ජෙනරාල් කම

ශ්‍රී ලංකාවෙ රාජ්‍ය සේවාවෙ මම ගත කරන තිස් හතර වැනි අවුරුද්ද.පරිපාලනසේවාවෙ ආධුනිකයෙක් හැටියට ආරම්භ කල මගේ රාජ්‍ය සේවා කාලයෙ මුල් තනතුර සමාජ සේවා සහකාර අධ්‍යක්ෂ.මාස දෙකකට පොඩ්ඩක් වැඩියෙන් ඒතනතුර දරලා උපදිසාපතිවරයෙක් හැටියට අම්පාරට ගිහින් ප්‍රාදේශීය ලේකම් වරයෙක් වෙලා ගතකරපු අවුරුදු පහක් එක්ක අවුරුදු දොලහකට ආසන්න කාලයක් සේවය කරල කොලඹට ඇවිත් රාජ්‍ය පරිපාලනේ නියෝජ්‍ය ආයතන අධ්‍යක්ෂ තනතුරේ මාස අටක් ගෙවල වෘතීය පුහුනු අධිකාරියෙ අවුරුදු දෙක හමාරකුත් ගතකරල ඊට පස්සෙ අමාත්‍යංශ අධ්‍යක්ෂ තනතුරු දරල ආපහු දිසාපති නැත්නම් ආන්ඩුවේ ඒජන්ත හැටියට අම්පාරට ගියා. ඒගිය ගමන රත්නපුරේ හරහා කොලඹටත් ඇවිත් ඒ තනතුරේ දහතුන් වැනි අවුරුද්ද ගෙවන්නෙ.මේ ටික ලිව්වෙ රාජ්‍ය සේවාව නිම කරන්න වෙන්නෙ මේතනතුරේදි හින්දයි.

