ජනශෘති ව්‍යාපෘතිය.

ඔක්තෝම්බර් මාසෙ 15වෙනිද ලංකාදීප පත්තරේ අපේ ප්‍රවීන ලේඛකයෙක් වුනු ගුනසේකර ගුනසෝම මහත්තයගෙ සාකච්චාවක් පලවෙලා තිබුනා.අපේ මිත්‍රයෙක් උන ගුනසෝමගෙ සාකච්චාව කියවගෙන යන කොට මට ලොකු සතුටක් දැනුනෙ මම රත්න පුරේ දිසාපති හැටියට පටන් ගත්තු ව්‍යාපෘතියක් තවමත් සජීවීව තියෙනව කියල ඒ කෙ කියල තිබුනු හින්දයි.ව්‍යාපෘතියක් කියන්නෙ රාජ්‍යසේවෙ අපිට ලොකු වැඩක්.ව්‍යාපෘතියකට සම්බන්දවෙනව කියන්නෙම එලෝමෙලෝ දෙකටම කොහොම වෙතත්මෙලොව පල දෙන හුගක් ආනිශංස ලැබෙන දෙයක්හැබැයි මේ කියන ව්‍යාපෘතිය එහෙම එකක් නොවෙයි.මේව්‍යාපෘතියෙ ප්‍රතිපල ලැබන්නෙ තව බොහෝ කාලෙකින් වෙන්න පුලුවන්.අපිවාගෙ අය ඇරෙන්න වෙන බොහෝ දෙනෙකුට මේක වැදගත් ව්‍යාපෘතියක් වෙන්නෙත් නෑ.මේව්‍යාපෘතිය කරා කියල කරන අයට එහෙමට පේන වාසියකුත් නෑ.හැබැයි ජාතියක් හැටියට ලොකු වටිනා වැඩක් ඒකෙන් සිද්ද වෙනව.දැන් කාටත් ප්‍රශ්නයක් ඇති මොකක්ද මේ ව්‍යාපෘතිය කියල.

මම අම්පාරෙන් රත්නපුරට ඇවිත් දිස්ත්‍රික්කෙ ගැන මූලික සොයා බැලීම කරන කොට මට අවධානයට ලක්වුනු කරුනු දෙකක් තිබුනා. පලමු වන කරුන ලමාසංවර්ධනය.දෙවැනි කාරනේ සබරගමුවෙ සංස්කෘතිය. සමන් දේව වන්දනාවත් මැනික් කර්මාන්තයත් එක්ක ගොඩ නැගුනු පෞරාණික සංස්කෘතියක් සබරගමුවෙ තියෙන බවත් මේ සංස්කෘතියෙ සුවිශේෂී අංගයක් වුනු ජන කතා හා ජනකවි ඇතුලු ජනශෘතිය තවදුරටත් සබරගමුවෙ ගම්වාසීන්ගෙ මතක ගබඩාවෙ සුරක්ශිතව තිබෙන බවත් තේරුම් ගියා.සබරගමුවට අයිති කුකුලු කෝරලේ ඉලුඹ කන්දේ උපන් මගෙ ආච්චි අම්මාගේ ජනශෘති මතක ගබඩාවෙ රසය කුඩා උන් හැටියට රසවිඳ තිබුනු මට ඒ ජනශෘතියේ සම්බන්දතාවය ආත්ම ගත එකක් උනා.සන්ධ්‍යා හිරු රැස් ස්කෝලෙ කන්දෙන් බැස යන හෝරාවේ ආච්චිගේ මියුරු හඩින් ගැයුනු තලමල් කවි නෙලුම් කවි තුන්සරණේ කවි පත්තිනි හෑල්ලේ කවි ආදියෙන් රසවත් වුන මගේ මනසට සබරගමු ජනශෘතියේ වටිනාකම මැනවින් අවබෝධ වූනේ එසේ සබරගමුව ගැන සිතමින් සිටි වෙලාවෙදියි..මේ මහා ජන සංස්කෘතික සාහිත්‍ය වැනසෙන්නට නොදී සංරක්ෂනය කොට තැබුවහොත් අනාගත පර්‍යේෂකයන්ට ඒ ගැන පර්‍යේෂන කල හැකිවාක් මෙන්ම මගේ මිත්තනිය ද ඇතුලත් සබරගමු ජනශෘතිය මුඛ පරම්පරාවෙන් ගෙන ආ සැමට කරන උපහාරයක් විය හැකි බවද තේරුම් ගිය මට ඒසඳහා වූ වැඩ පිලිවෙලක් නිර්මානය අරන්න හිතුනා.

