වයි ඇම් සී ඒ නිවාස යෝජනා ක්‍රමය.

අම්පාරෙ ප්‍රාදේශීය ලේකම් කම කරන කාලෙ වෙච්ච සිද්දි මතක් වෙන්නෙ සැරින් සැරේ.දැන් අවුරුදු විස්සකට පෙර අවසන්වුන කාලපරිච්චේදෙකට ඉස්සරින් වුන හැමදෙයක්ම එක පාර මතකෙට එන්නෙ නෑනෙ.පහුගිය දවසක අම්පාර රෝහලේ පරිපාලන නිලධාරි ප්‍රේමදාස මහත්තය දුරකථනෙන් කථාකරල කිව්ව කාරණයක් නිසා මේකතාව මතකෙට ආව.ප්‍රේමදාස මහත්තය මම අම්පාර කච්චේරියට මුලින්ම ගිය 1986අවුරුද්දෙ ආයතන අංශෙ වැඩකරපු ලිපිකරු මහත්තයෙක්.ඊටපස්සෙ මම දිසාපතිවෙලා අම්පාරට යනකොට කච්චේරියෙ පරිපාලන නිලධාරි හැටියටහිටිය ඒ මහත්තය ලොකු මෙහෙවරක් සිදුකරපු දක්ෂ නිලධාරියෙක්.ප්‍රෙමදාස මහත්තය අම්පාරෙ වයි ඇම් සී ඒ නිවාස යෝජනා ක්‍රමෙ පදිංචි කරුවෙක්.පවුල් හතලිහක් පනහක් වාසය කරන මේ යෝජනාක්‍රමෙට ප්‍රජා ශාලාවක් හදන්න ඉඩම් කෑල්ලක් රජයෙන් ගන්න තමන් ලේකම් ධුරය දරන සමිතියෙන් කටයුතු කල බවත් ඒකට විරුද්දව නඩු දාල තියෙන බවත් ප්‍රෙමදාස මහත්තය මට කිව්වා.නඩුව දාල තියෙන්නෙත් එසේ මෙසේ තැනක නෙවෙයි කොලඹ සුප්‍රිම් උසාවියෙ.ඔන්න ඔය ආරංචියෙන් මාව ආපහු අම්පාර ප්‍රාලේ කාලෙට නිරායාසයෙන්ම ඇදිල ගියා.වයි ඇම් සී ඒ ඉඩම නිවාසයෝජනා ක්‍රමෙට බෙදපු හැටිත් එතනදි ආපු අභියෝගත් ගැන මතකෙට එන්න පටන් ගත්තෙ මහ සේනානායක සමුද්දරේ සොරොව්වෙන් වතුර එන්න වගේ.

