චන්ද්‍රපාලගෙ ඉඩම් ප්‍රශ්නය

වයි ඇම් සී ඒ නිවාසයෝජනා ක්‍රමය ආරම්භ කිරීම ගැනයි ඒකෙ කටයුත්ත ගැනයි කලින් ලිව්වනෙ.ඒ වුනාට ඒකෙ කතා ඉවරවෙන්නෙ නෑ.වයි ඇම් සී ඒ එකේ ඉඩම් ගත්තු අයට දේශපාලන බල පෑමක් නැතුව ඉඩම් ලැබුනට සමහරුන්ට විවිධ කරදර වලට මුහුන දෙන්න වෙලා තියෙනවා.අපේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙටත් විසඳන්න බැරිවතිබුනු මහාආරවුල් කීපයක් ඇතිවුනා.ඒ එකක් තමයි 2002ඇතිවුන දේශපාලන පෙරලියෙන් පස්සෙ අහක හිටපු කීපදෙනෙක් පැනල මිනිස්සුන්ට දීල තිබුන හිස් ඉඩම් කට්ටි බලෙන් අල්ලා ගැනීම.මේ අයට දේශපාලන බලධාරින්ගෙ සහයත් ආවහම ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙ නිලධාරිනුත් හිර උනා.දේශපාලන අනුග්‍රහය ඉඩම බලෙන් අල්ලපු මිනිහට තියෙන කොට ඔය ඉහල ආයතන වලින් උපදෙස් ඉල්ලුවහම හරියට උපදෙසක් ලැබෙන්නෙ නෑ.එතකොට කල් අරින්න ඕනනිසා මොනමොනවහරි විස්තර ඉල්ල ඉල්ල උපදෙස මග අරිනවා.එහෙම නැත්නම් දෙන්න බැරි දෙයක් ඉල්ලනවා.උදාහරනෙකට ඉඩම් බෙදාදීම සඳහා එවක දිස්ත්‍රික් සම්බන්ධිකරන කමිටුවෙන් ලබාගත් එකඟ තවය එවන්න වගේ ලිපියක් එව්වම අර උපදෙස් ඉල්ලීම නිකම්ම නවතිනවා.එහෙම නැත්නම් ඉඩම අනවසරයෙන් අල්ලාගෙන ඇත්නම් රජයේ ඉඩම් සන්තකය ලබා ගැනීමේ පනත පරිදි ක්‍රිය කිරීමේ හැකියාවක් පවතින අතර එසේක්‍රියාකරන්නේනම් පනතේ විධිවිධාන උල්ලංඝනයක් වීඇතිබවට පෞද්ගලිකව සෑහීමට පත්වීමෙන් අනතුරුව ක්‍රියා කිරීම වඩාඋචිත බව පෙන්වාදෙමි වාගෙ පටලෝල උත්තරයක් එවනවා.

මේ අතර ඉඩම බලෙන් අල්ලපු එකා දේශපාලකයලවා ලියුම් එවනවා.මානව හිමිකම් පැමිනිල්ලක් දානවා පාර්ලිමේන්තුවෙ ඔම්බුඩ්ස්මන්ට ලියනවා.මහජන පෙත්සම් කාරක සභාවට යනවා.ඔයවගේ සියලුතුරුම්පු ගහගෙන අවුරුදු දෙකතුනක් අල්ලගෙන ඉන්නගමන් ස්තිර ගේ හදාගන්නවා.ඊලඟටප්‍රාලේට පොඩිචකිතයක් එනවා ස්තිරවහදාගෙන ඉන්න ගේකට විරුද්ධව නඩුදාල සමාජ අපවාදයක් එයිද කියල අරනීතිවිරෝධී දේට විරුද්ධව කටයුතුකරන්න යන නීතිගරුක නිලධාරියට ඒකාර්‍ය එපාකරවනවා.ඔයසේරම නොතකා වැඩේකරන එකෙක් නම් ඉන්නෙ පෙත්සම් ගහල අල්ලස් එකට පැමිනිලිකරල කරදර කරල එලවල දානවා.ඔය සෙල්ලම් දාල බලෙන් අල්ලගත්තු ඉඩම් කැබලි කීපයක පදිංචි උන අයහිටියා.ඒත් සාධාරන වැඩිදෙනා ඉඩමෙ ගෙවල් හදාගත්ත.

