පනස් දාහේ ව්‍යාපෘතිය.

දිසාපති පන්හිඳ බලන අපේ පරිපාලන සේවාවෙ අනාගත සම්පත් වගේ ඉන්න තරුණ නිලධාරි මහත්තයෙක් පහු ගිය දොහක මම ඉන්න තැනදිම පන්හිඳ අගය කරලා මේදවස්වල යමක් ලිව්වෙ නැත්තෙ මොකදැයි කියල ප්‍රශ්නෙකුත් ඇහුවයි කියමුකො.අන්න එතකොට තමයි තේරුනේ දැන් මේ මට ඕනවෙලාවට විතරක් මේ ලියවිල්ල කරල හරියන්නෙ නෑ කියල.ඒකනිසාම ආයිත් පරිපාලන සේවාවෙ අත්දැකීම් සටහන් කරන්න හිතුන.ඉතින් ලීලනාත්වික්‍රම ආරච්චි කියන තරුන පරිපාලනසේවා නිලධාරි තුමාටත් ඉස්තූතියක්කරල අද ලියවිල්ල පටන්ගන්නවා.වෘතීය පුහුණුවට ආයුබෝවන් කියල රාජ්‍ය පරිපාලනේට එනකොටම මට ලේකම් තුමාගෙන් පනිවුඩයක් ලැබුනා මුනගැහෙන්න කියල.එවක රාජ්‍ය පරිපාලන ලේකම් එම් එන් ජුනයිඩ් මහත්තය.ජුනයිඩ් ලේකම් තුමා මාව හොයමින් ඉන්න අතර තමයි මම රාජ්‍ය පරිපාලනේට වෘතීය පුහුණුවෙ ඉඳන් ආවෙ.ලේකම් තුමා මාව වහාම අනුයුක්තකලේ පුනරුත්තාපන ප්‍රතිසංස්කරන නැගෙනහිර සංවර්දන හා ග්‍රාමීය නිවාස සංවර්ධන අමාත්‍යංශයටමේ අමාත්‍යංශය අලුතින් ආරම්භ කරල අලුත්ම ඇමති කෙනෙකුගේ භාරයට පත් කරල තිබුනෙ.මේ ඇමතිතුමිය ෆේරියල් අශ් රොෆ් මැතිනිය.එතුමිය රාජ්‍ය පරිපාලන ලේකම් තුමාගෙන් ඉල්ලීමක් කරල තියෙනවා අම්පාර දිස්ත්‍රික්කය ගැන දන්න පරිපාලසේවා නිලධාරියෙක් අමාත්‍යංශයට ලබා දෙන්න කියල.මේ ඉල්ලීම ලැබුනම ජුනයිඩ් ලේකම් තුමාට මතක් වෙලාතියෙන්නෙ මාවයි.මොකද ජුනයිඩ් මැතිතුමා එම් එච් එම් අෂ්‍ රොෆ් ඇමතිතුමා යටතේ පුනරුත්තාපන ප්‍රතිසංස්කරන වරාය නාවික අමාත්‍යංශයේ ලේකම් කම කරද්දි අම්පාරෙ ප්‍රාදේශීය ලේකම් හැටියට මම කටයුතු කලා .ඒකාලෙ නැවත පදිංචි කිරීම් හාසංවර්දන කටයුතු වලදි අපි කටයුතු කරපු ආකාරය ගැන අත්දැකීම් තිබුන කෙනෙක් තමයි ජුනයිඩ් ලේකම් තුමා.එතුමා මට කිව්වෙ අමාත්‍යංශෙ ජෙය්ෂ්ට සහකාර ලේකම් හෝ අධ්‍යක්ෂ තනතුරකට පත් කරනු ඇති බවයි.

