බකිණිගස්දෝවේ පුංචි බණ්ඩ මාමා

නැගෙනහිරසංවර්ධන හා මුස්ලිම් ආගමික අමාත්‍යංශයෙන් ඊලඟ අමාත්‍ය මංඩලය පත්වීමත් එක්ක මටසමු ගන්න වෙනවා.ඒ මගේ විෂය පතයවූ නැගෙනහිර සංවර්දනයෙන් අධ්‍යාපන හාවාරිමාර්ග කොටස නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශෙට සම්බන්ද කරල තිබීම නිසා.මම නැගෙනහිර අධ්‍යාපනහාවාරිමාර්ගසංවර්ධන අධ්‍යක්ෂ හැටියට ඒ අමාත්‍යංශෙට ගියා.අපේ පරණ ඇමතිතුමිය ෆේරියල් අෂ් රොෆ් මැතිනිය තමයි මගේ අලුත් අමාත්‍යංශය උන නිවාස ඉදිකිරීම් කර්මාන්ත නැගෙනහිර ඇද්‍යාපන හා වාරිමාර්ග සංවර්ධන අමාත්‍යංශය භාර ඇමති ධුරයෙ කටයුතු කලේ.මුලින්ම පැවරුනු කාර්‍යදෙකෙන් එකක් දීඝවාපි ධර්මශාලාව ගැන බැලීම .ඒගැන කතාව කිව්වනෙ.අද අනිත් කාර්‍ය ගැන කිව්වනම් හොඳයි කියල හිතුන.මේ කාර්‍ය දෙකම අපේ ඇමතිතුමිය තමයි මට පැවරුවේ.එතුමිය මට මේකාරිය භාරදුන්නෙ මෙහෙමයි.

“සුනිල් පදියතලාවෙ බකිණිගස්දෝව ගමට යන්න.එහෙ පුංචි බණ්ඩ මාම කියල කෙනෙක් ඇති.ඒ මාමව හම්බු වෙන්න.පුංචි බණ්ඩ මාමගෙ ඉල්ලීමක් මම ඉෂ්ට කරල දුන්න.ඊට අතිරේකව තව මොනවද කෙරෙන්න තියෙන්නෙ කියල අහගෙන ඇවිත් මට කියන්න.අපේ උක්කුං මුදලාලියි සංඝදාස මහත්තයයි.එක්ක පුංචි බණ්ඩ මාම හමු උනානම් හරි.”ඇමතිතුමිය කිව්වෙ බොහොම ලොකු ඕනෑකමකින්.

“මැඩම් මම මේසති අන්තෙ යන්නම්.බකිණිගස්දෝව කියන්නෙ මාදුරුඔය වනජීවිරක්ෂිතයෙ මායිමේ තියෙන පුංචි ගමක් නෙ.මම ඔය ගම ගැන දන්නව උනාට ගිහින් නෑ.”

“ඒකතමයි බොහොම දුෂ්කර ගමක් .ගොඩක් අයමාවහම්බුවෙලා පාරවල් වැව් හදන්න රස්සාවල්දෙන්න කියල ඉල්ලද්දි බකිණිගස්දෝවේ පුංචි බණ්ඩ මාම ඉල්ලුවෙ ගමේ අයට බලන්න රූප පෙට්ටියක් අරංදෙන්න කියලයි.මම සූර්‍යබලෙන් චාජ්වෙන බැටරියක් එක්ක රූපවාහිනියක් ගමේ ප්‍රජාශාලාවෙ හයි කෙරෙව්වා.හරිම අහිංසක කෙනෙක් පුංචි බණ්ඩ මාමා.මට හිතුන ඒගමට කෙරෙන්න තියෙන්නෙ මොනවද කියල ඒගමේ පුංචි බණ්ඩ මාමගෙන්ම අහල පුලුවන්දෙයක් කරල දෙන්න.ඒක හින්ද පරක්කු කරන්නැතුව ගිහින් එනවද?”

“හරි මැඩම් මම මේසති අන්තෙ යන්නම්.”

