දීඝවාපි පංසලේ ධර්ම ශාලාව

අලුත් අමාත්‍යංශෙක සංවර්දන අධ්‍යක්ෂ පදවිය භාරගෙන කටයුතු කරන්න පටන් අරං සුලු කාලෙකින් අමාත්‍යංශෙ ලේකම් පදවිය වෙනස් උනා.පරිපාලනසේවාවෙ නවකයො හැටියට අපිව පුහුනු කරපු ආරියරත්න හේවගේ මැතිතුමා ලේකම් ධුරයට පත් උනා.හේවගේ මැතිතුමා එක්ක වැඩ කරන්න ලැබීම කෙනෙකුට ලැබෙන ලොකු අවස්තාවක් කිව්වෑකි.එතුමා බොහොම පැහැදිලිව නොපැකිලව නිවැරදිව තීරණ ගන්නවා.ඒවිතරක් නෙවෙයි ඒ ගන්න තීරන ක්‍රියාත්මක කරන්නත් පසුබටවෙන්නෙ නෑ.මගෙ සේවා කාලයතුල මුන ගැහුනු දක්ෂ ලේකම්තුමෙක් කියල නොපැකිලව කියන්න පුලුවන්.හේවගේ සර් ඇමතිතුමිය හමුවෙලා කිසියම් කරුනක් සාකච්චා කරනව නම් එම විෂයට අදාල අතිරේක ලේකම්, ජෙෂ්ට සහකාර ලේකම් හෝ අධ්‍යක්ෂ,සහකාර ලේකම් හෝ සහකාර අධ්‍යක්ෂ යන මාන්ඩලික නිලධාරින් සියල්ල කැඳවාගෙන යනවා.එතනදි කන්ඩායමක් හැටියට ගැටලු කතාකරලා තීරණවලට එලඹෙනවා.ඒනිසා ඒගැන අමාත්‍යතුමියත් සියලු වගකිවයුතු නිලධාරිනුත් දන්නවා.ඒනිසාම තීරණ ක්‍රියාත්මක කිරීම වේගවත්ව සිදු උනා.ඇමතිතුමියත් මේ ක්‍රමවේදය ගැන සතුට පල කරා.බොහොම දක්ෂ ලේකම් වරයෙක් එක්ක වැඩ කරන්න ලැබීම අපේ සුවිශේශී සතුටට හේතුවක් උනා.

අමාත්‍යංශයේ නායකත්වය ඇමතිතුමිය නිලධාරින්ගෙන් අපේක්ෂා කරන සේවාව පැහැදිලි කලා.අමාත්‍යංශයට පැවරී ඇති කාර්‍ය භාරය මැනවින් කාර්‍යක්ෂමව නීතියට අනුකූලව සිදුකිරීම ලේකම්තුමාගේ නායකත්වයෙන් නිලධාරින් කලයුතු බවත් මහජනතාවගේ පැත්තෙන් එම ක්‍රියාවලිය අධීක්ෂණය කිරීම තමන් හා නියෝජ්‍ය අමාත්‍යතුමන් සිදුකරන බව්ත් නිලධාරින් සිදුකරන කාර්‍ය පිලිබඳ පාර්ලිමේන්තුවට වගකියන්නේ තමන් බැවින් දුෂ්කර තා හා ගැටලු නිරාකරනය කරදීමට තමන්ට හැකි උපරිම සහායද දෙන බව එතුමිය නිලධාරින්ට පැහැදිලි කරා.කිසිදු අවස්තාවක නිලධාරින්ගේ කටයුතුවලට ඇඟිලි ගැසීම් දේශපාලන පැත්තෙන් නොඑන්නත් එතුමිය වගබලා ගත්තාමේ නිසාම අමාත්‍යංශයේ කවුරුත් සතුටින් වැඩ කලා.

අමාත්‍යතුමිය අම්පාරේ තම මැතිවරණ කොට්ටාශයේ ප්‍රතම සංචාරය ගියේ සති අන්තයක.එතුමියගේ පවුද්ගලික ලේකම් මගේ මිත්‍ර නීතීඥ යාසින් මහතාත් ඒ සංචාරයට ගියා..සති අන්තයක සිදු උන මේසංචාරයට අදල සති අන්තය නිමවීසදුදා දින කාර්‍යාලයට ගිය මට ඇමතිතුමියගේ කාර්‍යාලයෙන්කැඳවීමක් ලැබුනා.මමත් අතිරේක ලේකම්තුමාට දන්වා ඇමති කාර්‍යාලයට ගියා.කැඳවීම ඇමතිතුමියගෙන්මයි.ඒඅනුව ඇමතිතුමිය මුන ගැහුනා.