ජනශෘතිය එක්‍ රැස් කිරීම ලෙහෙසි පහසු කාර්‍යයක් නෙවෙයි.ඒ සඳහා මනා පරිචයක්ද ඉවසීමක්ද කැපවීමක්ද ඕනෑ කරනවා.සංස්කෘතික නිලධාරීන් යොදා ගෙන ජනශෘතිඑක්‍ රැස් කිරීමට සිතුනු සිතුවිල්ල අඩපණ වීමට මේ පරිචය හා ඉවසීම මෙන්ම කැපවීමේ අවශ්‍යතාව මතක් වීම හේතුවුනා.මෙම කාර්‍ය කරන තැනැත්තා මනා පලපුරුදු ඉවසීම සහිත කැපවීමකින් කටයුතු කලයුතු බැවින් ඒ සඳහා සුදුසු බාහිර අයෙකු පිලිබඳව කල්පනා කලා .මා දැනසිටි හොඳම කැපවීම සහිත ජනශෘති කරුවා වූයේ මා මිත්‍ර පියසේ කහඳගමගේයි.අවාසනාවට ඔහු ජීවතුන් අතර නෑ.ඔහුගෙන් ඇරඹුන දිගාමඩුලු ජනශෘති එක්‍ රැස් කරන්නන්ගේ පරපුරේ ඊලඟ පුරුක වූයේ ගුණසේකර ගුණසෝම..අම්පාරේ පානම් පත්තුවේ ගැමියකු වූ ගුණසෝමයන් මගේ සමීප මිතුරෙක් වූයෙන් ඔහුට කතා කරන්න මම ප්‍රමාද වුනේ නෑ..

“ගුනසෝම,රත්නපුරේ වැඩක් තියෙනවා කරන්න.”

“මොකක්ද?සර් අමුතු වැඩක්ද?අපි අම්පාරෙදි කරපු ජාතියෙ වැඩක්ද”?ගුනසෝම හිනාවෙවී ඇහුවා.

“අම්පාරෙදි අපි කරේ සාහිත්‍ය,කලාව දේශපාලනය,සංකලනය වෙච්ච ජාතියෙ වැඩනෙ ගුනසෝම.මේක මේ තනිකර සාහිත්‍යය සංරක්ෂන වැඩක්.ගුනසෝමට හොඳට පුරුදු වැඩක්.”

“මොකක් උනත් කමක් නෑ සර් කරමු.අපි ඉතින් ඕන වැඩකට ඔට්ටු අයනෙ”.

“ගුණසෝම මෙහෙ සබරගමුවෙ තියෙන ජනකතා, ජනකවි,වාගේ ජනශෘති මිනිස්සු අතරම තිබිල නැතිවෙලා යනව.මේවා එකතු කරන්න වැඩපිලිවෙලක් කලොත් හොඳයි කියල මට හිතුනා.”

“නියමයි නෙ සර් ඉතින් වැඩේ කරමුකො”

“මේ වැඩේ කරන්න ඕන ගුනසෝම.මොකද ජනශෘති එක්කාසු කරන්න ඕන මිනිස්සු එක්ක කතාකරලයි.ඒකාර්‍ය ගැන හොඳපලපුරුද්දක් තියෙන කෙනෙක්ට හැර මේවැඩේ වෙනකෙනෙකුට කරන්න බෑ”

“හරි සර් ජනශෘති කිව්වම මම එක පයින් එන්නෙ.මම වැඩේ කරන්නම් සති අන්තෙ ඇවිල්ල තමයි කරන්න වෙන්නෙ.”

