තොවිල් පවිල් හා ‍යක්කු

ලෙඩරෝගවලට අපේගමේ එදා කරපු ප්‍රතිකාර ගැන මමලියපු ලිපියෙ තිබුනෙ යම්‍යම් ශාරීරික අසනීපවලට කරපු ප්‍රතිකාරගැනවිතරයි.තවත් අසනීපජාති එදා අපේගමේ උදවියට හැදුන.ඒඅසනීපවලට ප්‍රතිකාර කරපු හැටිත් මට මතක් වෙනව ඒතමයි යක්ෂ ප්‍රේත කුම්භාන්ඩ ආදී භූත කොට්ටාශ වල බලපෑමනිසා හැදෙන අසනීප.අදවගේනෙවෙයි එදා මේවාගෙ අසනීප රාශියක්මිනිස්සුන්ට හැදුන.බොහෝවෙලාවට අදසමාජෙ මේභූත බලපෑම් ගැන විශ්වාස කරන්නෙ නෑ.හැබැයි එදාසමාජෙ එහෙම නෙවෙයි භූතයො යක්කු පෙරේත කොට්ටාශ ගැන ලොකු විශ්වාසයක් සමාජෙ තිබුනා.ඒකොටස්වල බලපෑමෙන් හැදෙන අසනීප මොනවාද යන්න ඒවාට කලයුතු ප්‍රතිකාර හා ඒප්‍රතිකාර කරන පිරිසකුත් හැම ගමකම එදා හිටියා.මේපිලිබඳවතිබුන විශ්වාසය මානව ශිශ්ඨාචාරෙ ආරම්භයේ ඉදන් පැවතුන දේවල්.ඒවිතරක් නෙවෙයි හැම ජනසමාජෙකම මේ විශ්වාසයන් තියෙනව කියන එකත් අදවෙනකොට බොහෝදෙනා දන්නවා.විවිධ ස්වරූපයේ භූත කොට්ඨාශ වල පැවැත්ම ,හා එමමේ භූතයින්ගේ බලපෑම පිලිබඳ විවිධාකාරයේ පරේෂන කරන මේකාලෙදිවත් මේවයේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගැනීම අසීරුවී තිබෙනවා.ඒ කොහොම උනත් බුදුදහම විශ්වාස කරපු අපේ ගම් වාසින් එදාමේවා පිලිබඳ ලොකු විශ්වාසයක් තියල තිබුනා.මේභූත උවදුරු වලට පිලියම් ලෙස විවිධාකාර අභිචාර ක්‍රම ඔස්සේ පිලියම් සෙවීමට අපේ ගම් වැසියො පුරුදුවෙලා හිටිය.මේ පිලිබඳව එදා අපේගමේ තිබුනු තත්වය ගැන ලියන්න කල්පනාකලේ මේවාත් අපේ ශිෂ්ඨාචාරයේ උරුමයන් නිසා ඒපිලිබඳව වර්තමාන පරපුර දැනුවත් කලයුතුයි කියල හිතුන නිසයි.

අපේගම් ඉතිහාසයේ සදහන්වෙන භූත ඇදුරන් පිලිබඳව බැලුවම රණහිං කට්ටාඩි කියල ආතා කෙනෙක් ගැන කතාවෙනවා.උන්දැමන්ත්‍ර ශාස්තරේ පිලිබඳ බොහොමලොකු දැනුමක් තිබුනු කෙනෙක් හැටියටයි අපේගම්මු කිව්වෙ. මේ කියන රණහිං කට්ටඩි ආතා ඉදල තියෙන්නෙ රනහිංගොඩ කියන කොටසෙ.බොරලුගොඩ ගමේ මැද හරියට වෙන්න තියෙන රනහිං ගොඩේ අදනම් තියෙන්නෙ අපේ රාලහාමි නැත්නම් ග්‍රාමසේවක මහත්තය ජීවත්වූ නිවසයි තවත් නිවසකුයි විතරයි. මේකියන ගම්ගොඩැල්ල එදා රනසිංහ කෙනෙකුට අයිතිවතිබුන බවට තියෙන සාධකේ තමයි රනහිං ගොඩ කියන නම.බොරලුගොඩ ගමේ ගංගොඩැලි වලනම් එන්නෙ ඒවායෙ ජීවත් වූ පරම්පරාවල් අනුවයි.ඒඅනුව කන්නන්ගර ගොඩේ කන්නන්ගරලත් මද්දහෙට්ටි ගොඩේ මද්දහෙට්ටි පරපුරත් බාහෙට්ටිගොඩේ ඒපරපුරට අයත් හපුහෙට්ටිලත් ජයවීරගොඩේ ජයවීර පරපුරත් ජීවත් උන නිසා රනහිංගොඩේ රනසිංහ පරපුරේ වාසභූමිය වියයුතුයි.නමුත් අපිපොඩිකාලෙත් රනහිංගොඩේ හිටියෙ වික්‍රම ආරච්චි කොලඹගේ වාසගම දැරූ ඔපිසර ආතයි.එයාගෙ පුත්‍රයා උන අපේ ග්‍රාමසේවක රාලහාමියි ජයවීර පරපුරේ බබුන් කංකානම් මහත්තයයි විතරයි.රනසිංහ පරම්පරාවට අයිති රතේනිස් ඔපිසර මාම ජීවතුනේ දෙහිකුඹුර කියන කොටසෙ.අදටත් රනසිංහ පරපුරෙන් අපේ බොරලුගොඩ ඉන්නෙ රතේනිස් ඔපිසර මාමගෙ මුනුබුරන් විතරයි.මේකියන රතේනිස් ඔපිසර මාමා ගම්මුලාදෑනිකමත් කරල හිටපු කෙනෙක අපේ කොට්ටාව මාකුඹුර පුරාණ විහාරාධිපති සල්පිටි කෝරලේ උප ප්‍රධාන අධිකරණ සංඝ නායක ශාස්ත්‍රපති බොරලුගොඩ ඉන්දරතන නායක හාමුදුරුවො මේ රතේනිස් ඔපිසර මාමගෙ බාලම පුත්‍රයා තමයි.කොහොමෙන් හරි රනහිං කට්ටාඩි ආතා කියන්නෙ ජනප්‍රවාදයක් නෙවෙයි අතීතෙ ජීවත් උන නම්දැරූ මන්ත්‍ර කාරයෙක් කියන එකයි මමකියන්න හැදුවෙ.

