නිපුණතාපියසෙ ඉඩම

වෘතීය පුහුණු අධිකාරිය මම අලුත්ම පැත්තකට යොමුකෙරුණු රැකියාවක් නිසා ඒකෙ බොහොමයක් කථා තියෙනව.ඒවුනාට ඒහැම එකම කියන්න අදහසක් නෑ.කොහොම උනත් හැමදාම හිතල සතුටු වෙන්න පුලුවන් සිද්දි නොකියම බෑ.අපි ඉන්න කාලෙ වෘතීය පුහුණු අධිකාරිය ඒ ක්ශේස්ත්‍රයේ තිබුනු අලුත්ම ආයතනය.ඒ නිසාම ඒ අංශයේ අලුත් යමක් කරනව නම් ඒක කරන්න පුලුවන් වෘතීය පුහුණු අධිකාරිට තමයි කියල විශ්වාසයක් ක්ශේස්ත්‍රයේ තිබුනා.සභාපති අනුර කුමාරසිංහයන්ගේ දියුණු චින්තනය හා පෞද්ගලික අංශයේ කලමනකාරිත්වය පිලිබඳවූ අත්දැකීම් එක්ක වැඩ කරපු අපිටත් අපි කරන දෙයින් ප්‍රතිපල ලැබෙන එක ගැන ලොකු විශ්වාසයක් ඇති උනා.අධිකාරියේ පරිපාලනය අලුත් දැක්මට ගැලපෙන විදියට සංවිධානය කරන්න අවශ්‍ය නිදහස සභාපති තුමා මට දුන්නා.මම දිස්ත්‍රික් කාර්‍යාල ගනන වැඩිකරන්න අලුතින් සහකාර අධ්‍යක්ෂවරු බඳවගන්න කටයුතුකරා.අධිකාරිය පිහිටුවන කොට කම්කරු දෙපාර්තමේන්තුවෙ මිනිස්බල අංශයේසේවය කල උපදේශකවරුත් පුහුනු නිලධාරිනුත් අධිකාරියට අනුයුක්ත කර සිටියා.අධිකාරි කාර්‍ය මංඩලයට ඉහල නිලතල වලට අලුත් නිලධාරීන් බඳවගෙන පරන කට්ටියට පුහුනු කලමනාකරු තනතුරෙන් ඔබ්බට යන පාර අහුරලා තියෙන බවටයි ඒඅයගේ මැසිවිල්ල වෙලා තිබුනේ.පුහුනු කලමනාකරු තනතුරට ගිය පරන අය හිටියෙත් කීපදෙනයි.පිටින් සහකාර අධ්‍යක්ෂ වරු බඳව ගන්න කොට ඇතුලත හිටපු පරණ කම්කරු දෙපාර්තමේන්තු කන්ඩායමෙන් තුන් දෙනෙකුටත් සහකාර අධ්‍යක්ෂ තනතුරු ලබාදුන්නා.ඒ ක්‍රියාවෙන් පැරණි අයට අලුත් බලාපොරොත්තුවක් ඇතිඋනා.තමන්ටත් යම් සාධාරණයක් වෙන බවට.ඒ අතර පුහුනු කලමනාකරු තනතුරු වලට පිටතිනුත් ඇතුලතිනුත් බඳවාගත්තා.පැරණි උපදේශකවරුන් ගෙන් තෝරාගත් අයට ජේයෂ්ඨ උපදේශක පදවි වලට උසස් කරා.අධිකාරියේ අධ්‍යක්ෂ මන්ඩලයට පෙන්වා දුන්නා මේ පැරණි සේවකයින්ට දෙන උසස්වීම් නිසා අතිරේක වැය බරක් දැරීමට වෙන්නෙ නැති බවත් දැනටමත් ඒ අය අදාල වැටුප් තල ඉක්මවා වැටුප් ලබන බවත්.අප ලබාදෙන උසස්වීම තුලින් මේ අය අභිප්‍රේරනයක් ලැබීම ආයතනයට පලදායි දෙයක් බවත් පෙන්වා දුන්නා.

