නාඳුනන සරසවි සිසුවියගේ ලිපිය.

රාජ්‍ය පරිපාලනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ටිකෙන් ටික මට අල්ලලා ගියේ එතනදි සාමාන්‍ය ජනතාව වගේම දුකට පත් උන පිරිසක් සේවාදායකයො හැටියට ආපු නිසයි. රජයේ සේවාවෙ අසාධාරණකම් නිසා අසහනයට පත් උන රාජ්‍ය සේවකයො සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය භයානකයි. ඒ අය තවදුරටත් රාජ්‍ය සේවාවෙ ඉන්නවනම් තමන්ට සිදු වුන අසාධාරනේට ප්‍රතිචාර දක්වන්නෙ ඔවුන්ව හමුවට එන සාමාන්‍ය ජනතාවට. බොහෝකොට ඒ අය මහජනතාවගේ කාර්‍ය ඉෂ්ට කරන්නෙ නෑ. මඟ අරිනවා. අපේ ප්‍රශ්නෙ බලන්න කවුරුත් නැති හින්ද අපි ලඟට එනවුන්ගෙ ප්‍රශ්න අපි බලන්නෙ මොකටද කියන අදහසයි ඒ අය දරන්නෙ. මේ ටික දැනගෙන හිටපු මම අසාධාරනයක් උනායැයි කියාගෙන එන රාජ්‍ය සේවකයින්ගෙ ප්‍රශ්න වලට හොඳට ඇහුම්කන් දුන්නා. ප්‍රාදේශීය පාලනේ ඉන්නකොට ගම්වල මිනිස්සුන්ට ඇහුන්කන් දීපු පුරුද්ද අඛන්ඩව ගෙනියන්න ඒ නිසා පුලුවන් උනා. හැබැයි ගම්වල මිනිස්සු දුක් අඳෝනාව ඉදිරිපත් කරන්නෙ හදවතින්. රජයේ සේවකයො බොහෝ වෙලාවට ප්‍රශ්නය කියන්නෙ මොලයට දැනෙන හැටියට. මොලයට දැනෙන හැටියට කිව්වෙ තර්කානුකූලව. තමන්ට අසාධාරනයක් උන බව කියන්න විවිධ තර්ක ගොඩනඟනවා. ඒ මත පදනම්ව තමාගෙ ප්‍රශ්නය කියනවා. ගම්වාසින් ප්‍රශ්නයේ ඔහුට ඇති බලපෑම තමයි කියන්නෙ. ප්‍රශ්නය දැනගන්න ගම්වාසින්ගෙ අඳෝනාත්මක කථාව අහගෙන ඉඳල, තව ප්‍රශ්න ගණනාවක් අහන්න ඕනෙ. අවසානයෙදියි තේරෙන්නෙ මේ පුද්ගලයට ඇති ප්‍රශ්නය හරියටම මෙන්න මේකයි කියල!

රජයේ සේවකය කෙලින්ම ප්‍රශ්නෙ කියලා එහි සාධාරණත්වය ගැන තර්ක මගින් පෙන්වන්න උත්සාහ කරනවා. එහෙම තර්ක ගොඩනගන්නෙ තමන්ගෙ පැත්තට වාසිය එන විදියටයි. චක්‍රලේඛනයක තියෙන වාක්‍යක් තමන්ගෙ වාසියට විග්‍රහ කරමින් ගොඩනඟන තර්ක ඇහෙනකොට අහගෙන ඉන්න කෙනා ඒකට විරුද්ධවෙනවා. එතකොට පැමිණිලිකරුවාගේ විශ්වාසය අසන්නා ගැන නැති වෙනවා. ඊටපස්සෙ ප්‍රශ්නයට පිලිතුරක් නැතිව යනවා. මම ගම්වාසියට ඇහුන්කන් දීපු පුරුද්දට රාජ්‍යසේවකයට ඇහුන්කන් දුන්නා. දීර්ඝකාලයක් තම ගැටලුවට අවධානය යොමු නොකරතැයි මැසිවිල්ලක් කියන රාජ්‍ය සේවකයට සවන්දෙන්නෙක් අහුඋනහම වක්කඩ කැඩුව වාගෙ කියවන්න ගන්නවා. අතුරු ප්‍රශ්න දෙක තුනක් අහල පැහැදිලි කරගන්නකොට පැමිනිලිකරුට පූර්ණ විශ්වාසයක් සවන්දෙන්නා ගැන ඇතිවෙනවා. ඊටපස්සෙ හොඳට හොයල බලල ගැටලුව ගැන පිලිතුරක් යැව්වම ඒ පිලිතුරට පිලිගැනීමක් දෙනවා.