ඒ අනුවම මම 2001ජනවාරි දහවෙනිද අමාත්‍යංශයේ සංවර්ධන අධ්‍යක්ෂ තනතුරේ වැඩ භාරගත්තා.නවක පරිපාලනසේවා නිලධාරියෙකු වූ චම්පික කලු ආරච්චි මගේ සහකාර අධ්‍යක්ෂ වරයා ලෙස පත් උනා.අමාත්‍යංශයේ කටයුතු අධ්‍යනය කරමින් සතියක් දෙකක් ගතකරා.මේ කෙටි කාලෙ තුල තේරුම් ගත්ත දේ අනුව නැගෙන හිර පලාතෙ සංවර්ධනය වෙනුවෙන් යම් මුදල් ප්‍රමානයක් මේ අමාත්‍යක්ශෙට වෙන්කෙරිල තියෙන බව දැන ගත්තා.මේ මුදල් යොදාගනිමින් යටිතල පහසුකම් ස්වයං රැකියා ප්‍රවර්ධනය කෘෂි අලෙවි ප්‍රවර්ධනය කර්මාන්ත සංවර්ධනය වාගේ ක්ෂේස්ත්‍ර වල යෙදවීම මගින් සංවර්ධන අරමුනු සාක්ෂාත් කර ගැනීමයි කලයුතු උනේ.මේවාත් අධ්‍යන කරගනිමින් ඉන්න අතර ඉසිස්සෙල්ලම ඇමතිතුමිය මුනගැහෙන අවස්ථාව උදාඋනා.මම අමාත්‍යංශෙට ගිහින් මාසයක් විතර යනතුරු ඇමතිතුමිය එතුමියගේ ආගමික පිලිවෙතක් අනුව නිවසින් බැහැර පිටස්තරයින් මුනගැසීමෙන් වැලකීසිටියේ.ඉස්ලාම් ආගම අනුව ස්වාමි පුරුෂයාගේ මරනින් පසු කාන්තාවකට මාස කිහිපයක් යනතුරු බාහිර පුද්ගලයින් මුනගැසීමෙන් වැලකී සිටිය යුතුයි.එම ආගමික කාලසීමාව ඉකුත් වීමෙන් පසුව ඇමති තුමිය අමාත්‍යංශයට පැමිනියා.එතුමිය මුනගැසුනු පසු මා අමාත්‍යංශයට පැමිනීම ගැන සතුට පලකර අමාත්‍යක්ශයේ කටයුතු පිලිබඳ උපදෙස් ලබාදුන්නා.නැගෙනහිර පලාතේ ජීවත් වන දිලිඳුකමින් පීඩිත ජනතාවගේ ආර්තික හැකියාව වැඩිකිරීම අත්‍යාවශ්‍ය යටිතල පහසුකම් ප්‍රජාසහභාගිත්වය සහිතව සංවර්ධනය ,කාන්තාවන් හා ලමුන්ගේ ගැටලු නිරා කරනය වාගේ බොහෝඅවශ්‍යතා ගැන පැහැදිලි කල ඇමතිතුමිය මෙතෙක් පැවතුනු ක්‍රියාදාමයෙන් එහාට ගිය නව සංවර්ධන ප්‍රවේශයක් හඳුනා ගැනීමේ අභියෝගය මටපැවරුවා.

