නැගෙනහිර මඩකලපු සංවර්ධනය.

අලුත් ලේකම්තුමා එක්ක රාජකාරිය පටන්ගත්තම අපිට ලොකු ශක්තියක් ලැබුනාමොකද ඩී. දිසානායක මැතිතුමා ප්‍රාදේශීය පාලනේ ඩී ආර් ඕ යුගයෙ ඩී ආර් ඕ හැටියට වැඩ කරල ගම්වාසීන්ගෙ ප්‍රශ්න විසඳන්න තීරණ අරගෙන වැඩකල කෙනෙක්.ඒවගේම අනුරාධපුරේ ගමක ඉපදුනු කෙනෙක්.ඒකනිසාම හොඳට බිම්මට්ටමේ ප්‍රශ්න ගැන දන්න කෙනෙක් වගේම තීරණ ගන්න පැකිලෙන කෙනෙකුත් නෙවෙයි.එතුම ප්‍රශ්නයකට උත්තරේ දෙන්න විනාඩියක් දෙකක් වත් ගන්නෙ නෑ.අනික අපේ කරුණු දැක්වීම් වලටත් හොඳට සවන් දෙනවා.රාජ්‍ය නිලධාරින් ලෙස අපි ගන්නා තීන්දු තීරණ ගැන මහජනතාවට හේතු දක්වන්න අපි බැඳිල ඉන්නවා කියන එක අපිට හරිම අපූරු විදියට ඉගැන්නුවෙ දිසානායක ලේකම්තුමයි.කිසියම් ආයතනයක ටෙන්ඩර් මන්ඩලයක කටයුතු කරද්දි තමන්ට උපදෙස් දෙන්න උත්සාහ කල පුද්ගලික කලමණාකාර සමාගමක කෙනෙකුට එතුම උත්තර දුන්න කිව්වෙ “තමුන්ගෙන් ප්‍රශ්න කරන්නතමුන්ගෙ සමාගමේ අධ්‍යක්ෂ මංඩලේට පුලුවන් වගේම මේගන්න තීරණ ගැන මේරටේ ඕනෑම මනුස්සයෙකුට මගෙන් ප්‍රශ්න කරන්න අයිතිය තියෙනව.අන්න එහෙම කවුරුහරි ප්‍රශ්න කලොත් උත්තරදෙන්නත් පුලුවන් විදියටයි මම තීරණ ගන්නෙ නැතුව ඔය එකඑක න්‍යායන් වලට නෙවෙයි ඒක දැන ගන්නව “කියලයි කියල අපිට කියපු කතාව අදටත් මගේ හිතේ බොහොම හොඳට සටහන් වෙලා තියෙන දෙයක්.

අපේ අමාත්‍යංශෙට නැගෙනහිර සංවර්ධනය වෙනුවෙන් ජාතික අයවැයෙන් මුදල් වෙන්කරලා තිබුනා.මේ වෙන්කරපු මුදල් ප්‍රමානය මුලු නැගෙනහිර පලාතටම උනාට අම්පාරදිස්ත්‍රික්කෙ විවිධ පුද්ගලයො ඇමති රවුෆ් හකීම් මහත්තය මුනගැහිල සංවර්දන ව්‍යාපෘති වලට සල්ලි වෙන්කරන්න කියල ඉල්ලීම් දෙන්න පටන් ගත්තාඇමතිතුමා ඒඉල්ලීම් මාගේ අංශයට යොමු කලා.මේ එන ඉල්ලීම් වලට මුදල් වෙන්කලොත් අමාත්‍යංශය අම්පාර සංවර්ධන අමාත්‍යංශෙ වෙන බව පෙනුනු නිසා මම ලේකම්තුමාට මේ ගැන වාර්තා කලා.