මේ අතරම ඕනෑම සේවකයෙකුට පරිපාලන අධ්‍යක්ෂ හමුවී තමන්ගේ ගැටලුවක් සාකච්චා කිරීමට අවස්තාව දුන්නා. සාමාන්‍ය උපදේශකයින් වගේ අයට මෙය ඉතාම වටිනා දෙයක් උනා.මුලදී ප්‍රශ්න රාශියකට මූනදෙන්න උනත් ඒඅයට ඇහුන්කම් දීම තුලින් බොහෝ අයගේ හිතට ලොකු සහනයක් ලැබුන බව ඔවුන් පැවසුවා.තමන්ට අසාධාරනයක් වුනායැයි සිතන අයට හොඳට ඇහුන්කම් දීමෙන් ඒඅයගේ හිතට සහනයක් දිය හැකිබැව් හොඳින් ප්‍රත්‍යක්ෂ වුනා.කොයි තරාතිරමක කෙනෙක් උනත් සාධාරන ගැටලුවකදී පරිපාලන තීරන වෙනස්කර හරි සහන සැලසීමට ප්‍රමාද කලේ නෑ.සාමාන්‍ය උපදේශකවරු වරියන් ඇවිත් පරිපාලන අධ්‍යක්ෂ එක්ක හරි හරියට තර්ක කරමින් තමන්ට ඇති ප්‍රශ්න සාධාරනීකරනය කරන්න උත්සාහ කරනකොට මගේ කාර්‍යමංඩලයෙ උදවිය ඒකට වැඩිය මනාපයක් තිබුනෙ නෑ.ඒ අය හිතුවෙ පරිපාලන අධ්‍යක්ෂ කියන තනතුර දරන්නා එහෙම ලේසියෙන් මිනිසුන්ට මුනගැහෙන්න ඉඩ දෙන එක වරදක් හැටියටයි.මම බොහොම කාරුනිකව මගේ කාර්‍යමංඩලයට පැහැදිලි කරා ආයතනයේ ඕනෑම තරාතිරමක කෙනෙකුට මාව මුනගැහෙන්න හා ගැටලුකතාකරන්නත් තමන් දරන මතය සනාථකරන්න අවශ්‍යනම් තර්ක කරල මගේ මතයට විරුද්ධව කතාකරන්න ඉඩ දෙන්න මම බොහොම කැමතියි කියල.මම දරන මතයට විරුද්ධ මතයක් දරල තර්ක කරල මගේ මතය නිවැරදි නොවන බව ඔප්පු කලොත් මගේ මතය වෙනස් කිරීමටත් මම සූදනම් බවත් කිව්වම ඒඅය නිහඬ උනා.බොහෝ උදවිය දුරකතනයෙනුත් ප්‍රශ්න කථාකලා පුලු පුලුවන් හැටියට කාගෙත් ගැටලුවලට සවන්දී කලහැකි දේවල් කරා.

පුහූ නු අංශය තුල සේමසිංහ අධ්‍යක්ෂ තුමාත් විශාල වෙනසක් කරා.සේමෙ කලබල නැතිව හොඳටම කැපවෙලා වැඩකරන බොහොම අවංක නිලධාරියෙක්.ඔහු පුහුණු විෂයේ ප්‍රවීනයෙක් වුනේ ඉතා කෙටිකාලයක් තුලදී.අලුත් ක්ශේස්ත්‍රයක් මැනවින් අධ්‍යනය කරලා ඒ පිලිබඳ පරිපූර්ණත්වයට පත් වෙන්න අවශ්‍යකරන ඉවසීම ඔහුතුල හොඳට පිහිටලා තිබුනා.වෘතීය පුහුනු විශේශඥයින් සඟවාගෙන හිටි ගුරුමුෂ්ටි සේමසිංහ මහත්තය අල්ලගත්තෙ ඒඅය දන්නෙවත් නැතිවයි.සේමෙට තිබුනු විශිෂ්ඨ කාර්මික ඤානය පදනම් කරගෙන වෘතීය පුහුණුවේ ගුරුමුෂ්ටීන් මැනවින් ග්‍රහණය කරගෙන පුහුනු ක්ශේස්ත්‍රයේ විශේශඥයෙක් බවට පත් උනා විතරක් නෙවෙයි අවශ්‍යකරන පාඨමාලා සැකසීමත් මැනවින් සිදු කෙරුනා.සභාපතිතුමාගේ දර්ශනයේ පුහුනු කොටස සේමෙගෙනුත් ඊට අදාල පරිපාලනමය ඇතුලු සමස්ත ක්‍රියාකාරිත්වය මගෙනුත් ඉටු උනා.අලුත් පුහුනු ප්‍රවීනයන් සේමෙව වට්ටන්න බලනකොට මිනිහකලේ පැරනි කම්කරු දෙපාර්තමේන්තු පුහුනු කාර්‍යමංඩල මුලුවලින් එලියට ඇදල ප්‍රධාන වගකීම් පැවරුව එකයි.ඉන් පසුව කාටත් පිලිගන්න උනා සේමසිංහ නිහඬ කෙනෙක් උනාට පරාජය කරන්න පුලුවන් මිනිහෙක් නෙවෙයි කියල.

