ගමෙන් නගරෙට

ගමේ ස්කෝලෙ ප්‍රාථමික අධ්‍යාපනය හදාරපු මම අපොස සාමාන්‍ය පෙල විභාගෙට පෙනී සිටියෙ එක්දාස් නමසිය හැත්තෑ හතරෙ දෙසැම්බර් මාසෙ.මට අපොස සාමාන්‍ය පෙල විභාගෙ කරන්න පුලුවන්කම තිබුනා එක්දාස් නමසිය හැත්තෑ තුනේදි.ඒත් මට විතරක් නෙවෙයි අපේ පංතියෙ ඔක්කෝටම විභාගෙ කිරීම ඊලඟ අවුරුද්ද වෙනකම් කල් දාන්න තීරනය ගත්තෙ අපේ විදුහල්පති ජයතිස්සද සිල්වා මැතිතුමා.එහෙම කලේ එතුමගෙ තනි තීරනයක් හැටියට නෙවෙයි.අපේ පංතිය භාරව හිටපු රංජිත් රුද්‍රිගු සර් අපිට ඒඒ විෂයන් ඉගැන්නූ අනිත් ගුරුවරු සමග සාකච්චා කරල ගත්තු සාමුහික තීරනයක්.මොකද ජාතික මට්ටමේ අපොස සාපෙල වගේ විභාගෙකට මූන දෙන්න අවශ්‍ය කරන විෂය නිර්දේශ සම්පූර්ණ කරන්න අපහසු වෙලා තිබීම. හරිහැටි මාර්ග පහසුකම් නොතිබුන,කළුතර දිස්ත්‍රික්කෙ කෙලවරක තිබුනු අති දුෂ්කර අතලේ මහා විද්‍යාලෙට ගුරුවරු හරි හැටි නොසිටීම නිසා විෂය නිර්දේශ සම්පූර්න කරන්න බරිවීම පුදුමයක් නෙවෙයිනෙ.මේ හින්දම රංජිත් රුද්‍රිගු සර් අපේ පංතියට විෂයන් තුනක් ඉගැන්නුවා.ඒ සිංහල සාහිත්‍යය ප්‍රජාචාරය සමග ඉතිහාසය.ඇක්මන් සර් අංක ගණිතය සමග භූගෝල විද්‍යාව(සර්නම් කියන්නෙ භූගෝල ශාස්ත්‍රය කියල)විදුහල්පතිතුමා සිංහල භාෂාව සමග සෞඛ්‍ය විද්‍යාව අපිට ඉගැන්නුවා.චන්ද්‍රදාස සර් බුද්ධාගම ඉගැන්නුවා.එක විෂයට එක්කෙනා ගානෙ ගුරුවරු ඉන්න වර්ථමානෙ මේවා විශ්වාස කරේ නැතත් ඔය විදියට උගන්නගෙන නියමිත කාලෙදි විෂය නිර්දේශ සම්පූර්ණ කරන්නෙ කොහොමද?ඉතින් අපේ ගුරු දෙවිවරු විදුහල්පතිතුමාත් එක්ක තීරනය කලා විභාගෙට පෙනීසිටීම අවුරුද්දකින් කල්දාන්න.ඒ අවුරුද්ද තුලදි බොහොම මහන්සිවෙලා විෂය නිර්දේශය සම්පූර්ණ කරා.අපි විභාගෙ ලිව්වා.මෙතනදි මතක් කරන්නම ඕන දෙන්නෙක් ඉන්නවා.ඒ අතලේ මහා විද්‍යාලෙ ආදි ශිෂ්‍යයො වුනු පුවක්දොලේ ගුණරත්න අයියයි, කදිරන්කැටියෙ ජනකදාස අයියයි.මේ දෙන්න එක්කාසුවෙලා උපකාරක පංතියක් ගුණරත්න අයියලගෙ ගෙදර පටන් ගත්තා. මේ දෙන්නම උසස්පෙල විභාගෙ කරල හිටපු අය.මේ පංතිය අපිට මහෝපකාරි උනා කිව්වොත් නිවැරදියි.මේ දෙන්නම දක්ෂ විදියට ඉගැන්වීම කලා.ඒවිතරක් නෙවෙයි මාසෙකට සැරයක් පංතියට ආපු දක්ෂයො ලව්වා තමන් ඉගෙනගත් කරුනු සමාලෝචනයක් අනිත් අයට ඉදිරිපත් කිරීමට අවස්ථාවත් සැලැස්සුවා. ස්කෝලෙ උගන්වපු කරුනු ගුණරත්න අයියගෙත් ජනකදාස අයියගෙත් නැවත ඉගැන්නිල්ලෙන් අපේ හිත්වල නොමැකෙන්න ධාරණය උනා.මම බොහෝ වෙලාවල ගුණරත්න අයියලගෙ ගෙදරම තමයි වැඩිය කාලය ගත කලේ ගුණරත්න අයියගෙ මල්ලි ගුණවර්ධන අයියා මගේ සමවයසෙ හිටපු ගුණපාල වාගෙ අයත් එක්ක දිවාරාත්‍රි ගමන් බිමන් වල යෙදෙමින් බොහොම විනෝද ජනක කාලයක් ගතකරන්න ත් ලැබුණා.