“නෑ ගුනසෝම මේක එහෙම කරන්න බෑ.මේ වැඩේ හරියට කරන්න ගුනසෝම පූර්ණ කාලීනව වැඩේට යෙදෙන්න ඕනා.ඒකට මොකක් හරි ක්‍රමයක් හදාගන්න ඕනා.මේවැඩේ නිකං ජනශෘති එකතු කරල තියල විතරක් හරියන එකක් නෙවෙයි.මේවා පොත් හැටියට පලවෙන්න ඕනා.අනික ගුනසෝම මේවැඩේට මහන්සිවෙන එකේ ප්‍රතිපලයක් ගන්නත් ඕනා.මොකද ඔයාට අතින් කාගෙන තමයි මේ වැඩේ කරන්න වෙන්නෙ.ඒනිසා ඔයා ජනශෘති එකතු කරල පොත් හැටියට පල කර ගන්න ඔයාගෙ නමින්.”

“සර් මට සබරගමු පලාතට මාරුවක් අරගෙන ඔයවැඩේ කරන්න පුලුවන්”

“මම අපේ ග්‍රාම නිලධාරින්ගෙ සංස්කෘතික නිලධාරින්ගෙ සහය අරන්දෙන්නම්.අපිමේක සබරගමු ජනශෘති එක්‍ රැස් කිරීමේ ව්‍යාපෘතිය හැටියට දියත් කරමු.”

“හරි සර් මම ඕනවෙලාවක එන්නම්.සර් මට ඉසුරුපායට කතා කරාල මාරුවක් හදා දෙන්නකො.”

ඒ සාකච්චාවෙදි මුලු ව්‍යාපෘතියම සැලසුම් කරේ ඔහොමයි.දැන් ගුනසෝමව සබරගමුවට මාරුකර ගැනීම.මේක ටිකක් අමාරු වැඩක් ඒගැන හිතහිතා ඉන්නකොට අදහසක් ආවා.සාහිත්‍යට කලාවට ආගමට දහමට බොහොම ලැදි වටිනා කෙනෙක් වුන අපේ සබරගමුවෙ ආණ්ඩුකාරතුමා වි ජ මු ලොකු බණ්ඩාර මැතිතුමා මේවැඩේට සම්බන්ද කර ගත්තොත් හරි කියල තමයි ආපු අදහස.

ව් ජ මු ආණ්ඩුකාරතුමාගෙ කන්තෝරුවට ක්තාකරල බැලුවා.එතුම ඉන්නවා.මම හමුවෙන්න එන බව කියල එතුමා හමුවෙන්න ගියා.ආන්ඩුකාරලේකම් නාගසිංහ මහත්තය මාව ආණ්ඩුකාරතුමාගෙ කාමරේටම එක්කගෙන ගියා.

“ආයුබෝවන් අපේ ආණ්ඩුකාරතුමනි”,මම දෑතම එක්කරල එතුමට ආචාර කලා.

“ආයුබෝවන් මේ අපේ මහදිසාපතිතුමා නොවැ එන්න එන්න මෙහෙන්ම අසුන් ගත්තනම් පහසුනොවැ.”

“ඉතින් දිසාපතිතුමා කෙසේද සැප සනීප හෙම වරදක් නෑ නොවැ “ආණ්ඩුකාරතුමා අහනව.

“අපොයි කිසිවරදක් නෑ සර් හොඳින් ඉන්නවා.අදනම් ආවෙ ඔබතුමාගෙන් ලොකු උපදේශයක් අරගෙන යන්න හිතාගෙනයි.'”

