වෘතීය පුහුණු අධිකාරියේදී

කොලඹ රාජකාරියට ඇවිත් රාජ්‍ය පරිපාලනේදි වෙච්ච සිද්දි කීපයක් කිව්වනෙ.රාජ්‍ය පරිපාලනේ තුන්වෙනි තට්ටුවෙතිබුන ආයතන අංශෙ මගෙ කාමරේට බී ජී කරුණාරත්න අධ්‍යක්ෂ තුමා කිව්වෙ ගම් උදාව කියලයි.මොකද ඒහැමවෙලාවෙම සෙනග ඉන්න නිසා.විවිධ ආයතනවල සේවයකල අය මගෙන් රාජකාරි කරගන්න ආවා.මම කාටත් ඇහුන්කන් දුන් නිසාම බොහෝ පිරිසක් පැමින තම ගැටලු කියල උපදෙස් ලබා ගත්තා.මමත් පුලුවන් හැටියටමිනිස්සුන්ට ඇහුන්කම් දිදී උපදෙස් දුන්නා.ඔහොම ඉන්න කාලෙ හැබැයි වැලේ වැල් නෑ.මාසෙ පඩිය වාහනේට තෙල් ගහන්නයි සර්විස් එකටයි නඩතුවයි කරන එක විතරයි පුලුවන්.ගේහදන්න අරගෙන යංතම් කොන්ක්‍රිට් එක දාගත්ත විතරයි.කාමර දෙකක දොරවල් දාගෙන ඒකට වෙලා හිටියට ඉතුරු වැඩවලින් කොටසක්වත් කරන්න සල්ලි නෑ.මේ විදියට ඉන්න අතරෙ දවසක් හදිසියේම රත්නශ්‍රී විජේසිංහ ප්‍රවීන ගීත රචකයා දුර කතන ඇමතුමක් දුන්නා.එතුමා මම අඳුරගෙන හිටියෙ අම්පාරෙ සාහිත්‍ය උත්සවවලට ආපු නිසයි.එතුමගෙ පියාගෙ බාල සහෝදරයා අම්පාරෙ මගේ කාර්‍යාලයේ සේවය කිරීමයි නිසා.ඉතින් මගේ දුරකතන අංකෙ හොයාගෙන කතාකරල කිව්වෙ ශ්‍රී ලංකා වෘතීය පුහුනු අධිකාරියටපරිපාලන අධ්‍යක්ෂවරයෙකු හොයනවා.මගේ නම නිර්දේශකලා අකමැත්තක් නෑනේද කියල.ඒවනවිට රත්නශ්‍රී වෘතීය පුහුනු අමාත්‍යංශයේ ජෙෂ්ට සහකාර ලේකම් (මාධ්‍ය)ලෙස සේවය කරමිනුයි හිටියෙ.මේ අමාත්‍යංශය භාර ඇමතිවරයා වුනේ අමරසිරි දොඩංගොඩ මැතිතුමා.කීර්තිමත් අමාත්‍යවරයෙකු යටතේ අධිකාරියක සේවාවට එක්වන්නට මගේ කිසි අකමැත්තක් තිබුනේ නෑ.මේ තනතුර නිලවාහනයක් හිමි තනතුරක් නිසා මගේ වාහන වියදම ඉතිරි වීමත් ගැන බැලූවිට ආර්තික වාසියකුත් තිබුනනිසා ඒසඳහා මම කැමැත්ත දුන්නා.