මුල්වරට නීත්‍යානුකූලව ඉඩම් කච්චේරියට ඉදිරිපත්වෙල ඉඩම් ගත්තු අය අතර අම්පාරෙ චන්ද්‍රපාලත් හිටිය.මිනිහ ඉඩම ගන්න කොට විරෝධතාදාල නතර කරන්න බැලුවට හරිගියේ නෑ.මිනිහට ඉඩම ලැබුන.අනිත් අයටවාගෙ චන්ද්‍රපාලටත් ඉඩමෙභුක්තිය භාරදෙන්නෙ 1998අවුරුද්දෙ අගහරියෙදියි.මිනිහගෙ ඉඩම තිබුනෙනිවාසයෝජනාක්‍රමෙ අයිනක කෙලවරේමයිඒ ඉඩම් කැබැල්ල චන්ද්‍රපාලට හම්බුවෙන්නෙ කුසපත් ඇදීමෙනුයි.ඉතින් චන්ද්‍රපාල ඉඩමට වතුර සම්බන්දතාවයත් ජල සම්පාදන මංඩලෙන් අරගෙන පොඩි මඩුවකුත් හදාගන්නව.මේ වෙනකොට චන්ද්‍රපාලගෙ ඉඩමට එලියෙන් තිබුනු ඉඩමෙ අයිතිකාරය චන්ද්‍රපාලගෙ ඉඩමට අයිතිවාසිකම් කියනවා.මේ අල්ලපු ඉඩමෙ පදිංචි වෙලා හිටපු අය ට පර්චස් හතලිහකට වාර්ශික බලපත්‍රයක් දීලා තියෙනවා.මේවාර්ශික බලපත්‍රයෙ උතුරුමායිමට ලියල තියෙන්නෙපුද්ගලයෙක්ගෙ නමක් දාල ඒකෙනාගෙ ඉඩම කියල.ඒපුද්ගල නාමය අයිතිවෙන්නෙඅර වාර්ශික බලපත්‍ර ඉඩම අයිතිකාරයගෙ පුතාට.ඉතින් ඒ ඉඩම අයිති කාරයගෙ පුතා චන්ද්‍රපාලට කියනව ඔය ඉඩම මගේ ඒක හින්ද ඇතුල්වෙන්න එපා ඉඩමට කියල.චන්ද්‍රපාල කියනවා මේ ඉඩම මට දුන්නෙ ප්‍රාදේශීය ලේකම් ඒකනිසා මම අයින්වෙන්නෙ නෑ කියල.අර ආරවුල් කරනකෙනාගෙ නම අපි කියමු ජේපී කියල.මේවෙනකොට ජේපී වැඩකරන්නෙ කොලඹ.මිනිස් අයිතිවාසිකම් ගැන කටයුතු කරන ආයතනෙක.මිනිහ ප්‍රාලේ කාර්‍යාලෙට පැමිනිල්ලක් කරනවා තමන්ගෙ ඉඩමට චන්ද්‍රපාල බලෙන් ඇතුලුවෙලා කියල. මෙහෙම පැමිනිල්ලක් ආවම ඉස්සෙල්ලම කරන්නෙ දෙපාර්ශවයටම ඉඩම තහනම් කරල පරීක්ෂනයක් පවත්වන එකනෙ.මෙතනදිත් ඒක එහෙම වෙනවා.ප්‍රාලේ කාර්‍යාලෙන් ග්‍රාම නිලධාරි ජනපද නිලධාරි වාර්තා කැඳවල පරීක්ෂන කරල තේරුම් ගන්නව මේඉඩම නීත්‍යානුකූලව චන්ද්‍රපාලට රජයෙන් ලබාදුන් ඉඩම කියල.ඒ අනුව ඉඩම අයිති වෙන්නෙ චන්ද්‍රපාලට කියල තීරණය දෙනව.මේවෙනකොට ජේපී වැඩකරපු ආයතනය නීතියෙන්ම ස්තාපිත කරපු මිනිස් අයිතිවාසිකම් ගැන කටයුතු කරන විමර්ශන ආයතනයක් බවට පත් වෙලා.ජේ පී කිසිදු පැකිලීමකින් තොරව තමන්සේවය කරන ආයතයට පමිනිල්ලක් කරනවා ප්‍රාදේශීය ලේකම්ට විරුද්ධව තමන්ගේ ඉඩම චන්ද්‍රපාලට ලබාදීමට තීන්දු කිරීමෙන් තම අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බැවින් ඒගැන විමර්ශනය කර තමන්ට සහන සලස්වනලෙස ඉල්ලාසිටිමින්.

මේ ආයතනය වහාම ක්‍රියාත්මක වෙලා තහනම් නියෝගයක් ප්‍රාලේට එවනවා අදාල ඉඩම චන්ද්‍රපාලට භාරදීම තාවකාලිකව අත් හිටුවන ලෙස නියම කරමින්.එසේම මේපිලිබඳව වාර්තාවක් එවන ලෙසද ප්‍රාලේට දන්වා තිබුනා.ප්‍රාලේ කාර්‍යාලය මේගැන තත්වය වාර්තාකරා.පරීක්ශනයකුත් කොලඹදී පැවැත්වූවා.මේපරීක්ෂනයෙදි ප්‍රාලේ මේඉඩම නීත්‍යානුකූලව තෝරාගත් චන්ද්‍රපාලට දියයුතුබව පැහැදිලිව ප්‍රකාශකලා.පැමිනිලිකරු අම්පාරේ පදිංචිය අතහැර බොහෝකලක් වන අයෙකු බැවි ඔහුට ඉඩමක් ලබාදීම අපහසු බවත් පැමිනිලිකරු ජීවත්වූ මුල් ඉඩමද වෙනත් අයෙකුට විකුනා ඇතිබවත් එනිසා කෙසේවත් රජයෙන් තවත් ඉඩමක් ලබා ගැනීමට අයිතියක් ඔහුට නොමැතිබවත් ප්‍රාලේ පැහැදිලි කරා.ඒත අර ආයතනය පැමිනිලිකරුට විකල්ප ඉඩමක් දීමට සලකාබලා වාර්තා කරන ලෙස තීරනය කලා.ප්‍රාලේ පසුව වාර්තාකලේ පැමිනිලිකරු අම්පාරෙ පද්ංචි අයෙක් නොවන නිසා ඉඩමක් ලබාදිය නොහැකි බවයි.මේඑ අන්දමින් කලක් ගියපසු අර ආයතනය විශ්‍රාමලත් විනිසුරුවරයෙක් පත්කර යලිත් පරීක්ෂනයක් පවත්වනවා.ඒ පරීක්ෂනයත් වාරදෙකක් පවත්වා තීරනයක් නැතුව තිබෙන අතරදී මට යලිත් අම්පාර දිසාපතිවරයා ලෙස වැඩභාර ගන්න සිදූ වුනා.

ප්‍රාදේශීය ලේකම් හැටියට අවුරුදුතුනක් උපදිසාපති වරයෙකු හැටියට අවුරුදු හත්ක් සේවයකරපු ප්‍රතාපවත් අම්පාර කච්චේරි ගොඩනැගිල්ලෙ ඉහල මහලේදිසාපතිකාමරයේදී සිදුකෙරුන මගේ රාජකාරි භාර ගැනීම අවසානයේ චන්ද්‍රපාලව මට මුනගැහුනා.ජනමාධ්‍ය කලාවේ නම් දැරූ චරිතයක් වුන ඔහු පැමිනසිටියේ මගේරාජකාරි භාර ගැනීම ගැන සුභපතන්න.ආගියවිස්තර කතාකරන අතරතම ඉඩම් කට්ටියටවී ඇති ගැටලුව ඔහු මා සමග පැවසුවා.සියලු නීත්‍යානුකූල පියවරයන්ගෙන් පසු ඔහුට ලබාදුන් ඉඩම් කැබැල්ල වෙනායෙකුට ගැනීමට නොහැකිබව ඔහුට මම පැහැදිලි කරා.ටිකකලකින් චන්ද්‍රපාල තාම ඉඩමට ඇතුලුවීතාඅවකාලික මඩුවක් ඉදිකර භුක්තිය යලිආරම්භකලා.සතියක් ගතවීමට පෙර ජේ පී පැමින අම්පාරපොලිසියේ චන්ද්‍රපාලට එරෙහිව පැමිනිල්ලක් කරා.දෙ පාර්ශවයම කැඳවූ අම්පාර පොලිසිය වසන්තට නියමකරා පැමිනිල්ල විභාග කරනතෙක් ඉඩමට ඇතුලුවීම තහනම් කරා.ඉන්පසු ජේපී ඉඩමට ඇතුලුවී චන්ද්‍රපාල තැනූ මඩුව වෙනස්කර සකසා පදිංචි වුනා.