මේ රණහිං කට්ටාඩි ආතා නම් දරාපු මංත්‍රකාරයෙක්.ගමේකවුරුත් උන්දැටබොහොම ගෞරවයෙන් සැලකුවාලු.පිටගමකින් ආපු අය උනත් රණහිං කට්ටාඩි ආතව ගනන්නොගෙන ගමහරහා ගිහින් නෑ.මගේ කඩේලඟකතා මන්තරකාරයෝ ලිපියෙ රනහිං කට්ටාඩි ආත ගැන ලියලතියෙන සිද්දිය උදා හරණයක්.එක අවස්තාවක රනහිං කට්ටාඩි ආතව මහසෝන් සමයමක් නටන්නපිට ගමකින් එක්කගෙන ගියාලු.මහසෝන් සමයම නටන කොට නිවසෙන් පිට සොහොන් පලක් අසල අඩි අසූවක් උසඇති පුරාලයක් බඳින්න ඕන.මේගමේ අය ආතට තොවිලෙට ඕන පුරාලෙ බැන්දෙ තොවිල් ගෙදර ඉදන් ගඟකින් එගොඩ ගොඩෙන්ලු. ගෙදර තොවිලෙ කරල අවසානෙ ආවේශයෙන් දුම්මල ගහගෙන දුම්මල පාර අනුව පුරාලෙ හොයාගෙන ඇදුරා යනවලු.රනහිං කට්ටාඩිආතත් මහසොන් ආවේශෙන් පුරාලෙට යනකොට හමු උනේ ගඟලු.වහාම ඉනේ බැදල තිබුන ලේන්සුව ගඟට දාල ඒඋඩ නැගිල පුරාලෙට ගියාලු.අඩිඅසූවක පුරාලෙ නටල ආපහු ආවෙත් එහෙමමලු.මුලු ගමම එකතුවෙලා සමාව ඉල්ලගෙන තෑගිබෝග දීල රනහිං කට්ටාඩි ආතවගමට එව්වලු.මේවගේ වැඩකරපු රනහිං කට්ටාඩි ආත ඇරුනම තවත් නම් දරාපු කට්ටාඩියෙක් තමයි කුරුපුංචෙ අප්පු.මාතර පැත්තෙ කෙනෙක් උන කුරුපුංචෙ අප්පු ඉංග්‍රීසි ආන්ඩුවෙ බදු එකතු කල අයෙක්.එකතුකරපු බදු කාසිත් අරගෙන මාතරින් පැනල ආපු කුරුපුංචෙ අප්පු අපේ මගුරුකන්දෙ හිටපු කොලඹ ආරච්චි ආතත් එක්ක කන්දෙ ජීවත් වෙලා තියෙනවා.කොලඹ ආරච්චි ආත කියන්නෙ අපේ අම්මගෙ තාත්තගෙ තාත්ත.ඒ ආතත් ඔයවගේ බදු එකතුකරපුව ගෙවිල්ල පැහැර හැරපු නිසාබොරලුගොඩට පැනල ඇවිත් කන්නන්ගර පවුලෙන් විවාහයක් කරගෙන මගුරු කන්දෙ හිටිය කියලයි කියන්නෙ.ඉතින් මේ දෙන්න ගජ යාලුවො වගේ ආන්ඩුවට වහංවෙලා ඉන්න කොට කුරුපුංචෙ අප්ප ඔයමංත්‍ර ගුරුකම් කරලතියෙන්නෙ.කුරුපුංචෙ ලඟ කාලම් තිබුනලු.යක්ශ කාලම් කියන්නෙ මතුරල කාටහරි පිම්බොත් හුලඟ වැදුනු කෙනාව නහයෙන් කටින් ලේදාල වැටෙන මංත්‍ර වර්ගයක්.කුරු පුංචෙව අල්ලන්න ආපු අයට කාලම් පිඹල වට්ටවල මිනිහ බේරෙනවා.කාලයක් ගෙව්නම මීනිහට හීනෙන් අනතුරු ඇගවීමක් ලැබුනා.මෙයා ඒගැන කොලඹ ආරච්චි ආතාට කියල කුකුලෙකුට මතුරල තුවක්කුවෙන් වෙඩි තිබ්බෙ කුකුලට වෙඩි නොවැදුනොත් ගමේ ඉන්නව නැතිනම් පිටවෙනව කියලයි.කුකුලට වෙඩි වැදුනනිසා මංත්‍ර පොත් ටික ලොකු කොරහක දාල තවත් කොරහකින් වහල මගුරු කන්දෙ ගල් ඇන්දෙ තැන්පත් කරල ගමෙන් පිටවෙලාතියෙන්නෙ.මේකුරුපුංචෙ අප්පුගෙ මංත්‍ර පොත් කොරහ හොයන්න බොහොම උත්සාහයන් අපි කරත් හොයාගන්න බැරි උනා.මේකොරහ වසාගෙන වේ හුඹහක් බැන්දා කියලත් කොරහෙන් කොටසක් අපේ ආතා තමන්ට පෙන්නුවා කියලත් අපේලොකු මාමා කිව්වා.කොහොමහරි ඒ මංත්‍ර ශාස්තරෙන් කොටසක් අපේ එගොඩ ආතාලඟ තිබුනා.අපේ තාත්තගෙ තාත්තත් මංත්‍ර ශාස්ත්‍රය දැනසිටි කෙනෙක්.ආත එය යහපත් දේට විතරක් යොදවපු කෙනෙක් කියලයි අපේ උඩහගෙදර ආච්චි කිව්වෙ.ගමේ අයට භූතදෝශයක් උනහම තෙල් මැතිරීම,බවබෝග ආරක්ශාවට කෙම් කිරීම ගෙවල් ආරක්ශාවට මැතිරීම සතුන්ගෙ ආරක්ශාවට මැතිරීම වාගෙ ඒව තමයි ආත්ත කරල තියෙන්නෙ.ආතගෙ හපන් කමක් කියන ඇලොන් මාම කියන්නෙ දවසක් අපේගෙට උඩහ දොලේ පෙලෙන් ගසක හිටපු දඩුලේනෙකුට මාමා වෙඩි තිබ්බලු.වෙඩි පහක් තිබ්බත් දඩුලේන වැටුනෙ නැතිලු.ඒ ගමන ආපහු ඇවිල්ල අපේ ආතගෙ ගෙට ගොඩවෙලා වාඩිවෙල විටක් කන ගමන් ආතට කිව්වලු මේදඩුලේනගෙ කතාව.ආත හිනාවෙලා උඹද එහෙනම් වෙඩිතිබ්බෙ කියල යටලීයෙ තිබ්බ හුනුඉරි පහක් පෙන්නල කිව්වලු වෙඩිසද්දෙට මම මැතිරුවා ඒමතුරලා ගහපු ඉරිමේ.දැන්ගිහින් ආයි වෙඩිතියපන් හරියයි කිව්වලු ඒවගේම ඊලඟ වෙඩිල්ලට දඬුලේනාවැටුනලු.එදාඉදන් ඇලොන් මාමා අපේගේ ලඟින් උඩහට දඩයමක යනවනම් ආතට කියලයි යන්නෙ කියල මාමා අපේ ගෙදරදි ඔය කතාවකිව්වා.

