දියගම ජීවිතේ.

ගමෙන් නගරෙට ආපු මම අවුරුදු තුනක් මිත්‍රයොත් එක්ක ගතකරපු කාලයත් ගමේ ජීවිතේට දෙවනි උනේ නෑ.ගමට වැඩිය වෙනසක් උනේ මේ කරපු වැඩ අලුත් මිත්‍රයො සම්බන්දවෙලා කරපුව නිසයි.මුලින්ම මම ධර්මපාලෙට ගියෙ කිරිවත්තුඩුවෙ දියගම ගමේ ඉඳන්.අපේ මාම ඒවෙනකොටනැන්දලගෙ මහ ගෙදරම හිටියෙ.මාම මාඹුල්ගොඩ අලුත් ගේ හදමිනුයි හිටියෙ.දියගම හංදියෙන් උදේ හයයි හතලිස් පහට බස් දෙකක් ගමන ආරම්භ කරනවා.එකක් දීපංගොඩ දොලේකඩේ හරහා කොට්ටාවෙන් හයිලෙවල් පාරට වැටිල කොලඹට ගමන් කරනවා.අනිත් බස් එක මාගම්මන කටුවාන හරහා හෝමාගමින් හයිලෙවල් පාරට වැටිල කොලඹට යනවා.බොහෝවෙලාවට හෝමාගම හරහා යන බස් එක තට්ටු දෙකේ බස් එකක් නිසා මම යන්නෙ ඒබස් එකේ.දියගම ගෙදර ඒකාලෙ ගොඩක් කට්ටිය හිටියාආතා ආච්චි ලොකු බාප්පා පොඩිනැන්දා අපේලොකුමාමයි නැන්දයි ලමයි දෙන්නයි මමයි උනහම ලොකු පිරිසක්. දියගම ආතා ගොවිතැන් කරපු කෙනෙක්.ආතාගෙ ලොකු කොටුවක් දියගම හෝමාගම පාර අද්දර දෙවටෙ තිබ්බා.ආතා උදේ පාන්දර පහට විතර නැගිටලා තේඑකක්බීලා පහමාරවෙනකොට කොටුවට යන්න පිටත් වෙනවා.බොහෝදවස් වලට මම නැගිටින කොට ආත කොටුවට ගිහිල්ලත් ඉවරයි.කොටුවෙ වගාවන්වල දුකසැප බලල හය හමාරට ඉස්සෙල්ල දියගම හංදියෙ ජෝන් අයියගෙ කඩේට ආත එනවා.එතන ඉඳලා ආප්ප කාලාතේ බීලා ආපහු කොටුවට ගිහින් රෙගිස්ටර් රාලාහාමිගෙ වත්තටත් ගිහින් ඒබවබෝගසම්බන්දකටයුතුවලයෙදිල ගෙදර යන්නෙ දවල් එකොලහට විතර.දිවා ආහාරෙන් පස්සෙ ආපහු තුනට විතර කොටුවපැත්තෙ එනා ආතා හවස පහමාරහයවෙනකොට ගෙදරට එනවා.මේ හවස ගෙදර එනකොට ආතගෙ සරමෙ ඔඩොක්කුවෙ පොරිබෝල දෙකක් තලබෝල හෝ කැරලි දෙකක් එක්ක මොනවහරි කෑමක් වරදින්නෙ නෑ.ඒවත් එක්ක ගෙට ගොඩවෙන්නෙම

“ආ කෝ මේ ලමයි පුතේ වරෙන් මේන් බොලට කෑමක් ගෙනාවා කියාගෙන.”

