වෘතීය පුහුණුවෙන් සමු ගැන්ම.

ශ්‍රී ලංකා වෘතීය පුහුනු අධිකාරියෙ රාජකාරියෙ යෙදීම නිසා විදේශගතවෙලා හොඳ පුහුනුවක් අරගන්න අවස්තාව ලැබුනනෙ.ආපහු ඇවිත් රාජකාරි සුපුරුදු විදියට කරගෙන ගියා අධිකාරියේ පුහුනු ඉලක්කය සම්පූර්න කරමින් 1999අවුරුද්දෙවිසිතුන් දාහක් පුහුනුවෙන් පිටකරන්න ආයතනයට හැකි උනා.මේ ආයතනෙ ආරක්ෂක සේවාවක් පවත්වාගෙන ගියා.මේ ආරක්ශක සේවාව අවිධිමත් අන්දමට පවත්වාගෙන ගිහිල්ල තිබුන එකක් ආරක්ෂක නිලධාරින් ලෙස බඳවාගත් තරුන තරුනියන් පිරිසක් කිසිදු පත්වීමකින් තොරව අමාත්‍යංශය යටතේ ඇති ආයතනවල ආරක්ෂා සේවාවෙ යොදවල ඒසඳහා ලැබෙන ගාස්තුවෙන් වැටුප් ඇතුලු වියදම් දැරීමයි කරමින් සිටියෙ.මේ ව්‍යාපෘතිය උපදේශකවරයෙක් භාරයේ ක්‍රියාත්මක උනා.බොහෝ අවස්තාවල ඒ සේවකයින් ගෙ පඩිය ගෙවීමට සල්ලි එකතුවෙනකම් ඉන්න උනා.මේ සේවාවෙ හිටපු පිරිස වැඩිදෙනා ගාල්ලෙ අයනිසා වැටුප් නැතිවෙන කොට ඇමතිතුමා හමුවෙලා දුක් ගැනවිල්ල කියනවා.ඇමතිතුමා මට කතාකරල කියනවා බොහෝ අවස්තාවල අධිකාරියේ සල්ලි තාවකාලිකව දීල ප්‍රශ්නෙ බේරන්න සිද්දවෙන්නෙ මටයි.මේ තත්වය දිගටම යවන්න බැරිනිසා මම සභාපතිතුමාට මේගැන කියල මේ ආරක්ෂකසේවාවට අත ගැහුවා.කම්කරු දෙපාර්තමේන්තුවෙ පඩිපාලක සභාවෙ නියමයන් අනුව වැටුප් ගෙවීමටත් සේවා කොන්දේසි නියම කිරීමත් සේවක අර්ථ සාධක ගෙවීමත් සේවානියුක්තයන්ගේ භාර අරමුදල් දායකත්වය දීමත් ලබා දීලා මුලු ආරක්ෂක සේවාවම විධිමත් කරා.ඇමති තුමා මගින් සියලු ආයතන වලට දැන්වූවා නියමිත දිනට ගාස්තු පියවන ලෙසට.නියමිත දිනට ගාස්තු ලබා ගැනීමට අදාල ආයතන වලට කෙනෙක් යැවීමත් කලා.පැය දොලහක සේවාමුරයක් සඳහා පැයතුනක අතිකාල ලැබෙන ලෙස රාජකාරි පැවරුම ආරක්ෂක සේවකයින්ටත් වාසිදායක උනා.

අප අමාත්‍යංශය යටතේ ග්‍රාමීය කර්මාන්ත අංශයක් තිබුනා මේයටතේ ලක්සල ශිල්පසභාව මෝස්තර මධ්‍යස්ථානය අමාත්‍යංශයේ පාලනයේ තිබුනා.මේ කාලයේ අමාත්‍යංශයේ ලේකම් පියදාස ලියන ආරච්චි මැතිතුමා ඉතාමත් තැන්පත් නිහතමානී රාජ්‍ය නිල ධාරියෙකු වූ අතර එතුමාත් අතිරේක ලේකම් පාලන සෙනවිරත්න මහතාත් සුහදව නිලධාරින්හට රාජකාරි සඳහා මගපෙන්වීම් කලා.අමාත්‍ය තුමා අමරසිරි දොඩංගොඩ මැතිතුමායි නියෝජ්‍ය අමාත්‍යවූයේ කොමිනිස්ට් පක්ෂයේ චන්ද්‍රසිරි ගජධීර මැතිතුමායි.මේසියලු දෙනාම නීතිගරුක අවංක නිහතමානී මිනිස්සු.මේ අයට කිසිසේත් නොගැලපෙන චරිතයකුත් අමාත්‍යංශයේ බලවත් තනතුරක කටයුතුකලා.මේකියන කෙනා අතිරේක මට්ටමේ කෙනෙක්.ටිකක් පුංචි ශරීරයක් තිබ්බට ඒ පුංචි ශරීරෙ පුරාවට ඉරිසියාව ක්‍රෝධය තරහව ස්ත්‍රී ලෝලිත්වය වාගෙ දුර්ගුන පිරිල තිබුන.මේ කෙනා ඇමතිතුමාගෙ ගම්පැත්තෙ සම්බන්ධයක් තිබුන කෙනෙක් නිසා ඒක ලොකුවට පෙන්නගෙන ඇමතිතුමා තමන්ගෙ උපදෙස් මත වැඩකරන බව පෙන්නගෙන ඉන්නයි බැලුවෙ.ඉතාමත් නිහතමානි ඇමතිතුමා කාගෙවත් හිත් රිදවන්න අකමැතිනිසා මෙයාට මොකුත් කිව්වෙ නෑ .ලේකම් තුමත් එහෙමයි..මේකියන කෙනා කිසිම එල්ලයක් නැතුව වල් වැඩ කරන කෙනෙක් කියලයි කට්ටිය කිව්වෙ.මම ජේෂ්‍යඨ නිලධාරින්ට බොහොම ගරු කරන කෙනෙක් නිසා මුලදි මේ කෙනාටත් බොහොම ගෞරවයෙන් කතාකලා.මාස හය හතක් යනකොට මිනිහ අපේ සභාපති තුමාට විරුද්ධව මගෙත් එක්ක කියවන්න ගත්තා.මිනිහ කියන්න උනේ ඇමතිතුමාට චන්දෙට වැඩකරේ නැතුව දැන් සභාපතිකම් දෙකක්ම අරගෙන කියලයි.මම ඇහුවා අපේ සභාපතිතුමාට ඇමතිතුමා එන්න කියලනෙ මේවා දීල තියෙන්නෙ නැතුව සභාපති තුමා ඉල්ලගෙන ගිහින් නෑනෙ.අනික ආයතන දෙකම හොඳට මෙහෙයවනවනෙ කියලත් මම කිව්වම මින්හ කටවහ ගත්තා. ඊට පසුවත් මම මිනිහට වෙනසක් කලේ නෑ.ඊලඟට මිනිහ මට යෝජනා කරනව ඔය ආයතනයෙ සභාපතිට විරුද්ධව පෙත්සමක් දෙකක් එවන්න කියල.මට මිනිහ කියනව “මම කොහොමත් පරිපාලනසේවෙ ඉන්න මිනිහමම ඉස්සරහදි මේකෙ ලේකම් වෙනව.උඹ මාත් එක්ක හිටපන් බොලගෙ සභාපති පෙන්ෂන් ගිය පරිපාලන සේවෙ කෙනෙක් එයා එක්ක හිටිය කියල බොට යහපතක් වෙන්නෙ නෑනෙ”කියල.මම කිව්ව “සර් ලේකම් උනොත් එදාට මම ඔයක්‍රමෙට වෙනකෙනෙක් එක්ක සර්ට වල කපනව දකින්න කැමතිද?නෑනෙ.මම මගෙ ප්‍රධානියාව ආරක්ෂා කරන්න ඕන.ප්‍රධනියා නිවැරදි නිසා දිවි හිමියෙන් රකින්න ඕන.ඒක හින්ද ඔය යෝජනාවට එකඟ වෙන්න බෑ”කියල.ඊටපස්සෙ අමාත්‍යංශෙ රැස්වීම් වලදි මිනිහ අපේ අධිකාරියට චෝදනා කරන්න පටන් ගත්තා.එකදවසක් ආයතනෙ ලොරි රථ කුලියට අරගත්ත කියල බොරුබිල් ගෙවල කියල චෝදනා කරා.මම වහාම නැගිටල මේ චෝද්නාව ප්‍රතික්ෂේපකරා.හැබැයි වහාම අභ්‍යන්තර විගනන අය යවල විමර්ශනයක් කරල වාර්තාවක් ගන්න කියලත් මම යෝජන කරා.හැබැයි ඒචෝදනාව බොරු කියල ඔප්පු උනොත් චෝද නා කල අය ප්‍රසිද්ධියේ සමාව ඉල්ලන්න ඕන කියලත් තදින් කිව්වා.ඇමතිතුමා මාව සන්සුන් කරල රැස්වීම කලා.ඒගැන මොකුත් කිව්වෙ නෑ.

