ලබුවරණෙ සෙපෝරුව

වාහල නැටුම නටන එකාගෙ කොට්ටෝරුව වගේ වැඩ කර කර ලබුවරණෙ මෙහෙයවද්දි රාත්‍රි අටට විතර සාක්කුවෙ දාගෙන හිටපු යක් පැටිය චෑස්ස් ගාන්න පටන් ගත්තා. නොදකින් මූ මැරෙන්නෙවත් නෑනෙ, ඔය කොහේ හරි එකෙක් පොතිපලේ කීයටද අහන්න වෙන්නැති! කියල සාක්කුවට අත දාලා යක් පැටියගෙ කන්දෙක තද කරා. මුගෙ සද්දෙ නැවතුනා. ඒ උනාට වෙව්ලිල්ල නැවතුනේ නෑ! මොන උලව්වද්ද දන්නෙ නෑ කියල යක් පැටිය එලියට අරං මූණ බැලුව. ප්‍රත්‍යන්තෙ ලේකම් හාමිනේ කෙනෙක්. මොන කෙලියක් වෙලාද දන්නෑ කියල හිතල යක් පැටියගෙ ඔලුව කනට කරල පස්ස පැත්තට කතාකලා.

“ඔව් දරුවො ප්‍රශ්නයක් ද?”

“සර් අපේ කොට්ටසාර ජනපදේ ලබුවරණෙ පොතිපලේ සෙපෝරුවෙලා.”

“ඉතින් ආයිත් දෙතුන් පාරක් කුට්ටම අනන්න කියන්න.”

“කිව්වා සර් ඒත් එම පොතිපලේමලු.”

“එහෙනම් ඉතින් අතුරු මිතුරු දඹදිවතුරු සෙල්ලම කරල එක පැත්තක් කපෝති කරන්න කියන්න.”

“ඒකටත් දෙපැත්තම කැමති නෑලු”.

මොන ගෝත වැඩක්ද අප්පා! මේ කාලකන්නින්ට තව එක ගෝතයෙක්ව අල්ල ගන්න තිබුනනෙ. දැන් ඉතින් හොයපියකො මේවට උත්තර! කියල හිතුනා.

“දරුවො ආයිත් අතුරු මිතුරු කරන්න බලන්න කියන්න. බැරිනම් ලබු නියෝජිත පත්කිරීම අඩ්ඩඩ්ඩාවට කල් තියල එන්න කියන්න. ඕකලට ලබ්බාධිකරණෙට ගිහින් බේරගන්න කියල”

“හොඳයි සර් මම වැඩේ ගැන බලන්නම්” කියල ලේකම් හාමිනේ යක් ආරුඩෙන් අයින් උනා. මමත් යක් පැටියට රවල ඔහොම කෑ නොගහ හිටු කියල සාක්කුවට බැස්සුව. කෝකටත් කියල ලබුවරණ කොමාගෙ යක් පැටියට ආරූඩවෙලා මේ ගැන කිව්වා. කොමාත් එහෙම හොඳයි ඊලඟට බලමු කියල මිනිහගෙ යක් පැටියට විරිත්තලා අනුමත කරා. පාන්දර ඇටි කුකුල “බුහ්” ගාන වෙලාවෙ කොට්ටසාර ජනපදේ අයිති වක සභාවෙ පොතිපලේ හදන්නෙ කොහොමද කියන පුරස්නෙ ආව. සභාවෙ පොතිපලේ හදන කොට කොට්ටසාරෙ නියෝජිතය මොන පක්ශෙන්ද පත් උනේ කියල තියෙන්න ඕන. ඒක ලබුවරණ පනතෙ ලියල තියන විධානයක්. ඉතින් කාල වරෙන්කො! මුන් ගහපු සෙපෝරුව හින්ද අපි අවුලෙ. දැන් මොන මගුලක් කරල හරි සෙපෝරුව අහවරයක් කරල කොට්ටසාරෙට ලබු නියෝජිතය පත් කරන්න ඕන. ආයිත් කොමාගෙ යක් පැටියව කෑගැස්සුවා.

“ඔව් තෝරන රාල මොකද?”

“මොකද තමයි, අර සෙපෝරු ප්‍රශ්නෙ බේරනකම් වක සභාවෙ පොතිපලේ දෙන්න බෑ.”

“හුට්ට පටං ඒකත් ඇත්ත. දැන් මොකො කරන්නෙ?” මෙන්න කොමා මගෙන් අහනව.

කොමාගෙන් උත්තර ගන්න ගිය මට කොමාට උත්තර දෙන්න වෙලා.