සාමාන්‍යෙන් සංවර්ධන ක්‍රියාවලිය කියල රජයේ මුදල් වෙන්කරල යම්‍යම් පුද්ගලයින්ගේ ඉල්ලීම් මත යටිතලපහසුකම් සංවර්ධනය තමයි සිද්ද කෙරුනෙ.බොහෝ වෙලාවට පාරකට පස්දාල තලල තාවකාලිකව අලුත් වැඩියාවක් කරන්න කියල එන ඉල්ලීම් වාගෙ ඒව තමයි සංවර්ධන ඉල්ලීම් ලෙස වැඩිවශයෙන් ඉදිරිපත් උනේ.මේ ඉල්ලීමක් ම පිටිපස්සෙ ඉන්නෙ බොහෝ වෙලාවට කොන්ත්‍රාත් එක කරන්න බලාපොරොත්තු වෙන පුද්ගලයමයි.ප්‍රජා සමිතිවලට ටෙන්ඩර් පරිපාටියෙන් බැහැරව කොන්ත්‍රාත් දීමට තියෙන නීතිමය ඉඩකඩ ඇතුලෙන් ගිහිල්ල ප්‍රජාසමිතියක් නමින් කොන්ත්‍රාත් එක ලබාගන්න කොන්ත්‍රාත් කාරයො පුරුදුවෙලා හිටියෙ.මේසේරම පිලිබඳව අධ්‍යනය කරල ඇමතිතුමිය උපදෙස් දීපු විදියට නව ප්‍රවේශයකින් නවසංවර්ධන වැඩසටහනක් නිර්මානය කිරීම පිලිබඳව කල්පනාකරන්න පටන්ගත්තා.ප්‍රේමදාස ජනාධිපතිතුමාගෙ කාලෙ ප්‍රාදේශීය පාලනේ නිලධාරින් හැටියට අපි යම්‍යම් ප්‍රජා වැඩසටහන් ක්‍රියාත්මක කරල තිබුනා.මට මතක් උනා ව්‍යාපෘති 15000වැඩසටහන.ප්‍රේමදාස ජනාධිපති තුමා සෑම ග්‍රාමසේවා කොට්ටාශයකම ප්‍රජාසහභාගිත්ව සංවර්ධන යෝජනා එක බැගින් ක්‍රියාත්මක කරන්නවැඩසටහනක් කරා.ඒවැඩසටහනේදී ව්‍යාපෘතිය තෝරාගත්තෙ කොට්ටාශෙ මහජනතාව.කිසිදු නිලධාරියෙකු හෝ දේශපාලකයෙකුට වසමේ කරන ව්‍යාපෘතිය තේරීමට බලපෑම් කිරීම තහනම් උනා.ගම්වාසීනෙක්‍රැස්වී තම ගමට අවශ්‍ය ව්‍යාපෘතිය යෝජනාකලා .රජයෙන් ව්‍යාපෘතිය කිරීමට මුදල් ලබා දුන්නා.කොටස්වශයෙන් දුන් මුදලින් රුපියල් පනස් දහසක් තමයි මුලින් නිදහස් කලේ.ජනාධිපති ප්‍රේමදාස මැතිතුමා හදිසියේ අභාවප්‍රාප්ත වීම නිසා ව්‍යාපෘතිය එතනින් නැවතුනා.මේ වැඩසටහනේ යහපත් ලක්ෂන වගේම දුර්වලතාවය ගැනත් මම අධ්‍යනය කරා.යහපත් ලක්ෂණ ලෙස ප්‍රජාව මගින් ව්‍යාපෘතිය තෝරා ගැනීම,ප්‍රජාව මගින් ක්‍රියාත්මක කිරීම,නිලධාරි හා දේශපාලන බල පෑම අවම කිරීම ආදීලක්ෂණත් දුර්වලතාලෙස ව්‍යාපෘතියේ ප්‍රමානය ගැන සීමාවක් නොවීම,මුදල් ප්‍රතිපාදනය අසීමිතව දිය හැකි බව ට ඇඟවීම, නිශ්චිත කාලයක්තුල අවසන් කල හැකි ව්‍යාපෘති හඳුනා නොගැනීම,වැනිදේවල් හඳුනා ගත්තා.මේවගේම සමුර්දි වැඩසටහනේ ආරම්භක අවදියේ ක්‍ර්මියාත්මක කල රුපියල් දසදහසේ ප්‍රජාව්‍යාපෘතියේ අද් දැකීම්ද සලකා බැලුවා .එහිදීදුන් මුදල ප්‍රමානවත් නොවීම දුර්වලතාව උනා.මේ අනුව දුර්වලතා මගහැර යහපත් ලක්ෂණ යොදාගත් සංවර්ධන වැඩසටහනක් සැලසුම් කරා.