“සර් ඇමතිතුමාට අම්පාරෙන් එන සංවර්දන ඉල්ලීම් අපිට එවනවා ඒව ගේන උදවිය ඒ ව්‍යාපෘති වලට අපි සල්ලි වෙන්කරැයි කියල බලාපොරොත්තු වෙනවා.එහෙම කරන්න ගියොත් මුලු අමාත්‍යංශෙටම වෙන්කරපු ප්‍රතිපාදන අම්පාරට වෙන්කරන්න වෙනවා.”

“මේ අමාත්‍යංශෙට සල්ලි වෙන්කරල තියෙන්නෙ නැගෙනහිර පලාත සංවර්ධනයට මිසක් අම්පාරට විතරක් නෙවෙයිනෙ.ඇමතිතුමා සුනිල්ට මොකුත් කිව්වද?”

“අපරාදෙ කියන්න බෑ සර් ඇමතිතුමා මට මොකුත් කිව්වෙ නෑ.හැබැයි එතුමට මිනිස්සු ලියුම් දීලා ව්‍යාපෘතියකට සල්ලි දෙන්න කියනකොට ඒක බෑකියන්න බැරිවෙනවනෙ.ඉතින් ඇමතිතුමා මට සටහනක් දාල ලියුම ඒමිනිස්සුඅතේම මට එවනවා.මමත් ඒලියුම් ටික අරගෙන ඒ අයට මොනව හරි කියල යවනවා”

“සුනිල් ඔය කාරණේදී අපේ වරදක් තියනවනෙ.අපේ අමාත්‍යංශෙ සංවර්ධන කටයුතු වලට සල්ලි යොදවන ආකාරය ගැන පැහැදිලි ප්‍රති පත්තියක් අපි හදල තිබුනනම් යෝජනා ගේන අයට ඒප්‍රතිපත්තිය අනුව පිලිතුරු දෙන්න පුලුවන්නෙ.ඒකනිසා වහාම සංවර්ධනය සඳහා අපේ අමාත්‍යංශෙ මුදල් වෙන්කිරීමට අදාලව ප්‍රතිපත්තිමය යෝජනාවක් කෙටුම්පත් කරන්න.අපි ඇමතිතුමාට ඒකපෙන්නල එතුමගෙ අදහසුත් අරගෙන ඒක සම්පූර්ණ කරගනිමු.” ලේකම්තුමා පැහැදිලි උපදෙසක් දුන්නා

මම කාර්‍යාලෙට ඇවිත් මේ ගැන කල්පනා කරා.මගේ සහකාර ලේකම් චම්පික කලු ආරච්චිත් එක්කත් කතාකරා.චම්පික ඒවෙනකොට අලුත් පරිපාලනසේවා නිලධාරියෙක් පරිගණකයත් එක්ක වැඩකරන්න අපූරු හැකියාවක් තිබුනු දක්ෂ තරුණයෙක්.මම චම්පිකට කිව්වෙ පොදු සමාජයේ සාධාරණී කරනය කල හැකි නිර්ණායක මත තමයි මුදල් වෙන්කලයුත්තේ කියලයි.චම්පික යෝජනස් කලා දිස්ත්‍රික්ක තුනට මුලු ප්‍රතිපාදනය බෙදල දීම සුදුසුයි කියල.ඒඅදහස ඔස්සෙ ගිහින් අපේ අමාත්‍යංශෙ සංවර්ධනය සඳහා වන මුදල්ප්‍රතිපාදනයම්පාර මඩකලපුව ත්‍රිකුනාමලය කියන දිස්ත්‍රික්ක තුනේ ජනගහනයේ අනුපාතයට අනුව දිස්ත්‍රික්ක තුනට බෙදන්නත් දිස්ත්‍රික්කයතුල ප්‍රාදේශීයලේකම් කොට්ටාශ අතර ජන ගහන අනුපාතයට අනුව.ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ අතර දිස්ත්‍රික්කයට ලැබෙන මුදල් බෙදාහරින්නත් ක්‍රමවේදයක් සකස් කරා.