මේ කාලෙ සභාපතිතුමා විදේශගත උනේ මාසෙක පුද්ගලික චාරිකාවකට.වැඩ බලන්න පාලක මංඩලයෙන් කෙනෙක් පත් උනත් සමස්ත පරිපාලන වගකීම මට පැවරුනා.එක දවසක් දවල් කාර්‍යාලයෙ ඉන්න කොට එතැන තිබුනු ජාතික මද්‍යස්තානෙ සහකාර අධ්‍යක්ෂ බන්දුල මහත්තය මට කතාකරල කිව්ව ආයතනයට අයිති ඉඩම කම්කරුදෙපාර්ත මේන්තුවෙ කට්ටියක් ඇවිත් එලි පෙහෙලි කරනව කියල.ඇයි ඒ අය ආයතනයෙ ඉඩමට ඇවිත් තියෙන්නෙ කියල ඇහුවම සේවක අර්ථසාදක අරමුදලෙ ගොඩනැගිල්ල හදන්න ඉඩම සකස් කරන්නයි කියල කියනව කිව්වා.වහාම ඒඅය ඉවත් කරන ලෙසත් අප ආයතනයට අයත් දේපලට ඇතුලු වීමෙන් වලකින ලෙසත් දන්වන ලෙස ඔහුට පැවසුවා.බංදුල සහකාර අධ්‍යක්ෂ තුමා වහාම කම්කරු දෙපාර්තමේන්තුවේ අයව ඉවත්කරා.ඔහුන් බන්දුලට දොස්කියා ඉවත් උන බව මට දැන්නුවා.කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රධානීන් මේ කාරනය බරපතල විදියට සැලකුවා.නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් බන්දුල සහකාර අධ්‍යක්ෂ තුමාට කතාකර තමන් ඇතුලු වී කටයුතුකල ඉඩම කම්කරු දෙපාර්තමේන්තුවට අයත් බවත් වෘතීය පුහුනු අධිකාරිය එම ඉඩමෙන් තම නිලධාරින් ඉවත් කිරීම බරපතල වරදක් බවත් පවසා තිබුනා.මෙම ඉඩම නාරාහේන්පිට ජාතික වෘතීය පුහුන මධ්‍යස්ථානයට යාබදව පැවතුනු හිස් භූමියක්.ජාතික පුහුනු මධ්‍යස්තානයේ මායිම් වැට තුල මේ ඉඩම තිබුනා.මම කම්කරුදෙපාර්තමේන්තුවෙන් අධිකාරියට අනුයුක්තවූ පැරනි සේවකයින් ගෙන් මේ ඉඩම ගැන තොරතුරු විමසුවා.මේ ඉඩම කම්කරු දෙපාර්තමේන්තුවට අයත්ව තිබූ වැඩමූලිකයින් පුහුනු කිරීමේ ආයතනයට අයත්ව තිබූ බවත් වෘතීය පුහුනු අධිකාරිය පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කරද්දී වැඩමූලිකයින් පුහුනු කිරීමේ ආයතනය හා කම්කරුදෙපාර්තමේන්තුවේ මිනිස්බල අංශය නව අධිකාරියට එක් කල බවත් ඔහුන් පැවසුවා.පැරනි වැඩමූලිකයින් පුහුනු කිරීමේ ආයතනය නව අධිකාරිය යටතේ ජාතික වෘතීය පුහුනු මධ්‍යස්ථානය නාරාහේන්පිට ලෙස නම්කර ඇති බවත් දැනගත්තා.වැඩමූලිකයින් පුහුනු කිරීමේ ආයතනයට අදාල මිනින්දෝරු සිතියම බැලීමේදී ආයතනය සහ මේ ප්‍රශ්නගත ඉඩම එකම ඉඩමක් ලෙස පවතින බවත් පෙනුනා.