මම බකිණිගස් දෝවෙ පුංචි බණ්ඩ මාමා හමුවෙන්න යන ගමන සංවිධානය කරා.මේවෙනකොට අමාත්‍යංශෙන් වාහනයක් මටවෙන්කරල තිබුනෙ නෑ ප්‍රවාහන අංශෙට කියල දුරයන්න පුලුවන්තත්වෙ වාහනයක් වෙන්කරගන්න ගියා.ප්‍රවාහන අංශෙන් කිව්ව ඩබල් කැබ් ජීප්වගේ වාහන නම් නෑකියල.අමාත්‍යංශෙ තියෙන්නෙ කාර්.ඒගොල්ලො කාරෙකක් දෙන්නයි සූදානම.මම කිව්ව කාරෙකේ ගිහිල්ලයන්න පුලුවන් ගමනක් නෙවෙයි මේක ඈත බින්තැන්නෙ ගමකටයි යන්න තියෙන්නෙ කියල.හරියට පාරක් නැති බින්තැන්නෙ ගම්මානවලට ඔරොත්තු දෙන්නෙ ඩබල් කැබ් එකක් විතරයි.ඒත් මොනව කරන්නද.ඒවානෑ.ප්‍රවාහන අංශෙඉන්න වසන්ත මහත්තය කිව්ව ටවුන් ඒස් වෑනෙකක් තියෙනව ඒක හොඳදකියල.මමත් කිව්ව කාරෙකකට වැඩිය ගම්වල ටිකදුරක් යන්න පුලුවන් නෙ වෑන් එකට කමක් නෑකියල.හැබැයි රියදුරෙක් නෑ මේ වෑන් එකට. මේ වෙනකොට මගේ දීර්ඝකාලීන රියදුරු ජයසේන මාතෙක්ක මේඅමාත්‍යංශෙට ඇවිත්.මම කිව්ව මාලඟරියදුරෙක් ඉන්නව කියල ජයසේනට කිව්ව වෑන් එක භාරගෙන ගමනට සූදානම් කරගන්න කියල.ජයසේනත් ඒකාර්‍ය කරා

.ඊලඟට උක්කුංමුදලාලිට දැනුම් දීම .උක්කුං මුදලාලි සේරංකඩ පදිංචි කාරයෙක්.බින්තැන්නෙදි මට හම්බු උන විෂේශ චරිතයක්.කිසිම කෙනෙකුට භයනැති අසාධාරනේට උපරිමයෙන් විරුද්ධ අයුක්තියට එරෙහිව මහරජ්ජුරුවො එක්ක උනත් ගැටෙන,උක්කුං මුදලාලි පදියතලාවෙ ප්‍රාදේශීය සභාවෙත් හිටපු මංත්‍රීවරයෙක්.යූඇන්පී ශ්‍රීලංකා පක්ෂ දෙකටම විරුද්ධව ස්වාධීන කන්ඩායමක් මෙහෙයෝලා මංත්‍රී ධුර දෙකක් අරගෙන සභාවට ගිහින් ටික දවසකින් තමන්ගෙ මංත්‍රීකම කන්ඩායමේ ඊලඟ කෙනාට පරිත්‍යාග කරල පොදු මහජනසේවාවෙ යෙදුනු උක්කුංමුදලාලි කියන නමින් බින්තැන්නෙ ජනප්‍රිය උන කීර්තිද සේරම් මුදලාලි අපේ ඇමතිතුමියට ලොකුවට සහයෝගෙ දැක්වුව කෙනෙක්.අනිත් කෙනා සංඝදාස නිශ්ශංක මහත්තය.පාසැල් ගුරුවරයෙක් උන සංඝදාස මහත්තය ත් සේරංකඩ පදිංචි කාරයෙක්.ප්‍රදේශයේ ප්‍රබල වාමාංශික නායකයෙක් උන සංඝදාස මහත්තයත් මම මහඔය ඉන්න කාලෙ ඉඳන් අඳුනන කෙනෙක්.සමසමාජ පක්ෂෙ සාමාජිකයෙක් වෙලා පසුව මහජන පක්ශෙට බැදිල බින්තැන්නෙ ප්‍රගතිශීලී දේශපලනයෙ යෙදෙන ප්‍රතිපත්ති ගරුක ජනතා නායකයෙක් තමයි සංඝදාස මහත්තය.එයයි උක්කුං මුදලාලියි දෙන්නම අපේ ඇමතිතුමියට සහයෝගය දැක්වුව මමත් බොහොම ගරුකල දෙන්නෙක්.මේ දවස්වල උක්කුංමුදලාලිගෙ ගෙදරට දුරකතන පහසුකම් තිබුනු නිසා වැඩිකරදරයක් නැතුව මගේ බකිණිගස්දෝව සංචාරය ගැන උක්කුංමුදලාලිත් ඒමගින් සංඝදාස මහත්තයවත් දැනුවත් කරගන්න පුලුවන් උනා.

