අතුරුදන්වූ විදුලි සේවකයා

රාජ්‍ය පරිපාලනේ ආයතන අධ්‍යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂතනතුර මට අමුතු තනතුරක්.එතෙක් තනි අලියාවගේ ඕනවිදියට තීරන අරගෙන ලඟට ආපු මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදපු මගෙ ලඟට ආවෙ ලියුම් විතරයි.මිනිස්සු හැටියට එන්නෙත් රාජ්‍යසේවකයො.ප්‍රශ්න ඇටියට ඉදිරිපත් වෙන්නෙ තමන්ට වෙච්ච අසාධාරනකම්වැඩිය ඒවට ඇහුන්කම් දීමක් නෑ.ආයතන ප්‍රධානියාමගින් ලිඛිතව එවන්න කියන එක බොහොම ප්‍රශ්නවලට උත්තරේ උනා.ලිපිකරු නිලධාරින්ටත් මේවගේ ප්‍රශ්නෙක පැත්තක මනුස්සයෙක් ඉන්නවයි කියල වැඩි ගානක් නෑ.තමන් එවපු ලිපියකට මොකද උනේ කියල දැනගන්න සමහරනිලධාරින් ටෙලිපෝන් එකෙන් කථාකරනවා.ඒවට හරියට පිලිතුරක් කවුරුවත් දෙන්නෙ නෑ.තවම ඒගැනතීරණයක් නෑ ගත්තම දන්වයි වගේ උත්තර තමයි දෙන්නෙ.මට මේව හරිගියේනෑ.ඒත් එකපාරටම මේවාගැන යමක් කරන්නත් බෑ.අනික තමයි ඉල්ලීම පුද්ගලිකනම් බොහෝවෙලාවට ඒක ප්‍රතික්ෂේප කරන්නෙ කොහොමදකියල බලනව වගෙයි මට පෙනුනෙ.

මම වැඩභාරගෙන මාසයක් විතර යනකොට මට ලිපියක් ලැබුනා භාෂාදිරිදීමනා ගෙවීමේ චක්‍ර ලේඛනයේ විධිවිධාන නිසා අසාධාරනයක් වීඇති බවට කරනලද පැමිනිල්ලක් සමග අදාලලිපිය රාජ්‍ය පරිපාලන ලේකම් වෙත තවත් අමාත්‍යංශයකින් යොමුකර තිබුනා.මේ විෂය මගේ අංශයෙන් කෙරෙනනිසා එය මාවෙතයොමු කරතිබුනා.මේලිපිය ඒකක ප්‍රධානී විජේසිරිවර්ධන මහත්මියට යොමුකර අදාල විෂයලිපිකාරිනියට යැව්වා.අදාලලිපිය ඇතුලත්ගොනුව මාවෙත ඉදිරිපත් උනේ සටහනකුත් සහිතවයි.මමසටහන බැලුවා.මේකරුනට අදාලව ඉල්ලීම් ගනනාවක් පැමිනිල්ල කල අය විසින්ම මීට පෙරත් එවා තිබෙන බවත් චක්‍රලේඛනය නිකුත් කරනවිට මේගැන අවධානය යොමු කර නැතිනිසා ඒවාටද විසදුමක් නොමැති බවයි සටහනේ තිබුනේ.මා විෂය ලිපිකරුට කතාකරන්න කියලා සටහනක් දාල ආපහු යැව්වාගොනුව රැගෙන පැමිනි ලිපිකාරිනිය කතාකලා.මේසම්බන්දව මීටපෙර ලද ලිපිවලට පිලිතුරු ලෙස කුමක් යැව්වේදැයි විමසුවා චක්‍ර ලේඛනයේ විධිවිධාන පරිදි ඔබේ ඉල්ලීම ඉටු කල නොහැක යනුවෙන් පිලිතුරු යවා ඇතිබවයි ඇය කීවේ.චක්‍ර ලේඛනයට ඇතුලත් විය යුතු කරුනු ගනනාවක් සම්බන්දව ලියා එය ඇතුලත් කිරීමට ක්‍රියා නොකිරීම පිලිබඳව සදහන් කර එවා ඇති ලිපියට එබඳු පිලිතුරු ප්‍රමානවත් නොවන බවයි මම පැවසුවේ.ඒඅනුව ලිපිගොනුව කරුනාරත්න අද්‍යක්ෂ තුමාටත් අද්‍යක්ෂ ජනරාල්ටත් ඉදිරිපත් කර සාකච්චා කරා.චක්‍රලේඛනයට මේකරුනු ඇතුලත් කලයුතු බව මගේ අදහස බව පැවසුවා.දීර්ඝ සාකච්චාවක අවසානයේ මගේ අදහස පිලිගැනුනා.වහාම චක්‍රලේඛනය සංශෝධනයට පියවර ගන්නත් මට පැවරුනා.මම විෂය ලිපිකරුට උපදෙස් දුන්නා අදාල ලිපියට පිලිතුරක් ලෙස ඔබ පෙන්වාදී ඇති කරුනුද ඇතුලත් නව චක්‍රලේඛනයක් නිකුත් වීමට නියමිතය කියල .එම ලිපියත් යැව්වා දින කීපෙකට පස්සෙ දුරකතන ඇමතුමක් ලැබුනා.

