විශිෂ්ඨ ප්‍රධානියෙක් යටතේ

වෘතීය පුහුණු අධිකාරිය එතෙක් ආපු ගමන් මගෙන් වෙනස් මාවතකට ගන්න පුදුමාකාර උනන්දුවක් ගත්තෙ සභාපති අනුර කුමාරසිංහ මහත්තය.ඒවනවිට තෘතීය අධ්‍යාපන කොමිසන් සභාවෙ සභාපති කමත් කරමින් හිටිය සභාපතිතුමාගෙ දැක්ම උනේ වෘතීය පුහුනුව සමග රැකියාවක් යන්නයි. ඒවනවිට අධිකාරිය කටයුතු කරමින් සිටියෙ පුහුනු මධ්‍යස්ථාන ජාලය ව්‍යාප්ත කර ගැනීමටයි ඒඅනුව ලංකාවෙ තියෙන හැම ප්‍රදේසෙකම ග්‍රාමීය මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම අරමුනු කරගෙන ඒප්‍රදේශයේ තියෙන විහාරස්තාන මුල්කරගෙන පුහුනු මධ්‍යස්තාන ආරම්භ කරල තිබුනට මේ මධ්‍යස්ථාන වලින් කෙරෙන පුහුනුව සංවිධානාත්මක උනේ නෑ.අනිත් එක විහාරස්ථානවල ආරම්භ කරපු බොහෝ පුහුනු මධ්‍යස්තානවල ගැටලු මතුවෙලා තිබුනා.හාමුදුරුවරු එක්ක මධ්‍යස්තාන ලමයි වගේම කාර්‍ය මංඩලයත් යම්‍ යම් ගැටලු වලට මුහුනදීතිබුනා.අනිත් අතට මධ්‍යස්ථානය විවුර්තකලදිනයෙ ආරම්භ කරන පාඨමාලාවල් නියමිත හයමාසෙ අව්සන් කරල ඊලඟ කන්ඩායම බඳවා ගන්නවා.මුල් කන්ඩායමේ ඇගයීම් කිරීම සිදූනේ පාඨමාලාවාවසන් කරන දිනට නිසා ඇගයීම් පරීක්ෂණ හැමදාම කිසියම් මධ්‍යස්තානෙක පැවැතුනා.ඒ අනුව පුහුනුවට බඳවා ගැනීම අවුරුද්දේ නියමිත දිනයක සිදු උනේ නෑ.ඇගයීම් කටයුතු ක්‍රම වේදය පරීක්ෂාකර හිටපු විභාග කොමසාරිස්වරයෙකුගෙන් වාර්තාවක් ලබාගත් සභාපති තුමා තීරණය කලා වෘතීය පුහුනු මධ්‍යස්ථාන සඳහා පුහුනුවට බඳවා ගැනීම අවුරුද්දට දෙවරකට සීමා කරන්න.ඒ අනුව වර්ෂය ආරම්භයේදීඑක් අවුරුදු පාඨමාලා හා හය මාසික පාඨමාලා ආරම්භ කිරීමටත් දෙවනි අර්ධය සඳහා ජුලි පලමු දින පාඨමාලා ඇරඹීමත් සිදුකලා.ඒ අනුව වාර්ශික පාඨමාලා අවසාන ඇගයීම් පරීක්ෂණදෙසැම්බර් මසත් අර්ධවාර්ෂික ඇගයීම් ජුනි හා දෙසැම්බර් මාස වලත් පමනක් සිදුකෙරුණා.මේ අනුව සහතික නිකුත් කිරීම පහසු උනා.මෙසේ ආරම්භ කරන පාඨමාලා සඳහා පුහුණු උපකරන අඩුපාඩු වහාසම්පූර්ණ කරනලෙසට පුහුනු අංශයටත් පාලන අංශයටත් නියෝග කරා.මමත් පුහුණු අධ්‍යක්ෂ සේමසිංහ මහත්තයත් ඒවගකීම ගත්තා.