ඔය න්‍යාය තේරුම්ගත්තම මගේ සවන්දීමේ ක්‍රියාව වඩාත් හොඳින් කරන්න පටන්ගත්තා. ආයතන අංශයේ අනිකුත් නිලධාරින්ට වැඩිය මගේ සවන්දීම කැපී පෙනුන නිසා අංශයේ සාමාන්‍ය ලිපිකරු, සුලුසේවක මට්ටමේ නිලධාරින් තම හිතවත් අය මා වෙත යොමු කිරීමට පුරුදු උනා. අනික ගැටලුව විසඳීමේදී විෂයභාර ලිපිකරුවාගේ මතයත් තීරණයට සම්බන්ද කර ගැනීම මගේ සිරිත උනා. මෙහෙම කටයුතු කරන කොට වෙනත් ඒකකයක සේවය කල බන්ඩාර මහත්තයා දිනක් වයසක මහත්තයෙක් මාගේ කාමරයට කැඳවාගෙන ආවා.

“ආ මිස්ටර් බන්ඩාර කොහොමද?” මම කථාව පටන් ගත්තා.

“සර් මේ මහත්තයා පන්නිපිටියෙ දෙපානම අපේ ගෙවල් පැත්තෙ ඉන්නෙ. රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගිය ලිපිකරු මහත්තයෙක්. මේ මහත්තයගෙ ලොකු ප්‍රශ්නයක් තියෙනවා සර්, පොඩ්ඩක් අහල බලල පුලුවන් උදව්වක් කරල දෙන්න.” කියල බන්ඩාර මහත්තය කිව්වා.

“හරි බන්ඩාර, මම මහත්තයගෙ ප්‍රශ්නෙ කතාකරල බලන්නම්කො. මහත්තයා වාඩිවෙන්නකො.”

“ඔව් විශ්‍රාම ගිහින් හුඟක් කල්ද?” මම කතාව පටන් ගත්තා.

“ඔව් සර්, අවුරුදු නවයක් වෙනව විශ්‍රාම අරගෙන. මම තව අවුරුදු දෙකක් රාජකාරි කරන්න තියෙද්දි ඉල්ලලා විශ්‍රාම ගියෙ.”

“කොහෙද ඉතින් මහත්තයා වැඩකලේ මොන තනතුරකද?”

“සර් මම සාමාන්‍ය ලිපිකරු සේවාවෙ පලමුශේනියේ ලිපිකරුවෙක් හැටියට වැඩකලේ පලාත්පාලන අමාත්‍යංශෙ. දීර්ඝ කාලයක් ඒ අමාත්‍යංශෙ මම හිටියා. මම හොඳට වැඩ කරමිනිනුයි හිටියෙ. ආයතන අංශෙ විදේශ පුහුණු විෂය භාරව හිටියෙ මම. මම ඒ විෂය බොහොම හොඳට කරා. ලේකම්තුමා අවස්ථා ගණනාවක් මට ප්‍රශංසා කරල තියෙනවා හොඳට වැඩ කරනව කියල” මහත්තය කථාව පටන්ගත්තා.

“හොඳයි, ඒ පරණ නිලධාරින් බොහොම වගකීමෙන් වැඩකරනව. ඒක තමයි මගෙත් අද්දැකීම. ඉතින් ඇයි කලින් විශ්‍රාම ගියෙ?”