ඒ අනුව නැගෙනහිර පලාතේ සෑමප්‍රාදේශීය ලේකම් කොට්ටාශයකටම සංවර්ධනය සඳහා මුදලක් වෙන්කිරීමට හැකිවන පරිදි ප්‍රතිපත්තිය සකස් කරා.මුලු ප්‍රති පාදනෙන් 10%හදිසි හා විෂේශ ව්‍යාපෘතිවලට වෙන්කර තැබීමටත් ඉතිරි 90%ජනගහන අනුපාතයට අනුව ඉහත ප්‍රතිපත්තිය අනුව බෙදා හැර ඒමුදල් සඳහා මහජන නියෝජිතයන්,පොදුජනතාවගෙන් ලැබෙන යෝජනාවලට යෙදවීමට ප්‍රාදේශීය ලේකම්වරුන්ට බලය දෙන්නත් යෝජනා කරමින් ප්‍රතිපත්තිය සකස් කරා.මේකෙටුම්පත ලේකම්තුමා සමග සාකච්චාකරා.ප්‍රශ්න කීපයක් ඇසූ ලේකම්තුමා යෝජනාව ගැනඇමතිතුමාසමග සාකච්චා කිරීමට තීරණය කලා.ඇමතිතුමා අමාත්‍යංශයට ආ වෙලාවක මේයෝජනාව එතුමාට ඉදිරිපත් කලා.ඇමතිතුමාත් මේඅනුව චක්‍ර ලේඛනයක් නිකුත් කර ඉදිරි කටයුතු කිරීමට අනු මැතිය දුන්නා.ඒ අනුව නැගෙනහිර පලාතේ එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට වෙන්කල ප්‍රතිපාදන ප්‍රමානය චක්‍ර ලේඛනයක් මගින් ඒ ඒ ප්‍රාදේශීයලේකම්වරුන්ට දන්වා සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරනලෙස දැන්වූවා.

මේචක්‍රලේඛනේ අනුව අමාත්‍යංශෙ ප්‍රතිපාදනය බෙදාහරින්න පුලුවන්වීමගැන අපිසතුටුවුනා.මේ සේරම කෙරිල ඊලඟ අවුරුද්දෙ අයවැය විවාදෙ පාර්ලිමේන්තුවෙදි ආවා.අපි අමාත්‍යංශෙ ලොක්කොටික පාර්ලිමේන්තුවෙ රාජය නිලධාරි මැදිරියේ වාඩිවෙලා සභාවෙ අපේ අමාත්‍යංශෙ අයවැය විවාදෙට සවන්දෙනවා..එවක විරුද්ධ පක්ෂෙ මංත්‍රී වරයෙක් උන ත්‍රිකුනා මලේ එම්කේඩීඑස් ගුණවර්ධන මංත්‍රීතුමාගෙ කතාවෙදි ත්‍රිකුනාමලේ අනිකුත් පැතිවලට සල්ලි වෙන්කරද්දි කන්තලේ සිංහල ජනතාවටසංවර්දනයට සතපහක්වත් මේ අමාත්‍යංශයෙන්වෙන්කරේ නැතිබව කියමින් එතුමා ලොකු දෝස්මුරයක් දැම්මා.ත්‍රිකුනාමලේ කන්තලේ සිංහල අය නොසලකා හැර ඇතියි පුනපුනාකියමින් මංත්‍රීතුමා කතාකරද්දි නැගීසිටිය රවුෆ් හකීම් ඇමතිතුමා මංත්‍රී තුමාගෙ කතාව ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශයක් කරා ඇමතිතුමා කිව්වෙ ජනගහණ අනුපාතය අනුව මුදල් සෑම ප්‍රාලේ කොටසකටම වෙන්කල බවයිඇමතිතුමා බොරු කියනවා යැයි මංත්‍රීතුමා යලිත් කෑගැසුවා.