කම්කරු කොමසාරිස් වරයා මට දුරකතනයෙන් කතාකර සේවක අර්තසාධක අරමුදලට අයත් නව ගොඩනැගිල්ල ඉදිකිරීමට අමාත්‍ය මංඩල අනුමැතිය ලැබී ඇති නිසා ඊට ඉඩ දෙනලෙස ඉල්ලුවා.අධිකාරියට අයත් ඉඩමක සේවක අර්තසාධක ගොඩනැගිල්ල ඉදිකිරීමට ඉඩදීමට මට හැකියාවක් නැති බවට මම පිලිතුරු දුන්නා.මේ ගැටලුව ආයතන දෙක අතර විවාදයක් බවට පත්ව සතියක් පමන ගත වුනා.ඒ අතර වාරයේ ඉඩමේ අයිතිය පිලිබඳව මම පරීක්ෂාවක් කරා.වෘතීය පුහුනු අධිකාරිය බවට පාර්ලිමේන්තු පනතක් මගින් පරිවර්තනය කර තිබුනේ කම්කරු දෙපාර්තමේන්තුවේ අංශ දෙකක්.මිනිස්බල අංශය හා වැඩමූලිකයින් පුහුනු කිරීමේ ආයතනය ඒඅංශ දෙකයි.අධිකාරියේ වත්කම් ලෙස ඉහත අංශ දෙක සතුව තිබූ සියලු වත්කම් පනතේ වගන්තියකින් පවරාතිබෙනවා.ඒඅනුව මේඉඩමත් වැඩමූලිකයින් පුහුනු කිරීමේ ආයතනයට අයත් නිසා පැහැදිලිව අයිතිය පෙන්විය හැකියි.ඒත් දැනටමත් අමාත්‍ය මංඩල අනුමැතිය දීඇති අර්ත සාධක අරමුදල් ගොඩ නැගිල්ල මේඉඩමේ ඉදි කිරීමට කම්කරු දෙපාර්තමේන්තුව උත්සාහ ගන්නා බැවින් මේගැන ප්‍රතිතර්ක ගෙන ඒමට ඉඩකඩ ඇති බවපෙනී ගියා.කෙසේ වුවත් අවසානයේ මේ අයිතිය පිලිබඳ ගැටලුව නීතිපති වෙත ඉදිරිපත් කිරීමට සිදුවෙනවා.ඒනිසා මම කල්පනා කරා අපේ පැත්තෙන් නීතිපතිගෙන් උපදෙස් ගැනීමට.