රාජ්‍ය පරිපාලනෙන් නිදහස් කෙරුනෙ එවක අමාත්‍යවරයාවූ රත්නසිරි වික්‍රමනායක මැතිතුමාගෙන් දොඩංගොඩ මැතිතුමා මාව ඉල්ලාසිටි නිසයි.ඒ අනුව 1998අගෝස්තුමස 27වනදින ශ්‍රීලංකා වෘතීය පුහුනු අධිකාරියේ පරිපාලන අධ්‍යක්ෂ වරයා ලෙස වැඩ භාර ගත්තා.අධිකාරියේ නව සභාපති වරයා ලෙස විශ්‍රාමික පරිපාලන සේවා නිලධාරියෙකු මෙන්ම පුද්ගලික අංශයේ දක්ෂ ව්‍යවසායකයෙක්වූ අනුර කුමාරසිංහ මහතා රාජකාරි භාරගෙන සතියකින් පරිපාලන අධ්‍යක්ෂ ලෙස මා පත් වුනා.අධිකාරියේ සභාපති වරයා හා පරිපාලන අධ්‍යක්ෂවරයාගේ කාර්‍යාලය නාවල පිහිටා තිබූ අතර අනිකුත් අංශ නාරාහේන්පිට පොලිස් ගරාජය ඉදිරිපිට පිහිටි පැරනි වැඩ මූලිකයින් පුහුනු ආයතනයේ ස්ථාපිත කර තිබුනා.වැඩ භාර ගත් දිනම සභාපතිතතුමා මට කිව්වේ වහාම ආයතනය එක ස්තානයකට ගතයුතු බවයි.දැනට අප ඉන්නා පුද්ගලික ගොඩනැගිල්ලෙන් ඉවත්ව ආයතනයට අයත් අනෙක් අංශ ස්තාපිතකර ඇති තැනට සභාපති හා පරිපාලන අධ්‍යක්ෂ කාර්‍යාල ගෙනයාමට විධිවිධාන සලස්වන ලෙස උපදෙස් දුන්නා ඒ අනුව මගේ පලමු කාර්‍ය උනේ මාසයක් තුල අපගේ කාර්‍යාල දෙක නාරාහේන්පිට ස්තානයට ගෙන යාමයි.මේවනවිට අධිකාරියේ පාලන, පුහුනු ,මානව සම්පත්,විෂයමාලාඅංශ හතරක් අධ්‍යක්ෂවරුන් යටතේ පාලනය වූ අතර මුදල් හා සැලසුම් අංශ නියෝජ්‍ය අධ්‍යක්ෂ වරු යටතේ පාලනය උනා.මීට අතිරේකව පර්‍යේෂන හා සංවර්ධන අංශයක් උපදේශකවරයෙකු භාරයේ තිබුනා.සභාපති කාර්‍යාලයත් සමග කොටස් අටකට ආයතනය බෙදී තිබුනා. දිස්ත්‍රික් කාර්‍යාල අටකින් ආයතනයට ලිපි යොමු උනේ මේ අංශ වලට වෙනවෙනම.ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ ආයතනයේ සිටි එකම නිලධාරියා වූ මා සභාපතිතුමාට මේ තත්වය පෙන්වා දී ආයතනයට යොමුවන සියලු ලිපි සභාපති වරයාට යොමු කලයුතු බවටත් එම තැපෑල පාලන ඇද්‍යක්ෂ විසින් සභාපති වරයාට යොමු කර සභාපති වරයාගේ නියෝග සහිතව අංශ භාර ප්‍රධානින්ට යොමු කරවීමේ ක්‍රමවේදය හඳුන්වා දීමට යෝජනා කලා සභාපති තුමා වහාම එම යෝජනාව ක්‍රියාත්මක කලා.එතෙක් අංශ අටකට විසිරී තිබුනු ආයතනයේ විධානය හා පාලනය එක තැනකට කේන්ද්‍ර ගත කෙරුනු අතර සභාපති වරයාගේ අත්සනින් විධිමත් බලතල පැවරීමක් අධ්‍යක්ෂ නියෝජ්‍ය අධ්‍යක්ෂ හා සහකාර ඇධ්‍යක්ෂවරුන්ට හා පුහුනු කලමනා කරුවන්ට ලබා දුන්නා.පලමු මාස දෙකේදී මේ කාර්‍යන් ටික සභාපතිතුමාගේ මෙහෙයවීම තුලදී කරන අතරතුර හිටිඅඩියේ දිනක පුහුණු අධ්‍යක්ෂවරයා සතියක කල්දීමෙන් ආයතනයෙන් ඉවත් වුනා.මේ බව දැනුම් දුන්නේ සභාපතිතුමා මාසයක නිවාඩුවක් මත විදේශ ගතවීමට සූදානම් වූ මොහොතේයි.සභාපතිතුමා වහාම තීරනය කලේ පුහුනු අධ්‍යක්ෂවරයෙක් ලෙස කෙනෙකු බඳවාගන්නා තුරු පාලන අධ්‍යක්ෂ ධුරයට අතිරේකව පුහුණු අධ්‍යක්ෂ තනතුරේද වැඩ බැලීමට මා පත් කිරීමටයි.විදේශ ගතවීමට පෙර දින මට පැවරුවේ පුහුනු අධ්‍යක්ෂ ධුරයට පරිපාලන සේවාවේ අයෙක් සොයන ලෙසයි.එතෙක් මේ කාර්‍යන්දෙකම සාර්තකව කල හැකි වෙන බවට විශ්වාස බවත් අවශ්‍ය ඕනෑම තීරනයක් ගන්නා ලෙසටත් උපදෙස් හා බලය ලබා දුන්නා.