මේ අවුරුදු තිස් හතර තුලදි රාජ්‍ය සේවාවෙ ඇති වුනු වෙනස් කම් සියල්ල අපේ අභ්‍යන්තරයේ ඇතිවූ වෙනස්කම් කියලයි හිතෙන්නෙ.මේ වෙනස් කම් අතර හොඳ පැත්තට සිද්ද වුනු වෙනස් කම් වගේම නරකට සිදු වුනු වෙනස් කමුත් පෙන්නන්න පුලුවන්.හොඳ පැත්තට උන වෙනස්වීම් වල පලමු දේ මම දකින්නෙ ප්‍රාදේශීය පරිපාලනය ඇතුලට පලදායිතා සංකල්පය හදුන්වා දීමෙන් ඇති වුනු වෙනස් කම.ඉස්සර අපි කච්චේරියෙ වැඩ කරන කාලෙ උපදිසාපති කන්තෝරුවක් කියන්නෙ සාම්ප්‍රදායික කාර්‍යාලයක්. මේ කාර්‍යාලෙ බොහෝ කොට ලිපිකරුවො දහයකට දොලහකට වැඩිය හිටියෙ නෑ.පරන මේස දූලි බැදුනු හයියෙන් සද්දෙට කැරකෙන පරන විදුලිපංකා,මතුපිට දූලි තැන්පත් උන ලී අල්මාරි වැල්වලින් වියූ මකුනන් කනවට ලෑලි කෑල්ලක් දාලා වාඩිවෙන පුටු පයිල්ගොඩ ගැහුනු එකඑක සයිස් ලියනමේස සිගරැට් බොන බුලත් හපේ ගහන ලිපිකරු කාර්‍යමක්ඩල මහජනයාට වාඩිවෙන්න තිබුනු බංකු එක්කෙනෙක් දෙන්නෙක් වගේ ඉන්න ගෑනු කාර්‍යමංඩලය ,හයියෙන් කෑගහන නපුරුපෙනුම තියෙන පියුන් මහත්වරු ආදී දෙයින් පිරුනු කාර්‍යාලයක් තමයි ඒ කාර්‍යාලෙ.කාර්‍යාලෙ වටා පිටාවත් බොහොම අප්‍රසන්න විදියට තමයි වැඩිපුර තිබුනෙ.මිදුලෙ ගස්‍ යට වාඩිවෙලා විට හපමින් තම වාරය එනකම් ඉන්න මහජනයා හෙම මේකාර්‍යාලවල දකින්න හිටියා.මේ විදියට තිබුනු කාර්‍යාල වලට මුලින්ම කාර්‍ය සංවර්ධන කව කියල අලුත් වැඩ පිලිවෙලක් හඳුන්වා දුන්නෙ සිරිල් ගමගේ මැතිතුමා ස්වදේශ කටයුතු අමාත්‍යංශෙ ලේකම් හැටියට ඉන්න කාලෙ 1987විතර.එවක ගම්පහ හිටපු දිසාපති බ්‍රිගේඩියර්රුද්‍රිගු කියන හමුදා නිලධාරිය එම කාර්‍යාලෙට පුද්ගලික අංශයේ භාවිතාකල කලමනා කරන ක්‍රමයක් වුනු කාර්‍යසාධන කව වැඩපිලිවෙල සාර්තකව හදුන්වාදීමෙන් පස්සෙ මුලු ලංකාවටම ඒවැඩපිලිවෙල සිරිල්ගමගේ මැතිතුමා හදුන්වා දුන්නාමේකෙන් මුලින්ම කරේ කාර්‍යාලෙ තනතුරු භේදයකින් තොරව ඒ ඒ අංශවල සියලු දෙනා එකතුවී කාර්‍ය සාධන කවයක් හදාගන්න එකයි .ඉන්පසුව ඒ කවේ රැස්වීමෙදි කෙරෙන යෝජනා හැටියට ඒ අංශෙ කටයුතු වලට අලුත් ක්‍රමවේද එක් කිරීම කලා.කාර්‍යාලෙ පිරිසිදුව තියාගැනීම මේසරෙදි දාලා මල් බඳුන් තියල ලස්සන කිරීම ,සපයන සේවා වල පහසුවක් ඇතිකිරීම ආදී දේවල් මෙයින් කෙරුනා.ටික කාලෙකින් දැන් ක්‍රියාත්මකවෙන පලදායිතා සංකල්පෙ හඳුන්වා දුන්නා.ඒකත් එක්ක කාර්‍යාල බොහෝ ප්‍රිය ජනක ස්ථාන වුනා විතරක් නෙවෙයි සේවාවල ගුනාත්මක භාවයත් වැඩිඋනා.අද තියෙන සේවාදායකයන් සඳහා හොඳපහසුකම් සහිත දර්ශනීය කාර්‍යාල හැදුනෙ ඔය වැඩපිලිවෙලවල් එක්කයි.දැන් කාර්‍යාලෙක දූවිලි පොදක් හොයා ගන්න බෑ.ඒත් එක්කම සේවා සැපයුමේත් ලොකු වෙනසක් සිද්ද වුනා.මේකටම පරිගනක පද්ධති හරහා ක්ෂණික සේවා හදුන්වා දීමත් සිදු වුනා ඒ විදියට අපේ කාර්‍යාලවල ලොකු වෙනසක් හොඳ පැත්තට සිද්දවුනා.

මෙහෙම ලොකු වෙනසක් ආන්ඩුවේ කන්තෝරුවල සිද්දවුනාට ඒ කාර්‍යාලවල සේවාවන් ගැන මහජන විශ්වාසයට මොකදවෙලා තියෙන්නෙ.?මහජනතාව රජයෙන් සේවාව සපයන කාර්‍යාල පද්ධතිය ගැන දරන්නෙ හොඳ අදහසක් නෙවෙයි.මේ තත්වය දැන ගන්න හොඳ දර්ශකයක් මම හොයාගත්තා.ඒ තමයි මම දන්න කියන උදවියගෙන් ලැබෙන ඉල්ලීම්.කිසියම් රජයේ කාර්‍යාලයකින් සේවාවක් ඉටුකර ගන්න තියෙන කොට අපේ හිතවතුන් අපිට කතා කරල ඒකාර්‍යාලෙ අපි දන්න කවුරුහරි ඉන්නවද කියල අහනවා.එහෙම ඒ කාර්‍යාලෙ ඉන්න කෙනෙක් හිතවතුන් මගින් සම්බන්ද කර ගන්නෙ නැතුව රජයේ කාර්‍යාලයකට යන්න බොහෝ දෙනා අකමැතියි.වෙන එකක් තියා අපි වුනත් රජයේ වෙනත් කාර්‍යාලෙකට යන්න කලින් එතන ඉන්න හිතවතුන්ට කතාකරල කියල උදව් අරගෙනයි යන්නෙ.ඒකෙන් පේන්නෙ කොයිතරම් හොඳට තිබුනත් රජයේ කාර්‍යාලෙන් ඇදුනුම් කමක් නැතුව සේවාවක් නිසිලෙස කර දෙයි කියල මහජන විශ්වාසයක් ගොඩ නගා ගැනීමට රාජ්‍ය සේවාව අසමත් වෙලා කියන එකයි.තමන්ට වෙච්ච අකට යුත්තකට පැමිනිල්ලක් දාන්න පොලිසියට යන කෙනා උනත් ඒපොලිසියෙ ඉන්න කාටහරි කතාකරල හිතවත් කමක් හදාගෙනයි යන්න බලන්නෙේ කියන්නෙ පොලිසිය ගැනත් විශ්වාසයක් නෑ කියන එක නෙවෙයිද?ඒ අනුව බලාගෙන යනකොට අපෙන් වුනු ප්‍රධාන අඩුපාඩුව මහජන විශ්වාසෙ දිනා නොගැනීම කියලයි මට හිතෙන්නෙ.

