සම්‍යයක් ප්‍රයෝගෙන් හැදූ ගොඩනැගිල්ල

නිපුනතා පියස තියෙන ඉඩම කම්කරුදෙපාර්තමේන්තුවෙන් බේරාගත්ත විදිය කියන්නෙ ලොකු කතාවක එක කොටසක් විතරයි.ඒකෙ ඊලඟ කොටසත් කිව්වම තමයි සම්පූර්න වෙන්නෙ.මම ඔය ක්‍රියාව කරේ සභාපතිතුමා ලංකාවෙ නැති අතරනෙ.සභාපතිතුමා ලංකාවට ආපු ගමන් අර්ල් ප්‍රනාන්දු මහත්තය මම ඉඩම බේරා ගන්න කටයුතු කරපු ආකාරය ගැන සභාපතිතුමාට අපූරුවට විස්තර කරලා තිබුනා .සභාපතිතුමා මට ස්තූති කරල මේගැන කිව්වම තමයි මම ඒක දැන ගත්තෙ.සභාපතිතුමා කාර්‍යාලෙ හදිසිවැඩ අහවර කරල මට පොඩි ඇමතුමක් දෙනවා.එතනට ගියහම විවිධ කරුනු ගැන සාකච්චාකරලා යම්‍ යම් තීරන ගන්නවා.මේ සාකච්චාව තවත් සාරවෙන්නෙ සේමසිංහ මහත්තයත් ඒකට එකතු උනහමයි.මේ කාලෙ වෘතීය පුහුනුව ගැන උදව් කරන්න ආසියානු සංවර්දන බැංකුව මගින් ආධාර කරන ව්‍යාපෘතියක් ආරම්භවී තිබුනා.මේ යටතේ ප්‍රථම වතාවට නිපුනතා පාදක පුහුණු වීම් ක්‍රමවේදය හදුන්වාදීමට අවශ්‍ය පියවර ගනිමින් හිටියා.ජර්මානු ජී ටී ඉසෙඩ් වැඩසටහන යටතේ වීටීඩබ්ලිව් කියල ව්‍යාපෘතියකුත් කුරුනෑගල පලාත ඇතුලු ප්‍රදේශ කීපයක ක්‍රියාත්මක වෙමින් තිබුනා.සභාපති අනුර කුමාරසිංහ මහත්තය මුලින්ම අත ගැහුවා වීටීඩබ්ලිව් පුහුනුවට.මේ වැඩසටහන යටතේ සිදු කරන පුහුනුවීම් මොනවාදැයි සොයා බැලූ එතුමා වහාම ව්‍යාපෘතියේ ක්‍රියාකාරින් සමග සාකච්චාවක් සූදානම් කලා.මේ ව්‍යාපෘතියෙන් කරන වැඩසටහන් වලට වියදම් දරන්නේ සමසමව වෘතීය පුහුනු අධිකාරිය හා ජර්මානු රජය.හෑම පුහුනු වැඩසටහනක් සඳහාම වියදමෙන් 50%වෘතීය පුහුනු අධිකාරියෙන් දැරිය යුතුයි.පවත්වන වැඩසටහන තීරනය කලේ ජීටීඉසෙඩ් ව්‍යාපෘති කන්ඩායමයි.සභාපතිතුමා ජීටීඉසෙඩ් කට්ටියගෙන් ඇහුවෙ ඒගොල්ලොකරන පාඨමාලා වලට පුහුනු උපකරන සපයන්නෙ කොහෙන්ද ?පුහුනු උපදේශකයින් කොහෙන්ද?දැනට අධිකාරියේ නැති පාඨමාලාවල් කෙරෙනවද?යන ප්‍රශ්න තුනයි.මේ ප්‍රශ්නවලට පිලිතුරු ලෙසපුහුනු උපකරන අපේ අධිකාරියෙන් පුහුනු උපදේශකයොත් අපෙන් පාඨමාලාත් අපිලඟ තියෙන ඒවාමයි කරන්නෙ කියලයි.අපේ පාඨමාලා අපේ උපදේශකවරු හාපුහුනු උපකරන යොදාගෙන කරන්න ජර්මනියෙන් උදව් මොකටද කියල ඇහුවම පිලිතුරක් නැති උනා.