ලංකාවේම පාඨමාලාවලට පුහුණු ද්‍රව්‍ය සැපයුවේ ප්‍රධාන කාර්‍යාලයේ සැපයුම් අංශය.මේනිසා ඇතැම් මධ්‍යස් ථානවල පුහුණු ද්‍රව්‍ය ලැබුනේ පාඨමාලාව අවසන්වෙනකොටයි.මේතත්වයට පිලියම් ලෙස පුහුණුද්‍රව්‍ය ප්‍රාදේශීයව මිලදී ගැනීමට බලය දීමට මා යෝජනා කරා.සැපයුම් මූල්‍ය අංශවල අකමැත්තමත උනත් මිලගණන් ප්‍රධාන කාර්‍යාලයෙන් අනුමත කිරීමට යටත්ව එම බලය ප්‍රාදේශීය කාර්‍යාලවලට දුන්නා.මිල ගණන් කැඳවා එම මිලගනන් දුරකතනයෙන් කිව්විට අනුමැතිය දෙන ක්‍රම වේදයක් මා අනුගමනය කරාමේසදහා නාරාහේන්පිට ජාතික මධ්‍යස්ථානයේ පුහුනු ද්‍රව්‍ය මිල ලේඛනය පාදක කර ගත්තා.කිසියම් ප්‍රාදේශීය කාර්‍යාලයකින් පුහුණුද්‍රව්‍ය වලට ලැබී ඇති මිල ගණන් දුරකතනයෙන් පවසනවිට මම මගේ ලේකම්වරිය වූ විශාකා මහත්මියගෙන් නාරාහේන්පිට එම පාඨමාලා පුහුනුද්‍රව්‍ය මිල ලේඛනය ලබාගන්නවා.ප්‍රාදේශීය මිලගනන් වල නාරාහේන්පිට මිලටවඩා 5%හෝ10%දක්වා මිලවෙනස්කම් ගනන් නොගෙන අනුමැතිය එවෙලේම දෙනවා.ඇතැම් විට සමහර ද්‍රව්‍ය වල මිලගනනේ ලොකු වැඩියක් ප්‍රාදේශීයව පෙනෙන විට එම භාන්ඩය මිලදී නොගන්නා ලෙසත් ප්‍රධාන කාර්‍යාලයෙන් සැපයිය හැකි බවත් පවසා ප්‍රධානකාර්‍යාලයෙන් මිලදීගෙන යවනවා.වරින්වර පුහුනු ද්‍රව්‍යමිල ගණන් කොලඹ වෙලඳපලෙන් පරීක්ෂාකර බලනවා.මීටපෙර කියා ඇති පරිදි සැකසූ පුහුණු සලැස්ම අනුව ආධුනිකයින් බඳවාගැනීමටත් නියමිත පුහුණු උපකරණ හා පුහුනු ද්‍රව්‍ය ලැබීමත් නියමිත කාලෙකදී රට පුරාම පාඨමාලා එකට ඇරඹීමත් නිසා ආයතනයට ඒකමිතික භාවයක් ලැබුනා.ඒඅනුව පැවතුනුතත්වය වෙනත්දිසාවකට යොමු උනා.