රාජ්‍යසේවාවෙ මගේ කාලෙදි සිද්දවුනු ප්‍රධාන වෙනස් කමක් ගැනත් ඒකෙ තියෙන විකාරරූපී බව ගැනත් අවධානය යොමු කරවීම තමයි අදමගේ අරමුණ.අපේ රාජ්‍යසේවාවෙ වර්තමාන ව්‍යුහය සකස් කරේ බ්‍රිතාන්‍ය පාලකයො කියල කාවුරුත් දන්නවනෙ.බ්‍රිතාන්‍යයින් රට පාලනයට ඒකමතික ව්‍යුහයක් සකස් කරේ 1833 අවුරුද්දෙදියි.ඊට කලින් සිංහලේ රාජ්‍යට අයත්වතිබුනු ප්‍රදේශ වෙනම උඩරට කොමසාරිස් මංඩලයේ අධීක්ෂණයෙන් පැරණි සිංහලේ රාජ්‍ය පාලනයට අනුවද මුහුදුබඩ ප්‍රදේශ ආදායම් ඒජන්ත වරුන් මගින්ද ආන්ඩුකාරවරයා විසින් පාලනය කලා.කෝල්බෘක් කැමරන් කොමිසම මේ පාලනය වෙනුවට මුලු රටම පලාත් පහකට බෙදල ආණ්ඩුවේ ඒජන්තවරු පස් දෙනෙකු භාරයේ පාලනය කිරීමට නිර්දේශ කලා.ඒ අනුව 1833 ඔක්තෝම්බර් 1සිට ලංකාවම උතුරු දකුණු නැගෙනහිර බස්නාහිර හා මධ්‍යම යනුවෙන් පලාත් පහකට බෙදල ආන්ඩුවේ ඒජන්තවරු පස්දෙනෙක් යටතට පත් කලා.සිංහල රාජ්‍යයෙ හිටි දිසාව වරු, මුදලිවරු, රටේ මහත්වරු ,වගේ අයත් ගම්මට්ටමේ ආරච්චිවරු ,මුලාදෑනිවරුත් සියලු දෙනාවත් ආණ්ඩුවෙ ඒජන්ත යටතට පත් කරා.