පුහුණු අංශයේ සහකාර අධ්‍යක්ෂවරු පුහුනු කලමනාකරුවන් සමග සාකච්චාවක් කරල බැලුවා.මේ සාකච්චාවෙදි හෙලි දරව් වුනු ප්‍රධාන කාරනය උනේ අංශයේ ප්‍රධාන කාර්‍ය වී තිබුනේ නව පුහුනු මධ්‍යස්ථාන විවෘත කිරීම බවයි.විවෘතකර ඇති පුහුනු මධ්‍යස්ථානවල පවත්වන පාඨමාලා හා ඒවායින් එක් වර්ශයකදී පුහුනු කරවීමට බලා පොරොත්තුවන ශිෂ්‍ය සංඛයාව ඇතුලත් පුහුනු සැලැස්මක් නොවූ නිසා එබඳු සැලැස්මක් සකස් කිරීමට මම යෝජනා කලා.මෙම සැලැස්ම සැකසීම සහකාර අධ්‍යක්ෂ තිස්ස බන්ඩාර මහතාට භාරදී අන් අයගේද සහභාගිත්වයෙන් සෙනසුරාදා දිනක වැඩමුලුවක ආකාරයට සාකච්චා කර පුහුනු සැලැස්ම සකස් කරා.ඒ අනුව ආයතනයේ පලමු වරට පුහුනු ඉලක්කයක් සහිත සැලැස්මක් බිහි උනා.එම පුහුනු සැලැස්මට අනුව පුහුනු උපකරන හා පුහුනු ද්‍රව්‍ය සපයා ගැනීමේ සැපයුම් සැලැස්මක්ද සැකසුවා.මේ දේ කලේ පාලන අංශයේ අධික රාජකාරි මධ්‍යයේ.මේවා සඳහා දක්ෂ සහකාර අධ්‍යක්ෂ වරුන්හට කාර්‍ය පවරා ඔහුන් දිරිමත් කර එම කාර්‍යන් කරගත්තා.මේ අතරම සුදුසු පුහුනු අධ්‍යක්ෂ වරයෙකු ගැනද සොයා බැලුවා.මාත් සමග අම්පාරේ මුල් අවදියේ සේවයකල පරිපාලන සේවාවේ මට වඩා අවුරුද්දක් ජෙය්ෂ්ඨ සේමසිංහ මහතාගෙන් මේගැන විමසුවේ ඔහු ජර්මානු කාර්මික අභ්‍යාස විද්‍යාලයේ මෝටර් රථ කාර්මික පාඨමාලාවක් ද සම්පූර්ණ කර ඇති අයෙකු බව සිහිපත් වූ නිසයි.සේමසිංහ වෘතීය පුහුණු අධිකාරියේ අධ්‍යක්ෂ පුහුණු තනතුරට පැමිනීමට කැමති වුනා.

