අම්පාරට ගිය හැටි

අම්පාරෙ අවුරුදු දාහතක් තිස්සෙ කලකී දේ කොච්චරදකියල හිතාගන්න බෑ.අවුරුදුවිසිහතක් වෙච්ච ගජ ඉලන්දාරියෙක් හැටියට බෑගෙකක් එල්ල ගෙන නුවර පාරෙන් අම්පාරට යන්න බසෙකකට නැග්ගෙ 1986/7/17වෙනිද.අම්පාර ගැන මොනම අත්දැකීමක් නැතිව හිටපු මට මග පෙන්නුවෙ මගේ විශ්ව විද්‍යාල කන්ඩායමේහිටපු සමීපතම මිත්‍රයා ගාමිනී රංජිත් ඇල්විටිගල.මිරිහානේ පදිංචි ගාමිනීගෙ අම්මගෙ සත්කාරකත්වය යටතේ මමත් ඒගොල්ලන්ගෙ ගෙදරක කොලඹ වැඩකරපු කාලෙ නැවතිල හිටියෙ.ගමිනිලගෙ ගෙවල් තුනක් එකලඟ තිබුන.මම එකගෙදරක කාමරේක නවාතැන්ගත්ත.ගාමිනීලගෙ අම්මා මට කෑම බීම තේ ටික පිලියෙල කරල දුන්න.විශ්‍රාමිකයෙක් උන ගාමිනී ලගෙ තාත්ත එක්ක නිවාඩුපාඩු වෙලාවල කරපු කතාබහ අදටත් මතක් වෙනවා.විදේශ විත්ති ගැන බොහෝ උනන්දු උන ඒතාත්ත අහන දේවල් අපි දන්නෙත් නෑ සමහරවෙලාවට .ඉන්දු චීන අර්බුදය කාශ්මීර ප්‍රශ්නය පලස්තීන අර්බුදය ඇමෙරිකා රුසියා සීතල යුද්ධය ඉන්දියානු ගොවිසටන් ඒ තාත්තට තමන්ගෙ අල්ලපු ගමේවෙන ඒව වගේ දැනිල තිබුනෙ. ගුවන්විදුලි ය පත්තර මගින් මේ තොරතුරු හොයාගෙන ඉඳල අපිත් එක්ක ඒව කියන්න ලොකු ඕනකමක් ඒතාත්තට තිබුනා.මමත් ඒසාකච්චාවට කැමැත්තෙන් හිටියෙ.එහෙම ඉන්න අතර ගාමිනීට උපාධි ගුරුපත්වීමක් ලැබුනා අම්පාරට.යුද්දෙ තියන අම්පාරපලාතට පත්වීම හමුවීම ගැන කනගාටුවක් තිබුනත් වැඩ භාර ගන්න යනව ඇර විකල්පයක් නෑනෙ.ගාමිනී අම්පාර පැත්ත දන්න කෙනෙක් එක්ක අම්පාරට ගියා.මිනිහට හම්බූ උන ස්කෝලෙ අම්පාරෙ ඉඳන් කිලෝමීටර් 160කට දුරින් තිබුනු දෙහිඅත්ත කන්ඩියෙ සදුන්පුර ස්කෝලෙ.සුමානෙකට පස්සෙ ගෙදර ඇවිත් මහවැලි කලාපෙ සදුන්පුර ස්කෝලෙ දුෂ්කරක්‍රියාව ගැන මහාවිස්තරයක් ගාමිනී කලේ හැමෝගෙම ඇස් උඩයන විදියට.සතිදෙකක් යනකොට ඔන්න මටත් අම්පාර කච්චේරියට මාරුවක් ලැබුනා.දැන් මොන දෙයියන්ට කියන්නද.?මගෙ එවක ප්‍රධානියා ඩී සී ටී ජෑන්ස් සමාජසේවා අධ්‍යක්ෂ තුමා.උන්නැහැ මාව නිදහස් කරේ නෑ.

“අයිසෙ දෙනව ඇපිල් එකක් ලියල මම තමුසෙගෙ මාරුව හදල දෙන්නම්.”

අධ්‍යක්ෂ තුමා කිව්වා.මට කොලඹ ඇතිවෙලා හිටියෙ.ඒවෙනකොට අවුරුදුඑකොලහක් කොලඹ.යුද්දෙ තිබුනත් ඈත අම්පාරට පලයං කියල මගෙ හිතකිව්වා.අනික අම්පාරෙ කච්චේරියෙ උප දිසාපති තනතුර ලැබිල තියෙන්නෙ.පරිපාලනසේවෙට එන කවුරුත් බලාපොරොත්තු උනේ උපදිසාපතිවරයෙක් වෙල ප්‍රදේශයක් පාලනය කරන්න.ඒකට අවස්තාවක් ගන්න කවුරුත් උත්සාහකලා.මට මොනම උත්සාහයක් නැතුව කච්චේරියක උපදිසාපතිකම ලැබිල.ඕන කෙහෙල්මලක් කියල ඇපිල් එක නොදෙන්න තීරණය කලා.