“ආ සුනිල් මහත්තයා මම අම්පාරෙ ගියවෙලාවෙ දීඝවාපිය පංසලට ගියානෙ.අනේ ඒලොකු හාමුදුරුවො හරිම කනගාටුවෙන් ඉන්නෙ.”

“ඇත්තටම මැඩම් දීඝවපීගියඑක හොඳයි. බොහොම පරණ තැනක්නෙ”

“අනේ ඒ වුනාට එච්චර පරන වටිනා කියන තැනක පංසලේ මොනවද තියෙන්නෙ.මොකවත් නෑනෙ.අපේ ඇමතිතුමා හදාදීපු දාන සාලාව ගැන කියල ඒශාලාව පෙන්නල පිං කිව්ව.හාමුදුරුවො ඉන්න පරන පංසල් ගේයි අලුත හදපු දානශාලාවයි ඇර දීඟවාපිය කියල තියෙන්නෙඅර මහ දාගැබේ ඉතුරු කොටස විතරනෙ.”

“ඔව් මැඩම් ඔය මිනිස්සු දීඝවාපියගැන ලොකු කයිවාරු ගැහව්වට එතන මූලිකපහසුකම් මොකවත් නෑ තමයි.”

“ඒකතමයි අරලොකුහාමුදුරුවෝ කිව්වෙ ඇමතිතුමාහිටියනම් උදව් කරනවාදැන් කවුද ඉතින් උදව් කරන්නෙ කියල.මට පෙන්නුව ධර්ම ශාලාවක සැලැස්මක්පංසලට ධර්ම ශාලාව හදාගන්න රජයෙන් උපකාරයක් කරන්න කියල ඉල්ලුව.හාමුදුරුවො මගෙන් ඉස් ඉස්සෙල්ල ඉල්ලපු උදව්ව කොහොමද මම හාමුදුරුවන්ට උදව් කරන්නෙ.?”

“මැඩම් මම මේගැන හොයන්නම් මොකක්ද කරන්න පුලුවන් කියල.මුලින්ම මේවගේ වැඩට සල්ලි හොයාගන්න එපායැ.ඒකට ඇස්තමේන්තුවක් හෙම හදාගන්න වෙනවනෙ.”

“හරි එහෙනම් ඉක්මන්කරල බලන්න කොහොමද මේ වැඩේ කරන්නෙ කියල දීඝවාපිය වගේ ප්‍රධාන පංසලක ධර්ම ශාලාවක් වත් නෑ කියන්නෙ කොහොමද?”

“ඔව් මැඩම් විහාර මන්දිරයක් වත් හරියට තිබුනෙ නෑ.බෝධිය ලඟ පොඩි කුටියකපිලිමයක්තියල මල්පූජාකරේ.අශ්‍ රොෆ් ඇමතිතුමා උදව් කරල තමයි දානශාලාවයි පොලිස්මුරපොලයි හදල1935හදල තිබුන ගරාවැටුනු පුංචි විහාරෙ ප්‍රතිසංස්කරණයකලේ 1997දි.ඒකටත් සම්බන්දවුනෙ මමනෙ.ඒවෙලාවෙ දීඝවාපියට මුලුගමටම විදුලියදීල නිවාස ආධාරදීලා පාරවල් හදලපංසලේ ඉඩම් මැනල මායිම් සලකුණුකරල ලොකු වැඩකොටසක්කරල ගමේ විස්සකට විතර වරායෙ රස්සත් දුන්නනෙ.මම මේකත් බලන්නම් “.