මේ තත්වයගැනචන්ද්‍රපාල පොලිසියට පැමිනිලි කලා.ඒත් අයිතිවාසිකම් පිලිබඳ කටයුතු කරන විමර්ශන ආයතනයක සේවය කරන්නෙකු නිසදෝ පොලිසිය ජේපීට විරුද්ධව කිසිවක් කලේ නෑ.ජනමාධ්‍ය කරුවෙකු වූ චන්ද්‍රපාලමෙයින්දැඩි අසාධාරනයට ලක් උනා.දිගින් දිගටම ඔහු පොලිසියට ගොස් තමන්ටවූ අසාධාරනයට එරෙහිව කරුනු දැක්වීමේ ප්‍රතිපල ලෙසයලිත් දෙපාර්ශවය පොලිසියට කැඳවනවා.මේඅවස්ථාවේ දෙපාර්ශවයම ඉඩමට අයිතිවාසිකමිදිරිපත් කිරීමනිසා පොලිසිය ගැටලුවකට මුහුන දෙනවා.ඒඅනුව දෙපාර්ශවය පොලිසිය මගින් මගේ ඉදිරියට පමුනුවාමේඉඩම් ගැටලුවට විසඳුමක් ඉල්ලා සිටියා.මම පොලිස්නිලධාරින් නිරීක්ෂකයින් ලෙස තබාගෙන පරීක්ෂනය ආරම්භකලා.

“ඉඩම් ආරවුලක් පිලිබඳ දෙපාර්ශවයම එකම ඉඩම් කොටසකට අයිතිවාසිකම් කියමින් පොලිසියට පැමිනිලි ඉදිරිපත් කරමින් දබර කරගන්නාබවයි කියන්නෙ ඇත්තද?”මම විමසුවා.

“ඔව් දිසාපතිතුමනි පාර්ශව දෙකම සමගි වීමට සූදානම් නැතිවගේම ආරවුල රජයේ ඉඩමක්මත කෙරෙන්නක් බවනිරීක්ශණයවීමනිසා ඔබතුමාවෙත දෙපාර්ශවයම ඉදිරිපත්කර තීරනයක් ලබාගන්නාලෙස මූලස්තාන පොලිස්පරීක්ශක තුමා උපදෙස් දුන්නා.”පොලිස් සැරයන් වරයා ප්‍රකාශ කරා.

“හොඳයි දැන් ප්‍රශ්නයට අදාල පාර්ශව වලට අවස්ථාව දෙමු.තමුන්මේඉඩමට අයිතිවාසිකම් කියන්නේ කවර සාක්ෂි මතද?”මම චන්ද්‍රපාලගෙන් ඇහුවා.

“සර් මම මේඉඩම ගත්තෙ ප්‍රාදේශීයලේකම් කාර්‍යාලයෙන්.ඉඩම් කච්චේරියට මම ඉදිරිපත් උනා.විරෝධතා පරීක්ෂනවලට ඉදිරිපත් උනා.අවසානයේ ප්‍රාදේශීය ලේකම් බස්නායක මැඩම් මට ඉඩම භාර ගන්න නියමකරපු ලියුම මෙන්න.ඒලියුමට අනුව ග්‍රාම නිලධාරි මහත්තය ඉඩමමටභාරදීපු ලියුම මෙන්න.ඊටපස්සෙ මම මේ ඉඩමට වතුර ගන්න සල්ලි ගෙව්ව රිසිට් එක මෙන්න.මෙන්න වතුරබිල ඒ කාලෙ ගෙව්ව.මේඉඩම මටභාරදුන්නෙ රජයෙන්.”චන්ද්‍රපාල කිව්වා.

“හරි එතකොට අනිත් පාර්ශවය මොන පදනමින්ද අයිතිවාසිකම් කියන්නෙ.?”

“සර් මේ ඉඩම මම උපන් ගේ තියෙන ඉඩමෙ කොටසක්.මේඉඩම එදා ඉඳන්ම භුක්තිවින්ඳෙ අපි.අපේ තාත්තට බලපත්‍ර දෙනකොට මේ ඉඩම මට නම් කරලයි බලපත්‍රය දුන්නෙ.මෙයා මේ ඉඩමට එනකොට මම විරුද්දවෙලා අයිතිවාසිකම් කොමිසමට පැමිනිලිකරල විමර්ශනයක් කලා.මම එතනසේවය කරන කෙනෙක් නිසා විශ්‍රාම ගිය විනිශ්චය කාරයෙක් ලවායි පරීක්ශන කලේ.පරීක්ශනය පක්ශපාතීඋනා කියල චෝදනා එන නිසයි එහෙම කරේ.එතනින් තීරනය උනා මේඉඩම මගේ කියල.මේ අනුව අපේ ආයතනෙ තීරනය අනුවත් අපේ තාත්තගෙ ඉඩම් බලපත්‍රේ අනුවත් මේ ඉඩම මට අයිතියි.” ජේපී කරුනු ඉදිරිපත් කලා.

“හරි දැන් දෙපාර්ශයම පිලිගන්නවා මේ ඉඩම රජයට අයිති ඉඩමක් බව එහෙමද?”මම ඇහුවා.

“ඔව්”දෙපාර්ශයම පිලිගත්තා.


“හරි රජයෙන් ඉඩම නීත්‍යානුකූලව භාරගෙන ඇත්තේ කවුද?”

“සර් මට ඉඩම ලිඛිතව බාරදුන්නප්‍රලේූ උපදෙස් මත ග්‍රාම නිලධාරිමහත්තය ඒකට භුක්තිය භාරදුන්බවට ලියවිල්ලකුත් තියෙනව”චන්ද්‍රපාල කිව්වා.

“සර් මේ බලපත්‍තරේ අපේ තාත්තගෙ ඉඩමෙ.ඒමේකට අල්ලපු ඉඩම ඒකෙ උතුරු මායිමට මගේ ඉඩම කියල නම දාල ලියල තියෙනව.ඒකරජයෙන් දුන්න ලියවිල්ලක්නෙ.අත්සන් කරලතියෙන්නෙ දිසාපතිතුමා.”

මම ජේපී පෙන්නපු බලපත්‍රය අතට අරගෙන බැලුවා.එම බලපත්‍රය ඔහුගේ පියා වූ ජේට දී ඇති එකක් ජේට දීඇති ඉඩමා සතර මායිම් දැක්වෙන තැන උතුරට ජේපීගේ ඉඩම ලෙස සඳහන්ව තිබුනා..බලපත්‍රය නිකුත්කලදිනය බැලුවා එය 1981 ලෙස සටහන්ව තිබුනා.