සභාපතිතුමා කිව්වා විදේශ ව්‍යාපෘතිවලින් අලුත් පුහුනු ක්ශේස්ත්‍රවල පුහුනු වීම් තමයි අවශ්‍යවෙන්නෙ කියල.එහෙම නැතිනම් අපෙන්දෙන 50%ලබාදෙන්න බැරිබව බොහොම කෙලින් ජර්මානු අයට කිව්වා.ඒත් එක්කම කිව්වා අපිට අවශ පුහුනු පාඨමාලාවල් අපි තෝරාගත් පසු ඒඅය මැදිහත්වෙලා කරන්න කියලත් කිව්වා.ඒ අය ඊට එකඟ උනස්.ඒ අනුව ආහාර තාක්ෂනය පිලිබඳ පාඨමාලා එහෙම ආරම්භ කෙරුනා.ඒඩීබී ව්‍යාපෘතිය ගැනත් සාකච්චාකල සභාපති තුමාට ඒගැනත් විවේචනයක් තිබුනා.නිපුනතා පාදක පුහුනුව හදුන්වාදීමේ වැඩමුලු පුහුනු ආදී දේට ලොකු මුදලක් වෙන්කරමින් ව්‍යාපෘතිය සැලසුම් කරමින් ඉන්න කොට තමයි කලින් කිව්ව ඉඩමෙ ප්‍රශ්නෙට මූන දෙන්න උනෙ.මේගැන එකහවසක සභාපති තුමයි මමයි අතර අදහස් හුවමාරු උනේ මෙහෙමයි.

“සුනිල් අර ඉඩමෙ ප්‍රශ්නෙ ඉවරයි කියලද හිතන්නෙ?”

“ඇයි සර් මොකක් හරි ආයෙත් ප්‍රශ්නයක්ද?”

“නෑ නෑ දැනට මොකුත් නෑ ඒකියන්නෙ ඉස්සරහට නෑ කියන එක නෙවෙයි.”

“ඒ කිව්වෙ සර් ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද?”

“අපි බලමු දැන්මේ ඒඩීබී ප්‍රොජෙක්ට් එක තියනවනෙ.මේ හුඟක් විදේශීය ආධාර වලින් කෙරෙන්නෙ ඒ ආධාරදෙන අයට ඕනදේවල් නෙ.ඒ ඩීබී එකෙත් ඉන්න විශේශඥයින් ට ඕන ඒව තමයි ඒඅය යෝජනා කරන්නෙ.අන්න ඒක අපිට ඕන දේවල් කරන ව්‍යාපෘතියක් බවටයි පත් කරගන්න ඕන.ඒගැන හිතන කොට තමයි මට ඔය ඉඩම වැදගත් වෙන්නෙ ඔය ඉඩම ඔහොම තිබුනොත් කවද හරි ආන්ඩුවෙ වෙන වැඩකට ගන්නවා.මේසැරේම සුනිල් හිටි නිසා බේරුනා.හැමදාම එහෙම කරන්න අය මේ ආයතනෙ ඉන්නෙ නෑනෙ.

“දැන් මොකක්ද සර් කරන්න යන්නෙ?”

“මේ වෘතීය පුහුනු ක්ශේස්ත්‍රය දියුනු කරන්න එන ඒඩීබී ව්‍යාපෘතිය නිපුනතා පාදක පුහුනුව පුහුනු උපකරන මධ්‍යස්ථාන දියුනු කරන වැඩසටහන්ක්ශේස්ත්‍රයේ සියලුම ආයතන වල කරන්නනෙ යන්නෙ.මම යෝජනා කරන්න යන්නෙ සියලු ආයතන වලට පොදු මූලස්ථානය හැටියට ගොඩනැගිල්ලක් දෙන්න කියල.ඒගොඩනැගිල්ලට අපේදායකත්වය මේඉඩම දෙතහැකිනෙ.එතකොට දැනට කුලියට ඉන්න අමාත්‍යංශෙට ස්ථිර තැනක් ලබෙනවා.අපේ අධිකාරියෙ ප්‍රධාන කාර්‍යාලෙ එතන දාගත්තැකි.අපි දැන් මේ ජාතික මධ්‍යස්ථානෙ පාවිච්චි කරන ඉඩකඩ ලමයි පුහුනු කරන අලුත් පාඨමාලාවලට යොදාගත්තැකි”.සභාපතිතුමා කියාගෙන ගියා.

“නියමයිනෙ සර් ඉතින් ඒඩීබී කාරයො කැමති වෙයිද වැඩේට?”