“ඒකතමයි ඇමතිතුමාට ඒවට උදව් කරාවගේ මේකත් බලන්න.”කියල ඇමතිතුමිය මට කාර්‍ය පැවරුවා

මමත් දීඝවාපි විහාරයට ධර්ම ශාලාවක් හැදීම සඳහා ගතයුතු ක්‍රියා මාර්ග ගැන හොයන්න පටන් ගත්තා.මුලින්ම ජාතික භවුතික සැලසුම් දෙපාර්ත මේන්තුවෙන් විමසීම් කරල බැලුවාදීඝවාපි විහාරය කටයුතු පිලිබඳ ඇති සැලසුම් ගැන.දීඝවාපි විහාරය හාපූජානගරය පිලිබඳ සැලසුම් සකස් කිරීම් භාරව හිටියෙ ජාතික භෞතික සැලසුම් දෙපාර්ත මේන්තුවයි.මේ අයගේ සැලසුම් වලට අනුව ධර්ම ශාලාවක් ඉදිකිරීම සුදුසු යැයි හැඟුනු බැවින් අවශ්‍ය සැලැස්මක් සමග ප්‍රමාණ පත්‍රඑම දෙපාර්තමේන්තුවෙන් සකසා ගත්තා.මෙහිදී දීඝවාපි විහාරාධිපති නන්නපුරාවේ බුධරක්ඛිත හිමි යන්ගේ සිතේ තිබෙන සැලැස්මට අනුකූලවෙන පරිදි ගොඩ නැගිලි සැලැස්ම සකස් කිරීමට ඇමතිතුමිය උපදෙස් දුන්නා.ඇමතිතුමිය ජාතික භෞතික සැලසුම් අධ්‍යක්ෂ තුමාට කතාකලා එනිසාම ඉක්මනින් අදාල සැලසුම් පිලියෙල කර ගත්තා.මගේ අංශයවූ නැගෙනහිරසංවර්ධන අංශයට වෙන්වූ ප්‍රතිපාදනවලින් මේ සඳහා මුදල් වෙන්කිරීමට අදාලව්‍යාපෘති වාර්තාවසකස් කර ලේකම් තුමාගෙන් අනුමත කරගත්තා.පලමු කොටස ලෙස ලක්ෂ විස්සක් අම්පාරදිසාපතිට වෙන්කර දුන්නා.මුලු ව්‍යාපෘතිය ලක්ෂ හැත්තෑ පහක් වසරතුනකදී අවසන්කිරීම අරමුනු කරගත්තේ ප්‍රමානවත් මුදල් එකවසරකදී වෙන්කිරීමට ශක්තියක් අමාත්‍යංශෙට නොමැති වීමෙන්.මේ ධර්මශාලාවෛදිකිරීම ආරම්භවීම ලොකු ආමුදුරුවන්ගේ අප්‍රමාන සතුටට හේතු උනා.උන්වහන්සේගේ අදහස උනේ ගරු එම් එච් එම් අෂ්‍ රෆ් මැතිතුමා දීඝවාපිය පංසලට හා ගමට කල සේවාව අනුස්මරනය කිරීමේ සංකේතයක් ලෙස මේ ධර්ම මංදිරය ඉදිකර ඊට අෂ්රෆ් අනුස්මරන ධර්ම ශාලාව යන නම යෙදීමයි.මේ ධර්ම ශාලාව තමහිතේ තියෙන සැලැස්මටම ඉදිකර ගැනිණි මට ලැබීම ගැනත් ලොකු හාමුදුරුවෝ සතුටින් .හිටියා.මුලදිවෙන්කල මුදල එක අවුරුද්දකින් අවසන් උනා.ඒ අවුරුද්දෙ තිබුනු චන්දෙන් ආණ්ඩුව වෙනස්වුනා.අපේ ඇමතිතුමිය විපක්ෂ මංත්‍රී කෙනෙක් උනා.අපේ අමාත්‍යංශයත් වෙනස් උනා.අලුතින් හැදුනු අමාත්‍යංශයන් නැගෙනහිර සංවර්ධන හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යංශය.නැගෙනහිර සංවර්ධන කෑල්ල තිබුනු නිසා මාවයි මගෙ රාජකාරි කල අංශයයි අලුත් අමාත්‍යංශෙට අනුයුක්ත උනා.මම අඛන්ඩව දීඝවාපි ධර්ම ශාලාවට අමාත්‍යංශෙන් මුදල්වෙන්කලා.2002/2003අවුරුදු දෙකේදි මිලියන දෙක බැගින් වෙන්කරලා 2003අවසානවෙනකොට ධර්මශාලාවෙ වැඩ 90%අවසන්කරා.