“ලබුවරණ මහ මංඩලෙන් ඇහුවොත් නාකද?” මම ගැලවෙන්න බැලුවා.

“අන්න හරි, මහ මංඩලේ අධිකාරම ගෙන් අහල කියන්නම්” කොමා මගෙ ලණුව ගිල්ලා. මම යක් පැටියට පිඹල සාක්කුවට බැස්සුවා. විනාඩි දහයෙන් ආයි යක්පැටිය කෑගැහුවා. නොදකින් මූ කියල එලියට අරං බැලුවා කොමාගෙ යක් පැටිය සෙට් වෙලා.

“තෝරන රාලෙ සෙපෝරුව කපෝතියකින් ඉවර කරමු. කොට්ටසාරෙ ලබුවරණ අපේක්ෂකයො දෙන්නවයි ඒ දෙන්නගෙ මහතැන් දෙකයි ගෙන්නෝල ලබුවරණ පණතෙ හැටපහ දෙක යටතෙ අතුරු මිතුරු සෙල්ලම කරල කපෝතිය ගහල වැඩේ ගොඩ දාන්න බැරිද?” කොමා අහනව.

“මුන්ව ගෙන්න ගන්න පුලුවන්. හැබැයි තෝරන රාලට මේ වැඩේ කරන්න ලබුවරණ පණතෙ ඉඩදීල තියනවද?” මම ඇහුවා.

“වැව්බැදි රටේ ඔහොම සෙපෝරුවක් දැන් අතුරු මිතුරු සෙල්ලමෙන් ඉවර කරා. ලබුවරණ පණත බැලුවද දන්නෙ නෑ.” කොමා කියපි!

“හරි මම බලන්නම්” කියල යක් පැටියගෙ බඩ මිරිකුවා.

මොන හත්තිලව්වක් කරත් පිලිවෙලක් තියෙන්න එපායැ. ලබුවරණ පණත බැලුව. මෙන්න බොලේ ඕනෑම ලබුවරණ මධ්‍යස්තානෙක අධිපතිකම කරන්න තෝරන රාලට පුලුවන් කියල තියෙනවා. තවටිකක් බැලුවා. මධ්‍යස්ථාන අධිපති ලබුවරණ ගණන් කාරය වෙනව කියලත් තියෙනවා. ගණන් කාරය ගෙ වැඩ ඉවර වෙන්නෙ නියෝජිතය පත් කිරීමෙන්. දැන් කොට්ටසාරෙ නියෝජිතය පත් කරල නෑ. එතකොට පත් කරන්න නම් සෙපෝරුව ඉවර කරන්න ඕන. සෙපෝරුව ඉවර කරන්න නම් අතුරු මිතුරු සෙල්ලම කරන්න ඕන. අතුරු මිතුරු සෙල්ලම කරන්න නම් අඩ්ඩඩ්ඩාවට කල්තිබූ කටයුත්ත කැඳවන්න ඕන. මේ කාර්‍යට බලය ලබුවරණ පණත අනුව මට තියනවා. හරියට හරි! මේ මඟුල ඉවරයක් කරන්න ඕන.

දෙපැත්තෙම ලොක්කන්ට කතා කරල එන්න කිව්ව. ලබුවරණ නීතිය අනුව මේ කටයුත්තට අවශ්‍ය නීතිමය ප්‍රකාශය හදාගෙන ලෑස්ති උනා. කට්ටිය ආවා. කට්ටියට ලබුවරණ නීතිය පෙන්නුවා. කට්ටිය අතුරු මිතුරු සෙල්ලමට එකඟ උනා. බොහොම ලස්සනට ඒක කලා. නියෝජිතය පත් උනා. වැඩේ අහවරයි. වක සභාවෙ පොතිපලේ හදල ලබුවරණ කොමාට යවල ඒක අනුමත කරල අරගෙන ගෙදර ගියා. මෙන්න යකෝ යක් පැටිය චෑස් ගානව! හෙනම ගහපිය තොට කියල එක කනක් මිරිකුව. සද්දෙ නැවතුනා. ගෙදර ගිහින් ඇඳට වැටුනා. යක් පැටිය “චෑඅස්ස්ස්” ගාන්න ගත්තා! නිදි මරගාතෙම ඌව වීසිකරා. අද උදේ තමයි හොයාගත්තෙ.

නොදකින්, මූ නැතුවත් බෑ!

11 thoughts on “ලබුවරණෙ සෙපෝරුව

  1. හුටා … මං මෙතෙක් කල් හිතාන උන්නෙ සෙපෝරු උනහම කුට්ටම අනල ආයෙත් අතක් කියල !

