අලුත් ඒ ඕ මහත්තයා.

2002 අවුරුද්දෙ ආණ්ඩු වෙනසක් උනේ අපේ අමාත්‍යංශෙ ලොකු වෙනසක්කරමිනුයි.අපි එතෙක් හිටපු අමාත්‍යංශෙ කෑලි දෙකකට කැඩුනා.නාගරික මහජන උපයෝගිතා අමාත්‍යංශය කියල කොටසක් වෙනම අමාත්‍යංශයක් උනා.අපේලේකම් ආරියරත්න හේවගේ මහත්තය අතිරේකලේකම් අශෝකජයසේකර මහත්තයත් තව අපේ කීපදෙනෙකුත් ඒඅමාත්‍යංශෙට ගියා.නිවාස අධිකාරිය අපේ අමාත්‍යංශෙන් ඉවත්වෙලා වෙනම කැබිනට් නොවන අමාත්‍යංශයක් උනා.නැගෙනහිරසංවර්දන අංශෙයි පුනරුත්තාපන අංශෙයි ගිනුම් අංශෙයි විතරක් ඉතුරු උනාට ඒ අංශවල මාන්ඩලික නිලධාරි කීපදෙනෙක් වෙන අමාත්‍යංශවලට ගියා.ඉතුරු උන කෑලිත් එක්ක අපි අලුත් අමාත්‍යංශෙ උනනැගෙනහිර සංවර්ධන හාමුස්ලිම් ආගමික අමාත්‍යංශය ගොඩ නගන්න උත්සාහ කලා.අපේ පැරනි අමාත්‍යංශෙ ස්තානගතවෙලාතිබුනෙ නිවාස අධිකාරි ගොඩනැගිල්ලෙ තුන්වෙනි තට්ටුවෙයි හයවෙනි තට්ටුවෙයි.ලේකම් ඇතුලු අපි හිටියෙ තුන්වෙනිතට්ටුවෙ.ඇමතිතුමිය හයවෙනි තට්ටුවෙ කොටසක.අමාත්‍යංශෙ අහෝසියත් එක්ක හයවෙනි තට්ටුවට නිවාස අධිකාරිය භාර ඇමතිතුමා ආවා. එතුමගෙ අමාත්‍යංශෙ අපි හිටපු කොටසෙ ස්තානගත කිරීමයි අරමුන උනේ.ඒඅමාත්‍යංශෙට අතිරේක ලේකම් කෙනෙක් පත්වෙල ආවා.ඒ සෙනවිරත්න මහත්තයා.හැබැයි ඉන්න තැනක් නෑ.ඒවෙනකොට අපේ අතිරේක ලේකම් තුමා ඒකාමරේ ඉන්නවා.මම එලියට යන්න ලිෆ්ට් එක ලඟට යනකොට ටිකක් දැකලපුරුදු මහත්තයෙක් බෑග් එකක් අතේතියාගෙන ඉන්නවා.මාවදැකල හිනාවුනාම දැකපුරුදු ගතියක් දැනුනා.මම ඒගැන විමසුවා.

“ඔබතුමාව හොඳට දැකලපුරුදුයි ඒත් කවුද කියල මතක් වෙන්නෙ නෑ”.මම කිව්වා.

“ආ මම සෙනවිරත්න මේ අලුත් අමාත්‍යංශෙ වැඩ භාරගන්න ආවෙ.”කියල පිලිතුරු දුන්නා.

“ඔබතුමා අදවැඩ භාර ගන්නෙ…..”

“මාව පත්කරල තියනව අතිරේක ලේකම් තනතුරට.”

එතකොට මට තේරුනේ මේඉන්නෙ අලුත් අමාත්‍යංශෙ අතිරේක ලේකම් තුමා.කියල.

“සර් දැකල පුරුදු වගේ දැනුනෙ කොහෙදි හරි හමුවෙලා ඇති මම සුනිල් මෙතන තිබුනු අමාත්‍යංශෙ සංවර්ධන අධ්‍යක්ෂ එතකොට සර් මේ යන්නෙ එලියටද.?”

“නෑ මට ඉන්න තැනකුත් නෑ තාම.මම පාලන අංශෙ අපිට එනකොටසෙ අයට කියල පොත අත්සන් කරා.ඉන්න තැනක් හොයා ගන්න එකයි මුලින්ම කරන්න ඕන.ඒකයි බැලුවෙ.”