“හැබෑට උපදේශනම් කොතෙකුත් දෙතෑකි පිලිපදිනවනම් මොකද මේ මගේ තනතුරම ඉතින් උපදෙස් දෙන එකක්නෙ”.

“ඔබතුමා එක්ක කරන සාමාන්‍ය කතාබහෙනුත් අපි යමක් ඉගෙන ගන්න එකේ උපදේශයක් ලැබුනොත් ඉතින් ඉහලින්ම පිලිගන්නෙ”

“ඔව් ඔව් ඔබතුමා පොතපත කියවන බුද්ධිය මෙහෙයවලා වැඩකරන කෙනෙක්නෙ. එහෙම අයටදෙන උපදෙස් හරියට සාර්තකව ආයෝජනය කරන ධනය වගෙයි.වටිනාකම වැඩිවෙනවා මොකක්ද ඉතින් ගැටලුව?”.

“සර් මේ සබරගමුව බුද්ධ කාලෙ ඉඳන් ජනවාස වෙලා තියෙන පලාතක්නෙ.මේ පලතෙ ගම්වැසියන්ගෙ ලඟතියෙන බොහොමයක් ජන කතා ජනකවි වගේ ඒවා වෙන කොහේවත් නැති මෙහාට ආවේනික ජන සාහිත්‍යක්නෙ .මේ ජන සාහිත්‍ය ආරක්ශාවෙලා තියෙන්නෙ ජනතා මතකය කියන ගබඩාවෙ.මේ ජන මතකයෙ මේවා ගබඩා කරගත්තු පරපුර තමයි වර්තමාන වැඩිහිටියො.අවාසනාව මේ වැඩිහිටි පරම්පරාව අපෙන් සමුගන්නෙ මේ මතකයෙ ගබඩා කරගෙන ඉන්න ජනශෘතිය කාටවත් පවරන්නෙ නැතුවයි.ඒනිසා මේ ජනශෘති ලේඛන ගත කිරීමේ වැඩපිලිවෙලක් වහාම ක්‍රියාත්මක කලයුතුයි.මේ ගැනයි ඔබතුමාගෙ උපදේශයක් ඕන කරන්නෙ.”මම එකදිගට කියලා දැම්මා

“ඔන්න ඕක තමයි නාගසිංහ මම කියන්නෙ පොතපත කියවන කෙනාගෙ වටිනාකම ඉහලයි කියල.දිසාපතිතුමා කිව්ව වාගෙ මේ අපෙ ජන සාහිත්‍ය විනාශවෙලා යනඑක ඇත්තක්නෙ මේගැන උනන්දුවක් උන්නැහැට ඇතිවුනේ පොතපතකියවා අපේ දේට ආදරය කිරීම නිසයි.මහා වටිනා අදහසක් තමයි දිසාපතිතුමා මේ ඉදිරිපත් කලේ.”

“සර් මේ වැඩේ අපි කරන්න ඕන එකක්.මට ප්‍රශ්නෙ තියෙන්නෙ කොහොමද මේක කරන්නෙ කියල කවුරුහරි මේ ගැන දන්න කෙනෙක් මේවැඩේට යොදවල ජනශෘති එක්කාසුකරන්න ඕනනෙ.”

“හරියට හරි ඔය වැඩේ කරන්න පුලුවන් කෙනෙක් ගැන මට මතක් වුනා.පහුගිය දොහක කෑගල්ලෙ සාහිත්‍ය උත්සවයකදි මුන ගැහුනා ජනශෘති කරන ලේඛක යෙක් .මිනිහ හොඳයි වැඩේට”

“කවුද සර් ඔය කියන කෙනා?”

“ඔබතුමාගෙ වැයික්කිය පැත්තෙ මිනිහ.මේ අම්පාර පැත්තෙ.මිනිහ කරන්නෙම ඔය ජනශෘති එකතුකරන එකමයි.මහ අපූරු නමක් තියෙන්නෙ මේ මේ”…

“සර් අම්පාර පැත්තෙ ඔයවගේ කෙනෙක් ඉන්නෙ ගුණසේකර ගුණසෝම තමයි.”