“හොඳයි ජේපී මහත්මයා ඔබගේ ජාතික හැදුනුම්පත තිබේද?”මම ඇහුවා.

“ඔව් සර් මෙන්න”මිනිහ සාක්කුවෙන් හැදුන්ම්පත අරගෙන මට දුන්නා.මම හැදුනුම්පතේ මොහුගේ උපන් දිනය බැලුවා එය1972ලෙසතිබුනා.

” ඔව් මේ ගැටලුව ගැන තීරනයක් ලබාදීමට පුලුවන් ඊට පෙර මට ප්‍රශ්න දෙකක්තුනක් කෙටියෙන් පැහැදිලිකර ගතයුතුයි.ජේපී මහතාගෙන්.
එක,ජේපී මහත්මයා ඔබගේ දැන්වයස අවුරුදු තිස්පහක් බව පිලිගන්නවාද?

“ඔව් සර්.”

“ඔබගේ පියාගේ ඉඩමට බලපත්‍ර ලබාදුන්නේ 1981අවුරුද්දේ බව පිලිගන්නවාද?”

“පිලිගන්නවා”

“ඒ අනුව පියාට බලපත්‍රය ලැබෙනවිට ඔබට වයස අවුරුදු 9ක්නේද ?”

“ඔ ඔ ඔව් සර්.”මිනිහට ගොත ගැහුනා.

“අවුරුදුනමයක වයසේ ලමයෙකුට රජයේ ඉඩමක සන්තකය දැරීමට හැකියාව නීතියෙන් ලබාදී තිබුනේද?”

…..(නිහඬයි..)………….?

“ඒ අනුව මේබලපත්‍රයේ ජේපී ගේඉඩම යනු ඔබට නීත්‍යානුකූලව ලබාදී තිබූ ඉඩමක් නොවන බව පිලිගන්නේද?”

……(නිහඬයි)…………………….?

“ඒත් එක්කම ජේ පී මහත්මයාගේ අනිත් තර්කය වන අයිතිවාසිකම් කොමිසමේ තීන්ඩුවෙන් ඉඩම අයිතිඋනාය යන්නපිලිගත නොහැකිවෙන්නේ එබඳු තීන්දුදීමේ බලතල එම ආයතනයටනොමැති නිසයි.මේ ඉඩම නීත්‍යානුකූලව රජයෙන් ලබාදී ඇත්තේ චන්ද්‍රපාල මහතාටයි.විදිමත් අධිකරන තීන්දුවක් අනුව මිස ඔහුගේ භුක්තිය ඉවත් කිරීම කල නොහැකියි.එසේ අධිකරන තීන්දුවක් නොමැතිතාක් ඉඩමේ නීත්‍යානුකූල භුක්තිය චන්ද්‍රපාල සතු බව තීරනය කරමි.ඒ අනුව ජේපී මහතා බලහත් කාරයෙන් භුක්තියට පැමින ඇති බවත් පැහැදිලියි.ඔහුට මේපිලිබඳ අයිතිවාසිකමක් ඇතැයි සිතන්නේනම් ඒසඳහා නිසි අධිකරණ බලය සහිත අධිකරණයක නඩුවක් පවරා තම අයිතිවාසිකම තහවුරු කරන තීන්දු ප්‍රකාශයක් රැගෙන භුක්තිය ලබාගැනීම කලයුතුයි.”මගේ තීරනය ඔයාන්දමින් ප්‍රකාශ කලා.පොලිසිය එයත් සටහන් කරගෙන ගොස් චන්ද්‍රපාලට භුක්ති විඳීමට ඉඩදුන්නා.

මේ සිද්දිය සිදුවී පැයක් යාමට පෙර අයිතිවාසිකම් ආයතනයේ සභාපති වරයාගේ අත්සනින්චන්ද්‍රපාලට ඉඩම භාරදීම නතර කරන ලෙසට අතුරු තහනම් නියෝගයක් යැයි නියෝගයක් මගේනමට ලැබුනා ෆැක්ස් මගින්.විනාඩි පහලොවක්තුල මම පිලිතුර යැව්වා.”ඔබ සඳහන් කර ඇති ඉඩම අපවිසින් චන්ද්‍රපාල මහතාට භාරදී ඇත්තේ 1998වර්ෂයේදී බැවින් ඔබේ අතුරුතහනම ක්‍රියාත්මක කලනොහැක.”යනුවෙන් එහි සඳහන් කලා.ඉන් පසු පරීක්ෂනයක් පැවැත් වෙන බවදන්වා ඊට සහභාගි වනලෙස ප්‍රාලේට දන්වා තිබුනා.මම චන්ද්‍රපාලට එන්නකියල ලිපියක් හදල දුන්නාඅයිතිවාසිකම් ආයතනය මේගැන පරීක්ෂන කරමින් තමන්ට අසාධාරණයක් සිදුකරන්නේ එම ආයතනයේසේවකයකු වන පැමිනිලි කරුටවාසියක් සැලසීමේඅරමුනින් බව පැහැදිලිබවත් 1998රජයෙන් ලබාගත් ඉඩම ගැන ඉන් වර්ෂ ගනනකටපසුව ස්ථාපිත කල ආයතනයකට විමර්ශනය කිරීමට බලයක් නැති බැවින් මේවිමර්ශනයට සම්බන්දවීමටත් එරෙහිව කරුනු දැක්වීමටත් අවස්තාව ඉල්ලන බවත් එහි සදහන් කලා.පරීක්ෂන දිනයේ ගොස් විරෝදය පලකරමේලිපිය භාර දෙන ලෙස උපදෙස් දුන්නා.ඔහු එය ඒලෙසම කරා.විශ්‍රාමලත් විනිසුරු පරීක්ශන නිලධාරියා චන්ද්‍රපාලට කෑගසා පරීක්ශනය කල්තිබ්බා.චන්ද්‍රපාල අර ඉඩම්කට්ටියේ නිවසක් හදාගෙනපදිංචිව සිටිනවා.අර කල් දැමූ පරීක්ෂනය ට සිදුවූදෙයක් නෑ.ජේ පී ආයි ආවෙත් නෑ.ඉතුරු උනේ අසාධාරණයක් වලක්වා සාධාරනය ඉටුකරදීමෙන් මට ඇතිවූ සංතෝශය විතරයි.පසුවව හෙලිවුනා අර අයිතිවාසිකම් ආයතනයට අතුරුතහනම් නිකුත් කිරීමේ බලයක් නොමැති බව.

