පොලිස් පුහුනුව

පරිපාලනසේවාවෙ අපි සේරම වහාම කලුතර පොලිස් අභ්‍යාස විද්‍යාලෙට 1986අවුරුද්ද මුලදි කැඳවපුවම දිස්ත්‍රික්කවල පුහුනුවට ගිහින් හිටපු අපි කෙලින්ම පොලිස් ස්කෝලෙට එන්න සූදානම් උනා.අපිව කැඳවපු නියෝගයේ තිබුනු බඩු භාහිරාදිය එකතුකරන්න කඩගානෙ ඇවිද්ද එක තමයි මුලින්ම කලේ.සුදු කොට කලිසම් කැන්වස් සපත්තු ටී ෂර්ට් අත්දිග මේස්බැනියම් සුදු මේස් කුට්ටම් සපත්තු පොලිෂ් දත් බෙහෙත් දත්බුරුසු රාත්‍රි අඳින ඇදුම් කරපටි යනාදී නානාප්‍රකාර ජාති පිරුනු බෑග් එල්ලගෙන එන්න කිව්ව දවසෙ පොලිස් ස්කෝලෙට ගිහින් ලියාපදිංචි වෙන්න පටන් ගත්තා.ලංකාවෙ හතර දිග්භාගෙ පුහුනුවට යවල හිටපු අපි එකිනෙකා මුන ගැහෙන්නෙත් මාස හතරකින් විතර. එකඑක දිස්ත්‍රික්කවල ඉඳන් මිත්‍රයො ඇවිත් තමන් දිස්ත්‍රිකවල කරපු කියපු දේවල් බෙදාහදාගන්න කොට කාලය යනව තේරුනේ නෑ.ලොකුම පුදුමෙ උනේ යම්තම් කැඩිකැඩි සිංහලෙන් කතාකරපු අපේ ශන්මුගම් දිස්ත්‍රික් පුහුනුවෙදි හොදින්ම සිංහල කතාකරන්න ඉගෙන ගෙන තිබීමයි.කොහොමින් කොහොම හරි හවස්වෙද්දි ඔක්කොම පොලිස් ස්කෝලෙට වාර්තා කරා.පිරිමි සේරම ජේෂ්‍යඨ නිලධාරි නේවාසිකාගාරයේත් ගැහැනු කන්ඩායමට වෙනත් තැනකත් නවාතැන් සැපයුවා.හවස විශේෂ සංචාරයක් තියල පොලිස් විද්‍යාලය ඇතුලත ස්ථාන පෙන්වාදුන් පොලිස් අධිකාරිවරයෙක් උපදෙස් දුන්නා හෙට අලුයම 5.30 ක්‍රීඩාංගනයට සියලු දෙනා පැමිනිය යුතු බවට.පෙරවරු 7.00 දක්වා සාරීරික අභ්‍යාස වැඩසටහන පැවැත්වෙන බවත් ඉන් අනතුරුව පෙ ව 8.00දේශන ආරම්භ වන බවත් වෙලාව ට ඊට සහභාගිවීම අත්‍යාවශ්‍ය බවටත් උපදෙස් දුන්නා.රාත්‍රි 10.00නින්දට යායුතුබවටත් උපදෙස් දුන්නා.මෙතෙක් කිසිදවසක අත්දැකපු නැති කාලසටහනකට අනුගත වෙන්න වීම ගැන කතාකරල රාත්‍රි නිදාගත්තා.