“කැමති වෙන්න ඕනනෙ.මම උන්ගෙන් ඉල්ලන්නෙ වීටීඒ එකවෙනුවෙන් මේ යෝජනාව විතරනෙ.අනික කවදහරි ඔය ව්‍යාපෘතියෙන් පේන්න ඉතුරුවෙන්නෙත් ඕක විතරයිනෙ.මම අදකිව්ව කියල මතකෙ තියා ගන්න.”

ඔය සාකච්චාවෙන් පස්සෙ සභාපති අනුර කුමාරසිංහ මහත්තය ඇමතිතුමා එක්ක කතාකරල එතුමාගෙ අනුමැතිය අරගත්ත.අපේ සේමසිංහ ලවා ජාතික මට්ටමේ වෘතීය පුහුණු සම්බන්දිකරණ මූලස්ථානයක් නාරාහේන්පිට ඉඩමෙ ස්තාපිත කරන ව්‍යාපෘති යෝජනාව හදෝල ඒඩීබී ව්‍යාපෘතියට ඉදිරිපත් කලා.ඒඩීබී ව්‍යාපෘති කන්ඩායම යෝජනාව ගැන ඒගොල්ලන්ගෙ නිරීක්ෂණ ත් එක්ක මේ යෝජනාව මැනිලාවලට යැව්වෙ ආසියානු සංවර්ධන බැංකුවෙ අනුමැතියටයි.එතනදි මේ යෝජනාව ලංකාරජය සමග කෙරෙන සාකච්චාවට යොමු කරා.නිපුනතා සංවර්දන ව්‍යාපෘතිය පිලිබඳ ආසියානු සංවර්දන බැංකුවෙ ද්වි පාර්ශීය සාකච්චාවට වෘතීය පුහුනු හාග්‍රාමීය කර්මාන්තලේකම් ලියනාඅරච්චි මහත්තයයි ස්‍රී ලංකා වෘතීය පුහුනු අධිකාරියෙ සභාපති අනුර කුමාරසිංහ මහත්තයයි සහභාගි වුනා.මේ සාකච්චාවේදී වෘතීය පුහුනු සම්බන්දිකරන මූලස්ථාන ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ යෝජනාව අනුමත කරගන්න අපේසභාපතිතුමා දැඩි උත්සාහයක් ගත්තා.ව්‍යාපෘතිය භාර ආසියානු සකංවර්ධන බැංකු නියෝජිත ෂර්මා නම් ඉන්දීය ජාතිකයා මීට විරුද්ධව කතාකරා.අපේ සභාපතිතුමාගේ දැඩි ඉල්ලීම මත අවසානයේ යෝජනාව අනුමත කෙරෙනවා.ශර්මා මහත්තයට බලය ලැබෙනවා මේගොඩ නැගිල්ල ගැන ඉදිරි කටයුතු කරන්න.