“කෝ අයිසෙ ඇපිල් එක?” ඊලඟ දවසෙ හමු උන හැටියෙම අධ්‍යක්ෂ තුමා ඇහුව.

“සර් මම ප්‍රතිපත්තියක් හැටියට ඇපිල් දෙන්නෙ නෑ.සර් මාරුව හදල දෙන්නම් කිව්වට බොහොම ස්තූතියි.”කියල අමාරුවෙන් කියල දැම්ම.

අසූ හාරදාහට තද උන ජෑන්ස් අධ්‍යක්ෂ තුමා.”තියාගන්නව තමුසෙගෙ ප්‍රති පත්තිය.තමුසෙට දිස්ත්‍රික්කෙකට යන්න ඕන කිව්වනම් මම මේ දෙපාර්තමේන්තුවෙන් දිස්ත්‍රික්කෙකට දානවනෙ.අනික හැමෝම අලුත් කට්ටියෙන් ඒ ඩී කෙනෙක් ත්‍රිකුනාමලේ යවන්න කියද්දි මම තමුසෙලව යැව්වෙ නැත්තෙ එහෙ යුද්දෙ තියන පලාත නිසා අනතුරක් වෙයි කියල.ඒත් තමුසෙ ඒ අනතුරට කැමැත්තෙන් පනිනවනම් මම මොනවකරන්නද?හෙටම නිදහස් කරල ලියුම දෙන්නම්කො.” කියල කෑගැහුව.

මෙහෙම කෑ ගැහුවට අධ්‍යක්ෂතුමා බොහොම හොඳ කෙනෙක්.අපිත් එක්ක යාලුවොවගෙයි හිටියෙ.ඉතින් මම වැඩිය ගනන්ගත්තෙ නෑ.කේන්තිය බැස්සම මාව නිදහස් නොකර ඉඳියි කියල හිතුන නිසා මම ගිහින් සහකාර අධ්‍යක්ෂ කෙනෙක් උන ආරිය රූබසිංහ මහත්තයට කිව්වා.

“මම ලොක්කට කියන්නම් උඹව නිදහස් කරන්න කියල.අනික මේක අස්සෙ ඉඳල බොල මොනව කරන්නද?තරුණ කොල්ලො යන්න ඕනා ඈත දිස්ත්‍රික්කවලට.ලොක්ක ලංසියනෙ ම්නිහ හිතන්නෙ කොලඹ තමයි හොඳම තැන කියල.මේ මගුලෙන් ගැලවිලා උඹ පලයන්.”

ඔන්න ඔහොමයි ආරිය රූබසිංහ මහත්තය කිව්වෙ.අදහම්බු උනත් උන්නැහැගෙ කතාව ඔයවගෙයි.කොහොමින්හරි සේරම කරගෙන මටවැඩිය සුමානතුනකට ඉස්සෙල්ල අම්පාරගැන අත්දැකීම් ගත්තු ගාමිනී ත් එක්ක නුවර පාරෙන් ඉස්සෙල්ලම ගියේ දෙහිඅත්ත කන්ඩියෙ සදුන්පුර ස්කෝ ලෙට.මී ට කලින් මහියංගනෙන් එහාට ගිහිල්ල නැති මට මහියංගනෙන් එහා ලෝකෙ මැජික් වගේ.පනසෙකේ හංදියෙන් උල්හිටිය පාරෙන් ලිහිණියාගමට යන හයි ඒස් වර්ගයේ මගී ප්‍රවාහන වෑන් එකේ ගිය අපිට ගිරාඳුරු කෝට්ටෙ ඉඳන්ම මහාදූවිලි පිරුණු මාර්ගයකයි යන්න උනේ.ගින්දරවගේ පිච්චෙන අව්වෙ දූවිලි වලා මැද්දෙන් ගිය ගමන අවසන් උනේ සඳුන්පුරස්කෝලෙ ලඟින් බැස්සමයි.ගහක් කොලක් පේන්න නැති ස්කෝලවත්තෙ ගොඩනැගිලි කීපයක් තිබුනා.මේ ස්කෝලෙ විද්‍යාගාරෙ තමයි මගේ මිත්‍රයගෙ නවාතැන.විද්‍යාගාරෙන් බෑගෙක එහෙමතියලා වතුර ටැංකිය ලගට ගිහින් මූන ඇගපතසෝදාගත්තා.වතුර ලැබෙන්නෙ බවුසරෙන් .ස්කෝලෙ බිම ගහලතිබුනු ලොකු කොන්ක්‍රිට් ටැංකිපෙලකට බවුසරෙන් පුරවන වතුර තමයි පාවිච්චි කරේ.