මම සැල සුම් කල සංවර්දන ව්‍යා පෘතිය ඉලක්ක කලේ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය.මේ වැඩසටහන යටතේ අම්පාරදිස්ත්‍රික්කයේ සෑම ග්‍රාමනිලධාරි වසමකම ජනතාව වසමේ පවත්වන රැස්වීමකදී අප අමාත්‍යංශයෙන් ලබාදෙනරුපියල් 50000/=මුදලක් යොදාගෙන මාසහතරක් තුල ක්‍රියාත්මක කර අවසන් කලහැකි ව්‍යාපෘති තුනක් හඳුනා ගත යුතුයි.එම යෝජනාතුන ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට ඉදිරිපත් කලයුතුයි.ප්‍රාදේශීය ලේකම් වරයා මේ ව්‍යාපෘති තුනෙන් වඩාත්ම පලදායි ව්‍යාපෘතිය තෝරාගත යුතුයි.තම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශෙට අදාලව ක්‍රියාත්මක කලයුතු ව්‍යාපෘති මහජන යෝජනා අතරින් ග්‍රාමසේව කොටසට එක බැගින් තෝරාගෙන අප අමාත්‍යංශයට එවූපසු අප අමාත්‍යංශය එක් ව්‍යාපෘතියට රුපියල් 50000/= බැගින් මුදල් ප්‍රතිපාදන ප්‍රාදේශීය ලේකම්ට වෙන්කර දෙනවා.ප්‍රාදේශීයලේකම් වරයා ව්‍යාපෘතියට අදාල ඇස්තමේන්තු සකසා ග්‍රාමනිලධාරි කොට්ටාශයේ ප්‍රජා සංවිදානයක් සමග ගිවිසුම් ගතවී රුපියල් 10000/=අත්තිකාරමක් නිකුත් කලයුතුයි.ප්‍රජාව ඒකරාශිවී ව්‍යාපෘතිය කිරීමේදී තාක්ෂනසහායද ප්‍රාලේ විසින් ලබාදිය යුතුයි මාස හතරක් තුල ව්‍යාපෘති නිම කිරීම ප්‍රජාව විසින් කලයුතුයි.ව්‍යපෘතිය අතරතුර ප්‍රගතිය අනුව ඉතිරි මුදල්ගෙවීම කල හැකියි. මේ විදියට සැලසුම් කල වැඩසටහන ඇමතිතුමියට විස්තර කරා.එතුමිය බොහෝසේ සතුටුවී ව්‍යාපෘතිය සඳහා අනුමැතිය දුන්නා.මේ අවස්තාවේදී අම්පාරවෙරල කලාපයේ මෙබඳු ප්‍රජාව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අපහසුතාවය සුලෙයිමා ලෙබ්බේ උපදේශකතුමා ඇමතිතුමියට පැවසුවා.ඇමතිතුමිය මට උපදෙස් දුන්නේ මේ අයට පුංචි වැඩ නෙවෙයි ලොකු වැඩයි ඕනා.ඒකනිසා මේවැඩසටහන අම්පාරේ දෙහිඅත්තකන්ඩියසිට පානම දක්වා වන බින්තැන්න වැව්ගම් හා පානම් පත්තුවල ක්‍රියාත්මක කරන්න කියලයි.මේ අනුව අදාල උපදෙස් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවලට නිකුත් කරා.දෙහිඅත්තකන්ඩිය පදියතලාව මහඔය උහන අම්පාර දමන ලාහුගල ප්‍රාලේවරුන් ඉතාම උනන්දුවෙන්වැඩසටහන දියත් කරා.දෙහිඅත්තකන්ඩියෙන් පලමු ගැටලුව ඉදිරිපත් උනේ එම කොට්ටාශයේ ග්‍රාම නිලදාරි කොට්ටාශ දහතුනක් පමනක් ඇතිබවත් මහවැලි ගම්මාන හතලිස් හයක් ඇතිබැවින් ව්‍යාපෘති වලට පදනම ලෙස ග්‍රාම නිලදාරි කොටස ගැනීම ප්‍රායෝගික නොවන බව ප්‍රාලේ පෙන්වා දුන්නා.ඇමතිතුමියගේ තීරණය වහාමදුන්නා දෙහිඅත්තකන්ඩියේ මහවැලි ගම පදනම් කර ව්‍යාපෘති හතලිස් හයක් කරනලෙසට.මේ වැඩසටහනට ඉහල ජනතා සහයෝගයක් ලැබුනා .තම ග්‍රාමසේවා වසමේ ප්‍රමුඛ අවශ්‍යතාහදුනාගත් ජනතාව රජයෙන් ලැබෙන රුපියල් 50000/=යොදාගෙන ගමේ සම්පත්ද බාවිතාකර ශ්‍රමදානයෙන් ලොකු වටිනා කමක් ඇති ව්‍යාපෘති ක්‍රියාත්මක කරා.ව්‍යාපෘතිපිලිබඳ අමාත්‍යංශය කල ඇගයීමෙ හෙලි උනේ සෑම ව්‍යාපෘතියක්ම රජයෙන් දුන් මුදල මෙන් දෙගුනයකට අධික වටිනා වැඩකොටස් නිමකර ඇති බවයි.ප්‍රජාශාලා ග්‍රාමිය පාරවල් පාසැල් වල කුඩා ගොඩනගිලි,පානීයලිං,නානලිං,ජල සම්පාදන ව්‍යාපෘති,වාරිමාර්ග ඇලවල් වාගෙ බොහෝ ප්‍රයෝජනවත් දේවල් ප්‍රජද්ව ක්‍රියාත්මක කරතිබුනා.ප්‍රාදේශීය ලේකම්වරුනුත් සතුටු වූයේ ඔහුන්ගේ කාර්‍යාලවලට පැමිනිල්ල න ප්‍රදේශයේ අවශ්‍යතා ගැන ඉල්ලීම් දෙන ජනතාවට දේශපාලන මැදිහත් වීම්වලින් තොරව උපකාර කිරීමට මේමගින් අවස්තාව උදාවී තීබීම නිසයි.අම්පාරේ අඹමල්තලාවේ පානීය ලිං දහයක් මේ ව්‍යාපෘතියෙන් කර තිබීම .පරගහ කැලේ පානීය ලිං තුනක් ඉදිකරතිබීම.දෙහිඅත්තකන්ඩියේ පාසැලක සංගීත කාමරයක් ඉදිකිරීම වාගේ තවමත් මතක සිටින ව්‍යාපෘති මේ වා අතර තිබුනා.