“ඒක තමයි සර් මගේ ගැටලුව. මට කලින් විශ්‍රාම යන්න උනේ පලිගැනීමක ප්‍රතිපලයක් හැටියටයි. මම විදේශ පුහුනුවට අදාල විෂය කරමින් හිටියනෙ. මුලු අමාත්‍යංශෙ යටතේ තියෙන ආයතනවලත් විදේශගතවීම් පිලිබඳ ඇමතිතුමගෙ අනුමැතියට පයිල් එක යන්නෙ මගෙන්. ඇමතිතුමා හැටියට හිටියෙ අගමැතිතුමා. එතුමට හරියටම පිලිවෙලට වැඩ තියෙන්න ඕන. මම ඉතාම හොඳට වැඩ කරගෙන හිටියා. එක අවස්තාවක අමාත්‍යංශයෙ වෙනත් ආයතනයක ගැටලුවක් තිබුන කෙනෙක් විදේශ ශිෂ්‍යත්වෙකට තේරිලා ගියා. එයා විදේශ ගතවුනහම අගමැතිතුමාට පෙත්සමක් ඇවිත් නොයායුතු කෙනෙක් විදේශ ගත වෙලා කියල. මේ ගැන කරපු පරීක්ෂනය අවසානයේ අගමැතිතුමා මට ලොකු දෝෂරෝපනයක් කලා නොසැලකිල්ලෙන් වැඩකරනව කියල. එතනින් පස්සෙ මට වැඩකිරීමට ලොකු බයක් ඇතිඋනා. අගමැතිතුමා ඉදිරියෙ මට හිතේ තියන දේ කියන්නත් බැහැ. ලේකම්තුමා දැනගෙන උන්න මගෙ අතේ වරදක් නෑ කියල. එතුමාවත් අගමැතිතුමාට මම වෙනුවෙන් කතාකලේ නෑ. මම මේ ගැන හිතනකොට බය වැඩි උනා. එහෙම බයේ වැඩකරන්න බැරි උනහම තීරණය කලා විශ්‍රාම යන්න. සෑහෙන දවසක් කල්පනාකරල විශ්‍රාම යන්න කඩදාසි දුන්න. කවුරුත් මගෙන් ඇහුවෙ නෑ ඇයි කලින් විශ්‍රාම යන්නෙ කියල. මට විශ්‍රාම ගැනීම අනුමත කලා. මම විශ්‍රාම ගියා. ඉතිරි අවුරුදු දෙක ඉන්න දුන්නනම් මගේ වැටුප වැඩිවෙනවා. ඒ වුනාට මට ඉන්න ලැබුනෙ නෑ. මම කොච්චර අවංකව වැඩකරත් නිරපරාදෙ දොස් අහන්න උනා. අන්තිමට මට විශ්‍රාම ගියත් මට ලොකු අසාධාරණයක් උනා කියලයි හිතෙන්නෙ. මේ ගැන හිතල මම හෘද රෝගියෙක් උනා. මේ ගැන ලියුම් ලිව්වට සහනයක් ලැබුනෙත් නෑ.” එක දිගට ඔයාකාරෙන් ප්‍රශ්නෙ කිව්වා.