දැන් අපි අපිට මතක කාලෙ හිටපු මංත්‍ර කාරයො ගැන බලමු.බොරලුගොඩ ගමේ අපිපුංචි කාලෙ හිටියෙ බාඳුරාමුල්ලෙ ආත එකමංත්‍රකාරයෙක්.බාදුරා මුල්ලෙ ආතා යකුන් පිලිබඳව ඕනෑමතොවිලයක් කරා.පුංචි තෙල් මැතිරිල්ලේ ඉඳන් සන්නියකුම් දක්වා ඕනෑම තොවිලයක් කරපු ආතාගෙ ඒසාස්තරය ඉස්සරහට ගෙනිච්චෙ කට්ටාඩි ලොකු අප්ප.බාදුරාමුල්ලෙ ආතගෙ ලොකුපුතා උන ඇඩ්වින් කට්ටාඩි මහත්තයා ජීවත් උනේ අපේ එගොඩ ආච්චිගෙ ගෙදරට ාඅසන්නයේ .අපේ ආතා එක්ක බොහොම සමීපව හිටපු කට්ටාඩි ලොකුඅප්පා කුරුපුංචි අප්පුගෙ ගුරුකම් වලින් අපේ ආත්තා ලඟු තිබුනු මංත්‍ර එහෙමත් ලබාගත්තා.පරම්පරාවෙ මංත්‍ර ශාස්ත්‍රය හදාරල හිටියට ලොකු තොවිල් කරන්න කට්ටාඩි ලොකු අප්ප භාරගත්තෙ නෑ.එයා කරපු තොවිලෙට දෙහිතොවිලෙ කියලයි කිව්වෙ.ඇස්වහ දෝෂ කටවහදෝෂ දුරුකිරීමසඳහා දෙහි කැපීම තමයි කරේ .මේදෙහිතොවිලෙ රාත්‍රි 9යටවිතර පටන් අරගෙන පහුවෙන්ද පාන්දර 4 විතරවෙනකම් කරා.දෙහිතොවිලෙට ඕන කලමනා ටික ලියාපු තුන්ඩුවක් කට්ටාඩි ලොකුඅප්ප ලඟ කලින් ලියල සූදානම් කරගෙන තිබුන.මේලැයිස්තුව මෙන්න මෙහෙමයි.