නියමිත දවසෙ උදෙන්ම කොලඹින් පිටත්වෙලා මහනුවර මහියංගනය හරහා පදියතලාවෙ සේරංකඩට යනකොට හවස දෙකට විතර ඇති.උක්කුං මුදලාලි දවල් කෑම හදෝල තිබුන නිසා කෑමත් කාලා හවස තුනට විතර පලතුරු ඇල්ලෙන් හැරිල බකිණිගස්දෝවටයන්න පිටත් උනේ උක්කුං මුදලාලියි සංඝදාස මහත්තයයි එක්ක.අබලන් මැටිපාරෙ බොහොම හිමිහිට ගිය අපිට විනාඩි හතලිස් පහක් විතර ගියහම හම්බු උනේ ගල් ඕඩෙ ඔය.වතුර හිදිල වැල්ල පෑදිලතිබුනු ගල් ඕඩෙ ඔයෙන් එගොඩවෙලා තවත් ටිකදුරක් යන්න ඕන ගමට යන්න.ගඟේ වැල්ලට වාහනේ දාල ගඟ මැද්දට ගියා විතරයි අපේ වෑන් එක ගඟේ වැල්ලෙ එරුණා.වාහනේ ගොඩගන්න දඟලන්න දඟලන්න උනේ වැල්ලෙ තවත් යටට රෝදටික බහින එකයි.පැයක් හමාරක් දැඟලුවත් වාහනේ ගන්න බැරි උනා.උක්කුං මුදලාලි ගිහින් මිනිස්සු ටිකක් හොයාගෙන ඇවිත් තල්ලු කරල ඇදලා වාහනේ ගොඩගන්නකොට බිමට කලුවර වැටිලත් ඉවරයි.ඉතුරු ටිකදුරත් ගිහින් බකිණිගස්දෝවගමට ඇතුලුවෙනකොට හොඳටම කලුවරේ.ගෙවල් හොයාගෙන යන්න බැරිතරම් කලුවරනිසා ගමේ කඩේලඟට ගියා.භූමි තෙල් මේස ලාම්පුවක එලියෙන් කඩේවෙලඳාම කෙරෙනවා.එතනදි උක්කුං මුදලාලි පණිවිඩයක් යවල පුංචි බන්ඩ මාමව ගෙන්න ගත්තා.කඩේ ලඟහිටපු දහයක් පහලොවක් එක්ක සාකච්චාවක් කරන්න සංඝදාස මහත්තය කටයුතු කලා.