අම්පාර නගරෙ ඉඩම් බෙදාදීම 1973 වෙනකම් ගල් ඔය සංවර්දන මංඩලේ නැත්නම් ගල් බෝඩ් එකෙන් තමයි කෙරුනෙ.ගල් බෝඩ් එක අම්පාර නගරෙ වාණිජ ඉඩම් බෙදාදුන්නෙ 1968දියි.රජයේ ඉඩම් ආඤා පණත අනුව ඉඩම් බෙදාදීමෙදි ප්‍රසිද්ද වෙන්දේසික්‍රමය,ටෙන්ඩර් ක්‍රමය අනුගමනය කරන්න ඕන.පදිංචියට ඉඩම්බෙදන අවස්තාවල ඉඩම් කච්චේරි ක්‍රමයත් අනුගමනය කරන්න පුලුවන්.වාණිජ ඉඩම් බෙදීමට ගල් බෝඩ් එක කරේ ප්‍රසිද්ධ වෙන්දේසි ක්‍රමය යොදාගන්න ක්‍රියා කල එකයි.මේ වෙන්දේසිය ප්‍රසිධ වෙන්දේසියක් උනාට අම්පාරෙ ගල් බෝඩ් එකට සම්බන්ධ අය ඩඩ්ලි සේනානායක අගමැතිතුමාට කරුණු පැහැදිලි කරල අම්පාරෙ නගරෙ ඉන්න අයට විතරක් සීමා උන වෙන්දේසියක් බවට පත් කර ගන්නෙගල්බෝඑ එකේ වැඩකල අයට වාණිජ ව්‍යාපාරිකයො වෙන්න අවස්ථාවක් ගන්නැයි කියල හිතා ගමුකො.මේ වෙන්දේසියෙන් පස්සෙ ආපහු විධිමත් ක්‍රමවේදයකට ඉඩම් බෙදීමක් වෙන්නෙ නෑ.ඊට පස්සෙ ක්‍රමානුකූලව ඉඩම් බෙදීම දේශපාලනී කරනය් වෙනව.කවුරු හරි අම්පාරෙ ඉන්න දේශපාලන ලොක්ක තමයි ඉඩම් ලාභීන් තෝරන්නෙ.නීත්‍යානුකූලව ඒ කාර්‍ය පැවරුනු නිලධාරින් ඒ ලොක්කගෙ ලැයිස්තුවට ඉඩම් දෙන්නො බවට පත් උනා.මේ ක්‍රම වේදෙ ස්ථාපිතවෙලා නීතිගත ක්‍රමවේදයක් තරම් ස්තාවර වෙනවා.එක්දාස්නමසිය හැත්තෑහතෙන් පස්සෙ හඳුන්වාදීපු දිසා ඇමති ක්‍රමය නිසා මේක්‍රමවේදෙ හොඳටම සක්‍රීය වුනා.දිසා ඇමතිවරය කච්චේරියෙම කාර්‍යාලය දාගෙන තම ගෝල බාල ලේකම් වරුත් එක්ක ඉන්න කොට ප්‍රතාපවත් දිසාපති තනතුර කච්චේරියෙ කාමරේකට හිරවුනා.ඒමදිවට දිසා අමාත්‍යංශෙ ලේකම් බවට දිසාපති වරයව පත් කරල දිසා ඇමති වරයගෙ යටතට පත්කලා.මේකෙන් අම්පාරෙ ඉඩම් බෙදනකොට මෙතෙක් කල් ලිපියක් විතරක් නිකුත් කල දේශ පාලකයා ලිපි ගොනුවල සටහන් මගින් නියෝග නිකුත් කරන්නෙක් දක්වා සීග්‍ර වර්ධනයක් අත් කර ගන්නවා.මම අම්පාරට යනකාලෙ තත්වයඔහොමයි.අම්පාර නගරෙ ජයවර්ධනපුර ගුරුපුර වාගෙ ප්‍රදේශවල ඉඩම් බෙදාදුන්නෙ දේශපාලන අංශවලින් සකස්කරන නම් ලැයිස්තුව කච්චේරියට ලැබුනම ඒලැයිස්තුවට ඉඩම් කැබලි දීමෙන්.