“ආ හරි සර් යමු මගෙ කාමරේට” කියල එතුමව මගේ කාමරේට එක්ක ගිහින් මගෙ සාකච්චා මේසෙවාඩි කරා.මගේ කාර්‍යාල කාර්‍ය සහායක මහත්තයට එන්න කියල එතුමව අඳුන්වල දුන්නා.එතුමට වැඩවලට උදව් කරන්න කියල කාසේසේ මහත්තයට උපදෙස් දුන්න.

“සර්ට මොනවහරි වැඩක් කර ගන්න උනොත් මෙයාට කියන්න.තැනක් හම්බුවෙනකම් මෙතන ඉමු.”

“අනේ මන්ද සුනිල්ට මංහින්ද කරදරේ නේද?”

“ඕක මොකක්දසර් අපි මොන අමාත්‍යංශෙ උනත් එක රාජ්‍ය සේවෙනෙ ඔන්න ඔහොම තියෙන විදියට ඉමු.මට මොන කරදරයක් ද?”

අතිරේක ලේකම් සෙනවිරත්න මහත්තය මගෙ කාමරේ දිනදෙකතුනක් හිටිය.බොහොම තැන්පත් නිහතමානි ජේය්ෂ්ඨ නිලධාරියෙක්.මට කිසිදු කරදරයක් උනේ නෑ.දින දෙකතුනක් තුලදි එතුමට කාමරයක් ලැබුනා.අපේ අමාත්‍යංශෙට ලේකම් කෙනෙකුත් පත්කරේ නෑ.අමාත්‍යංශය භාරවුනු අලුත් ඇමති රවුෆ් හකීම් මැති තුමාට තව වරාය හා නාව්ක අමාත්‍යංශය ත් භාරදීල තිබුන.ඒඅමාත්‍යංශෙ ලේකම් තුමා අපේ අමාත්‍යංශෙත් වැඩ බැලුව.හරි හැටි නායකත්වයක් නැතිව අතර මංවෙලා හිටපු අපි එකතුවෙලා කොල්ලු පිටියෙ ගාලු පාරෙ ගොඩනැගිල්ලක් අමාත්‍යංශෙට හොයාගන එතන කාමරවෙන් කරවගෙන අමාත්‍යංශෙ එතනට ගෙනිච්චා.මේ වැඩ වලට හුඟක් මහන්සි උනේ අපේ පරණ අමාත්‍යංශෙ වැඩකරපු අන්තිම මාසෙ විතර අපේ අමාත්‍යංශෙ තිබුනු පරිපාලන නිලධාරි තනතුරට ස්තාන මාරුවෙල ආපු පෙරේරා මහත්තයයි. පෙරේරා ඒ ඕ මහත්තය ඇවිල්ල මාසෙන් දෙකෙන් අමාත්‍යංශෙ සුලු සේවක කොටස් අතර බොහොම ජනප්‍රිය උනා.අලුත් තැන අමාත්‍යංශෙ ස්තාපිත කරල සති දෙකක් යන්න ඉස්සෙල්ල වරායෙන් අපේ අමාත්‍යංශෙට දිවා ආහාරය සපයන්නත් කටයුතු කරා.වරායයි නැගෙනහිර සංවර්ධනයයි අතර තිබුනු එකම සම්බන්දෙ වරාය ඇමතිම අපෙත් ඇමති වීම පමනයි.හැබැයි පෙරේරා ඒ ඕ මහත්තය ලේකම්තුමාට ලිපියක් ඉදිරිපත් කරල ඇමතිතුමාගෙ අනුමැතිය අරගෙන වරායෙන් අපේ අමාත්‍යංශෙටත් දිවා ආහාරය ලබා ගන්න කටයුතු කරා.ඒත් එක්කම රියදුරු කාකාසේ මහත්වරුන්ට අතිකාල එහෙම නිර්දේශ කරන කොට කිසි ලෝබ කමක් පෙන්නුවෙ නැතුව ඒ ඕ මහත්තය කටයුතු කරාමේ නිසා පාලන අංශෙ ලොකු බලයක් ඒඕ මහත්තයට ලැබුනා.මේවනවිට පාලන අතිරේක ලේකම් කෙනෙකුත් හිටියෙ නෑ.ඉක්මනින්ම රාසික් සර් අතිරේක ලේකම් පාලන හැටියට පත් උනා.රාසික් සරුත් බොහොම නිහතමානී සාධාරණ ජේය්ෂ්ඨ නිලධාරියෙක්.මම පරිපාලන වැඩවලට සම්බන්දයක් නැතිනිසා ඒ ඕ මහත්තය එක්ක සම්බන්දතාවක් තිබුනෙම නෑ.පරිපාලන කටයුත්තකදි මට ගැටලුවක් ආවොත් රාසික් සර්ට කියන එකවිතරයි බොහොම ඕනෑකමින් වැඩේ කරල දෙනවා.මෙහෙම වැඩ කරගෙන යන කොට අපේ අමාත්‍යංශෙට වෙනමම ලේකම් වරයෙක් පත් කෙරුණා.