සංඝදාස මහත්තය මාව අදුන්වලදීල ඇමතිතුමිය මේගමට කෙරෙන්න ඕන මොනවද කියල පුංචි බණ්ඩ මාමගෙන් දැනගෙන යන්න මාව එවල තියෙන්නෙ කියල පිරිසට විස්තර කරා.පුංචි බණ්ඩමාම කතාකරල කිව්වෙ ඇමතිතුමියගෙන් රූපපෙට්ටියක් ඉල්ලුව විතරයි ඒක එවල ඒඉල්ලීම ඉෂ්ටකරා.මේගමට එහෙම කිව්ව දෙයක් කරල දුන්නෙ එතුමිය විතරයි.එතුමියගෙන් ආයිදෙයක් ඉල්ලන්න බෑ .සුදුසු විදියට බලල ගැලපෙන දෙයක් ගමේ උදවියට කරල දෙන්න කියලයි.බකිණිගස්දෝව ගම හැදුනෙ වෙල්ලස්සෙ කැරැල්ලෙන් පසු බැස්ස පරම්පරාවල් පලතුරු ඇල්ලෙ ඉදන් හේන්කොටාගෙන ඇතුලට ඇවිල්ල අන්තිමට හේන්කරපු යාය බකිනි ගස්දෝව කියලයි පුංචි බණ්ඩ මාම කිව්වෙ.ගමේ හැම ගෙයක්ම කටුමැටි ගෙවල් බවත් උලු සෙවිලිකල ගෙවල්වල පවා බිත්ති වරිච්චි බවත්.අවුරුද්දටවරක් මාස් කන්නෙන් ඉරිගු ටිකක් හිටවාගෙන ජීවත්වෙන දුප්පත් ගම්වාසි පවුල් සීයක් පමණ මෙහි ජීවත් වෙන බවත් කියවුණා.සාකච්චාවේදී අවුරුද්දේ මාසතුනහතරක් සේරන්කඩ ට ඇති සම්බන්දතාවය නැතිවෙන්නේ ඔයේ වතුර මට්ටම වැඩිවීම නැති සා බවත් කිය උනා.උක්කුං මුදලාලි යෝජනාකලේ ගල් ඕඩෙ ඔයට පාලමක් දාදෙන ලෙස ඇමතිතුමියට දන්වනලෙසයි.ගමේවැව්දෙක කොන්ත්‍රාත් කරුවන්ගේ සල්ලි හම්බු කිරීමේ ප්‍රධාන ස්ථාන දෙකක් වී ඇතිබවත් හැම වසරකම මේවැව්දෙකේ මොනවහරි සල්ලිවලින් කරන වැඩ කරත් වැවේවතුර තියෙන්නේ මාස්කන්නයේ විතරක් බවත් ඒකාලෙට අහස්වැස්ස තියෙනනිසා වැවෙන් වැඩක් නැති බවත් බකිණිගස්දෝව වාසින්ගෙන් කිය උනා.ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙ ගැනත් ගම්වාසීන්ගෙන් හොඳක් කිය උනේ නෑ.ගස් මුදලාලිලටයි කොන්ත්‍රාත් කාරයින්ටයි මිස සාමාන්‍ය ගම්වාසින්ගෙ වැඩ එතනින් නොකෙරෙන බවයි ගම්මු කීව්වෙ.වන ජීවි දෙපාර්තමේන්තුවෙන් වෙන කරදර ගැනත් මිනිස්සුන්ට තිබුනේ දුක් ගැනවිල්ලක් මාදුරුඔය රක්ෂිතයට යාබද ගමක් නිසා මිනිස්සුන් රක්ෂිතය භාවිතාකිරීම නිසා නඩු පවරන බවත් ඔවුන් කිව්වා.අවසානයේ රාත්‍රි නමයට විතර සාකච්චාව ඉවර වෙනකොට මුලු ගමේම ප්‍රශ්න ගැන හොඳ අවබෝධයක් ඇතිවෙලා ඉවරයි.මහරාත්‍රියෙ ආපහු බොහොම ප්‍රවේශමෙන් ඔයෙන් එතරවෙලා සේරංකඩට ඇවිත් උක්කුං මුදලාලිගෙන් රාත්‍රි ආහාරෙත් අරගෙන මහියංගන නුවර පාරෙන් කොලඹට එනකොට පස්සෙන්ද උදේවෙලත් ඉවරයි.

කොලඹට ආපු මම පුංචි බංඩ මාම ප්‍රමුඛ බකිනිගස්දෝවෙ ගම්වාසීන්ගෙ ගැටලු හා ඊට අදාලව කලයුතු දේ ගැන වාර්තාවක් හදල ඇමතිතුමියට ඉදිරිපත් කලේ අපේ අමාත්‍යංශෙ ලේකම් මල්ලිකා කරුණාරත්න මැතිනිය මගිනුයි.අපේ අමාත්‍යංශය නිවාස අමාත්‍යංශය නිසා මුලින්ම බකිනිගස්දෝව ගමේ වරිච්චි නිවාස වෙනුවට නිවාස අනූවක් ඉදිකිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමත් ගල් ඕඩෙ ඔය හරහා පාලමක් තනාදීමත් ගමේවැව් සංවර්ධනයට අදාල කරුනු සොයාබලා සුදුසු පියවර ගැනීමත් සුදුසු බවට මම වාර්තාවේ සටහන් කරා.ඇමතිතුමිය වාර්තාව බලලා නිවාස අධිකාරියෙ සභාපති අසිතපෙරේරා ගෙන්නලා වහාම බකිණිගස්දෝව නිවාස සංවර්ධන ව්‍යාපෘතිය පටන්ගන්න නියමකරා.නිවාස අධිකාරියේ නිලධාරින් අම්පාර කාර්‍යාලයත් එක්ක එකතුවෙලා මේවැඩසටහන සංවිධානය කලා.අපේ අමාත්‍යංශයෙ පලමු නිවාස සංවර්දන වැඩසටහන හැටියට මේවැඩසටහන ආරම්භකිරීමට ඇමතිතුමිය ලේකම්තුමිය.ඇතුලු අපි හැමෝම බකිණිගස්දෝවට ගියා.අපේ උක්කුංමුදලාලි සංඝදාස මහත්තය ගම්වාසින් සංවිධානය කරලාබොහොම ලොකු උත්සවයක් අපි රාත්‍රියෙ ගමේ ගැටලු සාකච්චාකල කඩපොලේ සූදානම් කර තිබුනා.ගමේ නායකය පුංචි බණ්ඩ මාමකොටුසරම ඇදල පටිය බැදල අත්දිග මේස්බැනියමත් ඇඳගෙනකරේ බූල් තුවායකුත් සහිතව බොහොම සතුටෙන් බුලත් අතක් දීල ඇමතිතුමියව පිලිගත්තා.පුංචි බංඩ මාම උත්සවේ කතාකරන්න බෑ කියනවා මොකද දතේ අමාරුවකින් ඉන්න නිසා.ඇමතිතුමියගෙන් ඉල්ලීමක් “මාමා වචන කීපයක් හරි කතාකරන්න” කියල.