හොඳින් ඇහුන්කම් දීගෙන හිටපු මට තේරුනා හදිසියේ ඇතිවූ කලකිරීමක් මත විශ්‍රාමයාමේ තීරණයක් ගැනීම මඟින් මේ අය කාර්‍යාලයේ ඉහල බලධාරීන්ට යම් අන්දමේ විරෝධයක් අහිංසක ලෙස දැක්වීමට ගොස් රාජ්‍ය සේවයට සමුදුන් අයෙක් බව. මෙබඳු අවස්ථාවල යමකු ඉදිරිපත්ව කලකිරුනු කෙනාව තනි නොකර ඔහුගේ විරෝධයට සවන්දී ඔහු සැනසිය යුතුයි. අවාසනාවට මේ අයට ඒ සැලකිල්ල ලැබී නැහැ. විශ්‍රාම යාමේ තීරණය ගැන මේ අය පසුතැවෙනවා. එහි වරද තමාගේ බව දැනුනත්, උඩුසිතින් ඔහු කල්පනා කරන්නේ තම තීරණය වැලැක්වීමට කටයුතු නොකිරීම නිසා අන් අය තමන්ට අසාධාරණයක් කල බවයි. එය එලිපිට කීමට නොහැකි කරුණක් බව දැන සිටියත් මානසිකව ඒ මතයේ පිහිටා සිටිනවා. මේ ස්වභවයේ අයට කථා කලයුතු අන්දම ඔවුන්ගේ සිතුවිල්ල සාධාරනීකරණය කිරීම බව තේරුම්ගත් මම,

“ඔය මහත්තය වගේ කෙනෙක් රාජ්‍ය සේවාවෙන් කලින් යැවීම අපරාධයක්. අනිත් අය ඔබතුමා විශ්‍රාම ගැනීම නැවැත්විය යුතුව තිබුනා. ඔය වගේ ජෙයෂ්ඨ නිලධාරියෙක් හදිසියේ කලින් විශ්‍රාම ඉල්ලන්නේ ඇයි කියා ප්‍රධානීන් සොයා බැලිය යුතුව තිබුනා. එය නොකිරීම ඒ අයගේ වරදක්. හැබැයි ඒකට දැන් පිලියම්‍ යෙදීමට හැකිදැයි මම දන්නෙ නෑ. මම උත්සාහ ගන්නම්. පැමිණිල්ල ලිඛිතව දෙන්න. මේ ගැන දුරට හිතන්න එපා. එහෙම හිතුව කියල මොකක් කරන්නද? සියලු දේ වෙන්නෙ මනුස්සයට. අපේ අතපයවත් අපිට ඕන විදියට තියාගන්න බැරි එකේ වෙනත් මිනිස්සුන්ව අපිට ගැලපෙන විදියට තියාගන්න බැහැනෙ. අනික අසනීපනම් හොඳට සතුටින් ඉන්න. බෙහෙත් වෙලාවට බොන්න. වැඩිය මහන්සිවෙන්න එපා. මට කණගාටුයි ඔබට සිදුව ඇති දේට. එනිසා මම පුලුවන් හැටියට බලන්නම් විසදුමක් හොයාගන්න.
ආයෙ බස්වල නැගල එන්න කරදරවෙන්න එපා. මට කෝල් එකක් දෙන්න ඕනවෙලාවක” කියල දුරකතන අංකයත් දුන්නා.

“මගෙ හිතේ තිබුනු බර ගොඩක් සැහැල්ලු උනා සර්. ඔබතුමා මගේ හිතේ තිබුනු ප්‍රශ්නෙ හොඳට ඇහුන්කන් දුන්නා. මේ ගැන අහපු හැමෝම කිව්වෙ මම මෝඩ වැඩක් කරා කියලයි. ඔබතුමා විතරයි එහෙම නැතුව වෙන විදියකට මේ සිද්දිය දැක්කෙ. මම ගැටලුව ලියල එවන්නම් පුලුවන්නම් සර් බලන්න. බැරි උනත් මට දැන් ගානක් නෑ. සර්ට බොහොම පිං” කියල මහත්තය ගියා.

ඊට පස්සෙ ලිඛිතව පැමිණිල්ල එවා තිබුනා. ඒ ගැන පළාත් පාලන අමාත්‍යංශයෙන් වාර්ථාවක් ඉල්ලා යැව්වා. අදාල පුද්ගලයා ඊට පසුවත් පැමිණ මා සමඟ කතාකර ගියා. එදිනත් ඔහු කීවෙ ඔහු ඉල්ලන සහනය වූ විශ්‍රාම වැටුප සංශෝධනය අත්‍යාවශ්‍යම නොවන බවයි. ඔහුව මා ලඟට රැගෙන ආ බන්ඩාර මහතා දැන් ඔහු ඉතාම සතුටින් ඉන්නා බවත්, අසාධාරනයක් වූ බවට කරමින් සිටි චෝදනාව ගැන කතානොකරන බවත්, ඔහුගේ ගැටලුව හොඳින් තේරුම්ගත් මා පිලිබඳව ප්‍රසංශාත්මකව කතාකරන බවත් පැවසුවා.

