
    සමහර විට ඔබේ ගමේ උදවිය එතනට වෙන නමක් කියනවද දන්නෙත් නැහැ…
    රතු පාටට මහතට තියෙන ඉර ඔස්සේත් එක දොළ පහරක් ගලාගෙන එනවා…
    ඒක තනිකරම එන්නේ කැලේ අස්සෙන් නිසා උඩට පේන්නේ නැහැ…

    [IMG]http://i67.tinypic.com/2e0ppvb.jpg[/IMG]

    Like

  3. ගඟ දිගේම පහලට ආවට මගුරුගම අහු උනේ නෑනේ.. 🙂 උඩින් එහෙම ගමක් ගැන කියල තිබ්බ නිසා මේ වෙද්දී සිංහරාජේ කොච්චර එළිවෙලාද කියල අදහසක් ගන්න හිතාගෙන ඒ ගැන හිත හිත කියෙව්වේ..

    ගඟවල් වල මම අකමැතිම ඔය දිගන හරියට.. හරි මූසල පාටක් තියෙන්නේ.. 🙂

    බ්ලොග් ලියන සුරංග, ලොකුපුතා වගේ උන්ගේ විස්තරත් අහල දෙතුන් විඩක් ඒ පැත්තේ ගිහිල්ලත් තියෙන නිසා මේක කෙළ හල හල කියෙව්වේ.. පුදුම රහයි..

    Like

    1. මගුර ගම තියෙන්නෙ බදුරලියට උඩින් තියෙන ගම .ඊට ඉහලින් මිරිහාන කන්ද ඉන් ඉහලට දෙහිපිටිය අද්දරගොඩ රනතුංගොඩ ගංගොඩගොඩ මාගලගොඩ වැදිගොඩ නවංගොඩ රදාගොඩ රනහිංගොඩ ජයවීර ගොඩ බාහෙට්ටිගොඩ මද්දහෙට්ටිගොඩ කන්නන්ගරගොඩ ඔයකිව්වෙ මගු‍රෙ ඉඳන් වනාන්තරේ ලඟට යනකම් තියෙන ගංගොඩවල්ටිකදුරුන් ගත්තොත් සැතපුම් 10විතර ඇති.ලන්දේසි කාලෙ වෙනකොටත් ඔයගම් ගොඩැලි තිබිල තියෙනවා.කන්නන්ගරගොඩ ඉඳන් නවංගොඩටත් එක්ක අයිති බොරලුගොඩ ගමට.බොරලුගොඩ ගම ඇතිවෙන්නෙ සීතාවක රාජධානිය කාලෙ බවයි මගේ විශ්වාසය.එතකොට මගුරෙන් උඩහට සිංහරාජෙ කපල පදිංචි වෙන්නෑත්තෙ කෝට්ටෙ කාලෙ විය හැකියි.හැබැයි අපි දන්නකාලෙ කැලේතිබුනතැනතමයි මගුරුගඟ අයිනෙ අදත් තියෙන්නෙ.මගුරුගඟ අයිනට වෙනකම් අපේගමට උඩහින් හෙංචවලලඟට වෙනකම් කැලේ කැපුවෙ දිඛේනව්‍යාපාරෙට 1978-80කාලෙ.

      Like

  4. ඔබතුමාගේ මේ සටහන කියවද්දි අපිත් ගඟ පහලට ඇවිද්ද වගේ.
    සමහර වචන නම් මට අහල පුරුදු නෑ.
    ලියවිල්ල ඉස්තරම්
    තව ලියන්න ශක්තිය ලැබේවා
    තෙරුවන් සරණයි!

    Like

  5. මාළු බෑම, සත්තු දඩයම කියන දේ මං නොකරන දේවල්. අපේ තාත්තත් කුකුලෙ ගඟේ මාලු බෑමත් ගෙදර ආත ගහේ මාලු දැලක් දාලා වවුලන් අැල්ලිල්ලත් කළා. තාත්තගේ වවුල් දැල ගිනි තියලා ගුටි කාලත් තියෙනවා.