මේ දවස් වල සම්බන්ද උන දේවලින් පුවක්දොලේ බුදුපිල්මෙ ඉස්සරහ ඉඩම ගමේම කෙනෙක්වුනු ඇම්බර ආච්චිගේ අනවසර ග්‍රහනයෙන් තරුන බෞධ සංගමයට ලබා ගැනීම සඳහා කල පැරදුනු සටන, නාට්‍ය සංදර්ශන පැවැත්වීම, ආදී කටයුතු හැබවින්ම විනෝද ජනකයි.කොහොම හරි අපි සාපෙල ලියන කොට අපිට විභාගෙ පිලිබඳ කිසිම පීඩනයක් තිබුනෙ නෑ.පාඩම් කරනව කියල මහ ලොකුවට කරපු දේකුත් නෑ ස්කෝලෙ වැඩටිකයි ගුනරත්න අයියලගෙ පංතියෙ දෙන වැඩ ටිකයි කරා.පාලින්ද නුවර ගම්සභාවෙ පුස්තකාලෙ උපරිමයෙන් පරි ශීලනය කරන්න වැරැද්දුවෙනෑ.සාමාන්‍ය පෙල ප්‍රතිපල ඒකාලෙ හැටියට අතලේ ස්කෝලෙ වාර්තාවක් උනා කිව්වොත් වැරදිනෑ.අපේ පංතියෙ අයගෙන් හත් අට දෙනෙක්ම උසස් පෙලට ඉහලින්ම සමත් උනා.පංතියෙම පහලොවක් විස්සක් තමයි හිටියෙ .මේ විශිෂ්ට විදියට සමත් අය අතරට රත්නසේන රණතුංග මගේ හෝඩියේ සිට එකට සිටි මිත්‍රයා සෝමපාල හා මම අයත් උනා.අපී හැමෝම බොහොම සතුටෙන් උසස් පෙල කරන්න සූදානම් උනා.උසස් පෙල පංති තියෙන ලඟම ස්කෝලෙ කඹුරාවල ස්කෝලෙ. අප්‍රියෙල් නිවාඩුවෙන් පස්සෙ කඹුරාවල ස්කෝලෙට ඇතුලුවෙන්න හිටපු මගේ ගමන වෙනස් උනේ කොලඹ ලොකු මාම නිසා.මගේ ලමා කාලෙ අත්දැකීම් වල ලොකු මාම කෙනෙක් ගැන ලියල ඇති.ඒ අපේ අම්මගෙ ලොකු අයිය.කොලඹ ආරච්චිගේ මෙතියෙස් අප්පුහාමි නම් ඒලොකු මාමා ගමේමයි හිටියෙ.ඒ අතර අම්මගෙ ලොකු මල්ලි කොලඹ දුම්රිය දෙපාර්තමේන්තුවෙ ලිපිකරුවෙක් හැටියට රාජකාරි කලේ.ඒ මාමටත් අපි කිව්වෙ ලොකුමාමා කියල.ලොකුමාමල දෙන්නෙක් වීම නිසා අම්මගෙ ලොකුමල්ලි කොලඹ ලොකුමාමා උනා.මම සාමාන්‍යපෙල පාස්වෙල ඉන්න කොට ගමේ ආපු කොළඹ ලොකුමාමා මගෙ ප්‍රතිපල අහල බොහොම සතුටුවෙල

“අයියෙ සුදු පුතාව මම කොලඹ ස්කෝලෙකට දාන්නම්.එහෙ ස්කෝල හොඳයි.අපිත් එක්ක ඉඳල ස්කෝලෙ යන්න පුලුවන්නෙ” කියල තාත්තට කිව්වා.

“ලමය කැමතිනම් මක්වෙනවද?ඒක බොහොම හොඳයි මල්ලියෙ”තාත්ත ප්‍රතිචාර දැක්වූවා.

“පුතා මොකද කියන්නෙ කොලඹ යමු නේද?”ලොකුමාම ඇහුවා.

“හා”මම බොහොම කැමැත්තෙන් උත්තර දුන්නා.