නීතිපතිවරයාගෙන් උපදෙස් ගැනීම සදහා ගැටලුවක් අවශ්‍ය වෙනවා.ඒඅනුව ඉදිරියේ ක්‍රියාත්මක කිරීමට නියමිත ව්‍යාපෘතියකට යොදා ගැනීම සඳහා පැරනි වැඩමූලිකයින් පුහුනු කිරීමේ ආයතනය පිහිටුවාතිබූ ගොඩනැගිල්ල සහිත ඉඩම අධිකාරිය සතු නිශ්චල දේපලක් බවට පත් කිරීම සඳහා අධිකාරිය ස්තාපිත කල පනත අනුව පැවරුම් නියෝගයක් නිකුත් කලයුතුද නොඑසේනම් පනතේ සඳහන් පරිදි වැඩ මූලිකයින් පුහුනුකිරීමේ ආයතනයට හා මිනිස්බල අංශයට අයත් නිශ්චල දේපල අධිකාරිය සතුවන බවට වන විධිවිධානය අනුව දැනටමත් පැවරී ඇතිදැයි යන ගැටලුව සකසා නීතිපති දෙපාර්තමේන්තුවට කතාකලා.රජයේ ව්‍යස්ථාපිත මංඩල අධිකාරි සඳහා උපදෙස් දීමට මුදල් අයකරන බැව් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කලා.ගැටලුව යොමුකර අවශ්‍ය මුදල් ගෙවීමට හැකි බැව් ලිඛිතව දැන්වූවා.රුපියල් 9500/= මුදලක් ගෙවූ පසු උපදෙස් ලබාදිය හැකිබව ට පිලිතුරු ආවා.චෙක් පතක් එම මුදලට යවා කඩිනමින් උපදෙස් ලබාදෙන ලෙස ඉල්ලුවා.මුදල් යවා දින තුනකින් උපදෙස ලිඛිතව ලැබුනා.ඒ අනුව අදාල ඉඩම අධිකාරිය සතු දේපලක් බවට පනත ක්‍රියාත්මක වීමෙන් පත්වන බැවින් වෙනම පැවරුම් නියෝගයක් අවශ්‍ය නොවන බැව් නීතිපති මතය බව දන්වා තිබුනා.ඒ අනුව ඉඩමේ අයිතිය තහවුරු කල ලිඛිත සාක්ෂියක් අප අතට ලැබුනා.

මේ අතරආයතන දෙක අතර ආරවුලට කම්කරු අමාත්‍යංශය සම්බන්ද වුනා.එවක කම්කරු ලේකම් බන්දුසේන මහතා මා මහඔය ප්‍රාදේශීය ලේකම් සමයේ හොඳින් දැන හඳුනා ගෙනසිටි කෙනෙක්.ඔහු දැන සිටියේනෑ මම වෘතීය පුහුනු අධිකාරියේ සිටින බව.ඒනිසා එමඅමාත්‍යංශයෙන් ලැබෙන දුරකථන ඇමතුම් මාවෙත යොමු නොකරන ලෙස මගේ ලේකම් විශාඛා මහත්මියට දැන්වූවා.ලේකම්වරයා මට කථා කලොත් මාගෙන් ඔහු යම් ඉල්ලීමක් කලොත් ඊට අනුගත නොවීසිටීම අසීරුනිසා මේ ලෙස ක්‍රියාකලා.අවස්ථා කීපෙක පරිපාලන අධ්‍යක්ෂ ට කතාකිරීමට බන්දුසේන ලේකම් තුමා උත්සාහ කරා.ඒත් අධ්‍යක්ෂවරයා කාර්‍යාලයේ බැහැර ගොස් ඇතිබවටයි පිලිතුරු ලැබුනේ.මේ අතර වෘතීය පුහුනු ලේකම් තුමා ලියන ආරච්චි මැතිතුමා මට දුර කතනයෙන් කතාකර මේ ආරවුල ගැන විමසුවා.

“සුනිල් කම්කරු අමාත්‍යංශයේ ලේකම් තුමා පැමිනිල්ලක් කරනවා වීටීඒ එකට විරුද්ධව.ඒගොල්ලන්ගෙ ගොඩනැගිල්ලක් හදන එකට ඔයගොල්ලො බාධාකරනවා කියල මොකක්ද මේ ප්‍රශ්නය?”

“සර් කම්කරු දෙපාර්තමේන්තුව වීටීඒ ඉඩම අල්ලගන්න හදනවා.ඒකට ඉඩ දෙන්න බැරිනිසා අපි ඒගොල්ලන්ට අපේ ඉඩමට එන්න ඉඩ දුන්නෙ නෑ ඒකයි ප්‍රශ්නය.”

“කම්කරු ලේකම් තුමා මේගැන සාකච්චා කරන්න අපේ අමාත්‍යංශෙට එනව කිව්වා.මම මේගැන කලින් දැනගන්න ඕනනිසයි ඇහුවෙ.වීටීඒ එකේ කට්ටියත් අරගෙන ඔක්කොම කඩදාසිත් අරගෙන ලබන අඟහරුවාදා එන්න.”

“හොඳමයි සර්.මම එන්නම්.”