ඔය කාලෙ බස්නාහිර පලාත් කියන්නෙ ලොකු ප්‍රදේශයක්.බෙන්තර ගඟ දකුනට මායිම් උන බස්නාහිර පලාතෙ උතුරු මායිම කලා ඔය.මේ අතර තිබුනු කොලඹ,හලාවත පුත්තලම හත් කෝරලේ හතර කෝරලේ,සබර ගමුව තුන්කෝරලේ පාත බුලත් ගම යන ප්‍රදේ ශ බස්නාහිර ආණ්ඩුවේ ඒජන්තගෙ පලාතට අයිති උනා.වර්තමාන ගම්පහ කලුතර කියන දිස්ත්‍රික්ක ඒ කොලඹ දිස්ත්‍රික්කෙට අයිති ප්‍රදේශ.විශේෂ ම දේ තමයි හෝටන් තැන්න ඔය කාලෙ සබරගමුවෙ කොටසක් එතකොට හෝටන්තැන්නත් බස්නාහිරට අයිතිවයි තිබුනෙ.දකුණු පලාතට ගාල්ල මාතර හම්බන්තොට අලුපොත කියන දිස්ත්‍රික්ක අයිති උනා.ඔය අලුපොත කිව්වෙ වර්තමාන මොනරාගල දිස්ත්‍රික්කෙට අයිති ප්‍රදේශය.නැගෙන හිර පලාතට මඩකලපුව ත්‍රිකුනාමලය හා බින්තැන්නයි තමන්කඩුවයි අයිති උනා.අද අම්පාර කියන කොටස ඒකාලෙ මඩකලපුවෙ කොටසක්.උතුරු පලාතට යාපනය මන්නාරම මුලතිව් හා නුවර කලාවිය අයිති උනා.වර්තමාන වව්නියාවත් ඒකාලෙ මුලතිව්වල කොටසක්.මධ්‍යම පලාත කිව්වෙ මහනුවර මාතලේනුවර එලිය බදුල්ල හා උඩ බුලත් ගම අයත් උන ප්‍රදේශයටයි.මෙහෙම ඇතිවුනු ආන්ඩුවේ ඒජන්තවරුන්ගෙ පාලනේ ඉහලින් සම්බන්දවුනේ ආන්ඩුකාරවරයා යටතේ හිටපු විජිත භාර ලේකම් වරයට.මේ තනතුර colonial secretary කියන නිල නාමයෙනුයි හැඳින්වුනේ.මුලු ලංකාවම එකමිටකට ගොනුකරල පාලනේ සංවිධානය කල බ්‍රිතාන්‍ය යන් පලාත් භාර ඒජන්තවරු යටතෙ දිස්ත්‍රික්ක වලට උපඒජන්තවරු පත් කරා.උපඒජන්ත ගෙ යටතෙ ප්‍රාදේශියව අපේ රජකාලෙ හිටපු නිලධාරින්ව ගොනු කලා.ඒඅනුව බස්නාහිර දකුන වගේ පලාත්වල මුදලි වරුත් නැගෙනහිර උතුරට අයත් නුවර කලාවියෙ වන්නියා වරුත් මන්නාරමේ දිස්ත්‍රික් අධිකාරිවරුත් යාපනයේ මනි අගර් නම් නිලධාරියෙකුත් මධ්‍යමපලාතේ රටේ මහත්වරුත් තමන්කඩුවෙ චීෆ් හෙඩ්මන් නමින් වූ නිලධාරීනුත් ප්‍රදේශ භාරව කටයුතු කරා.ගම්භාරව ඔහුන් යටතෙ දුරයා ,විදානෙ ,ආරච්චි ,මුලාදැනි, ආදී නිලධාරින්. මේ විදියට ආන්ඩුකාරයාගේ නියෝග ගම දක්වා ක්‍රියාත්මකවන ක්‍රමවේදය සැකසුවා.ඒ අනුව අපේ පැරනි ස්වයං පාලිත ග්‍රාමීය ඒකක ආණ්ඩුවේ ඒජන්තවරු මගින් පහලට එන නීති මගින් පාලනය කිරීමේ සාර්තක ක්‍රමවේදයක් බිහි කර ගත්තා.