ආයතනයේ ඊලඟ පියවර උනේ නවපුහුනු ක්ෂේස්ත්‍ර වල පාඨමාලා ආරම්භකිරීමයි.මේ වනවිට ස්වර්ණාභරණ නිෂ්පාදනය පිලිබඳ සාම්ප්‍රදායික ස්වරූපයේ පුහුනුවීම් තමයි කාර්මික විද්‍යාලයේ තිබුනේ.වෘතීය පුහුනුඅධිකාරිය ස්වර්ණාභරණ පුහුණුව නවීන ආකාරයට දෙන පාඨමාලාඅවක් ආරම්භ කලයුතුයැයි සභාපති තුමා තීරණයක් ගන්නවා.සාම්ප්‍රදායික ක්‍රමය අනුව ස්වර්ණාභරන හැදීම ගල්බැදීම හා පොලිෂ් කිරීම එකම අයෙකු විසින් කරන කාර්‍යන්.නමුත් නවීන ක්‍රම අනුව සැකසීම එක් අයෙකුත් ගල්බැදීම හා පොලිෂ් කිරීම වෙනත් අයෙකුත් කලයුතු විෂේශිත කාර්‍යලෙසයි සැලකුනේ.ඒඅනුව සාම්ප්‍රදායික ක්‍රමය පුහුනු වූ අයක ස්වර්ණා භරන නිෂ්පාදන ආයතනවල රැකියාවට අවශ්‍ය පුහුනුව තිබුනු නේ නැහැ.මේනිසා රටතුල තිබූ ස්වර්ණාභරන නිෂ්පාදන ආයතනවල සේවය සඳහා ඉන්දියානු තරුණයින් ගෙන්වාසේවයේ යොදවාගැනීම තමයි කෙරුනේ.සාම්ප්‍රදායික පුහුණුව ලද අයට ස්වයංනිෂ්පාදන ස්ථාන ඇරඹීම හැරවෙනවිකල්ප තිබුනේ නෑ.ස්වර්ණාභරන නිශ්පාදනය පිලිබඳ සාම්ප්‍රදායික පුහුනුවලද ශිල්පීන් කීපදෙනෙකු උපදේශකයින් ලෙස බඳවගෙන ඔහුන් නවීන ක්‍රමයගැන පුහුනු කරවීම ට තීරණය කලසභාපතිතුමා ඒ සඳහා පෞද්ගලික අංශයේ ස්වර්ණාභරන නිෂ්පාදන ආයතනයක් එකඟකරගත්තා.ඒඅනුව බඳවාගත් උපදේශකයින් වෝර්ඩ් පෙදෙසේ තිබූ සුහේල් මහතාගේ ආයතනයට මාසතුනකට අනුයුක්ත කරා.එම ස්ථානයේ නවීන ස්වර්ණාභරන කර්මාන්තය පිලිබඳව පුහුනු වූ ඔවුන් පුහුනුව අවසන්කල පසු අධිකාරියේ ස්වර්ණාභරන පුහුනු පාඨමාලාවලට යොදවා ගත්තා.නාරාහේන්පිට ආරම්භ කල ස්වර්ණාභරන පාසැල ජනප්‍රිය උනා.එක්දිනක් මා සෙනසුරාදාදින කාර්‍යාලයේ සිටියදී පැමිනි අයෙක් තමා පැමිනිලි නියේ ස්වර්ණාභරන පාසැලේ කෙරෙන පුහුණුව ගැන දැන ගැනීමට බව පැවසුවා.මාඔහුව පුහුණු අධ්‍යක්ෂ සේමසිංහ මහතාට යොමුකලා .ඔහුගෙන් විස්තර දැනගෙන යලි මාවෙත පැමිනිඔහු තමාගේ ස්වර්ණාභරන ආයතනයේ අපගේ පුහුණුවන්නන් සඳහා රැකියා අවස්ථා වහාම ලබාදියහැකි බැව් පවසා මේ අන්දමේ පාඨමාලා ආරම්භ කිරීම ගැන ආයතනයට ස්තූති කර පිටවගියා.මේ අන්දමටම මුද්‍රණ පාසැලක් ගාල්ල ටැල්බට් ටවුමේ ආරම්භකරා.කිමිදුම් පාසැල ආරම්භ කරේ අම්බලන්ගොඩ. ඒසඳහා “මාස්ටර් ඩයිවර්ස්” ආයතනයේ පූර්ණ අනුග්‍රහය ලැබුනා.මුල් කන්ඩායම් වලට රැකියා දීමත් එම ආයතනයෙන්ම සිදුකලා.කිමිදුම්ක්ශේස්ත්‍රය ලෝකයේ විශාල වශයෙන් රැකියා පවතින අංශයක්.අනුර කුමාරසිංහ මහතාගේ මතය උනේ ලෝකවෙලඳපලේ මේක්ශේස්ත්‍රයේ රැකියා සඳහා ලාංකිකයින් වැඩිවශයෙන් පුහුනුකල හැකිය යන්නයි.පරිගනක ක්ශේස්ත්‍රයේ ඉන්දීය ආයතනයක් සඳහා පුහුනු පාඨමාලාවක් අරඹ උපාධියක් දක්වා යන වැඩසටහනක්ද ආරම්භ කලා.මේ සියල්ලෙන් වසරකට රැකියා25000ලබාදීම ඉලක්ක කරා.