ඒ ඩීබී සාකච්චාව අවසන් වෙල ලංකාවට ආපු සභාපතිතුමා හිටියෙ බොහොම සතුටින්.හැබැයි මේ ගොඩනැගිල්ල ගැන තීරණයකිරීමේ බලධාරියා වුනු ෂර්මා මහත්තය මේකට විරුද්ධව කතා කරපු නිසා ඊලඟට මොනව කරයිද කියල සැකයක් සභාපතිතුමාට තිබුනා.මේ නිසාම අපි ඉන්දියන් ජාතික ෂර්මා ගැන සැලකිල්ලෙන් හිටියා.දවසක් මිනිහ දෙතුන් දෙනෙක් එක්ක ඇවිත් ඉඩම බැලුවා.මම ඉඩමෙ සිතියමේ කොපියක් හෙම දීල විස්තරත් කියල මිනිහව යාලු කර ගන්න බැලුවා.හලෝ සර් කියල ඉඩමෙ වංහුං ඇහුවට ෂර්මා වැඩි සුහද බවක් පෙන්නුවේ නෑ.ඊටපස්සෙ දවසක අපේ අධිකාරිය ස්ථාපිත කරපු පනත කෙනෙකුට කියල ගෙන්න ගත්තෂර්මා හරි තීරණයක් අලුත් ගොඩනැගිල්ල ගැන දුන්නෙ නෑ.මෙහෙම දවසෙන් දවස ගතවෙන නිසා අපේ සභාපති තුමා මේ ගැටලු සාකච්චා කරන්න රැස්වීමක් කැඳවන්න කියල අමාත්‍යංශෙන් ඉල්ලුව.අමාත්‍යංශෙ ලේකම් තුමා ඒඩීබී ව්‍යපෘතියෙ අයයි සභාපතිතුමාවයි ගෙන්නල සාකච්චා කරා.එතනදිෂර්මා මහත්තය කිව්වෙ නව ගොඩනැගිල්ල හදන ඉඩම අමාත්‍යංශෙ අයිතියට පවරන කම් ගොඩනැගිල්ල පිලිබඳ යෝජනාවට අනුමැතිය දෙන්න බෑ කියලයි.මේ ගොඩ නැගිල්ල හැදීමට යෝජනා කර ඇති ඉඩම ශ්‍රී ලංකා වෘතීය පුහුනු අධිකාරියට අයිති ඉඩමක් නිසා පුහුනු ක්ශේස්ත්‍රයේ මූලස්ථානය එම ඉඩමේ ඉදි කිරීම ගැටලුවක් නොවන බව අමාත්‍යංශ ලේකම් තුමා පෙන්වා දුන්නත් පුහුනු ක්ශේස්ත්‍රයේ ආයතන විශාල ගනනක් තිබියදී එක් ආයතනයකට පමනක් ගොඩ නැගිල්ලක් ඉදිකිරීම කල නොහැකි බවත් සියලු ආයතනවල ප්‍රයෝජනය සඳහා ගොඩ නැගිල්ල යොදා ගත හැක්කේ අමාත්‍යංශයට අයත් ඉඩමක මේ ගොඩනැගිල්ල ඉදිකිරීමෙන් පමනක් බවයි ෂර්මාගෙ මතය වී තිබුනේ.

මේ තත්වය උඩ ගොඩ නැගිල්ල ගැන බලාපොරොත්තු බිඳවැටෙන ලකුනු පහල උනා.සභාපතිතුමා මේ සියල්ල මට විස්තර කරල මේ ගැටලුව විසඳීම සඳහා ක්‍රමයක් ලෙස අපේ ආයතනය සතු ඉඩම අමාත්‍යංශයට ලබා දෙන ආකාරයක් හොයන්නැයි පැවරුවා.සාමාන්‍යෙන් අමාත්‍යංශයක් යනු නෛතික පුද්ගල බාවයක් ඇති ඒකකයක් නොවන නිසා නිශ්චල දේපල අමාත්‍යංශයකට දැරිය නොහැකියි.අමාත්‍යංශයක විෂය පථය ජනාධිපතිවරයාට අවශ්‍ය වෙලාවක වෙනස්කල හැකි නිසා එය ඒකමිථික ආයතනයක් නොවෙයි.නමුත් ව්‍යවස්ථාපිත මංඩල අධිකාර වැනි පාර්ලිමේන්තු පනත් වලින් ස්තාපිත ආයතන වලට නෛතික පුද්ගලබාවය ලැබෙනනිසා ඒ ආයතන නමින් දේපල දැරිය හැකියි.පලාත් පාලන ආයතනත් නෛතික පුද්ගල භාවය හිමි රාජ්‍ය ආයතන.මේවා නමින් නඩු පවරන්නත් ඒවාට එරෙහිව ආයතනය නමින් නඩු පැවරීමත් කලහැකියි. මම ෂර්මා මහත්තය මුන ගැහී මේතත්වය තේරුම් කිරීමට උත්සාහ කලා ඔහු ඒකිසිවක් ඇහුන්කන් දීමට සූදානම් උනේ නෑ.

“ඩිරෙක්ටර් සර් ඉෆ් යූ වෝන්ට් දිස් බිල්ඩින්ග් යූ හෑව්ටු ට්‍රාන්ස්ෆර් දිස් ලෑන්ඩ් ටුද මිනිස්ට්‍රි.අන්ටිල් යූ ෆිනිශ් දිස් අයිඈම් නොට් ගිවින් මයි කන්සෙන්ට් ෆොර් දිස් ප්‍රපෝසල්”. ෂර්මා අල් රයන්න උස් හඬින් උච්චාරණය කරල මට කිව්වා.(අද්‍යක්ෂ තුමා ඔයාලට මේ ගොඩ නැගිල්ල ඕනෙ නම් ඉඩම අමාත්‍යශෙට දෙන්න එතකම් මගෙ එකඟතාවය මේ යෝජනාවට දෙන්නෙ නෑ)