පහුවෙනිද බැරිමරගාතෙ පාන්දර අවදිවෙලා පිට්ටනියට ගියා.හැබැයි ඔක්කොම එනකොට උදේ හය විතරවෙලා.ප්‍රමාදෙට දෝෂාරෝපනයක් එක්ක ශාරීරික අභ්‍යාස පටනරගෙන පිට්ටනියවටේ දුවලා ඒ වැඩටික ඉවර කරේ හත හමාරට.ආපහු ඇවිල්ලා මූනකට හෝදාගෙන කෑමකාලා දේශන ශාලාවට යනකොට අටහමාර විතරවෙලා.මුලින්ම ප්‍රමාදය ගැන ලොකු දේශනාවක් ඉන්පස්සෙ දේශන පැවැත්වීම.පොලිසිය ගැන පොලිස් ආඥා පනත අපරාධ නඩුවිධාන සංග්‍රහයගැන දේශන ජේෂ්‍යඨ පොලිස් නිලධාරින් පැවැත්තුවා.හවස පොඩි සංගීත වැඩසටහනක් රාත්‍රි භෝජන සංග්‍රහයක් තිබුනා.ඒකත් භුක්ති විඳල නින්දට ගියා.නිදාගන්න ශාලාවෙ ලයිට් නිව්වට කලුවරේම එකතැනකට එකතුවෙලා කයිවාරුගහන අපි නිදා ගන්නෙ මහ රාත්‍රියෙ.ඉතින් උදේට නැගිටින්නෙ මරන්න වගේ.දවස්තුන හතරකින් පස්සෙ ශාරීරික අභ්‍යාසෙයි දිවිල්ලයි ඇඟට පත්තියන් උනා.මේකාලෙ අපිට සමාන්තරව විශාල පොලිස් නිලධාරින් පිරිසක් කිසියම් පුහුනුවක යෙදී සිටියා.කන්ඩායම් තුන හතරකට වෙන්කරසිටි එමපිරිසට තිබුනේ ශාරීරික අභ්‍යාසවැඩි පුර තිබෙන පුහුනුවක්.ඒඅය පිට්ටනියට බහින්නෙ උදේ පාන්දර හතරටවිතර.එකදිගටපැය හතරක දැඩි අභ්‍යාස පුහුනුවක් උදේ ආහාර ඉන්පසු දේශන ආපසු හවස ශාරීරික අභ්‍යාස සහිත එම පුහුනුව උපදේශකවරුන් විදේශිකයින් කන්ඩායමක්.මේ උපදේශකවරුන් සහිත කන්ඩායම් වල ජායාරූප ගැනීම මුලුමනින්ම තහනම් උනා.බ්‍රිතාන්‍ය කිනිම්නි ඔත්තුසේවාව විසින් මෙසේ දැඩිසටන් පුහුනුවක ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින් යොදවා තිබුනේ ත්‍ර්ස්තවාදීන්ට එරෙහි ව සටන් කිරීම සඳහායි.ගිනිඅවි ඇතුලු සියලු ආම්පන්න එල්ලාගෙන පොලිස් නිලධාරින් එම දැඩි සටන් පුහුනුව නිමකර භට කන්ඩායම් ලෙස උතුරු නැගෙනහිර පොලිස් ස්ථානවෙත අනුයුක්ත කිරීම බලා පොරොත්තු උනා.පසුව පොලිස් ස්ථාන ආරක්ෂාව සඳහා ප්‍රාහාරක කන්ඩායම් ලෙස මුහුන දුන් මේ භට පිරිස් ප්ලැටූන් නමින් හැඳින් උනා.මේ අයගේ පුහුනුව සමග බැලූවිට අපේ පුහුනුව සෙල්ලමක් වගෙයි දැනුනෙ.අපිත් උදේ පිට්ටනියෙ ශාරීරික අභ්‍යාස කරල රවුම් කීපයක් දුවලාඋදේ හතට ආපුහු ඇවිත් රැවුල් කපල නාල කෑමකාල අටට ඉස්සෙල්ල දේශන තියෙන මගුල් මඩුවට යන්න දගලන්නෙ හරිම වේගෙන්.මේසේරම උත්සාහය හබක් වෙන්නෙ වතුර නැති දාටයි.වතුර එන්නෙ හිමිහිට උනහම කට්ටියට නාන්න වැඩිවෙලාවක් යනවා.එදාට කන්ඩායමක්මදේශනවලට පරක්කුයි.පුහුණුවෙ සමායෝජක පොලිස් අධිකාරි දිසානායක මහත්තය පරක්කු වෙන අයට දෙහි කපනවා.මේකට අපේ හිතේ තිබුනෙ ලොකු අප්‍රසාදයක්.එකදවසක් වතුර ප්‍රශ්නෙ නිසා මමත් ඇතුලු කීපදෙනෙක් ප්‍රමාද වුනා.කරුමෙට එදා දේශනේ දිසානායක පොලිස් අධිකාරිතුමාගෙමයි.විනාඩි විස්සක් විතර පරක්කු වෙලා අපි මගුල් මඩුවට ඇතුල් වෙන කොට මුලින්ම මූන කොරහක් විතර මහත් කරගෙන බලා හිටපු මිනිහ මෙහෙම ඇහුවා.

