අවුරුදු 35කට කිට්ටු සේවා කාලයකින් පස්සෙ විශ්‍රාම ගත්තම ලොකු වෙනසක් දැනෙයි කියල හුඟ දෙනෙක් කිව්ව දේ තවම නම් වුනේ නෑ.එහෙම වෙනසක් නොදැනුනේ රාජ්‍යසේවාවෙ ඉඳිද්දි සේවය කල ආයතන තදින් අල්ලාගෙන හිටපුනැති හින්දා වෙන්න ඇති.මගේ මුලු රාජ්‍ය සේවා කාලය තුල අයතන 12ක සේවය කරල තියෙනවා.මෙයින් ආයතන පහක් මගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වුන ආයතන.ඒ ප්‍රාදේශීය ලේකම් හැටියට මහඔය හා අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාල දෙකයි දිසාපති හැටියටඅම්පාර රත්න පුර හා කොලඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල තුනයි.මීට අතිරේකව ශ්‍රී ලංකා වෘතීය පුහුණු අධිකාරියෙ දෙවෙනි මට්ටමේ තනතුරක් දැරුවට එහි සභාපති තුමා මට නිදහසේ වැඩකරන්න ඉඩදීල මගපෙන්වීමේ කාර්‍ය පමනක් එතුමා කරපු නිසා එතනත් ප්‍රධානියෙකුට සමාන වගකීමක් දැරුවා. .ඉතුරු ආයතන වන සමාජසේවා දෙපාර්ත මේන්තුව,අම්පාරදිසාපති කාර්‍යාලය රාජ්‍ය පරිපාලන , පුනරුත්ථාපන නැගෙනහිර සංවර්ධන ,හා නිවාස අමාත්‍යංශවල මම දැරුවෙ තුන්වෙනි මට්ටමේ තනතුරු නිසාම ඒ ආයතනවල කටයුතුවලදි එක් එක් ප්‍රධානීන් ඒව බලාගත්ත.

මම මුලින්ම ප්‍රධානියෙක් වුනේ මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙ.මහඔය ප්‍රාදේශීඅ ලේකම් කාර්‍යාලෙ සහකාරලේකම් හැටියට හිටියෙ යූ පී පියදාස මහත්තයා.මටවිශිෂ්ට සහායක් දුන්න එතුමා කාර්‍යාලෙ කටයුතු මුලුමනින්ම්අ සිදුකරා.මම බරපතල ගැටලු විසඳීම හා මහජනතාවසමග සම්බන්දතාවය පවත්වාගෙන යාම සිදු කලා.මුලු කාර්‍යාලෙ හැමදෙනාම මට ඕන ව්දියට ඉන්න ඕනය කියල ගෙම මම අදහස් කරේ නෑ.පියදාස මහත්තය එතුමගෙ ක්‍රමෙට පරිපාලන කටයුතු කරා.ප්රධාන ලිපිකරු බොතේජු මහත්තය එයාගෙ ක්‍රමෙට ලිපිකරු කාර්‍ය මංඩලය අධීක්ෂණය කරා..සහකාර අධ්‍යක්ශ ප්‍රේමතිලක මහත්තය සැලසුම් අංශෙ කටයුතු කරා.ගණකාධිකාරී හුසෙයිදීන් මහත්තය.කල්මුනකුඩි ප්‍රදේශයේ පදිංචි කරුවෙක් වුනු හුසෙයිදීන් මහත්තය අලුත්ම්අ ගණකාධිකාරී වරයෙක්.බොහොම්අ ආගමට ලැදියාව්ක් තිබුනු මිනිහට සිංහල භාෂාවත් හරියට බෑ.

3 thoughts on “

  1. Retirement equal ed to freedom. I hope you enjoy doing the things that you don’t have time for before. You have done so much for the general public which will be remembered at least another ten to twenty five years.
    Also Thank you very much for inspiring me to read the blogs which in turn lead me to create my own blog.
    Best wishes and good luck to you on your retirement, enjoy your time with your family and friends. May every moments of your life be fulfilling and full of joy.

    kumarodhapitu.

    Like

  2. ඔබතුමාට දැන් විවේකය ඇතිනෙ, ලියන්න…? දැන් තමයි ඔබතුමාගෙ අත්දැකීම් අපට ඉ‌ගෙනීම සඳහා උරුමකර දෙන්න ‌වෙලාව.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s