අමාත්‍යංශෙ රැස්වීම් වලට බොහෝවිට ධිකාරිය නියෝජනය කරල යන්නෙ මම.කලින් කියාපු මිනිහ දිගටම අධිකාරියට චෝදනා කරන කොට මම කෙලින්ම විරුද්ධව කරුනු කියන නිසා මිනිහ මට කාමරේට එන්න කියල “මම චෝදන කරන්නෙ උඹට නෙවෙයි උඹ සද්ද නැතුව හිටපන්කො” කිව්වා.මම කිව්ව “ඔය චෝදනා කරන්නෙ මම වැඩ කරන ආයතනෙට ඒ ආයතනෙ ජේය්ෂ්ඨතම නිලධාරිය හැටියට මම පිලිතුරු දෙන්න ඕන”.කියල.සාමාන්‍යෙන් අපේ මිත්‍රය රැස්වීම්වල තදින් සද්දෙ දාල කතාකරන නිසා කවුරුත් එයාට මොකුත් කියන්නෙ නෑ.අනික විදේශ පුහුනුව විෂය මිනිහ කරපු නිසා මෙයාව තරහ කරගන්න කැමතිත් නෑ.එක දවසක් මිනිහ ලේකම්තුමා එක්ක ගෝරියක් දාගෙන.හේතුව මෙයා කියපු දෙයකට වෙනස් දෙයක් ලේකම්තුමා කිරීම.ඒ කිට්ටුවදි සියලු ආයතනවල ප්‍රගතිය පිලිබඳ ඇමතිතුමාගෙ ප්‍රධානත්වයෙන් රැස්වීමක් තිබුනා.රැස්වීමෙ මතුවූ ගැටලුවකට අදාලව ගතහැකි තීරනයක් ලේකම්තුමා විස්තර කලා.ලේකම් තුමාගෙ කතාවට බාධා කල අපේ යාලුවා මෙහෙම කිව්වා.”තමුන්නාන්සෙ ලේකම් වෙනකොටම අපි දැනගෙන හිටියා ඔබ පුරුශ ලිංගිකයෙක් නොවන බව.ඒ වුනාට අද තමයි දැනගත්තෙ තමුන් නපුංසකයෙක් කියල “කිව්වා.ඇමතිතුමා ප්‍රමුඛ මුලු සභාවම නිශ්ශබ්ද උනා.මේ කිව්ව කතාවට කවුරුත් ප්‍රතිචාර හෝ පිලිතුරු නැතිව සිටියදී මම කේන්තියෙන් නැගිට්ටා.මම ගරු ඇමතිතුමාට මෙහෙම කිව්වා.

“ගරු ඇමති තුමනි මම මේ සාකච්චාවට ආවෙ අපේ ආයතනෙ තත්වය ගැන කියල අලුතින් ඔබතුමාගෙත් ලේකම්තුමාගෙත් උපදෙස් අරගෙන යන්න මිසක් මේ ලැජ්ජනැති මිනිස්සුන්ගෙ කුනුහරුප අහගෙන ඉන්න නෙවෙයි.සාකච්චා සභාවක හැසිරෙන්න දන්නෙ නැති වාචාලයින්ට මේවට එන්න දෙනව නම් මීට පස්සෙ අර බුදුන්ගෙ කාලෙ කරාවගෙ ඒවගේ අයගෙ කටවල් වලට එලුබෙටි විදින්නත් කාටහරි එන්න කියන්න වෙයි” කියල වාඩි උනා.හැමෝම හිනාඋනා.ඇමතිතුමා හිනාව යටකරගෙන.”ඔව් ඔව් මේ අනවශ්‍ය කතා ඕනෙ නෑ.අපි වැදගත් විදියට මේක කරමු.වෙන කවුරුත් ඕනෙ නෑ. කන්නන්ගර මහත්තයටම භාරදෙමු එලුබෙටි විදින වැඩේ”කියල කිව්වා.අපේ මිනිහ බිම බලාගත්ත. කට්ටියම හිනාවෙලා රැස්වීම කරා.රැස්වීම ඉවර උනහම කීපදෙනෙක්ම මට අතට අතදී ප්‍රශංසාකලා.මේ අතර මිනිහ මගෙ එක්කත් හොඳටම තරහ උනා.අපේ සභාපතිතුමාට විරුද්ධව තැන තැන අපහාස කරන එක මිනිහ දිගටම කරා.ඇමතිතුමාටවත් මිනිහව පාලනය කරන්න බැරි මට්ටමට ගියා.ඇමතිතුමාගෙ ලඟ ඉන්න මිනිහට හිතවත් කීපදෙනෙක් අල්ලගෙන කේලාම් කියන එක නතර කලෙත් නෑ.මේ කේලාම් දොඩංගොඩ ඇමතිතුමාට කිව්වම ඇමතිතුමා අදාල කෙනාගෙන් අහන්නෙ නෑ.ඒකහිතේ තියාගෙන සාමාන්‍ය විදියට ඉන්න උත්සාහ කරනවා.ඒවුනාට ඇමතිතුමා කතාකරන ටෝන් එකෙන් මට තේරෙනවා මොකක් හරි හිතේ තියෙන බව.මම කෙලින්ම ඇමතිතුමාගෙන් අහනවා.

“සර් අදනම් කතාකරන්නෙ අමුතු විදියට.මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා.”මම අහනවා.

“නෑ නෑ මොකවත් නෑ” ඇමතිතුමා උත්තර දෙනවා.

“නැති වෙන්න බෑ ඔබතුමාගෙ කතාකරන ශෛලිය වෙනස්වෙලා තියෙනවා.කවුරු හරි මාගැන මොනවහරි නරකක් කියල ඇති.”

“නෑනෑ බරපතල දෙයක් නෑ ඔය කියන අය කියන ඒව මම ගනන් ගන්නෙ නෑ.”

“සර් ඒවුනාට කවුරුහරි මොනවහරි කිව්වම සර්ට ඒව හිතෙන් අයින් කරන්න බෑ ඒකයි ඔය කතා ස්වරූපෙ වෙනස්වෙන්නෙ.මම කැමතියි මට විරුද්ධව තියෙන චෝදනාව දැනගන්න.කිව්වෙ කවුද කියල මට කියන්නත් එපා මම අහන්නෙත් නෑ.”