“මිස්ටර් ෂර්මා වී හෑව් අ ලීගල් ප්‍රොබ්ලම් ටු ට්‍රාන්ස්ෆර් දිස් ලෑන්ඩ් ටු ද මිනිස්ට්‍රි.වී විල් ගිව් අවර් කන්සෙන්ට් ඉන් රයිටින් ටු ඒඩීබී ටු පුටප් දිස් බිල්ඩින්ග් ඉන් අවර් ලෑන්ඩ්”. මම ත් අල් රයන්න උච්චාරනය කරල කිව්වා.(ෂර්මා මහත්තය මේ ඉඩම අමාත්‍යංශෙට මාරුකරන්න නීතිමය ගැටලුවක් තියෙනවා අපිට.අපි අපේ කැමැත්ත ලිඛිතව දෙන්නම් ඒඩීබියට මේඉඩමෙ ගොඩ නැගිල්ල හදන්න.)

මොනව කිව්වත් ෂර්ම කාරය පිලිගත්තෙ නෑ.ම්නිහ දිගටම කිව්වෙ ඉඩම අමාත්‍යංශෙ නමට මාරු කරන්න කියලයි.මගේ සාකච්චාව අසාර්ථක වුනා.සභාපති තුමා මට කිව්වා මොකක් හරි කරල මේ ගොඩ නැගිල්ල ඉදි කරන්න ඕන කියල.මම සෑහෙන වෙලාවක් කල්පනා කරා.මොකක්ද කරන්නෙ කියල.නීත්‍යානුකූලව ෂර්මා කියන දේ කරන්න බෑ.ඒක නොකලොත් ගොඩනැගිල්ලනෑ.නීතියත් නොකඩා ෂර්මා කියන දේ කරන්න ක්‍රමයක් හොයා ගත යුතුයි.ශ්‍රී ලංකාවෘතීය පුහුනු අධිකාරි පනත අනුව අධිකාරියේ නිශ්චල වත්කම් පැවරීමේ දී අධිකාරියේ පාලක සභාවේ සාමාජික අධ්‍යක්ෂ මංඩල සාමාජිකයින් දෙදෙනෙකුගේ අත්සන සහිතව අධිකාරියේ මුද්‍රාව තබා සහතික කල ප්‍රකාශනයක් මගින් කලයුතුයි. නිශ්චල දේපල පැවරීමට මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියත් ගතයුතුයි.අමාත්‍යංශය නෛතික පුද්ගලයෙක් නොවන නිසා පැවරීම කල නොහැකියි.මේගැන කල්පනා කරන කොට හරි අපූරු විසඳුමක් ඔලුවට ආවා.හැබැයි මේ විසඳුම වුනේ මහා ප්‍රයෝගයක්.හොඳ චේතනාවෙන් කරන නිසා සම්‍යක් ප්‍රයෝගයක්. පස්සෙන්ද උදේම සභාපතිතුමා හම්බුවෙලා යෝජනාව කරා.කාටවත් හානියක් නැති සම්‍යක් ප්‍රයෝගෙ කරන්න සභාපතිතුමා එකඟ උනා.මගේ මිත්‍ර සේමසිංහට මේක කියල උදව්ව ඉල්ලුවා.”කරමු මචං” සේමෙ කිව්වෙ එච්චරයි.සභාපතිතුමා ෂර්මාට දැන්නුවා ඉඩම අමාත්‍යංශෙට පැවරීම කිරීමට එකඟ බව.ලේකම් තුමා ඇමතිතුමා ඇතුලු අයට ආරාධනා කරල ඉඩම පැවරීමේ උත්සවය සූදානම් කරා.ෂර්මා මහතටත් ආරාධනා කරා.