මේව්‍යාපෘති නිරීක්ශණ චාරිකාවක් ඇමතිතුමිය ගියේ.ඔක්තෝම්බර් මාසෙ විතර.ඒතමයි එතුමිය මුලින්ම අම්පාරෙ බින්තැන්න වැව්ගම් හා පානම් පත්තුවලට ගම්වලට ගිය අවස්තාව.මේඅහිංසක දුප්පත් ගම්වාසීන්ගෙ අවශ්‍යතා ඔහුන්ගේ ජීවිතය ගැන දැක්ක ඇමතිතුමියඒ අයත් එක්ක ලොකු බැඳීමක් ඇති කර ගත්තා. ගම්වැසියොත් එතුමියව දැකපු පලමු අවස්තාව.ඇමතිතුමියගෙ කාරුණිකකමයි නිරහංකාරකමයිබොහෝම පැහැදිලි ව්‍යක්ත සිංහල භාෂා නිපුණතාවයයි අම්පාරෙ ගම්වාසීන්ගෙ බලවත් සතුටට හේතූ උනා. මේ අවස්තාව දෙපැත්තටම බොහොම ප්‍රීතිදායක අවස්තාවක් උනා.පලදායි නවසංවර්ධන ප්‍රවේශයක් සාර්තකව හදුන්වා දීමට හැකිවීමේ ප්‍රීතිය මට අදත් තියෙනවා.මේවැඩසටහන සාර්තකව කරන්න පුලුවන් උනේ තමන්ගෙ අමාත්‍යංස්හෙ සේවාවෙන් චන්ද බලා පොරොත්තු හෝතමන්ගෙ උදව් කරුවන්ට පමනක් සේවා සලසන්න ඕන කියන අරමුන නැතුව රටේ මුදල් වලින් පුරවැසියන්ගෙ අවශ්‍යතා ඉටුකරදීම,හා සැමටම යමක් කලයුතුයි බේදයකින් තොරව අවස්තාව සැලසියයුතුයි කියල හිතන්න පුලුවන් උසස් චින්තනයක් සහිත දේශපාලන නායකත්වයක් තිබීම කියලයි මගේ අදහස.

5 thoughts on “පනස් දාහේ ව්‍යාපෘතිය.

  1. පනස් දහකිනුත් මොනතරම් දේවල් කරන්න පුලුවන්ද කියල හිතුන කාර්යක්ෂමව අපතේ නොයවා මිනිස්සුන්ට එකට වැඩ කරන්න පුළුවන් නම් !

    අද වෙන්නේ මිනිස්සු හැම දෙනාම ආණ්ඩුව දෙනකන් කට අරන් බලාගෙන ඉන්න ගමන් කොන්ත්‍රාත්කාරයන්ට බඩ වඩා ගන්න දෙන එක 😦

    Liked by 1 person

  2. පනස් දාහේ ව්‍යාපෘතිය කිව්වම මම හිතුවේ අර පරිපලන සේවයේ නිලධාරීන්ට දෙන්න ඕනේ කියලා කැබිනට් එක කරපු යෝජනාව ගැනවත්ද මේ කියන්නේ කියලා…:D

    Like

  3. 👍. 50, 25, ඊලගට 10කුත්, ඒවට නම් සුනිල් මහත්තයට පින් ගොඩයි!!!
    කොමිස්, කොන්තරාත් ගැහිලි අවමයටම කළ ව්‍යාපෘති….. මතක් ⁣වුනාම දැනුනේ පුදුම සතුටක්!
    ඔබතුමාට පින්!!