ඒගමන මාමා වේදිකාවට ගොඩ උනා.මයික් එක ලඟට ගිහින් පූස් කියල ඒකට පිඹල “ගරුතර මහාසංඝරත්නයෙන් අවසරයි .අපේ ඇමතිතුමියගෙන් අවසරයි අනිකුත් ඇවිල්ලතියෙන ලොකුලොකු නෝනලා මහත්වරුන් ගෙන් අවසරයි.(හැමෝගෙම නම් කියන්න තිවුනනං හොඳයි ඒකට මහවෙලාවක් යනවනෙ ඒකනිසාමෙහෙම කිව්වට ඔන්න අමනාප වෙන්නහෙම එපා)මමමේ හදන්නෙ ලොකු කතාවක් පවත්තන්න නෙවෙයි.හරිනම් එහෙම කරන්න ඕන ඒත් මගෙ දතේ අමාරුව නිසා ඒකකොරන්න බෑනෙව.අපේ ඇමතිතුමියගෙන් මම ඉල්ලුවෙ අනේ නෝන රූපපෙට්ටියක් අපේගමට හයි කොරල දෙන්නැයි කියලයි.එතුමිය අපිට රූපපෙට්ටියක් එව්වෙ ඒකෙ අඩුමකුඩුම ඔක්කොම එක්කයි.දැනඅපි ඔක්කොම හැන්දෑවට ඒකබලනව.ඔබතුමියට ඒකට බොහොමපිං.එතනින් නැවතුනෙ නෑ.පහුගියදොහොක අපේඋක්කුං මුදලාලියි ස්කෝලෙ මහත්තයයි එක්ක මහත්තයෙක් එවල ගමේ කෙරෙන්න තියෙන්නෙ මොකක්දැයි හොයල බැලුව දැන් මෙන්න ගෙවල් ටික හදාගන්න ආධරදෙනව.ගමේඑවුංටයි මේටික කියන්නෙ මේදෙනමුදලින් ගේ හදාගනිල්ල.ඔන්න ඒක කන්න අරගෙන නාස්ති කොරනව හෙම නෙවෙයි.අනික තවත් එකක් දැන්මේගමේ අපේගෙවල් ටිකවිතරක් හදල නැවත්තුවොත් මේවටේ ඉන්න එව්වන්ට කාගෙ පිහිටද.ඒහින්ද ඒඅවට ගම්වලටත් මොකක හරි කරල දෙන්න අපේ ඇමතිතුමියගෙන් ඉල්ලනව.(අම්මෝ මේ දත හින්ද මොකවත් කියන්න බෑ නොවැ)ආ තව පොඩ්ඩෙන් අමතකවෙනව.මේදෙන මුදල් ණයට නම් දෙන්න එපාමොකදණය දුන්නට අපි ගෙවන්නෙ නෑ නොවැ.ඒක හින්ද මේකඔය ආදාරයක් හැටියට කොරන්න කියලත් ඉල්ලනව.අපේ ඇමතිතුමිය ඉල්ලනදේවල් දෙනහින්දයි මේකිව්වෙ.මෙච්චර කාලෙකට අපි කියපුව කවුරුත් කරේනෑ අපේ ඇමතිතුමිය අපි ඉල්ලපු නැති දේත් මේදෙන්නෙ අපි ගැනතියන කැක්කුමට.ඉතින් මේදතේ අමාරුව හිංද හොඳයි.නැතිනං මම තව්දේවල් ඉල්ලන්න ඉඩතිබුන.අනික මේදතේ අමාරුවනිසා අමතක වෙන්නගියෙ.මේසේරංකඩට යන්න පාලම් කෑල්ලකුත් දාගන්න ඕනකමතියෙනව පස්සෙ හිමිහිට ඒකත් කොරාලදෙන්න බලන්න.මේ දුප්පත් අපිට උදව් කිරීම ගැන ඔබතුමියට රත්නත්තරේ පිහිටයි.ඔයමදෑ”කියල කතාව අවසන්කරා.මේ කතාව අපි ඔක්කොටම ලොකු විනෝදයක් උනා.පුංචිබන්ඩමාම කියන්න තියෙන ටික බොහොම අපූරුවට කිව්වා.බොරුකීම් රැවටිලි ඒඅයලඟ නෑනෙ.ඇමතිතුමිය අවට කුඩාගම්වලා නිවාස වලටත් ආධර දෙන්නත් ණයක් නොවන ලෙස මේගමට ආධාරයක් හැටියට දෙන්නත් කටයුතුකරා.අනූවකින් පටන්ගත්තු බකිණිගස්දෝව ගෙවල් එකසිය හතලිහකට ආධාර කරලයි නතර උනේ.ගල් ඕඩෙ ඔයට ඇමතිතුමිය දාලදුන්නෙ මංතීරුදෙකක් පලල ලොකු යකඩ පාලමක්.මේ පාලම විවුර්ත කරනකොට පුංචි බංඩ මාමත් අපේ උක්කුං මුදලාලිත් අපිව අත හැරල ගිහින් තිබුනු එකයි කණගාටුව.මාදුරුඔය වනජීවිජාතික උද්‍යානෙ අයිනෙ තිබුනු බකිණිගස්දෝව ඇතුලුපුංචි ගම්මාන ටික නිවාස ටික හදල දීල ලොකු පාලමක් දාල ප්‍රධාන මාර්ගයට සම්බන්දකලේ ඒගමේ අහිංසක ගැමියෙක් කරපු පුංචි ඉල්ලීමකට අපේ ඇමතිතුමිය සංවේදීවීමෙ ප්‍රතිපලයක් හැටියටයි. ඔන්න ඕකයි අපේ ඇමතිතුමියගෙ මිත්‍රයෙක් උන බකිණිගස්දෝවෙ පුංචි බන්ඩ මාමගෙ කතාව.මේ කිව්ව පුංචි බණ්ඩ මාම අපි කවුරුවත් දැන නොගෙන දෙහිඅත්තකන්ඩියෙ දරුවෙක්ගෙ ගෙදරදි ජීවිතෙන් සමු අරගෙන තිබුනා.අපිට ආරංචි උනේ අවසන්කටයුතු ඉවරවෙලා සතියකට විතර පස්සෙදියි.