අලුතින් පත් උන ලේකම් තුමාධර්මසේන දිසානායක මැතිතුමා.සිවිල් ගුවන් සේවා අමාත්‍යංශෙ අතිරේක ලේකම් කමේ හිටපු එතුමාව අපේ අමාත්‍යංශෙ ලේකම් ධුරයට පත් කරල එවපු එක අපිට නිකං මහා නියඟකින් අවුරුදු ගානක් විදවපු තැනට මහාවැස්සක් වැටුනවගේ උනා.නිසි නායකත්වයක් නැතුව හිටපු අමාත්‍යංශෙට ශක්තිමත් නායකත්වයක් දුන්නු දිසානායක සර් අමාත්‍යංශෙ කටයුතු සංවිධානය කරල විධිමත් කරන්න සති දෙකතුනකට වඩා ගත්තෙ නෑ.මේ එක්කම පලාත්පාලන මැතිවරනයක් හෝ පලාත්සභා මැතිවරනයක් තිබුනා.අපි හැමෝම සුපුරුදු විදියට චන්ද රාජකාරිත් ගිහින් ආවා.අලුත් ලේකම්තුමා එක්ක වැඩ කිරීම බොහොම ප්‍රීති ජනක උනේ එතුමා ගැටලු වලට එවෙලේම විසඳුම් දෙන බොහොම මිත්‍ර ශීලී බුද්ධිමත් කෙනෙක් වීම නිසයි.මේවිදියට වැඩ කරගෙන යද්දි එක දවසක් මට අමුතු දුර කතන ඇමතුමක් ලැබුණා.

“ඔය නැගෙනහිර සංවර්ධන අමාත්‍යංශෙද?”දුරකතනයෙන් කතා කල කෙනා විමසුවා.

“ඔව් කාටද කතාකරන්න ඕන”

“මට කතාකරන්න ඕනෙ කවුරුහරි ජේයෂ්ඨ නිලධාරියෙකුට.හැබැයි පරිපාලනයට සම්බන්දනැති කෙනෙකුට.මට දැන ගන්න පුලුවන්ද කතාකරන මහත්තය කවුද කියල.”

“මම සංවර්ධන අංශය භාර අධ්‍යක්ෂ කන්නන්ගර කතාකරන්නෙ”

“මට ඔය අමාත්‍යංශෙට අදාල වැදගත් තොරතුරක් දැන ගන්න තියෙනව.ඔබතුමා පාලන අංශෙට සම්බන්දව වැඩ කරනවද?”

“මගෙ අංශෙන් කරන්නෙ සංවර්දන කටයුතු පාලන අංශය භාර අතිරේක ලේකම් කෙනෙක් වෙනම ඉන්නවා.”

“ඔය අමාත්‍යංශෙ ඒ ඕ පුරප්පාඩුවක් තියෙනවද”

“නෑ නෙ අපේ ඒ ඕ කෙනෙක් ඉන්නවා.”

“එයා ලඟදිද ආවෙ?”

“ලඟදි තමයි හැබැයි අපේ කලින් අමාත්‍යංශෙට ආවෙ.එතන මාස දෙකක් විතර ඉන්න කොට අමාත්‍යංශ වෙනස් උනා.ඊට පස්සෙ අපි ඔක්කොම මේ අමාත්‍යංශෙට ආවා.දැන් මිනිහ ඇවිල්ල මාස අටක් නමයක් වෙනවඇති”

“ඔය ඒඕගෙ නම පෙරේරාද”

“ඔව් පෙරේරා තමයි”

“එයා ඔබතුමා එක්ක හොඳද?”