මේලමයි කියන්නෙ පොඩිනැන්ද මම අපේ මාමගෙ ලොකුපුතා සුදුමල්ලි ඇතුලු ඔක්කොටමයි.මාමගෙ පොඩිපුතා පොඩි සුදුමල්ලි එතකොට යම්තම් පියවර මනින වයසෙ.අපි ආත ලඟට ආවහම අර ඔඩොක්කුවට අතදාල එක එක්කෙනාට අහුවෙන කෑමක් දෙනවා.ලොකු පොඩි බේදෙකින් තොරව කියන්නෙ

“කාහං පුතේ උගුරෙ හිරකරගන්නඑපා හිමිහිට කාහං” කියනවා.පොඩි නැන්දා ස්කෝලෙ ගමන නිමකරලා කාර්මික විද්‍යාලෙට යන වයසෙ මම උසස්පෙල උනාට ආතට අපි ඔක්කොම අර ලොකු සුදුමල්ලිගෙ වයසෙ.ඊලඟට ආතා හාන්සි පුටුවෙ වාඩිවෙලා තේ බොනවා.තේ එක බීලා ඉවරවෙලා බුලත් විටට කලමනා හොයාගෙන විටක් කොටලා හපන ගමන් හාන්සි පුටුවෙ දිගාවෙලා හිමිහිට කවි කියකියා ඉන්නවා.අපි ලගපාතක ඉන්නවනම් අපිටකතාකරනවා.කොටුවෙ බෝග ගැන හේනෙවත්තෙ ලිඳ ගැන ගමගැන විවිධ කාරණා ගැන ආතා අපිට කියනවා. ඊටපස්සෙ රාත්‍රි ආහරයෙන් පස්සෙ නිදාගන්නවා පස්සෙන්දටත් සුපුරුදු දිනචරියාව පටන් ගන්නවා.

ආතගෙ දිනචරියාවට ස්කෝලෙ යන මාව සම්බන්දවෙන අවස්තා යෙදෙනවෙලාවල් එනවා.මම ගෙදරින් හයයි කාලට පිටත් වෙලා පිටිපස්සෙ රබර් වත්ත දිගේ පයින් ඇවිදගෙන ආතගෙ කොටුවලඟ දෙවටට ගොඩවෙලාදෙවටදිගේ ඇවිත් හෝමාගම පාරට ගොඩවෙනවා.එතනින් වමට හැරිලාදියගම හංදියට පාරදිගේ එනවා.ජෝන් අයියගෙ කඩේතමයි කඩපේලියෙ කෙලවරේම කඩේ.බස් දෙකම නතර කරල තියෙන්නෙ සමුපකාරෙ මිදුලෙ.කඩ පෙල අයිනෙන් අනිත් කෙලවරට ඇවිත් පාර පැනල බස් එකට ගොඩවෙන්න ඕන.මම බස් එකට ගොඩවෙලා විනාඩි පහලොවක් විතර ගියහමයි බසෙක පිටත් වෙන්නෙ.සමහර දාට ජෝනයියගෙ කඩේ මිදුලෙ ඉන්න ආත මම එනව දකිනව.

“ආ පුතේ උඹ උදේට මොනවත් කෑවද?” ආතා අහනවා.

“ඔව් ආතෙ මම බත් කෑව” කියල මම කියනවා.

“වරෙන් පුතේ ආප්පයක් කාහං” ආතා කියනව.

“එපා ආතෙ මම කෑවනෙ” කියල මම කිව්වට හරි යන්නෙ නෑආතා ආප්පයක් හරි වන්ඩුවක් හරි මොකක් හරි කෑමක් අල්මාරියෙන් අරගෙන දෙනවා.මට කෑමට වැඩිය ඕන තට්ටු දෙකේ බස් එකේ උඩ තට්ටුවෙ ඉස්සරහ සීට් එක අල්ල ගන්න.ආත දෙනදේ කන අතර වෙන කොල්ලො සීට් එක අල්ලගත්තොත් වැඩක් නෑ.ඒක හින්දම ආතව මග ඇරල බස් එකට පනින්නයි මම බලන්නෙ.කොහොම උනත් ආතට කඩේ ලඟදි දැක්කොත් මොනවහරි කන්නම ඕනා.නැත්නම් ආත තරහ උනොත් හොඳනෑ.ඒකට හොඳ උපායක් හැටියට පාරෙ අනිත් පැත්තෙන් ගිහින් කඩ පේලිය මග අරින්න මම පුරුදු උනා.එහෙම ටිකදවසක් ගියා.ආත මාව දකින්නෙ නෑ.ඒත් එකදවසක පාරෙ අනිත් පැත්තෙන් යන මාව ආතා දැක්ක.

“ආ පුතේ වරෙන් මේ ආප්පයක් කාල පලයන්” ආතා කතාකලා.