අපේ ලේකම්තුමා .කිව්වා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා වහාම කන්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශෙට වෙන්වුනසල්ලි වලට මොකද උනේ කියල හොයල බලන්න කියල මට පැවරුවා.මම කන්තලේට කතාකරල ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් විමසුවා අපි වෙන්කල සල්ලි ගිහින් වැඩත් කරලා.කරපු ව්‍යාපෘති ලැයිස්තුව ටෙලිපෝන් එකෙන්ම අහල ලියාගත්තා .ඇමතිතුමාගෙ පිලිතුරුකතාවෙන් ගුණවර්ධන මංත්‍රීතුමාට බඩපුරා දෙන්න විස්තර ටික සටහන් කරගෙන කෝකටත් ආපහු කන්තලේට දුරකතනෙන් කතා කරල මේව්‍යාපෘති කරපු ගම් ලේඛනයත් ගත්තා.ගම්වල නම අනුව වැඩිපුර මුස්ලිම් ජනතාව ඉන්න ගම්වල නම්වගේ පෙනුනම ඒගැනත් ඇහුවා.බලන කොට අපේව්‍යාපෘති ක්‍රියාත්මක කරල තියෙන්නෙ සිංහල ගම්වල නෙවෙයි.ඔක්කොම මුස්ලිම් ගම්වල.ඒක එහෙමවෙලාතියෙන්නෙ ප්‍රාදේශීය සම්බන්ධිකරන කමිටුවට සහභාගිවුනු ආන්ඩුපක්ෂෙ මංත්‍රීතුමාඅර ගම්වල යෝජනා වලට අනුමැතිය අරගැනීමෙන්.ගුණවර්ධන මැතිතුමා සම්බන්ධිකරණ කමිටුවෙ නොසිටි නිසා සිංහල ගම්මාන අතහැරීම ගැන අවධානයට ලක්වෙලා නෑ.කොහොම නමුත් කන්තලේ සිංහලජනතාව ඉන්න ප්‍රදේශෙ ව්‍යාපෘති අපේ අමාත්‍යංශයෙන් කෙරිලනෑ.මේ තත්වය ඇමතිතුමාට පැහැදිලිකරදීල ගුණවර්ධන මැතිතුමාටත් වෙලාතියෙනදේ පැහැදිලි කරා.මීලඟ අවුරුද්දෙ ගුනවර්ධන මැතිතුමාගෙ යෝජනාවලට ප්‍රමුඛතාපදනම්න්මුදල්වෙන්කරන්න අපි ඇමතිතුමාට යෝජනාකරා.ඇමතිතුමාඊට අනුමැතිය දුන්නා.ගුණවර්ධන මංත්‍රී තුමාත් ඊට බොහොමසතුටින් එකඟ වුනා.

නැගෙනහිරසංවර්ධන අමාත්‍යංශෙට මඩකලපුව දිස්ත්‍රික්කෙ සංවර්ධනයට අදාලනෝර්වේ ආධාර ලබන ව්‍යාපෘතියකුත් ත්‍රිකුනාමලේ පුනරුත්තාපනයට අදාල ජර්මානු ආධාර ව්‍යාපෘතියකුත් සම්බන්ධ කර තිබුනා.මඩ කලපු සංවර්ධනයට අදාලව ව්‍යාපෘතියෙන් අරමුනුකරතිබුනේසමස්ත දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මක් පිලියෙල කර ව්‍යාපෘතියේ ආධාරක රටවූ නෝර්වේ තානාපති කාර්‍යාලයෙන් එකඟතාවය ලබාගෙන ක්‍රියාත්මකකිරීමටයි.