“ඔය නියෝජ්‍ය ආයතන අධ්‍යක්ෂ කන්නන්ගර මහත්තයද”?කාන්තාවක් දුරකතනයෙන් විමසුවා.

“ඔව් කවුද මේ කතාකරන්නෙ” මම ඇහුවා.

“මම මාලනී පීරිස් අතිරේක ලේකම් ආරක්ෂක අමාත්‍යංශය.ඔයා ලඟදිනේද ආවෙ ඔතනට?”

“ඔව් මැඩම් මාසයක් විතරවෙනව.”

“ඔතනට එන්න ඉස්සෙල්ල ප්‍රාදේශීය පරිපාලනේ නේද හිටියෙ.?”

“ඔව්මැඩම් මම අම්පාරෙ අවුරුදු දොලහක් වැඩකරා.”

“අන්න ඒකතමයි මම හිතුව හරියට හරි.මම රාජ්‍ය පරිපාලනේට භෂා දීමනාව ගැන ලියුම් ගනනාවක් එව්වා.මගෙ මිත්‍රයො ඔතන වැඩකලා.ඒත් උත්තරයක් එව්වෙ නෑ.ඔයා තමයි මම ඔතනට එවාපු ලියුමකට පලමු වතාවට පොසිටිව් උත්තරයක් එව්වෙ ඉතින් මම හිතුවා ඔයාලඟදි ආපු කෙනෙක් කියල ඒ එක්කම එහෙම වැඩ කරන්නෙ ප්‍රාදේශීය පාලනේ හිටපු අය බවත් මම දන්නවා මම ඔයාට ස්තූතියි කියන්නයි කතා කරේ.වැඩේ තියෙන්නෙ ඔයාවගේ අයට ඔතන වැඩිකල් ඉන්න ලැබෙන්නෙ නැති එකයි.”

“හොඳයි මැඩම් ඕනදෙයක් තිබුනොත් කතා කරන්න.කතාකරාට ස්තූතියි මම පුලුවන් තරම් කල් ඉන්න බලන්නම්කො.

“හොදයි හොඳයි ආයිත් බොහොම ස්තූතියි ඔයාට.”

“බොහොම ස්තූතියි මැඩම්.”

මේ ප්‍රශ්ංසාව රාජ්‍යසේවාවෙ ජෙය්ෂ්ඨ නිලධාරින් අතරටත් එතුමිය යැව්වා.අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමාටත් ජෙය්ෂ්ඨ නිලධාරින්ගෙන් මේගැන ආරංචිඋනා.මේවෙනකොට මම ආයතන අංශෙ වැඩ අල්ලගෙන ඉවරයි.ඒබව ඔප්පු උනේ ආයතන සංග්‍රහයේ තියෙන විනය පරීක්ෂනයට සාක්කි කරුවන් නොඑන අවස්තාවලදී පරීක්ෂන කොමිසමක් බවට එම විනය පරීක්ෂන සභාව පත්කලයුතු බවට වන නියමය ක්‍රියාත්මකකරන්නේ කෙසේද යන ගැටලුව සාකච්චාකල වෙලාවෙදියි.මේපිලිබඳව අනුගමනය කලයුතු පරිපාටිය කුමක්ද යන්න ගැන තැපැල් දෙපාර්තමේන්තුව උපදෙස් ඉල්ලා තිබුනා.මේගැන උදේ සාකච්චාවේ පැන නැගුනුවිටකවුරුවත් දැනගෙන හිටියෙ නෑ.මම මේගැන දැනුවත්ව හිටී නිසා මම කිව්වා පරීක්ෂන කොමිසන් සභා පනත අනුව ජනාධිපතිවරයා විසින් එය කලයුතු බැවින් ජනාධිපති ලේකම් මගින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් යැවීම කරන ලෙසට උපදෙස් දෙනලෙස.මේ උපදෙස නිවැරදි බැව් පිලිගැනුනා.එබැවින් මාහට යම් පිලිගැනීමක් තිබෙන බව දැනුනා.යම් යම් සිද්දීන් වලට අදාලව මා යොදන සටහන් වලට අධ්‍යක්ෂ ජනරාල් ගේ එකඟවෙමි, අනුමතයි වැනි සටහන් වැඩි වැඩියෙන් ලැබෙන්න පටන්ගත්තා.අනිත් අතට යම්‍යම් කටයුතු සඳහා පැමිනෙන ජෙය්ෂ්ඨ නිලධාරින්ට නිසි ගෞරවයෙන් ඇමතීම ඔහුන්ට සාවධානව ඇහුන්කම්දීම වැනි මගේ සුපුරුදු සිරිත් මෙතැනදී බොහෝ කැපී පෙනෙන දේ වුනා.මට නිරීක්ෂනයවී තිබුනේ ජෙය්ෂ්ඨ නිලධාරීන් කනිෂ්ටයින් ඉදිරියේ අසුන් ගැනීමටවත් ඇරයුම් නොලබන බවයි.එබඳු තැනක ජෙය්ෂ්ඨ නිලධාරියෙකු එනවිට අසුනින් නැගිට “එන්න සර් වාඩිවෙන්න” කියන නියෝජ්‍ය අධ්‍යක්ෂ කෙනෙක් විෂේශ අවධානයට ලක් වීම වලක්වන්න බැහැනෙ.