“හැබැයි මට ඔයාලගෙ පැත්ත ගන්න එහෙම බැරිවෙනවා.මට මැදිහත්කාර භූමිකාවෙ ඉන්න වෙනවා.ඔයාලගෙ අයිතිය තහවුරු කරන්න ඕන ඔයාලමයි.”

“හරි සර් මම උපරිම උත්සාහ කරනවා”

නියමිත දවසේ ලිපිගොනුවත් එක්ක මම අමාත්‍යංශෙට ගියා.අමාත්‍යංශයේ උපදේශක අර්ල් ප්‍රනාන්දු මහතා ලේකම්තුමා ලඟ හිටියා.අර්ල් ප්‍රනාන්දු මහතා වැඩමූලිකයින් පුහුනු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ ලෙසත් රාජකාරි කර තිබුනු කෙනෙක්.මේ ඉඩම ආයතනයේ අයිතියේ තිබුනු බව ඔහුත් පැවසුවා.නියමිතවෙලාවට කම්කරුලේකම් බන්දුසේන මහතා කම්කරු කොමසාරිස් ඇතුලු දහයක පමන පිරිසක් පැමිනියා.මාවදුටු විගස

“අයිසේ සුනිල් ඔයාමොකද මෙහෙ දැන් අම්පාරෙ නැද්ද?”කියලා බන්දුසේන මහතා විමසුවා.

“සර් මම මෙහේ වැඩ දැන්”

“ආ ගුඩ් අමාත්‍යංශෙට ඇවිත් ගොඩක් කල්ද?”

“මම අමාත්‍යංශෙ නෙමෙයි සර්.වීටීඒ එකේ”

“වීටීඒ එකේ මොකද කරන්නේ?”

“මම අධ්‍යක්ෂ පාලන”

“එහෙනම් ඔයානෙ අපේ වැඩේට ලෙඩ දාන්නෙ නේද?”

“ඒවා ඉතින් රාජකාරිනෙ සර්”

සාකච්චාව ආරම්භ වුනා.කම්කරු ලේකම් කොමසාරිස් ප්‍රමුඛව දහයක් විතර ඒපැත්ත නියෝජනය කලා.වීටීඒ එකෙන් මම විතරයි.අපේ ලේකම්තුමා සහ අර්ල් ප්‍රනාන්දු මහතා අමාත්‍යංශෙ නියෝජනය කලා.කම්කරු දෙපාර්තමේන්තුවෙන් පෙන්නුවේ ගොඩනැගිල්ල සඳහා ලබාදුන් අමාත්‍ය මංඩල අනුමැතිය දුන් තීරනය.මම කිව්වා ගොඩනැගිල්ල වීටීඒ ඉඩමේ හදන්න අනුමැතියක් දෙන්න පුලුවන් වෘතීය පුහුනු අධිකාරියේ පාලක සභාවට පමනයි කියල.ඊලඟට ඉඩම කම්කරු දෙපාර්තමේන්තුවට අයිති බව පෙන්වන පරන සිතියමක් ඉදිරිපත් කලා.මම ඊටපසු දිනයක සැකසූ සිතියමකින් ඉඩම වැඩමූලිකයින් පුහුනු කිරීමේ ආයතනය සතු බව පෙන්නුවා.වීටීඒ පනත අනුව එම ඉඩම අධිකාරිය සතුවී ඇතිබව පෙන්නුවා.මේගොඩනැගිල්ල තැනීම සඳහා මේ ඉඩම යොදාගන්නා බවට අමාත්‍යංශය කල සාකච්චාවල එවක වීටීඒ සභාපතිවරයාද සහභාගිවී ඇතිබවත් ඔහු එදා මීට එකඟතාව දී ඇති නිසා දැන් විරුද්ධ වීම සාධාරන නැතිබවත් ඔහුන් කිව්වා.මගේ පිලිතුර උනේ ආයතනයේ සභාපතිවරයාට මෙබඳු එකඟතාවයක් දීමට බලයක් නැතිනිසා එදා දුන් එකඟතාව බලරහිත ක්‍රියාවක් බවයි.මෙබඳු තර්ක පිලිතුරු මැද බොහෝ වෙලාවක් ගිය සාකච්චාවට මේපිලිබඳ නීතිපති විමසීම සුදුසු බවට කම්කරු ලේකම් තුමා යෝජනා කලා.මම එයට ප්‍රතිචාර දැක්වූවා

“මේ පැහැදිලි කරුනක් ගැන නීතිපතිගෙන් ඇසීම තේරුමක් නෑ සර්”

“නෑ සුනිල් අවසානෙ නීතිපතිගෙ මතේනෙ වැදගත් වෙන්නෙ”ලේකම්තුමා කිව්වා.