මේ ආණ්ඩුවේ ඒජන්‍ත වරුන්ගෙ පාලන ක්‍රමයට සමාන්තර පාලන ආයතන සම්බන්ධිකරණය කිරීමත් අයත් උනා.මොනවද මේ සමාන්තර පාලන ආයතන කියන්නෙ?සමාන්තර ආයතන උනේ දෙපාර්තමේන්තු.මේ දෙපාර්තමේන්තු අතර වර්ග දෙකක දෙපාර්තමේන්තු තිබුනා.මුල් වර්ගය ප්‍රධාන වෘතීන් මගින් සේවා සලසන දෙපාර්තමේන්තු කියල හඳුන්වන්න පුලුවන්.ඒවාට උදාහරණ තැපැල් ,ලේකම්,පොලිස්, මිනුම්,විගණන,නීතිඥ දුම්‍ රිය ආදී සේවාවන් සම්බන්ද දෙපාර්තමේන්තු පෙන්වන්න පුලුවන්.අනික් වර්ගය අවශේෂ දෙපාර්තමේන්තු ඒවට උදාහරණ කාර්මික අධ්‍යාපන,ප්‍රසිධ වැඩ,රේගු,රජයේ සැපයුම් ,වරාය, ,ආදී දෙපාර්තමේන්තු පෙන්වන්න පුලුවන්.මේ දෙපාර්තමේන්තු වර්ග දෙකේ ප්‍රධානින්ගෙ තනතුරු නාම වල වෙනස් කමක් තිබුනා..මුලින් කියපුවහෙ හිටියෙ ජෙනරාල්ල.තැපැල් දෙපාර්තමේන්තුවෙ පෝස්ට් මාස්ටර් ජෙනරාල්,ලේකම් දෙපාර්තමේන්තුවෙ රෙජිස්ට්‍රාර් ජෙනරාල්,පොලිස් දෙපාර්තමේන්තුවෙ ඉන්ස්පැක්ටර් ජනරාල් ඔෆ් පොලිස්,මිනුම්දෙපාර්තමේන්තුවෙ සර්වේයර් ජෙනරාල්,විගණන දෙපාර්තමේන්තුවෙ ඔඩිටර් ජෙනරාල්,රජයේ නීතීකටයුතුදෙපාර්තමේන්තුවෙ ඇටොර්නි ජෙනරාල්,දුම් රිය දෙපාර්තමේන්තුවෙජෙනරල් මැනේජර් වශයෙන් ප්‍රධානියාගේ තනතුර නම් කරල තිබුනා.තව මුල් යුගයේ හිටපු ජනරාල් කෙනෙක් තමයි එකවුන්ටන් ජනරාල් ඒතනතුර 1908විතර භාන්ඩාගාරික තනතුරට එකතුකරා.මේ කිව්ව ජනරාල් ලගෙ තනතුරු හරි අපූරුවට සිංහල භාෂාවෙන් කියන්න පුලුවන් වුනා.ඒ තැපැල් පති,මහ ලේකම්,පොලිස්පති,මිනුම්පති,විගණකාධිපති,නීතිපති,මහා කලමනාකාර,ආදී වශයෙන් ලස්සනට සිංහලෙන් කියන්න නමක් මේ ජෙනරාල්ලට තිබුනා.ඔය එකවුන්ටන් ජනරාල්ට කිව්වෙ මහා ගණකාධිකාරී කියලයි.

අනිත් දෙපාර්තමේන්තුවල අධිපතින් ගෙ තනතුරු නාම හදල තිබුනෙ කරන කාර්‍ය අනුවයි.කාර්මික අධ්‍යාපනදෙපාර්තමේන්තුවෙ කාර්‍ය වුනේ කාර්මික විද්‍යාල පවත්වාගෙන යමින් වෘතීය පුහුනුව දෙන්න..එතන ප්‍රධානියට තිබුනු රාජකාරිය ඒ කටයුතු මෙහෙයවීම.ඒකනිසා ඒ දෙපාර්තමේන්තු ප්‍රධානියා අධ්‍යක්ෂ නාමයෙන් හැදින්වූවා.ප්‍රසිධ වැඩ දෙපාර්තමේන්තුවත් එහෙමයි පාරවල් වැව් හදවනඑක.ඒකෙත් අධ්‍යක්ෂ තනතුර ප්‍රධාන තනතුර වුනා.රජයේ සැපයුම් දෙපාර්තමේන්තුව රජයට අවශ්‍යබඩු භාන්ඩ සපයගෙන ගබඩා කරල අවශ්‍ය ආයතන වලට දෙන්න තිබුනු ආයතනෙ.එතන ප්‍රධානියා රජයේ ගබඩා පාලක නැත්නම් ගවර්න්මන්ට් ස්ටොකීපර් නමින් හැඳින්වුවා.රේගුවෙන් කරේ බදු අයකිරීම. ආනයන හා අපනයනවලින් බදු අයකරන රේගු දෙපාර්තමේන්තුවෙ ප්‍රධානියා ප්‍රින්සිපල් කස්ටම් කලෙක්ටර් නැත්නම් ප්‍රධාන රේගු අයකැමි කියල හැඳින්නුවා.තව සාමාන්‍ය දෙපාර්තමේන්තු ක්‍රමානුකූලව ඇතිවෙනකොට ඒදෙපාර්තමේන්තුවෙන් කෙරෙන කාර්‍ය අනුව ප්‍රධානියගෙ තනතුරු නාමය ස්ථාපිත වුනා.ඒවිදියට කොමසාරිස් හෝ අධ්‍යක්ෂ නමින් තනතුරු නාම හැදුනා.ඉඩම් නිරවුල් කිරීම භාර දෙපාර්තමේන්තුවෙ ප්‍රධාන නිරවුල් කිරීමේ නිලධාරි හිටියා.ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙ කොමසාරිස් හිටියා ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවෙ හිටියෙ අධ්‍යක්ෂ කෙනෙක්.ඔය අධ්‍යක්ෂ කොමසාරිස් දෙකේ වෙනසත් මේවෙලාවෙම කියල දාන්න ඕනෙ.යම් ආයතනයක මෙහෙයුම් ස්වභාවයේ කාර්‍යක් නම් භාරවී ඇත්තේ එතැන අධ්‍යක්ෂ තනතුරත් කිසියම් අධිකාරි බලයක් පාවිච්චි කිරීමට නීතියෙන්ම නියම කල බලතල සහිතව කාර්‍යන් පැවරුනු ආයතන වල කොමසාරි ස් තනතුරත් ඇති කරා.කොමසාරිස් යනු අධිකාරි බලයක් නැත්නම් දණ්ඩනයක් නියම කිරීමේ බලයක් ඇති තැනැත්තා යන තේරුම ඇති වචනයක්.අධ්‍යක්ෂ යනු මෙහෙයවීමේ බලයක් ඇත්තා යන්නයි.