“මගෙ එක්ක තරහක් නෑ.හැබැයි වැඩි සම්බන්දෙකුත් නෑ.මගෙ රාජ කාරියට සම්බන්ද නෑනෙ.”

“එහෙනම් මම තොරතුරක් කියන්නම්.හැබැයි හරිම ප්‍රවේසමෙන් වැඩ කරන්න.මම කියනදේ අහල කලබල උනොත් මොකුත් කරන්න වෙන්නෙ නෑ.ලෝක හොරෙක් අල්ල ගන්න ඕනෙ නම් රහසිගතව පියවර ගන්න.”

මගෙ කුතුහලය උපරිමේට නැගල මේවනවිට.කිසි දෙයක් හිතා ගන්නවත් බෑ.

“හරි මොකක්ද ඔය ලොකු තොරතුර?”

“ඔය ඉන්න ඒ ඕ ආන්ඩුවෙ රස්සාවක් කරන මිනිහෙක් නෙවෙයි.වංචනිකව පත්වීම් ලිපි හදාගෙන ඇවිල්ල වැඩ කරන කෙනෙක්.ඔය වැඩේ තවත් අමාත්‍යංශ දෙකක කරල අවුරුදු ගනන් පඩි අරගෙන පැනල ඉන්නෙ.මේ ගැන දැන ගන්න එකදෙයයි කරන්න ඕන.රාජ්‍ය පරිපාලනේ ඒකාබද්දසේවා අංශෙ අධි ශ්‍රේණි ශාඛාවෙන් මිනිහගෙ නමකියල අහන්න එහෙම කෙනෙක් ගැන දන්නවද කියල.කරන දෙයක් මිනිහට නොදැනෙන්න කරන්න.දැනගත්තොත් ඔතනිනුත් පනිනවා.”

“මොනවා ඔය ඇත්තද?”

“සම්පූර්ණ ඇත්ත.මම මිනිහ ගැන දන්නවා.කලින් කර්මාන්ත අමාත්‍යංශෙ හිටියා.ඊට කලි න් කෘෂිකර්ම අමාත්‍යංශෙ හිටිය.පහුගිය චන්දෙ මිනිහ කලුතර රාජකාරි ගිහින් ඉන්නව දැක්කා.ඒකෙන්තමයි මම හිතුවෙ මෑන් ආයිත් කොහේ හරි වැඩ ඇති කියල.පස්සෙ මිනිහ ගියවාහනේ අංකෙන් කලුතර මැතිවරණ කාර්‍යාලෙන් තමයි ඉන්නතැන හොයාගත්තෙ””

“මේගැන නම් වහාම බලන්නම්.කවුදමේ කතා කරන්නෙ.?

“මම කවුද කියන එක වැදගත් නෑ.මේහොරා ගැන ක්‍රියාමාර්ගයක් ගන්න..”

“හොඳයි මම මේගැන අපේ සෙකට්‍රිට කියල මොනවහරි කරන්නම්.”කිව්වම දුරකතනය විසන්දි උනා.

මම වහාම ලේකම්තුමා මුනගැහිල මුලු සිද්දියම කිව්වා.ලේකම් තුමාටත් පුදුමයි.මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද කියල.මේ ගැන සම්පූර්ණයෙන් රහසිගතව හොයන්න මටම පැවරුවා.මම රාජ්‍ය පරිපාලනෙට ගිහින් බැලවා.මේනම තියෙන කෙනෙක් අධි ශ්‍රේණි ශාකාවෙ තොරතුරු නෑ.කර්මාන්ත කෘෂිකර්ම අමාත්‍යංශවලට කතාකරල බැලුවා ඒනමතියෙන කෙනෙක් හිටියද කියල.වෙනත් නම් දෙකකින් වංචනිකව සේවයකර පොලිස් විමර්ශන කරන අතරතුර අතුරුදහන්වී ගිය මෙබඳු අයෙක් සේවය කලබව අමාත්‍යංශ දෙකම තහවුරු කරා.මේතොරතුරු ටික පස්සෙන්දම ලේකම් තුමාට වාර්තාකලා.ලේකම්තුමාමිනිහගෙ පුද්ගලික ලිපිගොනුව බලන්න ගෙන්වන්න හදනකොට මම යෝජනා කරා එතකොට මිනිහ සැක කරනවා.ඒනිසා සර් අලුතින් ආපු ලේකම්තුමා නිසා සියලු මාන්ඩලික නිලධාරීන්ගෙ පුද්ගලික ලිපිගොනු ගෙන්වන්න කියල.ලේකම්තුමා ඒයෝජනාව පිලිගත්තා.ඒ අනුව ගෙන්නපු ලිපිගොනු අතර ඒ ඕ ගෙ ලිපිගොනුව නෑ.විෂයලිපිකරු කිව්වෙ තවම කලින් සේවයකරපු තැනින් එවල නෑ කියලයි.ලේකම්තුමා සාමාන්‍ය උපදෙසක් විදියට ඉක්මනින් පුද්ගලික ලිපිගොනු ගෙන්න ගන්නඑපායැ කියල ඒකාර්‍ය නිමකරා.