“එපා ආතේ බස් එක යයි”.කියාගෙන මම හොරන පාර පැනලා සමුපකාරෙ ලඟට ගිහින් තට්ටු දෙකේ බස් එකටගොඩ උනා.පුරුදු විදියට ඉස්සරහ සීට් එක අල්ල ගෙන වාඩිවෙලා ටිකක් ඉන්න කොට පිටිපස්සෙන් ආතා කතාකරනව ඇහෙනවා.

“පුතේ කෝ මේ ලමය මම ආප්පදෙකක් ගෙනාවා.වරෙන් මේක කාහං පුතේ.”කියල උඩතට්ටුවෙ පිටිපස්සෙන් ගොඩවෙලස් ආත බස් එක ඉස්සරහට එනවා.ඒවෙනකොට බස් එකේ හිටපු ස්කෝලෙ කොල්ලො කෙල්ලො කට වහගෙන පිම්බිලා ඉන්නවා හිනාවෙන්න බැරුව.ආතා මගේ ලඟටම ඇවිත් ආප්පදෙක දීලා .

“ඕක කාහං හිමිහිට මම තේ එකකුත් ගේනකං” කිව්වා.

“එපා එපා ආතෙ තේ එපා “කිව්වම ආත බැහැල ගියා.එදා ආත බැහැල ගියහම කොල්ලො කෙල්ලො ඔක්කොම මට කොලොප්පම් කලේ මුනුබුරා කියල.එදා උන් එක්ක මට තරහ ගියා.ඒත් මොනව කරන්නද කාගෙන හිටියා. ආතා ගැන නම් මට තරහ ගියේ නෑ.ආතගෙ සැලකිල්ල එහෙම තමයි කියල දැනගෙන හිටපු නිසයි ඒ.දියගම ආතට ලමයි කිව්වම කවුරුත් එකයි.ලොකු අයට උනත් ආත පොඩිම උන්ට වගේමයි සැලකුවේ.

දියගම ආතගෙයි ආච්චිගෙයි ආදර සැලකුම් ලබාගෙන ඉන්න මට බොහොම විනෝදජනක උනේ පොඩි බාප්ප ආපුවමයි.පොඩි බාප්ප දියගම ගමේ චන්ඩි පහේ මිනිහෙක් එක්ක පොඩි ගෝරියකට පැටලිලා අපේ ගමට ගිහින් හිටියෙ.මිනිහට අපේගම හොඳට ඇල්ලුවා.මටත් වැඩිය හොඳට අපේ ගමට අල්ලල ගියපොඩි බාප්ප ඉඳල හිටල දියගමට ඇවිත් සුමානයක් දෙකක් ගතකරල යනවා.දියගමට ආපු දාට පහුවදාම ගමේ පොඩි රවුමක් ගහන පොඩි බාප්පමේ කොලු නඩේ හම්බු වෙනවා.ඊටපස්සෙන්දම ගෝනියකුයි බලන්සයයි අරගෙන ඔට්ටපාලු එකතු කරන්න පිටත් වෙනවා.දවස් දෙකක් පලාතෙ ගෙවල් වල ඔට්ටුපාලු එකතු කරපුවම අනිත් කොල්ලන්ට එකතු කරන්න ඔට්ටුපාල් ඉතුරු වුනේ නෑ.අනිත් අයට වැඩියෙන් ගෙව්ව නිසා හැමෝම පොඩි බාප්පට ඔට්ටුපාලු දුන්න.තුන්වෙනි දවසෙ එකතු කරපු ඔටුපාලු ගෝනි දෙකක් හෝමාගමට ගෙනිහින් දීලසල්ලි ගත්තා.උදව් කල මටත් රුපියල් පහක්ම දුන්න.පොඩි බාප්ප ඔටුපාලු එකතු කලේ හෝමගම කඩේ ගත්තු ගානටම වගේ.මට මේක ගැටලුවක් උනනිසා මම මේ ගැන ඇහුවා

“පොඩි බාප්පෙ ඔයා කොහොමද හෝමාගම ගානට කිට්ටු ගානකට ගමේදි ඔටුපාලු ගන්නෙ.?”