Advertisements

13 thoughts on “බකිණිගස්දෝවේ පුංචි බණ්ඩ මාමා

  1. දුෂ්කර ගම් පළාත් වල දුප්පත් මිනිස්සු අවංකයි සල්ලි බාගේ තියන උන්ට වඩා. තමන්ට අවශ්‍ය දේ ඇති පමණට විතරක් ගැනීම තමයි ඒ මිනිස්සුන්ගෙ සිරිත.

    Like

  2. කතාව හොඳය් වැඩිපුර උත්පාද රසය සෝකය සෝකය උත්පාද වෙන්නෙ නිච්චය් සුඛය් සාරය් කියල වැරදියට ගත්තහම බවය් ධර්මයෙ සඳහන්වෙලා තියෙන්නෙ

    සෑම බුදුවරයන්වහන්සේලාම ලෝකයට පහලවෙලා කරන්නෙ අනිච්ච්ය් දුක්ඛය් අනත්තය් කියන අකුරු අටක වචන තුනකින් දැක්වෙන බුද්ධ ධර්මය විස්තරකරල දේශනා කරන එකබවය් සඳහන් කරල තියෙන්නෙ පාලි භාෂාවේ බැඳි අකුරු එකක් වශයෙනුය් ගන්නෙ
    1 අනිච්ච් – නිච්ච් කියන්නෙ කැමැත්ත අනිච්ච් කියන්නෙ කැමැත්ත හිතන තරම් ඉටුනොවේ කියන එකනෙ
    2 දුක්ඛ – මෙතන දුකය් කියන්නෙ ප්‍රිය අප්‍රිය ආකාරයට වර්ග කරගෙන අය්තිකරගන්න ඉවත්කරන්න යනනිසා දුකය් කියන එකය්
    3 අනත්ත – අත්ත කියන්නෙ හරවත් ශුබය් සාරය් කියන එකනෙ අනත්ත කියන්නෙ එහෙම නෙවෙය් අසාරය් කියන එකනෙ
    බුද්ධගම්කාරයෝ මේවා වැරදි විදියට විස්තර කරන්නෙ කියල දෙන්නෙ ළමයින්ටත් පොඩිකාලෙ ඉඳලම බොරු උගන්නනව