සභාපතිතුමාගේ නිවාඩුව අවසන් වී පැමිනි පසු මවිසින් අදාල පුහුනු සැලැස්ම සහකාර අධ්‍යක්ශ තිස්ස බන්ඩාර ලවා ඔහුට ඉදිරිපත් කෙරෙව්වා.සේමසිංහ මහතා මුනගස්වා ඔහුව ආයතනයට සම්බන්ධ කරවීමට ක්‍රියා කලා.සභාපතිතුමා ආයතනයට දැක්මක් සකසා ඉලක්කයක්ද නියම කෙරෙව්වා.ඉලක්කය වුනේ පුහුනුව සමග වසරකට 25000කට රැකියා වලට යොමු කිරීමයි.පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතුකල සභාපති කුමාරසිංහ මහතා රැකියා ඉලක්ක කරගත් පාඨමාලා හදුන්වා දීමට ලොකු උනන්දුවක් ගත්තා.ඒවනවිට මාස හයක කාලයක් පුරාවට හැදෑරියයුතුවූ ජුකී මැෂින් ක්‍රියාකරු පුහුනුව මාසයක කාලයක් ගතකරන පුහුනු පාඨමාලාවක් බවට පත් කලේ පුද්ගලික අංශයේ ඇගලුම් ව්‍යාපාර සම්බන්ද කරගෙනයි.අධිකාරියේ පුහුනු න්‍යායාචාරින් කලනොහැකි යැයි පෙන්වාදුන් එමකාර්‍ය ය පුද්ගලික අංශය යොදාගෙන සිදුකර ආයතනයේ පුහුනු උපදේශකයන්ද පුද්ගලික අංශයෙන් පුහුනුකරවා ගැනීමට සභාපති තුමා සමත් උනා.ජුකී යන්ත්‍ර ක්‍රියා කාරිනීන් පුහුනු කර මසකදී රැකියාවකට යොමු ක්‍රීමේ සිහිනය සභාපති තුමාගේ බලවත් උත්සාහයෙන් සැබෑ උනා.

මම අම්පාරේ සේවයකරද්දී මාසමුපකාර උපකොමසාරිස් ධුරයේ වැඩබැලීම කරද්දී මායටතේ සමුපකාර සමිති පරීක්ෂකවරයෙක් ලෙස සේවය කල කේ වී නිහාල් මහතා සුවිෂේශ චරිතයක්.‍රාජ්‍ය සේවකයෙකු ලෙස සේවය කරමින් සිටියද ඔහුසතු වෙනම ව්‍යාපාරයක් තිබුනා.ඒ මාර්ග ප්‍රතිසංස්කරන කිරීමේ යන්ත්‍ර සැපයීමේ සේවාවක්.අම්පාර පලාතේ එබඳු බරවාහන සැපයීමේ සේවාවේ සිටි ප්‍රධාන ආයතනය ඔහුට අයත්ව තිබුනා.ස්වාඅධීනව රාජකාරිකල දක්ෂ නිලධාරියෙකු හා මනා සැලසුම් සහගතව කටයුතුකල ව්‍යාපාරිකයෙකු වීමත් නිසා ඔහු මා සමග බෙහෙවින් සමීපව ඇසුරු කලා.මම අම්පාර ප්‍රාදේශීය ලේකම් කම කරද්දී ඇතැම් දවසක හවසට නිහාල් පැමින යම් යම් අලුත් අදහස් මාසමග සාකච්චා කරන පුරුද්දක් තිබුනා.එක් දිනක් නිහාල් සාකච්චා කලේ ඔහුගේ ව්‍යාපාරික කටයුතුවල ගැටලු ගැනයි.බුල්ඩෝසර් බැකෝ යන්ත්‍ර හාරන යන්ත්‍ර තලන යන්ත්‍ර නඩත්තු වියදම පිලිබඳව ඔහු හොඳ අධ්‍යනයක් කර තිබුනා.එම අධ්‍යනයෙන් ඔහු හෙලිකරගෙනතිබුනේ යන්ත්‍ර ක්‍රියා කරුවන්ගේ දුර්වලතා නිසා යන්ත්‍ර නඩත්තුවට විශාල පිරිවැයක් දැරීමට සිදුවන බවයි.මේ ක්ෂේස්ත්‍රයේ යන්ත්‍ර ක්‍රියා කරුවන් අලුතින් යෙදවීමේ අවශ්‍යතාව වසරකට 600ක්පමන වන බවත් විධිමත් යන්ත්‍ර ක්‍රියා කරු පාඨමාලාවක් ඇත්තේ ඉක්ටාඩ් ආයතනයේ පමනක් බවත් ඉන් පිටවන සංඛ්‍යාව වසරකට 135-150අතර බවත් ඔහු පැවසුවා.මේ හිගය පියවීම සඳහා පුහුනු වැඩසටහන ඇරඹීමට හොඳ පසුබිමක් ඇතත් රජයේ සහාය නැතිව අසීරු බව ඔහු පැවසුවා.මේසඳහාව්‍යාපෘතියක් කම්කරුහා වෘතීය පුහුනු අමාත්‍යංශයට යොමු කිරීමට මා උපදෙස් දුන්නා.ඔහු ඒ ඉල්ලීම යොමු කරත් ඒගැන කිසිදු ප්‍රතිචාරයක් ලැබුනේ නෑ.