මගේ ප්‍රතිපල විස්තර ලියාගත්තු මාමා ආපහු ගියා.මාසයක් යන්න ඉස්සෙල්ල ආපහු ආපු මාමාත් එක්ක දියගම පොඩි බාප්පත් ආවා.මාමා බැඳපු නැන්ද කිරිවත්තුඩුවෙ දියගම .නැන්දගෙ බාල මල්ලි මගේ වයස් කාන්ඩෙ මට වැඩිය මාස හත අටක් වැඩිමල් කෙනෙක්. පිලියන්දල මධ්‍යමහා විද්‍යාලෙ අපොස සාපෙල විද්‍යා අංශයෙන් කරල සමත් උනත් උසස්පෙල කරන්න පොඩි අඩුපාඩුවක් තිබුනා.මිනිහ ගමේ මැරෑටි වැඩ කර කර ඉන්න අතර මොකක්දෝ සිද්ධියකට ගමේ චන්ඩිපහේ මිනිහෙක් එක්ක පැටලිලා. ඒ මිනිහගෙන් අනතුරක් වෙයි කියන බයට නැන්දල ටික කලකට අපේ ගමට එව්වා.පොඩි බාප්පත් එක්ක මාසයක් ගත කරද්දි කොලඹ ස්කෝල ජීවිතේ ගැන හුඟක් දේ දැන ගත්තා.එයාගෙන් දැන ගත්තු හැටියට මාව ඇතුලු කරන්න පිලියන්දල සෙන්ට්‍රල් එක පන්නි පිටිය ධර්මපාල විද්‍යාලය යන ස්කෝලවලට අයදුම් පත් දාලයි තියෙන්නෙ. පොඩිබාප්ප වර්ණා කලේ පිලියන්දල මධ්‍ය මහා විද්‍යාලෙ.මගෙ හිත ගියේ ධර්මපාලෙට.මොකද ඒකාලෙ ධර්මපාලෙ රටේ බොහොම ප්‍රසිධ ස්කෝලයක්.අන්තිමට මාම ඇහුවම මම ධර්මපාලෙ හොදයි කිව්වා.ඒ අනුව 1975 අප්‍රියෙල් 26වෙනිද ධර්මපාලෙ විදුහල්පතිතුමාගෙ කැදවීමට ඒ ස්කෝලෙට ගියා.ස්කෝලෙ පටන් ගන්නෙ 27වෙනිද.මම ස්කෝලෙට ගියේ මාමත් එක්ක 26 හවස දෙකට විතර.

ධර්මපාලෙට ඇතුල් වෙනකොටම ලොකු වෙනසක් දැනුනා .විශාල ගොඩනැගිලි විදුහල්පති කාර්‍යාලය.මේවා අපිට පුරුදු දේවල් නෙවෙයි.විදුහල්පති බීඑස් ගුනසේකර මැතිතුමා අංග සම්පූර්ණ සුදෝ සුදු යුරෝපීය ඇදුම ඇඳලා කන්නාඩි දෙකක් දාල ඉන්න මහා පුරුෂයෙක්.විදුහල්පති කාර්‍යාලයෙ කුසලාන පලිහ පිරුණු අල්මාරි.යතුරු ලියනයක් තියාගෙන ලිපිකරුවෙක් කාර්‍යාලෙ වැඩ.ඉතා පිරිසිදු කාර්‍යාලය.මේවා මට අලුත්ම දේවල්. විදුහල්පතිතුමා මගෙන් විස්තර බොහොම කාරුනිකව අහලා නියෝජ්‍ය විදුහල්පතිනි චිත්‍රා පෙරේරා මැතිනියට කිව්වා මාව ඇතුලත් කරගන්නා ලෙසට. එතුමියගෙ කාර්‍යාලෙ වෙනම එතනදි මට කිව්වා උසස්පෙල කලාපංතිය වාණිජ පංතියත් එක්ක එකටම තියෙන බව.විෂයන් දෙකක් වාණිජ ශිෂ්‍යයො එක්ක ඉගන ගන්නා ලෙසත් අනිත් විෂය දෙක වෙනම ස්තානවල කලා පංතියෙ අයට උගන්වන බවත් කියල දුන්නා.මේ සේරම කියල දීල මාව ස්කෝලෙට ඇතුලු කලා .පහුවෙනිද ඉඳන් ස්කෝලෙට එන්නත් දැනුම් දුන්නා.ඒ අනුව 1975 අප්‍රියෙල් මාසෙ 27වෙනිද උදෙන්ම පන්නිපිටිය ධර්මපාල විද්‍යාලෙට ගියේ 11ශ්‍රේණියේ අලුත් ශිෂ්‍යයෙක් විදියට.නිල්පාට කොට කලිසමත් සුදු අත්කොට කමිසෙත් ඇදල පරාන බයෙන් ගැහිගැහි අලුත් ස්කෝලෙට ගියෙ දියගම හංදියෙන් බස් එකට නැගලයි.