“හරි එහෙනම් නීතිපති කිව්වොත් මේඉඩම වෘතීය පුහුණු අධිකාරියට අයිතියි කියල ඒක පිලිගන්නවද”?මම ඇහුවා.

“ඔව් පිලිගන්නවෙනවනෙ” කම්කරු ලේකම්තුමා කිව්වා.

“එහෙනම් සර් නීතිපතිගෙන් අහන්න ඕනෙ නෑ.මෙන්න මම ඇහුවම ලැබුනු උත්තරේ”කියල මට නීතිපතිගෙන් ලැබුනු උපදෙස පෙන්නුවා.මේක කියවා බැලූ කම්කරු ලේකම් තුමා කම්කරුදෙපාර්තමේන්තුවෙ අයට දොස් කිව්වෙ හරි හැටි තොරතුරු නැතිව තමාවත් නොමග යැවූ බව කියමිනුයි.සකච්චාව එතනින්ම නිමයි.අපේ ඉඩමෙන් ගොඩනැගිල්ල හැදීම අහෝසි උනා.අපේ ලේකම්තුමා මට ප්‍රශංසා කලා.අර්ල් ප්‍රනාන්දු මහත්තය මගේ අත්දෙකම අල්ලගෙන ස්තූති කලා.කම්කරු අමාත්‍යංශෙ ලේකම් තුමා මට ඒඅමාත්‍යංශෙට එන්න ආරාධනා කරා.ඔන්න ඔහොමයි වර්තමාන නිපුණතා පියස තියෙන ඉඩම බේරාගත්තෙ.

9 thoughts on “නිපුණතාපියසෙ ඉඩම

  1. ඕනෑම තැනක සිස්ටම් එකට පිටින් යන එක නවත්තන්න නම් පළමු දෙය සිස්ටම් එක දැන ගැනීම, මම හිතන්නෙ ඒක අත්දැකීම් සහ උනන්දුව මත එන දෙයක්.

    මේ සෙල්ලමෙන් දිනන්න පුළුවන් උනේ ඔබතුමා සිස්ටම් එක A-Z දැනගෙන හිටපු නිසා 🙂

    Like

  2. එන ප්‍රශ්ණ කලින් දැනගෙන ඒවාට උත්තර හොයන එක (Hazard Identification, Risk Assessment and Proposed Mitigation Actions).. :))) අපි රස්සාව විදියටම ඕක කරලත් ඔච්චර අගේට වැඩේ ගොඩ දාගන්න බෑ.. :))))