ඔය විදියට ආයතන අංශෙ මුල්බැහගෙන ඉන්න අතර දවසක් බදාදා දිනයක කාන්තාවක් සහ අවුරුදු දහයක විතර පිරිමි ලමයෙක් මගේ කාමරේට ආවා.සුපුරුදු විදියට වාඩි වෙන්න කියල ආව කාරණාව විමසුවා..

“මහත්තයා මම කැලණිය ඉඳල ආවෙ ලොකු ප්‍රශ්නයක් ගැන කියන්න.”

“ඔව් මොකක්ද ප්‍රශ්නය?”

“මහත්තයා මේ ලමයින්ගෙ තාත්තා විදුලිබල මන්ඩලේ වැඩ කලේ.දැනවුරුදු නමයකට උඩදි වැඩට ආපු ගමන් ආපසු ගියේනෑ.ඒගැන හෙව්ව හෙව්ව හම්බු උනේනෑ.දැන් අපිට ජීවත් වෙන්න විදියකුත් නෑ.මහත්තයගෙ පඩියෙන් ජීවත් උන අපි දැන් ජීවත් වෙන්න විදියක් නැතුවයි ඉන්නෙ.ලමයි ස්කෝලෙ යවන්න ඕන.බඩගිනියි කියන කොට උන්ට කන්ට දෙන්න ඕන.දැනට අසල්වසින්ගෙ මොනවහරි කරල ලැබෙනදෙයින් බඩට නොකා ජීවත් වෙනව.අපිට මොකක් හරි පිහිටක් වෙන්න කියලයි ඔබතුමාට වැඳල කියන්නෙ.”කියල කිව්ව ගෑනුකෙනා අඬන්න ගත්තා.

“හරි දැන් අඬල හරියන්නෙ නෑ .මොකක්ද මේගැන අපිට කරන්න පුලුවන් කියල බලමුකො.”කියල මම කිව්වෙ ආධාරයක් බලාගෙන ආපු සාමාන්‍ය කෙනෙක් කියල හිතලයි.

“මම දිගටම විදුලිබල මංඩලේට ලියුම් ලිව්ව අඩුගානෙ අර්ථ සාධ්කේ වත් දෙන්න කියල ඒගැන සැලකුවේ නෑ”

“විදුලිබල මන්ඩලෙන් මොකද කිව්වෙ.?”

“ඒ ගොල්ල කියනව අර්ථ සාධකේ ගෙවන්නෙ මරණසහතිකේ ඕනලු නැත්නම් වයස පනස් පහ වෙන්න ඕනලු.ඉතින් අතුරුදහන් උන මනුස්සයට මරණ සහතික කොයින්ද?”

“ඉතින් පොලිසියට දැන්නුවෙ නැතිද?”

“ඒ දවස් වල පොලිසියට ගියා අපිටත් බැනල පන්න ගත්තා ත්‍රස්තවාදී වැඩට ගිය අය කොහේ හරි ගිහින් ඇති දේශප්‍රේමීව්‍යාපාරෙන් අහගනිං මිනිහට මොකද උනේ කියල කිව්ව.”

ඒ ටිකෙන්ම කාරනේ පැහැදිලි උනා.අතුරුදහන් කෙනා ආන්ඩුවට විරුද්ධව දේශපාලනේ කල කෙනෙක් බව පැහැදිලි උනා.ඒ අනුව අතුරුදහන් වූ අන්දමත් හිතාගන්න පුලුවන් ඒවෙනකොට මගෙත් ලඟ ඤාතින් දෙන්නෙක් අතුරුදහන් වෙලා නිසා කාරණේ ගැන ආයිත් හාරල අවුස්සන්න දෙයක් ඉතුරුවෙලා තිබුනෙ නෑ.සිද්ධියෙන් අවුරුද්දකට විතර පස්සෙ පොලිසියට දාපු පැමිනිල්ලක පිටපත ඒඅය ලඟ තිබුනා.