මා වෘතීය පුහුනු අධිකාරියේ සේවයට පැමින ටිකදිනකින්ම සභාපති අනුර කුමාරසිංහ මහතාගේ පෞද්ගලික අංශය සමග සහයෝගයෙන් ක්‍රියා කිරීමේ සංකල්පය දැකීම නිසා නිහාල්ගේ අදහස සිහිපත් උනා.මා නිහාල්ගේ අදහස සභාපතිතුමාට විස්තර කලා.වසභාපතිතුමා මේවිස්තරය අසා වහාම ඒකාබද්ද පුහුනු පාඨමාලාවක් සංවිධානය කිරීමට මූලික සාකච් චාව කැඳවීමට උපදෙස් දුන්නා.ඉක්ටාඩ් ආයතනය නිහාල් හා වෘතීය පුහුනු අධිකාරිය ඒකබද්දව මේපාඨමාලාව පැවැත්වීමටත් නිහාල්ගේ ආයතනය තුල ඔහුගේ යන්ත්‍ර යොදාගෙන ඉක්ටාඩ් ආයතනයේ පාඨමාලාව පැවැත්වීමටත් ප්‍රායෝගික පරීක්ශනය පවත්වා සහතික පත්‍ර ඉක්ටාඩ් ආයතනයෙන් ලබාදීමටත් ඒවෙනුවෙන් ඉක්ටාඩ් ආයතනයට ගාස්තුවක් නිහාල්ගේ ආයතනයෙන් ගෙවීමටත් සාකච්චා කෙරුනා.නිහාල් මේ සියල්ලට එකඟ උනා.අවුරුද්දක් පමන යනතුරු යම් ආකාරයක පාඩුවක් දැරීමට තමන් එකඟ බවත් සහන ශීලී ගාස්තුවක් පුහුනු වන්නන්ගෙන් අය කිරීමටත් නිහාල් එකඟත්වය දුන්නා.ඉක්ටාඩ් ආයතනය එකගත්වය පල කලත් ආයතනයේ පාලක මංඩලයේ අනු මැතිය ලබාගෙන දන්වන බව පැවසුවා.ඉන් අනතුරුව ඉක්ටාඩ් ආයතනය යලි රැස්වීම් වලට ආවේ නෑ.ඒ අනුව මුලු වැඩපිලි වෙලම නැවතුනා.