ඇඟපත හෝදාගෙන තේ බොන්න ගියේ ස්කෝලෙට එහාපැත්තෙ තිබුන “ටෝඩා” කැන්ටිමට.ටෝඩා කිව්වෙ මහවැලි සී කලාපෙ තිබුනු ව්‍යාපෘතියක්.ඒකෙ කැන්ටිම ජනාකීර්ණ තැනක්.වැඩබිම්වල සියලු සේවකයො කෑමබීම ගන්නෙ එතනින්.දෙන්නම ගිහින් කිරිතේ දෙකක් බිව්වා.කැන්ටිමේ ගෝලයා අපේ කිරිතේ ඕඩරේ කෑගහල ටී මේකර්ට කිව්ව හැටියට කිලෝ මීටරයක් වත් ඇහෙන්න ඇති කියල අපි දෙන්න කතාවුනා.ඊටපපස්සෙ පැයක් දෙකක් ස්කෝලෙම වාඩිවෙලා කයිවාරුවක් ගැහුව.ගුරුනිවාසෙක හිටපු ගුරුවරයෙකුත් ඒකට එකතු උනා.රාත්‍රි ආහාරය ටෝඩා කැන්ටිමෙන් සැපයුනා.කොලඹදිබත් පිගන් තුනකට බෙදන කෑම එක බත්පිඟානට බෙදලදෙනඑකටතමයි ෆුල් කෑම එකක් කියල මෙහෙ කියන්නෙ. එලවලු ඌරුමස් සහිත පත සයිස් බත් පිඟානකට වගකියල කැන්ටිම ඉස්සරහ වාඩිවෙලා දෙන්නත් එක්ක කයිවාරු ගහල රෑට නිදාගන්න ආපහු විද්‍යාගාරෙට ආවා.ගුරුනිවාසෙන් හවස ඇවිත් හිටිය ගුරුතුමා මට පැදුරක් දුන්නා.ගාමිනියට පැදුරක් තිබුනා. බිම අතුගාල පැදුරු දෙක එලල ගාමිනිය හතර මුල්ලෙන් මදුරුකොයිල් හතරක් පත්තු කරා.මම ඇහුව ඔච්චර මදුරු කොයිල් මොකටද කියල.මෙහෙම නොතිබුනොත් කොයිල් නැති පැත්තෙන් මදුරුවො ආක්‍රමනය කරනව කියලයි ගාමිණී කිව්වෙ.සීලිමේ තිබුනු පෑනෙක උපරිමේට දාලා මදුරු කොයිල් අතරටවෙලා බෑගෙක ඔලුවට තියාගෙන නිදාගත්තා.එහෙම නින්දක් එදාමෙදාතුර නිදාගෙන නෑ.පාන්දර හතර විතර වෙනකම් මොනම ආකාරෙකවත් නින්දක් නෑ.මදුරු සංගීතය සමග නෑවවගේ ගලන දාඩියත් එක්ක පැදුරෙ දිගා වෙල හිටියෙ පුදුම අමාරුවකින්.රාත්‍රියෙ ලැබ් කාමරෙන් එලියට ගිහින් ස්කෝල ශාලාවෙ ඉන්න හැදුවත් එතන මදුරුවිමානෙ.කොහොමහරි එලිවෙන ජාමේ යම්තම් පැය එකහමාරක් විතර ඇහැපිය වුනා.