“නෑ මේ කට්ටිය කන්නන්ගර මහත්තය එක්ක තරහ ඇති.ඒකයි ඔය එක එක ඒවාකියන්නෙ.”

“මොනවගේ ඒවද සර් කට්ටිය කියන්නෙ.”

“නෑ මේඅධිකාරියෙ උපදේශක පත්වීම්වලට මම නිර්දේශ කරන අය කපල වෙන අයට පත්වීම් දෙනවලු ඕව වැඩක් නෑ දන්නැද්ද?”

“සර් අධිකාරියෙ උපදේශක පත්වීම් වලදි සුදුසුකම් බලන්න වෙනවනෙ .එතනදි හැමදෙනෙක්ම සර්ගෙ ලියුම් අරගෙන නෙ එන්නෙ.ඉතින් අපි සුදුසුකම් බලල වැඩි අයට දෙනව.සමහර වෙලාවට කඩදාසියෙ සුදුසුකම් තිබ්බට උපදේශක කමක් කරන්න ඕන කරන කුසලතාවය පෙන්නුම් කරන්න්නැත්නම් ප්‍රායෝගික පරීක්ෂනයකුත් තියනවනෙ.සමහරු එතනදි පේල් වෙනවා.දුර්වල උපදේශකවරු ගත්තොත් ආයතනෙ වැටෙනවා.සෑම පත්වීමක්ම සම්මුඛ පරීක්ෂන ප්‍රායෝගික පරීක්ෂන වලින් පස්සෙ අමාත්‍යංශෙ ලේකම් තුමාට යවල එතනිනුත් අනුමැතිය අරගෙනනෙ දෙන්නෙ.මම හිතන්නෙ සර්ගෙ අනුමැතියටත් ලේකම්තුමා පත්වීම් ලැයිස්තු ඉදිරිපත් කරනව නෙ.”

“ඔව් ඔව් කන්නන්ගර මහත්තය මම දන්නව ඔයා මෙතන වරදක් කරන්නෙ නෑකියල ඔහොම වැඩ කරගෙන යන්න කට්ටිය කියන ඒවහොයන්න එපා.දැන් ඔය අම්පාර පැත්තෙ කට්ටිය බඳවගන්න කොට මගෙන් අහන්න ඕනෙ නෑ දුප්පත් සුදුසුකම් තියෙන ලමයි ඔයා දන්න අය ඇතිනෙ.ඒ අයට අවස්තාවක් දෙන්න ගම්පැත්තට මධ්‍යස්ථානයක් දාගන්න.මම කවුරු මොනව කිව්වත් කන්නන්ගර මහත්තය ගැන අවිස්වාසයක් නෑ.”ඇමත්තුමා හිනාවෙල කිව්වා.

ඔයවිදියට මම කෙලින්ම කතාකරන නිසා කේලාම් වැඩ කරේ නෑ.ඒත් සභාපතිතුමා බොහොම කලකිරීමෙන් හිටියා.දෙදාහ අවුරුද්දෙ ආපු පාර්ලිමේන්තු චන්දෙන් පස්සෙ සභාපතිතුමා අයින්වෙන්න හැදුව.ඇමතිතුමා ඉඩ දුන්නෙ නෑ.තව මාසකීපයකට පස්සෙ දවසක් සභාපතිතුමා මටයි සේමසිංහටයි කතා කරල තමන් ආයතනෙන් ඉවත් වෙන්න තීරනය කලා කිව්ව.අපි එපා කිව්වත් පිලිගත්තෙ නෑ.එතුමා කිව්වෙ තමන් සතු පුද්ගලික සමාගමේ කටයුතු පාඩු කරගෙන ආන්ඩුවට සේවය කරාට සමහර නිලධාරින් ඒකට අකුල් හෙලන බවයි.ඇමතිතුමා පවා අසරන කරමින් මේ නිලධාරින් කරන කාර්‍යන් සමග ගැටෙන්න බලාපොරොත්තුවක් නෑ.ඒකෙන් තේරුමකුත් නෑකියල.ඒගමන අපි දෙන්නත් අයින් වෙන්න තැනක් හොයා ගන්න කම් ඉන්න කියල ඉල්ලුවා.ඒගමන ඉල්ලා අස්වීමෙ ලිපිය ලියල දිනයක් නොදා මට දුන්න .දෙන්න එක්ක තැනක් හොයාගෙන මේලියුමට දිනේදාල අමාත්‍යංශෙට භාර දෙන්න කියල මට පැවරුවා.මමයි සේමෙයි මාසදෙකක් කල් ගත්තා.මාස එකහමාරකට විතර පස්සෙ ඇවිත් සභාපතිතුමා මට කිව්වා තවත් කල් අරින්න බෑ අස්වීම යවන්න කියල මම එතුමගෙ අස්වීමෙ ලිපිය අමාත්‍යංශෙ එවක ලේකම් හුලුගල්ල මැතිතුමාට භාර දුන්නා.වෘතීය පුහුණු අධිකාරියට අමරණීය සේවාවක් කරපු අනුර කුමාරසිංහ සභාපතිතුමා අධිකාරියෙන් සමු ගත්තා.

අමාත්‍යංශෙ හිටපු අපේ එල්ලයක් නැතුව වල් වැඩ කරපු කෙනා ඔය අතර වාරෙ ග්‍රාමීය කර්මාන්ත අංශෙ ආයතනෙක වැඩබලන සභාපතිකම කරා.එතන හිටපු රූමත් ලලනාවන්ට බැල්ම දාන එකයි තමන්ට කීකරු නැති සේවකයින්ව මර්දනය කලඑකයි තමයි මිනිහගෙ පාලනය උනේ.ආයතනෙ හිටපු රූමත් කාන්තාවකට බැංකොක් වෙලඳ ප්‍රදර්ශනයට යන්න මිනිහ කතාකරා.තම ආත්ම ගෞරවය රස්සාවට වැඩිය වටිනව කියල හිතපු ඒනෝනා මහත්මියමේ ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කලා.මිනිහත් අතඇරියෙ නෑ.හැමදාම කාර්‍යාලෙට ගෙන්නගෙන මේ කාන්තාවට බල පෑම්කලා.මේ කාන්තාව කුඩා පටිගත කිරීමේ යන්ත්‍රයක් රහසිගතව අරගෙන ගිහින් මෙයාගෙ බල පෑම පටිගත කරා. ඊට පස්සෙ කෙලින්ම කිව්ව මට කියපුවා මම රෙකෝඩ් කරා.ආයිත් බල පෑම් කලොත් ටේප් එක ප්‍රසිධ කරනවා කියල.ඒ වැඩෙන් කාන්තාව බේරුනා.ඊට පස්සෙ වෘතීය සමිති කට්ටිය එක්ක මිනිහ පැටලුනා.සේවකයො එකතුවෙලා කන්තෝරුව වටකලා.පොලිසියෙන් ගිහින් මිනිහව ආපහු ගේන්න සිදූ වුනා.මේ මිනිහ එහෙම පචවෙලා ඉන්න අතරෙදි තමයි අපේ සභාපතිතුමා අස් උනේ. අරවෙච්ච පචවීම හදාගන්න මිනිහ අපේ අධිකාරියෙ වැඩබලන සභාපති උනා.

