අමතක නැති වැඩ

1990ජුනි මාසෙ පොලිස් නිලධාරින් හයසීයක් මරල කොටි සාම සාකච්චාව අවසන් කරා.ඒවෙනකොට අම්පාරෙ මල්වත්ත ගමෙන් එහාට කොටින්ගෙ පාලනයට අරගෙනයි තිබුනෙ.අම්පාර කල්මුන පාරෙ එකොටි බලය පිහිටුවාගැනීම ගැන මුලු අම්පාරම කලබලවෙලා හිටියෙ.බුද්ධංගල නායක හාමුදුරුවො ජනාධිපතිතුමාට කථාකරල මේතත්වය පැහැදිලි කරා.ඊට පස්සෙ නැගෙනහිර මුදාගැනීම ශ්‍රීලංකාව බිහිකල විශිෂ්ඨතම හමුදා නිලධාරියට පැවරුනා.ඒ එවක බ්‍රිගේඩියර් වරයෙකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමා.එතුමා ඇවිල්ල දින කීපයකින් අම්පාරෙ මහාමාර්ග ප්‍රධාන නගර සියල්ලෙන් කොටින් පලවා හැරල පාලනය යථාවත්කරා.කන්ජිකුඩිච්චිආරු මහ කැලේ පොලිස් නිලධාරින් හයසීයක් ඝාතනය කල තැනටම පොලිසියත් එක්ක ගිය අපේ කිරිඳිවැල සෝමරතන හාමුදුරුවෝ ප්‍රමුඛ මහා සංඝ රත්නය ඒ මියගිය නිලධාරින් වෙනුවෙන් ආගමික කටයුතු කරා.යම්තම් අම්පාර නගරෙ බයෙන් තොරව නිදාගන්න පුලුවන් වාතාවරණයක් ඇති උනා.ඒත් අවට දෙමල ගම්මානවලට මායිමේ තියන සිංහල මුස්ලිම් ගම්වල අයට ඒවාසනාව ලැබුනෙ නෑ.කොයි මොහොතේ කොටි ගම්වලට ඇවිත් ප්‍රහාර එල්ල කරයිද කියල බයක් ඒගම්වාසීන් තුල තිබුනා.

මේ තත්වය නිසා අපේ ප්‍රාදේශීය උපදිසාපතිවරුන්ට කාර්‍ය බහුල අවදියක් ඇතිඋනා.බොහෝ ගම් වැසියො තමන්ට ඇතිබිය ගැන දුක්ගැනවිල්ල කිව්වෙ උපදිසාපති කන්තෝරුවට.උපදිසාපතිවරු පුලුපුලුවන් හැටියට පොලිසිය එක්ක එකතුවෙලා ආරක්ෂාව සදහා වැඩකරා.ඔය කාලෙ වෙනකොට උපදිසාපතිවරු හැටියට හිටපු අපිට යුධ හරඹෙ ගැන පුහුනුවීම් ලබාදෙන්නත් කටයුතු කරලයි තිබුනෙ.මාත් මේ සිවිල් ආරක්ෂාව පිලිබඳ කොලඹ හුනුපිටිය පැත්තෙ මධ්‍යස්තානෙක පවත්වපු පුහුණුවක් සම්පූර්න කරලයි හිටියෙ.ගිනිඅවි පරිහරනය පුපුරණද්‍රව්‍ය භාවිතය රැකසිට පහරදීම සංනිවේදනය ආරක්ෂක වැඩපිලිවෙලක් සකස්කරගැනීම වාගෙ දේවල් අන්තර් ගතව තිබූ ඒපාඨමාලාව මම සම්පූර්න කරපු හොඳම පුහුනුව කියල කිව්වෑකි තවමත්.මුලු පුහුනු කාලයතුල එනම් සතිතුනක් පාන්දර පහට අවදිවී කොලඹ වීදි දිගේ පැයකට අධික කාලයක් දුවලා පිට්ටනියෙ සරඹ කරලා ගත්තු පුහුනුව අපේ උපදිසාපතිවරුන්ට හරි ප්‍රයෝජබවත් උනා.පුහුනුවෙන් පස්සෙ අම්පාරෙ හැම උපදිසාපතිවරයටම පොයින්ට් .38 විශේෂ වර්ගයේ රිවෝල්වරයක් බැගින් පුද්ගලික ආරක්ෂාවට නිකුත්කරා.අපිත් ඉතින් අලුත ලැබුනු රිවෝල්වරයත් ඉනේගහගෙන තමයි ක්ශේස්ත්‍ර රාජකාරියෙ නිරතවෙන්නෙ.මේනිසාම ටියුනික් කොලර් අත්කොට කමිසය කලි සමට උඩින් දාල අඳින්න පටන් ගත්තා.දෙහි අත්ත කන්ඩියේ විජේසිංහ පදියතලාවේ පාලිත වීරකෝන් මහඔය ජිනසිරිදඩල්ලගේ,උහන ආරියරත්න එදිරිසිංහ අම්පාර මුනිදාස දිසානායක දමන එල් පී ජයම්පති යන ප්‍රාදේශීය උපදිසාපතිවරුත් මූලස්තානයේ සේවයකල අමරසේකර සමග මමත් ඔය පිරිසට අයිතිඋනා.