උදේ යම්තම් හයවෙනකොට අවදිවෙලා මූන හෝදාගෙන ලැහැස්ති උනේ හය හමාරවෙන කොට ස්කෝලෙට ලමයි එනව කිව් නිසයි.අපි හය හමාරට ටෝඩා කැන්ටිමට යන කොටත් ලමයි ස්කෝලෙට එනවා.උදේ කෑම කාලා හතට විතර ස්කෝලෙට එනකොට ස්කෝලෙ ලමයි පිරිල..උදේ අටට ලිහිණියාගමෙන් නුවරට පිටත් වෙන වෑන් එකට ගොඩ උනේ ලොකු බෑගෙක පස්සෙ ගෙනියන්න ගාමිනීගෙ විද්‍යාගාර කාමරේ තියලයි.සඳුන්පුර ඉදන් පැයක විතර ගමනකින් මහියංගන පදියතලාව පාරෙ පනස් එකේ හංදියෙන් බැහැ ගත්තා.එතන තවත් පැයක් විතර ඉන්න කොට අම්පාරට යන පුද්ගලික බසෙකක් ආවා.ඒකෙ එල්ලිලා අම්පාර කියල රුපියල් පනහක් කොන්දොස්තර හැටියට හිටපු පොඩිඑකාට දුන්නා.ඌ ඔලුව වැනුව.මම හිතුවෙ ගාස්තුව රුපියල් පනහයි කියල.මම පිටිපස්සට ගියා.අදටත් ඉතුරු සල්ලි නෑ.පස්සෙ දැනගත්තු හැටියට රුපියල් 33/=මට ලැබෙන්න ඕන.බස් එකට නැග්ග තැන ඉදන් දිගටම හිටගෙන කුරුඳු මිටිය වගේ අහුරපු බස් එකේ ගමන අතරතුර පොලිස් හමුදා මාර්ග බාධක ගොඩක් හමු උනා.ඒහැම එකකම බැහැල බෑග් එකත් අරගෙන පයින් ගිහින් මීටර් පනහක් හැත්තෑපහක් ඈතින් නව්තින්න ඕන.ඊට පස්සෙ බසෙක හිමිහිට බැරියර් එක පන්න ගෙන ඇවිත් යලිත් මගීන් පටව ගන්න ඕන.මේ කිසිම තැනක කවුරුවත් අපිව චෙක් කරේ නෑ.මේ එකම තැනකවත් බස් එකෙන් බැහැපු නැති මිටි මහත කන්නාඩි දාපු අත්කොට කමිසයක් හා කලිසමක් ඇදපු කෙනෙක් මට නිරීක්ෂණය උනා.මගෙ අදහස උනේ බස් ඩ්‍ර්‍යිවර්ගෙ යාලුවෙක් වෙන්නැති කියලයි.පැය දෙකක් දෙකහමාරක් විතර ගිය තැන දකුණු අත පැත්තෙන් වැවකුත් එක්ක අම්පාර මහාවාපි විහාරය කියල බෝඩ් එකක් තියෙනවා දැක්කා.ඒක පහුවෙලා ටිකකින් බසෙක පාරෙ වම් අයිනට කරල නැවැත්තුවා.අර මිටිමහත කන්නාඩිකාරය කාර්‍යාල බෑග් එකකුත් අරගෙන එතනින් බැස්සා.මිනිහ බහින කොට ඩ්‍ර්‍යිවරුත් සීට් එකෙන් ඉස්සිලා හිස පාත් කරා.”කවුරු හරි ලොක්කෙක් “මගෙ හිත මට කිව්වා.එතනිනුත් මීටර් සීයක් විතර ගිහින් බසෙක නවත්වලා අම්පාර බැහැගන්න බෑග් බලල අරගන්න කියල කොන්දොස්තර කොල්ල කෑගැහුවා.මමත් අනිත් අයත් එක්ක බසෙකෙන් බැහැල බෑග් එකත් එල්ලගෙන වටපිට බැලුවා.

“නිව්සිටි සැලුන්” කඩ පේලියෙදිගේ ගිය මගේ ඇහැ බෝඩ් එක ලඟ නතර වුනා.කොන්ඩෙට අතගිය මට තේරුනා කොන්ඩෙ කපන්න තරම් වැවිල කියල.අලුත් පලාතකට ඇවිත් හාහපුරා කියල කොන්ඩෙ කපා ගත්තොත් හොඳයි කියල හිතපු මම ඒ සැලුන් එකෙන් කොන්ඩෙ කපාගත්තා.කොන්ඩෙ කපපු ගෝලයගෙන් ඇහුවා කච්චේරියට යන්නෙ කොහොමද කියල.මිනිහ දකුනු අත එහාට මෙහාට කරල පාරක් කිව්වා.ඒක කොච්චර හොඳට කිව්වද කියනවනම් තවත් තුන්දෙනෙක්ගෙන් අහගෙන ඩී එස් සේනානායක මාවතේ පංසල් හංදියට ඇවිත් එතනින් වමට හැරිල පයින්ම ගිහින් පොලිසිය පහුකරා.හැම හංදියකින්ම අහපු නිසා කච්චේරියට කිට්ටු කරගන්න පුලුවන් උනා.මමඑතෙක් දැකල පුරුදු කච්චේරිය උනේ මාතලේ කච්චේරියයිඅපේ කලුතර කච්චේරියයි විතරයි.ඒත් මේකච්චේරියෙ ගේට්ටුව වහලා .තුවක්කු අතේ තියාගෙන ලාකොලපාට අත්කොට කමිසයයි කලු කලිසමයි ඇදල බූට්ස් දාපු ආරක්ෂකයො හත් අටදෙනෙක් ඉන්නවා.මම ගේට්ටුවට කිට්ටු කලාම දැක්ක පැත්තෙන් පොඩි කපොල්ලක් තියෙනවා මිනිහෙකුට ඇතුලු වෙන ගානට.බෑග් එකත් උරේ එල්ල ගෙන ඒකපොල්ලෙන් ඇතුලු උනා.මැදක් යනකොට කූඩුව ඇතුලෙ හිටපු ආරක්ෂකයෙක් කතාකලා.