මේ වැඩබලන සභාපති ඇවිත් ලොකු කයිවාරුවක් ගහල වැඩ පටන්ගත්තා.අධිකාරියේ බලධාරිය තමන් බව පෙන්වන්න මිනිහ සේවකයො මාරු කරන්න පටන්ගත්තා.කිසිදු ප්‍රති පත්තියකින් තොරව සේවක මාරුවීම් සභාපති වරය කරන කොට අසාධාරනේට ලක්වූඅය ඇමතිතුමාට පැමිනීලි කරන්න පටන් ගත්තා.ඇමතිතුමා මගෙන් විමසුවහම මම කිව්වා මගෙන් කිසිදු දෙයක් නොවිමසා වැඩ බලන සභාපතිතුමා කරන මාරුවීම් නිසා මට කල හැකි දෙයක් නැති බව.අපේ ආයතනය අවුල් වෙන්න පටන් ගත්තා.මගේ අංශෙ කටයුතුවලට මම මග හැර නියෝග දෙන්න පටන් ගත්තා.මගේ යටතේ තිබූ යම්‍යම් ඒකකවලට විගණන නිලධාරින් යවා මට ලෙඩක් දාන්න දේවල් හොයන්න කිව්වා.හැබැයි මොකුත් නෑ.මූලික විමර්ශනයක් එහෙම කරල ලෙඩ දාන්න බැලුවට හරි ගියේ නෑ.මම ඉස්සෙල්ලම ආයතනෙ වාහනේ ආපහු දුන්නා.පුද්ගලික වාහනෙන් එන්න පටන්ගත්තා.අනිත් මාන්ඩලික නිලධාරි එක්ක මිනිහ කියන්න පටන් ගත්තා මට වැඩක් දෙන බව.මේවා ආරංචි උනහම මමත් යක්ෂ සේනාපතිය ආරූඩ වුනු එකාවගේ උනා.මේ අතර මට ඉතාමත් රහසිගත මාර්ගයකින් අර කාන්තාව පටිගත කල සාකච්චාවෙ පිටපතක් හමු උනා.මම ඒකෙන් කොපියක් ගත්තා.හවස්වරුවෙ වැඩ බලන සභාපති ආපු විගස මට කියන්න කියල සභාපති කාර්‍යාලෙට පනිවුඩයක් තිබ්බා.සභාපති ආව බවට පනිවුඩේ ලැබුනා.කෙලින්ම සභාපති ගෙ කාමරේට ඇතුලු උනා.දොර ඇතුලෙන් ලොක්කරා.ගිහින් හයියෙන් පුටුව ඇදල අරගෙන වාඩිවෙලා කතාකරා.

“මිස්ටර් ………….මට තමුන්ට කියන්න දෙයක් තියෙනවා. ඒක අහගෙන ඉවරවෙල ඕනදෙයක් කියනවා මගදි බාධා කරන්න බෑ.අනික මතක තියාගන්නව කාමරේ ඇතුලෙන් ලොක් කරලයි මම ආවෙ හරිද?තමුන් මගේ සේවාවෙ ජෙෂ්‍යඨ කෙනෙක් නිසා මම ගරුකරා.මගෙ සහකාර අධ්‍යක්ෂවරු තමුන්ට මිස්ටර් කියල නම කියන කොට මම සර් කියල කතාකරේ තමුන් මහත්තයෙක් කියල හිතලයි.තමුන් ඇදුම් ඇන්දට මනුස්සයෙක් නෙවෙයි තිරිසනෙක් කියල දැන ගත්තට පස්සෙ තමුන්ට මගෙ තිබ්බ ගරුත්වය අයින් කරා.දැන් තමුන් මේ ආයතනෙ ලොක්ක කියල හිතාගෙන මට කෙලෝනව කියල කයිවාරු ගහනවනෙ.මම මෙහෙ කටයුතු කරේ අම්පාරෙදි හිටිය විදියට නෙවෙයි.අම්පාරෙදි මට ජාති දාන්න ආපු තමුසෙට වැඩිය ලොක්කන්ට මම මූනට කියපු කෙනෙක්.හැබැයි තමුන් තිරිසනෙක් නිසා මට ජාතිදාන්න ආවොත් මගෙන් මැරුම් කන්නයි වෙන්නෙ.මොකද තිරිසනෙක් ගෙන් වෙන අනතුරකින් වැලකෙන්න ඌව මරන්න උනත් වෙනහින්ද.මම මේකෙන් යනව හැබැයි එතකන් කරදර යක් නැතුව ඉන්න ඕන.පුලුවන්නම් කරදර කරල බලනව මොකදවෙන්නෙ” කියල කිව්වා

මම කතාව නතර කරන කොට ම්නිහ වෙව්ලනවා හොඳටම දාඩිය දාගෙන.මිනිහ ගොත ගහගෙන කතාකරා.

“ඇයි ඇයි ම්ම් මේ කලබල වෙලා සුනිල්ට කවුරුහරි බොරු කියල.මම ඔයාට මොකුත් කරන්නෙ නෑ කලබල කරගන්න එපා.”

“මේ ලොක්කා මට කලබලයක් නෑ තමුසෙ වගේ මට බයවෙන්න දේකුත් නෑ.හංගන්න දේකුත් නෑ.මට විරුද්ධව මොනවහරි කියල ආරංචි උනොත් ඔන්න ඕකෙ තියෙන තමුසෙගෙ කෙරුවාව හැමෝටම යවන්නෙ මම තමුසෙගෙ ගෙදරටත් එක්කම.”කියල අර ටේප් එකේ කොපිය මේසෙට දැම්මා.

“මේ මොකක්ද මේ ?” මිනිහ ඇහුවා.

“ඔය බොහොම ප්‍රසිද්ධ තමුන්ගෙ වැඩක් .මතකද කලින් ආයතනෙ බැංකොක් චාරිකාවට ගෙනියන්න හදපු කාන්තාව.අන්නඒ සංවාදෙ ඕකෙ තියෙන්නෙ.. අහල බලනව” කියල නැගිටල ආවා.එදාට පහුවදාම අමාත්‍යංශෙට ගිහින් ලේකම් තුමාගෙන් මාරුවක් ඉල්ලුව.එතුම කිව්වා

” සුනිල් ඔයාව ඇමතිතුමා යවනෙකක් නෑ ඊයෙත් මාතෙක්ක කිව්ව ඔයා වීටීඒ එක හොඳට කරනව කියල .මම කතාකරන්නම්කො ඇමතිතුමාට”

මට පසුවදා ලේකම්තුමා පනිවුඩයක් දී හමුවෙන්න කිව්වා.ගියහම අමාත්‍යංශය යටතේ තිබූ නයිට් එස් එල් නම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට මාව පත් කිරීමේ පත්වීම් ලිපිය දුන්නා.මම ලේකම්තුමාට කිව්වා මට අවශ්‍ය අමාත්‍යංශයෙන් ඉවත්වීමයි වෙනතනතුරු නෙවෙයි කියල.ලේකම් තුමා කිව්වෙ ඇමතිතුමා දුන් උපදෙස් අනුව මට නවතනතුර ලබාදුන් බවයි. මම වහාම ඇමතිතුමා හමු උනා.ඇමතිතුමා සුපුරුදු සැහැල්ලුවෙන් ඉන්නවා.

“ආ කන්නන්ගර මහත්තය මම කතා කරන්න හිටියෙ.මම අපේ වීරක්කොඩිට නයිට් එස් එල් එකෙන් අයින්වෙන්න කිව්වා.කන්නන්ගර මහත්තය එතන භාරගෙන වැඩ කරන්න”කියල ඇමතිතුමා කිව්වා.