    මගේ sasara333.blogspot.com අනංමනං ලිපිවල අනුපස්සනාව වගේ ලිපි හිතුවට වඩා වැඩි පිරිසක් කියවල තිබුනට අර ප්‍රේක්ෂකයෝ වැඩිකරගන්න ලියපු කුණුහරුප කතා තමය් වැඩිපුර කියවල වීවර්ස් කවුන්ට් එක වැඩියෙන් තියෙන්නෙ මේව ලියන එකත් තේරුමක් නැතිවැඩක් කියලය් දැන්නම් හිතෙන්නෙ

    කරල කරවල තියෙන්නෙ අගය කලයුතු නියම වැඩක් හැබය් ඉතින් ජාතික ප්‍රතිපත්තියකට ජාතික සැලසුමකට අනුව කෙරුවනම් නේද වැඩිය හොඳ කියල හිතෙනව

    අපේ රටේ සියලුම මන්ත්‍රී වරුන්ට මුල්‍ය ප්‍රතිපාදන ලබාදෙන එක ඒ අයගෙ මනාපය අනුව රජයේ මුදල් වැය කරන්න ඉඩදෙන එක ඒ අය මනාප අයට රැකියා දීම ටෙන්ඩර් දීම බලපත්‍ර දීම ආදි කරුණු රාශියක් නවත්තන්න ඕන
    මන්ත්‍රීවරු ප්‍රධාන වසයෙන් කරන්න ඕන මේවම නොවෙය් නේද ඒ අය කරන්න ඕන ඒ අයට අයිති ප්‍රධාන වැඩේ ඒ කිව්වේ ප්‍රතිපත්ති හැදීම ඒවා ක්‍රියාත්මක කරවීම ඒවා අදීක්ෂණය කිරීම ආදී වැඩනේද

    ඩඩ්ලි සේනානායක මහත්තය ක්‍රියාත්මක කරපු ගොවි භට හමුදාව වැඩසටහනට මම අදත් කැමතියි පුරන් වෙන්න ඇරල තියන කුඹුරු කපන්නෙ නැතුව අත ඇරල තියන රබර් ඉඩම් දැක්කහම අනේ අපොය් කියල හිතෙනවා වැඩ සටහන හරියට ක්‍රියාත්මක වුනා නම් කැලෑ වලත් කොස් පොල් පලතුරු ආදිය වවවන්න තිබුන සත්තුන්ට කන්න

    බකිනිදෝව ගමේ පාසලක් දිස්පැන්සරියක් තිබුනු බවක් සඳහන්ව නැහැ තිබුන නම් රැස්වීම තියන්නෙ එතැනනේ දත් කැක්කුමට යන්තමට හරි බේතක් ගන්නත් තිබුනනෙ බකිනිදෝව කියන ගමේ නම හරි ලස්සන නමක්
    ගෙවල් ටික හදල පුංචිරියල් බකිනිදෝව කියල ගමේ නම වෙනස් නොකරපු එක ලොකු දෙයක්

    Like

    1. කිව්වත් වගේ බකිණිගස්දෝවෙ ඩිස්පැන්සරියක් ,ඉස්කෝලයක් නෑ.ලඟම ස්කෝලෙ පදවල කනිෂ්ට විද්‍යාලය.බකිණිගස්දෝවෙ ඉඳන් කිලෝමීටර් එක හමාරක් දෙකක් සේරංකඩ පැත්තටවෙන්න තිබුනෙ.ඩිස්පැන්සරියනම් සේරංකඩ කිලෝමීටර් හතක් විතර ගමේ ඉඳන්.අපේ ඇමතිතුමිය ඔයනම් ගම් දාගන්න දඟලන ලෙඩේ තිබුනු කෙනෙක් නෙවෙයි.අඩුගානෙ ස්කෝලෙක තමන්ගෙ සහයෙන් මුදල්දීලහදපු ගොඩනැගිල්ලවත් විවුර්තකරන්න යන්නෙ නෑ.ලමයින්ට ඉගෙනගන්න තියෙනවෙලාවෙ උත්සවතියන එක හොඳනෑ කියල.සමහරවිදුහල්පතිතුමාල විනාඩි පහලොවකට විතරක් එන්න කිව්වම යනව.ඒක කඩකරල එතුමාල පැයක හමාරක උත්සවයක් තිබ්බොත් ඉස්සෙල්ලම ඒගොඩනැගිල්ලකරවපු අධ්‍යක්ෂවෙච්ච මම එතනින් හීන්සීරුවේ පැනල යනව.නැත්නම් ඇමතිතුමිය ලමයින්ගෙ වෙලාවනාස්ති කරන්න ඉඩදුන්න කියල මට දෝස්මුරේ දාන නිසා.