සභාපතිතුමා සිංගප්පූරුවේ පුහුණු ආයතනයක් සමග සාකච්චාකර මෝටර් රථ කාර්මිකයින් පුහුණු කිරීමේ නවීනතම ආයතනයක් නාරාහේන්පිට ආරම්භ කිරීමට සැලසුම් කලා.මෙය සිංගප්පූරු ශ්‍රීලංකා ඒකාබද්දසමාගමක් ලෙස ක්‍රියාත්මක කිරීමට සැලසුම් කලා.ලක්‍රජයේ ආයෝජනය මිලියන දහයක් තරම් සුලු මුදලක්.මේසදහානාරාහේන්පිට අධිකාරියේ ජාතික පුහුණු මධ්‍යස්ථානයෙන් ඉඩකඩ ලබා දීමටත් ඒවෙනුවෙන් මසකට ලක්ෂ පහක බදු කුලියක් ලබාදීමටත් ආයෝජකයින් එකඟ උනා.ආයෝජකයා රැගෙන අපේ මෝටර් රථ පුහුනු ස්ථාන පෙන්වීමට ගියේ මමයි.අපේ මෝටර් රථ කාර්මික පුහුනුවන්නන් මයිනර් කාර් ගලවමින් පුහුනු වෙනු දුටු ඔහු හිසේ අත තියා ගත්තා.ඉදිරියේ මෝටර් රථ කාර්මික වෘතිය පරිගණක තාක්ෂනය සමග සම්බන්දවන බැවින් මේපුහුනුව නොව නවීන පුහුනුවක් තරුනයින්ට ලබාදියයුතු බවයි.ආයෝජකයා පැවසුවේ.මේ අන්දමේ පුහුනු පාසැලක් තවමත්ලංකාවේ නැති බවයි බොහෝදෙනා පවසන්නේ.අවාසනාවට මේ කටයුතු සඳහා පොලු දමන පුද්ගලයින් අමාත්‍යංශයෙන් මතු උනා.ඔහුන්ගේ තර්කය උනේ මුදල් අයකරන පාඨමාලා රජයෙන් ආරම්භ නොකලයුතු බවයි.රාජකාරිකල කිසිදු ස්ථානයක නිර්මානශීලී කිසිදු කාර්‍යක් නොකල පන්දම් පාලිවලින් තනතුරු ගත් පරිපාලන සේවා වේ ලෙඩකාර නිලධාරියෙකු අමාත්‍යංශයේපුහුණුඅංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කලා ඔහුට මේවා පිලිබඳලොකු ඉරිසියාවක් තිබුනා.ඇමතිතුමාටවත් ලේකම් තුමාටවත් පාලනය කිරීමට බැරි මොහු සියලු වටිනා ව්‍යාපෘති වලට පොලු දැම්මා.මෝටර් වාහන පුහුණුවට අදාල නවීනතම පුහුනු පාසැල ආරම්භ කිරීමට බැරි උනා