“නමෝබුද්ධාය,මුට්ටිපොඩි එකයි,රුක් අත්තනමල්‍, රත්මල්, කිණිහිරියමල් ,ඉද්දමල් ,පුවක්මල්දෙකක් ,පොල්ගෙඩියක්, මෝල්ගහක්, තොලබෝකොලයක්, සීරැස්සපලු, හාල්ටිකක් ,කපුරු පිනිදියකුප්පියක් ,දෙහිගැට විසිපහක්, ගිරයක්, අඹරිකිලි ටිකක්, පහන් ,පහන්තිර ,පොල්තෙල්, විලක්කු විසිපහක්,පන්දමක්, පිරුවට දෙකක් ,අඟුරුකබලක් ,දුම්මල රාත්තල් දෙකක්,සාම්බ්‍රානි පැකැට් දෙකක් ,කහ අලකෑලි දෙකක් ,බුලත් පඬුරු, රත්නත්තරේ පිහිටයි.”

ඔන්නඔය ලැයිස්තුවෙ බඩු ටික ලැහැස්ති කරාම තොවිලෙ කලමනා හරි.ඔය ලැයිස්තුවෙ මුලට කියපු සහ අගට කියපු දේ එක්කාසු කරන්නත් සමහරු බලනවා.කොහොම උනත් දෙහිතොවිලෙ දවසට හවස හය වෙනකොට අදාල ගෙදරට එන කට්ටාඩි ලොකුඅප්පා පුටුවක් අරගෙන කෙසෙල් කොලයක් පුටුවෙ එලල ඒක උඩ පුවක් මල් කිනිති දිගට හරහට තියලා කොටුදොලහක් එන විදියට හදාගන්නවා.කොටුවලට මල් තැන්පත්කරලා පුටුඇන්දෙත් පිරිවට කෑල්ලක් එලලා පුවක්මල් කිනිති එල්ලනව.දෙහිගෙඩි ටික අර පුටුවෙ කොටුවල තමයි තැන්පත් කරන්නෙ.අර පොඩිමුට්ටියෙන් කහදිය කොතලයක් හදාගන්නවා.මුලින්ම ආතුරය වාඩිකරගන්නවා.ඒකට මෙන්න මෙහෙම කියමනක් කියනවා.

“සනරාමර ලෝකතිවංකරායමානවූ අප භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජානන්වහන්සේගේ ගුණ තේජානුභවයෙන්ද රවි චන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතු යන නවග්‍රහ දේවතාවුන්වහන්සේලාගේ තේජානුභාවයෙන්ද ලෝකපාලනයකරන්නාවූ තිස්තුන්කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ ගුණතේජානුභවයෙන්ද අද දින මේ කරන්නාවූ යාගසෝම ශාන්තියෙන් මාගේශරීරයට වැලඳී ඇති අටානූවක් රෝග නවානූවක් ව්‍යාධි දෙසියතුනක් අන්තරාවල් හිරුදුටු අඳුර මෙන් දූරින්භූතවී සැපසම්පත් අත්කරදෙනවැයි තුනුරුවන්ගේසරණයි කියල හිතාගෙන ඔය පැදුරෙන් වාඩිවෙන්න”

ඔන්න ඔහොම ආතුරය වාඩිකරගෙනපහන් පත්තු කරල නම්ස්කාරය කියල පංසිල් අරගෙන දෙවිවරුන් මල්‍ යහනට වඩම්මාගෙන ඊලඟට ආතුරයගෙ දෙපයට පොල් මොහොල් තොලබෝ සීරැස්ස සහල් ආදී දේවල් තියල ඒවට අදාල කවි ගායනාකරල අවසන්කරනවා.පොල්වල උපත මෙහෙමයි

පලමු විජ නිරිඳුට
පැමිනි වින දොස හරිනට
එහි පා තබන්නට
නැතුව සිටියයි තැඹිලි එමවිට

අයිරන් තැඹිලි යන
කොයි රට ඇද්ද ඇසු තැන
සත් මුහුදු එතරින
ගෙනා අයිරන් තැඹිලි මෙලෙසින