    කවුද දන්නෙ අතුරු මිතුරු සෙල්ලමෙන් ඉවර කරන්න පුළුවන් කියල 🙂

    Like

  2. යස්ස පැටිය යස්ස පැටිය කිව්වාට
    යස්ස පැටිය නැතිවිට තේරයි යසට
    විද්යා දියුණුවේ යහපල දී හැමට
    දිව්ය පැටිය ඹබවෙයි සැමටම පිහිට

    හොරු තෝරණ වරණ දෙන්නක් එකවාගේ
    තෝරන්නද දියගොඩ සල්ලම වාගේ
    කාගෙද ඔය නීති මහ මුත්තගෙ වාගේ
    සුද්දගෙ රටත් තෝරන්නද ඔයවාගේ

    කතිර යුද්ද කලකට පස්ස ආවයි
    නමට ගහමි කතිරය හැම බලා සිටියි
    ගහපිය එකක් කතිරය පක්සට ඉවරයි
    පයිල් මැකා් උඩ පැන පැන ඔලුව වනයි

    අා වත් මොනයකා මොන මූණක් දාලා
    එදා ඉදන් කතිරය කරුමය වීලා
    කතිර අරන් කලුතර අපි ඔක්කමලා
    කතිර ගසා ආවයි සංසුන්වීලා

    පලන්නරු යකා එයි දා්තිය අැදලා
    වයිපයි යකා සවරං නැටුමට අැදලා
    කුරක්කන් යකා උඩු රැව්ලක් තියලා
    යක්කු තුන් දනක් ඇත පරලය වීලා

    කතිරගසා ඇවිදින් අපි සංසුන් ය
    කතිර ඵලත් ආව ඉබි ඉබි ගමනින් ය
    කතිර ගහපු අපි තවමත් සංසුන් ය
    කොණ ගිනිගත් විලස නටනුයෙ ඇදුරන් ය

    අත්උඩ දදා හිස ගිනිගත් නැටුම් නටයි
    පය විසිකර අර්ශස් ගෙඩි සලයි සලයි
    එහට මහට පැන පැන යාදිනි කියතයි
    නසිතුව දෙයක් ම් අපහට උනා කියයි

    වයිපයි යකා කියයි කඩනව ම් දීගේ
    යනවා යන්න ස්නාවත් අරන් මගේ
    ඒත් හලන්නට බැහැන් හොරුන් මගේ
    උන් එක්කලා යනු එළිවෙද හොරත් මගේ

    පලන්නරු යකා දෙකොනම රත්ව ඇතී
    වයිපයි සමග සිටියොත් මතු ඇපත් නැතී
    කථා යකා මා වයිපයි ගෙන් මුදතී
    ගොඩින් බ් රාගමි අව්රුරුදු දෙක සැපැතී

    කුරක්කන් යකාගෙ ම් වර කල්ල මරේ
    පැටව් නැගිටලා මොරදයි හුරේ හුරේ
    කෝ සැටලයිට් නෝනගෙ විස්කි අඩහැරේ
    අාතුරයා දගලන්නේ බජ්ජ හුරේ

    ආවඩා ආ යු බෝ ව්වා

    Liked by 1 person

  3. සුනිල් සර් නියම ලියවිල්ල.යාංහෑල්ලෙ සුර්ංග මතක් වුනා.ඔබතුමාගෙ බ්ලොග ගැන නවසීලන්තෙ ඉන්න අනුර හේමකුමාර සර්ටත් කිව්වා.ලිංකුව හොයාගත්තාද දන්නෑ.

    Liked by 1 person

  4. ලියන්න බෑ සර් ලියන්න බෑ. මේ ලබුවරනෙ වැඩ ඔලට දිසාපාමොක්කු එක්ක වැඩ කොල්ල ඔලුව ඔරේමංදං. යප්පැටියෑං කරදරෙයක් නෑ. උට කාලමක් පිම්බැහේ සද්ද වැහිලා විසක්ඥ වෙලා උන්නෙ. ඌට තිබ්බෙ වෙලාව කියන්ට ඉතරයි.

    යන්තං යක්කු ගස් නගිද්දි, අලි බොට්ටුංගෙ බඩෙයටිං මෙගොට්ට පැන්නෙ. තොවිලෙ අහවර කොල්ල ගෙදෙට්ට වාංගාද්දි යක් පැටිය වෙව්ලුවා. අනික් කොනේ ඊතල තුමා. මං යක් පැටියගෙ කන මිරිකල සේලයිං එකට අමුණල නිදාගත්ත.

    රේ…ද්….ද….

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s