මේ වනවිට.අම්පාර දිස්ත්‍රික්කය සඳහා වෘතීය පුහුනු පහසුකම් සැපයීමේ නෙදර්ලන්ත රජයේ අනුග්‍රහයෙන් වරායහා නවුක ඇමති එම් එච් එම් අෂ් රොෆ් මැතිතුමා අධිකාරියත් සම්බන්ද කරගත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබුනා.අප අධිකාරියට පැමිනීමට පෙර ව්‍යාපෘතියේ මුල් කොටස් ක්‍රියාත්මක කරතිබුනාඉතිරිවතිබුනේ පුහුණු මධ්‍යස්ථාන කිහිපයක් විවුර්ත කිරීමට පමනයි.ඒසඳහා අප කඩිනම් පියවර ගත්තා.මේවනවිට වෘතීය පුහුනු අධිකාරියට කාර් දෙකක් වෑන් දෙකක් ඩබල් කැබ් දෙකක් සැහැල්ලු ලොරි දෙකක් හා බස්‍ රථ දෙකක් අම්පාර ව්‍යාපෘතියෙන් මිලට ගෙන තිබුනා.මුල් අධියරේදී මෙම වාහන මිලදීගෙන තිබුනු අතර සභාපතිවරයාගේ නිලරථය ලෙස ඉන් කාර් එකක් භාවිතාකරා.අනිකුත් ව හන කීපයක්ම ප්‍රධාන කාර්‍යාලයේ භාවිතා කරා.අම්පාර පුහුනු කලමනාකරු අමීර් මහතාට ලබාදීතිබූ ඩබල් කැබ් රථය හා වාහන පුහුනුවට යොදාතිබූ බස් රථයක් හැර ඉතිරිවාහන ප්‍රධාන කාර්‍යස්ලයේ තිබුනා.මේවාහන මිලදී ගැනීම සඳහා විධිමත් අනුමැතියක් ව්‍යාපෘතියෙන් සලසා නැතිබවත් එසේ මිලදීගත් වාහන ව්‍යාපෘති අරමුනෙන් බැහැරව යොදවාගෙන ඇති බවටත් විගණන විමසුමක් න්කුත් කර තිබුනත් ඊට පිලිතුරක් ලබාදීතිබුනේ නැතිබව මාදැනගත්තේ ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමට වරාය නාවුක පුනරුත්ථාපන අමාත්‍යංශයට ගිය විටදීයි.විගණන විමසුමට පිලිතුරු නොදීම ගැන අධිකාරියට දෝෂාරෝපනයක් එල්ල වූ අතර ඒ ගැන සොයා බලා පිලිතුරු එවීම මම භාර ගත්තා.