මම අපේ ත්‍රස්තවාදී ක්‍රියා නිසා විපතට පත්වූ රාජ්‍යසේවකයන්ට සහන විෂය භාර ලිපිකරු ගෙන්වාගෙන චක්‍රලේඛය අධ්‍යන කලා.ඒ අනුව අතුරුදන්වූ රාජ්‍යසේවකයින්ට ජීවත් ව ඉන්නාසේ සලකා වැටුප යැපෙන්නන්ට ගෙවිය හැකියි.අදාල කාන්තාවගේ පැමිනිල්ල ලබාගෙන විදුලිබල මන්ඩලයට ලිපියක් හැදුවා මේ අය අතුරුදන්වීඇතිබැවින් අදාලචක්‍රලේඛයේ සහන යැපෙන්නන්ට ලබාදීමට පියවර ගන්නා ලෙස දන්වමින්.තම ස්වාමිපුරුෂයාගේ වැටුප ඔහු ජීවත්ව සිටියේනම් වයස පනස්පහ එලඹෙන දිනය දක්වා නියමිත වාර්ශික වැඩිවීම්ද සමග තමාට ලැබෙනු ඇති බවත් ගතවූ කාලයට අදාල හිගවැටුපද ලැබෙනු ඇතිබවත් පවසා අදාල ලිපිය රැගෙන මන්ඩලයට ගොස් භාරදෙන ලෙස දැන්නුවා.
දෑසින් කඳුලු වගුරුවමින් හඬමින් පිං දෙන්නට වූ ඇය මේතරම් දෙයක් ලැබෙනු ඇතැයි නොසිතූබව කියාසිටියා.සෑහෙනවෙලාවක් පිංකීමෙන් අනතුරුවලිපියද රැගෙනඇය පිටත්ව ගියා.කාර්‍යාලයට පැමිනි සේවාදායිකාවකගේ ගැටලුවක් සාර්ථකව එකදිනකින් විසඳා දීමට ලැබීමේ ප්‍රීතියෙන් මමත් දවල් කෑම සාකච්චාවෙදි මේගැන කිව්වා.සති දෙකකින් පමන විදුලිබල මංඩලයෙන් රාජ්‍යපරිපාලනේට ලිපියක් මේගැන එවාතිබී මාවෙත යොමුවෙනවා.ලිපියේ අන්තර්ගතය තියෙන්නේ ලංකාවිදුලිබල මංඩලය රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අදාලවන රජයේ දෙපාර්තමේන්තුවක් නොවන බවත් ඒඅනුව මේකරුනට අදාලව මංඩලයට අපගේ උපදෙස් අනුව කටයුතු කිරීම ට හැකියාවක් නොමැති බවත් කාරුනිකව දන්වමි කියලයි.මම හැරෙන තැපෑලෙන් පිලිතුරක් යැව්වා.මෙම රාජ්‍යපරිපාලන චක්‍ර ලේඛය අමාත්‍යංශ දෙපාර්තමේන්තු සංස්ථා මංඩල හා රජයට අයත් සමාගම්වලටද අදාලව අමාත්‍යමංඩල අනුමැතිය අනුව නිකුත් කරන ලද්දක් බවත් එමචක්‍රලේඛයේ උපදෙස් පීලි නොපැදීම රාජ්‍ය ප්‍රතිපත්ති උල්ලංඝනය කිරීමක් සේ සැලකෙන වරදක් බවත් දන්වමින්.මේලිපියට පිලිතුර ආවේ මාසයකට පමන පසුවයි.ඒමගින් දන්වාතිබුනේ අපවිසින් ලබාදුන් උපදෙස් මත අධ්‍යක්ෂ මංඩලයට කරුණු දැක්වූබවත් අදාල රාජ්‍යපරිපාලන චක්‍රලේඛය රජයේ සංස්තාමංඩල සේවකයින් අරබයා අදාල උවද ත්‍රස්තවාදී කටයුතුවල නිරතවූ මංඩලීය සේවකයන් වෙනුවෙන් යොදාගැනීම සදහා අනුමැතියක් ලබාදිය නොහැකි බවට අධ්‍යක්ෂ මංඩලය තීරනය කර ඇතිබවයි.

