වරාපිටියෙ පාලම

බින්තැන්න පත්තුවෙ උතුරෙ අවුරුදුදෙක හමාරක් ප්‍රාදේශීය ලේකම් කම කරපු මට මැරෙන කනුත් සතුටුවෙන්න පුලුවන් දේවල් රාශියකට දායක වෙන්න පුලුවන් උනා.බින්තැන්නෙ ගම්වල හේන්වල ඇවිදිමින් නිදහසේ රාජකාරිකල මට බින්තැන්න ගැන ලොකු අවබෝධයක් ලබා ගන්න පුලුවන් උනා.ඒ අවබෝධය නිසා බින්තැන්න ගම්වාසීන්ගෙ ප්‍රශ්න වලට උත්තර හොයාගන්න ත් හැකියාවක් ඇතිඋනා.ඒකට හොඳම අවස්තාව උදා උනේ නැගෙනහිර සංවර්ධන අමාත්‍ය්ංශෙට සම්බන්ද වෙන්නයි ෆේරියල් අෂ්‍ රොෆ් ඇමතිතුමිය එක්ක වැඩ කරන්නයි ලැබීමෙන්. මේ ඒවගේ කතාවක්. 2001 අවුරුද්දෙ මුලින්ම පුනරුත්තාපන අමාත්‍යංශෙ වැඩට ගියහමඇමතිතුමිය අම්පාරෙ ගම්ගැන තොරතුරු අහගත්තෙ මගෙන්.එතුමිය පාර්ලිමේන්තුවට පත් උනේ හදිසියේ වියෝවුනු අෂ් රොෆ් ඇමතිතුමා වෙනුවටනෙ.එතුමිය ඒවනවිට වැව්ගම් පත්තුව බින්තැන්න පත්තුවෙ ගම්වල ඇවිදල තිබුනෙ නෑ.හැබැයි එතුමියට මේගම්මානවල ඇවිදපු අෂ් රොෆ් ඇමතිතුමා කියපු විස්තර හොඳට මතකයේ තිබුනා.හිටි අඩියෙම දවසක් මාව ගෙන්නපු ඇමතිතුමිය ඇහුවා

“සුනිල් මහත්තයා කොහේද අම්පාරෙ ගමක් තියෙන්නෙ උදේට ලමයි ස්කෝලෙ යන කොට අතිරේක ඇදුමක් අරගෙන ඇවිල්ල ගඟකින් ගොඩවෙලා තෙමුනු ඇදුම් අයින් කරල අනිත් ඇදුම ඇඳගෙන ස්කෝලෙට එන?”

“මැඩම් අම්පාරෙ කොයි පැත්තෙද දන්නෑ නේද?”

“ඒකනම් දන්නෙ නෑ අපේ ඇමතිතුමා ඉන්දැද්දි මට කියල තියෙනවා ඔහොම ගමක් ගැන. බොහොම ඈතලු දුප්පත් ගොවියො ඉන්න ගමක්ලු ලොකු ස්කෝලෙකට එන්නකිලෝමීටර් දහයක් විතර පයිනුත් යන්න ඕනලු.”

“මැඩම් ඔහොම ගමක් මහඔය නම් තියෙනවා.ඒකට කියන්නෙ වරාපිටිය කියලයි ප්‍රධාන පස්‍රෙ ඉදන් කිලෝමීටර් 12-13ක්විතර දුර.ගඟේවතුර වැඩිඋනහම ඒගම කොටුවෙනවා කාටව්ථ්මෙගොඩවෙන්න බෑ.සේරංකඩට එහෙම එන්න ගඟෙන් ගොඩවෙලා කිලෝමීටර් 10ක්විතර යන්න තියෙනවා.”

“එහෙනම් ඔය ඒ ගම තමයි.මට ඒගමට පාලමක් හදල දෙන්න ඕන.”

“මැඩම් කරල දෙන්න පුලුවන්නම් ලොකු දෙයක් ඔය වරාපිටියෙ මිනිස්සු පුදුම දුකක් විඳින්නෙ මහ ඔයෙන් ගොඩවෙන්න බැරුව අවුරුද්දෙ මාස පහක් විතර ඔයවදේ විඳිනවා.”