“මේ කොහේද යන්නෙ.?”මම කූඩුව දිහා බලල නැවතුනා.

“මම කච්චේරියට යන්නයි යන්නෙ .”මම උත්තර දුන්නා.

“ඇයි කච්චේරියට යන්නෙ ?මොකක්ද උවමනාව?”

“ලොකු උවමනාවක්නම් තියෙනවා ඒක මෙතනින් කරගන්න බෑනෙ කිව්වට “මම නැගඑන නොරිස්සුමෙන් කිව්වා.

“එහෙම බෑ කච්චේරියට යනවනම් උවමනාව කියන්න ඕනා”මේවෙනකොට අර ආරක්ෂකයො හත් අට දෙනාම මාව වට කරගෙන.කූඩුව ඇතුලෙ හිටපු කෙනත් එලියට ඇවිත්.

“හරි එහෙමනම් මට ඕන දිසාපතිතුමා මුනගැහෙන්න.”

“දිසාපති තුමා කොලඹ ගිහින් අද හමු වෙන්න බෑ”.

“එතකොට අතිරේකදිසාපති තුමා ඇතිනෙ.මට පුලුවන්නෙ එතුම හමුවෙන්න.”

“එතුමත් එලියට ගියා.දැන් ඔෆිස් එකේ නෑ”මට පොඩි අදහසක් ආවා මුන්ව මඩවන්නම ඕන කියල.

“ආ එහෙමද ?එහෙනම් මූලස්ථාන උපදිසාපතිතුමා හමුවෙන්න පුලුවනිනෙ.”

“එතුමත් කෑම කන්නගියා.ඇයි මොකටද හමුවෙන්නෙ.?”

“හමුවෙන්න තියෙන උවමනාව මෙතනදි කරන්න පුලුවන් එකක් නෙවෙයි.ඒකට කච්චේරිය ඇතුලට යන්නම වෙනවා.”

“උවමනාව දැන ගන්නෙ නැතුව ඇතුලට එවන්න එපා කියල දිසාපතිතුමා අපිට උපදෙස් දීල තියෙන්නෙ.”

“හොඳයි මම මේ ලොකු නිලධාරි මහත්වරු හම්බුවෙන්න හදන්නෙ වැඩ භාර ගන්න ඕන නිසා.දැන් හරිද?”

“හරි කච්චේරියෙ මොන අංශෙටද යන්න ඕන.?”

“අංශෙකට නෙවෙයි කච්චේරියටයි යන්න ඕන”

“නෑනෑ කච්චේරියෙ එකඑක අංශ තියනවනෙ.පත්වීම තියෙන්නෙ මොන අංශෙටද කියලයි ඇහුවෙ.”

“මගේ පත්වීම තියෙන්නෙ කච්චේරියට මිසක් අංශෙකට නෙවෙයි”හැම එකාගෙම මූනෙ සැක ලකුණු පහලවෙලා.දැන් මේක ඉවර කලයුතුයි.මට හිතුනා.

“මම වැඩ භාර ගන්න තියෙන තැන නම් දන්නෙ නෑ.හැබැයි මම වැඩ භාරගන්න ආවෙ මෙහෙ හිටපු හේරත් මහත්තය වෙනුවටයි.”මම කිව්වා.මේකකිව්ව විතරයි තුවක්කු කාරයො ටික සීරුවෙන් හිට ගත්තා.

“සමාවෙන්න සර් අපි දැන ගෙන හිටියෙ නෑ සර් උපදිසාපතිතුමා කියල.අපිටසමාවෙන්න.”එකෙක් කිව්වා.

“හරි හරි දැනගන්න මම කියන්නඑපායැ.මමකිව්වෙත් නෑනෙ.දැන්වත් ඇතුලට ගියෑකිද.?”මමහිනාවෙලා ඇහුවා.

“යමු සර්.මම එක්ක යන්නම්.ලොකුසර්ල නම් කෑමට ගිහින්.සර්ට ඇතුලෙන් වාඩිවෙලා ඉන්න පුලුවන් යමු.”එක්කෙනෙක් මාව එක්කගෙන ඇතුලට ගියා.