අපේ රට පාලනය කල සුද්දො ඔන්න ඔහොම පාලන ජාලය බොහොම ක්‍රමානුකූලව සංවිධානය කරල ක්‍රියාත්මක කරල 1948දී මේක අපිටම කර ගන්න දීල කම්වූ පරිද්දෙන් ආපහු ගියා.අපි සුද්ද ගියත් ඒ පාලන රටාව 1972වෙනකම් වැඩි වෙනසක් කරන්නෙ නැතුව ක්‍රියාත්මක කලා .ඉන්පස්සෙ ටිකටික හිමිහිට ඒවාවෙනස් කරන්න පටන් ගත්තා.සුද්දත් එක්ක වැඩකරපු අය මේපාලන රටාවෙ සංවිධානාත්මක භාවය ගැන හොඳවැටහීමක් තිබුනු අය.. ඒ අය ඉන්නකම් ලොකු වෙනස්කම් තනිතනි ආයතනවල කරන්න ගියේ නෑ.1980න් පස්සෙ වෙන කොට මේ පැරනි නිලධාරින් ක්‍රමයෙන් අවසන්වුනා.අමාත්‍ය මංඩලයට තිබුනු බලය යටතෙ බොහෝ ආයතනවලට නියමිත මාර්ගයට බැහැරින් ලොකු ලොක්කො පත්වුනා.1992දි ශක්තිමත්ව තිබූ ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ පාලනය නැතිකරන්න නීති පැනවීමට කටයුතු යෙදුනා.හැබැයි චන්දානන්ද සිල්වා කියන මැතිවරණ කොමසාරිස්වරය අභීතව කරුණු පෙන්වාදීම නිසාම ඒතනතුර අහෝසිකරන්න බැරි උනා.ඒත් මොනම නීතියකින්වත් ස්ථාපිත නොකල දිස්ත්‍රික් ලේකම් කියල තනතුරක් ඒකට බද්ධ කලා.උපත් විවාහ මරණ ලියාපදිංචි කිරීමේ නීතියෙන් පත්වුනු දිස්ත්‍රික් ලේකම් ල ඉන්නවා.ඒ ත් ඒ ප්‍රාදේශීය ලේකම්වරුන්ටම පැවරුනු තනතුරක්.දිස්ත්‍රික්කයක් භාරව පරිපාලන දිස්ත්‍රික්ක පනත අනුව පත් කරන ආන්ඩුවේ ඒජන්ත වරයට එල්ලපු දිස්ත්‍රික් ලේකම් තනතුර මොකක්ද කියල අහන කෙනෙකුත් නෑ .ඇහුවත් කියන්න දන්න කෙනෙකුත් නෑ.