“ඔව් සර් මට ලේකම්තුමා ලියුම දුන්නා.සර්ට බොහොම ස්තූතියි මට මේවගකීම දුන්නට.අනික මම හිතාගෙන හිටිය වගේම සර් මාගැනතිබ්බ විශ්වාසෙ අබමල්‍ රේනුවකින්වත් වෙනස්වෙලා නෑ කියල මට හොඳටම ඔප්පු වුනේ මේ පත්වීමෙන්.ඒ ගැනත් මට හුඟක් සතුටුයි.හැබැයි සර් මට එක අවසරයක් දෙන්න ඕන.”

“ඔව් මොකක්ද ?කන්නන්ගර මහත්තයට ඕනදෙයක් කියන්න.”

“සර් මට මේ අමාත්‍යංශෙන් අයින්වෙලා වෙනතැනකට යන්න අවසරේ දෙන්න.”

“ඇයි ඒ?මම දන්නවා දැන් වැඩ බලන සභාපති නිසා ඔයාට එතන ඉන්න බෑකියල.අලුත් තැන ඔයානෙ ලොක්ක.ඊට උඩින් කවුරුත් නෑනෙ.ඉතින් ඇයි වෙන තැනක් හොයන්නෙ”

“සර් ඔය වැඩ බලන ලොක්ක මෙහෙ අතිරේක ලොක්කෙක්නෙ.මට මේතනතුර දුන්න කියල දැනගත්තම මිනිහ කේන්තියෙන් ඉරිසියාවෙන් පුපුරනව. මට දාන්න පුලුවන් ලෙඩ දාන්න මිනිහ මෙතන බලය පාවිච්චි කරනවා.මම ඒකට කැමති නෑ.ඒනිසයි යන්න ඉල්ලන්නෙ..”

“එයාට ඕනදේවල් කරන්න මම ලෑස්ති නෑ.ඒව මම බලාගන්නම්.”

“නෑ සර් මට මේරාජකාරියෙදි වෙන හැමදේම සර්ට කිය කියා මැදිහත් වෙන්න කියන්න බෑ.ඒකනිසා මට යන්න ඉඩ දෙන්න.”

“බෑ බෑ ඒක කරන්න බෑ.බයවෙන්න එපා මම එහෙම ප්‍රශ්නයක් නොඑන්න බලාගන්නම්.මාව විශ්වාස කරන්න.”

“සර්ව මට හොඳටම විශ්වාසයි.හැබැයි මට අවිශ්වාස කෙනෙකුත් ඉන්නවා .අපේ මිත්‍රයා හැර.”

“කවුදඒ?”

“සර්වෙන කවුරුත් නෙවෙයිසර් ඒමම.මේ මිනිහ කරන දේවලට මට ලොකු කේන්තියක් එනවා.මම දැනටම මිනිහගෙ මූනටම කියල තියෙන්නෙ ආයිත් මොනවහරි කරොත් මිනිහව ඉවර කරනව කියල.ඉතින් මම හිටියොත් ඔය යකා මට හිරිහැර කරන්න හදනව.එතකොට මගෙ අතින් මිනිහ මැරෙන්න ඉඩ තියෙනව.එතකොට මම හිරේට යන්න වෙනව.එදාට සර්ට මම නැතිවෙනව.දැන් මම මෙතනින් ගියාට සර්ට මම ඉන්නවා.මේකා නැතිදවසක ආයිත් ඇවිල්ල සහකාර අධ්‍යක්ෂ කමක් උනත් කරන්නම් මාව යවන්න සර්”

මේටික කිව්වම ඇමතිතුමා මගෙ මූන බලාගෙන ඉඳල ,

“මට තේරෙනව කන්නන්ගර මහත්තය ඔයාගෙ කැමැත්තට මම ඉඩ දෙන්න ඕන.ඉතාම අකමැත්තෙන් මම එහෙනම් සෙකට්‍රිට කියන්නම් ඔයාට යන්න දෙන්න කියල.ආයිත් ඕනෑමවෙලාවක මගෙ අමාත්‍යංශෙකට එන්න හිතුනොත් එන්න.මම කන්නන්ගර මහත්තයට සුභ පතනවා.”

“සර්ට බොහොම ස්තූතියි.සර්වගෙ දේශපාලන නායකයෙක් එක්ක වැඩ කරන්න ලැබුනු එක මට ලොකු සතුටක්.අපි ආයෙත් එකට වැඩකරමු සර් කවද හරි”.කියලඇමතිතුමාට ආචාර කරල මම පිට උනා.

අමාත්‍යංශ ලේකම් හුලුගල්ලෙ මැතිතුමා මාව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශෙට නිදහස්කරා මම ගිහින් එතනට වාර්තා කලා.අමරසිරිදොඩංගොඩ කියන ශ්‍රේෂ්ඨ දේශපාලන නායකය එක්ක එතුමා දිවංගතවනතුරුම ආයිත් වැඩකරන්න ලැබුනෙ නෑ.එතුමා රෝදපුටුවෙන්‍ යමින් වැඩ කරද්දි පාර්ලි මේන්තුවෙදි කීප දිනක් මුන ගැහුනා.සුපුරුදු විදියට “ආ කන්නන්ගර මහත්තයා කොහොමද?”කියල කතාකරා.වෙනදවගේ නිවුනු හඬ.බිංදුවක් වත් වෙනස්වෙලා තිබුනෙ නෑ.මම අම්පාරදිසාපති හැටියට ඉන්දැද්දි එතුමා දිවංගත උනා.අම්පාරෙ ඉඳන් ඇවිත් මහ රාත්‍රියෙ අවසාන ගෞරවේ දැක්වූවේ බොහොමලොකු කම්පනයකින්.එදාතමයි එතුමාගෙ නෝන මහත්තයව දැක්කෙ.අවුරුදු දෙක හමාරක් එතුමත් එක්ක ලඟින් වැඩකරා.ඒකිසිම වැඩකදී පවුලෙ කට්ටිය සම්බන්දවුනේ නෑ.අන්න දේශපාලන නායකයො.

19 thoughts on “වෘතීය පුහුණුවෙන් සමු ගැන්ම.

  1. මේ කතා කියවනකොට රටින් පිටවීමට මා ගත් තීරණය පුද්ගලිකව ඉතාමත් නිවැරදියි කියල හිතෙනව. රට ගැන තව තවත් කලකිරෙනවා.

    ඒ වගේම උසස් පෙළට කණු තුනක් අරන් ගෙදර ඉන්නකොට වෘතීය පුහුනු අධිකාරිය හරහා පවත්වන මෝටර් කාර්මික වගේ වෙනත් රැකියාවකට යන්න පුළුවන්කම් ලැබුණා නම් කියලත් හිතෙනවා 🙂

    නමුත් එහෙම උනා නම් IT සාත්තරේ පැත්තට යොමු වීමත් සංචාරය කරන්න තියෙන ඉඩකඩත් අඩුයි !