මේලිපිය මගේ කෝපය ඇවිස්සීමට හේතු උනා.තම ආයතනයේ සේවකයෙකුට විපතක් සිදුවීමෙන් පසු අසරණව සිටින පවුලේ සාමාජිකයින්ට නීත්‍යානුකූලව ලබාදියයුතු සහන ලබාදීමට කටයුතුනොකරන ආයතන ප්‍රධානින් ගැන ඇතිවූ කෝපයෙන් තවදුරටත් කරුණුසොයාබැලුවා.කරුනාරත්න සර් ගෙන් කෙනෙකු ත්‍රස්තවාදියෙක් යැයි තීරනය කිරීමට ඇති නිර්නායක මොනවාදැයිකියා විමසා බැලුවා.ඔහුගේ මතය උනේ කෙනෙකු අපරාධකරුවෙකු ලෙස තීරණය කල හැක්කේ රටේ අධිකරණයට පමනක් බවයි.ඔහුට විස්තරය පැවසූ පසු උපදෙස් දුන්නේ ත්‍රස්ත්වාදියෙකු ලෙස අදාල පුද්ගලයා හැදින්වීමට පදනම්වූ අධිකරණ තීන්දුව පිලිබඳ විස්තර විමසන ලෙසයි.මම ලියුම කෙටුම්පත් කලේ විදුලිබල මංඩලයේ සේවකයෙකු වෙනුවෙන් නීත්‍යානුකූලව ලබාදියයුතු සහනයන් මගහැරීම සදහා අදාල පුද්ගලයා ත්‍රස්තවාදියෙකු ලෙස හැදින්වීම කර ඇති බව නිරීක්ෂනය වන බවත් නොඑසේ නම් ඊට පදනම් වූ අධිකරන නියෝගයක් තිබිය යුතු බවත් සදහන් කරලයි.එසේ අධිකරණ තීන්දුවකින් තොරව අදාල පුද්ගලයා ත්‍රස්තවාදියෙකු ලෙස හදුන්වමින් සහන සැලසීම නොකරන්නේ නම් සුදුසු පියවර ගැනීම සදහා අමාත්‍ය මංඩලයට කරුණු වාර්තා කිරීමට සිදුවන බවත් සදහන් කරා.මේලිපිය යැවූපසු විදුලිබල මංඩලයේ නිලධාරියෙක් මට කථාකලා.මේ පිලිබඳව අධ්‍යක්ෂ මංඩලයට යලි පත්‍රිකාවක් ඉදිරිපත් කරණ බැව් දැන්නුවා.

මීට මාසයකට පමන පසු අදාලසේවකයාගේ භාර්‍යාවට යවන ලිපියක පිටපතක් අපට එවාතිබුනා එහි සදහන් උනේ අදාලසේවකයාවෙනුවෙන් ගෙවියයුතු හිග වැටුප් ගෙවීමට මංඩලයතීරනය කර ඇති බවත් ඒසඳහා වන වවුචරපත් අත්සන් කිරීමට පැමිනෙන ලසත් ඉන් දැනුම් දී තිබුනා.ඒ අනුව ගැටලුව විසඳුනා.මාස අටකට පසු මම ඒරාජකාරියෙන් ඉවත්වී ශ්‍රීලංකා වෘතීය පුහුනු අධිකාරියේ පාලන අධ්‍යක්ෂ ලෙස කටයුතු කරද්දී මාහමුවීමට පැමිනි අදාල කාන්තාව සියලු හිගවැටුප් ලදබවත් මාසික වැටුපද අඛන්ඩව ලැබෙන බවත් මා නොසිටින්න එම කිසිවක් නොලැබෙන බවත් පුනපුනා ප්‍රකාශ කරමින් පිංදුන්නා.ඊට පසු මා නැගෙනහිර සංවර්දන අමාත්‍යංශයේ සිටියදීද පැමින කල උපකාරය සිහිපත් කර තම දරුවාගේ අධ්‍යාපනය ගැන උපදෙස් විමසුවා. මේකාන්තාව මගේ දෙමව්පියන්ට ගුරුවරුන්ට පිංඅයිති වේවායි ප්‍රාර්තනා කරන කොට මටත් ලොකු සතුටක් තෘප්තියක් දැනුනා අදත් ඒගැන හිතන කොට සතුටුයි.අසාධාරනයට ලක්වසිටි පවුලක් ජීවත් කරවන්න මට ලැබුනු රාජකාරි බලය යොදා ගැනීම ගැන හිතෙන කොට සතුටු
නැද්ද?

16 thoughts on “අතුරුදන්වූ විදුලි සේවකයා

  1. සාවදානව ඇහුම්කන්දීම, කිසිදෙයකට කොටු වෙන්නෙ නැතුව ධනාත්මකව සිතීම, ගැටළුව සහ එයට හේතුව තේරුම් ගැනීම වගේම මොනතරම් ලොකු ප්‍රශ්නයක් උනත් එය කුඩා කොටස් වලට බිඳ දමා ගැනීම විසඳුමක් ලබා ගැනීමට ඇති ලෙහෙසිම විදිහයි.