ඇතුලට යනවත් එක්කම කෑමටගිය අතිරේක කාර්‍යාල සහකාර මහත්තය කාර්‍යාලෙට ඇවිත් මාවහමුවෙලා පාලන අංශෙට එක්කගෙන ගිහින් පොත අත්සන් කරවල වාඩිවෙන්න කාමරෙත් පෙන්නුවා.පාලන අංශෙප්‍රධාන ලිපිකරු වීරමන් විෂය ලිපිකාරිනී සෝමා බමුනුසිංහ පියසේන,ආරඡි රිචඩ් අමරසිංහ ආදීන් හදුන්වාදුන් අති රේක කාර්‍යාල සහකාර පී ඒ රූපසිරි මහත්තය අතිරේක දිසාපතිතුමා එනකම් මමත් එක්ක සතුටු සාමීචියෙ යෙදුනා.අතිරේක දිසාපති ජේ එන් ජී සී ජයසුන්දර මැතිතුමා පැමින මට කච්චේරියේ පාලන හාප්‍රජාසංවර්ධන අංශ භාරව උපදිසාපති ලෙස රාජකාරි පැවරුවා.නවාතැනක් ගැන අහන කොට මම මැතිවරන සහකාර කොමසාරිස් ලෙස මට මාසෙකට කලින් අම්පාරට පැමිනි අපේපරිපාලනසේවා කන්ඩායමේ නිශ්ශංක එක්ක ඉන්න පුලුවන් කිව්වා.නිශ්ශංකව වහාම ගෙන්වා මාව නිශ්ශංකට භාරදීමත් අතිරේක දිසාපති තුමාම කරා.මම නිශ්ශක්කත් එක්ක නිලනිවාසෙට ආවා.මෙන්න අල්ලපු ගෙදර මිදුලෙ බස් එකේ ආපු කන්නාඩි කාරය බඩ මැද්දෙන් සරමක් ඇදගෙන ඇවිදිනවා.

“මචං නිශ්ශංක කවුදබං අර මිදුලෙ ඇවිදින මෑන් මම ආපු බසෙකේමයි ආවෙ මිනිහත් ”

“ආ ඔය වීරසේකර අංකල් ඩී ඇල් ඕ කෙනෙක්.මෙහෙ බොහොම ප්‍රසිධ කෙනෙක්.යමං උඹට අදුන්වලා දෙන්න.හැබැයි පුතෝ උඹ හෙම මෑන්ට මමවගේ අංකල් කියන්න එපා.මෑන්ගෙ පුතා මගේ කැම්පස් බැච් එකේ නිසා මට විතරයි අංකල් කියන්න අවසරේ දුන්නෙ.හරිද?”

“හරි මම මොකක් කියලද කතාකරන්නෙ.මිස්ටර් වීරසේකර කියලද?”

“ඔව් එහෙම කියහං වැඩිහිටි මිනිහෙක්නෙ”. කියල නිශ්ශංකය මාව එක්කගෙන ගිහින් මෑන්ට අදුන්වල දුන්නා.මම මෑන්ට මිස්ටර් වීරසේකර කියල දෙපාරයි කිව්වෙ මිනිහ කියනව “මල්ලි උඹට නිශ්ශංකය ලනුවක් දීලවගෙයි.මට වීරෙ අයිය හරිමචං හරි උඹට ඕනවිදියකට කතාකරපන්.ඒකට කමක් නෑ “කියල .එදා ඉදන් අවුරුදු හතරක්ම වීරසේකර මහත්තයගෙ චමරිය ආශ්‍රයෙ ජීවතුනේ බොහොම විනෝදෙන්.

ඔන්න ඔහොමයි මගේ මංගල අම්පාර චාරිකාව උනේ.අර සිකුරිටි කාරයො ටික ත්‍රස්තවාදෙ නිසා කච්චේරියෙ ආරක්ෂාවට විශේශයෙන් පුහුනු කරල හදපු තරුණ පිරිසක්.උනුත් මාතෙක්ක බොහොම ඇගෑලුම් කමෙන් වැඩ කලා.දවස් දෙකකින් ආපහු සදුන්පුරට ගියේ එහෙතියල ආපු බෑග් එක ගේන්න.හැබැයි ඒගියේ උපදිසාපති පට්ටම ඇතිවහින්ද අතිරේක දිසාපති තුමා දුන්නු 31/2112ජීප් එකේ රියදුරු මොහොමඩ් සමග.දෙහිඅත්ත කන්ඩියේ තියන කලායතනයක් පරීක්ෂා කරන්න කියල රාජකාරියකුත් මට පවරලයි ජීපෙක දුන්නෙ.මමත් ගාමිනීවත් දාගෙන කලායතනෙ හොයාගෙන ගියා.දහදෙනෙක්ගෙන් විතර අහගෙන කලායතනෙ හොයාගන්න කොට දවල් එකට විතර.කලායතනෙ ඉස්සරහ රතු කුරුස ලකුනත් එක්ක වෛද්‍ය වරයෙක්ගෙ බෝඩ් එකක් තියෙනවා.හැබැයි කලායතනෙ බෝඩ් එක නෑ.ගෙදර දොර වහලා.මමදොරට තට්ටු කරා.කවුරුත් නෑ.ගාමිනී ගෙදර පිටිපස්සට ගිහින් මට කතාකරා.මම ගිහින් බලන කොට පිටිපස්සෙ ගහක් යට බූරු ඇඳක කවුදෝ නිදාගෙන ඉන්නවා.මිනිහට කතාකරල අවදි කරගත්තා.කලායතනෙ ගුරුන්නාන්සෙ තමයි මේ. ම්නිහ කිව්ව හැටියට නුවර ඉදන් මහවැලියට පදිංචියට ආව කෙනෙක්.කලායතනෙ තවම පටන් අරගෙන නෑ.ඉදිරියේදී පටන්ගන්න තමයි කච්චේරියට ලියුමක් දැම්ම කිව්වෙ.මිනිහ කඩිමුඩියෙ තේත් හදලදුන්නා.අර බෙහෙත් ශාලාව කියල වෛද්‍ය වරයෙක්ගෙ බෝඩ් එකක් ගහල තියෙන්නෙ ඇයි කියල ඇහුවම හවසට බෙහෙත් දෙනව කිව්වා.බැලුවම මිනිහ තමයි වෛද්‍යවරයා.පාරම්පරික වෙදකමද ඇහුවම නෑ නුවර ඉස්පිරිතාලෙ වැඩකරා කිව්වා.මට පුදුමයි තවත් ටිකක් කතාකරල බලන කොට මිනිහ තාවකාලික කම්කරුවෙක් හැටියට නුවර රෝහලේ කලක් වැඩකල බවත් ඖෂධ ගැන දැන ගත්තෙ එතනදි බවත් දැනගත්තා.ඉතින් මෙහෙම බෙහෙත් දෙන එක හරිද ඇහුවම.මිනිහ කියනවා.ඉතින් සර් ලෙඩට දුකට බේතක් හේතක් දෙන එක වරදක් වෙන්නෙ කොහොමද කියල.මම කරබාගෙන ආපහු ආවා.