ප්‍රාදේශීය කොට්ටාශවල වැඩ කරපු අපේ උපදිසාපතිවරුන්ගෙ ප්‍රධාන කාරිය උනේ ගම්වාසීන්ගෙ ආරක්ෂාවයි.කච්චේරියෙ හිටපු අපිට ඒඅයට අවශ්‍ය දේවල් සම්පාදනය කරල දෙන එකයි උදව් කරන එකයි පැවරුනා.මේ අතර දවසක පාන්දරම ආරංචි උනා මහඔය බෝගමුයාය ගමට කොටි ගහලා මිනිස්සුන්ව ඝාතනය කරලා කියල.දිසාපති මුදන්නායක මහත්තය අමරසේකරටත් මටත් ජයම්පතිටත් කිව්ව ගිහින් ජිනසිරි දඩල්ලගේ උප දිසාපතිතුමාට උදව් කරන්න කියල.අපි තුන්දෙනා එක්ක කච්චේරියෙ ගණකාධිකාරි ප්‍රෙමචන්ද්‍රත් එකතු උනා.අපි අරන්තලාව හරහා මහඔයට ගිහින් එතනින්බෝගමුයායට ගියා.පනජ්ජා ඔයලඟදි දඩල්ලගේ උපදිසාපතිතුමා හමු උනා.මිනිහ උදෙන්ම ගිහින් මිනිස්සු මැරුනු තැන් බලල පෙට්ටි හදන්න මිනුම් දෙන්න මහඔය යනවා.කලින් දින හවස උනුවතුර බුබුලෙ ස්කෝලෙ ජනසවි ලාභින්ගෙ රැස්වීමක් තමන්ගෙ ප්‍රධානත්වයෙන් තිබ්බ බවත් ඊට සහභාගිවී ආපසුයන අයවත් කොටින් විසින් ඝාතනය කර ඇති බවත් සියලුම මෘත ශරීර උනුවතුර බුබුල පාසැලට ගෙනඑන ලෙසට ගම්වාසින්ට දැනුම්දුන් බවත් පොලිසිය බෝගමුයායේ සිටින බවත් පැවසූ ඔහු මහඔයට ගොස් ඒමට පිටත් උනා.අපි හතර දෙනා ගඟෙන් එතෙරවී අඩි පාරක්දිගේ ටිකදුරක් යන කොට පාර අයිනේ ගෙලකපා මරාදමාසිටි වැඩිහිටියෙකුගේ සිරුර හමු උනා.සිරුර අසල තිබූ මල්ලේ හාල්සිල්ලර ටිකකුත් ජනසවි මුද්දරෙත් තිබුනා.ජිනසිරි මහතාගේ රැස්වීමට පැමින සමුපකාරෙන් බඩු ටික අරන් ගෙදරට යන්න ගිය අහිංසකයෙක්ගේ ජීවිත ගමන එතන නතරවීතිබුනා.එතැන පහුකර අඩිපාරදිගේ මීටර් පන්සීයක් පමන කැලේ මැද්දෙන් යනවිට හමුවූ නිවසේ කාන්තාවක් හා දරුවෙක් ගේ මිනී තිබුනා.ඒවා නිවාස කිව්වට පැල්පත්.ඉලුක් හෙවිල්ලපු පැලේ පොඩි පිලකුයි ඇතුලෙ කාමරයයි දෙක වෙන්වෙන්නෙ ගෝනි කෑල්ලක් එල්ලලා තිබුනා.එතනින් එහාට තවදුරටත් අඩිපාරේ කිලෝමීටරයක් පමන යනවිට ගෝනියක් දෙපැත්තෙන් ලීදඬු දෙකක් යවා සකස් කල මැස්සක මිනියක් ඔසවාගෙන එන තරුනයින් දෙදෙනෙක් මුන ගැහුනා.ඒඅඩි පාරේ අවසාන නිවසේ සිට තමන් එන බවත් වෙනත් නිවාස නැති බවත් අපේ විමසුමට පිලිතුරක් දුන් එක් අයෙක් කිව්වා.ඒ අනුව ඉදිරියට නොගොස් ආපසු හැරීමට අප තීරනය කලා.එවිට ගම්වැසි තරුනයෙක් කිව්වා තවදුරටත් කොටි කැලේ සැගවී සිටීමට ඉඩ ඇතිබව පොලිස් නිලධාරින් කිවූ බවත් ඒනිසා මෘත දේහයන් බුබුලට ගෙන එනලෙසට දැන්වූ බවත්.අපිටත් ගමනේ අනාරක්ෂිත බව වැටහුනේ එවිටයි.ලඟ ලඟ නිවාස නොමැති කැලෑවතුල සැගවී පොලිසියට ප්‍රහාර එල්ල කිරීමට කොටි සිටීමට ඉඩ ඇති බැවින් වහාම ආපසු යාම කලයුතුබව තේරුම් ගියා.මිනිය ඔසොවාගත් දෙදෙනා ඉදිරියෙන් යවා අමරසේකරත් ජයම්පතිත් මමත් අපේ රිවෝල්වර එලියටගෙන වෙඩිතබන තත්වයේ සූදානමින් ක්‍රමානුකූල පසු බැසීම ආරම්භ කලේ.එකිනෙකා අතර යම් පරතරයක් තබා ගෙනයි.ආයුධයක් නැති ප්‍රේමචන්ද්‍ර මිනී ගෙනයන දෙන්නා අසලටත් දෙවනුව ජයම්පතිත් ඊලඟට මමත් අවසානයේ අමරෙත් සිටිනලෙස පිරිවර සකසාගෙන පාරදෙපස කැලාදෙස බලමින් කඩිනමින් පසු බැසීම කිරීමයි අපේ අරමුන.මිනීගෙනයන දෙන්නා ඉතාහෙමින් ගමන්කිරීම අපට කරදරයක් උනා.හයියෙන් යන්නැයි ඔහුන්ට කිව්වත් ඔහුන්ගේ ගමන බොහොම හිමින්.පිටුපසෙන්‍ යන තරමක් වයස අඩු තරුනයා බොහෝ දුකෙන් ඉන්න බවත් පෙනුනා.