ඊටපස්සෙ මොකද කරන්නෙ කියල ලේකම්තුමයි මමයි කතා කරල පොලිසියට පැමිනිලි කරන්නතීරණය කරා. ඉස්සෙල්ල අතිරේක ලේකම් පාලන රාසික් සර් ගෙන්නල මේ විස්තරේ කිව්වම රාසික් සර් පුදුම උනා.පොලිසියට දැන්වීම ලියුම රහසිගතව සැකසීම රාසික් සර්ට පැවරුනා.එතුමත් බොහොම රහසිගතව ලිපිය සකස් කර කොල්ලුපිටියෙ පොලිසියට කතාකරල පැමි නිල්ලක් ලෙස යැව්වා.මේසේරම කරේ සිකුරාදා හවස.සදුද උදේ ඒ ඕ වැඩට ආවෙ නෑ.මමයි රාසික්සරුයි ලේකම්තුමයි මේගැන කතාවුනා.මගෙ අදහස උනේ මිනිහ අපේ සැලැස්ම දැනගෙන මග ඇරියා කියලයි ඒත් රාසික් සර් ගෙ අදහස උනේ මිනිහ අඟහරුවාදා එයි කියන එකයි.කිව්වත්වගේ අඟහරුවාදා ඒ ඕ මහත්තය වැඩට ආවා.අත්සන් කරන තැනදි මටත් ගුඩ් මෝනින් සර් කියල සුභපැතුවා.මමත් කට පුරා ගුඩ්මෝනින් මිස්ටර් පෙරේරා කියල මගෙ කාර්‍යාලෙට ගියා.රාසික්සර් කොල්ලුපිටිය පොලිසියට කතා කරල වහාම එනලෙස දැනුම් දුන්නා.පොලිස් ස්තානයට අපේ අමාත්‍යංශෙ ඉඳන් මීටර් සීයක්වත් නෑ.පොලිස් නිලධාරින් පස් දෙනෙක් වහාම ඇවිත් පාලන අංශෙට ඇතුලු උනා.අපේ ඒ ඕ මහත්තය ඒවෙලාවෙ ලිෆ්ට් එක ලඟ .මිනිහ ලිෆ්ට් එකට ගොඩවෙලා පහලට බැහැලතියෙනවා.ඒ ඕ මහත්තයා රථ ගාලෙන් ගාලු පාරට ඇවිත් කොලඹ පැත්තට යන බස් එකකට කලබලෙන් ගොඩ උනා දැකපු පිරිසිදු කිරීම් සේවාවෙ කෙනෙක් පස්සෙ ඒ බව කිව්වා.අපේ ඒ ඕ මහත්තයා එතනිනුත් අතුරුදහන් උනා.