2004අවුරුද්දෙ ආයිත් ආණ්ඩුවවෙනස් වුනා.අපේ ඇමතිතුමිය නිවාස ඉදිකිරීම් නැගෙනහිර අධ්‍යාපන හා වාරිමාර්ග ඇමති කමට පත් උනා.කම් වූ පරිද්දෙන් නැගෙනහිර සංවර්ධන අධ්‍යක්ෂ ධුරධාරී මේ මම ඒ අමාත්‍යංශයේ නැගෙනහිර අධ්‍යාපන හාවාරිමාර්ග අධ්‍යක්ෂ ධුරයට අනුයුක්ත කෙරුනා.වැඩභාරගෙන ඇමතිතුමිය මුනගැසුනු විගස මට කාර්‍යන්දෙකක් පැවරුවා.එයින් එකක් උනේ දීඝවාපි විහාරයේ ධර්මශාලාවෙ තත්වය පිලිබඳවාර්තාවක් සමග වැඩනිමකිරීමට යන මුදල පිලිබඳ ඇස්තමේන්තුවක් දීම.(අනිත් කාරනේ ඈත බින්තැන්නේ බකිනිගස්දෝව ගම්මානයේ ගැමියෙකු වූ පුංචි බණ්ඩා මාමා මුනගැසී ඒගමට අවශ්‍ය දේවල් මොනවාදැයි දැනගෙනගමේ අවශ්‍යතා ඉටු කරදීමට කලයුතු දෑඇතුලත් වාර්තාවක් පිලියෙල කරදීම).පලමු කාර්‍ය වහාම දිනදෙකක් තුල ඉටුකර වාර්තාව සපයා දෙවනි කාර්‍යට ගියා.ඒකාර්‍ය නිමකර කාර්‍යාලයට එනවිට ධර්මශාලාවේ ඉතිරිවැඩ නිමකිරීමට මුදල් වෙන්කර අවසන් .එමමුදල් පාවිච්චි කර ධර්මශාලාවෙ වැඩ නිමකරගෙන යද්දී ඇමතිතුමිය මේ ගැන ජනාධිපතිතුමියට දැනුම්දීමට ක්‍රියාකලා.ඒඇසූ මොහොතේම ජනාධිපතිතුමිය මේකාර්‍ය විවුර්ත කිරීම සඳහා පැමිනීමට කැමැත්ත පල කලා.මේ වනවිට ත්‍ර්ස්තවාදය උග්‍රව ක්‍රියාත්මක නිසා ජනාධිපතිතුමියගේ පැමිනීම පිලිබඳ අපි කාතුලත් බියක් පැවතුනා.මේපිලිබඳ සාකච්චාවකදී ජනාධිපතිතුමිය පවසා ඇත්තේ කාටවත් කලින්නොකිය වාහනේක ගිහින් එමු කියලයි.කොහොම උනත් ජනාධිපති ආරක්ෂක අංශයදැඩි ස්තානීය පරීක්ෂන ගනනාවකට පස්සෙ පැයක කාලයකට ජනාධිපතිතුමිය දීඝවාපි පංසලට පැමිනිල්ලක් ම අනුමත කලා .ජනාධිපතිතුමිය අතින් ධර්මශාලාව විවුර්ත කිරීමේ පලකයේ අෂ් රෆ් ඇමතිතුමාගේ චායාරූපය යොදාසැකසිය යුතුබවත් අෂ්‍ රෆ් අනුස්මරණ ධර්මශාලාව යනුවෙන් නම් කලයුතුබවතෙතුමා දීඝවාපියට කලසේවාව එහි සටහන්වියයුතු බවත් ලොකු හාමුදුරුවෝ ඉල්ලා සිටියා.චායාරූපය පලකයකට යෙදීම ගැන ඇති හැකියාව ගම්පහ මිරිස්වත්තේ දර්ශන ගල්කැටයම් අධිපති ලක්ෂමන් මහතාගෙන් විමසූවිට චායාරූපය ලබාදෙන ලෙසත් උත්සාහකර බලන බවත් ඔහු පැවසුවා.ඔහුගේ උත්සාහය සාර්තක උනා ඒඅනුව නියමිත පලකය සකස් කෙරුනා.නියමිතදින මුලු අම්පාර දීඝවාපිය වටා යෙදූ දැඩි ආරක්ෂාවකින් අනතුරුව අතිගරු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරනතුංග මැතිනිය දීඝවස්පි විහාරයට පැමිනියා.එතුමියගේ තේපැන්සංග්‍රහය මම භාරදුන්නේ දීඝවාපිය ග්‍රාමනිලධාරිනී රොසලින් නෝනා මහත්මියටයි.බාහිර කිසිදු අයෙකු සම්බන්ද කර නොගෙන තම නිවසේ සියලු කැවිලි වර්ග තම අතින්ම සැකසූ ඇය සාරවත් තේපන්සංග්‍රහයක් ජනාධිපතිතුමිය ප්‍රමුඛ අමුත්තන්ට පිලි ගැන්වූවා.ජනාධිපතිතුමිය අපේ ග්‍රාමනිලධාරිනියගේ කෑම රසවත් වීම ගැන කල ඇගයීමෙන් ග්‍රාමනිලධාරිනිය අතිශය සතුටු උනා.”මගදි කන්න මැඩම්” කියල අලුවා පාර්සලයකුත් අපේ ග්‍රාමනිලධාරිනිය ජනාධිපති තුමියට දුන්නා.ධර්ම ශාලාව විවුර්තකර කෙටි උත්සව සභාවකින් පසු ජනාධිපතිතුමිය අපටත් ස්තූතිකර පිටත්ව ගියා.ජනාධිපති ආරක්ෂක අංශය පැයකට සීමාකල සංචාරයේදී පැය දෙකකට අධික කාලයක් එතුමිය දීඝවාපි පංසලේ ගතකලා.