සමස්ත දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම අනුමත කරනතුරුව්‍යාපෘති කාර්‍යාලය පවත්වාගෙනයාම පමනයි සිදු කෙරුනේ.අවස්තාදෙකකදී සමස්තදිස්ත්‍රික් සංවර්ධන සැලසුම් දෙකක් සකසා තිබුනත් ඒසැලසුම් සඳහා ආධාරක රාජ්‍ය අනුමැතිය හිමිඋනේ නෑතුව ප්‍රතික්ෂේපව තිබුනා.ව්‍යාපෘති අධ්‍යක්ෂ පාක්‍යරාජා මහතා පැමින මේතත්වය අපිට පැහැදිලිකරා.ලේකම්තුමාවහාම නෝර්වේ තානාපති කාර්‍යාලයේ නිලධාරින් සමග රැස්වීමක් පැවැත්තුවා.සමස්ත දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මක් පිලියෙල කර තම එකඟත්වය ඊට දෙනතුරු ආධාර මුදල් නිදහස් කිරීම අසීරුබව ඔහුන් පැවසුවා.ඒවනවිට වාලච්චනය දක්වා ධාවනය වූ දුම් රිය මඩකලපුවදක්වා ධාවනය කරවීමට අදාල දුම් රිය මාර්ගය පුනරුත්තාපනය සඳහා ව්‍යාපෘති අරමුදලෙන් රුපියල් මිලියන සීයක් යෙදවීමට අවශ්‍ය බවත් නෝර්වේ තානාපති කාර්‍යාලය අපිට දැනුම් දුන්නේ මේ රස්වීමෙදියි.සමස්ත දිස්ත්‍රික් සැලැස්ම ඉදිරිපත් කිරීමට තවත් මාසතුනක කාලයක් අපිට ලබා ගැනීමට ලේකම්තුමා කටයුතු කරා.

මීටපෙර ඉදිරිපත්කල සැලසුම්හොඳින් අධ්‍යනය කරන ලෙසත් ඉනනතුරුව නව සංවර්ධන සැලැස්ම ගැන කලයුත්තේ කුමක්ද යන්න ගැන තීරණය කල හැකිබව ලේකම්තුමා මට උපදෙස් දුන්නා.මමත් පැරණි සැලසුම් ගෙන්වාගෙන අධ්‍යනය කරා.එක සංවර්ධන සැලැස්මක් සකස් කිරීමට රුපියල් ලක්ෂ තිහක් පමන වැයවී තිබූඅතර එම සැලස්ම ඉහලම සැලසුම් සම්පාදන විශේෂඥයෙකු විසින් සැකසූ එකක්.ඒත් අවාසනාව ට ආධාරක ආයතනය ඊට එකඟත්වය දී නොමැති බවත් පෙනුනා.මේ සියල්ල අධ්‍යනය කර ලේකම්තුමාට කතාකලපසු මේ පිලිබඳව වැඩිදුර සාකච්චා කිරීමට මඩකලපු දිස්ත්‍රික්කයේ ආයතන ප්‍රධානීන්ගේ සාකච්චවක් සංවිධානය කිරීමට උපදෙස් ලැබුනා.ඒ අනුව මඩකලපුවේදී ඒදිස්ත්‍රික්කයේ ආයතන ප්‍රධානීන්ගෙ රැස්වීමක් සූදානම් කරේ පාක්‍යරාජා මහත්තයගෙ උදව් ඇතිවයි.කොලඹින් ලේකම්තුමයි මමයි සහභාගි උනා.මේසාකච්චාවෙදි මඩකලපු දිස්ත්‍රික්කෙ තත්වය ගැන සමාලෝචනයක යෙදුනා.