18 thoughts on “අම්පාරට ගිය හැටි

  1. oba thumaa oya kiyana kaale mamath idala thiyanawaa oya awata, mage gnaathi aiyaa kenek thamaa dehiaththakandiye mahaweli circuit bungalow eke keeper nama Dennis Amarasinghe ( danny aiyaa kiyala thamaa hemoma kiwwe ) hema school niwaduwakatama mama ehe yanawaa..ethakota nam mage wayasa awu 15k witharai. api nam giye mahiyanganayen giradurukotte ta bus eke gihin ethana idala mahaweli lorry walin dehiaththakandiyata…guru paare lorrye pitipasse negalaa gihin bahinakota api dumburuma dumburu paatayi…sundara atheethayak…dehiaththakandiye thibunaa darling ge kade kiyala podi petti kadayak…

    Liked by 1 person

  2. ඳහිට බස් එකේ ත්‍රීවිල් එකේ යන කොට පුදුම සැහැල්ලුවක් තියෙන්නෙ.ඇයි ඒවෙලාවට සාමාන්‍ය මිනිහෙක් නෙ.නිදහසේ ඉන්න පුලුවන් එතකොටයි.

    Like

  3. ප්‍රධාන නගර ඈතින් ඉස්පිරිතාලයක් ගෑවුන උදවිය බෙහෙත් හේත් දෙන එක අපි හිතනවට වඩා වෙනව. දැනට අවුරුදු දෙකකට කලින් සීගිරි දඹුලු ගියවෙලේ හදිස්සියකට එහෙම තැනකට ගියා. බෙගේත් ගන්න 10-15 සෙනගත් හිටිය. දොස්තර බොහොම තරුණ හාදයෙක්. නමුත් ලියාපදිංචි නොම්මරේ දැකපු ගමන පුහුනුවෙන ආයුර්වේද වෛද්‍යයවරයෙක් වූ ඥාති සොහොයුරෙක් කිව්වා ඒ තරුණය දොස්තර වෙන්න කොහෙත්ම විදිහක් නැහැ කියල.

    පසුව හොයාබලනකොට ලියාපදිංචි නොම්මරය වයසක වෛද්‍යවරයෙක්ගෙ, එය භාවිතා කරමින් වෛද්‍ය ශිෂ්‍යයෙක් බෙහෙත් දෙනව. ඔන්න ඔහොමයි තත්වෙ !

    රටේ තත්වෙ දැන දැන උප දිසාපති මහත්තය අර කොල්ලො ටිකව අන්දලා 😀

    Like

      1. මේ සටහන කියෙව්වම 2012.12.15 මමත් මුල් වතාවට අම්පාරේ අපු හැටි මතක් වුණා සර්. මමත් ආවේ බස් එකේ. මාතර ඉදන් අම්පාර වඩිනාගල ඉගිනියාගල හරහා. මට නවාතැන් දුන්නේ සහකාර දිස්ත්‍රික් ලේකම් සුදර්ශන අයියා. ස.මැ.කො. නිල නිවාසට ඒ වෙනකොට අලුත්වැඩියා කරමින් තිබුණා. මං හිතන්නේ නිශ්ශංක සර් හිටියෙත් එතන තමයි.