    Liked by 1 person

  4. මට අවස්ථාවක් දෙනවනම් ඔය වියාපෘති යෝජනා කරන්න මම යෝජනා කරන්නෙ
    1 වියාපෘතිය අපේ පැත්තෙ පාසල් නැති හරියවල්වලට ප්‍රථමික පාසල් ඇති කිරීම මොකද දැන් හිතල බලන්න අතලෙ ඉඳල පහළ හෙවෙස්සට පාසලක් නැ කලුකන්දවට පාසලක් නැ ඒවායේ තේ වවා ගෙන ඉන්න සල්ලි තියන මිනිස්සුන්ට වාහන තියන හින්ද ඈත තියන ලොකු ඉස්කෝල වලට ලම්ය් අරගෙන යනව ඒක ලොකු ඉස්කෝලෙට ළමය දාගන්න පුලුවන්වෙන හේතුවක් වෙන හින්ද සල්ලි තියන මිනිස්සු ඒකට කැමතිය් නමුත් ඒ ගම්වල ඉන්න දුප්පත් ලම්ය් හුගක් දුක් විඳිනව ඉස්කෝලෙ යන්න
    2 වියාපෘතිය විද්‍යාගාර නැති ගැමි පාසල් වලට විද්‍යාගාර කාමර හදල දීම වියාපෘතිය
    15 x 15 කාමරයක් හැදුවත් හොඳටම ඇති මොකද එතකොට ඉස්කෝලේ මොන අවුල් තිබුනත් ව්ද්යගුරුවරයට ලම්ය් ටික විද්‍යාගාරයට අරගෙන් පාඩුවේ උගන්නනන්න පුළුවන් මම සැලසුම් අද්යක්ෂ වෙලා හිටිය කාලෙ විද්යකාමර 10 හදන්න මුදල්වෙන්කලා ඒ දවස්වල නිලදාරී නැතිකමට මම විද්‍යා සැලසුම් අයි ටී කොට්ටාශ කියන අද්‍යක්ෂ තනතුරු හතරම එකට කලානෙ එතකොට මට විරුද්දව විසාල විරෝදතාවයක් ආව එයා විද්‍යා අද්‍යක්ෂකම කරනහින්ද ඒකට ඇදල තමය් වැඩ කරන්නෙ කියල අතලේ ඕමත්ත ජනපද හැඩිගල්ල ජනපද විද්‍යාගාර ව්තරය් හදවන්න පුළුවන් වුනේ මම කලාප රැස්වීම් ශාලාව හදන්න වෙන්කළ කලාපෙට අය්ති සල්ලි කොලබ පළාත් අමත්යන්සෙ ඉන්න අය රෙජිනෝල්ඩ් මහත්තයට් පෙන්නල ඒ සල්ලි ඇදලඅරගෙන තමය් දෙමල අය සතුටු කරන්න සාන්ත මේරි විද්‍යාලෙ දෙමල ලමය්න්ට ගොඩනැගිලි හැදුවේ මගේ සැලසුම් ඔක්කොම අවුල් කරලා දැම්ම මම දේශපාලන බලයක් ඇතිකරගන්න යොමුවුනෙත් නැහැනෙ ඒවගේ හේතු රාශියක් නිසා මම සැලසුම් වලට වෙනත් කෙනෙක් දාන්න කියල කොලඹට ඉල්ලල කෙනෙක් අරගෙන ඒක බාරදුන්න මට පහුකාලෙක තේරුම් ගියේ දේසපාලන බලය නැතුව අපේරටේ වැඩ කරන්න තියන හැකියාව අඩුය් කියලය්
    3 වියාපෘතිය කොන්ත්‍රාත් පදනම මතක්‍රීඩා පිටි නැති ගැමි පාසල් වලට ක්‍රීඩා පිටි හදාදීමේ වියාපෘතිය
    දැන් බලන්න ඉස්සර කාලෙ හුගක් ගම්වල මිනිස්සු හොඳ ඉඩම්වල පදිංචිවෙලා ඉස්කෝල හදල තියෙන්නෙ වැඩකට නැති යන්තමට ඉඩක් තියන ඉඩම්වල ඉන්ගුරුදලුව ඉස්කෝලේ හදල තියෙන්නෙත් එහෙම තැනක තමා
    4 වියාපෘතිය කොන්ත්‍රාත් පදනම මතවිශ්‍රාම ගිය අයව කොන්ත්‍රාත් පදනම මත අඩු වැටුපකට සේවය කිරීමට ඉඩ ලබා දීමේ වියාපෘතිය
    මොකද මම විශ්‍රාම යනකාලේ හොඳට රාජකාරි නිපුනව හිටියෙ වැඩිපුර දුන්නෙ මාස තුනක් විතරය් කොන්ත්‍රාත් පදනම මත උතුරු නැගෙනහිර යන්න හැදුවත් හරිගියෙ නැහැ

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s