ටික දිනකින් මට පේරාදෙණිය විශ්ව විද්‍යාලීය තැපැල් කාර්‍යාලයේ මුද්‍රාව සහිත ලිපියක් නමට ලැබුනා. ඒ වනවිට මගේ කිසිවෙක් පේරාදෙණිය සරසවියට සම්බන්දව නොවූ නිසා ලිපිය විවුර්ත කලේ කුතුහලයකින්. ලිපිය පේරාදෙණි විශ්ව විද්‍යාලයේ සිසුවියකගෙන්. මෙන්න මේ වාගෙ දේවල් තමයි ලිපියේ තිබුනේ.

“මේ ලිපිය ලියන මම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුවියක්. මා කවරෙක් දැයි ඔබතුමා නොදන්නවා උනාට ඔබතුමාව මා හොඳින් හඳුනනවා. එසේ හඳුනාගත්තේ අපේ ආදරණීය තාත්තා නිසයි. දැනට මාසයකට පමණ ඉහත ඔබතුමා හමුවීමට මගේ තාත්තා පැමිණියා. ඔබතුමා හමු වී නිවසට පැමිණි මගේ තාත්තා හරිම සතුටින් කථාකලා. රස්සාවෙන් කලින් විශ්‍රාම ලබාගත්තු කාලයේ සිටම තාත්තා සතුටින් හිටියෙ නෑ. හැමදාම දුකෙන් කල්පනා කරා. දිගින් දිගටම කල්පනා කර කර ඉන්න තාත්තා අන්තිමේදී රෝගියෙක් උනා. ඉතා බරපතල හෘදයාබාධයක් වැලදී රෝහල් ගතව දැඩි සත්කාර ඒකකයකත් ගතකල තාත්තා ගැන අපිට ඇත්තේ ලොකු බයක්. තාත්තා දුකෙන් කල්පනා කරන කොට මම හරිම බයකින් ඉන්නෙ. හදිසියේ තාත්තා නැති උනොත් කියා මට ලොකු බයක් දැනුනා. මමත් අනිත් පවුලේ අයත් තාත්තාව සතුටින් තියන්න පුලුවන් තරම් උත්සාහ ගත්තා. අපේ උත්සාහවලට වඩා ඔබතුමා සමඟ කල කතාව තාත්තා මහත් සතුටට පත් කර තිබුනා. එදා ගෙදර ඇවිත් කිව්වේ මගේ ප්‍රශ්නය හොඳටම තේරුන දෙවි කෙනෙක් මට මුණ ගැහුනා කියලයි. එතුමා මට ඇහුන්කන් දුන්නා, මාව තේරුම් ගත්තා, අගය කලා කියල සතුටින් කතා කලා. තාත්තාගේ ප්‍රශ්නය උනේ කලින් විශ්‍රාම යන්න වීමයි. ඊට කලහැකි දෙයක් නැතිබවයි ඒ ගැන කතාකල හැම දෙනෙක්ම කීවේ. තාත්තා සතුටු වන්නේ නිසැකවම ඔබතුමා ඊට පිලිතුරක් හොයන්න මහන්සි වෙන බවට ලොකු විශ්වාසයක් ගොඩනැගී ඇති නිසයි. ඒත් මට ඔබතුමා ඊට සාර්ථක පිලිතුරක් සොයා නොගත්තොත් ඒ බව දැනගත් පසු අපේ තාත්තා යලි බලාපොරොත්තු නැතිවී අසනීපවේ දැයි බයක් දැනෙනවා. අනික අපේ තාත්තා කියන කාරණය හරියටම නීතිරීති අනුව කල නොහැකිනම් ඒ බව දැනුම් දීමට ඔබතුමාට සිදුවෙනවා. ඒත් තාත්තාට එය බලපාන්න පුලුවන්. මම මේ ලිපිය ලියන්නේ එක් ඉල්ලීමක් කිරීමටයි. යම්හෙයකින් අපේ තාත්තාගේ රාජකාරිය ඉටු කල නොහැකිනම් එය අපේ තාත්තාට කියන්න එපා. ඒ ගැන මොකක් හරි කියල තාත්තව සතුටින් තියන්න. ඔබතුමා ගැන පැහැදීමෙන් සතුටින් ඉන්න තාත්තාව සතුටින් තියාගන්න අපිට උදව් කරන්න. ඔබතුමාට තෙරුවන් සරණයි.”