ඊටපස්සෙ තේටිකක් එහෙම බීල පොඩි කතාවක් දෙකක් කියල සිරසපාද කවි ගායනා කරනවා.කහදියකොතලෙ කවි නානුවලට අදාල කවි වින උපත ගිරයේ උපත දෙහි උපත හත් අඩිය ආදී කවි ගායනාකරල දෙහි කැපීම සූදානම් කරනවා.ගිරේ උපත මෙහෙමයි.
රන් ගිරේ විත්තිය
පැවති කතුරේ විත්තිය
දෙවියෝ පැවැත්විය
කියන් ගිරයේ උපන් විත්තිය

යකඩෙයි මහමෙරයි දිවසින් මවාලා
විදුලිය වාත සුලගින් ගිනි මවාලා
ඉසිවර පොරණ වදහලබස් අසාලා
රහසින් ගිරේ විස්කම් දෙවි මවාලා

.මීලඟට කරන්නේ දෙහි කැපීම දෙහිගෙඩිය ගිරයට හිරකරගෙන ආතුරයගෙ හිසෙන් ගිරය තියල මංත්‍ර කියමින් දෙහිගෙඩි කපා වතුර භාජනයකට දානවා.හැමදෙහි ගෙඩියක්ම කපන්නෙ මංත්‍රයකින්.ඊටපස්සෙ අඹරිකිලිවලින් හදාපු අතු මිටියෙන් පවන් සලමින් කවිකියා දොස්දුරුකර දෙවියන්ට පිංදී තොවිලය අවසන් කරනවා.මේවෙනකොට වටින් ගොඩින් එලිය වැටෙනවා.ඊට පස්සෙ පඬුරුඅරං උදේ තේබී කට්ටාඩි ලොකුඅප්පා ආපසු යනවා.අවුරුද්දේ හැමදවසක්ම මේවාගෙ තොවිල් තියෙනවා අසල්වාසි ගම්වලත් ඉතින් කට්ටාඩි ලොකු අප්ප ගෙදරහිටියෙ සතියකට දිනක් දෙකක් විතරයි.

දෙහිතොවිලෙට අමතරව තෙල් මැතිරිලි වලට කට්ටාඩි ලොකු අප්ප එනව.තෙල් මතුරන්නෙ භයවීම් වලට.අවේලාවෙ ඒකිව්වෙ ජාම වෙලාවල තනියම ගිහින් බයවෙලා උන ගැනුනම කරන්නෙ තෙල් මතුරන එකයි.පීරිසි තැටිල්ලකට දාපු පොල්තෙල් අමුකහ දෙවගය පොල් ඉරටුවකින් කූරුගාමින් නිවසින් පිටතදී ජීවම් කර ආතුරයා ලඟට ගෙනැවිත් ශබ්දනගා මංත්‍ර කියමින් හිසේ ගෑම තෙල් මැතිරීමයි මේතෙල් ගෑමේදී හයියෙන් කියන මංත්‍ර කෑල්ලක් මෙහෙමයි.
“..යකුතොප සිටින්නේ විශාලා මහා නුවරයි මමසිටින්නේ අනුරාධපුර නුවරයි.තොපහිසේ මහකෙල නාග රාජයායා මගේ හිසේ බුදුරජානන්වහන්සේය.තොප දෙඋරේ යක්ෂ සේනාධිපතිවරුය මාදෙඋරේ දෑගසව්වන් වහන්සේලාය තොපට වරං දුන්නේවෙසමුනි රජ්ජුරුවෝය මට වරංදුන්නේ අටවිසි බුදුරජානන්වහන්සේය එසේහෙයින් මාකීවා අසා මේ ආතුර ශරීරය අතහැර මහා මේරුවටම යනුවයි පෝඩා පොහ්”.

මේකාර්‍ය කිරීමට පුලුවන් බොහෝදෙනෙක් ගමේසිටියා.පබිලිස් අයියා ඇලොන් මාමා මද්ද බාසුන්නැහේ වාගෙ අයත් තෙල් මැතුරුවා.බරපතල අසනීපවලට ඇපනූල් බැන්දෙ දොන්ද කට්ටාඩි.ඒක ටිකක් බරපතල වැඩක්.මල්බුලත්තටුවක් හදල කුකුලෙකුත් සූදානම් කරගෙන නූල් ජීවම්කරන්නෙ නිවසින් පිට.මේජීවම් කරන්නෙ දිෂ්ටි මංත්‍ර කියමිනුයි.විවිධ යක්ෂයින්ට දිෂ්ටි මංත්‍ර කියනවා.ඒ මෙහෙමයි.

“ඕං ඉන්දීර වඩිග කඩවර දිෂ්ටි වාරූං වා වා සිව වඩිග නාරායනේ කේම සූනියම් මුලු දිෂ්ටි වාරූං වා වා ආතාල දිෂ්ටි පාතාල දිෂ්ටි කන්ද කුමාර දිෂ්ටි ශ්‍රී විෂ්නු දිෂ්ටි වාරූං ඉරහඳ පලාගෙන වරෙං මහමෙර දෙබෑකරගෙන වරෙං විල් හතේ නොසිට වරෙං…….