දැන් ඔන්න මගෙ ප්‍රධාන කාරණය කියන්න යන අවස්ථාව.මම මේ ලිපිය පටන්ගනිද්දි මගෙ සේවා කාලෙතුල සිද්ධවුනු වෙනස්කම් වලින් විකාරරූපී එකක් කියන්නම් කියල කිව්වනෙ.ඒක පටන් ගැනුනෙ පුරාවස්තු ආඥා පනත සංශෝධනෙන් කියලයි මට හිතෙන්නෙ.සුද්දො අපේරට කෑව කියකියා දෙස් දෙවොල් තිබ්බට අපේ වටිනා කියන පුරාවස්තු පිලිබඳව නීතිහදල ඒවා පාලනයට දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරෙත් සුද්දොනෙ.ඔය දෙපාර්තමේන්තුවෙ ප්‍රධානියා නීතිමය වශයෙන් අධිකාරි බලතල ඇතිව කොමසාරිස් තනතුරක් දැරුවෙ.පලමු කොමසාරිස්වරයා හෝකාට් මහත්තයා.එදාමෙදාතුර ප්‍රසිධම කොමසාරිස් තුමා සෙනරත් පරණවිතාන මැතිතුමා.තව ඇම් එච් සිරිසෝම චාර්ල්ස් ගොඩකුඹුර වගේ උගත්තු ඒතනතුර දැරුවා.මතක හැටියට 1990දශකයෙ විතර පුරාවස්තු පනත සංශෝධනය කරල ඒතනතුර අධ්‍යක්ෂ ජනරාල් කියල වෙනස් කරා.එතනින් ඇරඹුන අලුත් ජනරාල් පිස්සුව සියලු දෙපාර්තමේන්තු සිසාරා හඹාගිය සුලඟක් වගේ උනා.මේ සුලඟට අර ලස්සන තනතුරු නාම ගැලවිලා සීසීකඩ ගිහින් අද්‍යක්ෂ ජනරාල්, කොමසාරිස් ජනරාල් ,පාලක ජනරාල් ,ආදීවූ අමුතුම තනතුරු නාමාවලියකින් මුලු මහත් රාජ්‍යසේවාවම වෙලා ගත්තා.ඉතින් මේ රැල්ලෙ තේරුම මොකක්ද කියල අහන්න කෙනෙක් හිටියෙත් නෑ දන්න කෙනෙක් හිටියෙත් නෑ.දන්න අපිවගේ එකෙක් දෙන්නෙක් හිටියට අපේ කෙඳිරිලි හඬ ගනන් ගන්න කවුරුවත් මෝඩ උනෙත් නෑ.දැන් මේ සමහර ජනරාල්ල ට බලය පැවරුනු නීතියක් නෑ.ඒදෙපාර්තමේන්තුවට බලය පැවරුනු නීතියෙ බලතල දීල තියෙන්නෙ කොමසාරිස් කෙනෙකුට.හැබැයි නීතියවෙනස් නොකරම කොමසාරිස්, කොමසාරිස් ජනරාල්වෙලා අර කොමසාරිස් කමට පැවරුනු රාජකාරිය කරනවා .පාලකලත් එහෙමයි.අධ්‍යක්ෂ වරුත් එහෙමයි.ඔය ජනරාල් පිස්සුව හැදුනම ඕකට නමක් දානවා ප්‍රතිසංවිධානෙ කියල.එහෙම දාල ලොකුවාර්තාවක් හදල කැබිනට් පේපර් එකක් ඉදිරිපත් කරනවා.ඒකෙන්ප්‍රතිසංවිධානය වෙලාතියෙන්නෙ කොමසාරිස් හරි පාලක හරි අධ්‍යක්ෂ හරි කියන එකයි අතිරේක නම මුලට එන තනතුරයි විතරයි.