අලුත් ස්කෝලෙ පංතියට ගිය මට මහ බයක් දැනුනා.ගමේ ස්කෝලෙ මම නමක් තිබුනු චරිතයක්. පොඩි පංතියෙ ලමයින්ගෙ ඉඳන් ඉහලම පංතියෙ ළමයින් දක්වා හැමෝම මාව දන්නවා. ස්කෝලෙ ගුරුවරු ඔක්කොම මාව දන්නවා.ඒත් අද කිසිම කෙනෙක් මාව දන්නෙ නෑ. නන්නාඳුනන අය ඉන්න පංතියකට යන්න වෙලා ගුරුවරු කවුරුත් මම අඳුනන්නෙ නෑ.මමත් මේ දාස් ගානක් ඉන්න ලමයි අතර එකෙක් විතරයි. අනික ස්කෝලෙ පංති කාමර වෙනම තියෙනවා.මම ඒ දක්වා ගිය ස්කෝල දෙකේම ශාලාවල පංති කාමර වෙන් කරල තිබුනෙ නෑ. ලමයි ඔක්කොම පිලිවෙලට ඇඳලා සපත්තු දාලා.මම මේ මහා ලමයි ගොඩේ නන්නාඳුනන පුංචි එකෙක් විතරයි.අනේ මීට හොඳයි කඹුරාවල ස්කෝලෙට ගියානම් කියල හිතහිතා හිමිහිට පංතියට ගියා.කලින් දවසෙ නියෝජ්‍ය විදුහල්පතිතුමිය පංති කාමරේ අංකය කොලේ ලියල තිබුන නිසා පංතිය හොයාගන්න අමාරු උනේ නෑ.හිමිහිට බිම බලාගෙන පංතිය ගාවට ගිය මම පංති කාමරේ දොර ලඟ නැවතුනා.පංතිය ඇතුලෙ හතර පස් දෙනෙක් ඉන්නවා.මම ඇතුල් නොවී එලියෙන් නැවතුනේ ඉබේට වගේ.ඇතුලෙ හිටපු එක ගෑනු ලමයෙක් දොර ලඟට ඇවිත්

“ඇයි මල්ලි කාවද බැලුවෙ?” කියල ඇහුවා.

“මේ මේ එකොලහ කලා පංතියදෙ?”මම හිමිහිට ඇහුවා.

“කලා පංතිය? නෑ මල්ලි මේ එකොලහ වාණිජ පංතිය.ඇයි කලා පංතිය හොයන්නෙ?”

“නෑ මම අලුතින් එකොලහ කලා පංතියට අද ඉඳන් එන්නෙ.වාණිජ කලා පංති දෙක එකට තියෙන්නෙ කියලයි මට ඊයෙ කිව්වෙ.”

“ඈ ඔයා එකොලහෙ.? මම හිතුවෙ ප්‍රයිමරියෙ මල්ලි කෙනෙක් කියලනෙ.එන්න ඇතුලට .ඒයි මේ මේ මල්ලි අපේ පංතියෙලු. අද ඉඳන් ඇවිත් තියෙන්නෙ.” කියල ඒ ගෑනු ලමය කිව්ව විතරයි.මම පංතියට ඇතුල් වීමත් හිටපු හතර පස් දෙනා මාව වටකර ගැනීමත් දෙකම එකට උනා.මාව වට කර ගත්තු හතර පස් දෙනාගෙ ප්‍රශ්න උනේ ඇත්තටම මම එකොලහෙද කියල දැන ගන්න එකයි.මොකද මම ශරීරෙන් බොහොම පුංචි කෙනෙක් උන නිසා.වයස අවුරුදු පහලොවක් වෙන මම ඒවෙනකොටත් බස් එකේ බාග ටිකට් එකට යන්නෙ.ඉතින් මගේ අලුත් පංතියෙ මිත්‍රයින්ට මාව ප්‍රයිමරියෙ කොලු පැංචෙක් වගේ පේන එක ගැන මට පුදුමයක් තිබුනෙ නෑ.
“ඔයාල හරි නරකයි ඔය මල්ලිට ඩෙස්ක් එකක් දීල වාඩිවෙන්න තැනක් දෙන්නැතුව ප්‍රශ්න අහනව”.කියල එක ගෑනු ලමයෙක් කිව්වම දෙවනි පේලියෙ ඩෙස්ක් එකකුයි පුටුවකුයි මට ලැබුනා.ටිකෙන් ටික පංතිය පිරෙන්න උනා.එන හැමෝම පරණ අය.හැමෝටම මාව පුදුමයක්.විස්තර අහනවා. ගම ඇහුවම මම කිව්වෙ අගලවත්ත කියලයි.අපේ ගමේ නම කිව්වොත් කොහේද කියල හිතාගන්න බැරි නිසයි එහෙම කිව්වෙ.කොහොම හරි හත හමාර අට වෙනකොට තිහක් විතර පංතියට ආවා.ඔක්කොම මට වැඩිය ලොකුයි.මම වගේ කොට කලිසම් ඇදපු ලමයිතුන් හතර දෙනෙක් හිටියා.මේ හැමෝම මාත් එක්ක කථා කරා.ගෑනු ලමයි දහයක් විතර හිටියා.මේහැමෝම මාත් එක්ක කතා කරන කොට නිකම්ම මගෙ බය නැතුව ගියා.දවල් විවේක වෙලාවෙන් පස්සෙ බෙල් එක ගැහුවම සුදු දිග කලිසම ඇදපු සර් කෙනෙක් පංතියට ආවා. හැමෝම නිශ්ශබ්ද උනා.