“එහෙමනම් මේගැන බලල එතැනට පාලමක් දාන්න කොච්චර සල්ලි යයිද කියල බලන්න.”ඇමතිතුමිය මට වැඩේ පැවරුවා.

මම මාර්ග සංවර්ධන අධිකාරියට ගිහින් එතන ලොක්කො හමුවෙලා අම්පාරෙ මාර්ග අධිකාරියෙ ඉංජිනේරුවො ලව්ව වාර්තාවක් මේගැන ගෙන්න ගත්තා.වරාපිටිය ගමට පාලමක් දැමීම කල යුතු වැඩක් උනත් ඊට දලවශයෙන් මිලියන සීයකට වැඩිය වියදමක් යාහැකි බවත් ප්‍රධාන මාර්ගයකට අයත් නොවනනිසා මාර්ග සංවර්ධන අධිකාරියට මේගැන ක්‍රියා කල නොහැකි බවත් එහි සඳහන් උනා.ග්‍රාමීය ප්‍රදේශවලට දුම් රිය මැදිරි සැකිලි යොදා ගනිමින්ීදි කරන පාලමක් මේස්තානයට ඉදිකර දීම අඩු වියදම් සහිත විසඳුමක් විය හැකි බවත්වාර්තාවේ වැඩිදුරටත් සඳහන් උනා.මම මේගැන ඇමතිතුමිය එක්ක කතාකරල අඩුවියදම් විකල්පය ක්‍රියාත්මක කිරීමට තීරණය කරා.අම්පාරෙ වාරිමාර්ග කලාප අධ්‍යක්ෂ කාර්‍යාලෙට කතාකරල මේ වරාපිටියෙ පාලම දුම්‍ රිය මැදිරි සැකිලිවලින් දාන්න ඇස්තමේන්තුවක් ගෙන්නඅ ගත්තා.ඒ ඇස්තමේන්තුව අනුව දුම් රිය මැදිරි සැකිලිදෙකක් මේ වැඩේට ඕන කරනවා.දුම් රිය දෙපාර්ත මේන්තුවෙන් ඉල්ලීමක් කරේ ඇමතිතුමිය .ඔවුන් අදාල මැදිරි සැකිලි දෙක වාලච්චනේ ස්ටේශමට ගෙනත් දෙන්නත් පොරොන්දු උනා.මේ සදහා ගඟදෙපැත්තෙ බැමි දෙක හා මැද බැම්ම ඉදිකිරීම ඇතුලු අනිත් වැඩවලට රුපියල් ලක්ෂ පනහක ඇස්ත මේන්තුවක් එව්වා.ලක්ෂ පහලොවක් වෙන්කරලා වැඩේපටන් ගන්න කියල යැව්වෙ ඉතුරු මුදල් වැඩේ ප්‍රගතිය අනුව වෙන්කරල දෙන බවට පොරොන්දුවක් එක්කයි.ඒ අනුව වාරිමාර්ගෙ වැඩේ පටන් ගන්න එකඟ උනා.හරියටම ඔය වෙනකොට අපි ක්‍රියාත්මක කරපු පනස්දහසේ ව්‍යාපෘති බලන්න යන්න ඇමති තුමිය සංචාරයක් සූදානම් කරා.එතුමියගෙ පලමු සංචාරය බින්තැන්නෙ ගම්වලට යන්න සූදානම් කෙරුනෙ ඔය විදියටයි.බින්තැන්නෙ ගම්වල ජනතාව තමන් කවදාවත් දැකල නැති ඇමතිතුමිය පිලිගන්න එක් රොක් උනා.හැම ගමකම පනස් දාහක වියදමින් කරපු ප්‍රජාව්‍යාපෘතිය එතුමිය ලවා විවුර්ත කර ගන්නත් ඒ අය සූදානම් කලා.මේ ගමන්ම වරාපිටියෙ පාලමට මුල්ගලතියන්න ඕන කියල වරාපිටියෙ ලොකු ස්කෝලෙ මහත්තය එකහෙලාම කියා හිටිය.මුල්ගල් තැබිල්ලට වැඩියඇමතිතුමිය අකමැති උනත් මම මිනිස්සුන්ගෙ ඉල්ලීම ගැන කිව්වම එතුමිය එකඟ උනා.අනික් දේ තමයි මේදවස් හරියටම ඉස්ලාම් ආගමිකයින්ගෙ උපවාස කාලෙ.ඇමතිතුමිය උදේ ඉඳන් බින්තැන්නෙ උතුරෙ උනුවතුර බුබුල බොරපොල බැදිරැක්ක පූලාවල ටැම්පිටිය නිලොබ,පොල්ලෙ බැද්ද දඹදෙනිය හරස්ගල කැකිරිහේන ඉද්දපොලවාගෙ ගම්වල ගිහිල්ල මහන්සි උනේ උපවාසෙ යෙදෙන අතරතුර කිසිදු කෑමක් බීමක් නොගෙන.මේසේරම ඉවරවෙලා මහා දුෂ්කර වරාපිටිය පාරෙ වරාපිටියට පිටත් වුනේ පහ හමාරත් පහුවෙලා .හයහමාර විතර වෙනකොට වරාපිටියෙ ගඟ ලඟට ලඟාවෙන්න අපිට පුලුවන් වුනා.කොහෙන්දෝ හොයාගත්තු පැට්‍රෝ මැක්ස් ලාම්පුවක් පත්තුකරගෙන මුලු වාරාපිටිය ගමම මෙතනට එකතුවෙලා.පරම්පරා ගනනක තමන්ගේ එකම ඉල්ලීම උන පාලමට මුල්ගල තියන්න එන තමන් කිසිදවසක නොදැකපු තමන්කිසිදින චන්දයක් නොදුන්නු.තමන්ගෙන් කිසිදින චන්දයක් නොඉල්ලපු ඇමතිතුමිය මුන ගැහෙන්න එදා වරාපිටියෙ මනුස්සයො සේරම ඇවිල්ල හිටියා.වාහනෙන් බහින්නත් බැරිතරම් වෙහෙසෙන් හිටපු ඇමතිතුමිය අර මිනිස් සමූහය මැද්දෙන් බැහැල බොහොම හැමෝටම ආයුබෝවන් කියල කඩිසර ගමනින් ගිහිල්ල ආරක්ෂක නිලධාරින්ගෙ විදුලි පන්දම් එලියෙන් පාලමට මුල්ගල තිබ්බා.මුලුවරාපිටියම අත්පොලසන් දෙද්දි ඇමතිතුමිය ස්තූතිකලා තමන් මුන ගැහෙන්න ආපු හැමෝටම.ස්කෝලෙයන ලමයි ඇදුම් දෙකක් අරගෙන ගෙදරින් ඇවිත් ගඟෙන් ගොඩවී අතිරේක ඇදුම ඇදගෙන ස්කෝලෙ යන කතාවඅහපු හැටිත් කියල.වාහනේදිම දවසේ උපවාසය හමාර කරල ආපහු ආවා.