මේ පිලිබඳව නිහාල්ගේ පැත්තෙන් ඔහු පුහුනු මධ්‍යස්ථානය සකසා පුහුනු මධ්‍යස්ථානයට උපදේශක වරුන් සපයාගෙන සූදානම් කර සිටියත් ඉක්ටාඩ් ආයතනයේ සහාය නැතිව පාඨමාලාව ඇරඹීමට නොහැකිඋනා.අනුර කුමාරසිංහ සභාපතිතුමා මේගැන කිව්වේ රාජ්‍යා ආයතන තමන් කිසිවක් නොකරනවා පමනක් නොවෙයි අනුන්කරන දේටත් සහායක් නොදීමත් කරන දේකට අකුල් හෙලීමේ ප්‍රතිපත්තියකත් සිටින බවයි.ඉක්ටාඩ් ආයතනය තමන්ගේ ක්ශේස්ත්‍රයට තරඟ කරුවෙක් බිහි කිරීමට දායකත්වය ලබා නොදෙන බැව් පෙන්වාදුන් සභාපති තුමා නිහාල්ව කොලඹට කැඳවා සාකච්චාවක් සූදානම් කිරීමටත් අම්පාර දිස්ත්‍රික් පුහුනු කලමනාකරුවද සහභාගිකරවන ලෙසමට උපදෙස් දුන්නා.ඒ අනුව පැවැත්වූ රැස්වීමේදී පුහුනු කිරීම නිහාල්ගේ ආයතනයටත් විභාග පවත්වා සහතික නිකුත් කිරීම අප අධිකාරියෙන් සිදු කිරීමටත් තීරනයකලා.ඒ අනුව ශ්‍රී ලංකා වෘතීය පුහුණු අධිකාරිය හා අම්පාරේ රත්න කන්ස්ට්‍රක්ෂන් බර යන්ත්‍ර පුහුණු කිරීම් ආයතනයත් අතර අවබෝධතා ගිවිසුම අත්සන් කර ලංකාවේ පුද්ගලික අංශයේ පලමු බර යන්ත්‍ර පුහුනු ආයතනය අම්පාරේ විවුර්ත කෙරුනා.ගිවිසුමේ දී සභාපති අනුර කුමාරසිංහ මහතා ගේ තීරනයක් අනුව පුහුනු සහතිකය ආයතන දෙකේම ප්‍රධානින්ගේ අත්සන් සහිතව නිකුත් කිරීමටද අවශ්‍ය විධිවිධාන ඇතුලු කලා.එදා සිට වෘතීය පුහුණු අධිකාරියේ පුහුණු ලාභීන් අතරට බර යන්ත්‍ර ක්‍රියා කරුවන් ද ඇතුලත් උනා.මේරටේ පුහුණු ක්ශේස්ත්‍රයට බරයන්ත්‍ර පුහුනුව සඳහා පුද්ගලික අංශ සම්බන්ද කර පලමු පුද්ගලික පුහුණු ආයතනය ඇතිකීරීමට පුරෝගාමීඉ කාර්‍ය සිදුකිරීමේ සතුට මට හැමදාම තියෙනවා.අනුර කුමාරසිංහ මැතිතුමාගේ දුරදක්නා නුවණ නිර්භීත තීරණ ගැනීමේ හැකියාව හා නිවැරදි මගපෙන්වීමත් නිසා ඒ කාර්‍ය සාර්තක උනා.මගේ කල්‍යාන මිත්‍ර ආර් සේමසිංහ එවක පුහුණු අධ්‍යක්ෂ තුමා ගේ දැඩි මහන්සියමේ කාර්‍ය සඳහා යෝධ ශක්තියක් උනා.පුහුණු කලමනා කරු අමීර් මහතාද මීට සහාය දුන්නා.අපහා මේ කාර්‍ය කල ව්‍යවසායකයා වන කේ වි නිහාල් මහතාඑම ආයතනය එල්ජී ඩ්‍රයිවින් ස්කූල් නමින් විශාල පුහුණු ආයතනය දක්වා දියුනු කර දහස් ගනන් තරුනයින්ට රැකියා සපයමින් ඒ ප්‍රීතිය භුක්ති විඳිමින් සිටිනවා.