“ඉක්මන් කරනවා ගාටන්නෙ නැතුව නැත්නම් ඔක්කොටම කන්න වෙනවා”ප්‍රේමචන්ද්‍රයා කෑගැහුවා.පිටිපස්සෙ එකා අඬන්න පටන් ගත්තා.
“ඇයි මොකද?මේ මැරුනුකෙනාව දන්නවද ?”ජයම්පති ඇහුවා

“අනේ බුදු මහත්තයෝ මේ අපේ අම්ම.අපිදෙන්න බුබුලෙ වැඩටගිහින් හිටියෙ අම්ම විතරයි ගෙදර හිටියෙ.කොටි ගමට ගහල කිව්වම අම්මට මොකද උනේ කියල බලන්න ආපු අපිට හම්බු උනෙ අම්මගෙ මිනිය.මැරුනු අයගෙ මිනී ඔක්කොම බුබුලට ගේන්න පොලිසියෙන් කිව්ව නිසා අපි දෙන්න ගෝනියෙ තියාගෙන අම්මව ගෙනියන්නෙ.අනේ අපේ අම්මව පරිස්සමින් ගෙනියන්න ඕනනිසයි හිමින් යන්නෙ” පිටිපස්ස උස්ස ගෙන යන මලයා අඬඅඬාකිව්වා.