    Liked by 1 person

  2. මේකට තව අසම්පූර්න සටහනක් ලියන එක හොඳය් කියල හිතුන
    හොඳ නිලදාරීන්ව මිනිස්සු අගයන්නෙ නැති බව හරි කියමුකො හොඳ නිලදාරීන්ව දෙපාර්තමේන්තුව අගය කරනවද රජය අගය කරනවද බලාපොරොත්තු නොවුනත් අමතර වැටුප් වර්දකයක්වත් දෙනවද
    හොඳ නරක දෙගොල්ලන්ටම දෙන්නේ එකම පඩිය
    අනිත් එක රටේ මිනිස්සු හොඳ නරක හරියාකාරව අඳුනනවද අපේ පැත්තේ හුගක් මිනිස්සු චන්දෙ දෙන්නෙ තමන්ගෙ ළමයෙකුට හොරට හරි රස්සාවක් හදල දෙන කසිප්පු පෙරලා හරි කැලේ කපල හරි
    වෙන වැරද්දක් කරල හරි පොලීසියට අහුවුනහම බේරගන්න මැදිහත්වෙන දුර තැනකට මාරුකලොත් හදාදෙන වගේ සැඟවුනු නිර්ණායක පාදක කරගෙන මිසක් රට හදය් කියන නිර්ණායකය පාදක කරගෙන නොවෙයි
    ඉතින් චන්දේ තියන ක්‍රමවේද වෙනස් නොකර මන්ත්‍රී බලතල වෙනස්නොකර මේවා හැදෙය්ද
    පාන් වලට පුරුදු වෙච්ච මිනිස්සු කේක් හදුනන්නෙ නැහැ උන්ට කේක්වල ඇති වටිනාකමකුත් නැහැ මම කරල බලල තියනව අපේ පැත්තේ සමහර මිනිස්සු කේක් කියන්නෙ පොල් කේක් වලට උන්ට හොඳ ජාතියක කේක් දුන්නට වදින්නෙ නැහැ අගයකුත් නැහැ ඉතින් කව්ද මේ මිනිස්සුන්ට හොඳ කේක් හඳුන්වල දෙන්නෙ කව්රුවත් නැහැ දැනට ඒ වැඩේ යන්තමට හරි කරන්නෙ ජනමාද්‍ය විසින් ඒ වුනත් ජනමාද්‍ය විසින් කරන මිනිස්සු අපවිත්‍ර කිරීම් වළක්වන්නෙ කව්ද කව්රුවත් නැහැ දැන් බලන්න ඔය හුඟක් ටී වී නාලිකාවල රෑට රෑට යන ටෙලිනාට්‍ය හැම එකකම වගේ තියන පදනම් තේමාව ගෑණු මිනිස්සු නිදිවදින්න කරන තරගය නිදිවදින්න කරන සටන ඉතින් රටේ ලමය් හැදෙය්ද මිනිස්සු හැදෙය්ද රට හැදෙය්ද
    ඉතින් ක්‍රමවේද වෙනසක් නොකර මේවා හැදෙය්ද
    අනිත් එක මේ පන්සල් මේවා 99 % කම උගන්වන්නෙ බුද්දදර්මය නෙවෙය් බුද්දාගම
    දැන් අපේ පන්සලක් බලන්න ඇතුල්වෙන තැනම එක පැත්තකින් තියෙන්නේ දේව චැනල් සෙන්ටර් එක සල්ලිය් පලතුරු වට්ටියකුය් තිබ්බහම ඕන දෙවි කෙනෙක් චැනල් කරන්න පුළුවන්
    අනිත් පැත්තේ තියෙන්නේ බෝදිපූජා චැනල් සෙන්ටර් එක තුන්පාරක් ගණිතය අසමත්වූ සයොනාරා දුව මේවර ගණිතය සමත්වේවා කියල කොඩි එල්ලල යාතිකා කරනව
    සල්ලි දුන්න තරමට තමය් යාතිකාව හොඳවෙන්නෙ
    ඉතින් සංගායනාවක් නොකර මේවා හැදෙය්ද
    අනිත් එක තමය් මේ ජන නායකයන්ගෙ චන්ද සටන මිනිස්සුන්ගෙ තියන කුහක ගතිය
    දැන් මේකේ තියන අර ඕන්නැති කතාවක් කියපු සිද්දිය ගනිමු
    මගේ නිර්ණායක අනුව නම් අනුර කුමාරසිංහ මහත්තය කරන්න තිබුනෙ නැගිට්ට ගමන් ගිහිල්ල අරූගෙ හොම්බ සමතලා කරනඑක නඩුයන්න වෙන්නෙ නැහැ අත්දුටුවය් සත්තය්
    ඊලඟට අර දොඩංගොඩ ඇමතිට කරන්න තිබුනෙ හොදවය්න් දෙකක් කියල එතෙන්දිම අරූට තරයේ බනිනඑක
    ඔය දොඩංගොඩ ඇමතිතුමා කියන්නෙ අර ධර්මිස්ටතුමාගේ ලාම්පු කලගෙඩි සෙල්ලමෙන් පරාදවුන පළාත්වල තියපු අතුරු මැතිවරණය දිනල ආපු මැතිතුමානේ මටනම් මතක එතුමා හිටියෙ සමූපකාර ඇමති වගෙය් කියල
    එළුබෙටි විදින එක කන්නන්ගර මහත්තයට බාරදෙනව කියල එතුමා ඇඟබේරගත්ත එක එතරම් හරිනැති වැඩක්
    ඒ වගේ අවස්ථාවලදී මේ අපේ වෙල්ගමය දාහකින් හොඳය්
    එතුමා මෙහෙයවපු දිස්ත්‍රික් සංවර්දන රැස්වීම් වලට මතුගම කලාපය වෙනුවෙන් කාලයක් සහබාගි වුනේ මමනෙ
    මේ ඔක්කොම මේ විදියට වෙන්නෙ මූලිකව කරමවෙදයන්ගෙ අඩුපාඩු නිසය්
    ඉතින් රටේ ක්‍රමවේද වෙනසක් නොකර නිලදාරී මිනිස්සු හොද කලාට විතරක් මේවා හැදෙය්ද

    Like

    1. ඔය ඕනනැති කතාව කිව්වෙ අනුර කුමාරසිංහ මහත්තයට නෙවෙයි.අර බොහොම අහිංසක නිහතමානී ලියන ආරච්චි ලේකම්තුමාට.ඔය ලොකුවට කෑගහන අපතයො ලෙඩ දාන්නෙ අහිංසක නිහතමානි මිනිස්සුන් බලල ඒ අයටනෙ.මමත් එහෙමකෙනෙක් වෙන්නැති කියල හිතාගෙනයි මටත් ජාති දාන්න හැදුවෙ.මම මිනිහගෙ ජාතිය ඇමතුවට පස්සෙ මිනිහ හික්මීයවගේ ගොතගැහුවෙ පරාන බයටයි.ඔය අනුන්ට නිස්කාරනේ ලෙඩ දාන උන් බය ගුල්ලො.

      රටේ සමස්තයෙ පිරිහීමක් තියෙන නිසා තමයිඔයවාගෙ අපතයො රජ වෙන්නෙ.මොනව කරන්නද හැම මිනිහෙක්ම ආත්මාර්ත කාමීනිසා තමන්ගෙ වැඩේ කරගන්න හිතාගෙන හොරුන්ට සහය දෙනවා.වැදගත් නීති ගරුක කෙනාගැන මිනිස්සු කියන්නෙ “අපොයි ඔයයකා උගෙ වැඩකටවත් නීතියෙන් පිටට යන්නෙ නෑ.ඉතින් අපිට කොරයිද?අන්න ඒකට අහවලා ඔයසේරම හොදට හම්බු කරගෙන තියෙන්නෙ නීතියට පිටින් මිනිහ දන්නව නීතියට පිටින්ගිහින් වැඩේ කරන්න.ඉතින් එයානම් හොරකම්කරන්න හරි අපේවැඩේ කරනව.එතකොට මින්හත් ගොඩ අපිත් ගොඩ”
      ඔන්න ඔහොමයි අපේ මින්ස්සු.