මේක්‍රමෙට තිබුන පාලනේ වෙනස් වෙන්නෙ කච්චේරිය කටයුතු විමධ්‍යගත වීම 1992අගදි සිද්ද වීමත් එක්කයි .එතෙක් කච්චේරියෙ තිබුන ඉඩම් අංශෙ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල අතර බෙදා හැරෙනවා.ඒ අනුව අම්පාර නගරෙ ඉඩම් කටයුතු අම්පාර ප්‍රදේශීය ලේකම් කාර්‍යාලෙට අයිති වෙනවා.අම්පාරෙ ප්‍රාදේශීය ලේකම් හැටියට පී බී අමරසේකර මහත්තය ඉන්න කාලෙ තමයි වයි ඇම්සී ඒ නිවාස යෝජනා ක්‍රමෙගැන කටයුතු පටන් ගන්නෙ.හැබැයි ඒ ආරම්භය වෙන්නෙ දේශපාලන කාර්‍යාලෙ.දේශපාලන බලධාරින් වයි ඇම්සීඒ එකලඟ ඉඩම බෙදන අදහස ආවහම පුද්ගලික මිනින්දෝරුවෙක් මගින් ඉඩමේ සැලැස්ම යොදාගෙන කැබලි සැලැස්මක් නැත්නම් බී ඕ ඩී එකක් හදෝනවා.මේ කැබලි සැලස්මෙන් කරන්නෙ අදාල භූමියෙ මුල් මිනින්දෝරු සැලැස්ම අරගෙන කාර්‍යාලෙ ඉඳගෙන පර්ච්ස් විස්සෙ කෑලි වලට කඩල පාරවල් දාල දල කැබලි වලට අංකදාල දෙන එකයි.මේ සැලැස්ම ලැබුනම දේශපාලන බලධාරියා මේ ඉඩම් කැබලි ගන්න අයගෙ නාම ලේඛනයක් හදනවා.හැබැයි මේ සැරේ කියනවා ඉඩම් කැබැල්ලක් දෙන්නෙ පොදු පහසුකම් සඳහා එක් අයෙකුගෙන් රුපියල් හතලිස් දාහක් නගර සභාවෙ තැන්පත් කරාට පස්සෙයි කියල.ඒ අනුව හතලිස් දෙනෙක් සල්ලි ගෙවලා ලැයිස්තුවට ඇතුල් වෙනවා.ඊට පස්සෙ මේනම් ලැයිස්තුවයි අර කැබලි සැලැස්මයිවෙනද කච්චේරියට එවනව වාගෙ අම්පාර ප්‍රාදේශීය ලේකම් අමරසේකර මහත්තයට එවුවාමේ නම් ලැයිස්තුවේ සඳහන් අයට බිම්කොටස් භාරදෙන්න කියල ලියුමකුත් එක්ක.

අමරසේකර මහත්තය මේ ලැයිස්තුව බලල මෙහෙම ඉඩම් දෙන්න මේව මගේ ඉඩම් නෙවෙයි රජයේ ඉඩම්නෙ කියල දේශපාලන බල ධාරියට කතාකරල මේ ඉඩම් කට්ටි වලට අයදුම් පත් කැඳවන්න ඕන කියල කිව්වා.එතකොට කිසියම් පිලිවෙලක් අනුගමනය කිරීමක් වෙන බවත් කියල කිව්වම දේශපාලන බලඳාරින් එකඟ වුනා කොන්දේසි සහිතව.කොන්දේසියවුනේ කොච්චර ඉල්ලුම් පත් ආවත් මේ ලැයිස්තුවෙ අයව ගන්න ඕන කියන එක.අමරෙ ඒකට හා කියල ඉල්ලුම් පත් කැඳෙව්වා.ඉල්ලුම් පත් දාහක් විතර ආවා.මේ අතර චන්දෙත් ආවා.ආන්ඩුව වෙනස්වෙලා ඔන්ඩුවෙන් තියාගෙන යන ආන්ඩුවක් පත් උනා ටික දවසකින් අමරෙ බිබිලට මාරු උනා.මහඔය හිටපු මම අම්පාරට ආවා. මම අම්පාරෙ රාජකාරි පටන්ගෙන ටික දවසකින්මේ වයි ඇම් සී ඒ ඉඩම් බෙදාදීම සඳහා ඉඩම් කොමසාරිස් අනුමැතිය අරගෙන අර අයදුම් පත් වලට සම්මුඛ පරීක්ෂන පටන් ගත්තා.සම්මුඛ පරීක්ෂනයෙන් ඉඩම්ලාභීන් තෝරාගැනීම කරගෙන යන අතර දවසක් කන්ඩායමක් මාව හම්බු වෙන්න ආවා.

“සර් මේ ඉඩම් කච්චේරිය නිසා අපිට ලොකු අයුක්තියක් වෙනවා.ඒකගැන කථා කරන්නයි ආවෙ.”එක් අයෙක් කිව්වා.

“ඔව් මොකක්ද අසාධාරනය?”