මාසමග මේ කාර්‍යට උපරිමසහායෙන් වැඩකල දීඝවාපි ගම්වාසී බංදුල සරත් කුමාර ගැනත් නොකියාම බෑ.බොහෝදේ බිම්මට්ටමේ කලේ ඔහුයි.කාර්‍ය පැවරූ පසු ප්‍රශ්න මතුවූවිට ඒවා විසදමින් කාර්‍ය කරනවා මිස හේතු ඉදිරිපත් කිරීම බංදු කරේ නෑ.මේවිදියට ධර්මශාලාවක් රජකාලෙන් පස්සෙ දීඝවාපි පංසලට එකතු උනේ අපේ ෆේරියල් අෂ්‍ රෆ් ඇමතිතුමිය නිසයි.අදත් එමධර්මශාලාව දීඝවාපියේ තියනවා.හැබැයි අර පලකය නැතුව.ඒකට වෙච්චදේ වෙන කතාවකින් කියන්නම්.

4 thoughts on “දීඝවාපි පංසලේ ධර්ම ශාලාව

  1. කොහෙ ගියත් දෙකයි පනහෙ තුප්පහි දේශපාලනේ, නමුත් කිසිවක් කරන්න බැරි වෙච්චි අයගේ නරිවාදන් නම් එමටයි !

    Liked by 1 person

  2. සහජීවනයේ සැබෑ මුහුණුවර ගැන දැනගන්න සර් ගෙ අත්දැකීම් නවකයින් ට හරිම වටිනවා.දෙචනිකොටස කියවන්නට බලාපොරොත්තුවෙන් ජය පතමි.

    Like

  3. 😊 මම දේශපාලනයට සම්බන්ධවෙලා හිටිය කාලය තුල සිදුවු වැදගත් සිදුවිම් වලින් එකක් මේක.
    ඒවට වුනු දේවල් ගැන ලියන්න එහෙම නැත්නම් රටට කියන්න කියලා නොයෙකුත් දෙනා කියනවා. එවුනාට එහෙම කරන්න වුවමනාවක් මට තිබුනෙම නැහැ.
    සුනිල් මහත්තයාගෙ සම්බන්ධය සහ කාය්‍යී ගැන කියවනකොට ඉතුරු කොටස කියන්න ලොකු වුවමනාවක් ඇතිවුනා 😀 එවුනාට නිහඩතාවය ගුණයි කියලා ආයිත් නිහඩ වුනා 😊

    Liked by 1 person

    1. දීඝවාපි පන්සලට මිට අවුරුදු තුනකට විතර කලියෙන් අපි ගියේ චෛත්‍ය පිලිසකර කරන්නට පහල තිබුන ගඩොල් උඩට ඇදලා දෙන්නට අපේ ආයතනයේ සුබසාධක සංගමයෙන් කරපු ශ‍්‍රමදානයකට. මේ ලිපිය කියවන කම් ධර්මශාලාව අෂ්රෆ් මහත්මිය කරපු දෙයක් කියලා දැනන් හිටියේ නෑ. එහේ තිබුනේ බුදු මැදුර ගමගේ මහතා කරවපු බව සදහන් පුවරුව විතරයි. මේ නිවට දේශපාලනයෙන් අර්ෂෆ් මහත්මිය අයින් වෙලා ඉන්න එකමයි හොද. එත් නිහඩව සිටිමෙන් පලක් නෑ. හඩ ඇවැසි තැනේදි යොදා ගන්න.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s