.කෝරළ විත්ති.

අද මම පන්හිඳේ ලියන්නෙ අමුතු මාතෘකාවක්.ඒ කෝරළේ විත්තිය කියන මාතෘකාව වෙනදට අත්දැකීම් කතා ලියන්න උනන්දු වුනු මම මේ අමුතු මාතෘකාව තෝර ගත්තෙ කරුනු කීපයක්ම නිසයි.එකක් මේ කෝරළය කියන එක රටේ තාමත් ජනීජනයා අතර තමන්ගෙ අනන්‍යතාව ප්‍රකාශ කරන්න බොහෝ වෙලාවට පාවිච්චි වෙනව.අනෙක් අතට අපේ බොහෝ කටයුතුවලදි මේ කෝරළය කියන පාලන ඒකකය ඇතැම්වෙලාවට ව්‍යවහාරවෙනවා.ඒවුනාට කෝරළ ගැන බොහො දෙනෙක් හරි හැටි දන්නෙත්නෑ.වැඩි දෙනෙක් කෝරළය ගැන මොනවත්ම දන්නෙ නෑ කියලම කියන්න පුළුවන්..තව සමහරු හිතාගෙන ඉන්නෙ කෝරළය කියන එක පෘතුගීසින් හදාපු පාලන, ඒකකයක් කියල. ඒනිසා මේ කෝරළ ගැන විස්තර දැනගන්න අපි ආරම්භ කරමු කෝරළේ විස්තරේ බලන්න.