අධිකාරියේ මූල්‍ය අංශයෙන් ලබාගත් පිලිතුරු නොදුන් විගණන විමසුම අධ්‍යනය කර බැලූවිට එය අසීරු විමසුමක් බව පැහැදිලි උනා.ප්‍රධාන කරුන වීතිබුනේ ව්‍යාපෘතියේ මුදල් වලින් වාහන මිලදී ගැනීමයි.අම්පාර දිස්ත්‍රික්කයේ වෘතීය පුහුණු සංවර්දනය උදෙසා ව්‍යාපෘතියෙන් දිස්ත්‍රික් පුහුනු මධ්‍යස්තානයක් හා ග්‍රාමීය මධ්‍යස්ථාන දහයක් ආරම්භ කිරීමට ව්‍යාපෘතියේ අරමුනු වී තිබුනා.මීට අදාල නොවන වාහනමිලදී ගැනීමත් මිලදීගත් වාහන ව්‍යාපෘතියට යොදවා නොතිබීමත් විගණනයෙන් ප්‍රශ්නකර තිබුනා.මීට සුදුසු පිලිතුරක් සකසා ගැනීමට ව්‍යාපෘති වාර්තාව මුලුමනින්ම අධ්‍යනය කරන්න උනා.ව්‍යාපෘතියේ මුදල් යොදවා ගැනීමට යෝජනා කර තිබුනේ ගොඩ නැගිලි, පුහුණු උපකරන, හා පුහුනු ද්‍රව්‍ය සඳහා පමනයි .උපදේශකයින් ගේ වියදම්, විදුලිය, ජලය ,වැනි පුනරාවර්තන වියදම් අධිකාරිය මගින් දැරිය යුතුයි.ආරම්භ කලයුතු පාඨමාලා හැටියට පෑස්සුම්,විදුලිකාර්මික,ඉදිකිරීම් ,මේසන්, වඩු හා ජලනල කාර්මික ,ශීතකරණ අලුත් වැඩියා,පරිගනක රියදුරුපුහුනුව ඇගලුම් කර්මාන්ත,වැද්දුම් වැනි ක්ශේස්ත්‍ර සදහන්ව තිබුනා.මේ ව්‍යාපෘති වාර්තාව කියවා බැලා කල්පනා කලවිට යම්කිසි සාධාරන පිලිතුරක් ගොඩ නගා ගැනීමේ හැකියාවක් ඇතැයි තේරුනා.ඉතාම කල්පනාවෙන් ව්‍යාපෘති යෝජනාවේ සඳහන් ආරම්භ කිරීමට යෝජනා කල රියදුරු පුහුනු පාඨමාලා පිලිබඳව සඳහන් කර එම කාර්‍ය සඳහා වාහන මිලදීගත් බව ට සටහන් කරා.වාහන මිලදීගැනීමට අනුමැතියක් ව්‍යාපෘතියෙන් දී නැතැයි විමසුමේ වූසඳහනට පිලිතුරලෙස පෙන්වූයේ පුහුනු උපකරණ මිලදී ගැනිමට අනුමැතිය ව්‍යාපෘති ලියවිල්ලෙන් ලබාදී ඇති නිසා රියදුරු පුහුණු පාඨමාලාවේ උපකරණ වන වාහන මිලදීගැනීම කලබවත් සඳහන් කලා.රියදුරු වර්ග කීපයක් සිටින බැවින් එක් එක් වර්ගයට අදාල පුහුනු පාඨමාලා සඳහා විවිධ වාහන මිලදීගත් බවත් පෙන්නුවා.මෝටර් කෝච් සඳහා බස් රථ,සැහැල්ලු ලොරි රථ සඳහා ලොරි රථ,ද්විත්වකාර්‍යවාහන සඳහා වෑන් රථ,ඉඩම් වාහන සඳහා ඩබල් කැබ් රථ,සැහැල්ලු වාහන සඳහා කාර් රථ ද පුහුණු උපකරන ලෙස මිලදීගත් බවට සඳහන් කරා.මේ වාහන කොලඹ තිබීමට හේතුව ලෙස ලිව්වේ අම්පාරේ පුහුණු මද්‍යස්තාන විවුර්ථ කරන තුරු මෙසේ එම වාහන ප්‍රධාන කාර්‍යාලයේ තබාගෙන සිටින බවත් මධ්‍යස්ථාන ආරම්භ කලවිගස වාහන අම්පාරට යවන බවත් පිලිතුරේ සඳහන් කරා.පිලිතුර සභාපහි තුමාට පෙන්නූ පසු ඔහුගේ විෂේශ ප්‍රශංසාව පලකරා.පිලිතුර වරාය අමාත්‍යශය මගින් විගණන අධිකාරිට යොමුකලා.වරාය අමාත්‍යංශය වහාම රැස්වීමක් කැදෙව්වා. එම අමාත්‍යංශයේ ලේකම් වූ විශිෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වූ එම් එන් ජුනයිඩ් මහතා මුලසුන දැරූ සාකච්චාවේදි අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා මගේ පිලිතුර පිලිගත නොහැකි බැව් ප්‍රකාශ කලා.වාහන මිලදී ගැනීමට ව්‍යා පෘතියෙන් බැරි බවයි ඔහු කිව්වේ.අප මිලදීගත්තේ පුහුණු උපකරන බවත් ඊට ව්‍යාපෘති ලියවිල්ලේ අනුමැතියදී ඇතිබවත් මම පෙන්නුවා.වාහන පුහුනු උපකරන සේ සැලකිය නොහැකි බව ඔහු කිව්වා.එසේනම් රියදුරු පුහුනු පාඨමාලාවේ පුහුනු උපකරන මොනවාදැයි මම විමසුවා.එවිට ඔහු පැවසුවේ රියදුරු පුහුනුව අලුත් වාහන වලින් ලබාදෙනලෙස කොහේවත් සඳහන් නොවන බවයි මමඑයට පිලිතුරුදුන්නේ පැරණි වාහනවලින් රියදුරු පුහුනුව ලබා දීම මෝටර් රථ පනත අනුව තහනම් බවයි.මා වසර පහක් පමන අම්පාරේ මෝටර් රථවාහන සහකාර කොමසාරිස් වරයාගේ කාර්‍ය ඉටුකල බැවින් රියදුරු පුහුනුව ගැන හොඳින්ම දන්නා බවත් කිව් විට විවාදය අවසන් උනා .ලේකම් තුමා මගේ පිලිතුරට එකඟ උනා.එයින් ඒගැටලුව නිම උනා.ඔන්න ඔයාකාරෙන් අනුන්ගේ උලුක්කු ඇදීමටත් සිදු උනත් අධිකාරියේදී වටිනා වැඩ වලට සම්බන්ද වෙන්න පුලුවන්වීම ගැන අද මතක් වෙනකොට සතුටුයි.