දිස්ත්‍රික්කෙ කොටස් දෙකකින් වෙන්වෙන්ව තමයි තියෙන්නෙ.දියුනු කොටස නැගෙනහිර වෙරල තීරය.ප්‍රධාන නගර වුන වාලච්චනේ එරාවුර් මඩකලපු කාත්තන්කුඩි කලවංචිකුඩි වාගෙ නාගරික ප්‍රදේශ තියෙන්නෙ මේවෙරලතීරය ආශ්‍රිතවයි.වෙරලට සමාන්තරව දකුනේ ඉදන් උතුරට විහිදෙන කලපුවෙන් නැගෙනහිර තියෙන වෙරල නාගරික තීරුවේ වෙලඳාම ධීවර කර්මාන්තය අදීරැකියාවල නිරත පිරිස් මධ්‍යම පංතික රාජ්‍ය නිලධාරින් වගේ අය ජීවත්වෙනවා.කලපුවෙන් බටහිර පිහිටි බිම්කොටස දිස්ත්‍රික්කයේ මුලු බිම්ප්‍රමානයෙන් 75%විතරවෙන බවයි පෙනුනෙ.මේකොටසෙ ප්‍රධානවශයෙන් කෘෂිකර්මයෙන් යැපෙන දිලිඳු ජනකොටස ජීවත් උනා.මේ අය සඳහා වාරිමාර්ග පහසුකම් බොහොම සීමාසහිත උනා.අධ්‍යාපනය විදුලිය මාර්ග සෞඛ්‍ය ආදී පහසුකම් මේකලාපයේ බොහෝම දුර්වලවයි තිබුනේ.මෙහිජීවත්වනපිරිස නැගෙනහිර වෙරලතීරය හාසම්බන්දවීමට කලපුව හරහ තොටුපලවල් යොදාගන්නවා.පාලම් දෙකක් හෝ තුනක් තිබු නා.කිලෝමීටර් හැත්තාවක පමන දුරක් බිම්තීරුදෙක සම්බන්ද උනේ ඔය පාලම් දෙකතුනෙන්.බටහිර කෘෂිකාර්මික බිම්තීරයේ ජීවත් වන තරුන තරුනියන් වැඩිදෙනෙක් සන්නද්ධ එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියා කාරිකයින් ලෙසයි කටයුතු කරේ.ප්‍රදේශයේ ඇති අඩු පහසුකම් නිසා දිලිඳුකම අධිකවීම අධ්‍යාපනයට අවස්තා අඩුවීම අසාධාරනයට පාත්‍ර වීම,අනාගත බලපොරොත්තුවක් හෝතබා ගැනීමට නොහැකිවීම මත මේ අය සන්නද්ධ ව්‍යාපාරවලට ආකර්ෂනය වෙනව හැර විකල්පයක් ඔහුන්ට ඉතුරුවීනැතිබවත් මේතොරතුරු අනුව අපට පැහැදිලි උනා.රැස්වීමේ සාකච්චාවුනු කරුණු හිතේ දරාගෙන රාත්‍රිය මඩකාපුවේ සංචාරක නිවාසයේ ගතකලා.රාත්‍රියේ මඩකලපු දිසාපති මොනගුරුසාමි අතිරේක දිසාපති ෂන්මුගම්,ව්‍යාපෘති අධ්‍යක්ෂ පාක්‍යරාජා,මම අපේ ලේකම්තුමා එකතුවී මඩකලපු වෙරලේ පොඩි සාදයක් පැවැත්තුවා.මේසාදයේ දී මොනගුරුසාමි දිසාපති තුමාගෙන් කියවුනු අදහස් අපට බොහෝ ප්‍රයෝජනවත් උනා.ඔහු කිව්වෙ මඩකලපුවේ කෘෂිකාර්මික බටහිර ප්‍රදේශය උඩරට සිංහලේ රාජ්‍යය පාලනසමයේ දීත් ඒරජවරුන්ගේ සහායට සටන්කල සටන්කාමී ජනකොටස්වලින් පැවතඑන අය වාසය කරන ප්‍රදේශයි.