මේ ලිපිය පිලිබඳව කිසිවක් මම අදාල කෙනාට කිව්වේ නෑ. ඔහුත් මට වරක් දෙකක් ටෙලිපෝන් කර තොරතුරු කතාකර කීවේ තම ඉල්ලීම ඉටුනොවුනත් දැන් ගැටලුවක් නැති බවයි. තමාට ලොකු සැහැල්ලුවක් දැනෙන බවත් එය එසේ වුනේ මා හා සාකච්ඡා කල පසුව හා තමාගේ වටිනාකම මඟෙන් ඇගයුමට ලක්වීමෙන් පසුව බවයි ඔහු කීවේ. ඔහුගේ ආදරණීය දියණිය තම පියා සතුටින් සිටිනු දැකීමට දැක්වූ කැමැත්ත අපි ලඟට රාජකාරිවලට එන හැම පියෙකුගේම මවකගේම දරුවන්ට සහ අපේ දරුවන්ටත් තියෙන පොදු අවශ්‍යතාවයක්. මනුස්සයෙක්ගෙ ප්‍රශ්නයකට අපි දක්වන සැලකිල්ලෙන්ම විතරක් මිනිහෙක්ගෙ ජීවිතේ ආලෝකමත් කරන්න පුලුවන් කියන එක රජයේ නිලධාරින්ට තේරුනු දවසක රාජ්‍ය සේවාව ගැන මීට වැඩිය හොඳ තත්වයක් රටේ ඇතිවෙයි. ඒක නිසා හැම රජයේ නිලධාරියෙක්ම තමන් ළඟට එන මනුස්සයින්ගෙ ගෙදර ඒ මනුස්සයව සතුටෙන් ගෙදර එයි කියල බලාගෙන ඉන්න දරුවෙක් ඇති කියල හිතල, ඒ දරුවන්ගේ ගෞරවයට පාත්‍රවෙන මිනිස්සු වෙන්න කියල ඉල්ලන්න කැමතියි.

5 thoughts on “නාඳුනන සරසවි සිසුවියගේ ලිපිය.

  1. කිසියම් නමුත් සේවාවක් සපයන විට නීති රෙගුලාසි වලට එපිටින් අනුකම්පාව කියන දෙයත් වැදගත්, හැම විටම අනෙකාගේ පැත්තෙනුත් බැලිය හැකි නම් ප්‍රශ්න වෙයිද ?

    Like

  2. සර්ලා වගේ රාජ්‍ය සේවකයෝ කිපදෙනෙක්ගේ රාජකාරි අත්දැකීම් පොතක් කරලා පල කරනවා නම් චක්‍ර ලේකන වලට වඩා ප්‍රයෝජනවත් වෙයි නවක රාජ්‍ය සේවකයන්ට

    Liked by 1 person

  3. සංසාර ඉන්න වැඩි දනකට විදවන ව්දනා තියනව
    හුගක් වලාවට ඒව වනත් ව්දනාවක ස්වරූපයන් එන්න පුලුවන්
    එබැවින් එයා වන ව්දනාවක් කියනව වන්න පුලුවන්
    ම් ව්දනා නැතිවුනත් නැතිවන්න යථා අවබා්දයන් පමණයි