ජයම්පති මහත්තය ඉස්සරහට පැන්නා.”කෝ මල්ලි උඹ පැත්තකට වෙයන්” කියල බලෙන්ම වාගෙ මිනීගෝනියෙ පිටිපස්ස කරට ගත්තා ප්‍රේමචන්ද්‍ර ඉස්සරහට කර ගැහුවා.දැන් මිනිය අරගෙන යන්නෙ කච්චේරියෙ ගණකාධිකාරියි.අම්පාරෙ දමන උපදිසාපතිතුමයි. මැරුනු අම්මගෙ පුත්තු දෙන්නා ඊලඟට.අතේතියෙන පුංචි රිවෝල්වර්දෙකකින් අවමගුල් පෙර හැරට ආරක්ෂාව සලසමින් ඊලඟට ගියේ කච්චේරියෙ ඉන්න උපදිසාපතිවරු දෙන්නා.ඔය විදියට කැලේමැද්දෙන් මිනියත් කර තියාගෙන ආපු ජයම්පති, ප්‍රෙමචන්ද්‍ර දෙන්නා කිලෝමීටර් එකහමාරක් විතර ඇවිත් පනජ්ජා ඔයෙනුත් එතරවෙලා ප්‍රජා ශාලාවෙන් අර අම්මගෙ මිනිය තියල යි පස්සබැලුවෙ.සියල්ල ඉවර වෙලා එන ගමන් ජයම්පති කියනවා අර පුත්තුදෙන්නා අම්මගෙ මිනියයි කරගහන් එන්නෙ කිව්වම මට වාවන්න බැරුවගියා ඒකයි මිනිය මගෙ කරට ගත්තෙ කියල.ප්‍රේමචන්ද්‍රත් කියනවා මටත් එහෙම උනා කියල.අවංකව කියන්නෙ මට ඒමුලුගමනෙදිම කොටිප්‍රහාරයක් එල්ලවෙයි කියල හිතාගෙන කට්ටියගෙම ආරක්ෂාව ගැන කල්පනා කලා මිසක් වෙන දෙයක් හිතුනෙ නෑ.අමරෙත් කිව්වෙ මම කිව්ව දේමයිඑකිනෙකාට සිතුවිලි පහලවෙන්නෙ වෙනස් ආකාරයන්ටනෙ.කොහොම උනත් බොහෝ සංවේදී කෙනෙක් උන අපේ ජයම්පති උපදිසාපතිතුමාට අර තරුනයො දෙන්න තම අම්මාගෙ මිනිය අරගෙන එනබවදැන ගත්තම කම්පාවක් ඇතිඋනා.මම එදා මෙදා තුර කෙනෙකුගෙන් දුටු දැකපු උසස්ම ක්‍රියාවක් තමයි එල් පී ජයම්පති වැව්ගම්පත්තුවෙ දකුනෙ දමන උපදිසාපතිතුමයි අපේ කච්චේරියෙ ගණකාධිකාරී ප්‍රේමචන්ද්‍ර මහත්තයයි දෙන්න ඒබෝගමු යායෙ කැලෑපාරෙ මරබයෙන් එද්දි කලේ.ඔන්න අපිට එදා කරන්න තිබුනු වැඩ.තවමත් අපි මුන ගැහුනම මේවාගෙ සිද්ධි ගැන ආවර්ජනය කරනවා.අම්පාරට යනකම් පෙට්ටියක සරසල තියෙන මිනියක් ඇරෙන්න වෙන මලමිනියක් දැකල නොතිබුනු මට කපාකොටා ඝාතනය කරපු මිනිස්සු ගෑනු පුංචිලමයි සියගානක් දකින්න ලැබුනෙ අම්පාරෙදියි.අනික් පැත්තෙන් ටයර් උඩ දාල පුච්චපු මිනී කොච්චර දකින්න ලැබුනද?මනුස්ස ජීවිතවල වටිනාකම බලු බලල් ගානට ගිය යුග පහු කරන්න ලැබුනු අපිට කියන්න පුලුවන්ද මේ වාසනාවන්ත රටකයි අපි ඉපදුනේ කියල?බුදු හාමුදුරුවන්ගෙ දේශනාව තමයි අපේ රටේ වැඩිදෙනා පිලිපදින්නෙ කියල?.