මෙච්චර ලස්සනට ප්ලෑන් කරපු ෂර්ලොක් හෝම්ස් වැටලීම අසාර්තකවීම ගැන මට හරි කේන්තියි.ඒනිසාම ඇමතිතුමාගෙ මාධ්‍ය ලේකම් ජවුපර්ට කියල මේ සිද්දිය ලංකාදීප පත්තරේට දැම්මා.හොර පත්වීමට වැටුප් මාස අටක් අරගෙන කියල පත්තරේ මුල්පිටුවෙ මේප්‍රවෘතිය පල උනා.අපේ ඒ ඕ මහත්තය රුපියල් 38000/=ආපදා ණයත් අරගෙනයි තිබුනෙ. මාස අටක් විතර පඩි අරගෙන තිබුනා.මේවිස්තරේ දැනගත්තු විශාල පිරිසක් අපිට කතාකරා.රුහුණු කුමාරි කෝච්චියෙ වැඩට එන අය මිනිහව හොඳට දන්නවා.ඒ අය කිව්වෙ මිනිහ කොහේහරි හොරට රස්සාවක් කරන බව ඒ අය දැන ගෙන හිටි බව.හැබැයි කාර්‍යාලය කුමක්දැයී තමන් නොදැනසිටි බවත් ඔහුන් පැවසුවාමේ පුද්ගලයා කරන්නේ පුරප්පාඩු තියෙන කාර්‍යාලෙකට කලින් ගිහින් තමන් රාජ්‍ය කලමනාකරන සහකාරසේවෙ අධි පන්තියෙ කෙනෙක් කියල පුරප්පාඩුවට එන්න කැමැත්ත අරගන්නව.ඒබවට ලිපියක් රාජ්‍ය පරිපාලනේට ඉල්ලගෙන යන මිනිහ ඊලඟට එන්නෙ තමන් සේවය කරනවායැයි කියූ කාර්‍යාලෙ ලිපි ශීර්ෂයක තමන්ව අදාල අමාත්‍යංශයේ සේවයට වාර්තාකිරීම සඳහා නිදහස් කල බවට ලිපියක් අරගෙන.ඒලිපිය ලියලතියෙන්නෙ ඒකාබද්ධසේවා අධ්‍යක්ෂකගේ ස්ථාන මාරු නියෝගෙකට අදාල කරලයි.අපේ රාජ්‍ය්මසේවෙ මාරුවෙල එනමිනිහගෙ හැදුනුම්පත බලල නෙවෙයි වැඩ භාර ගන්න දෙන්නෙ.ඒනිසාම අරවගේලිපියක් අරගෙන ඇවිත් අලුත් තැන වැඩභාරගෙන ඒ බවට වාර්තාකරනලිපිය මිනිහ අතට අරගෙන අයින් කරනවා.ඒ ලඟදිම ආපදා ණයමුදල ඉල්ලන්නෙ පුද්ගලික ලිපි ගොනුව නැතුවයි.ඒ ගැන ඇහුවම විෂය ලිපිකරුට චාටුවක් දාල කියනවා අනේ බං ඕක එනකම් මට සල්ලි හදිසියි ණය හදල දීපංකො කියල.තමන්ගෙ ආසන්න අධීක්ෂන නිලධාරි නිසා ලිපිකරුවො සහයෝගය දෙනවා.ඔය ක්‍රමෙට අහුනොවී දිගටම වැඩ කරනවා.තම අධීක්ෂනයෙ ඉන්න කාර්‍ය්ම මංඩලයට සුලු සේවකයින්ට බොහොම මිත්‍රශීලීව උදව් කරන එකයි මිනිහගෙ ක්‍රමයඒඑනිසා ඒඅය මිනිහත් එක්ක ලොකු බැදීමක් ඇති කර ගන්නවා.

ඊට මාස දෙකකට විතර පස්සෙ බස්නාහිර පලාත්සභාවට මේවගේ පත්වීමක් පෙන්නල වැඩ භාරගත්තු ඒ ඕ පෙරේරා මහත්තයගෙ ප්‍රධානියා උනේ අපේ පත්ත්‍රවාර්තාව දැකපු කෙනෙක්.එයා මෙයාට රාජකාරි භාර දීලා පොලිසිය ගෙන්නලා මිනිහව අල්ලල දුන්නා.එයාට මේ කාර්‍ය කරන්න පුලුවන් උනේ අපේ පත්තරේ නිවුස් එකෙන් ලත් දැනුම නිසා කියලයි කිව්වෙ.ඒ ඕ මහත්තයා කම්වූ පරිද්දෙන් වැලිකඩ ගියා.

4 thoughts on “අලුත් ඒ ඕ මහත්තයා.