ආදි වශයෙන් දිෂ්ටි ගන්වන නූල ආතුරය කරේ බදිනවාඇපනූලෙන් තාවකාලික සුවයක් ලැබෙනවා මාසතුනක් තුල මහසෝනා රීරීයකා කලුයකා සූනියම් යස්සනීට පුදපූජාසහිත ලොකු තොවිලයක් කරනවා මේවාගෙ මහතොවිල් කරේවැලිපැන්නෙ සයිමන් කට්ටාඩි ආතා පොඩි මහත්තය මාම හීන්පන්විල මහතුන් අයිය වත්තෙගොඩේ කරුනෙ අයිය.කොඩිප්පිලිකන්දෙ වෙලුං මාමා වාගෙ අයයි. මේඅය කරපු තොවිල් සන්නි යකුම රට යකුම කුමාරසමයම මහසෝන් සමයම වාගෙ ඒවයි.මේවට නම් දරාපු නැට්ටුවො උන හත්තක අන්තෝනි ගුරුන්නාන්සෙ එහෙම මේ තොවිල් වලට ආවා.

අපේ ඔලීගොඩ වෙද ලොකු අප්ප කරේ බලියාගයයි. වෙද ලොකු අප්පගෙ ලොකු පුතා. මාටින් අයියඑක්ක හැමදාම බලි නැටුව.ග්‍රහපූජා කරා. මේ බලියාග වලට සම්බන්දවෙන ඔලීගුරුන්නාන්සේ කියල කෙනෙක් ඇල්පිටිය පැත්තෙන් ආවා. ඒ බලි යාග ග්‍රහ පූජා කරේ ග්‍රහයොන්ගෙන් වෙන රෝග නිවාරනයට.වෙදලොකුඅප්පගෙ ගෙන් බලි ඉගෙන ගත්ත රනතුංගොඩේ මෙතියෙස් කට්ටාඩි මහත්තයත් බලියාග කරා අතලෙ ඩාලිං කට්ටාඩිත් හත් අඩිය දෙහි කැපිල්ල නූල් බැදිල්ල එහෙමකරා. මේහැමෝම එකතුවෙලා මිනිස්සු නිරෝගි කරා.අපි කුඩා කාලෙ ගෙවල්වල කරන මේවාගෙ කටයුතු බලන්නගියා.මේ මහතොවිල් වලට බෙර වාදනය සපයන්න දක්ෂ බෙර වාදකයොපිරිසක් හිටිය.කඹුරාවලහිටපු දාවිත්, මාටින්, ටිපොස්, හා මහතුන්, යන සහෝදරයොහතරදෙනා ඒවගේ දක්ෂ බෙරවාදන ශිල්පීන අපේගමේ සිරිසේන මාමත් බෙර වාදනය කලා.දැන් මෙවාගෙ යක්කුත් නෑ තොවිලුත් නෑ.වාසනාවට අපේ පරම්පරාවට අයිති පියදාස අයිය මේ සාස්තරේ ඉගනගත්ත නිසා කොඩිප්පිලිකන්දෙ වෙලුං මාමගෙ මංත්‍ර ශාස්තරේ තවම අපේ ගමේ තියනවා.පියදාස අයිය විදුහල්පතිකමක් කරද්දිත් මේ ශිල්පය ආරක්ෂා කලා.ඒත් ඊලඟ පරපුරේ කවුරුත් අපේ ගමේ මේව කරන්නෙ නෑ.දැන් ඉන්න අයත් මහතොවිල් දැකපු අය නොවෙයි.දැන් භෞතික දේ විතරක් අදහගෙන ඒක වැරදුනහම පොලිඩෝල් ගහල මැරිල යනව නැත්නම් බෙල්ලෙවැල දාගන්නව. ඕව ඉතින් ඔහොම තමයි මක් කොරන්නද?

8 thoughts on “තොවිල් පවිල් හා ‍යක්කු

  1. දෙහි තොවිලය ගැන තව තොරතුරු දැනගන්න පුළුවන් ක්‍රමයක් කියන්න පුළුවන් ද .. ඔබතුමා සම්බන්ධ කර ගන්න පුළුවන් දුරකථන අංකය කියන්න පුළුවන් නම් ගොඩක් වටිනවා