“මේ මහත්වරු පස්දෙනා විනාඩි විසි දෙකක් ප්‍රමාදයි මම දැනගන්න සතුටුයි ඒ ඇයි කියල?”

හැමෝම එකපාරට නිහඬවුනේ අනපේක්ෂිත ප්‍රශ්නයක් නිසයි.මගේ හිතේ තිබුන නොරිස්සුම ඉහවහා ගියා.

“අද අපේ බාත් රූම්වලට වතුර එනඑක පැයභාගෙකින් පරක්කුයි අපි දැනගන්න කැමතියි ඒඇයි කියලා?”මම නැගිටල ප්‍රශ්නයක් ඇහුවා.කට්ටිය හිනාවුනා එතනින් ප්‍රශ්නෙ ඉවර උනා.

පොලිස් පුහුනුවෙදි උසාවියක නඩුවක් මෙහෙයවන හැටි පෙන්නලා දුන්නෙ උසාවියක ආකෘතියක් එක්ක නඩුවිභාගයක් මගුල් මඩුවෙ කරලයි.විත්තිකරු නීතීඥයෝ හැටියට පොලිස්නිලධාරින් පෙනී හිටියා.නඩුකාරයා උනේ දිසානායක එස් පී මහත්තයා.බොහොම අපූරුවට මේ අය ඒ උසාවියෙ කාර්‍යන් පෙන්නුම් කරා.ඊට අවුරුදු ගනනාවකට පස්සෙ ප්‍රාලේ කාලෙ ඉඩම් සන්තකය ආපහු ගන්න දාපු නඩුවලදි ටිකක් අමාරු ඒවා මහේස්ත්‍රාත් තුමා ලඟදි විභාග කරන කොට පැමිනිල්ල වෙනුවෙන් කරුණු දක්වන වෙලාවලදි පොලිස් පුහුනුවෙ උසාවිය මතක් උනා.අදටත් හොඳටම මතක පොලිස් පුහුනුවෙ උසාවියෙ හිටපු විත්ති කාරයවයි.මේවිදියට දේශන බූමිකා රංගන මාර්ගයෙන් පොලිස් රාජකාරිකටයුතු ගැන හොඳ පුහුනුවක් අපිට ලබාදුන්නා.මේසේරටම වඩා අපි ආසාවෙන් සහබාගි උනේ ගිනි අවි පරිහරනය පිලිබඳ පුහුනුවටයි.සාමාන්‍ය පතුරම් තුවක්කු බහුවාර තුවක්කු නැත්නම් රිපීටර්වල ක්‍රියාකාරිත්වය ගිනි අවි භාවිතයේදී අනුගමනය කලයුතු නීතිරීති ආරකෂක උපක්‍රම ආදිය විස්තරකරලා වෙඩිපිටිය වෙත රැගෙන ගොස් වෙඩිපිටියේදී අනුගමනය කලයුතු රෙගුලාසිත් කියාදීල තමයි ගිනි අවි අතට දුන්නෙ.වෙඩිපිටියේදී ගිනිඅවි භාවිතයගැන පියවරෙන් පියවර කියල දුන්නා.ගිනිඅවිය වෙඩිතැබීමට සකසන අන්දම.ගිනිඅවිය අල්ලන විදිය,උරහිසට හේත්තු කරන අන්දම ඉලක්කය ඇල්ලීම ගිනිඅවිය මෑනීම ඉලක්කය තහවුරුකිරීම වෙඩි තැබීම බොහොම හිත් කාවදින්න කියල දුන්නා.මේසේරම කියාදීමෙන් පසුව පොලිස් නිලධාරින්ගෙ වෙඩිතැබීමේ හරඹයක් නිරීක්ෂනය කිරීමටත් අවස්ථාව දුන්නා.