“අන්නහරි මිනිහ තමයි .දිසාපතිතුමාගෙ වැඩේට ගැලපෙන්නෙ මිනිහතමයිඑයාට බාරදෙමු වැඩේ.”

“මම හිතාගෙන හිටියෙත් මිනිහව තමයි එක ප්‍රශ්නයක් තියෙන්නෙ මිනිහව රත්නපුරේට මාරුකර ගන්නෙ කොහොමද කියන එකයි.”

“ඇයි මිනිහ මොකේද වැඩ කරන්නෙ.?”

“සර් ගුණසෝම මහත්තය පූගොඩ ජාතික ප්ආසැලේ ගුරුවරයෙකෙයාව මෙහෙට මාරු කරගන්න ඕන”

“හරි ඒම මහදෙයක්‍ යැ.මිනිහට කියමුකො මට කතාකරන්න කියල මම ඒ වැඩේ කරල දෙන්නම්.”

“බොහොම ස්තූතියි සර් දැන් මේ වැඩේ සම්පූර්ණයි”

“ඉතුරු කටයුතු ලෑස්ති කරගන්න මම ගුණසෝම මහත්තයව ඔබතුමා ලඟට එවන්නම්.”

ආණ්ඩුකාරතුමා එක්ක සාකච්චාව ඔහොම අහවර වුනා.මම සියල්ල ගුණසෝමට කිව්වා.ගුනසෝම ඇවිත් ආණ්ඩුකාරතුමාව හමු වුනා.එතුම අධ්‍යාපන අමාත්‍යංශෙ කාටදෝ කියල ගුණ්සෝමව සබරගමු පලාත්සභාවට මාරුකර ගත්තා.පලාත්සබාවෙ වැඩ භාර ගන්න ගිය ගුනසෝම මහත්තයට ආණ්ඩුකාරතුමා කිව්වෙ “මෙහෙ පැත්ත පලාතෙ එන්න එපා ගිහින් දිසාපතිතුමා කියන වැඩේ කරගෙන ඉන්න” කියලයි.ගුනසෝම මහත්තය එක්ක කතා කරල ජනශෘති එකතුකිරීමේ වැඩපිලිවෙල හැදුවා.අපේ ග්‍රාම නිලධාරීන් නිලධාරිනියන් මේ ජනශෘති මතකෙ තියන් වැඩිහිටියන්ව එකතුකරල ගුනසෝම්අ මහත්තයට මුන ගැස්සුවා.සංස්කෘතික නිලධාරිනුත් මේවැඩේට සම්බන්ද උනා.ටිකදවසකින් ගුනසෝම මහත්තය නිදහසේ ගම්වලට ගිහින්ග්‍රාම නිලධාරි මගින් අඳුන ගත්තු වැඩිහිටියො එක්ක කතාකරල ජනශෘති පටිගතකරා.මුලින්ම රත්නපුර ප්‍රාලේකොට්ටාශෙ කුරුවිට කොට්ටාශෙ මේ වැඩේපටන් ගත්තා සති කීපෙකින් ජනකතා රාශියක් එකතුකරපු ගුනසෝම මහත්තය මගෙ උපදෙස් පිට පොතක් කරා.මේපොතට හොඳනම මගෙන් ඇහුව.මම ගත්කටටම කිව්වෙ “සමන්දෙවි අඩවියේ ජනකතා” කියන නම.ඒ නමින් පොත පිටවුනා.ගුනසෝම මහත්තය මගෙන් ඇහුව රත්නපුර දිසාපති හා සබරගමු ආණ්ඩුකාරතුමාගෙ මෙහෙයවීමෙන් කෙරෙන සබරගමු ජනශෘති එක්‍ රැස් කිරීමෙ ව්‍යාපෘතියේ අනුග්‍රහයෙන් කියල පොතේ දාන්නද කියල මම කැමැත්ත දුන්නා.පොතේ එහෙමත් ලියවුනා.ඊටපස්සෙ වලව නිම්නයේ ජනකතා,සබරගමුවේ රාවණ ජනකතා,කල්තොට ජන කවි,ආදී පොත් මේ ව්‍යාපෘතියෙන් කෙරුනා.ඔය අතරදි දවසක් මමත් ගුනසෝමත් අතර තව සාකච්චාවක් ඇතිවුනා.