20 thoughts on “චන්ද්‍රපාලගෙ ඉඩම් ප්‍රශ්නය

  1. චන්ද්‍රපාල මැරෙන්න කලින් ඉඩමේ පදිංචි උන එකම මදැයි, පස්සේ ආපහු නඩුවක් දැම්ම නම් චන්ද්‍රපාලගෙ මුණුපුරු මිණිපිරියන්ට තමයි වැඩේ ඉවර කරන්න වෙන්නෙ 😀

    Like

  2. ලිවීමට අතපසු වූදෙයක් තිබෙනවා.ඒ නිදහස සැමරීම සඳහා සුද්දන් ඒම ගැන.ශ්‍රීලංකාවේ බ්‍රිතස්න්‍ය පාලනය තුල තමයි ලාංකීය ධනපති සමාජය ගොඩ නැගුනේ.විශේෂයෙන් අරක්කු රේන්දය නිසා සාමාන්‍ය සිංහල සුලු මුලාදෑනීන්ට ලොකු මුදලක් උපයාගනීමට අවස්තාවලැබුනා.මේ රේන්දවලට සම්බන්ද අයතම දරුවන් එංගලන්තයට යවා අධ්‍යාපනය ලබාදුන්නා.මේ උගතුන් ට රාජ්‍යපාලනයට සම්බන්දකර ගැනීමක් නොවූනිසා ඔවුන් දේශපාලන ප්‍රතිසංස්කරනව්‍යාපාර ආරම්භකලා.බ්‍රිතාන්‍යන්ගේ ආගමට එරෙහිව බුද්දාගමට අනුග්‍රහය ලබාදුන්නා.මේතුල නිදහස්ව්‍යාපාරයේ හාබෞධ ප්‍රබෝධයේ මුල්බීජ ඇතිඋනා.ඒනිසා නිදහස දක්වා පැමිනිගමනට නායකත්වය දුන් පිරිස බිහිකලේ සුද්දන්ම තමයි.එතකොට සුද්දොඑක්ක නිදහස සැමරීම අතිශයින් උචිත බවයි මගේ අදහස.

    Like

  3. රජය ඉඩම් ගැන පසුව තිබුන කමන්ට් දැකල කාරණා 2කක් ලියන්න හිතුන
    1 කාරණය
    මම අහල තිබුන ද්ශපාලන ආදී බලවත් කම් ඇති අය කළඔ පහත් බිම් ඉඩම් ගඩකර වැඩි මිලට විකුණන බව මින් එය හරිබව
    ත් රුම් යනව

    – වෙනත් දිස්ත්‍රික්කවල රජයට අයත් ඉඩම් පැහැදිලිව දක්වන අවසාන ගම්සිතියම් ඇත.කොලඹදිස්ත්‍රික්කයේ එබදු සිතියම් සැකසී නැත …………
    – ඒ ප්‍රදේශයේ (දෙමටගොඩ) 1859 න් පස්සේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් මැනලා නැහැ……

    ඒ අනුව බලනවිට කළඔ ම් හර වැඩ වලට උදව් කරන්නත් ආංඩුවම වගයි

    2 කාරණය

    – අපේරටේ ඉඩම් බෙදන ක්‍රමවේදෙ හරි විදියට කරන්න හදලදුන්නෙ සුද්දො.1935ඉඩම් සංවර්දන ආඥා පනතින් ……….

    එහම උනත්
    10/12/2017 ලංකාදීප පත්රයට නුවරඑලිය හිටපු මන්ත්රී ටී විලියම් ප්රනාන්දු මහතා 1962 ලියා ඇති සිංහල ඉඩම් කල්ලය පත
    අැ සුරින් ලිපියක් ලිපියක් ලියන එල් ඩබ්ලිව් පුෂ්පකුමාර මහතා ලියා තිබනව
    වා්ර්ඩ් – ඉඩම් අක්කර 111596
    මැකාර්ති – ඉඩම් අක්කර 156893
    ආදී වශයන් ඉඩම් අක්කර 1155788 කල්ලකා අැතිබව
    සිංහලයන්ගන් පැහැරගත් ඉඩම් අක්කරයක් සිලිං පහ ගණන සුද්දන්ට විකුණල තියනබව
    මයින් පසුවද
    1856 විහාර ද්වාල පනත
    1897 මුඩු ඉඩම් පනත
    ආදී පණත් ඉදිරිපත් කරමින් තවත් ඉඩම් අක්කර ලක්ෂ ගණනක් කල්ල කා අැ තිබව
    එහම කරල තියන සුද්ද ඒ කල්ල කාපු ඉඩම් සිංහල මිනිස්සුන්ට දන්න1935ඉඩම් සංවර්දන ආඥා පනත හැදුව කියල අගය කරන්න පුලුවන්ද