      Liked by 1 person

  3. ඇස් දෙකට කදුලුත් ඇවිල්ලා කියවලා ඉවරවෙනකොට.
    පසුතැවිලි නැති දේශපාලන රාජකාරියක් කරගන්න හැකි වුනේ පුංචි බණ්ඩා මාමා වගේ අහිංසක වුනත් වැදගත් අය මා එක්කල සම්බන්ධ වුන නිසයි කියලයි මං හිතන්නේ.
    දුකයි සුනිල් මහත්තයෝ ඒ අයගෙන් ඈත් වෙන්න වුන හේතු කාරණා මතක් වෙනකොට… … !!

    Like

    1. පුංචි බණ්ඩ මාමා,මුත්ත මාමා,උක්කුං මුදලාලි,අතුකෝරල මහත්තය,වගේ මැඩම්ගෙ කන්ඩායම හැමෝමවගේ හොඳ මිනිස්සු.බින්තැන්න ගැන ඔබතුමිය දක්වපු උනන්දුව හින්දයි වරාපිටිය පාලම බකිනිගස්දෝවෙ පාලම රඹකැන් ඔය ජලාශය,බින්තැන්නෙ ග්‍රාමීය මාර්ග සංවර්ධනය.යතාර්තයක් බවට පත් උනෙ.මටත් වාසනාව තිබුනා ඒවට උදව් කරන්න.

      Like

  4. දිසපතිතුමනි
    ප්‍රතිපත්ති තීරණ ගැනීම දේශපාලකයන්ටත් , ඒවා ක්‍රියාත්මක කිරීම දක්ෂ නිලදරීන්ටත් පවරුනාම
    වැඩ කොයි තරම් කාර්යක්ෂමද. කරුමෙට ලංකාවේ බොහෝ වෙලාවට මේ දෙකම කරන්න යන්නේ දේශපාලකයින් .

    මම ජීවත් වෙන්නේ පිටරටක , ලංකාව වගේ කීප ගුණයක් විශාල මේ රටේ ප්‍රවාහන ඇමති තුමිය ඉන්නේ මගේ
    ගෙවල් කීපයකට එහා . පොලිස් ආරක්ෂා නැ , රස්සා ඉල්ලන මිනිස්සු ගේ ඉස්සරහ නැහැ . බොහොමයක් ඉරිදා වල් වල
    මම දකිනවා ගෙවත්තේ වැඩ කරනවා . මොකද මේ දේශපාලකයන්ට කිසිම දෙයක් දෙන්න බලයක් නැහැ . ප්‍රතිපත්ති තීරන මිස

    අපි කවදාහරි එතනට ඒවි කියල හිතනවද ඔබතුමා

    Like

    1. අපිට එහෙම රටකුත් නෑ. දේශපාලකයොත් නෑ.මම වැඩ කරපු අමාත්‍ය්දංශභාර දේශපාලකයින්ගෙන් ෆේරියල් අෂ් රොෆ් ඇමතිතුමිය, අමරසිරිදොඩංගොඩඇමතිතුමා කියන දෙන්න විතරයි නායකයො කියල පෙන්නන්න පුලුවන් අය හිටියෙ.ඒඅයත් අද දේශපාලනේ නෑ.

      Like

      1. කිනිතුල්ලො ගොඩේ තල ඇට දෙකයි. දැන් ඔබතුමා විශ්‍රාම යන්නත් කිට්ටුයි. මිනිස්සුත් තෝරන්නෙ කිනිතුල්ලො මිසක් තල ඇට නෙවෙයි. ඉතින් මොකේදැයි දන් වළඳන්නේ?

        Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s