.

7 thoughts on “විශිෂ්ඨ ප්‍රධානියෙක් යටතේ

  1. අනුන් ඉතිරි කරල ගිය ගැට්ටවල් වලට කර ගහන එක තරම් පවක් කොහෙවත් නැහැ, පරිගණක ව්‍යාපෘති සහ ක්‍රමලේඛ (Programs) නිවැරදි කිරීමේදි ඇති පදං මේ වගේ කටු කාල ඇති 😦

    Like

  2. මම විෂයකරුණු ඉගෙණගන්න එතරම් දක්ෂ නැති පාසල් හැරයන වයසේ ගම්බද පාසල් ළමයින්ගෙන් අහල තියනව දැන් ඉතින් ඉස්කෝලෙන් පස්සේ මොකද කරන්නේ කියල ඒ කව්රුරුවත් උත්තර දීල නැහැ අපි වුර්තීය පුහුණු ආයතනයකට ගිහින් පුහුණුවක් ලබනවා කියල
    ගැනුලම්ය් නම් වැඩි හරියක් කිව්වේ ගාර්මන්ට් යනවා කියල
    හුගක් අය අඩු තරමින් කළුතර කාර්මික විද්‍යාලයක් තියන බවවත් දැනගෙන හිටියේ නැහැ
    අඩුගානේ මතුගම හරියෙවත් වෘතීය පුහුණු අධිකාරියෙ පුහුණු මද්යස්ථානයක් නැහැ
    කොළඹම යන්න ඕන මගේ හිතේ
    ඉතින් මේ මොන තරම් වෘතීය පුහුණු ආයතන තිබුනත් අපේ ප්‍රදෙසවල දුප්පත් ලමයි මේවාට යොමු වෙනවා අඩුබවක් තියනව
    කන්නන්ගර මැතිතුමා හදුන්වල දුන්න නිදහස් අද්යාපන ක්‍රමයේ වෘතීය පුහුණුව ඇතුලත්
    මේ ක්‍රියාත්මක වෙන්නේ එතුමා හදුන්වල දුන්න නිදහස් අද්යාපන ක්‍රමයම නොවෙය්
    කරුණු ලිවූවහම සහතික දෙන එකක්

    මම උතුරුමැදින් මතුගමට ආවට පස්සේ මට බාරවුනේ නොවිදිමත් අද්යාපන විෂය
    ඉතින් පාසල් වල හවසට වෘතීය පුහුණු පන්ති සියයක් විතර පවත්ත ගෙනගියා
    රුපලවන්ය පන්ති බතික් පන්ති මැහුම් පන්ති වෙල්ඩින් පන්ති ට්ය්පින් පන්ති මනමාලි අන්දවන පන්ති කේක් පන්ති ආදී පන්ති රාශියක් කලා පුහුණු අය තෝරාගෙන දීමනාවක් ගෙව්වා
    අදටත් එහෙම කෙරෙනව ඇති