      Like

  3. මෙය ලිපිය කියෙව්හම පරිපාලන සේවය ගැන මගේ තිබුන සිහින චිත්‍රය බිමට වැටුන ප්ලේන් වීදුරුවක් වගේ බිඳිලා ගියා
    පරිපාලන සේවය ගැන මගේ තිබුනේ අපි ඉස්සර කියවපු ලීල් ගුණසේකර මහත්මයාගේ අත්සන පෙත්සම පොත්වල තිබුන ආර්කුර්ති චිත්‍රය
    මේක කියෙව්වහම අනේ අපේ රට කියල හිතුන
    අනුර කුමාරසිංහමහත්තයට වෙලා තියෙන්නේ හොඳට වැඩකරන ලංකාවේ හුගක් දෙනෙකුට සිදුවෙන දෙයක්
    උසස්පෙළ බව්තික විද්‍යාව ගුරුවරයෙක් වගේ ඉන්න කලේ දැක්ක අද්යාපනයේ අසාදාරනකම් දැකල මම හිතාගෙන හිටියෙ මීට ඉහල තනතුරකට ගිහාම මේක වෙනස් කරන්න පුළුවන් වෙය් කියල කවදාවත් රාජ්‍ය සේවයේ ඉහල තනතුරු වලට ගියාට සිස්ටම් එක හදන්න බැහැ කියල මට තේරුම් ගියේ තරඟ විබාග වලින් අද්යාපනයේ ඉහල තනතුරු වලට ගියාට පස්සෙ

    හරි ඉතින් මේවා හදන්න මොනවද කරන්න ඕන කියල ලියල නැහැනේ
    මට තේරෙන හැටියට මම මෙයට ක්‍රම දෙකක් යෝජනා කරල තියනව එකක් තමය් කෙටි කාලයකට රටේ පාලනය ඒකාදිපති බලමණ්ඩලයකට පැවරීම එහෙම බැරිනම් අනිත් එක තමය් පූර්ණ බලතල සහිත චන්දෙන් පත්නොකරන විද්වත් ඇමති මණ්ඩලයක් සහිත හය්බ්රිඩ් පාර්ලිමේන්තුවක් හදන එක
    හය්බ්රිඩ් පාර්ලිමේන්තුවක් හදන එක ගැන පෝස්ට් එකක් 23 / 08 / 2017 දින නව රජයක් නමින් මගේ sasara333.blogspot.com එකේ දාල තියනව
    මගේ මේ anuradawijerathna.wordpress.com වල ප්‍රශ්ණයක් තියනව මට මිසක් වෙනත් අයට යන්න බැහැ ඉතින් මේකෙ පෝස්ට් ලියන එකේ තේරුමක් නෑ ඒ ගොල්ල සල්ලි ඉල්ලනව ඒක හදාගන්න අවශ්ය උපදෙස් දෙන්න
    – Custom support via live chat and email, along with many other features, starts at just $4.00 a month.
    මේක භාවිතා කරන අනිත් අයත් ඉන්නෙ එහෙම සල්ලි දී ද දන්නෙ නැහැ
    ඉස්කෝලවල තියන රණ්ඩු ගැන දන්නව නම් ලමය් අඬනව අද්යාපන කාර්යාලවල තියන රණ්ඩු ගැන පටලැවිලි ගැන දන්නව නම් ගුරුවරු අඬනව
    කවුරු රජයේ සේවයෙ කොච්චර ඉහල තනතුරු වලට පත්වුනත් මේ ක්‍රමයට මේවා හදන්න බැහැ අර තාච්චියේ දඟලන කඩල ඇටේ වගේ පෝලිමේ ගිහිල්ල බත් ඉල්ලගෙන කන හිරකාරයො වගේ
    කරනවනම් කරන්න ඕන ඇතුලත්මුදලි මහත්තය මහපොළ හැදුව වගේ ප්‍රේමදාස මහත්තය ගාර්මන්ට් හැදුව වගේ ජනසවිය හැදුව වගේ තියන පද්දතිය හොඳ පැත්තට වෙනස් කරන තියන වැරදි සිස්ටම් එක නිවැරදි කරල හදන වැඩ
    අපේ රටේ ඒක කරන්න දේශපාලනය නැතුව බැහැ
    කොහොද ඉතින් ඒක කිව්වහම නොරිස් කැනල් කුණු කණුවේ නානව වගේ කියනවනේ
    දැන් බලයකුත් තියන නිසා බැරිද කොළඹ නගරෙ ඔය නොරිස් කැනල් කුණු කාණුව වගේ ඇලවල් වලට බේරේ ඇලට මහවැලි ගඟෙන් හරි වේගවත් ජාල ධාරාවක් එන්න සලස්වන්න ශුද්ධවෙලා යන්න

    Liked by 1 person

    1. මේ තත්වෙ වෙනස් කරන්න පාලකයො වෙනස් කරාම පුලුවන් කියල මිනිස්සු හිතුවෙ බොහෝ කාලෙක ඉඳන්.සියලු මට්ටම් වල පාලකයො වෙනස් කලා වැඩේ උනේ නෑ.
      පාලකයො විතරයි වැරදි කියල කියන එක අසම්පූර්ණ කතාවක් කියලයි මට හිතෙන්නෙ.ජනතාව සම්පූර්ණ නිදොස්ද?නිලධාරින් ගෙ ආකල්ප හොඳද?මේසියල්ල විශ්ලේෂනය කලයුතුයි.

      මට පේන හැටියට මේ අර්බුදයෙ ප්‍රමුඛ වගකීම අපේ නිලධාරින් දැරිය යුතුයි.වසර තිස්තුනක රාජ්‍යසේවාවෙදි මට දේශපාලන බලපෑම් තිබුනෙ නෑ.හැබැයි දේශ පාලකයො මගෙ ලඟට ප්‍රශ්න ගෙනැල්ල තියෙනවා.ඒක දේශපාලකයගෙ කාර්‍යය.මාද ඇතුලත් නිලධාරින්ගෙර් කාර්‍ය එසේගෙනෙන ගැටලුවලට උත්තර හොයාදීම.ඒකකරන්න දැනුම අත්දැකීම් අධ්‍යනය විශ්ලේශනය විකල්ප සෙවීමේ හැකියාව තීරන ගැනීමේ හැකියාව වගේ බොහෝදේ අවශ්‍යයි.ඒවානැතිඅපේ නිලධාරින් අරප්‍රශ්නවලට පිලිතුරු හොයන්න අසමත් වෙනවා.ඒකතේරෙන දේශපාලකයා ඊට පස්සෙ ප්‍රශ්නයයි එයාට ඕන උත්තරෙයි දෙකම ගෙනැල්ලා උත්තරේට අත්සන්කරල දීපන් කියනවා.තනතුරේ වරප්‍රසාද අහිමිවෙයි කියල බයට අර උත්තරේට සීල් එක ගහල දෙනවා.එහෙම කරල කියනව අපොයි මේ දේශපාලන බලපෑම් නිසා රාජ්‍යසේවෙ පිරිහිලා කියල.
      මේක නැති කරන්නරාජ්‍ය සේවකයො හිතාගතයුතුයි තමන්ලඟට එන මහජනයා තම ප්‍රධානීන් බව.අපි ලඟට එන හැම කෙනාම එන්නෙ ප්‍රශ්නයකින් පීඩාවිඳිමින්.අපි ඔහුන්ට හොඳින් ඇහුන්කන් දිය යුතුයි.අපේ දැනුම අත්දැකීම් පාවිච්චි කරල ඒප්‍රශ්න වලට පිලිතුරු හොයාදිය යුතුයි අප්‍රමාදව.එතකොට මහජනයා සතුටුවෙයි.රාජ්‍යසේවෙගැන මීට වැඩිය ගෞරවයක් දෙයි.මගේ මේ අද්දැකීම්වල තියෙන්නෙ මිනිස්සුන්ගෙ ප්‍රශ්න.තවම ලිව්වෙ මම දිසාපති කෙනෙක් හැටියට විසදපුව නෙවෙයි.මමත් මධ්‍යමට්ටමේ වගකීම්වලදි කරපුවා.මේව ලියන්නෙත් අපේ අද ඉන්න පොඩි තරුන නිලධාරින්ට තේරුම් කරන්න.