“කෝ ලමයි මොනවද දැන් තියෙන්නෙ”.සර් ඇහුවා.

“වෙනද තිබුනු ඒවම තමයි සර්” කියල පිටි පස්සෙන් එකෙක් කිව්වා හැමෝම හිනා උනා.මටත් හිනාගියා.

“නිශ්ශබ්ද වෙනවා ගුරුවරුන්ට සල කන්නෙ ඔහොමද?කෝ කවුද මේ පංතියට අලුතින් ආවෙ.?”ඉස්සරහ පේලියම හැරිල මාදිහා බැලුවා මම හිමිහිට නැගිට්ටා.

“හා තමුසෙද අලුතින් ආවෙ?” සර් ඇහුවා.

“එහෙමයි.සර්” මමහිමින් කිව්වා.

“තමුසෙ හිතුවද මම හාමුදුරු කෙනෙක් කියල එහෙමයි කියන්නෙ.කොහෙන්ද ආවෙ.”

“මම අගලවත්තෙන්.ආවෙ.”

“අගලවත්තෙ ඉන්නෙ සමසමාජ කාරයොනෙ.තමුසෙත් එහෙමද?”

මම උත්තරයක් දුන්නෙ නෑ.දැන් ආයිත් සබකෝලෙ ඇතිවෙලා.

“මට පේන්නෙ තමුසෙ ප්‍රයිමරියට යන්න ඕන කෙනෙක්.වැරදිලා මෙහාට ඇවිත්. දැන් මම තමුසෙව ආපහු යවනවා.ගන්නව පොත් ටික.සර්” සැරෙන් කිව්වා මට දාඩිය දාන්න ගත්තා.

“ඒයිසර් උඹට එහෙම කරන්න දෙන්න බෑ.මේ පොඩිඑකා අපිට ඕන.”කියල පිටිපස්සෙ පේලියෙ එවුන් ඉස්සරහට පැන්නා.කෙල්ලො ටිකත් පුටු පෙරල ගෙන පැන්නා.සර් එලියට පැනල දිව්වා.
“ඒයි උඹ බය උනාද ?ඌ දොලහෙ පංතියෙ එකෙක් බං”.එකෙක් මගෙ කරට අතදාල කියන කොටයි මට වැඩේ තේරුනෙ.

“හරි දැන් ඒක ඉවරයි දැන් උඹ අපේ එකෙක්.බය නැතුව හිටපන්.මේ ස්කෝලෙ එකෙකුගෙන්වත් උඹට කරදරයක් වෙන්න දෙන්නෙ නෑ.හරිද”? මම ඔලුව වැනුවා.