“අපි මේඉඩම් ගන්න සල්ලි බැඳපු අය.රුපියල් හතලිස් දාහගානෙ අපි නගරසභාවට සල්ලි ගෙව්වා.අපිට ඒනිසා ඉඩම් ඕන.”

“මේ ඉඩම රජයේ ඉඩමක් මෙතනින් ඉඩම් දෙනව කියල සල්ලි අයකරන්න නගරසභාවට බලයක් නෑ.නගරසභාවගත්තු සල්ලි නිසා ඉඩම් දෙනව කියල සහතිකයක් දෙන්නත් බෑ.ඒකනිසා නගරසභාවෙන් සල්ලි ආපහු ඉල්ල ගන්න.සම්මුඛ පරීක්ෂනය අනුව වැඩි ලකුනු ගන්න අයට ඉඩම් ලැබෙයි.”මම පැහැදිලි කරා.

“හරි අපි බලමු “කියල කට්ටිය ගියා.

ඊලඟ සුමානෙ අම්පාර මහාධිකරණයේ නඩුවක් දැම්මා අර කන්ඩායමේ කෙනෙක්.වග උත්තර කරුවන් ප්‍රාදේශීය ලේකම් සුනිල් කන්නන්ගර සහ නගර සභාව.ඉල්ලීම ලෙස තමන් නගරසභාවට මුදල් ගෙවා ඇති නිසා තමන්ට ඉඩම් කැබැල්ලක් ලබාදෙන ලෙසට ආඥාවක් නිකුත් කරන ලෙසත් එතෙක් ඉඩම් බෙදා දීම නතර කරවන නියෝගයක් දෙන ලෙසත් ඉදිරිපත් කර තිබුනා.නගරසභාව හැරෙන තැපෑලෙන් උත්තර බැන්දේ පැමිනිල්ලේ ඉල්ලීම් පිලිගනිමිනුයි.මුලු නඩුවටම විරුද්ධව කරුනු දක්වන්න උනේ මටයි.රජයේ නීතීඥ මහතාව සම්බන්ධකරගෙන පැමිනිල්ලට එරෙහිව කරුණු ඉදිරි පත් කරා.නගරසභාවට රජයේ ඉඩම් ලබාදෙන බවට වූ බැදීමක් පුද්ගලයින් සමග ඇතිකර ගැනීමට නෛතික බලයක් නැතිබවත් පැමිනිලිකරු හා නගරසභාව අතර වූ මුදල් හුවමාරුවට රජයේ ඉඩමක් ලබා දෙන බවට පොරොන්දුවක් දීමට රජයේ නිලධාරියෙකුට බලයක් නැති බවත් පැමිනිලි කරු පදිංචිය සඳහා නගරයේ රජයේ ඉඩම් මීට පෙර ලභා ගත් කෙනෙක් බවත් පෙන්වමින් ඉදිරිපත්කල කරුනු මත මාස කීපයකින් පැමිනිල්ල නිෂ්ප්‍රභා කිරීමට අධිකරණය ක්‍රියා කලා.

ආපසු ඉඩම් කච්චේරිය අවසන් කර තාවකාලික තේරීම් ලැයිස්තුව සකසද්දී තවත් අයෙක් පැමිනියා.

“සර් අපි පදිංචි ඉඩම වෙන අයට බෙදන්න හදනවලු ඒක ගැන දැන ගන්නයි ආවෙ”මේ කෙනා කිව්වා

“ඒ කොහේද? “මම ඇහුවා.