එදා ඉඳන් සතියකට දවසක් ඇමතිතුමිය වරාපිටියෙ පාලම ගැන මගෙන් ප්‍රගතිය අහනව.මාස හතර පහකට පස්සෙ හදිසි මැතිවරනයක් ඇවිල්ල එතුමිය විපක්ශෙට යනවා.අලුත් ආන්ඩුව යටතෙ නැගෙනහිර සංවර්ධන අමාත්‍යංශෙ ඉතුරු උන මම ඊලඟ අවුරුද්දෙත් ලක්ෂපහක් වෙන්කරල එකපැත්තක බැම්ම නිමකෙරෙව්වා.ආයෙත් සල්ලි වෙන්කරන්න විදියක් නැති වෙනවා.දුම් රිය මැදිරි සැකිලි දෙක වාලච්චනෙන් භාරගෙන ඉවත් කරගන්න කියල මට දුම්‍රිය දෙපාර්තමේන්තුවෙන් දැන්වුවා.ඒ අතර හිටපු ඇමතිතුමිය දුරකතනයෙන් කතා කරල අහන්නෙ වරාපිටිය පාලමයි දීඝවාපියෙ ධර්ම ශාලාවයි ගැන.වරාපිටියෙ ලොකු මහත්තය අපේ සංඝදාස නිශ්ශංක මහත්තය මාර්ගෙන් මට කතාකරල දැන්පාලමේ වැඩ නතරවෙලස් කියල කිව්වා.දැන් හැම පැත්තෙන්ම වැඩේ හිරවෙලා.2003අවුරුද්දෙ මොකුත් උනේ නෑ.ආපහු 2004මහ මැතිවරණයක් ඇවිත් අපේ හිටපු ඇමති තුමිය නිවාස අමාත්‍යංශෙට පත් වෙනවා.මමත් නැගෙනහිර අධ්‍යාපන හාවාරිමාර්ග සංවර්ධන කෑල්ලත් එක්ක ඒඅමාත්‍යංශෙට සම්බන්දවෙනවා.දීඝවාපි ධර්ම ශාලාව බකිනිගස්දෝව ගම වගේ ඇමතිතුමියගෙ ප්‍රමුඛතාව්‍යාපෘති අතර වාරාපිටිය පාලමත් තියෙනවා.බකිනිගස්දෝවෙ ගලෝඩෙ ඔයට උක්කුං මුදලාලි (සේරංකඩකීර්තිද සේරම් මුදලාලි)ගෙ ඉල්ලීමට පාලමකුත් ඕනවෙනව.වෙලාවට අපේ අමාත්‍යංශෙ ලේකම් තුමිය මල්ලිකා කරුණාරත්න මැතිනියගෙ මහත්තය පුනරුත්තාපන අමාත්‍යංශෙ ලේකම් ධුරය දැරුව එම් එස් ජයසිංහ මැතිතුමා.එතුමා බකිනිගස්දෝවෙ උත්සවයටත් එනවා.මේපාලම් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න බ්‍රිතාන්‍ය ආධාර යටතේ යකඩ පාලම් වගයක් ලැබෙන බවට ඔත්තුව අපේ ඇමතිතුමියට දෙන්නෙ එතුමා.අපේ ඇමතිතුමිය ජනාධිපතිනියගෙන් පාලම් දෙකක් ඉල්ලා ගෙන එකක් වරාපිටියටත් අනික බකිණිගස්දෝවටත් වෙන්කරනවා.රුපියල් කෝටි පනහකටත් වැඩිය වටින දැවැන්ත යකඩ පාලමක් දෙන්න හදපුකෝච්චි පෙට්ටි පාලම වෙනුවට වරාපිටියෙන් මහඔය හරහා වැටෙනවා.