    Like

  3. ඉඩම් සම්බන්ද කටයුතු වලට හොඳ දක්සතාවයක් තියනවනෙ නීතිය හදාරන්න තියෙන්නෙ පැන්සන් ගත්ත දවසක විනෝදයට හරි නඩු වලට පෙනී ඉන්න පුළුවන්වෙය්
    මොනව වුනත් මතුගම හරියෙ ඔය පුහුණු මද්යස්ථානයක් දාල නැහැනෙ
    ප්‍රා ලේ ආදී නිලදාරී ඉඩම් කටයුතු කරනව කියල මම දැනගත්තෙ මේ ලිපි කියවීමෙනුය්
    මම ඉතින් විද්‍යාව ඉගෙන ගත්තට ඕව හරියාකාරව දැනගෙන හිටියෙ නැහෙනෙ
    මට ඕන කම තිබුන බොරලුගොඩ ක වී අලුතින් හදපු බදුරලිය පහල හෙවෙස්ස පාර අයිනට ගේන්න
    හරියන ඉඩමක් කොච්චර හෙව්වද
    මම යවපු අබලන් පාසලේ චායාරුප බලල පාසල අළුත්වැඩියා කරන්න ඒ දවස්වල හිටපු මොරිස් රාජපක්ෂ මහඇමතිතුමා රු 450000 එව්ව
    ඒ කාලේ හැටියට එය ලොකු මුදලක්
    මම ඒ මුදල් තියාගෙන ඊට පස්සෙත් හෙව්වා
    හරි ඉඩමක් හොයාගන්න බැරිවුනා
    මිනිස්සු එකතුවෙලා හරියාකාරව සහයෝගය දුන්නෙත් නැහැ
    හරිගියා නම් අදත් බොරලුගොඩට පාසලක් තියනව
    දැන් පාසල් යායුතු වයසේ එහෙත් පාසල් නොයන සමහර දුප්පත් ලමයි ඉන්නවා කියල අරන්චිය්
    ඇත්තද දන්නෙ නෑ
    පසුව එම මුදලින් මුළු පාසලම අළුත්වැඩියා කලා
    මම ඉවත්වෙලා අවුරුදු තුනක් විතර ගියාට පස්සෙ පාසල වැහුන
    ප්‍රදේශයේ වැහිච්ච පාසල් කොච්චර තියනවද හුගක් ප්‍රාලේවරු නිකම්වත් බලන්නෙ නැහැ ඒව වෙන වැඩකට හරි යොදවන්න
    බස්නාහිර පළාතෙ ප්‍රදේශයක් වුනාට අද අතලෙ ඉදල පහල හෙවෙස්සට යනකම් පාසලක් නැහැ
    කළුකන්දාවට පාසලක් නෑ
    මේ ලිපි කියවල අද තියන තේරුම තිබුනම් මම ගිහින් වලල්ලාවිට ප්‍රාලේ හමුවෙනව

    Like

    1. මම බදුරලියෙ වතුරානෙ වෘතීය පුහුනු මධ්‍යස්ථානයක් විවුර්තකරා.ඒවතුරානෙ වහපු ඉස්කෝල ගොඩනැගිල්ලෙ.කාලයක් ගිහින් ලමයි නැතුවඒකවැහුන.මතුගම බදුගම පංසලේ මධ්‍යස්ථානයක් දාන්න මූලික කටයුතු කරා.හැබැයි වැඩේ කරන්න ඉස්සෙල්ල මම එතනින් ගියා.ඉන් පස්සෙ ඒගැන වැඩේකෙරිල නැතිබවයි පෙනෙන්නෙ.පහල හෙවෙස්සෙ ස්කෝලෙ ගැනනම් හරිම දුකයි.ඔබතුමා ඒගැන අදත් තක්වන උනන්දුවට ස්තූතියි.ඔයස්කෝලෙ මගෙ අම්ම ලොකුමාම පොඩිමාමා මගේ බාප්ප ඉගෙනගත්තු ස්කෝලෙ.අපේ ගමේ ඉගුරුදලුවෙ ඉස්කෝලෙ හදපු අපේ මද්දහෙට්ටි මහත්තය ඉගන ගත්තු ස්කෝලෙ.ඒ ස්කෝලෙ නැතිවීම බොහොම ලොකු දුකක්.මේ ඊයෙ පෙරේදත් මමයි අපේ බොරලුගොඩ ඉන්දරතන නායක හාමුදුරුවොයි ඔය ස්කෝලෙගැන සිහිපත් කරා.

      Like

    1. අම්මප හැබෑව.සමහරවෙලාවට තුරුම්පු හතේ කොලෙන් වල් ආසි කපන වෙලාවලුත් තියෙනවා.

      Like

  4. මට ඇන්ඩෲ ද සිල්වා වයි පේමදාස මහතත්යාවයි මකත් උනා. ඔබ තුමා කළුතර හිටියා නම් අපිට ලුණු වතුර බොන්න වෙන එකකුත් නැහැ.

    Liked by 2 people

    1. හැබෑටම දිසාපති කමේ අවුරුදු දොලහකට කිට්ටුව ගතකරත් උපන් දිස්ත්‍රික්කයට සේවාවක් කරන්න ඉඩ ලැබුනෙ නෑනෙ.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s