“වයි ඇම්සී ඒ ලඟ අපි දැන් අවුරුදු විස්සක් විතර පදිංචි ඉඩම වෙන අයට දෙන්නයි හදන්නෙ කියල ආරංචි උනනිසයි ආවෙ”

“කවුරුවත් පදිංචි ඉඩමක් එහෙම වෙන අයට දෙන්නෙ නෑ අපි බලමු මොකද වෙලාතියෙන්නෙ කියල”

මම ලිපිගොනුව ගෙනැල්ල වයි ඇම් සී ඒ කට්ටි කැඩීමේ සැලැස්ම පරීක්ෂා කරා.ඒක අනුව මුලු ඉඩමම හිස් ඉඩමක්.ඒත් මේ පුද්ගලයාසහ ඔහුගේසහෝදරයෙක් ඉඩමතුල වාර්ෂික අවසර පත්‍රයක් මත පදිංචියි. කැබලි සැලැස්ම හැදීමේ වරදක් බව පෙනුනා. පදිංචි ඉඩ්ම් වෙන අයට නොදෙන බව කියා ඒ පුද්ගලයව පිටත් කලා.මිනුම් අධිකාරිට මේවරද පෙන්වා දී ලිපියක් යැව්වා.මිනුම් අධිකාරි හැරෙන තැපෑලෙන් උත්තර එව්වෙ වයි එම් සී ඒ නිවාස බෙදුම් සැලැස්ම තම කාර්‍යාලයෙන් සකසූවක් නොවන බව සඳහන් කරමිනුයි.මේඑ ගැන ඵරීක්ෂා කිරීමේදී හෙලිඋනේ පුද්ගලික මිනින්දෝරුවෙකු සැකසූ කට්ටි සැලැස්මකට මෙතෙක් අප කටයුතු කර ඇති බවයි.මේ නිසා ඉඩම පෞද්ගලිකව පරීක්ෂා කලා.එවිට පෙනුනේ බෙදාදීමට යෝජිත ඉඩමේ පදිංචි පවුල් කීපයක් තියෙන බවත් ඊට අතිරේකව රජයේ නිවාසවල මල නාලිකා පද්ධතියද බෙදා දෙන ඉඩම් වලට අයත් වී ඇතිබව.ඒ අනුව මිනින්දෝරු අධිකාරිගෙන් ඉල්ලා සිටියා දැනට පදිංචි ඉඩම් හා මලනාලිකා පද්ධතියට අයත් ඉඩම් වෙන්කර නව කැබලි සැලැස්ම සකසා දෙනලෙසට.මිනුම් අධිකාරි තෙන්නකෝන් මහතා එය කඩිනමින් සකස් කර දුන්නා.එම සලැස්ම අනුව බෙදාදියහැකි ඉඩම්කැබලි ගණනට සම්මුඛ පරීක්ෂනයෙන් ඉහලම ලකුනුගත් අයගේ නම් තෝරාගෙන විරෝධතා කැදවීම කලා.

විරෝධතා කැදවීමේඑ නිවේදනයේ ඉඩම්ලාභින්ගේ ලිපිනයින් නැති බවට හිටපු දේශපාලන බලවතා දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවට පැමිනිලි කලා.අෂ්‍ රොෆ් ඇමතිතුමා සභාපතිලෙස ප්‍රශ්නය විමසුවා.

“මොකක්ද ප්‍රාදේශීය ලේකම්තුමා මේවිරෝධතා දැන්වීමෙ ලිපිනයන් සඳහන් නොවීම?”

“සර් මේ දැන්වීම නිවැරදියි.ඉඩම් නියෝග අනුව විරෝධතා කැඳවිය යුත්තේ නාමලේඛනයටයි.නැතුව ලිපිනයට නෙවlයි.

“මේනාම ලේඛනයට හොරෙන් නම් දාල ඒක අහුවෙනවට ලිපිනය දාල නැහැ. ඒකයි ඇත්ත.”ප්‍රශ්නය ඉදිරිපත් කල දේශපාලන බලවතා කිව්වා.