“ගුණසෝම,දැන් ජනශෘති වැඩේ නැගල යනවනෙ.තව ලොකු වැදගත් වැඩක් තියෙනවා කරන්න.”

“ඔව් සර් මොකක්ද ?”

“දැන්මේ සබර ගමුවෙ බොහොම පැරණි ක්ර්මාන්තයක් තමයි කිතුල් කර්මාන්තය.මේ කර්මාන්තෙ කවද කවුරු පටන්ගත්තද කියන්න දන්නෙ නෑ.හැබැයි බොහොම වටිනා දේශීය කර්මාන්තයක්”.

“ඒකනම් හරි සර් .මම ගම්වල ඇවිදිනකොට කිතුල් මල් කපාගෙන යන අය්අ එහෙම හමුවෙනවා.ගමේ අයගෙ ආර්තිකයටත් ලොකු මෙහෙයක් එයින් තියෙන බව පැහැදිලියි.”

“එවිතරක් නෙවෙයි ඔය කර්මාන්තෙ අපේරටට ආවේණික එකක්.ලෝකෙ කිතුල් තිබුනට කිතුල් මල මුලින්ම පදම් කිර්ඊමෙන් පැණි හකුරු රා හදන්න පුලුවන් බව හොයා ගත්තෙ අපේරටේ උදව්ය තමයි”.

“ඇත්තටම සර් වෙන රටවල කිතුල්මල් හ්අදන්නෙ නැතිද?”

“ඔව් ගුණසෝම කිතුල්මල පදම් කර තෙල් දිය ගැනීම මෑතක්වනතුරු අපේ රටේ විතරයි කලේ දැන්නම් ඉන්දුනීසියවෙත් කරනවකියල ආරංචියි.ඒත් මැදීමේ තාක්ෂණය අපෙන් තමයි ඒඅය ගත්තෙ.”

“ඇත්තටම එහෙනම් හරිමවටින දෙයක්නෙ.”

“ඒ විතරද අපේ කිතුල් කර්මාන්තයේ තාක්ෂ්ණය ප්‍රාදේශීය විවිධත්වය ක් පැහැඩ්හිලිව තියෙනවා.සබරගමුවෙ කිතුල් මල පදම් කරන තාක්ෂණයයි මාතර්අ පැත්තෙ තාක්ෂණයයි අතරවෙනස් කම්තියෙනවා.කලුතර තවවිඩ්හියක් මහනුවර කොත්මලේ වගේ පලාත්වල තවත් වෙනස්..කිතුල එක්ක බැ๬දුනු සාහිත්‍යක් වෙනම තියෙනවා.කිතුලත් එක්ක බැඳුනු උපසංස්කෘතියක්ම තියෙනවා.මේසේරම තියෙන්නෙ ජන මතකයේ.ඒනිසා ගුණසොම ඔය කිතුල ගැන අංගසම්පූර්ණ පර්‍යේෂණයක් කරල ලියන්නකො හොඳ පොතක්.එතකොට කිතුල ආශ්‍රිත දියුනුකරපු මානව දැනුම් සම්භාරය ග්‍රන්ථාරූඩ වෙනව.අනාගත පර්‍යේෂකයන්ට හොඳ මූලාශ්‍රයක් බවට ඔය පොත පත්වේවි.”

“මට දැන් වැඩේ වැදුනා සර්.මම මේවැඩේට මගේ දුවවත් සම්බන්දකර ගන්නම්.එයාවිද්‍යාත්මක පැත්තත් මම ජනතා දැනුමත් එක්කරහම අපූරු පොතක් වේවි.”