දැන් ඉතින් අපි රාජ්‍ය භාෂාවලින් කටයුතු කරන්න ඕන නිසා ඔය තනතුරුනාම රාජ්‍යභාෂාවෙන් බලමු කොමිෂනර් කියන ඉංග්‍රීසි යෙන් හඳුන්වපු තනතුර සිංහලට කොමසාරිස්නෙ.දැන් ඒක ඉංග්‍රිසියෙන් කොමිෂනර් ජෙනරාල් නෙ ඕක සිංහලෙන් කියන්නෙ කොමසාරිස් ජෙනරාල් කියලයි.එතකොට ජෙනරාල් කෑල්ල ඉංග්‍රිසියෙන් මයි කියවෙන්නෙ.පාලක කියන තනතුර ඉංග්‍රිසියෙන් කොන්ට්‍රෝලර් නෙ දැන් කොන්ට්‍රෝලර් ජෙනරාල්.සිංහලෙන් පාලක ජෙනරාල් එතනදිත් ජෙනරාල් කෑල්ල පරිවර්තනය කරන්න බෑ.අධ්‍යක්ෂ කියනඑකටත් ඒසංතෑසියමයි.හැබැයි සුද්ද ජනරාල් කියල දාපු තනතුරු වලට ලස්ඩන සිංහල වචනයක් තියෙනවා.ඒකියන්නෙ සිද්ද මේතනතුරු නම් කරේ හොඳට කල්පනා කරල තනතුරු නාමෙන් කෙරෙන කාර්‍ය ඇඟවෙන විදියට.සුද්ද ජෙනරාල් දැම්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන් හැමවිටමකිසියම් වෘතියක ට ප්‍රධානියෙක් වුනා.උදාහරණ තැපැල් මහත්වරුන්ගේ ප්‍රධානියා යන අර්ථයෙන් පෝස්ට්මාස්ටර් ජනරාල් නැත්නම් තැපැල්පති ලෙසත් විගණක වරුන්ගේ ප්‍රධානොයා යන අර්ථයෙන් ඔඩිටර් ජෙනරාල් නැත්නම් විගනකාධිපති ලෙසත් ලේකම්වරුන්ගේ ප්‍රධානියා යන අර්තයෙන් රෙජිස්ට්‍රාර් ජෙනරාල් නැතිනම් මහ ලේකම් ලෙසත් මිනින්දෝරුවන්ගේ ප්‍රධානියා යන අර්තයෙන් සර්වෙයර් ජෙනරාල් නැත්නම් මිනුම්පති ලෙසත් පොලිස් පරීක්ෂකවරුන්ගේ ප්‍රධානියා පොලිස්පති නැතිනම් ඉන්ස්පැක්ටර් ජෙනරාල් ඔෆ් පොලිස් ලෙඩත් නීතීඥයින්ගේ ප්‍රධානියා ඇටර්නි ජෙනරාල් නැත්නම් නීතිපති ලෙසත් හැඳින්වූවා.මේමොකුත් නොදැනජෙනරාල් පිස්සුවක් නිසා අපේ කාලයේ රාජ්‍ය සේවාවෙ ලොකු විකෘතියක් ඇති උනා නේද කියල හිතෙන කොට දුකයි.

6 thoughts on “ජෙනරාල් කම

  1. බලාගෙන යනකොට පඳුරකට පයින් ගැහුවත් ජෙනරාල් … කමක් නෑ සමාජයෙන් කොන් වෙන්න බැරි නිසා මාත් දාගන්නව තනතුරක් “ගෘහපාලක ජෙනරාල්” එහෙමත් නැතිනම් අඩුම තරමේ “හස්බන්ඩ් ජෙනරාල්” කියලවත් !

    Like

  2. මව්බිම පත්තරෙ දක්කා ගල්ඔය නිලමෙ කියලා කෙනෙක් සම්භන්ද ලිපියක්, එ ලිපියෙ ඔබ ගෙනද සදහන්කර තිබුනා, ලිපියක් ලිවුවොත් නරකද ?

    Like

    1. ගල් ඔය නිලමේ මුලු ගල් ඔය ජනපද යෝජනා ක්‍රමේ ම ගොවි රජා වුනු කෙනෙක්.බොහෝ ඇසූපිරූ තැන් සහිත ප්‍රජා නායකයෙක්.ඔහු මෙලොවින් සමුගත්තෙත් තමා දිසින්ම තනා ගත් චිතකයකට ඇතුලුවී ගිනි දල්වා ගැනීමෙන්.ඔහුගේ කතාව ඇතුලත් පොත් දෙකක් ඔහුගේ පුතෙකු වූ දිගාමඩුල්ලේ රණවීරයන් ගල් ඔය නිලමේ නමින් පල කරල ති.යෙනවා

      Liked by 1 person

  3. ජෙනරාල්කම විතරක් නෙවෙයි නේද සර්… අමාත්‍යාංශවල ස්ථිර ලේකම්වරු අයින් කරලා, ජනාධිපති පත්කරන ලේකම්වරු, එක් එක් සේවාවල සේවා ව්‍යවස්ථා අත්තනෝමතිකව වෙනස් කිරීම්, සමහර සේවාවල විභාගයකින් උසස් වෙන්න තිබුණු අවස්ථා නැති කිරීම්.. මේ හැම එකකින්ම වුණේ රාජ්‍ය සේවයෙ කාර්යක්ෂම බව සහ ඵලදායිතාව නැති වුණ එකයි.

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s