“ආ ඔවු මම තමයි ඔටුපාලු එකතු කරන එවුන් ගෙන් වැඩිම මිල දුන්නෙ.ඒකනෙ මට දවස්දෙකෙන් ගෝනි දෙකක් එකතු උනේ.”

“ඒකතමයි ඉතින් ලාභයක් නෑනෙ.ඔය වැඩෙන්.”

“නෑ නෑ මට හොඳ ලාභයක් තිබුන ඒකනෙ පුතාට මම රුපියල් පහක්ම දුන්නෙ.”

“ඉතින් එහෙම වෙන්නෙ කොහොමද කියන එක නම් ප්‍රශ් නයක්.”

“ඒකනම් කියන්න බෑ ඒවා වාණිජ රහස්” පොඩි බාප්ප කිව්වා.

හවස ගෙදර ඉන්න කොට පහල ගෙදර චන්ද්‍රසිරි ඇවිත් තව කොල්ලො දෙන්නෙක් එක්කගෙන.මිදුලට වෙලා පොඩි බාප්පත් එක්ක හිමිහිට මේ අය කතාව.කාරනේ මොකක්ද කියල පස්සෙ ඇහුවට පොඩි බාප්ප හිනා උනා විතරයි. පහුවදා දවල් කොහෙදෝ ඉඳල කලබලෙන් ගෙදරට ආව පොඩි බාප්ප මාව එක්ක ගෙන දර මඩුවට ගියා.

“සුදු පුතා මට පොඩි වැඩකට උදව්වක් ඕන”බාප්ප කිව්වා.

“ඇයි මොකක්ද උදව්ව” මම ඇහුවා

“මට මේ වැඩක් තියෙනවා තනියම කරන්න බෑ පොඩි සපෝට් එකක් දුන්නම ඇති.”

“හරි ඉතින් වැඩේ කියන්නකො”

“මම මේ බලන්සෙ කොක්ක මේ කම්බියට දාල ඇදල පෙන්නනවා.මේවිදියට බලන්සෙ ඇදල ටිකවෙලාවක් අල්ලන් ඉන්න පුලුවන්ද?”

“අයියෝ සිම්පල්නෙ කෝදෙන්න.”කියල බලන්සෙ අරගෙන කම්බියට දාල ඇද්දා බලන්සෙ ස්ප්‍රිංටිකඑලියට ඇදිලා පේන්න වුනා.

“හරියට හරි ඔහොම අල්ලගෙන ඉන්න” කියල බාප්ප පොඩි කම්බි කෑල්ලක් අරගෙන ස්ප්‍රිං දෙකක් අල්ලල බැන්දා.මේවිදියට බලන්ස තුනකට කම්බි බැදලා ඒටිකත් අරංපොඩිබාප්ප ගියා.හවස ඇවිත් මට කිව්වා කාටවත් කියන්න හෙම එපා කියල මට ලොකු ප්‍රශ්නයක් මේ වැඩේ.මම මේගැන ඇහුවම මිනිහ කම්මැලි කරල උත්තර දුන්නා.

“ඔය බලන්ස ඔටුපාලුඑකතු කරන චන්ද්‍රසිරිගෙයි තවකොල්ලො දෙන්නෙකුගෙයි.උන් මට කිව්වා මම ඔටුපාලුවලට වැඩිගානක් දෙන හින්ද උන්ට මිනිස්සු ඔටුපාලු දෙන්නෙ නෑ කියල.මම ඔටුපාලු වලට වැඩිගානක් දෙන්නෙ කොහොමද කියල උන් අහනවා.මම උන්ට ඒව කිව්වෙ නෑ.මම උන්ට කිව්වා ඔටුපාලු එකතු කිරිල්ල නවත් වන්නම්.වැඩිගානට ඔටුපාලු ගන්න ක්‍රමෙට උන්ටත් ගන්න හදල දෙන්නම් .හැබැයි එක්කෙනාගෙන් රුපියල් විසිපහ ගානෙ දෙන්න ඕන කියල.උන් කැමතිඋනා මුලින් රුපියල් පහලොව ගානෙ දීලා ප්‍රති පල බලල ඉතුරු සල්ලි දෙන්න.ඒකට උන්තුන්දෙනාගෙ බලන්ස අරවිදියට ගැට ගැහුවෙදැන් රාත්තල් දහයක් කිරුවමඇත්තටම දොලහක් ලැබෙනවා.ඒකට මම ගාස්තුවක් ගත්තා.එච්චරයි.”