  1. හොඳය් රසවත් ලිපියක් පලකරල තියෙන්නෙ අතීත සිද්ධි ලියනවිට වාර්තා ස්වරුපයක් එනඑක වලක්වන්න බැහැ නමුත් ප්‍රවීණ වෙනකොට රස වැඩිකරන්න හැකිවෙන්න ඕන අර අලුත් ඒ ඕ මහත්තය ගැන ගුණ වර්ණනා කරන හරියෙ තව ටිකක් ඔහුගෙ ගුණ කිව්වනම් ඔහු අහුවෙන කොට ඇතිවන රසය වැඩිවෙනව මේ කතාව කියවනවිට මට මතක්වුනේ අර රෑ හේනට ගිහින් උදේ ආපු මිනිහෙක් ගෙදර තිබුණු සබ්බ්සකලමනාවම හොරෙක් අරන් ගිහින් තියනව දැකල ඌ උබ එක්ක නිදිත් වැදලද ගියේ කියල අහපුවහම ඉතින් මම කොහොමද දන්නෙ මම හිතුවෙ ඔහේ කියලනෙ කියල ගෑණි කිව්ව කතාව
    දැන් මේ අයට හරි පත්වීමක් නැති වෙන්න පුළුවන්
    ඉතින් මොකෝ
    හරි පත්වීම් තියන ආයතන සංග්‍රහය පාඩම් කරමින් ඉන්න අයට කරන්න බැරිවුන වැඩ ඔහු කෙටිකාලයකින් කරලා තියෙන්නෙ
    අනිත් එක එහෙමනම් ඔය
    ආයුර්වේද දොස්තරල ඉංග්‍රීසි බෙහෙත් දෙන්නෙ
    O/L විතරක් පාස් විදුහල්පතිල ඉන්නෙ
    කවදාවත් ඉස්කෝලෙක උගන්නල නැති අද්යාපන අද්යක්ෂකල ඉන්නෙ
    බුද්ධ ධර්මය දන්නෙ නැති හාමුදුරුවරු ඉන්නෙ හැබය් වරදවා ගන්න එපා මෙයින් අදහස් කරන්නෙ නැහැ අනිත් ආගම්වල අය හොඳය් කියල
    මිනිස්සු කීප දෙනෙක් එක්ක හිටපු ගෑණු පටලය එක්ක වත්තම අලුත් වැඩියා කරගෙන පෝරුවට නගින්නෙ
    නීති මතක නැති අය නඩුකාරකම් කරන්නෙ නීතිජ්නයො හරියාකාරව නීති මතක් කරල දුන්නෙ නැත්නම් නඩුව පරාදය්
    රටේ පුරවැසිකමවත් නැති අය මහා බැංකුවෙ අදිපතිවෙලා ඉඳල තියෙන්නෙ
    විෂය ගැන මොකුත් නොදන්න අය ඇමති වෙන්නෙ
    බැලුවහම ඇමතිට හරියන විදියට අමාත්‍යංශ හදල යා කරල දෙනව මිසක් අමාත්‍යංශයට ගැලපෙන ඇමති පත්කරනව නෙමෙය් වගේ
    මේකේ වැරදි දෙයක් කරපු තැනක් තියනව පුදුමය් පරිපාලන සේවේ කෙනෙක් මෙහෙම වැඩක් කළා කිව්වහම ඒක තමය් අර ලිඛිත පැමිණිල්ලක් පොලිසියට යැව්ව කියන තැන ඕක කී දෙනෙක් බලන්න ඇද්ද අප විසින් පොලිසියට යැවූ පැමිණිල්ලේ චායා පිටපතක් ඔහුගේ මේසය මත විය කියල තිබුනානම් පුදුම වෙන්න දෙයක් නැහැ
    අපි මේ ඉන්නෙ රහ මෙර පානය කරමින් ඔහු රහමෙර හදා දෙනව අපි එකතුවෙලා පානය කරනව
    සුරා පානය කියන්නෙ රහ මෙර පානයෙ සුළු කොටසක් විතරය්
    මේ රහ මෙර පානය කරන අයගෙ එකතුවක් ඉගුරුදළුවේ ඉස්කෝලෙ තිබ්බොත් නියමෙට තියෙය්
    ඔහු අල්ලා ගැනීමට හැකිවීම ගැන සතුටක්‌ නැහැ ජාතික සම්පතක් අහිමි කරගෙන තියෙන්නෙ පුද්ගලික ලිපිගොනුවක් හදා නොගත්ත එක ඔහු අතින් සිදුවෙච්ච අඩුපාඩුවක් එහෙම කරගත්තනම් බොහෝවිට පරිපාලන විභාගෙට පෙනී ඉඳල සමත්වෙලා රටට සේවය කරන දක්ෂ පරිපාලන නිලදාරියෙක් ලැබෙන්න තිබුන

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s