      මහජනතාවගෙත් වැරැද්දක් තියෙනවා තමන්ගෙ අයිතිවාසිකම දන්නෙ නෑ වැරැද්දට එරෙහි වෙන්නෙ නෑයහපත් මිනිහව අගය කරන්නෙ නෑ.හොරා බව දැනගෙන ඌට එරෙහි වෙන්නෙ නෑ.නීතිය ගැන තකන්නෙ නෑ.
      ඉතින් මේසේරම හදන්න නම් මහවැලි ගඟවගේ දියපාරක් නොරිස් කැනල් එකට හරවන්නම වෙනව.මම මේබලන්නෙ පොඩිපොඩි දියපාරවල් එකතුකරල රාජ්‍යසේවෙ කියන කුනු ඇල සුද්ද කරන්න.

      Like

    2. අනුර මහත්මයගෙ anuradawijerathna.wordpress.com අඩවියට ලොග් වෙන්න අවශ්‍ය කේතයන් දෙන එක ගැටළුවක් නැති නම්, හැකි උදව් කරන්න කරන්න පුළුවන්.

      Liked by 1 person

    1. ඒක අපේ සාමුහික ක්‍රියාවක්නෙ.අපේසභාපතිතුමා මගෙ මිත්‍ර සේමසිංහ මහතා,අපේ සහකාර අධ්‍යක්ෂවරු,පුහුනුකලමනාකරුවො පුහුනු නිලධාරින් උපදේශකයො අපිටසහයදීපු අනිත් කාර්‍ය මංඩල දොඩංගොඩ ඇමතිතුමා වගේ විශාලපිරිසක් ඊට දායකත්වය දුන්නා.මගෙ කොටස මම කලා.

      Like

      1. 2010 වගේ කාලෙ ලොකු තැනක්/පිබිදීීමක් තිබුන. අදටත් මම කලින් වැඩ කරපු ආයතන කීීපයකම නාරාහේන්පිට වී.ටී.ඒ කීීීීවම ඉන්ටවීීීීව් පාස් උනා වගේ තමයි.
        අන්තිමට මම වැඩ කරපු තැන මම ගත්තේ නාරාහේන්පිට වී.ටී.ඒ කස්ටටිය විතරයි (වැරදි ඇති ඒත් ඒ අයත් එක්ක වැඩ කරන්න පහසුයි )

        Like

      2. බොහොම ලොකු සතුටක් දැනෙනවා වීටීඒ එක ගැන ඇගයුමක් ඇහෙනකොට.බොහොම ස්තූතියි.

        Like

  4. විශ්‍රාම යන්න කලින් අපිට කියන්න තමුන්නාන්සෙ වගේ කීදෙනෙක් ශ්‍රීලංපපාසේ ඉන්නවද කියල පොඩ්ඩක් හිත හදාගන්න. එන තරුණ පරපුර ගැන ඔබතුමාගෙ අදහස් මොනවද?

    Like

    1. අපොයි අනුන්ගැන සහතිකවෙන්න බෑ.ඒත් සතුටුයි සැලකියයුතු පිරිසක් අවංක කරුනාවන්ත දක්ෂ නිලධාරි නිලධාරිනියන් ඉන්නවා.ප්‍රශ්නෙ තියෙන්නෙ ඔහුන්ව මෙහෙයවන්න ඉන්න අයගෙ දුර්වලතා නිසයි.

      Like

  5. ඕනෑම දෙයක් වෙනකොට ඒකේ හොද නරක දෙකක්ම තියනවා නේද මහත්තයා……ඔය වැඩබලපු සභාපතිය හන්දා වෙන්නැති ඔබතුමා හොද දේශපාලකයකුගෙන් වෙන් වෙන්න වුනේ…….ඒත් එයින් මට වාසනාවක් පෑදුනානේ මහත්තයෝ… මට හොද උපදෙස් ලබාදෙන්න හොද දක්ෂ රාජ්‍ය සේවකයෙක් එක්ක වැඩ කරන්න……!!

    Liked by 1 person

    1. වෘතීයපුහුනු වෙදි හොඳ දේශපාලකයෙකුගෙන් වෙන්වෙන්න උනාට ඔබතුමියත් එක්ක වැඩකරන්න ලැබීම අරිටත් වඩා වාසනාවක් උනානෙ.දැන් එන්නෙ ඒකතාටිකට තමයි.

      Liked by 1 person

  6. මේ කතන්දර ඇහුවං මටත් ඩීයාරෝ උන්නාන්සෙ කෙනෙක් වෙන්ට තිවුණා නං කියල හිතෙනව. ඒත් ඉතිං උපාදියක් නැතිහංදා ඒ හීනෙ අනික් ආත්මෙට තමා.

    රාජ්‍ය සේවෙ ඇතුලෙ මං දැකපු ‘ගුටි කන මූනු‘ වලින් බොහොමයක් මිට්ටො. හුඟක් වෙලාවට ඔය විදිහට අනුන්ට අංචි අදින්නෙ හීනමානෙ තියෙන අය. ලොක්කො වෙච්චි කොට ඒක ‘හොර කොටු පයින්න‘ චාන්ස් එකක් කරගන්න අයත් විරල නෑ. අපරාදෙ කියන්ට නාකයි ඒ වෙනුවෙං පැහැදිච්ච ළලනාවොත් විරල නෑ. ඒ අතරෙ තමුන්ගෙ සරීර සෞඛ්‍යය බේරගෙන පාඩුවෙ ඉන්න හදන නෝනා මහත්තුරු වාසනාවං.

    අර වගේ දේශපාලනඥයෙක් යටතේ වැඩ කරන්න ලැබිච්ච එක ඔබතුමාගෙ වාසනාවක්. හම්මේ බලන්න එපැයි සමහර ප්‍රාදේශීය සභා මන්තිරිලගෙ රැස්. පාට හතම තියෙනව.

    මේ වගේ කතාවක් ලියල අපේ දිිරිය වඩවනවාට ඔබතුමාට යහපතක්ම වේවා!

    Like

    1. පරිපාලන සේවාවට ඕනෑවෙන්නෙ අවංක කරුනාවන්ත බුද්ධිමත්මිනිස්සුන්ගෙ ප්‍රශ්න ගැන සංවේදී මිනිස්සුයි.ඒත් ඒව නැතත් උපාධියයි පශ්තාච්චි උපාධියයි තියෙනවනම් තව කේ කේ නම් ඉහල තනතුරුවලට ගියෑකි.අපේ රටේ එහෙමනෙ හැටි.

      Like

  7. සර් ඔබතුමාගේ අත්දැකීම් වලින් අපිට ලබා ගන්න පුළුවන් පාඩම් බොහොමයි. ලබන වසරේ විශ්‍රාම අරන් ජීවිත කතාව හා අත්දැකීම් ඇතුළත් කරල ලියමු පොතක්. ඔබට තෙරුවන් සරණයි.

    Like

    1. විශ්‍රාම අරංලියන්න තියෙන ඒව මග ඇර ඇර තමයි මේලියන්නෙ.අනිවාර්‍යෙන්ම විශ්‍රාමෙන්පස්සෙ ලියනවා.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s