“බොහොම හොඳයි.මූ ලික අදහස ගැන තව සාකච්චා කරමු.ගුනසෝම. දිස්ත්‍රික්කෙ පුරාම ඇවිදල තොරතුරු හොයන්න.මට විශ්වාසයි ගුනසොමකරපු හොඳම හා වටිනාම පොත වෙන්නෙ කිතුලයි කියල.මගේ ලඟතියෙන තොරතුරුත් දෙන්නම්”

ඔයවිදියට තවත් ජන මතකයේ තියෙන ක්ෂේස්ත්‍රයකට අපේ ව්‍යාපෘතිය යොමු වුනා.මේකෙප්‍රතිපලය වුනේ කිතුල් ගස හා ඒ ආශ්‍රිතව කෙරෙන කර්මාන්තය පිලිබදව එතෙක් ජනතාවතුල පැවති දැනුම ප්‍රථම වතාවට ග්‍රථාරූඩ වීමයි.ගුනසේකර ගුනසොම මහත්තයගෙ ජන ශෘති එක්‍ රැස් කිරීමේ කුසලතාවයඔහුගේ දියණිය තරුණ උපාධිධාරිනියක වන උමයංගනා පූජනී ගුනසේකර මෙනවියගේ විද්‍යාත්මක දැනුමත් එකතුවී අංගසම්පූර්න කිතුල පොත සූරිය ප්‍රකාශනයක් හැටියට දොරට වැඩියෙ මම කොලඹ දිසාපති කම කරද්දියි.

මෙන්නමේ ජනශෘති එක් රැස් කිරීමේ ව්‍යාපෘතියෙන් මේවනවිට පොත් කීපයක්ම පලවෙලාතියෙනවා.සබරගමුවෙ ඈත පිටිසරගම්වල මිනිස්සු මතකයේ තියාගෙන මේදක්වා ගෙන ආපු ජනශ්‍රිති දැන් ලේඛන ගතව සුරක්ෂිත කෙරිල තියෙනවා.රජයෙන් කිසිම වියදමක් නෑ.හැබැයි සංස්කෘතික දෙපාර්තමේන්තුව් වියදම් කරල කරන්න ඕන වැඩක් අපි කලේ.විජමු ලොකුබන්ඩාර ආණ්ඩුකාරතුමයි ගුනසේකර ගුනසෝම කියන අපේ මිත්‍ර යය් මමයි මේ ව්‍යාපෘති යේ කාර්‍ය මංඩලය උනා.මේව්‍යාපෘතිය තවමසජීවීයි.හැබැයි දැන් රත්නපුර කච්චේරියෙ සම්බන්දයක් මේකට නැතිලු.මම කොලඹට ආවටපස්සෙ ටිකකලකින් කච්චේරිය මේකෙන් ඈත් උනා කියලයි කියන්නෙ.කමක් නෑ කෙරුනුටික මදෑ.

3 thoughts on “ජනශෘති ව්‍යාපෘතිය.

  1. අපූරු වැඩක් නොවැ සුනිල් මහත්තයො. මේ වැඩෙන් එලි බැහැපු පොත් ලැයිස්තුව දාමුකො.

    Like

  2. ඒක රජ වැඩක්නෙ සර්. මම ඔය පොත් කීපයක් කියවල තිබුණත් ඒක නිල මට්ටමින් කරපු ව්‍යාපෘතියක් කියල දැනං උන්නෙ නෑ.

    Liked by 1 person

    1. ඒක මගේ හිතේ පහල වුනු සංකල්පය මත ව්‍යාපෘතියක් බවට.නිල බලය යොදවල පත්කරා.රජයට සතපහක වියදමක් ගියේ නෑ.ඒවුනාට ජනශෘති විශාලප්‍රමානයක් සංරක්ෂනය වුනා.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s