මම පැවරුම් ලේඛනය පිලියෙල කරා.මේ ලේඛනයෙන් කියවුනේ ශ්‍රී ලංකා වෘතීය පුහුනු අධිකාරි පනත අනුව පැවරී භුක්ති විඳින කොලඹ නාරාහේන්පිට පිහිටි විස්තර කර ඇති ඉඩම ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ වෘතීය පුහුනු මූලස්ථානය ඉදිකිරීම කාර්‍ය සඳහා යොදාගැනීමට වෘතීය පුහුනු හා ග්‍රාමීය කර්මාන්ත අමාත්‍යංශයට පවරා දුන් බවයි.පැවරීම සහතික කරේ ශ්‍රී ලංකා වෘතීය පුහුනු අධිකාරිය වෙනුවෙන් පරිපාලන අධ්‍යක්ෂ සුනිල් කන්නන්ගර හා පුහුනු අධ්‍යක්ශ ආර් සේමසිංහ දෙදෙනායි.අධිකාරියේ අධ්‍යක්ෂ මංඩල සාමාජිකයො සතු බලතල සේවක මංඩලේ අධ්‍යක්ෂ වරු පරිහරනය කරයි කියල ෂර්ම දන්නෙ නෑනෙ.ෂර්ම තියා ලේකම් තුමයි සභාපතිතුමා යි ඇර කවුරුවත් මේක ප්‍රයෝගයක් කියල දන්නෙ නෑ.සන්නස නොතාරිස් වචන වලින් ලියවගෙන සන්නස් දාන කැටයම්කල බම්බුවක දාල ප්‍රසිධ සභාවෙදි අමාත්‍යංශ ලේකම් පී ලියන ආරච්ච් මහත්තයට භාර දුන්නෙ සභාපති අනුර කුමාරසිංහ මහත්තයයි.මෙමලියවිල්ල නෛතිකව කිසිදු වලංගු තාවයක් නැත්තෙ අත්සන් කල අපි දෙන්නටම අධිකාරියෙ දේපල පවරන්න බලයක් නැති නිසයි.හැබැයි ෂර්මා පිලිගත්ත ඉඩම පැවරුනා කියල.මිනිහ අනු මැතිය දුන්න.ගොඩ නැගිල්ල හැදුව.දැන් නිපුනතා පියස කියල තියෙන්නෙ ඒ ගොඩ නැගිල්ල තමයි.නීත්‍යානුකූලව අදත් ගොඩ නැගිල්ල අයිති වෘතීය පුහුනු අධිකාරියට.මේ ගොඩ නැගිල්ල ලඟින් උදේ හවස යන කොට ඉඩමෙ ප්‍රශ්නෙයි ගොඩනැගිල්ලෙ ප්‍රශ්නෙයි විසඳපු හැටියි අනුර කුමාරසිංහ ආර් සේමසිංහ යන දෙපලවයි මතක් වෙනවා.මේව මුල්ගල් හා විවුර්ත කිරීමේ පලකෙ ගහල නැතුවට හිතේ නොමැකෙන්න කෙටිල තියෙනවා.ඒමදෑ.

10 thoughts on “සම්‍යයක් ප්‍රයෝගෙන් හැදූ ගොඩනැගිල්ල

  1. අම්මපා … මෙව්වනෙ යකෝ ගැට. මේ අවස්ථාවේ ADB නිලධාරියාව අන්දපු එක ස්ද්කාරියක් වෙනුවෙන් කරත්, මේ වගේ ලෙහෙසියෙන් මොවුන්ගේ කනින් රිංගන්න පුළුවන් නම් ඒ ආකාරයට යටිමඩි ගසාපු සහ කුට්ටිය දැහ ගත්තු අය කෙතරම් ඇතිදැයි කියල හිතෙනවා.

    Like

  2. අමාත්‍ය මංඩල අනුමැතිය කිසියම් කාරණාවකට දෙන කොට ඒ ගැන නීතිපති විමසන්නේ නැද්ද ?

    අමාත්‍ය මංඩලය ගන්න තීන්දු තීරණ ක්‍රියාත්මක වෙනවාද කියලා පසුවිපරමක් වෙන්නේ නැතිද ?

    මේ ඉහත ප්‍රශ්න දෙක අහන්නේ දැන් කලින් සටහනට අනුව ඉඩම බේරා ගන්න සිද්ද වෙන්නේ සේවක අර්ථසාධක අරමුදලට අයත් නව ගොඩනැගිල්ල ඉදිකිරීමට අමාත්‍ය මංඩල අනුමැතිය ලැබී කටයුතු කරන්න කම්කරු දෙපාර්තමේන්තුවේ කට්ටිය ආව නිසා.ඔබතුමා නීතිපති උපදෙස් ගත්තු නිසා ඉඩම ගැන ප්‍රශ්නය නිරාකරණය උනා.නමුත් මුල් අවස්ථාවේදීම නීතිපති උපදෙස් ගත්තා මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ නේද ?