ඊට පස්සෙ තව ටික දවසකින් අලුත් ලමයි කීපදෙනෙකුත් ආවා.ධර්මපාලෙ දිගටම ඉගෙනගත්තු අපේ මිත්‍රයො මේ ගමෙන් ආව මට කිසිම වෙනසක් නොකර බාල සහෝදරයෙකුට සලකනව වගේ සැලකුවා.ගුරුවරුත් ඒවගේම මට බොහොම ලොකු ආදරයකින් සැලකුවා.කලා විෂයන් හදාරපු අපි කීපදෙනා විශයන් දෙකක් පංතියෙ අනිත් අයත් එක්ක ඉගෙන ගත්තා.වානිජ පංතියට ගණකාධිකරණය තියෙන කොට කලාවිෂයන් කරපු කීපදෙනා වානිජ කාමරේට ගිහින් සිසිල් අබේසිංහ සර්ගෙන් සිංහල ඉගෙන ගත්තා.වාණිජ විද්‍යාව තියෙන වෙලාවට ඒවගේම කුසුමා රණසිංහ ටීචර්ගෙන් බෞධ සංස්කෘතිය ඉගෙන ගත්තා.ආර්තික විද්‍යාව හැමෝම එකට උපාලි සමරසිංහ සර්ගෙනුත් භූගෝල විද්‍යාව ගුණරත්න සර් ගෙනුත් ඉගෙන ගත්තා.පංතියෙ හිටපු පැරණි ධර්මපාලෙ යාලුවො විවිධ බාහිරදේවල් කලා.විද්‍යාලීය ක්‍රිකට් කන්ඩායමේ තුන් ඉරියව් දක්ෂ ක්‍රීඩකයෙක් උන ඇන්ඩෘ අතුකෝරල (වර්තමානයේ ජ්‍යත්තර ක්‍රිකට් විනිසුරු) දක්ෂ පන්දු යවන්නෙක්වූ දිවංගත අනුර රණසිංහ කඩුලු රකින්නා උන ඔලිවර් දිසානායක(ප්‍රවීන ගීත රචක) අපේ පංතියෙ.කැඩෙට් කන්ඩායමේ නිත්‍ය සාමාජිකයෙක් උන ඇන්ඩෘ එක්ක ධර්මසිරිත් උපාලි කුලරත්නත් හිටියා. අයෙෂ්මන්ත හෙට්ටි ආරච්චි ඒකාලෙත් දක්ෂ කැමරාශිල්පියෙක්.(ප්‍රවීන කැමරා අධයක්ෂ) කෝසල මීමනගේ ජනාධිපති සම්මාන ගත්ත බාල දක්ෂයෙක්.කොඩිකාර ටයිප් රයිටරෙන් විසිතුරු චිත්‍ර රටා නිර්මානය කරන්න පුදුම දක්ෂ කමක් තිබුනු කෙනෙක් .සිරිමෙවන් රාජපක්ෂ,ඩී සී කඳන ආරච්චි, මානෙල් කරුනාරත්න ශිෂ්‍ය නායකයො.තිලක් සේනාධීර(දිවංගත), උපාලි කුලරත්න, ඕනෑම ගෝරියකට ඉස්සරහට එන අය.කීර්ති චන්ද්‍රලල් ලොකුකැටගොඩ ශාන්ත කුමාර ලොකුකැටගොඩ අයියයි මල්ලියි.මුචලින්ද සිරිවර්ධන ඉගෙන ගැනීමේ දක්ෂයෙක්. ලක්දාස් වටවල,සරත් කුමාර විජේගුනවර්ධන සෝමචන්ද්‍ර දිසානායක ඩර්වින් දහනායක, සිඩ්නි,කුමාරසිරි ,ගාමිනී ගමගේ,( අපේ අගලවත්තෙ කිතුල්ගොඩ ගම්වාසී) ආරියවංශ, ගුනසිරි ලියනගේ(දිවංගත) සමරසිරි උක්වත්ත,අපේ පංතියෙ මිත්‍රයො.අනෝමා, අනෝජා,ඇහැලියගොඩ නන්දා, සුජාතා, ජානකී, මාලනී, මල්ලිකා(ආර් බී),මල්ලිකා(තබ්බෝවෙ), පද්මා, රංජනී පහත් කුඹුර, ප්‍රියදර්ශනී,කාන්ති මුනසිංහ, ජී දේවගේ, ශ්‍රියාලතා ඩයස්, බී ආර් රමණී, චන්ද්‍රානි, ජයන්ති කලුබෝවිල,.මානෙල් කරුණා රත්න පංතියේ අවුරුදු තුනක් එකට හිටපු මිතුරියන් පිරිසයි.

ගුරුවරුන් ගෙන් කලින් කියාපු අයගෙන් ගුනරත්න සර් මාරුවෙලා ගියා.භූගෝල විද්‍යාවට ගුරුවරයෙක් නැතිඋනා.මෙහෙම තියෙද්දි උසස්පෙල විභාගෙ කලා.විෂයන් තුනයි සම්මාන එකයි.භූගෝලෙ පේල්.මුලු පංතියෙන්ම තුන්දෙනෙක් වශ්ව විද්‍යාලෙට ගියා.දෙවනි පාර භූගෝලවිද්‍යාව වෙනුවට වෙන විෂයක් කට්ටියම තෝරාගත්තා.තර්ක ශාස්ත්‍රයට ගුරුවරයෙක් හිටිනිසා හැමෝම ඒ විෂයටගියා.මම ඇර.මම දිගටම භූගෝලෙ රැදී හිටියා.විභාගෙට මාස හතරක් තියෙද්දි ගුරුතුමියක් ආවා. 12(2)පංතියෙ ඒ විෂයට මම විතරයි.ටීචර් මට පොත් දෙකක් ගෙනත් දුන්නා.ඒකපාඩම් කරන්න සිලබස් එක කවර් කරන්න කාලයක් නෑ කිව්ව.ඒපොත් දෙක පාඩම් කලා.ටීචර් මාසෙකින් විතර මාරුවෙලා ගියා.මම දෙවනිවර විභාගෙන් ගොඩ ගියා.මේ වෙනකොට විදුහල්පති එන් බී පෙරේරා මැතිතුමා.