    දැන් ඔය නිදහස සමරන්නත් සුද්ද ඇවිල්ල තියන්න
    නියමයි න් ද

    Like

    1. අවසානගම් සිතියම් සැකසීම සහ ඔබ කියා ඇති ඉඩම්කොල්ලය කියනදේ දෙකක් නොවේ එකක්.බ්‍රිතාන්‍ය පාලකයන් ඉඩම්වලින් බදු අයකරගැනීම සඳහා කටයුතුකරද්දී ගම්වාසින් තම ඉඩම් පංසල් හෝදේවාලසතු ඉඩම් බව ප්‍රකාශකලේ උඩරට ගිවිසුමේ පස්වෙනිවගන්තිය අනුව විහාර දේවාල ඉඩම් බද්දෙන් නිදහස් වූ නිසයි.මේ නිසා පුද්ගලයින් හා විහාරදේවාල සතු ඉඩම් මෙන්මරජයේඉඩම්ද හඳුනාගැනීම සඳහා ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භකර ගමින්ගමට එම හඳුනා ගැනීම සිදුකිරීමට ඉඩම් මැන සිතියම් සැකසුවා.එහිදී විහාරදේවාලමෙන්මපුද්ගලයින් සතු ඉඩම් වෙන්ව හඳුනා ගැනුනු අතර පුද්ගලයින් භුක්තිවිඳි ලියවිල්ලකින් අයිතියතහවුරු කිරීමට නොහැකිවූ ඉඩම්ද රජයේ ඉඩම් ලෙස ප්‍රකාශයට පත් උනා.ඔය ඉඩම් කොල්ලය කියන්නේ එසේ රජයේ අයිතිය ප්‍රකාශයට පත් කිරීමට හඳුනාගත් ඉඩම් ප්‍රමානයයි.මේරජයේ අයිතිය නිරවුල්ව හඳුනාගත් ඉඩම් රජයෙන් වතුවගාවසඳහා විකුනුවා.මේ විදියටවිකුනූ ඉඩම් ගත්තේ සුද්දෝවිතරක් නොවෙයි. අරක්කු රේන්දවලින් සල්ලි උපයාගත් වරුසහැන්නැදිගේ ජොරෝනිස් සොයිසා ,සුසෙව් සොයිසා, මහවඩුගේ පෙරේරා ,පොන්න හැන්නැදිගේ ඩයස්,තෙල්ගේ පීරිස් වැනි සිංහල ධනපතියනුත් සිටියා.ශ්‍රී ලංකාවේ ධනපති සමාජය(සිංහල බෞධ)ගොඩ නැගීමට මුල් උනේ අරක්කු රේන්දෙයි ඔය සුද්ද කොල්ලකෑවාකියන ඉඩමුයි නිසයි.උඩරැටියන්ට මේගැන මැසිවිල්ලක් තියෙන්නේ මේවිදියට රජයට අයත් වූ ඉඩම් විකුනනකොට ගත්තෙ සුද්දොයි පාතරට කරාවකුලයේ ධනපතියොයිනිසා.උඩරැටියො ලඟ සල්ලි තිබුනෙ නෑ.ඒඅය අරක්කු රේන්දෙට සම්බන්දෞනේ නැතිනිසා.
      අරනිරවුල්කර රජයේ හාපුද්ගල විහාර අයිතිය තහවුරුකල සිතියම් වලට තමයි අවසානගම් සිතියම් කියන්නෙ.කොලඹ එහෙම එකක් හැදුනෙ නැත්තෙ කොලඹ විහාරෛඩම්හෝ පුද්ගලික ඉඩම් නොතිබුනු නිසයි.පුද්ගලිකෛඩම් කුඩාබිම් කට්ටි තිබුනට විශාලපුද්ගලිකෛඩම් කොලඹ ඒකාලෙතිබිල නෑ.

      Liked by 1 person

  4. මේ වගේ දේවල් ගැන අපි ගොඩ දෙනෙකුට දැනුමක් නැහැ. සමහර විට අදාළ නිලධාරි මහත්ම මහත්මීන්ටත් එහෙමයි…

    මමත් දැන් මාස ගානක ඉඳලා ඉඩමකට ප්‍රකාශන ඔප්පුවක් හදාගන්න මහන්සි වෙනවා. වයිෆ්ගේ ආච්චිලා 1950 වගේ ඉඳල ඒ ඉඩමේ පදිංචි වෙලා හිටියට ලියකියවිලි මුකුත් හදාගෙන නැහැ. වරිපනම් ගෙවන්න ලියාපදිංචි වෙලත් නැහැ…

    ප්‍රකාශන ඔප්පුව ලියාපදිංචි කරන්න “ඒ ඉඩම රජයේ ඉඩමක් නොවන බවට” ග්‍රාමනිලධාරි මහතාගෙන් ලිපියක් ඉල්ලනවා. එහෙම ලිපියක් ලබාදෙන ලෙස ඉල්ලලා තිඹිරිගස්යාය ප්‍රා.ලේ. ට ලිපියක් යැව්වා. එතනින් ඒ ලිපිය කෙළින්ම ග්‍රාමසේවක මහත්තයට දීල තියෙනවා…
    නමුත්, ග්‍රාමසේවක මහත්තය කියනවා එයා ගාව ඉඩකඩම් ගැන කිසි විස්තරයක් නැහැ, ඒ නිසා එහෙම ලියුමක් දෙන්න විදිහක් නැතිය කියලා…
    එයා කියනවා මිනිදෝරු දෙපාර්තුමේන්තුවෙන් හරි, ඉඩම් කොමසාරිස් දෙපාර්තුමේන්තුවෙන් හරි, CMC එකෙන් හරි ඒ ඉඩම රජයේ ඉඩමක් නොවෙන බවට ලියුමක් ගත්තොත් ඒ ලියුම හරහා එයාට ලියුමක් දෙන්න පුළුවන්ලු…
    මම දැන් මේ දවස් වල එහෙම ලියුමක් ගන්න පුළුවන් විදිහක් හොය හොය වටේ යනවා… ;(

    Like

    1. ප්‍රකාශන ඔප්පුවක් ලිවීමටනම් ඉඩම තමාට අයිතිවූ අන්දම පැහැදිලිව පෙන්වා ඔප්පුව ලිවීමයි නිවැරදි ක්‍රමය.උදාහරන ලෙස මගේ සීයා 1910දී පදිංචිවී සිටි ඉඩම ගමු.සීයා 1910සිටපදිංචිවීභුක්තිවිදිමින්සිටි ඉඩම 1947සීයා මියයාමෙන් පසුව ඔහුගේ දරුවන් වන මගේ පියාටත් බාප්පාටත් සමවහරිඅඩක් අයිතිවෙනවා.මගේආච්චිඅම්මාට හරි අඩක් අයිතිවෙනව.ආච්චිඅම්මා එම අයිතිය කිසිවෙකුට නොපවරා 1976මියයනවා.එවිට එම හරි අඩත් මගේපියාටහා බාප්පාට අයිතිවෙනවා.එවිට සීයාභුක්තිවිඳි එම ඉඩම අද අයිතිකරුවන්වන්නේ මගේපියාහා බාප්පායි.මේඉඩමට ප්‍රකාශන ඔප්පුවක්මගේ පියානමින් ලිවියයුත්තේමෙසේයි.