“හා එහෙනම් ඕකයි අර වානිජ රහස නේද?”

“ඔව් ඔව් පුතා කාටවත් කියන්නනම් එපා.දැන් ඔටුපාලු එකතු කිරිල්ල කරන්න බෑවෙන වැඩක් කරන්න ඕනෙ”

ඔටුපාලු එකතු කිරීම නවතාදැමීම වෙනුවෙන් මුදල් ඉල්ලාගත් පොඩි බාප්පා ඊලඟදවසෙම පැපොල් එකතු කිරීම පටන් ගත්තා.කිරිවත්තුඩුවෙ ඉරිදා පොලට ගෙනියන්න පැපොල් එකතු කිරීම කරපු පොඩි බාප්පා දින දෙකක් තුල පැපොල් කූඩ දෙකක් එකතු කරා.ගෙඩි විසිපහක් විතර මේ එකතුවෙ තිබ්බා.ඉරිදා පොල දවසෙ පාන්දර පහටත් කලින් පැපොල්කූඩාදෙක කරත්තෙ කට දාලා පොලට ගියා.කරත්තෙ ගෙනාපු පැපොල් කූඩ දෙක බාගෙන විකුනන්න තියාගෙන හිටියා.පිට පලාත්වලින් එන වෙලෙන්දො මේවාගෙ ගමේ නිෂ්පාදන ම්ලට ගන්නවා.එකවෙලෙන්දෙක් ඇවිත් පැපොල්කූඩාදෙක බලලා ඉල්ලුවා කූඩාදෙකම රුපියල් හැත්තෑ පහකට තීන්දු වෙලා සල්ලි ගෙව්ව මුදලාලි කූඩාදෙක ගෙනියන්න ගෝලයා එවන්නම් කියල ඉස්සරහට ගියා.දැන්පැපොල්කූඩා දෙක ලඟ පොඩි බාප්ප ඉන්නවා.තවමුදලාලි කෙනෙක් ආවා.පැපොල් කීයටද දෙන්නෙ කියල බාප්පගෙන් ඇහුවා.රුපියල් හැත්තෑ පහක් දෙන්න බාප්ප කිව්වා.අපෝ වැඩියි හැටක් දෙන්නම් මුදලාලි කිව්වා.හා කමක් නෑ ගන්න කියල ඒමුදලාලිගෙන් රුපියල් හැටක් අරගෙන පැපොල්ටිකදීල කූඩදෙක මෙතනින් තියන්න මම බඩු අරගෙන ඇවිත් ගෙනියන්නම් කියල පොලඇතුලට ගියා.එතනින්පැනල ගෙදරම ආවා.ආයි පොලවෙලඳාම ඉවරයි.

දවස් කීපයක් ගෙදරට වෙලා හිටපු පොඩි බාප්පා එකදවසක් කඩේපැත්තට ගිහින් ඉක්මනට ඇවිත් ගෙදරතිබුනු කාඩ් කුට්ටම අරගෙන කාටවත් කියන්න එපාකියල ආපහු රබර් වත්ත පැත්තට ගියා.පැයකින් දෙකකින් ඇවිත් කාට් කුට්ටම තිබුනු තැනින් තියලාමාත් එක්ක කතාකරකර හිටියා.හවස පහලගෙදරා චන්ද්‍රසිරි අම්මත් එක්ක ඇවිත් පොඩි බාප්ප චන්ද්‍රසිරිගෙන් රුපියල් විසිපහක් අරගෙන තියනවා කියල පැමිනිල්ලක් කලා.පොඩි බාප්ප ගත්තෙ නෑ කියනවා.චන්ද්‍රාසිරි ගත්තමයි කියල දිවුරනවා.

“චන්ද්‍රසිරි රුපියල් විසිපහක් සෙල්ලම් කරල පැරදුනා මම දිනුවා.නැතුව මම බලෙන් ගත්තෙ නෑ.”