නැගෙනහිර දියුනු වෙරලතීරය බාහිරින් පැමිනි ව්‍යාපාරික රාජ්‍යසේවක හා ධීවරයින් ගේ ප්‍රදේශයි.එල්ටීටීඊ සංවිධස්නයේ දක්ෂතම සටන්කාමීන් වන්නේ මේ බටහිර කලාපයේ දිලිඳු සටන්කාමී ජානයන්ගෙන් යුක්ත තරුණපිරිසයි.මොනගුරු දිසාපතිතුමා සාදයේ උච්ච අවස්තාව වනවිට කිව්වේ නැගෙනහිර අපේ කොල්ලො ඊලම හදන්න ජීවිත පූජාවෙන් සටන් කරනවා උතුරේ දෙමල ප්‍රභූ පවුල් වල කොල්ලො ඊලම පාලනය කරන්න පිටරට ගිහින් ඉගෙන ගන්නවා කියලයි.රජය මඩකලපුවේ දිලිඳු ජනකොටස් ගැන විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර ඔහුන්ගේ අනාගතය ගැන සුභවාදී අපේක්ෂාවන් සඳහා අවස්තාව සැලසීමෙන් පමණක් මේකොටස් සන්නද්ධ දේශපාලනයෙන් ඉවත් කරගත හැකිබවත් නැගෙනහිර තරුනයින්ටඊළාම් රාජ්‍යක අවශ්‍යතාව නැතිකල හැක්කේ එබඳු දියුණු වැඩ පිලිවෙලක් මත පමණක් බවත් ඔහු බොහොම උද්වේගයෙන් අපිට පැවසුවේ සාදයේ උච්ච අවස්තාවේදීයි.මේවාගේ බොහොම විවුර්ත සංවාදවලින් රාත්‍රි සාදය රසවත් උනේ වැසීඇති මුවවල් විවුර්ත කිරීමේ ශක්තියසහිත බීමවර්ග වලට පිංසිදු වෙන්නයි.සාදය නිමකර රාත්‍රි දොලහටවිතර නින්දට ගිය අපි උදේ අවදිවී තේමේසයේදී හමුවී සමාලෝචනයක යෙදුනා. මටත් පාක්‍ය රාජාටත් උදේ ආහාර ගන්නා ගමන් ලේකම් තුමා උපදෙස් දුන්නේ සමස්ත මඩ කලපු දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම සකසන අන්දම ගැනයි.දිස්ත්‍රික්කය සංවර්ධන ය කිරීමේ උපාය මාර්ගය ලෙස මාර්ගසංවර්ධනය යොදාගන්නා ලෙසත් ඒඅනුව මුලින්ම නෝවීජියන් තානාපති කාර්‍යාලය අපේක්ෂා කල වාලච්චන මඩකලපු දුම් රිය මග පුනරුත්තාපනය ව්‍යාපෘතිය මගින් දුම් රිය මාර්ග සබඳතාව ඇතිකිරීම පලමුව්‍යාපෘතියලස හඳුනා ගන්නාලෙසත් මඩකලපුවේ බටහිර ගම්සියල්ල යාකරමින් පදිරිප්පු සිට උතුර දිසාවට විහිදෙන මාර්ගයක් චෙන්කලාඩි මහනුවර මාර්ගය තෙක් සැකසීමේ ව්‍යාපෘතියක් යෝජනාකිරීමටත් දුම් රිය ස්තාන හා මහා මාර්ගය සම්බන්දකරන මාර්ග සංවර්දනය,කලපුවහරහා පාලම් ඉදිකිරීම මගින් දිස්ත්‍රික්කයේ නැගෙනහිර බටහිර සම්බන්දතාවය වැඩිකිරීම අවසාන අදියරලෙස මඩකලපුව බටහිර ප්‍රදේශ අම්පාර හා යාකරන මාර්ග සංවර්දනය මගින් වෙනත් ප්‍රදේශ මඩකලපුව අතර සම්බන්දතාවැඩිකිරීම යෝජනා කරන ලෙස උපදෙස් දුන්නා.