Advertisements

5 thoughts on “වෘතීය පුහුණු අධිකාරියේදී

  1. වෘතීය පුහුනු අධිකාරිය කියන්නෙ මගේ ජීවිෙත් වනෙස් කරපු තැන.
    උසස් පෙල අසමත් වෙලා ගාමන්ට් එකක් ඇතුලෙ රැයක් දවාලක් නැතිව කට්ට කෑවට ආසාව තිබුනෙ තොරතුරු තාක්ෂනය ඉගෙන ගන්නයි.
    හද්ද ගමක හිටපු මම උසස් පෙලට තොරකුරු තාක්ෂනය තියනෙවද කියලවත් දැනන් හිටියෙ නැහැ.

    කොහොම හරි අන්තිමට මට අවස්තාවක් ලැබුන කාෙලඹට එන්න යාලුවෙක් තමයි නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුනු ආයතනය ගැන කීවෙ. අන්මට එකනට යාගන්නත් එයාම අවස්ථාව අරන් දුන්නා.

    අධ්‍්‍්‍යාපනයක් එක්කම අපිට අපිගැන අභිමානයක් ඇති කරා,

    එපාම වෙලා තිබ්බ ඉංග්‍රීසිත් හරි ලස්සන ක්‍රමයට කියල දෙන්න ගුරුතුමියක් ආව. මද්දටත් ඉග්‍රීසි වලට තිබ්බ බය ඇරෙන්න ඒක සෑහෙන්න උදව් උනා(දයෙියනේ කියල සුද්දෙක් එක්ක උනත් කොටාගන්න පුලුවන් තරමට).

    හැමදාමත් ආරෙයි අපේ ටෙක් එකට සමාජයෙන් හලල තිබ්බ අපිව ගොඩ දැන්ම තැනට.

    ___________________________________________________________________________________
    පුංචි හිත් රිදවීම් ෙදකකුත් මතක් උනා එතන ඉද්දි සිද්ද උන
    යම් කිසි ජාතික මට්ටමේ තරගාවලියකින් මාව මූලික වටයෙන්ම හලල දාන්න ෙවනත් ආයතන දෙකක ෙදන්නෙක් කටයුතු කලා ( ඒකෙන් නාරාහේන්පිටට එන්න තිබුන තැනක් නැති උනා) මම අධි තක්ෙස්රුවකින් කියනව නෙමයෙි දවෙන වටයේ තිබුන ලිඛීත පරීෂනයේ වැඩිම ලකුනු ලබාගත් කෙනාටත් වඩා සැෙහන ලකුනු පුමානයක් මම අරන් ඔප්පු කරා ඒක. නමුත් මට ඒක පෙන්න තතරගටෙ වාඩි ෙවන්න තිබුන අවස්තාව මූලික වටයේදිම අහිමි කරලයි තිබුනෙ.

    අනිත් සිදුවීමනම් කියන්න තරම් වරදක් නෑ ඒත් එදා තමයි මම ෙටක් එකට තිබ්බ අන්තිම බැදීමත් නැති උන දවස.
    මගේ පුහුනු උදේශක වරයා මාව යොමු කරල තිබ්බා උපදේශක වරුන් බදවාගන්නා සම්මුඛ පරීෂනයකට
    1.මම ටෙක් එකෙන් ගොඩ ආව මිසක් පාසල් අධ්‍්‍්‍්‍්‍්‍යාපනය හරියට කරේ නෑ ඉතින් මගෙ ලග සහතික මිටියක් නැහැ.
    ටෙක් එකෙන්ම මට ලැබුන සහතිකේ එයාල ගනන් ගත්තෙ න,(”just that?” එතුමන්ලා ඒකට දීපු වටිනාකම ඔන්න ඔය වචන ෙදක)
    ඒ වගේම ඒ ෙවද්දි මට වසර 3ක සේවා පලපුරුද්දක් තිබුන ඒකත් එයාලට වැඩක් උනේ නැහැ(ඒ වෙද්දි මම වැඩ කරපු තැන මම හිටපු තනතුර දැන් දරන්නෙ ෙකාලඹ විශ්ව විද්‍්‍්‍්‍්‍්‍්‍යාලයේ උපාධී ධරියෙක් නමුත් මම ඒ වැඩ කලේ ෙටක් එකෙන් ලැබුන දැනුමෙන්)
    _________________________________________________________________________________________

    මම දැකපු හොද තැන් වගේම දුර්වල තැන් ෙදකත් මම මෙතන ලීව අදාල නැද්ද මම දන්නෙ නැහැ.
    ලියන්න හිතුන ලීව

    අනිත් සතුටට කරුන නම් මෙච්චර කල් රාජ්‍්‍ය සේවයේ වැය දාපු වැඩ්ඩෙක් අපේ ඉගනෙ ගත්තු තැන ඉහලින් හිටිය කියල දැනගන්න ලැබුන එක.