හද්දා පිටිසරින් නගරෙ ලොකු ස්කෝලෙකට ආපු මම වගේ පුංචි එකෙක්ව කිසිබේදයක් නැතුව තමන්ගෙ සහෝදරයෙක් වගේ පිලිඅරගෙන සලකපු මගේ ධර්මපාලෙ මිත්‍රයොත් මිතුරියොත් එතනදි බොහොම කරුනාවෙන් ශිල්පය දුන්න සිසිල් අබේසිංහ උපාලි සමරසිංහ කුසුමා රණසිංහ යන ගුරු තුමන් තුමියනුත් පොත් දෙකක් තම සල්ලිවලින් මටගෙනත් දී භූගෝල විෂය සම්පූර්න කිරීමට උපකාරී උන අදටත් නම නොදන්නා ගුරුතුමි යවත් කිසිදා අමතක නොවෙන බව සටහන් කල යුතුයි.අවුරුදු තුනක් ශිල්පය දුන්න ජීවිතේ බොහෝදේ ඉගෙන ගන්න ඉඩදුන්න පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයත් මට මහමෙරක් වගේ වටින තැනක්.මේ කතාව ලියන අද මම රටේ ප්‍රධානම දිස්ත්‍රික්කෙ වුනු කොලඹ දිස්ත්‍රික්කෙ භාරව ඉන්න ප්‍රධාන රාජ්‍ය නිලධාරිය. පුංචි කොල්ලෙක් හැටියට පිටිසර ගමක ඉපදුනු මාව මේ වගේ තැනකට ගේන්න දායකත්වය දුන්නු ප්‍රධානම භූමියක් තමයි පන්නිපිටියෙ අරලිය ගසින් වැසුණු පිංබිම වූ ධර්මපාල විදුහල් භූමිය.ඒ පිංබිම සුවඳවත් කල ගුරුවරුන් ඒපිංබිම හැඩ ගැන්වූ සමකාලීන මිතුරු මිතුරියන් සියල්ලෝම කවදත් මතකයේ ජීවත් වෙනවා.

5 thoughts on “ගමෙන් නගරෙට

  1. දැන් පන්නිපිටියෙ විද්‍යාලය පහසුකම් සහ අධ්‍යාපනය අතින් සෑහෙන්න දියුණුයි, හොඳ ගුරුවරු සහ ආදි සිසු කණ්ඩායමක් ඉඳීම එයට එක හේතුවක්.

    මම හිතාන හිටියෙ අනුර රණහිංහ මහත්මය නාලන්දෙ ආදි සිසුවෙක් කියල ?

    Like

  2. ලිපිය ලියල තියන්න පාසල ගැනවුනත් පාසල් අධයාපන ගැටලුත් ඒ තුල තියනව
    ධර්මපාලට ගිය එක වාසනාවන්ත ගමනක් කියල හිතනව අනිත් එක ඒක මිශ්ර ඉස්කලයක්න
    මට බලයක් තියනව නම් ඔක්කම ඉස්කාල මිශ්ර ඉස්කාල කරනව මකද මම උසස්පල රිච්මන්ඩ් විද්යලය මුල් පත්වීම උසස් බාලිකා වි ඊළග කිස්වුඩ් වි ඊළග කඹුරාවල ඉතින් පිරිමි ගැහැණු ඉස්කාල අඩුපාඩු ගැන ටිකක් දන්නව
    ගමට එන්න හිතිල ආවට ආව නැත්නම් හදයි කියල හිතනව
    ඹය පිරිමි බාලිකා ඉස්කාල විෂය ඉගන ගන්න නම් හදයි ඒත් පාඩු වනව

    පහල පන්තිවල දි පාලි ඉගන ගන්න ලැබුනබවක් සදහන්ව නැහැ අපිට ලැබුන 7 ට 8 ට පන්ති වලදි පාලි ඉගනගන්න හරි ප්රයා්ජනවත් මට බලයක් තියනව නම් අයිත් ලමයින්ට පාලි උගන්නන්න නියම කරනව

    ගැරුවරු කියන්න ස්වයට කැප වච්ච අය තමන්ට ඉවර තියන විට අනිත් පන්තියකට ගිහින් හරි උගන්වන අය හුගක් ඉන්නව
    හැබැයි දැන් එහම අය අඩු ඇති
    ලිපිය හුගක් අද්යාපන අඩුපාඩු ගුරු අඩුපාඩු ගැන සදහන් වනව ඒව ඒ කාලය හුගක් ලමයි වින්ද
    අදත් එහම තමයි ගැටලු වල ස්වභාවය තමයි වනස්
    ඒ කාලය කලුතර දිස්ත්රිකයටම තිබුන එක අද්යාපන කාර්යාලයයි පුදුම හිතනව කහම කලාද කියල
    අදත් අද්යාපනය හුගක් අඩුපාඩු තියනව මිනිස්සු ඒ ගැන වැඩිය හිතන්න නැහැ මිනිස්සු පාසල අතරල ලමයිව ටියුෂන් යවන නිසා