    Like

  2. සර්ලා වගේ මිනිස්සුන්ගේ ක්ලෝන් එකක් හරි ලංකාවේ හැම අමත්‍යන්ශයකටම ,දෙපාර්තමේන්තුවකට යවන්න පුළුවන් නම් රාජ්‍ය සේවය මොන තරම් ප්‍රයෝජනවත් වෙයිද?
    “නිම කරනු මිස වැඩ ඇති තමා අත
    පමාවට කරුණු වුවමනා නැත ” කියලා ලොකුවට ගහගෙන කම්කරු කාර්යාලය තමන්ගේ පරිතොෂක මුදල ලබා ගන්න එන මිනිස්සුන්ව රස්තියාදු කරන විදිහ මම අත්දැක්කා.

    Liked by 2 people

  3. 1 මය පත්තරයට දාන්න වටින ලිපියක් මකද මරට මිනිස්සු වැඩි දනක් ඉන්ටනට් ඇවිත් ලිපි බලන්න නැහැ
    කරල තියන්න අගනා වැඩක් බව ප්රශ්ණ විරහිතයි ත්රස්තවාදියා අර්ථකථනය දැනගැනීමට ලැබීම මීටපර අහල නතිබුන අලුත් දයක්
    ඒ ගැන ස්තුතියි
    නමුත් මතන ප්රශ්ණයක් තියනව
    2 යම් පක්ෂයක් පාර්ලිම්න්තුව ත්රස්තවාදීන් කියල තහනම් කරුවහම එම පක්ෂය් සමාජිකයින් ඹක්කම ත්රස්තවාදීන් ලස සැලකන්න නැද්ද
    3 දැන් ම් විදිහට බලනවිට ඔය පත්තර වල ත්රස්තවාදීන් කියල හදුන්වන හුගක් අයට අපහාසට නඩුදාන්න පුලුවන්න ඇයි අධිකරණය තීන්දු කරල නැහැන
    4 ඔය චක්කර ල්ඛනවල කරුණු දන්න ඒව ඹ්න කමින් හදාරපු නිලධාරි විතරයි එක චක්කරල්ඛනයකින් අපැහැදිලි දය වනත් චක්කරල්ඛන කියවල පැහැදිලි කරගන්න දන්නත් ඒ අයම තමයි නමුත් අද ඉන්න සමහර නිලධාරි එහම කරන්න නැහැ
    රට තියන නීතියත් ඒ වග්න
    දක්ෂ නීතිඥය අදාල නීති තර්කය හයල ඉදිරිපත් කරනව නඩුව දිනනව
    රට මහ ජනතාවටත් ඹය චක්කරල්ඛන අද්යනය කරන්න යමු කරන්න පුලුවන්නම් හදයි ඉතින් එහම කරන්න කහද ඹය චක්කරල්ඛන පිලිවලට පල ගස්සවල ගනු කරල තියන්න
    5 ද්ශපාලනය අය ම් චක්කරල්ඛන වල තියන අඩුපාඩු ගැටලු ගැන දන්නවනම් පුදුමවයි
    6 ඔය හුගක් චක්කරල්ඛන සරල නැතිකම නිරවුල් නැතිකම තියන ප්රදාන ගැටලුවක්
    අර සමහර පරිවර්තිත සිංහල පත් වග්
    සිංහල පත කියව්වට වැඩිය සරලයි පැහැදිලියි ඉංගීසි පත
    ඕව පටලවල සංකීර්ණ කරල හදල තියන්නත් පරිපාලනය අයම තමයි