    සිත් රාග ද්ව්ශ මා්හ අඩු අයකුට තමන්ව මන්ම අන් අයව දකින්න පුලුවන්කම වැඩියි
    ඒ අයග සිත අන් අයග සිත සමග අනුනාද වනව වැඩියි
    මීටර් වනව වැඩියි
    දැන් හැමතැනම ර්ඩියා් රූපවාහිනී තරංග තිබුනට බලන්න නම් ඒවට සුසරවන යන්ත්රයක් තියන්න ඹ්න
    අහන්න බලන්න නම් එම තරංග එයට මීටර් වන්න ඹ්න
    සිත් රාග ද්ව්ශ මා්හ අඩු අයකුට තමන්ව මන්ම අන් අයව මීටර් වනව වැඩියි
    අනුනාදවනව වැඩියි
    භඋතික විද්යාව ඉගනගන තියනව නම් මය ත් රුම් ගන්න පහසුයි
    හැමටම විද්යුත් චුම්භක ක්ෂත්ර තියනව
    සිත් රාග ද්ව්ශ මා්හ අඩු අයකුට telepathy පුලුවන්කම වැඩිය තියන්න පුලුවන්
    මම ම්ව ලමයින්ට භඋතික විද්යාව උගන්නන විට අව් රුදු ගණනක් උගන්නල තියනව
    බුද්ධ ධර්මය හැරුනවිට ඉගනගන්න තියන වැදගත්ම විෂයය තමයි භඋතික විද්යාව

    හුගක් වලාවට උපද්ශණයන් කරන්න ප්රශ්ණ ඇති තැනැත්තට යථා අවබා්ධය ලබාදීමයි
    හරියාකාරව යථා අවබා්ධය ලැබුවහම යාථාඅවබා්ධය ලබපු ප්රමාණය අනුව විදවන ව්දනා අවසන් වනව

    පුද්ගලයකුට පූරණව යථා අවබා්ධය ලබාදන්න පුලුවන් පහසුම නිවැරදිම ක්රමය දන්න බුදුවරයන් වහන්සනමක් විතරයි
    එයට හ්තුව උන්වහන්ස්ලාට පුද්ගලයග අතීත ජාති ගණනාවක් දකින්න පුලුවන් ආදී ඥාන ගණනාවක් තියන බැවින්

    ගාථාවක් පාඩම් කරගන්න බැරුව හිටපු චුල්ලපන්ථක හාමුදුරුවන්ට යථා අවබා්ධය දන්න තියන පහසුම තැන බලපුවහම
    උන්වහන්ස දුටුව ජාති පන්සියයකට එපිට රජව නාටිකාංගනාවන්ග නැටුම් බලබලා සිටියදි තමන්ට දාඩිය දාල පිසදානවිට
    යම් ප්රමාණයකින් යථා අවබා්ධය ඇතිවුනබව
    එම නිසායි උන්වහන්ස රදි කඩක් දීල දාඩිය පිස දමන්න සැලැස්සුව
    චුල්ලපන්ථක හාමුදුරුවන් පරිපූර්ණව යථා අවබා්ධයට පත්ව තියනව
    එම නිවැරදි උපදස දන්න පුලුවන් බුදුවරයානන් වහන්ස නමකට පමණයි
    මහා කාරුණික බුදුවරයානන් වහන්ස නමක් තමන් ලගට ආ අයට පිහිට වනවාමයි
    යථා අවබා්ධය ලබන්න නිවැරදිම පහසුම මග කියාදනවාමයි
    ඒ නිසයි සියලු බවුද්ධ අය බුදුවරයන් වහන්ස නමක් මුණ ගැසන්න පතන්න