වෙඩිපිටියේ ඉලක්ක හයක් පමන ස්තාපිත කර තිබුනා.ඒ අනුව වෙඩිතැබීමේ අභ්‍යාසයට හයදෙනෙක් එකවර සහභාගි උනා.ප්‍රහාරක පුහුනුව ලැබූ පොලිස් නිලධාරින්ගේ එම වෙඩි තැබීම් පුහුනුව සඳහා භාවිතාකරේ එස් එල් ආර් වර්ගයේ ගිනි අවි බවයි මතක.පලමුව නියමිත අනදීම යටතේ එක මුරයක් වෙඩිතබා ගිනිඅවි බිම තැබුවා.ඉලක්කයවෙත ගිය වෙඩිතබන්නන්ට තම වෙඩිපහර වැදී ඇති අන්දම පරීක්ෂාකිරීමට ඉඩ දුන්නා.ඉන්පසු යලිත් නියමිත අණදීම් සමග වෙඩිමුර දහයක් තැබුවා.වෙඩිතැබූ අයගිනිඅවිබිමතබා හිටගෙන සිටියදී ඉලක්ක පරීක්ශා කරන අය ඉලක්කයලඟට ගියා.පලමු ඉලක්කය පරීක්ෂාකර අවසාන වෙත්ම වෙඩිතැබූ පැත්තේ අයෙක් මහ හඬින්

“මැතිඳ අංක එකේ ඉලක්කය..අ අ අ අ අ අ අ” කියල කෑගහනවාඊට පිලිතුර ඉලක්ක පරීක්ෂාකරන්නාගෙන්

“ඇතුලත හතරයි පිටහයායි..”

ඒකිව්වෙ ඉලක්කයට අදාල රවුමතුලට වෙඩි හතරක්ද ඊට පිටින් වෙඩි පහර හයක්ද වැදී තිබෙන බවයි.

සමහර ඉලක්ක “ඇතුලත දහයායි.”කියනවා.

කලාතුරකින් “පහරාක් නැතඅ අ අ අ ..”.කියලත් කියනවාඒ කියන්නෙ වෙඩි දහයම ඉලක්කයෙන් පිටගොස් තිබෙන බවයි.

මේවිදියෙ වෙඩිතැබීමේ අභ්‍යාස යක් නිරීක්ෂනයෙන් පස්සෙ අපිට වෙඩිතැබීමේ අභ්‍යාසයට සහභාගි වෙන්න අවස්තාව ලැබුනා.අපිත් අරවගේම වෙඩිපිටියෙ ස්තානගතවෙලා තුවක්කු සූදානම් කලා.සාමාන්‍ය බෝර දොලහේ තුවක්කු තමයි සපයා තිබුනේ.තුවක්කුව සූදානම් කර උරපත්තට තබා නොසෙල්වෙනසේ තියාගෙන මඳක් ඉදිරියට නැමීකුරුමානම ගෙන වෙඩිල්ල මුදාහැරියේ ඉලක්කය සීරුවට අරගෙනයි.කාන්තා පිරිමි සියලු දෙනාම මේවිදියට පතුරම් දහයක් වෙඩිතිබ්බා.අපේ ප්‍රේමා අබේගුනරත්නමැතිනිය තුවක්කුවක් ඇල්ලීමත් ප්‍රතික්ෂේපකලා.තුවක්කුවේ දෙදරුමට ඔරොත්තු නොදෙන බව ඇයකියූ නිසා දෙදරීම අඩු වෙන් ඇති .22රයිපලයක් ඇයට සූදානම් කර දෙකන් වැසෙන ආවරණ දෙකක් පලඳවා එමරයිපලයෙන් වෙඩි තැබෙව්වා.මේවෙඩි තැබීම් බොහෝඒවා අර “”පහරක් නැත””කියන ජාතියෙ ඒව බව ලියන්න ඕන නැහැනෙ.මෙන්න මෙහෙමයි ගිනි අවි හරඹෙ ඉගැන්නුවෙ. ඔයිට අවුරුදු තුනකට පස්සෙ උපදිසාපතිවරුන්ට දීපු සිවිල් ආරක්ෂක පුහුනුවෙදි ගිනිඅවි හරඹෙ බොහොම පරිපූර්නව ඉගැන්නුව වෙලාවෙ මේ පුහුනුව බොහොම ප්‍රයෝජනවත් උනා.