    ඉස්සල්ල ලිපිය ලමයි ඇතුලු කිරිල්ල ගැන තිබුන එහිත් ගැටලු පැති තියනව මිනිස්සු තියා සමහර නිලධාරිවත් චක්කරල්ඛන හරියට දන්න නැහැ
    1 දැන් තාත්තග ගදර ඉන්න පුතාග ලමයට ගෘහ මුලික ලකුණු නැහැ චක්කරල්ඛන හරිද
    2 1වසරට ලමයි ගන්න එක එක පදනම් වලින් ඉතින් සමහර පදනම් වලින් ඉල්ලල තියන අය අඩුනම් ඒ පදනමන් දාල තියන ඔක්කම ලමයි ගන්නව සමහරවිට ඉතුරුත් වනව
    ඒ පදනමන් ඉල්ලන්න පුලුවන් මිනිස්සු වන පදනම් වලින් ඉල්ලල බැරිවනව චක්කරල්ඛන හරිද
    ම් කීපයක් විතරයි
    3 දැන් එහම තරල ලිස්ට් හදල ඇතුලු කරන ලමයි තව ඉස්කාල වලටත් ඉන්ටවිව් ගිහින් ඒවට තරිල යනව එතකට පින්සිපල් විතරයි දන්න ඒ ලමය නැතිව එම පන්තිය අතිවුන පුරප්පාඩුව ගැන එතකට මකද වන්න
    4 ඉතින් කව්ද ම් චක්කරල්ඛන අඩුපාඩු හදන්න ද්ශපාලන අය කීයන් කීදනාටද ම් ගැන හරි අවබා්ධයක් තියන්න
    5 මම දන්න විදුහල්පතිතුමක් හිටිය එයා සත්භාවයන් කලානම් ඔය ඹක්කම චක්කරල්ඛන හරි කියල එහම කරනව
    6 1 වසරට ලමයි ඉන්ටවිව් කරන එක තරමක වැඩක් ලමය ඇතුල් කරගන්න මිනිස්සු කරන්න ලකු සටනක්
    ඉතින් ඒ දවස්වල අදාල අධයක්ස ඉන්ටවිව් බර්ඩ් එකට එන කල් මිනිස්සු රාසියක් මගබලාගන ඉන්නව
    ඉන්ටවිව් බර්ඩ් එක ලෑස්තිවලා මග බලාගන ඉන්නව
    සමහරු මිනිස්සු පව්ල් පිටින් ඇවිත් ඉන්නව
    එක පාසලකට දාපු අද්යක්ස ගිය ගමන් අපහු හැරිල තියනව මිනිස්සු වට කරගන අහල තියනව අයි සර් යන්න කියල
    පින්සිපල් මාව දැකල පුටුවන් නැගිට්ට නැහැ ඒ නිසා මම යනව ඉන්ටව් තියන්න නැහැ කියල අවිල්ල තියනව
    නිලධාරිය වැරදි කියල හිතන අය අති නමුත් එහමම නැහැ
    පින්සිපල් රාජකාරි අනුපිලිවල දන්න නැහැ

    Liked by 2 people

    1. චක්‍රලේඛන ගැන හොඳම කථාව මට කියල දුන්නෙ හිටපු අමාත්‍ය දිවංගත එම් එච් එම් අශ්‍ රෆ් මැතිතුමායි.මේ එහුමාගෙ කතාව.”සුනිල් අපි වැඩ කරන කොට ආරක්ෂා කරන නීති වර්ග තුනයි.ඒවටකියන කෙටිනම් එල් ආර් සී. එල් කියන්නෙ ලෝ.ලෝඑක පනවන්නෙ පාර්ලිමේන්තුව.ඒක අපිට වෙනස් කරන්න බෑ.ආර් කියන්නෙ රෙගුලාසි.රෙගුලාසි පනවන්නෙ ඇමතිවරය .ඒලෝඑකෙන් පැවරුනු බලය යටතෙ.ඒකත් අපිට වෙනස් කරන්නබෑ.සී කියන්නෙ චක්‍රලේඛන .මේචක්‍රලේඛන හදන්නෙ ලේකම් වරය.ලෝඑකහරි රෙගුලාසි හරි කැඩුවොත් උසාවියෙන් දඩුවම් ලැබෙනවා.චක්‍රලේඛන කැඩුවට උසාවියන්න බෑ.ඒහින්ද සාධාරණ දෙයක් කරන කොට ලෝඑකයි රෙගුලාසියයි ආරක්ශා කරගෙන කටයුතු කරන්නත් අවශ්‍යනම් චක්‍රලේඛනය කඩලහරි නිවැරදිදේ කරන්නත් නිලධාරි ඉගෙනගන්න ඕන “

      Liked by 2 people

  4. sir , rajaye sewakayekuta part time job kala hakiyi neda?…….රජෙP ෙසවෙය ලබාගO ෙහ* රජෙP ෙසවය හා සRබධ u ෙහ* 3ෙශෂ දැම භා3ත
    ෙනnකර€, සාමාන” රාජකාවලට බාධා ෙනnවන පJ, කා/යාල ෙVලාෙව බා7රව කර ලබන
    කා/යාය ෙනnවන වැඩ ෙවෙව ලැෙබන සRw/ණ ගාස් වම ලධරයාෙt qෙය*ජනයට
    ගැ8මට ඉඩJය හැ ය.

    Liked by 1 person

  5. ස්තූතියි මහත්මයා, වැඩක් නොකර ඉන්න ඕන තරම් හේතු හොයා ගත්තෑකි. ඒ වගේම බොහොම පහසුයි. ඒත් තමන්ට රාජකාරිමය ප්‍රශ්නයක් නොවන විදිහට නීත්‍යානුකූලව ලබා දිය හැකි දයක් පවා ලබා දෙන්නට රජයේ නිලධාරීන් මෙපමණ මැලි වෙන්නෙ ඇයි කියන ප්‍රශ්ණය ගැන මම හැමදාම හිතනව.

    Liked by 1 person

  6. රාජ්‍ය සේවකයා කියන අර්ථයට හරි යන්න ඔබ කටයුතු කරලා තියෙනවා.
    සතුටුයි ඔබ අපේ දිසාපතිතුමා වීම ගැන.