“මේ නාමලේඛනයට විරෝධතා කැඳවීමෙ දැන්වීම හදන්න පූර්වාදර්ශ හොයාගන්න මීට පෙර ඉඩම් බෙදූ අවස්තාවලට අදාල ලිපිගොනු අධීක්ෂනය කරල බැලුවා.ඒහැම ඉඩම්බෙදාදීමක්ම කරල තියෙන්නෙ දේශපාලඥයෙකුගෙ තේරීම් ලැයිස්තුවකට.ඒවායෙදිවිරෝධතාතියාඅයදුම් පත් කැදවීමක්වත් නැහැ.පුලුවන්නම් ඕනකෙනෙක් පෙන්වන්න 1968ටපස්සෙ අම්පාර නගරෙ ඉඩම් බෙදාදෙන්න මේවගේ ඉඩම් කච්චේරියක් කරපු අවස්ථාවක්.එහෙම නෑ.දැන් අපි අමාරුවෙන් කරපු නීත්‍යානුකූල කාර්‍යෙ ඇදකුදහොයන්නෙ හරියට ලීයෙ ඇද අරින්න එන වෑය වගෙ කට්ටිය තමයි.”ඕනෙනම් ලිපින ප්‍රසිධකරන්නම් කියල මම දේශනාවක් කරා.

ඒ අනුව ලිපිනයන් සහිතව විරෝධතා දැන්වීම් ප්‍රසිධ කරා.විරෝධතා කීපයක් ආවා.දේශපාලන හිටපු බලවතුන් ගේ මෙහෙයවීමෙන් ඉදිරිපත් කල විරෝධතා පිලිබඳ පරීක්ෂන පවත්වා තීන්දු දැන්වූවා.විරෝධතාවලට වඩා ආවෙ හිමිකම් ඉල්ලීම්.මේ කටයුතු කෙරෙන අතර මම කොලඹට ස්තාන මාරු උනා.මගෙන් පස්සෙ ප්‍රාලේ උන පාලිතෛතිරි පරීක්ෂන කරා.විවිධ බල පෑම් ආවත් මම කරගෙන ගිය කාර්‍ය වෙනස් නොකර ඔහු ඉදිරියට ගෙනිච්චා ඊලඟට පත් උන මාලා බස්නායක ප්‍රාදේශීය ලේකම් තුමියටත් සෑහෙන්න බලපෑම් කලත් ඇය න්‍ර්භයව කටයුතු කරලා සියලු බලවේග මැද තේරීම් ලැයිස්තුවට ඉඩම් කට්ටි භාරදී වයි ඇම් සී ඒ නිවාස යෝජනා ක්‍රමය ඉඩම් බෙදීම අවසන් කරා.

මම ආපහු දිසාපති හැටියට අම්පාරට යනකොට මේ නිවාසයෝජනා ක්‍රමයේ නිවාස හදල මිනිස්සු පදිංචි වෙලා.දැක්කම සංතෝෂයි.ආන්ඩු බලය වෙනස්වූ වෙලාවක කිපදෙනෙක් අනවසරෙන් හිස් ඉඩම් අල්ලලා තිබුනත් වැඩිදෙනා නිවාස හදාගෙන හිටියා.මම නෙකෝඩ් ව්‍යාපෘතියට කථා කරල ෆේරියල් අෂ්‍ රොෆ් ඇමතිතුමියගේ සහයෝගයෙන් නිවාස යෝජනා ක්‍රමෙ පාරවල් ටික තාරදාන්න ලක්ෂ තිස්නමයක් අරගෙන දුන්නා.ඒවැඩෙත් හරි අද අම්පාර නගරෙ තියෙන ඉහලම වටිනාකම සහිත නිවාස යෝජනා ක්‍රමෙ මේ නිවාස යෝජනා ක්‍රමෙයි.ඒගැන හිතෙන කොටත් සතුටුයි.

9 thoughts on “වයි ඇම් සී ඒ නිවාස යෝජනා ක්‍රමය.

  1. රාජ්‍ය සේවකයන්ට කොන්දක් ලබා දීම සහ තමන් ජනතාවට නීතිගරුකව සේවය සපයන්න බැඳී සිටිනවා යන ආකල්පමය වෙනසක් ඇති වෙනතුරු අපිට මේ නරා වලෙන් ගොඩ එන්න පුළුවනිද ?