    අවසාන වශයනේ ස්තූතියි ඔබ තුමන්ලා දමාපු අඩි තාලම නොතිබුනානම් අද ෙම්ක කොටන්න මද්දා කියල එකෙක් මෙතන නැහැ.

    Liked by 1 person

    1. බොහොම සංතෝසයි අපේ නාරාහෙන්පිට ජාතික වෘතීය පුහුනු ආයතනයේ පාඨමාලා අදාර ජීවිත සාර්තක කරගත් ඔබ පිලිබඳව.ඔබට සුභපතමි

      Liked by 1 person

  2. ඔබතුමාගෙ මේ ලිපියත් කියෙව්වෙ හරි සතුටකින් හැමදාම වගේම. මේක කියවන්න කලින් මං මගේ හිතවතෙක් එක්ක කතා කරමින් හිටියෙ ලෝක රැකියා වෙළඳපොලේ ඉල්ලුමට හරියන පුහුණුව සහිත වෘත්තියකට පුහුණු කරනවනං වැඩි ආදායමක් ඒ අය ලබනව. රටටත් වැඩියමක් ලබනව. අපි ඉතින් මැදපෙරදිගට ගෘහසේවිකාවන් යවල ඒ අයටත් අනන්ත දුක් දීල එවන සොච්චමත් කාබාසිනියා කරන වර්ගයක්. උදාහරනයකට ගත්තොත් සහතිකලත් හෙද හෙදි සහායිකාවන්ට ලොකු ඉල්ලුමක් තියනව ඇ.එ.ජනපදයෙ. අවුරුද්දක විතර කාලයකින් ඒ අයව පුහුනු කරන්නත් පුලුවන්. පැයකට ඩොලර්13ත් 15ත් අතර ගණනක් ගන්නත් පුලුවන්. සතියකට පැය 40ක් වැඩ කලොත් මාසෙකට ඩොලර් දෙදාහකට වඩා හම්බ කරන්න පුලුවන්. අපේ අය ලෙඩුන්ට උපස්ථාන කිරීමේදී කාරුණිකව කරන ගතියක් තියන නිසා ඒ අයට වැඩි ඉල්ලුමකුත් ඇතිවේවි. මේ රැකියාවෙ වර්ධනවේගය 2018-2022 අතර කාලයේදි 15% 21% අතර වෙන බව කියනව.ලංකාවෙ ඉංග්‍රීසි අධ්යාපනයත් දැන් දියුණු වෙමින් තියෙන නිසා මේ වගේ දේවල් වලින් බොහෝ ප්‍රයෝජන ගත හැකියි කියලයි මට හිතෙන්නෙ. ඉතා සියුම් මට්ටමේ හැකියාවන් සහ ඒ සඳහා දීර්ඝ කාලීන පුහුණුව අවශ්‍ය රැකියාවලට කරන පුහුණුව නවත්තන්න නෙවෙයි කියන්නෙ. ලංකාවෙ දුප්පත්කම විරැකියාවත් එක්ක බද්ධවෙලානේ තියෙන්නෙ. ඊට විවිධ මට්ටමේ විසඳුම් අවශ්‍යයි. ඒව කරන්න තමුන්නාන්සෙල වගේ පෙට්ටියෙන් එලියට බැහැල හිතන්න, තීරණගන්න, නිර්භය, ප්‍රඥා සම්පන්න විධායක නිළධාරීන් අත්‍යවශ්‍යයි.

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

w

Connecting to %s