“මොනවද සල්ලිවලට කරපු සෙල්ලම්” ලොකුමාමා සැරෙන් ඇහුවා.

“නෑ මේ මේ පොඩි සෙල්ලමක්.” බාප්ප ගොත ගැහුවා.

“මොකක්ද සල්ලි ඔට්ටුවට කරපු සෙල්ලම කියල තමයි මම අහන්නෙ” මාමා ඇහුව.

“කඩදසි කුට්ටමේ කොලයක් කියන්න කියල ඒක එනකම් දෙපැත්තට කොලදාන එක තමයි කරේ” චන්ද්‍රසිරි කිව්වා

“යකෝ මුන් බූරුගහලනෙ තියෙන්නෙ.කොයින්ද සල්ලි බූරු ගහන්න” මාමා බාප්පගෙන් ඇහුවා..

“එයාලඟසල්ලි තිබුනෙ නෑ මගෙන් රුපියල් පහක් නයට අරං පටන් ගත්තෙ.ඒක ආපහු මම දිනුවා.ඊට පස්සෙ තවපහක් ගත්තා ඒකත්මම දිනුවා.ඔයවිදියට රුපියල් විස්සක් මගෙන් නයට අරගෙන මගෙ රුපියල් විසිපහක් දිනාගත්ත.දිනපුවදෙන්න බැරිනම් නයට ගත්තු රුපියල් විස්ස දෙන්න කියන්න.”චන්ද්‍රසිරි කිව්වා.
මාමා බනිනකොට පොඩිබාප්ප රුපියල් විස්ස දුන්නා.චන්ද්‍රසිිිරියි අම්මයි ගියා.රාත්‍රියෙ පොඩි බාප්ප මට කියනවා .ඒත් රුපියල් පහක් ලාභයි කියල.

තවත් ටික දවසකට පස්සෙ මාවත් එක්කගෙන දියගම ඇලේ වලක් ඉහල මාලු අල්ලල ගෙදර දරමඩුවෙ ලිපේ මාලු උයලා මටත් කන්න දීපු පොඩි බාප්පා ආපසු අපේ ගමට ගියා.ගෙදර හැමෝම ඒකට සතුටු උනා.තවටිකදවසක් හිටියනම් මොනව කරයිද දන්නෙ නෑනෙ.

ඔයාකාරෙන් ගතකරපු දියගම ජීවිතේ කොච්චර විනෝද ජනකද?දියගම ආතා ,ආච්චි ලොකු නැන්දා පොඩිනැන්ද මට දරුවෙකුටවගේ සැලකුවා..පොඩිබාප්පා මට හොඳ යාලුවෙක් උනා.අවටපලාත ගැන දැනගත්තෙ පොඩි බාප්පගෙන්.ධර්මපාලෙන් අධ්‍යාපනයත් දියගමගමේ පොඩි බාප්පා වගේ අයගෙන් රටේ ලෝකේ ප්‍රායෝගික ජීවිතයත් හරි අපූරුවට ඉගෙන ගත්ත බව තේරුනේ පස්සෙදියි.

9 thoughts on “දියගම ජීවිතේ.

  1. ඔය පොඩි බාප්පා වගේම තමයි අපේ අම්මගේ බාල සහෝදරයා වෙච්චි පොඩි මාම (මාම නෙමෙයි මීම), ඔය වගේ කුටාලි වැඩ ආරංචි උනහම සහෝදර සහෝදරියො එකතු වෙලා පලු අරිනවා ඒත් ගානක් නෑ 🙂

    බ්‍රහ්මණගමට දියගම ඉදන් වැඩි දුරක් නැහැනෙ, පොඩි බාප්පගෙන්ද දන්නෙ නෑ වැඩ ඉගෙන ගත්තෙ ?

    Like

  2. ආතලා ආච්චි අම්මල කාටත් තියෙන පොදු උවමනාවක් තමයි අහුවෙන කොයි ළමයගෙ උනත් බඩට පිරවීම.

    අපේ පැත්තෙ තේ දළු හොරට කිරන එකත් මේ වගෙම තමයි නේද?

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s