        Like

  4. ඔය වගේ තරුණ වයසකදි ඔය වගේ අත්දැකීමක් ගත්තෙ නැත්තං ජීවිතෙන් වැඩක් නෑ කියලයි මට හිතෙන්නෙ.
    මහත්තයගෙ තනතුර අහපුවාම අර ගාට් කොල්ලො ටික බොක්කෙ බිත්තර තම්බන ගානට රත් වෙන්න ඇති.

    Like

  5. මතක විදිහට මයියන්ගනේ ඉඳල අම්පාර බස්ටැන්ඩ් එකට යනකොට බස්සේකෙන් බැහැල බෑක් එකත් උස්සගෙන යන්නොන චෙක්පොයින්ට් 7යි, කලිසම් ඇඳලා ඉන්න පිරිමි අයගෙන් ඒවායේ බහින්නොන ටියුෂන් පන්තියන කොල්ලෝ සහ අර්මි පාසවුට් ඉවර වෙච්ච නැවුම් සොල්දාදුවෝ විතරයි, මාසෙකට වතාවක් අවාරේ ගෙදර ගිය මම සමග බොහෝ වෙලාවට චෙක් පොයින්ට් පෝලිමේ ගියේ කාන්තාවෝ සහ සරම් කාරයෝ විතරයි.

    අමුතු ගැජට් කෑලි කීපයක් නිතර ගැවසුණු මගේ මල්ල, නුහුරු නමක් ඇති හැඳුනුම් පතක් නැති රැකියාව සහ පොලයිට්ලි බයිට් කරන වර්ගයේ උත්තර නිසා කවදාවත්ම ඔවුන් හොඳින් සෝදිසි නොකෙරුවය කියා චෝදනාවක් කරන්න හැකියාවක් මට නම් නෑ.

    Like

  6. අර උන්නැහේ ගෙන් බේත් ගත්තු අය ජීවතුන් අතර ඉන්නවාද?

    Like

    1. ඔය මම කියන කාලෙ ඔය ජාතියෙ දොස්තරල ඒ පැත්තෙ සෑහෙන්න හිටිය.ක්‍රමානුකූලව රජයේ සවුක්‍ය සේවාව ව්‍යාප්තවෙනකොටයි ඒදොස්තරල හිමින් අයින් උනේ.බලාගෙන ගියහම ඔය විටමින් පෙතිවර්ග වේදනා නාශක වර්ග එහෙමපාවිච්චි කරල ඔය දොස්තරල සෑහෙන මහජන සේවයක් කලා.

      Like

    1. නැතුව අනන්තයි අප්‍රමානයි බසෙකේ ගිය ගමන්.(දැනුත් ඉඳල හිටල බසෙකේ ත්‍රීවිල් එකේ යන එක මම කරනවා.)බසෙකේ ගමන කොරන්න බැරි අදුනන කට්ටිය අහන ඒවට උත්තරදෙන්න බැරි නිසයි.

      Like

      1. මම දැකලා තියන අය බස් එකේ තියා කෙඩෙට යන්නෙත් අඩි දෙකක් තුනක් උඩින් ඒකයි එහම ඇහැව්වේ…ඔබ තුමා ගැන ආඩම්බරයි..

        Like

  7. ඔබතුමා කොහෙන් ලියන්න පටං ගත්තත් කොනක් හරි ඇදිල ගිහිං දිගාමඩුල්ලට හා වෙනවා. බැලුවම ඒකෙ ඒ හැටි පුදුමෙකුත් නෑ. රස්සාව කරන පලාත තමුන්ගෙ දෙවනි උප්පත්තියනෙ.

    කොළඹ ජීවිතේ මටත් අරහං. ඇත්තෙම්ම කියතොත් මට නං කොළඹ යන්තං හරි හිත් ඇදගන්න දෙයකට තියෙන්නෙ (මේක කියන එක හරිත් නෑ) ගැටිස්සියංගෙ ඇඳුං විලාසිතා විතරයි ඔන්න.

    Like

    1. දැනුත් කොලඹ ඉන්නෙ මේ බඩ රස්සාවනිසයි අම්මප.නැත්නම් ගමට ගිහින් දොලක් අයිනෙ කාමර කෑල්ලක් හදාගෙන ඉන්නවා.නැත්නම් අම්පාරෙ උනත් ඉන්න කැමතියි.කොලඹටත් එහා වෙනරටවල්.ගිහින් යංතං දවස් හතරක් ඉන්නකොට එපාම වෙනවා.(හැබැයි ඉන්දියාව ඇර)ඔය සුරංගගෙ හිත් ඇදගත්තුකාරනේ ඒකාලෙ අපෙත් හිත්ගත්තු කාරනාවක් තමයි දැන් එහෙම නෑ.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s