    ගඟ දිගේ ගහගෙන එන දේවලුත් අනන්තයි, ගඟේ වැලි යට අවුරුදු ගානක් තිවිලා පදම් වෙච්ච ගස් කලුපාට ගැහිලා කට්ට කඳන් බවට පත්වෙනව. එව්වා බුලත් වැල්වලට හිටවන්න. වරිච්චි ගෙවල්වල කණුවලට එහෙම ගන්නව නෙ. වැලි ගොඩදැමිල්ලේ ජාවාරම හන්දා දැං ගංගාවලට හෙනහුරා ලබල තියෙන්නේ.

    ගඟේ පතල් කැපිල්ලත් වෙනමම ක්‍රමයක්නෙ. අඩි විස්සක් විතර දිග මිටි ගහපු උදලුවලින් ගඟේ පතල් කැපිල්ල මටත් පොඩිකාලෙ දකින්න පුළුවන් උනා.

    Like

    1. මමත් ඒකොලු කාලෙ පව් වැඩ කරාට දැනුම් තේරුම්‍යනවයසට ආවට පස්සෙ ඒවකරේ නෑ.ගඟ කියන්නෙ දැන් ධනෝපායන මාර්ගයක් මිස සජීවී ජල ධාරාවක් නොවෙයි.ගඟේ එදාදාපු ඇදුම් පතල් ක්‍රමයෙන් ලොකු හානියක් ගඟට උනේ නෑ.ඊලඟ ගංවතුරින් ඇදුම්පතල පිරී යථාවත් උනා.

      Like

  6. ලෙහෙල්ලා නැත්නම් හොරපොලයා කියන්නේ ලංකාවට ආවේණික මත්ස්‍යයෙක් විතරක් නොමේ කාල් කුලයට නැතිනම් cyprinidae අයිති මසුන්ගෙන් ලංකාවේ ඉන්න විශාලතමයා.විශාල වැව් වල ධිවර කර්මානතය දියුණු කරන්න හඳුන්වා දිලා තියෙන රෝහුත් ලංකාවේ ඉන්න හිරි කනයාත් මෙයා ගේ ඥාතින් ලෙස ගන්න පුළුවන්. මේකේ තව දෙන්නේක ගැන විස්තර නැහැ කියලා මම හිතන්නේ. ඒ ආරා නැත්නම් ගඟරාත් තල්කොස්සාත්.
    සුනිල් මහත්තයා මේ ගඟම නේද ලත් පඳුරින් මෝලකාව පැත්තට යන විට හම්බ වෙන්නේත්. බදුරලිය කලවාන පාරේ මිදලන හරියේ සිට කොඩිප්පිලි කන්ද හො අතවැල් තොට පැත්තට යන තේකම මහා මාර්ගයට සමාන්තරව යනවිට හම්බවෙන්නේත්.
    කොඩිප්පිලි කන්ද හන්දියෙන් හැරි කෙලින් කන්ද පාරේ යන කොට හම්බ වෙන කිලෝ මිටර 2ක් පමණ විහිදෙන තෙත් වනාන්තරයත් හොඳ සුන්දර මතකයක්.

    Liked by 1 person

    1. බදුරලිය කලවානපාරේ අත්වැල්තොට තියෙන ගඟ පැලන් ගඟලෙස කුඩා ගඟට එකතුවෙනගඟක්.අපේගඟබදුරලිය රත්නපුරපාරේ ඇතිපාලමයටින්ගලාගෙන ගිහින් මිදලනින්හැරී ඉලුක්පත පැත්තෙන්ගිහින් කුඩා ගඟට යනවා.ගඟරා නැත්නම් ආරා මගුරුගඟේ බොහොතැන්වලෛන්න මාලුවෙක්තල්කොස්සා වැඩියෛන්නෙ දොලවල්වල.ගඟෙත් ඉන්නවා.තව ගල්පාඬියා කුඩුප්පුවා දංඩියා පෙතියා බිංඇටයා වාගෙමාලු අපේගඟේ ඉන්නවා.ඔබකියනවනාන්තරය අපේවනන්තරේම දිගුවක්.

      Like

  7. ‘අපේ ගම’ කියෙව්ව වගේ සිතුවිල්ලක් ආවා.
    ‘මගුරු ගං වත’ නම් වුඑ ‘ගැදි කව’ නම් මරේ මරු.
    නිදුක් නීරොගී ව දිගා’සිරි !

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s