මේ මහා පාලම් දෙක වැඩ අවසන් වෙන කොට මම අම්පාරෙ දිසාපති ධුරයට පත්වෙලා.ඇමතිතුමිය බොහොම චාම් උත්සවයක් තියලා පාලම් විවුර්ත කරා.පාලමවිවුර්ත කරන්න ඉස්සෙරියෙන්ද හවස පාලම උඩ වාඩිවෙලා ගමේ කට්ටිය ලොකු ස්කෝලෙ මහත්තයත් එක්ක කරපු කතාබහේදී වැහිකාලෙ මිනිස්සු මූනදීපු දුෂ්කරතා ගැන ආවර්ජනයක් කෙරුනා.1993ප්‍රාදේශීය සභා චන්දෙදි වරාපිටියෙ චන්ද පෙට්ටිගන්න උනේ ගඟ හරහා කඹයක් බැඳල ඒකෙ එල්ලීගෙනයි.චන්ද කාර්‍ය මංඩලයත් ගමේ පුරුදු කාරයො ලවා අල්ලගෙන කඹේ එල්ලිල මෙගොඩට ගත්තා.මිනිස්ජීවිත රාශියක් ගඟෙන් එතරවීමට ගිහින් අහිමි උන සිද්දි ගමේ අය කිව්වා.ගංවතුර කාලෙ අසනීපවලට ප්‍රතිකාර ගන්න බැරුව නැති උන ජීවිත ගැන මිනිස්සු සිහිපත් කරා. තමන් හීනෙකින්වත් හිතපු නැති විදියෙ දැවැන්ත පාලමක් ගඟ හරහා වැටුන එක ගැන ගම පුදුමයට පත්වෙලා තිබුනෙ.