    Liked by 2 people

  7. මං කිව්වේ……. කියලා කියන එකට මං වැඩිය කැමතිත් නැහැ ඒකෙන් වැඩි වැඩකුත් නැහැයි කියලයි මං හිතන්නේ 😊……..එවුනත් බලන්න අර කිව්වත් වගේ සුනිල් මහත්තයා ඉන්න ඕන තැන ….අර ඉහළින්ම තිරණ ගන්න තැන වෙන්න එපාය!
    මට පෙනෙන තේරෙණ කාලයකදිම එය එසේ වේවා කියලා මං ඉත සිතින්ම පතනවා……. දෙවියන් වහන්සෙගෙනුත් අයැද සිටිනවා….. මගේ රටේ යහපත ගැන සලකලා 😀🙏

    Liked by 2 people

    1. ඔබතුමිය මට දිසාපතිවරයෙක් වෙන්නලබාදුන් සහාය නිසා මට ඒ තනතුරතුලින් කරගන්න ලැබුනු පිං සම්භාරය ඔබතුමියටත් අනුමෝදන් කරනවා.මැඩම් ලොකු තනතුරුවලට දඟලනවට වැඩිය ඇති තනතුරෙන් මහජනයාට අපූරු විදියට දැනෙන්න වැඩකරන හැටිත් මැඩම් අපිට පෙන්වාදීතියෙනවනෙ.

      Liked by 3 people

  8. සාම්ප්‍රදායික ව රාජ්‍ය සේවකයින් වෙත ප්‍රශ්නයක් ඉදිරිපත් කලවිට ඔවුන් සොයා බලන්නේ එම ප්‍රශ්නය නොවිසඳිය යුතු හේතුනුයි.
    එහෙත් වුවමනා නම් විසඳීමට හේතූන් ඕනෑම ප්‍රශ්නයක් තුල තියෙනවා . මේ ලිපිය එයට උදාහරණයක්
    මෙවන් රාජ්‍ය නිළධාරීන් සිටිනවානම් බලයේ මොන පක්ශය හෝ කණ්ඩායම සිටියාම මොකද.

    Liked by 2 people

    1. සෑම ප්‍රශ්නයක් ඇතිවෙන අවස්ථාවේම ඇතිවී ප්‍රශ්නය සමගම පවතින දෙයක් තමයි පිලිතුර .ගැටලුව වන්නේ මේපිලිතුර සොයා ගැනීමට රාජ්‍ය නිලධාරින් කටයුතු නොකිරීමයි.පිලිතුර සෙවීම රජයේ නිලධාරින්වන අපේ කාර්‍යයි.මහජන ගැටලු වලට පිලිතුරු සොයාගැනීමට බැරි රාජ්‍ය නිලධාරියා අසාර්ථක අයෙකි.

      Liked by 1 person

  9. දැං අර ළමයා ලොකුමහත් වෙලා රස්සාවක් එහෙමත් කරනව ඇති. ඒ දරුවගෙ අම්මට තවමත් ඒ දීමනා ලැබෙනව ඇති. හැබැයි….. දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයෙ වත්මන් හිමිකාරයන්ට එව්ව නොපෙනෙනවා ඇති. ඒ බිස්නස් එකේ හිටිය එකෙක් පහුගිය දාක මයෙත් එක්ක කිව්වා ඒ බිස්නස් එකෙන් ඉතුරු වෙච්චි අය මැරුණු අයගෙ වැන්දඹු පවුල් බාරගත්තලු. මේ කතාව ගෙනිහිං උට පෙන්නන්න ඕනැ.

    කොහොමත් මේ චක්‍රලේඛ එක්ක වැඩ කරද්දි මොලේ උලුක්කු වෙලා බෙල්ලෙ කරගැට මතුවෙනවනෙ. එහෙව් චක්‍රලේඛ එක්ක ඔට්ටු වෙලා පරාණ කිහිපයක් ජීවත් කරවන්න උර දුන්නාට ඔබතුමාට අපෙනුත් පිං.

    Liked by 1 person

    1. අවසන්වරට ඒලමයා දැක්කෙ 2002අවුරුද්දෙදි මෝටර් රථ ආයතනයේ පාඨමාලාවක් හැදෑරීමට දකොහෙද තෝරාගත්බවකියල ගියවෙලාවෙදියි.අර සේවක මහත්තයට ජීවත්වසිටියේනම්පනස්පහ පිරෙනදිනට නියමිත අර්ථ සාධක මුදල් බිරිඳට ගතහැකිව තිබුනා ඒවාලැබෙන්නැති.කොහොමහරි මගටවැටෙන්න හිටි පුවුලක් ගොඩ ගන්න බලය පාවිච්චි කිරීම ගැන අදත් සතුටුයි.හරියට කොලොත් රාජ්‍යසේවාව යනු පිංගොඩක් කරන්න අවස්ථාවක්.

      Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s