4 thoughts on “අමතක නැති වැඩ

  1. //
    මනුස්ස ජීවිතවල වටිනාකම බලු බලල් ගානට ගිය යුග පහු කරන්න ලැබුනු අපිට කියන්න පුලුවන්ද මේ වාසනාවන්ත රටකයි අපි ඉපදුනේ කියල?බුදු හාමුදුරුවන්ගෙ දේශනාව තමයි අපේ රටේ වැඩිදෙනා පිලිපදින්නෙ කියල?
    //

    ලෝකෙන් උතුම්ම රට ලංකාවයි !
    මේ තෙවරක් බුදුන්ගේ පහස ලද බුදුන්ගේ දේශයයි !

    යන පාඨ ගිරවුන් සේ නැවත නැවතත් කියවීමෙන්ද ඉඳහිට දෙමළාට සහ මරක්කලයාට බැනීමෙන් හා තඩි ගැහීමෙන්ද සියළු ප්‍රශ්න විසඳෙනු ඇත !

    Like

  2. දුක හිතන කතාවක්
    සමහර තැන් චිත්තර පටියක් වග් තියනව ඇත්ත චිත්තර පටියක් ලිව්වත් හදට හිටී
    හුගක් ද්වල් වලට හ්තැව සිංහල මිනිස්සු හාද වැඩිකම
    ජනනායකයන් වංචනිකයන් වීම
    පිස්තලයක් නමයි දන්න තිබුන ටී 56 ක් අමතර භටයනුත් එක්ක
    ඒකත් එක්කම වීඩිය කැමරාවක් ගනිච්චනම් මුන්ග හැටි ලාකටම පන්නන්න කටි චිත්තර පටියක් හදන්න තිබුන
    87-89 කාලදි මැරුණ සිංහල අය ගැන ජුනියස් රිචඩ් වග කියන්න ඕන ජවිප වගකියන්න ඹ්න
    නිකරුන ජවිප තහනම් කරපු එක හරි නැහැ ජවිපටත් ආංඩු එක්ක යාලුව ඉන්න තරිලා නැහැ
    අපරාද ජනනායකයන් වන්න හිටපු තරුණ ටික නැතිවුනා
    අද ජනනායකයන් හිග ඒ නිසයි
    පරණ මැන්ටල් ටිකම තමයි හැම ඡන්දකටම ඉන්න
    රට අවාසනාවන්ත වන්න කහමද ම් රට අවාසනාවන්තනම් වාසනාවන්ත රට මකක්ද
    ම් කරුණු වලට බුද්ධධර්මය පටලව ගන්න අවශ්ය නැහැ
    ලංකාව 99% ක් නාමික බෟද්ධ නියම බවුද්ධ නවයි 99%ක් අහන්න බුද්ධඝා්ස හාමුදුරුවන් වරද්දපු බණ
    නිවැරදි බන අදටත් කියන්න වලස්මුල්ල අභය හාමුදුරුවන් සහ මීවනපලාන සිරි ධම්මාලංකාර හාමුදුරුවන් විතරයි
    සමහර මිනිස්සු පරම්පරා ගණනකින් ඇත්ත බණ අහල නැහැ
    ඹය මුස්ලිම් අයත් හද අය වන්න බැහැ
    ඉස්සර කාල ඔවුන්ව ප්රුරුතිග්රිසීන්ග හිරිහැර වලින් බ්රාර ගන්න තමයි සිංහල රජු ඹවුන්ව උතුරු නැගනහිර පදිංචි කරවල තියන්න
    එහම සලකලත් සිංහල මිනිස්සුන්ට විරුද්දව ප්රුරුතිග්රිසීන්ට එකතුවලා තියනව
    රටපුරා වළදාම යනව වග් ඉංග්රිසින්ට ඹත්තු සපයල තියනව එයට ප්රතිඋපකාරයට තමයි 1818 මාර්තැ 02 ප්රකාශණයන් උඩරට ප්රධානීන්ග පාලනයන් ඹවුන්ව නිදහස් කරල තියන්න අයබදු අඩුකරල තියන්න
    එහව් ජාතිය
    ම් ප්රශ්ණ වසදන්න නම් වහාම රටට ආදරය කරන ඒකාධිපති ආංඩුවක් හදන්න ඹ්න
    දමල භෂාව රටතැල තහනම් කරන්න ඹ්න
    බුද්ධධර්මය හැර අනිත් සියලු ආගම් රටතැල තහනම් කරන්න ඹ්න
    දැන් සවුදිය බුදු පිලිමයක් තියාගත්තත් දඩුවම් කරනවලු උන්ට පුලුවන්නම් ඇයි අපිට බැරි
    ජපානය මුස්ලිම් අයට රටට ඇතැලුවන්න වීස දන්න නැතිලු අන්න රටවල්
    එහම කරල සුලු ජාතික සියලු අය බලන් සිංහල බෟද්ධ කරල ගන්න ඹ්න
    අකමැති අයට රටින් පිටවලා යන්න කියන්න ඹ්න
    එහම අව්රුරුදු තැනක් කරනකට ම් ප්රශ්ණ ඔක්කම ඉවර වනව
    එතකට රටතැල සුලුජාතිකයන් නැති වනව
    ඒක ඒ අයටත් හදයි රටටත් හදයි