    Like

  2. මේ මන්තර හුගක් ඒවයෙ දෙමල වචන තියෙනව පෝඩා් පොහ් වා වා වගේ වචන තියනව එයින් තේරුම්ගන්න වෙන්නෙ මේවා ඉන්දියානු ආභාෂයෙන් මලයානු ආභාෂයෙන් ආපු ඒව වෙන්න ඹ්න බවයි තොවිල් උනත් එහෙම වෙන්න ඇති පත්තිනිදේවීත් ලංකාවෙ කෙනෙක් නොවෙයිලුනෙ ගම්මඩු වගේ ඒවත් එහෙම වෙන්න ඹ්න අතබලා සාත්තරකීම ජොතිෂය වගේ එ්වත් ඇවිත් තියෙන්නෙ ඉන්දියාවෙන් වෙන්න ඹ්න අපි පොඩිකාලෙ බලපු රේකාව චිත්තර පටියෙ අපූරුවට පෙන්නනව ඔය මිත්යා විශ්වාස නිසාවෙන විපත සිංහල බෞද්ධයො තොවිල්පවිල් කරපු ගම්මඩු නටපු අය නොවෙයි මේව හින්දු ශිව ආගම් අදහන බමුණන්ගෙ වැඩ මේවායේ හැම එකකම තියෙන්නෙ මිනිසුන් අතර බයක් ඇති කරල එයින් එල ප්රයෝජන ගැනීම මේ මිත්‍යා විශ්වාස අහෝසිවෙලා යනඑක හොදයි ඉස්සර මිනිස්සු කොච්චර බයද මිනී අලු වලට අපරාදෙ කියන්න බැහැ 86 – 90 කාලෙ ජේවීපී එකෙනුයි ආණ්ඩුවෙනුයි රටේ හැම තැනම මිනී අලු හලල ඒ බය අහක් කරල දැම්ම ඉස්සර අපි ගොපල්ලට හරිම බයයි අපිට ගො කිව්වහම ඇති කථාවක් නොව ගද්‍ය කාව්‍යයක් වන අරණකට පෙම් බැද පොතෙත් මේ ගොපලු යකා ගැන සදහන් වෙනව නමුත් තොවිල්වල තියන අර සවුන්දර්ය ගතියනම් හොදයි විනෝද වෙන්න අර බෙරකාරයත් එක්ක එහෙම කියන දෙබස් නියමයි එකිනෙකා අතර නොයෙකුත් තරහමරහ තියන ගමේ අයත් ගම් මඩුව බලන්න ආපුවහම එකට මුසුවෙලා විනෝදවෙනව ඒ කාලෙට ගමට ඇවිත් ගම්මඩුව ළග තාවකාලික කඩ අටෝ ගන්න අයගෙන් ගමේ නැති අරුමෝසම් බඩු ගන්නව බුන්දි කනව කසඇටදාල සරුවත් බොනව තරහගති ඇරිල යනව එතකොට එයින් ගමේ සමගිය ඇතිවෙනව ගමට ශාන්තියක් වෙනව ඒව නැතිවුන එකනම් පාඩුවක් ප්රජාතන්තරවාදයෙ චන්දෙ ආපු එකෙන්වුනේ ගමේ මිනිස්සු බේද බින්න වුන එකයි ඇයි පුලුවන්තරම් මිනිස්සු බිදවල ඡන්දගන්නනෙ හදන්නෙ ප්රජාතන්තරවාදය බූරුවන් විසින් නරියන්ට තමන්ගේ පාලනය භාරදීම වැනිය කියලත් සදහන් කිරීමක් තියනව ශබ්ද තරංගවල ශක්තියක් තියනබව පිළිගන්න වෙනව හැබැයි එ් ශක්තියෙන් යහපතක් වෙන්නෙ එය ඇති කරන්නෙ මෛත්රි කරුණාවෙන් නම් වෙන්න ඹ්න ඉස්සර ගෙදරක තොවිලයක් තියනකොට ගෙදර පිරිසිදු කරල කලඑලි කරනව නෑදෑයො ඹක්කොම වගේ රැස් වෙනව කථාබහ කරනව ආවඩා ආයුබෝ වේවා කියල අනුකම්පාවෙන් මෛත්තිරියෙන් සෙත් පතනව ඒව හරියට වටිනව සත් අඩියට දෙහිකපනකොට කියන
    සත් වෙනි සනි දින අසුකර සත් නැකතද ගෙන පොරොන්දු
    සත් කර්ණය වක් පන්තිය ගෙන හෝරා අකුරු බින්දු
    නෙත්තුන ඉසිවර පැවසූ සත්තක බලයෙන් පසින්දු
    සත් අඩියට කල අණ වින සෙත්කර කැපුවෙමි තීන්දු
    වගේ කවි වචනෙන් වචනෙට ගෙජ්ජි සද්ද කර කර ගිරේ සද්ද කර කර කියනකොට නියමයි දෙමළ මන්තර මේ වැඩ වලට ගාව ගත්ත එකෙන් තමයි ඹක්කොම අවුල්වෙලා තියෙන්නෙ