      ……….පදිංචි …………වනමගේ පියාවන ………….යනායවිසින් 1910වර්ශයේසිට අඛන්ඩවනිරවුල්වභුක්තිවිඳීමෙන් තහවුරුකරනලද අයිතිවාසිකම්සහිතුපලේඛනයේ සදහන්දේපල ඔහුගේ ඇවෑමෙන් හා ඔහුගේ කලත්‍රයාවන මගේ මවවූ……………යන අයගේ අභාව්‍යෙන් අනතුරුව නිරවුල් භුක්තිය හා අයිතිය මාසහ මගේ එකම සහෝදරයාවන …………..පදිංචි ……………….යනායට සමසමව පැවරුනු හෙයින් එම දේපලේ නොබෙදුනු හරිඅඩක් වන …………..ප්‍රමානයක් සදහාමාසතුඅයිතියහාභුක්තිය ප්‍රකාශකරමි. ආදීවශයෙන් ලිවිය යුතුය.ඉඩමේ අයිතිය තමාවෙත ලැබුනු අන්දමප්‍රකාශන ඔප්පුවේ පැහැදිලිව ලියයුතුය.ඉඩම රජයට අයත් නැතිබවට ලිපියක් ඉල්ලන්නේ රජයට් අයත් ඉඩම්වලට හොරරහසේ ප්‍රකාශන ඔප්පුලියා විකුනන ජාවාරමක් රටේ ක්‍රියාත්මක බැවිනි.වෙනත් දිස්ත්‍රික්කවල රජයට අයත් ඉඩම් පැහැදිලිව දක්වන අවසාන ගම්සිතියම් ඇත.කොලඹදිස්ත්‍රික්කයේ එබදු සිතියම් සැකසී නැත.කොලඹනගරයේ මිනින්දෝරු සිතියම් පරීක්ශා කර මේඉඩම රජයට අයත්දැයි සොයාගතහැකිය.මිනින්දෝරු අධිකාරි කාර්‍යාලයට ගොස් බලන්න.

      Like

      1. පිළිතුරට බොහොම ස්තුතියි…

        මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ගිහින් ඒ ඉඩම තියෙන තැන තියෙන පරණ ප්ලෑන් අරගෙන බැලුවා…
        ඒ ප්‍රදේශයේ (දෙමටගොඩ) 1859 න් පස්සේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් මැනලා නැහැ…
        ඉඩම් කොමසාරිස් කාර්යාලයට කතා කලාම කිව්වේ කොළඹ ඉඩම් UDA එකට අයිති නිසා ඔවුන් හරහා හොයල බලන්න කියලා…

        Like

  5. හරිම වටින ඒ වග්ම සිනහ උපදවන කරුණු රාශියක් දැනගන්න ලැබුන
    අර ඉහල ආයතන පටලවල උත්තර එවන විදිහ නියමයි
    ම්ව හිතාමතා කරන ඒව බව දැනගන්න ලැබන්න දැන් තමයි
    එයින් කියන දය තමයි ඉහළ ආයතනයත් නියමිත වගකීම පැහැරහරිනබවයි
    තව කරුණු දැනගන්න තියනව
    දැන් චන්දරපාල අන්තිමට සතුටුවන්න ඇති න
    නමුත් චන්දරපාලට අව්රුරුදු කීපයක් නිකරුන උන හිරිහැරයට වන්දියක් ලැබිල නැහැන මකක්ද එයට ලැබන හානිපූරණය
    එබැවින් එය එතනින් නතර කල එක හරි නැහැ නවද
    චන්දරපාල එතනින් නතර නවී අව්රුරුදු ගණනක් තමන්ට නිකරුන හිරිහැර කිරීම කියල ජ් පී ට විරුද්ධව වන්දි ඉල්ලල නඩුවක් දාන්න අප රට නීතිය අනුව චන්දරපාලට පුලුවන් කමක් නැද්ද
    හැබැයි ජ් පී මැරයක් නම් පුලුවන්කම තිබුනත් නඩු නදාන එකයි හද
    තව සැගවුන ප්රශ්ණයක් තියනව
    අර ජ් ග ඉඩම් බලපත්තරය ජේට දීඇති ඉඩමා සතර මායිම් දැක්වෙන තැන උතුරට ජේපීගේ ඉඩම ලෙස සඳහන් කරල තියන්න
    කවුද එහම කරල තියන්න ඇයි පැහැදිලි නැහැ

    අර වග් තමන්ට සිදුවූ හානිපූරණයට නඩු කියන තත්වයකට මිනිසුන් එනව නම් හදයි කියල අදහස් කරනව
    එවිට රාජ්ය ස්වය අයටත් නසැලකිලිමත්ව රාජ්ය ස්වය කිරීම ගැන වගකියන්න වනව

    අර ඉස්සල්ල එකට දුන්න නරිස් කැනල් කුණු ඇල උදාහරණය නියමයි
    හැබැයි සැර වැඩියි
    අදහසට 100%ක් එකගවන්න බැහැ
    දියුණු පිටරටවල අය ද්ශපාලනය කරන් න
    නිලධාරිය කයිතරම් දක්ෂ උනත් එයින් ප්රතිපත්ති වනස් කරන බලය ලැබන්න නැහැ
    ක්රමව්ද වනස් නකර යහපත් රටක් යහපත් හටක් හදන්න අමාරුයි
    එබැවින් රට හදන්න නම් ද්ශපාලන බලය ගන්නම වනව

    දැන් උදාහරයක් විදිහට ගන්න ම් දවස්වල ඉස්කා්ලවල තියන ස්පා්ට්මීට් කළිය
    පලමු වාරයට වන් කරපු විෂය නිර්ද්ශය තියනව
    අනුමත කරව ගත්තු වාර සටහන තියනව
    දින සටහන් ලියල අනුමත කර ගන තියාගන ඉන්නව
    නමුත් ඔක්කම නකර ස්පා්ට්මීට් කරනව
    ඊළගට කට්ඨාශ ක්රීඩා ඊළගට පලාත් ක්රීඩා ඉතින් ටියුෂන් යන්න බැරි දුප්පත් ලමය ඉවරයි
    ටියුෂන් නැත්නම් අද රට අද්යාපනය පහතයි
    මිනිස්සු එකතු වනව නම් නඩු දාන්න පුලුවන් නියමිත පරිදි විෂය නිර්ද්ශ අවසන් නකිරීම කියල
    දැම්මනම් දිනන්න පුලුවන්

    දැන් එක කාලක කන්දකලින් ඉස්කා්ල විද්දියා ගුරුවරය නැතුව කාලයක් ගියා
    පලාත අහවලා බලා ඉන්නව විදුහල්පති නැවිල තමුන් ලගට එනකල්
    කලාප බලා ඉන්නව අහවලා කියනකන්
    විදුහල්පති අහවලා ලගට යන්න කැමති නැහැ
    මිනිස්සු එකතුවලා නඩුවක් දැම්ම රජයට විරුද්ධව ආණ්ඩු ක්රම වියවස්ථාව අද්යාපන වගන්ති එහමදාල
    අර චන්දරපාලට හදල දුන්න ලිපිය වග දන්න කව්රුරුහරි කරුණු කියල දන්න ඇති
    නඩුව දැම්ම විතරයි ඹක්කම හරිගියා