අපේ රටේ ඉස් ඉස්සෙල්ලම හැදුන පාලන සංස්ථාව ගම කියන එකයි. ගෝත්‍රික කණ්ඩායමක් හැටියට ගල් ගුහාවල ජීවත්වුනු මානව කණ්ඩායම් කැලෑවෙන් එලියට ඇවිල්ල එක් තැනක පදිංචිවීමට හේතුව කෘෂිකර්මාන්තෙ පටන්ගැනීම කියලයි කියන්නෙ.මෙන්න මේ විදියට කණ්ඩායමක් පදිංචිවුනු භූමිය ගම කියල හදුන්වන්න වුනා. මේගම කියන ඒකකයෙ ජීවත්වුනු මිනිස්සුන්ගෙ අවශ්‍යතා වැඩිවීමත් එක්ක අල්ලපු වෙනත් ගම් එක්ක සම්බන්ධ වෙන්න පටන් ගත්තා.ඒවගේ ගම් කීපයක් එකතුවෙලා ශක්තිමත් නායකයෙක් ගම් කීපෙටම බිහිවෙන්න ගත්ත.එතනදි ගම්කීපයකින් යුතු ලොකු පාලන ඒකක ඇතිවුනා. මේ ලොකු පාලන ඒකකත් තවත් ඒවාඑක්ක එකතුවෙලා ප්‍රාදේශීය රාජ්‍ය ඇතිවුනා . ඒ ප්‍රාදේශීය රාජ්‍යන් ඒකාබද්ධ කෙරුණු මහා නායකයෙක් යටතෙ ලංකාව කියන රාජ්‍ය ඇතිවුනා.ඔය ගම් කීපයක් එකතු වුනු ඒකකයන් අපේ ඉතිහාසෙ විවිධ කාලවල විවිධ නම් වලින් හදුන්වල තියෙනබව පේනවා.ඒකත් ලංකාව පුරාම එකම විදියට වෙලා නෑ.සමහර ප්‍රදේශවල එක නමක් වෙනත් ප්‍රදේශවල තවත් නමක් විදියටයි ඕක තිබුනෙ.අනුරාධපුර කාලෙ තිබුන පාලන ඒකකයක් තමයි “ඵස්ස “කියන එක. උත්තර ඵස්ස,දක්ඛින ඵස්ස,පාචීන ඵස්ස, ආදී වශයෙන් පාලන ඒකක තිබුනා.මේ ඒකකයක් භාරව කටයුතුකලේ කවුද කියන,එක,හරියටම පැහැදිලිනෑ.සමහර වෙලාවට රජ නමින් හැඳින්වූ මහරජුට යටත් ප්‍රාදේශීයපාලකයෙක් මේ ඵස්ස ඒකකයක් භාරව කටයුතු කරන්න ඇති.අම්පාරෙ මාදන කන්දෙන් හොයා ගත්තු ශිලා ලේඛනයක “පචින භූමි රජ”කියල කෙනෙක්ව හදුන්වල තියෙනවා.මින් අදහස් කරන්නේ “පාචීන ඵස්සය” පාලනය කල සද්ධාතිස්ස රජතුමාගැනය කියල මේ ශිලාලේඛනයෙ තියෙන අනික් විස්තරත් සමග බලල එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ සඳහන් කරල තියෙනවා.පාචීන ඵස්සය කියන්නෙ නැගෙනහිර පලාත යන තේරුමයි.ඉතින් ඔය විදියට මුල්කාලේ ප්‍රාදේශීය රාජ්‍යයන් ඵස්ස කියන නම්න් හඳුන්වල තියෙන බව හිතන්න පුලුවන්.සෙල්ලිපි ලෙන්ලිපිවල තියෙන තව තනතුරක් තමයි පරුමක කියන තනතුර .පරුමක ලා ලංකාවෙ බොහෝ පලාත්වල ක්‍රිස්තු පූර්ව යුගයෙ හිටපු බවට සාධක හැටියට ඒඅය පූජා කරපු ලෙන්විහාර වලයි කරවපු වෙනත් කර්මාන්ත ආශ්‍රිතවයි තියෙන ලිපිවලින් හිතාගන්න පුලුවන්.පරුමක නදික,පරුමක මිත,පරුමක දුත සුමන කියල තාත්තල පුතාල තුන්දෙනෙක් ගැන නැගෙනහිර පලාතෙ කුඩුම්බිගල ඔමුණුගල පියංගල වගේ ප්‍රදේශවල තියෙන ලෙන් ලිපි ආශ්‍රයෙන් හඳුනා ගෙන තියෙනවා. මේ කියන්නෙ දුටුගැමුනු රජ්ජුරුවන්ගෙ දසමහා යෝධයින් අතර සඳහන් වෙන නන්දිමිත්‍රගෙ පරපුරය කියල විශ්වාස කරන්න පුලුවන්කම තියෙනවා.පරුමක නදිකගේ පුත් පරුමක මිත නන්දිමිත්‍ර වෙන්න ඉඩ තියෙනවා. මේ පරුමක නදික මිතගේ පුත් පරුමක දුත සුමන විවාහවෙලා තියෙන්නෙ දෙවනපිය මහරජ ගමණි අභයගෙ දුවක් එක්ක බව පියංගල තියෙන ලෙන් ලිපියකින් සනාථ වෙනවා.මේ මහ රජ්ජුරුවො දුටු ගැමුණු මහරජු වෙන්න පුලුවන් කියලයි එල්ලාවල මේධානන්ද හාමුදුරුවෝ කියන්නෙ. මේකෙන් අපිට තේරුම්ගන්න තියෙන්නෙ පරුමකවරු රාජ්‍ය පාලනයේ කිසියම් විශාල ප්‍රදේශයක් භාරව ක්‍රියාකරපු අය වෙන්න පුලුවන් කියන එකයි.පස්සෙ කාලෙ වෙනකොට මහරජ්ජුරුවන්ව මපරුමුඛ කියන නම්න් හදුන්වලා තියෙන එකෙන් පේන්නෙ පරුමක කියල හදුන්වල තියෙන්නෙ යම් සුවිශේෂ ප්‍රදේශයක් භාරව ක්‍රියාකල පාලකයො පිරිසක් වෙන්න පුලුවන් කියන එකයි.සෙල්ලිපි ලෙන් ලිපි වල සඳහන් ගමික කියන තනතුර ගමක් භාරව කටයුතුකල නිලයක් බව පැහැදිලියි..මේ කරුණු සමාලොචනය කරල බැලුවම පේන්නෙ ක්‍රිස්තු පූර්ව කාලෙදිත් ගම් ඊට ඉහලින් පරුමකලගෙ බලප්‍රදේශ ඊටත් ඉහලින් ඵස්ස කියන පාලන ඒකක තිබුනු බවයි.