    Like

  2. මේ ප්‍රශ්න ඇති කරේ නීතිය දන්න සහ එය ක්‍රියාත්මක කිරීමට ඉන්න නිළධාරීන්ට ඉහලින් කරුණු නොදන්න, බලය ඉහට ගත්තු දේශපාලකය බලවත් කිරීම නේද? රාජ්‍යසේවා කොමිසමට ඉහලින් මැරවර දේශපාලකයෙක් වලංකඩේට පැනපු ගොනා වගෙ අනින්න ගත්තම වෙනදේම තමයි. එයා ඉන්න ඕන රාජ්‍ය සේවයෙන් පොදු මහජනයට නරකක් වෙනවද කියල බලල ඒව සකස් කරන්න මිසක් තම තමන්ට ඕන ඕන හැටියට නීතිය නමන්න නෙවෙයි.
    නොරිස් කැනල් එකේ කතාව නං මසුරං.බිම් මට්ටමේ මිනිස්සු සදාචාරවත් වෙනවනම් ඒ අතරින් සදාචාරවත් දේශපාලකයො බිහිවෙයි. ඔබතුමාට හැමදාම වගේම මේකටත් ‘පහක්’.

    Liked by 1 person

  3. අම්පාරට කර ඇති ස්වය අපමණ බව පැහැදිලියි
    මග අදහස නම් අම්පාරට ඡන්ද ඉල්ලන්න කියන එකයි
    මයට වැඩි ස්වයක් කලහැකිවයි
    බස්නාහිර පලාත ඉන්න අපට අම්පාර ගැන ත් රුම අඩුයි
    මම හිතා ඉන්න එහි දමල සහ මුස්ලිම් අය වැඩි බවයි

    ලිපිය කියවනවිට ඇතිවුන ප්රශ් න කීපයක් තියනව

    Q1 පිටරටවල් වල ඉඩම් බදන කටයුතු වලට ද්ශපාලනය මැදහත් වනවාද
    Q2 මයට මූලික හ්තුව අපරට රජය් ඉඩම් බදන ප්රතිපත්ති නිරවුල්ව සාදා නැතිකම නවද
    Q3 රජය ඉඩම් බදන බවට මහජනයා දැනුවත් කරන දැන්වීම් කහද දාන්න
    ම් ප්රශ් න අහන්න මට ඉඩම් ඕනවට නවයි මහජනතාව හරියාකාරව දැනුවත් නවන බව කීමටයි
    උදාහරණ කීපයක් කියන්න පුලුවන් ළගදිම එක තමයි පැළෑද ඉඩම් බදීම
    බදුවට පස්සයි අනිත් අය දන්න

    අනිත් කරුණ තමයි යාපනය වග පලාත්වල ඉඩම් බදීම
    ම් ගැන විස්තරයක් නීතිඥ මන්හර ආර් ද සිල්වා මහතා ලියා අැති වියවස්ථා සංශ්දනය නමැති පත 153 පිට තියනව
    අම්පාර ඉඩම් ගැණත් තියනව
    ඒ එ නිලධාරි තමුන්ග දක්ෂතාවය අනුව සාධාරණය ඉටු කරල ඇති
    නමුත් රජය් ඉඩම් බදන ප්රතිපත්ති නිරවුල්ව සාදා නැතිකමක් පවතින්න නැද්ද

    බ්ලග් ලියන එකත් ඒවට කමන්ට් කරන එකත් බුලත් විට කනව වග් වැඩක්
    කන්න පටන් ගත්තහම නකා ඉන්න බැරි වනව