    ඉස්කෝලේ යායුතු එහෙත් නොයන ලමයින් එකතු කරලා අකුරු ඉලක්කම් කියල දෙන පංතිත් තිබ්බා
    උසස්පෙළ වැඩ තුන සමත් ලමයින්ට තමය් සුළු දීමනාවක් සහිත තාවකාලික ගුරු පත්වීම් දුන්නේ
    ඔක්කොම පන්ති හොඳට කෙරුණා
    බදුරුගල්ල වත්ත හොරගොඩ වත්ත ආදී ප්‍රදේස වල ඉස්කෝලේ නොයන දෙමල ලමයින් පහලවක් විතර ඉන්නවා කියල මට ආරංචි වුනා ඒවුනත් එම වතුවල සම්බන්දතා අඩුනිසා මට බැරිවුණා ඒ ලමය් එකතුකර ගන්න මම ප්‍රාලේ කාර්යාලයට ඇවිත් ළමා හිමිකම් ප්‍රවර්දන නිලදරිට කිව්වා මට ඒ ලමය් එකතු කරලා දෙන්න කියල එත් එහෙම වුනේ නැහැ
    ළමා හිමිකම් ප්‍රවර්දන නිලදාරි තරුණ ගැනු කෙනෙක් මට තේරුණා තනතුර තිබුනත් වත්තේ ඇවිදලා දෙමල ලමය් හොයන්න
    එයාටත් බැරි බව කොළබත් එහෙම ලමය් ඇති
    ඒ වගේ කොළබප්‍රදෙසයෙ වුර්තීය පුහුණු ආයතන ගොඩක් තිබුනට මොකක් හරි අඩුවක් නිසා එය ලැබිය යුතු අපේ පැතිවල දුප්පත් ගැමි දරුවන් එයට යොමු වෙනවා අඩුබවක් තියනව

    Like

  3. ඔබතුමන් ලා මහන්සි වෙලා දියුණු කරපු මේ ආයතන වල අද තත්ත්වය කෙසේද?
    අර වාහන කතාව නං කාගෙදෝ ලොකුපවක් කරගැහුව වගේ. සමහර වෙලාවට ඔහොම ‘ගොරක දඩමස්’ කරන වැඩ කරන්නටම වෙනව තමුන්නාන්සෙ වගේ කෙනෙකුට උනත්.

    Liked by 1 person

  4. ඉදිරියේ මෝටර් රථ කාර්මික වෘතිය පරිගණක තාක්ෂනය සමග සම්බන්දවන බැවින් මේපුහුනුව නොව නවීන පුහුනුවක් තරුනයින්ට ලබාදියයුතු බවයි.ආයෝජකයා පැවසුවේ.මේ අන්දමේ පුහුනු පාසැලක් තවමත්ලංකාවේ නැති බවයි බොහෝදෙනා පවසන්නේ.

    මේ ටික නම් වැරදියි. පරිගණක තාක්ෂණය මගින් ක්‍රියාත්මක වන මෝටර් රථ පිළිබඳව ඉතා ඉහළ මට්ටමක පුහුණුව ලංකාවේ ලබාදෙන තැන් බොහොමයක් තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛස්ථානය ගන්නා ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනය, ඩිමෝ සමාගමේ පුහුණු පාසල, ඔරුගොඩවත්තේ ජපන් ටෙක් එක ඉන් කීපයක්.

    Like

    1. මම මේ කිව්වේ දැනට අවුරුදු19කට පෙර.ඒඇවදියේ තිබුනු නවීනතම පුහුනු පාසැල උනේ ජපන්ටෙක් එක.ඒඅවධියේ ඊටත් දියුනු පුහුනු ආයතනයක් තමයි ආරම්භ කරන්න ගියේ.ජර්මන් ටෙක් එක එවක තිබුනෙත් පැරනි තාක්ෂණයේ.මගේ ලිපියේ වචන වර්තමාන කස්ලෙන්වගේ පෙනුනට කටාව කියන්නේ එදාකාලයේ.

      Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s