මීට පස්සෙ අනුරාධපුර අග නගරය යටතේරට පාලනය කල පසුකාලය වෙනකොට පස් ලද්දන් රට් ලද්දන් කියල තනතුරු දෙකක් ගැන සඳහන්වෙනවා.මේ පස් ලද්දන් කියන්නෙ අර කලින් තිබුනු ඵස්ස කියන පාලන ඒකකයෙන් විකාශය වෙලා ආපු යම් ප්‍රාදේශීය පාලන ඒකකයක් බවයි පෙනෙන්නෙ.පස්ලද්දාගේ පාලන ඒකකය පලාතක් වෙන්න ඇති ඒ පලාත් මොනවද කොච්චර විශාලද ආදී විස්තර නම් පැහැදිලි නෑ.රට්ලද්දගෙ පාලන ඒකකය බොහෝ විට රට නමින් හැඳින්වූ පාලන ඒකකය විය හැකියි.බොහෝ ශිලා ලේඛනවල මේ පස්ලද්දන් හා රට්ලද්දන් ගැන සඳහන්වෙලා තියෙනවා.පොලොන්නරුව යුගය වනවිට දිශානායක නම්වූ තනතුරක් ගැන නිශ්ශංකමල්ල රාජසභාවේ සඳහන් තනතුරුවලට ඇතුලත්.ඒඅනුව දිසාව නම්වූ පාලන ඒකකය පොලොන්නරු යුග ය වනවිට ස්ථාපිතව තිබුනේ යැයි සිතිය හැකියි.එසේම රඨ යනුවෙන්වූ පාලන ඒකකද ඒවනවිට තිබූ බව පස්යොදුන් රට රුහුනුරට ආදීවශයෙන් හදුන්වන චූලවංශයේ ඇති සටහන් වලින් පේනවා.මේ විදියට බැලුවහම පොලොන්නරු කාලෙ වෙනකොට රට හා දිසාව කියන පාලනඒකක තිබුනය කියල විශ්වාස කරන්න පුලුවන් ඊටපස්සෙ දඹදෙනි කුරුණෑගල යාපහුව ගම්පොල ආදීයුග ඇතිවෙනව.ගම්පොල අවධිය වෙනවිට බොහොම පැහැදිලිව රට කියන පාලන ඒකක තිබුනය කියල පැහැදිලිවෙනවා ඒකාලෙ ලියාපු කඩ ඉම් පොත් වලින්.මේ රට කියන පාලන ඒකක රුහුණු මායා පිහිටි කියන කොටස් තුනේම එක විදියට තිබිල තියෙනවා .කඩ ඉම් පොත්වලින් ඔප්පු වෙන කාරනේ තමයි.රුහුණ් මායා පිහිටිකියන කොටස්තුනේ රටවල් හැටියට හදුන්වන ඒකක 114ක් විතර තිබුනා කියන එක.

දැන් ඊලඟට එන්නෙ අපේ මාතෘකාව.කෝරළ.කෝරළ කියන පාලන ඒකකය ගැන බලන කොට බොහෝ කොටම,අර කඩ ඉම් පොත්වල රටවල් කියල හදුන්වපු ඒවා බොහොමයක් පස්සෙ කෝරල වෙලාතියෙන බවක් පේනවා..ඒත් එක්කම කෝට්ටේ යුගයෙදි තමයි මේ කෝරළ කියන ඒකකය ඉස්සරහට ආව කියල පෙනෙන්නෙ.විශේෂයෙන්ම ගම්පොල යුගයේ ලියවුනු ශ්‍රීලංකාවේ කඩ ඉම් පොතේ රටවල් හැටියටතියෙන සමහර ස්තාන මහනුවර කාලේ ලියවුනු ත්‍රි සිංහලේ

කඩ ඉම් පොතේ දැක්වෙන්නෙ කෝරළ හැටියටයි.ඉන් පෙනෙන්නේ මේකෝරල කියන බෙදීම කෝට්ටේ කාලෙදි සිද්දවුනු බවයි.

දැන් මේ කෝරළ කියන පාලන ඒකකය කෝට්ටේ රාජ ධානියෙ පාලන ඒකක හැටියට පටන්ගත්තු ඒව බව පෙනෙන නිසා අපි කෝට්ටෙ රාජධානිය ගැන ටිකක් බලමු.ආචාර්‍යටිකිරි අබේසිංහ පරංගි කෝට්ටේ කියල පොතක් ලියල තියෙනවා.මේ පොතට අනුව කෝට්ටේ රාජධානියට අයත් ප්‍රදේශ ලෙස දිසාවනි නමින් හැදින්වෙන පාලන ඒකක හතරක් සඳහන් කරනවා.ඒ මාතර සබර ගමුව හතර කෝරළේ හත් කෝරළේ යනුවෙනුයි.මෙතනදි තුන් කෝරළය ගැන සඳහනක් නැති නිසා තුන්කෝරළය සීතාවක රාජ්‍යට අයිති බලප්‍රදේශය නිසා එසේ සඳහන් නොවුනා විය හැකියි..රයිගම් පස්‍ යොදුන් කෝරළ දෙක රයිගම රාජ්‍යට අයිතිව ති බුනුබව පැහැදිලියි කෝට්ටේ අගනගරය දෙපැත්තේ තිබුනු සල්පිටි කෝරළය සහ හේවා ගම් කෝරළය දිසාවනියකට අයත්නොවී අග රජු භාරයේම තියෙන්න ඇති.