    රාජ්ය ස්වය් ඉන්න ගමන් රාජ්ය ස්වය ගැන බ්ලග් ලියන එක අසීරු වැඩක්

    Like

    1. අපේරටේ ඉඩම් බෙදන ක්‍රමවේදෙ බොහෝමවිවුර්ත විදියට කරන්න හදලදුන්නෙ සුද්දො.1935ඉඩම් සංවර්දන ආඥා පනතින්.ඒක්‍රමවේදෙ අනුව ප්‍රදේශයේ පුලුල් ප්‍රචාරයක් දෙන්න දැන්වීම් ගහන්න ඕන.මිනිස්සුන්ට තේරීම්ලැයිස්තුවට විරුද්දව විරෝධතා දෙන්නත් අවස්තාව දීලතියනවා.සේරම වැරදිවලට මුල ඕකට දේශපාලනේ ගාවා ගන්නඑක.අපේ මිනිස්සු විරුදවුනාට ඒකට එරෙහිව එකතුවෙන්නෙ නෑනෙ.චන්දෙ ඉල්ලන්න කියනකොට එකපාරට මතක් උනේ නොරිස් කැනල් කුනු ඇලේ නාන්න කිව්ව වගේ හැගීමක්.ඔබතුමාල හිත හොඳින් කියන දේට එකඟවෙන්න බැරි ඕක ඒතරම්ම කුනු ගොඩක් නිසානෙ.

      Liked by 1 person

  4. හරිම වැදගත් මේ නිවැරදි ක්‍රමවේදය පෙන්වා දීම.. ඒත් ‘පදිංචි වෙලා ඉන්න කෙනෙක්ව එතනින් අයින් කරන්න බෑ’ කියන එක මානුෂිය පදනමක් ද නැත්නම් නිතියානුකුල පදනමක්ද? යම් කෙනෙකුට අයිති (රජයට හෝ වේවා) ඉඩමක හෝ දේපලක වෙනත් අයෙකු නිසි අවසරයකින් තොරව පදිංචි වෙලා හිටියොත් ඔහුව ඉවත් කරන්න නීතියක් නැතිද?

    Like

    1. බලහත්කාරයෙන් රජයේ ඉඩමක පදිංචිව ඉන්න අය ඉවත් කිරීම සඳහා රජයේ ඉඩම් සන්තකය ආපසු ගැනීමේ පනත අනුව කටයුතුකර උසාවියෙන් නියෝගයක් අරගෙන කලහැකියි.මමත් එසේකරල තියෙනවා.පුද්ගලික ඉඩමක බලහත්කාරයෙන් භුක්තිවිදින්නේනම් දිස්ත්‍රික් උසාවියේ ඉඩම් අයිතිකරු විසින් නඩු පැවරිය යුතුයි.මෙතැන සිටියේ වාර්ශික අවසර පත්‍රයක් මත නිවාසතනාගෙන පදිංචිවසිටි පවුල් දෙකක් ගැන නොතකා ඔවුන්සිටිභූමිය ත් අසුවනලෙස වෙනත් අයට ඉඩම බෙදාදෙන්න සැලැස්ම සකසාතිබීම.එය නිවැරදිනොකලේනම් සදාකාලික ආරවුලකපි ඇතිකලාවෙනවා පදිංචිවසිටි අයහා අලුතින් ඉඩමලබාගත් අය අතර.

      Like

  5. අම්පාරේ ඉඩම් නිලධාරීන් සහ මිනුම් නිලධාරීන් තකට තක, ඔවුන් වැනි සුපිරි ගැටළු නිර්මාණකරුවන් මෙලොව තවත් නැතුව ඇති. පියාගේ ඉඩම් ගැටලුවක් නිරාකරණය කරගන්න ඔහු අවුරුදු 20ක් වලිකනවා, සුපිරි ගැටලුව ඇතුලේ ඇති එක පුංචි ගැටලුවක් විසදුවම තමයි ඊළඟ ගැටලුව හමුවන්නේ. හැබැයි ඒවා කරපු නිලධාරීන්ට විශ්‍රාම ගියත් පීඩනයෙන්, ඒ කාලේ කරපු මගඩි යටගහන්න නිතරම කාර්යාල ගානේ ගොහින් අලුත් නිලධාරීන්ට කම්බුරන්ට සිද්දවෙලා.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s