    ම් වැරදි ක්රමව්ද එකක්වත් ද්ශපාලන බලයක් නැතිව නිසියාකාරව විසදන්න බැහැ වනස් කරන්න බැහැ
    තට්ටු ද දා ඉන්න පුලුවන් ඉදල හිටල හය් පාරවලුත් ගහන්න පුලුවන්
    නමුත් එයින් රටහි ක්රමව්දවල දියුණුව ඇතිවනව අඩුයි
    එම නිසයි දැන උගත් අය රට වනුවන් හිතල අකමැත්තන් හරි ද්ශපාලනයට එන්න ඹ්න

    Liked by 1 person

    1. මේ කෙදි තමන්ට උන අසාධාරනේට එරෙහිව අයිතිවාසිකම් ආයතනෙටයි ජේපීටයිවිරුද්ධව ශ්‍රේෂ්ඨාදිකරනයේ මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න චන්ද්‍රපාලට කරුණුතියෙනවා.හැබැයි අපේරටේ මි අධිකම සේවාවතමයි යුක්තිය ලබාගැනීම.ඒකනිසා මේඅපිවාගේරජයේසේවකයින්ටයි සමාන්‍යමිනිස්සුන්ටයි යුක්තිය කියන ඵලය නෙලාගන්න නඩු කියන කෙක්ක පාවිච්චිකරන්න බෑනෙ.නීතිගරුක නිසා කැත්ත පොරොව පිහිය පාවිච්චි කරන්නත් බෑනෙ.ඒකනිසා චන්ද්‍රපාලත් අපිවගේ අර ආයතනෙටයි ජේපීටයි මෛත්‍රී කරන්න පුරුදුවෙන්නෑති.අරජේපීගෙ ඉඩම කියල මායිමට ලියල තිබුනෙ ජනපද නිලධාරියගෙ වාර්තාවෙ.ඒවාර්තාවට අනුව බලපත්‍රය ලිව්ව ලිපිකරුව ඒකලියන්නෑති ඩී ඇල් ඕ අත්සන් කරාන්නෑති.ඒකටසමහරවිට සැලකිල්ලකුත් ලැබෙන්නෑති.
      කිරිකලයකට ගොමටිකක් දැම්මම නරක් උනාට ගොමකලේට කිරිටිකක් නෙවෙයි 99%දැම්මත් බොනතත්වෙට ගන්න බෑනෙ.ඒකනිසා දේශපාලනේ ශුද්ධකරන්න ගිහින් කුනු ගඳ ගහනවට වැඩිය මේඉන්න ඉඳුම හොඳයි කියලයි හිට්ජෙන්නෙ.

      Like

  6. චන්ද්‍රපාල කියන නම නැතුව පොදුවේ හිතුවොත් මේ වගේ ප්‍රශ්ණ හැමෝගෙම ප්‍රශ්න.. නිතිය නොදැනීම, නිතිය නිවැරදිව ක්‍රියාත්මක නොවීම, යම් යම් ආයතන බලතල ඉක්මවා කටයුතු කිරීම, පෞද්ගලික එදිරිවාදිකම් හා පෞද්ගලික දැන ඇඳුනුම්කම් නිසා වන අවාසි.. තොරතුරු ලබා ගැනීමේ අපහසුතා.. තොරතුරු හිඟවීම හා වියදම් කිරීමට මුදල් හදල නැති කම.. මේ ඔක්කොම මඟහැරලා නිවැරදි තීන්දුවක් දෙන්න පුළුවන් වෙන්නේ අදාළ රාජකාරිය බාර නිලධාරියා මේ වගේ දැනුවත් අපක්ෂපාති කෙලින් වැඩකරන කෙනෙක් උනොත් විතරයි..

    ස්තුතියි!

    Liked by 1 person

  7. සමහර රජයේ ආයතන තමන්ට නැති බලයක් ආරෝපණය කරගෙන කටයුතු කරනවා.තවත් රජයේ ආයතන තමන්ට තියෙන බලයෙන්වත් හරියට වැඩක් කරන්නේ නැහැ.
    වැට මායිම් වලට මිනි මරා ගන්නේ නැතුව නීතියෙන් වැඩ කරගන්න පුළුවන් නම් කොයි තරම් දෙයක්ද ?

    Liked by 1 person

    1. මේසියලු බලයන්ට වැඩිය පුරවැසියගෙ බලය ලොකුයි කියල හිතුවනම් හරි.සෑම ආයතනයකටම බලයදීල තියෙන්නෙ පුරවැසියගෙ යහපතට වැඩ කරන්නයි.දැනට ලංකාවෙ මිනිස්සුන්ට තියෙන්නෙ ඉඩම් ප්‍රශ්න තමයි වැඩිපුරම

      Liked by 1 person

  8. තමුන්නාන්සෙගෙ මේ තීන්දුව මට උම්මග්ග ජාතකේ මහෞෂධ පඬිතුමාගෙ තීන්දුවක් මතක් කලා.

    Liked by 1 person

    1. අවංකවම කියනවනම් ඔය විසඳුම් මගෙ ඔලුවට එන්නෙ ක්ශනිකව ඒවෙලාවෙමයි.කලින් ඔහොම දෙයක් හිතුනෙවත් නෑ.ගිය භවේදී එක්කො පෙරකදෝරුවෙක් හරි කැලෑ උසාවියකවත් නඩුකාරයෙක් වෙලා හරි ඉන්නෑති.මහබරපතල ගැට ලිහන්න ඕනවිදිය සැනෙන් මතක් වෙනවා.

      Liked by 1 person

  9. දැනටත් හුඟක් මිනිස්සු ඔය ආයතනය පාවිච්චි කරන්නෙ තමුන්ගෙ හිතේ තියෙන කේන්තිය පිට කරගන්න. ඕකෙ තියෙන වටමේස සාකච්ඡාවලට ගිහින් ආඩපාලි අහන එකත් අපේ රාජකාරි ලැයිස්තුවේ කොටසක්.

    Liked by 1 person

    1. බොහොම හරි දුප්පතාගෙ දුක කියල සහනයක් ගන්න හදාපු මේආයතන කරනවිගඩම් දැක්කම කේන්තියෙ බෑ.අඩුතරමින් අපක්ශපාතීභාවය පෙන්නන්නවත් සදාචාරයක් තිබුනෙ නැති ආයතනයක්නෙ.

      Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s