මින් මාස ගනනාවකට පස්සෙ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යංශෙ අම්පාරෙ හෝටලේක ලොකු වැඩ මුලුවක් සංවිධානය කරල තිබිල මටත් ආරාධනා කරල තිබුනා.මමත් දිසාපති වරයා හැටියට එතනට සම්බන්ධ උනා.සැලසුම් කරණයේ වටිනාකම හා ඉන් අත්වන ප්‍රයෝජන ගැන දේශනාවක් කරපු විද්වතෙක් නරක සැලසුම් කරණයට උදාහරණ හැටියට පෙන්නුවේ වරාපිටිය පාලමයි බකිනිගස්දෝව පාලමයි.ඔහු කිව්වේ වරාපිටිය හා බෝකොටුව ගම් දෙකේ ජීවත්වන පවුල් සංඛයාව එකසිය විසිපහක් විතරයි.එතනට රුපියල් මිලියන පන්සීයක පාලමක් දැමීම සම්පත් නාස්තියක් කියලයි.එතනට‍යි බකිනිගස්දෝවටයි මිලියන හතර පහකින් අඩිතුනක් පලල කොන්ක්‍රිට් අඩි පාලම් ප්‍රමානවත් බවයි ඔහු පුනපුනා කිව්වෙ.හොඳවෙලාවට මම කතාකරල ඉවරවෙලා තිබුනෙ.නැත්නම් මම මව් භාසාවෙන් මිනිහට උත්තරදෙන්න ඉඩ තිබුනා.අද වරාපිටිය හරහා මහඔය ඉඳන් පදියතලාවට බස් ධාවනය වෙන්නෙ ජිබික් ආධාර යටතේ වරාපිටිය කැකිරිහේන මාර්ගය කොන්ක්‍රිට් කරල යුරෝපාසංගම් ආධාර යටතේ වරාපිටිය දොරකුඹුර හරහා හෝලිකේ පාර කාපට් කරන්න කරපු සැලසුම නිසයි.ඒගැන වෙනම ලියන්න ඕන.අද වරාපිටියෙ පාලම ගැන හිතෙන කොටත් සතුටුයිඑහෙම සතුටු වෙන්න පුලුවන් අර පලදායි සැලසුම් කරණය ගැන කියාපු විද්වත් නිලධාරිතුමා තරමට ඉගෙන නොගත්ත එක නිසයි.අපේහිටපු ඇමතිතුමියත් මේගැන හිතල සතුටුවෙන බව දන්නවා.

9 thoughts on “වරාපිටියෙ පාලම

  1. මේ පෝස්ට් එකයි, පහුගිය එකයි දෙකම කියෙව්වෙ දැන්. විස්තරාත්මක කමෙන්ට් එක පහුගිය පෝස්ට් එකට දැම්මා

    Like

  2. මටත් හිතුන වෙන් කල මුදල වැඩී කියල.

    ඒත් එක ඇතියෙක්ට අවු ඔයිටත් වඩා වියදම් යනව කියල කොහෙද දැක්ක කියල මතක් වෙලා ටොක්කක් ඇනගන්න හිතුන

    Like

    1. මේ පාලම උඩින් යන පාර එදා ගම් දෙකකට ගියාට අද ගම්මාන රාශියක් හරහා බින්තැන්නෙ උතුරු දකුනු කටස් සම්බන්ද කරන විකල්ප පාරක්.මේපාලම පාවිච්චිකරල බින්තැන්නෙ ගම්සේරම යාවෙන විදියට පාරක් සංවර්ධනය කරන්න අවශ්‍ය මෙහෙයවීම කරන්න මට පුලුවන් උනා.ඒනිසා කිසිදුවැඩියක් නෑ

      Liked by 1 person

  3. හරිම සතුටුයි සුනිල් මහත්තයා මේ සිද්ධිය මතක් වෙනකොට. ඔය පවුල් සංඛ්‍යාවයි වෙන් කරපු මුදල් ගැනයි මටත් දොස් කිව්වා, ඒ ගම්වල තත්වය දකින්නෙවත් නැතිව.
    මුදල් වෙන්කරනතකාට කොමිස් ගහනවා කියලයි පොදු අදහස!