    Like

    1. ඔය මන්ත්‍ර වගේම බොහොමයක් යක්කුත් ආවෙ ඉන්දියාවෙන්.දෙවිවරුත් එහෙමයි.පත්තිනි ඉන්දීය දේවතාවියක් වූ කන්නගි ට කියනසිංහල නම.දෙවොල් දෙවියො ඉන්දියාවෙන් ආපු අය.රීරියකා ඉන්දියාවෙ සෞරාෂ්ට දේශෙ උපන් එකෙක්.ඒකියන්නෙ ගුජරාටය පැත්තෙ.කලුයකා උතුරු ඉන්දියාවෙ හිමාලෙ උපන් එකෙක්.තොට යකා නැත්නම් අබිමානා කාසි රට ආඬි මවගෙ කුසෙන් උපන්කෙනෙක් සූනියම් යක්ශනීසාගල් නුවර සාගල් රජ්ජුරුවන්ට ජාතකව සුසිරි පත්ම බිසවගේ කුසෙන් උපන් ඔඩ්ඩි සූනියම් යක්ෂනී කියන යකින්නයි.සන්නි යකුන් සියලුදෙනාම විසාලා මහනුවර අසූපාල කුමාරිට උපන් අය.තොවිල් සාහිත්‍ය අනුව මේසියලු යකුන් ඉන්දියානු අයයි.මේයකුන්ට ආමන්ත්‍රනයට මන්ත්‍ර ඉන්දියානු භාෂා කලවම් වී එන්නෙ මේ නිසයි.අපිටත් පොඩි ආඩම්බරයක් ගෙන දෙන ලංකාවෙ ඉපදිච්ච බලසම්පන්න යකෙකුත් ඉන්නවා.ඒ මහසෝන් යක්ෂයා.මේයකා සම්පූර්නයෙන්ම දේශීයයි.
      ඉන්දියාවෙන් ආපු මේ යක්කු යක්ෂනියො ආම්බන් කරන්න දෙමල සංස්කෘත මලයාලම් වාගෙ භාෂා යොදා ගැනීම පුදුම වෙන්න දෙයක් නෑනෙ.කොහොම උනත් මේ සේරම යක්කුයි භූතයොයි අපේ සංස්කෘතියේ කොටස්.මේව නැතිඋනහම ලොකු අඩුවක් දැනෙන්නෙ ඒහින්දයි.

      Like

      1. ඔය යක්කු වගේම ඔය යක්කුන්ගෙන් වවාගෙන කන උන්දැලත් මිරිස් දුම්මල ගහල හරි ආපු පළාතටම පන්නන්න තිබ්බ නම් තමයි වඩාත් හොඳ 😀

        Liked by 1 person

  3. ඉස්සර මාත් බල්ලන්ට බය වුනහම, බඩේ අජීරණ හැදිලා කන්න බැරි වුනහම එහෙම අපේ අම්මා හංසනීලෑ සීයට එන්න කියල මට තෙල් මතුරෝනවත දෙහි මතුරෝනව එහෙම. සමහර දවස්වලට නං හංසනීත් ඒ එක්කම එනව. සීයට පිටවේල්ලෙං එගොඩවෙලා එන්න අමාරුනෙ තනියම ඒකයි.

    පීටර ආතා හැම මන්තරයක්ම අහවර වෙලා “සා…හක්” “ආ….පොහ්” කියල පිඹිද්දි දෙහි භාජනේ ද්‍රව පරිමාව නිකම්ම ඉහල යනව.

    මටත් ඉස්සර නං ගෝඩිම්බර දැහැනයි, වෙසමුණි සැරයයි කටපාඩං තිවුනා. දැං මතක නෑ. හැබැයි ඔය මන්තර කියන හුඟක් එව්වයෙ තියෙන්නෙ බුදුගුණ හරි බුදුහාමුදුරුවන්ගෙ පෙළහරපෑමක් හරි ඇපේට තියල යක්කුංව බය කිරීමක් නේද?

    Like

    1. බඩේ අමාරුවට මතුරනදේවල් දෙහි අන්නාසි ඉගුරවාගේ දේවල්.මංත්‍ර හිමිහිට කියනඒවා දිෂ්ටි මංත්‍රහයියෙන් කියන්නෙ ආතුරයාතුල විශ්වාසය ඇති කිරීමේ මංත්‍ර.
      මම සොයාබැලූ තොරතුරු අනුව අපට විෂය නොවන යම් බලවේග වලට ආමන්ත්‍රණය කිරීම සඳහා උච්චාරණ විධි අනුව යම් තරංග පද්දතියක් මුදාහැරීම මංත්‍ර වලින් කරනවා.මේතරංග පද්දතිඅනුව අර බලවේග පාලනය කිරීමට උත්සාහ ගැනීමක්.හැබැයි ඔය බලවේග වල බලපෑම දැනෙන්නේ දුර්වල මානසික ශක්තිය ඇති අයටයි.ප්‍රබල මානසික ශක්තිය සහිත අයගේ බල පෑම අර බලවේග වලට හිරිහැරයක් එනිසා ඒවා ප්‍රබල මනසක් සහිත අයගෙන් ඈත් වෙනවා.ඒකයි හොල්මන් පේන්නෙ මනුස්සගනේ අයට විතරයි කියන්නෙ.

      තෙල් මැතිරීම් නූල් බැදී හාතොවිල් මගින් ආතුරයින් ගේ මානසික ශක්තිය වැඩි කිරීම් කරන්නයි උත්සාහ ගන්නෙ.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s