ගිනිඅවි හරඹෙ විතරක් නම් මදෑ.අතින් පයින් කොරන හරඹෙත් හරි අපූරුවට ඉගැන්නුවනෙ.කරාටේ හාජුඩෝ ක්‍රීඩා පුහුනුව ලබාදුන්නෙ ජපන් ජාතික උපදේශකවරු.අත පය යොදාගෙන පහර දෙන හැටි පහර වලක්වන හැටි සතුරා අකර්මන්‍ය කරන ගැට යොදන හැටි එහෙම මේජපන්නු අපිට කියල දුන්නා.අපි හැමෝම කරාටේ ක්‍රීඩාවෙ එක දෙයක් ජපනුන්ටත් වැඩිය හොඳට කරා.ඒ පහරක් එල්ල කරන විට කටින් පිටකරන සද්දෙ දැමීම ඌෂ්……….කියල හරිම ගඹුරුවට කිරීම.අද උනත් අපි කාටත් ඒ වැඩේ කලහැකි.කවුරුහරි ගෝරියකට ආවොත් මම ඔය ජපන් කරාටේ පුහුනුවෙන් ඌෂ් ශබ්දය පිටකර පංචතන්ත්‍රයේ සඳහන් උපක්‍රම දෙකෙන් දෙවෙනි එක භාවිතා කරනවා.පංච තන්ත්‍රයේ කියන්නේ තමන්ට ප්‍රබල හතුරෙක් මුන ගැහුනොත් බාහු යුග්මය චලනය කිරීම හෝ පාදයුග්මය ධාවනයේ යෙදවීම යන උපක්‍රම දෙකෙන් එකක් ක්‍රියාත්මක කරන්න කියලයි .

මේ වාගෙ පොලිස් ස්කෝලෙ හිටපු සති කී පෙට දණ්ඩ නීතිසංග්‍රහය නඩු මෙහෙයවීම පොලිස් රාජකාරි කැරලි මර්දනය ගිනිඅවි හරඹය ආත්මාරක්ෂක උපක්‍රම ආදී කටයුතු ගැන වගේම ශාරීරික අභ්‍යාස වගේම වෙලාවට වැඩකිරීම වාගෙදේත් අපි ට ඉගැන්නුවා.පොලිස් දෙපාර්ත මේන්තුවේ ජේෂ්‍යඨ පොලිස් අධිකාරි රිචඩ් විජේසේකර පොලිස් අධිකාරි දිසානායක ,බන්ඩාර මහත්වරු මේකට මහන්සි උනා.අපි පුහුනුව අවසානයේ ලොකු විවිධ ප්‍රසංගයක් කරලා පුහුනු විද්‍යාලේ හැමදෙනාවම සතුටු කරා.මේකටත් සුමිත් සුරවීරගේ නාට්‍යක්,සුරේන් බටගොඩගේ පිටපතක් නොලියුනු නාට්‍යක් නිලන්තිගේ මධුර මනෝහර ගීත ගායනා අනෙකුත් ගායක ගායිකාවන්ගේ ගීත ඉදිරිපත් කෙරුණා.සුරේන් බටගොඩ නිෂ්පාදනය කල නාට්‍යයේ ප්‍රධාන නලුවා වූ මගේ ඒනාට්‍යේ අවසාන දෙබස් කන්ඩයලෙස ඒඅවස්තාවේ මගේ කටට ඇවිත් මම කිව්ව මේ කියමනෙන් මේකථාව අවසන් කරනවා””.පොලිස් ස්කෝලෙට ගියෙ නැත්නම් අපේ සර් නිකම්ම ඤොහ්””

5 thoughts on “පොලිස් පුහුනුව

  1. ඔබතුමා අපේ (දුම්රිය ආරක්ෂක සේවයේ ) ගිනි අවි බලපත්‍ර ගැටලුවක් විසදා දී තිබෙනවා. මාත් ඒ කටයුත්තට උදව් වූ කෙනෙක්. මේ ලිපිය කියවූ විට තමයි තේරුම් ගියේ ගිනි අවි ගැන දැනුම ඔබට කොහොමද ලැබුණේ කියලා. වටිනා ලිපියට ස්තුතියි.

    Like

    1. ඒ අය “ප්ලැටූන්”නමින් උතුරු නැගෙනහිර පොලිස් ස්ථාන වලට කන්ඩයම් හැටියට අනුයුක්තකරා.ගම්මාන ආරක්ෂා ව පොලිස්ස්තාන ආරක්ෂාව සිදුකලේ ඒඅයයි.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s