    Like

    1. අද බලන්නකො මැඩම් එදා ගමකට ගිය පාරට ලොකු පාලමක් ඔබතුමිය දාල දුන්න නිසා ඒපාර බින්තැන්නෙ ගම්මාන දහයක්විතර හරහා යන ප්‍රධාන මාර්ගයක් වෙලානෙ.සංවර්ධනේ කියන්නෙ ඔයවගේ වැඩවලටනෙ.

      Like

    2. // අම්පාරෙ ගමක් තියෙන්නෙ උදේට ලමයි ස්කෝලෙ යන කොට අතිරේක ඇදුමක් අරගෙන ඇවිල්ල ගඟකින් ගොඩවෙලා තෙමුනු ඇදුම් අයින් කරල අනිත් ඇදුම ඇඳගෙන ස්කෝලෙට එන //

      ලංකාවෙ මෙහෙම ගම්මාන තියනවා හෝ තිබුණා කියල දැන් ඉන්න උදවිය නම් විශ්වාස කරන එකකුත් නැහැ, කොළඹ උදවිය නම් දන්නෙම නැහැ.

      මේ කතාවට අදාලම නැති උනත් ෆේරියල් අශ්රොෆ් මහත්මිය සහ එම්.එච්.එම්. අශ්රොෆ් මහතා ගැන මතක් කළ නිසාත් ඒ මහත්මිය අදහස් දක්වා ඇති නිසාත් මේකට අදාලම නැති වෙනස්ම කතාවක් මතකයට ආව.

      ඒ “සම අවස්ථා පනත” ගෙනාපු දවස් වල ඒ සම්බන්ධයෙන්දෝ අශ්රොෆ් මහතා දැක්වූ අදහසක් හෝ එය විකෘති කර දැල්වීමක් මුල්කරගෙන (අවුරුදු 18 කට පසුවත් මේ ගැන තවමත් මට හරි වැටහීමක් නැහැ) බෞද්ධ පාසල් පොදු පාසල් බවට පත් කර ඒවාට මුස්ලිම් සිසුන් ඇතුළත් කරන්න යනවාය යන මතය යටතේ ආනන්ද, නාලන්ද සහ අශෝක පාසල් වල සිසුන් ආනන්දය විදුහල ඉදිරිපිට විශාල විරෝධතාවයක් පැවැත්වුවා. එවක ආනන්දයේ උසස් පෙළ සිසුවකු වශයෙන් මමත් මගේ සමකාලීන මිතුරන් සියල්ලත් එයට සහබාගී උනා.

      ඒ වගේම අශ්රොෆ් මහතාගේ අදහස් කෙතරම් නිවැරදිද අපක්ෂපාතද කියන්න මම දන්නේ නැහැ. නමුත් පසු කාලීනව අපි කාගේ නමුත් දේශපාලන අතකොලු උනා කියල තමයි මට හිතෙන්නෙ. ඒ වගේම වැඩිහිටියෙක් ලෙස මම හිතනවා ලංකාවේ පාසල් සියල්ල ආගම්, ජාතියෙන් තොර පොදු මිශ්‍ර පාසල් බවට පත් කළ යුතුයි කියල. ( මෙහෙම කිව්වහම සමහරු හිතන්නෙ මට පිස්සු කියල 😀 )

      Like

      1. අෂ්‍ රොෆ් ඇමතිතුමා එදාකිව්වෙත් ඔය කුඩාකාලෙම බෞධ,හින්දු ක්‍රිස්තියානි මුස්ලිම් කියල ආගම් අනුව ස්කෝලවල යවල පස්සෙතරුනෞනාම එකට ඉඳපල්ල කියන එක අසාර්ථක ක්‍රමයක් කියලයි.එතුමා කිව්වෙ අධ්‍යාපනයෙදි ආගම් අනුව නැතුව ලමයි බඳවගෙන සිංහල දෙමල,ඉංග්‍රීසි කියන භාෂස්තුනම හැමලමයටම ඉගැන්වියයුතුයි කියලයි.

        Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s