    මම දැන් ටික කලක ඉදල ලංකාව සුලු ජාතීන්ට කැමති නැහැ
    ලංකාව සුලු ජාතිකයින් දන්න නැහැ මහ ජාතිය විනාශ නකර සමගියන් ඉන්න
    මග සුලු ජාතික යාලුවන් ඉන්නව එකට ඉගනගත්ත අය ඉන්නව මම උගන්නපු ලමයි ඉන්නව එකට වැඩ කරපු අය ඉන්නව
    නමුත් දැන් හුගක් සිංහල පුවත්පත් රූපවාහිනී නාලිකා ලංකාව සුලු ජාතිකයින්ග සත්ය ස්වභාවය අපට කියල දනව
    මිත්රත්වයට යටින් තියන්න පටු අරමුණුබව විස්තර කරල දන්වනව
    ම් රට දියුණුවලා ම් අයට ටිකින්ටික යථා අවබා්ධය ලැබනත් ම් ගති අඩුව යන්න පුලුවන්
    ඒ ප් කරීම් අර් මුත්තුසාමි මහිදීන් බග් උමාරියා සිංහවංශ අය ගැන හිතනවිට වනසක් හිතනව
    නමුත් මහිදීන් බග් උමාරියා සිංහවංශ මරට හැදුන අය නවයි
    උමාරියා සිංහවංශ මැල්සියාව අයක්

    සමන් අතාවුදහට්ටි ලියල තියන සරවක් නදිය දිග් කියන පත සිංහල බවුද්ද හැමා්ම කියවන්න වටින පතක්
    මැල්සියාව ඉස්සර හද බව්ද්ද රටක්ව තිබිල තියනබව එහි විස්තර සහිතව තියනව

    Like

  4. //හැබැයි ගම්වල මිනිස්සු දුක් අඳෝනාව ඉදිරිපත් කරන්නෙ හදවතින්.රජයේසේවකයො බොහෝවෙලාවට ප්‍රශ්නය කියන්නෙ මොලයට දැනෙන හැටියට.මොලයට දැනෙන හැටියට කිව්වෙ තර්කානුකූලව.තමන්ට අසාධාරනයක් උන බව කියන්න විවිධ තර්ක ගොඩනගනවා// මේක හරිම ඉන්ටරෙස්ටින්ග් පොයින්ට් එකක්.. ඔබට තරම් බරපතල ලෙස නොවුනත් මගේ රස්සාවේදීත් මට හුඟක් මිනිස්සුන්ව ඉන්ටර්වීව් කරන්න, ප්‍රශ්න කරන්න හා ඇහුම්කන් දෙන්න වෙනවා.. මිනිස්සු කතා කරන වාග් විලාශයෙන්, ඔවුන් භාවිත කරන ආමන්ත්‍රණ වලින්, ඔවුන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන විලාශයෙන්, ඔවුන් පිළිතුරක් බලාපොරොත්තු වෙන විලාශයෙන්ම අපිට බොහෝ දුරට ඒ ඒ පුද්ගලයාගේ අවශ්‍යතාවය තේරුම් ගන්න පුළුවන්. මේකත් ‘බොඩි ලැන්ග්වේජ්’ එකේම එක්ස්ටෙන්ෂන් එකක් වගේ.. ඔබට ඒ හැකියාව අපූරුවට පිහිටලා තියෙන බවත් ඔබ එයින් බොහෝ වැඩ ගන්න බවත් පේනවා..

    Yet another ‘Hats off’!

    Liked by 2 people

    1. මිනිහෙක්ගෙ අව්ශ්‍යතාවය ම විතරක් නෙවෙයි මුලු මනුස්සයවම තේරුම් ගන්න උත්සාහ කිරීමයි පුරුදුකලයුතු.ඒකට මනුස්සයව කියවගන්න ඕන.මනුස්සයගෙ හැසිරීම කථාව අනුව ඔහුව තේරුම් ගැනීම තමයි කියවාගැනීම වෙන්නෙ.හරියට මනුස්සයින්ව කියවා ගැනීම කලොත් ලොකු පිහිටක් කරන්න පුලුවන්

      Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s