මේ ව්‍යාපෘති සැලැස්ම කෙටුම්පතක් සේ සකසා නෝවිජියානු ආධාරක කන්ඩායමට යවා එකඟතවය හෝ ඔහුන්ගේ සංශෝධන ලබාගන්නා ලෙස මට උපදෙස් දුන්නා.මේසියල්ල ඇතුලත් සැලැස්ම කෙටුම්පත්කර පාක්‍ය රාජා මට ලබාදුන්නා.මම නෝවීජියානු තානාපතිකාර්‍යාලයේ දෙවන ලේකම් කුබ්‍ රුඩ් මහතාට කතාකර කෙටුම්පත ඔහුන්ගේ අවධානයට යවා නිරීක්ෂණ ඉල්ලුවා.සතියකින් ඔහුන්ගේ ප්‍රතිචාරය ලැබුනා.වහාම ලේකම්තුමා සමග සාකච්චවක් සූදානම් කරන ලෙස ඔහුන් මට දැන්වූවා.එමසාකච්චාවේදී මේසැලැස්ම සඳහා සම්පූර්ණ එකඟතාවදෙනබව නෝවිජියානුවන් කිව්වේ එම සැලැස්ම පිලිබද ලොකු වර්ණාවකින් පස්සෙයි.අපඔහුන්ටයැව්වේ කෙටුම්පතක් බවනොසලකා ඔහුන් එය සැලැස්මලෙසම සලකා එකඟත්වයදුන්නා.මේ අනුව දුම් රිය මාර්ගය කටයුතු දුම් රිය දෙපාර්ත මේන්තුවෙන් ඇරඹුවා.පදිරිප්පුසිට චෙන්කලාඩි පේරාදෙනි මාර්ගය දක්වා අප යෝජනා කල මාර්ගය තරවෙයි දක්වාදීර්ගකර කොටස්විස්සකට කඩා ටෙන්ඩර් කර ආයතන කීපයකට පැවරුවා.මේකටයුතුවලප්‍රගතිය පරීක්ෂාකිරීමට අපි අවස්තාකීපයකම යලි මඩකලපු ගියා.මුලුමනින්ම එල්ටීටීඊ පාලනයේ පැවති මඩකලපු වේ බටහිර ප්‍රදේශ හරහා සංවර්දනය කෙරුනු පදිරිප්පු තරවෙ මාර්ගයේ ප්‍රගතිය ගැන එල්ටීටීඊ සංවිධානයෙන් සතිපතා ප්‍රගති සමාලෝචන රැස්වීම්පවත්වන බවත් එමරස්වීම්වලදී නියමිත ප්‍රගතිය අත්කර ගැනීමට අසමත්වූ කොන්ත්‍රාත්කරුවන් ඔහුන්ගේ බන්ධනාගාරයට ඇතුලු කර දඩුවම් දෙන බවත් අපිට ආරංචි උනා.මේකටයුතු බැලීමට එම ප්‍රදේශවලට යන අපිට කිසිදු බාධවක් ඔහුන් කරේ නැතිබවත් කියන්න ඕන.

මේසේරම යන අතර මමදවසක් ලේකම්තුමාට කිව්වා ලක්ෂතිහක් වියදම්කරල සැලසුම් විශේ ෂඥයො හදපු සැලැස්මට වැඩිය නිකම්හදපු සැලැස්ම නෝර්වේ රටිනුත් අනුමත උනා නේද කියල.ලේකම්තුමා හිනාවෙල කිව්වා ලක්ෂ තිහේ සැලැස්මට වැඩිය බෝතලයයි ඉස්සො පිගානයි වියදම්කරපු සැලැස්ම වටින බව නෝර්වේ කාරයටතේරෙන්නෑති කියල.බැලුවම බෝතලයටයි ඉස්සොපිගානයි වියදම් කරල අපි මුලු මඩකලපුව ගැනත් සන්නද්ධ අරගලයට දෙමල තරුනපිරිස් ඇදීමේ හේතුවත් ඉගෙනගත්ත නේද කියලත් මටහිතුන.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s