    ගැරුවරු වරින්වර පුහුුණු කරන්න ඹ්න දැනුවත් කරන්න ඕන එහම කරන්න විෂය අධ්යක්ෂ හබැයි දැන් ඉන්න විෂය අධ්යක්ෂල සහ අනිකුත් අද්යක්ෂල වැඩි දනක් කවදාවත් ඉස්කාලක උගන්නල නැති අය ඉතින් හරියට අර ලමයි හම්බවලා නැති අය ලමයි හම්බවන හැටි කියල දනව වග් තමයි හැබැයි දැන් ඉන්න සමහර ගුරුවරු ම් අයට කැමතියි ඇයි බයවන්න දයක් නැහැන ම්ක ඒ අයග වැරද්දක් නවයි තා්ර ගත්ත අයග වැරද්ද ඕව ඔය අධ්යාපන අමාත්ංශ ඉන්න පරිපාලන ස්වය අයග වැඩද දන්න නැහැ අපි අධ්යාපනය දන්න නැති එක අධ්යක්ෂලවත් එහම තා්රගන්න එක හදයි කියල හිතුවද දන්න නැහැ
    මට බලයක් තියනව නම් ඔය පරිපාලන ස්වය අය ඔක්කම අධ්යාපන අමාත්යංශයින් අයින් කරනව

    විෂය නිර්ද්ශ සම්පූර්ණ කිරීම ගැන ලියල තියනව අද තියන විෂය නිරිද්ශත් පාසල් වලාව තුල සම්පර්ණ කරන්න බැහැ
    ඒ නිසා ලමයින්ට ටියුෂන් යන්නම වනව සල්ලි තියන ලමයි විතරයි හදට පාස්වන්න

    විශ්ව විද්යාල වල විද්යා ඉංජිනරු වයිද්ද අංශවල රජය් පාසලකින් ඇතුලත් වච්ච ටියුෂන් නගිය ලමයක් ඉන්නවනවනම් හයල දන්න

    ඒ නිසා ඔය ලබල තියන ද්වල් අද ලබයිද කියන්න බැහැ

    නිදහස් අධ්යාපනය ගැන හිතනවිට මට මහින්දදාසව මතක් වනව මහින්දදාස කියන්න අම්පාර පදියතලාව ශිෂ්යත්වය පාස්වල ගුරු අඩුපාඩුකම් සහිතව පරාදනිය ඉංජිනරු අංශයට තරිල ඒක අතහැරල සයන්ස් පැකල්ටි අවිත් පිසික්ස් පස්ට් ක්ලාස් එකක් ගත්ත ලමයක්
    ටියුෂන් මුකුත් නැහැ අනිත් අයට හදන්න බැරි ගණන් මහින්දගන් ඇවිල්ල අහගන්නව මහින්ද අහනව ම් ගාන ක්රම දකකට හදන්න පුලුවන් ඔයාට ඕන මන ක්රමයද කියල එවන් මහින්ද අමරිකා ගිහින් පී එච් ඩී කරල අවිත් මුකුත් කරන්නැතුව පදියතලාව ඉස්පිරිතාල හරිය පදිංචිව ඉන්නව කියල අරංචි අමරිකාව මහින්දව වනස් කලාද හිතනව
    ලිපිය තියන්න පාසල් ජීවිතය රසවත්බව නමුත් එයට යටින් අද්යාපන ක්රමය තියන අඩුපාඩු ගැන තියනව
    ම් හුගක් ද්වල් හරිගස්සන්න නම් රටට අදරය කරන එකාධිපති නායකය ඉන්න ඹ්න නැත්නම් එකාධිපති බලතල තියන මණ්ඩලයකින් රට පාලනය වන්න ඹ්න නැත්නම් තියන පාර්ලිම්න්තුවට අමතරව විද්වත් සභාවකින් කරන පාලනයකුත් තියන්න ඕන කියල මට හිතනව

    Like

  3. දින වකවානු,ගුරුවරුන්ගෙ නම්.පංතියෙ හිටපු අයගෙ නම්..කරපු වැඩ,සේරම මතකයි නේද ?
    “පොඩි සුනිල්” කියලා ධර්මපාලෙ අය කතා කරේ නැද්ද ?
    අපූරුයි සටහන ..

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s