    Like

    1. හැබැයි මට තේරෙන හැටියට නම් මිහිඳු හාමුදුරුවො දේශනා කරපු බන පිලිපැද්දනම් මෙහෙම වෙන්නෙ නෑ.හාමුදුරුවරු කියන බණ වල හරි වැරැද්ද තමතම නැණ පමනින් තමයි තේරුම් ගතයුතු..මුස්ලිම් අය දෙමල අය සිංහල අය කවුරු අතරත් හොඳ නරක මිනිස්සු ඉන්නව මට හමුවෙලාතියෙනවා.මුස්ලිම් අයටත් වැඩිය 1818කැරැල්ලෙදි ඌව වෙල්ලස්සෙ මිනිස්සුන්ට විරුද්ධව වැඩකරපු සිංහලයො හිටියා හාමුදුරුවරු ඔත්තුබලල විල්බාවෙට විරුද්ධව නඩුවෙදි සාක්කි දීලත් තියෙනව.තෙන්නකෝන් විමලානන්ද මහත්තයගෙ උඩරට මහ කැරැල්ල පොතේ මේවිස්තර අපූරුවට තියෙනවා.සවුදියෙ විදියට අපිකරන්න ගියොත් අපෙයි අන්තවාදී මුස්ලිම්වරුන්ගෙයි වෙනසක් නැතිවෙයි.මට හිතෙන හැටියට නම් අපි බෞධයො අපි මෛත්‍රීය කරුනාව මුල්කරගෙනයි මේසියලු දේට විසදුම් හොයාගන්න ඕන.මෙත්තා කරුනා මුදිතා උපෙක්ඛා කියන සතර අනුව ප්‍රශ්නදිහාබැලුවොත් හොඳයි කියලයිමට හිතෙන්නෙ.මේලෝකෙ ජාති හෝ ආගම් අනුව හොඳ නරක බෙදිල නෑ.හැම ආගමේම නරක අයත් හොද අයත් ඉන්නවා.ආගම් නොඅදහන අයතුල සාපේක්ෂව හොඳ අය වැඩි බවකුත් මට පෙනිල තියෙනවා.ඔබ දරන අදහස් දැරීමට ඔබට ඇති අයිතියට මම ගරු කරන බවත් ලිවිය යුතුයි.

      Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s