    Like

    1. නීතිපති මතක් වෙන්නෙ උසාවි යන්න උනහමයි බොහෝ ආයතන වලට.අමාත්‍ය මංඩල අනුමැතියට යෝජනා ඉදිරිපත් කරනකොට ඒ අමාත්‍යංශවල ලේකම්වරු තහවුරු කරගතයුතුයි තම අමාත්‍යංශය ඉදිරිපත් කරන යෝජනාව රටේ නීතියටඑකඟ එකක් බවට.බොහෝවිට එසේවන්නේ නෑ.

      Like

  3. ලිපිය හුඟක් හොඳයි
    කියල තියනව වගේම පෙර ලිපිය මේ ලිපියෙන් සම්පූර්ණ වෙනව
    අනුර කුමාරසිංහ මැතිතුමා විශිෂ්ට නායකත්වයෙන් යුක්ත කෙනෙක්බව මෙයින් සනාථවෙනව
    ඔබතුමාගේ සහජ හැකියා දක්ෂතාවය නැවතත් පිලිබිබු වෙලා තියනව
    මේවා කොහොමද කෙරුනෙ කියල රටේ අය දැනගන්න ඕන දේවල්
    ශර්මා ඉදිරිපත්කරල තියන කොන්දේසියත් එතරම් වැරදිඑකක් නොවෙය්
    මේ දේවල් ගැන දැන් හිතනකොට මතක්කරගන්න ඕනදෙයක් තමය් දැන්ඉන්නේ ඉස්සර හිටපු එයාම නොවනබව
    මෙහි සාහිත්‍යමය අගය වැඩිය් ජීවිත විග්‍රහය වැඩිය් ජීවිත චර්යා විග්‍රහය වැඩිය් හුගක් රසයන් අන්තර්ගතව තියනව
    අපුරුවට හාස්‍ය රසයත් උත්පාදනය වෙලා තියනව
    ඒ අතරේ රහස් පරීක්ෂක කතා රසයකුත් සුලුවසයෙන් අන්තර්ගත වෙලා තියනව
    එය්න් හරියට අර රසකැවිලි කනකොට කරදමුංගු කැල්ලක් එනසාල් ඇටයක් අහුවුණා වගේ අමුතු රසයක් ඇතිවෙලා තියනව
    සාහිත්‍යකරණයෙ දක්ෂතා වර්දනය වෙලා තියනව
    කරපු වැඩ ගැන හරියාකාරව සඳහන්නොවන එක රටේ හැටියක්
    දැන් මොරගහකන්ද ජලාශය ප්රොජෙක්ට් එකේ මුලිකත්වය අරන් කටයුතු කරලා තියෙන්නෙ දැන් නවසීලන්තයෙ ඉන්න
    අය්වන් ද සිල්වා මහත්තය
    නම දාන්න යෝජනාවුනේ අව්රුදු ගණනක් එයට බාධා කරලා තියන කුලසිංහ මහත්තයගෙ නම
    ඒක අහල එයට සම්බන්ද කරුණු දන්න පරණ ඉංජිනේරුවෝ හිනාවෙලා තියනව
    සියුම්ලෙස සිතා බලන්නට හැකියාව තිබෙන බැවින් ඉගෙනගත්තොත් බුද්ධධර්මය ඉගෙනගන්න පහසුවෙය්
    රටේ දහම් පාසල් වල පාසල්වල උගන්වන්නෙත් හුගක් පන්සල්වල උගන්වන්නෙත් බුද්ධධර්මය නොවෙය් බුද්ධාගම
    බුද්ධධර්මය කියන්නෙ බුද්ධාගම නොවෙය් එකිනෙක වෙනස්
    මේ ලෝකයේ කෙනෙකුට ඉගෙණ ගන්න තියන විශිෂ්ටම විෂය වන බවුතික විද්‍යාව විෂයටත් වඩා මේ ලෝකයේ කෙනෙකුට ඉගෙණ ගන්න තියන විශිෂ්ටම විෂයයවන්නේ බුද්ධධර්මය

    දත්දේ රට දියුණට යොදවන්නය්
    සහයෝගය හැමදෙනගෙ ලැබෙන්නය්
    මත්තේ කළුතර පැත්තට එන්න්ය්
    සද්ධර්මය දැන නිවන් දකින්නය්

    Liked by 1 person

  4. ආයතනයෙන් යවපු පාඨමාලා කිහිපයකට නිපුනතා පියසට ගොඩවෙලා තියෙනවා ආයෙත් පාඨමාලාවකට ගියොත් ඔබතුමවත් සිහිපත් වෙවි

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s