අපි දැන් කෝට්ටේ සීතාවක රයිගම කියන තුනට බෙදුනු කෝට්ටේ රාජධානියේතිබුනු කෝරළ ගැන බලමු.කලිනුත් සටහන් කල විදියට කෝට්ටේ අගනුවර ආශ්‍රිතව තිබුනු සල්පිටි කෝරළේ. පටන් ගන්නෙ කොලඹ කොටුව අසලිනුයි.වර්‍ර්තමාන ස්තාන අනුව බැලුවම කොලඹ ජනාධිපති ලේකම් කාර්‍යාලෙ අසලින් බේරේ වැවේ වතුර මුහුදට ගලන ඇල මාර්ගය අසලින් පටන් අරගෙන එක්පසකට මුහුද මායිම් කරගෙන මොරටු ගඟ නැත්නම් බොල්ගොඩ කලපුවේ ජලය මුහුදට වැටෙන තැන දක්වාම මුහුද සල්පිටි කෝරළයේ බටහිර මායිම.යි.නැගෙන හිර පැත්තෙන් ආසන්න වශයෙන් සල්පිටි කෝරළේ මායිම වර්තමාන ලකුණු අනුව කිව්වොත් බේරේ වැව එක් පසෙකට මායිම්ව කොල්ලුපිටිය හා බම්බලපිටිය කුරුඳු වත්තෙන් වෙන්වෙන මායිම දිගේ දකුණට කුරුඳුවත්ත හා තිඹිරිගස් යාය වෙන්කරන මායිම දක්වා එනවා.එතනින් කුරුදුවත්ත හා තිඹිරිගස් යාය වෙන්කරන මායිම දිගේ හීන් ඇල දක්වා එනවා. හීන් ඇල දිගේ නාරාහේන්පිට හා බොරැල්ල වෙන්කරන මායිම හදාගෙන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව අසලින් ඇවිත් උතුරු පැත්තට ඒ හීන් ඇල දිගේම ගිහින් රාජගිරියෙ ඉඩම් ගොඩකිරීමේ සංස්ථා ප්‍රධාන කාර්‍යාලය ඉස්සරහින් ශ්‍රීජයවර්ධනපුර මාවත පසුකර ආයුර්වේද රෝහලට නැගෙනහිරින් රාජගිරිය බොරැල්ල පාර පනිනවා.ඉන් පසුව ඔබේසේකර පුර පහු කරල වටෙන් හීන් ඇල දියවන්නාවට සම්බන්ධ වෙන ඇල දිගේම ඇවිත්‍ රාජගිරිය අයි ඩී එච් පාර පැනල දියවන්නා වැවට වැටෙනවා. දියවන්නාව දිගේම ඇවිත් පාර්ලිමේන්තුව පහු කරල කිඹුලාවල හංදිය පැත්තෙන් දියවන්නාව දිගේ ඇවිත් පන්නිපිටියෙ ලියනගොඩ වෙල් යායෙ වතුර දියවන්නාවට ගලන ඇල දිගේ ඇවිත් බොරැල්ල කොට්ටාව පාරේ පොල්වත්ත හා කලල්ගොඩ හංදි දෙක අතර තියෙන බෝක්කුව පහුකරනව.ඊටපස්සෙ පන්නිපිටිය හෝකන්දර පාරේ ලියනගොඩවෙල් යාය මැද්දෙන් තියෙන ඇල දිගේ ඇවිත් පන්නිපිටියෙ පෝරගොඩැල්ලෙ වෙල් යායෙ ඉස්මත්තට එනවා.ඊට පස්සෙ වගුරුබ්මක් ඔස්සේ ඔස්සේ කොට්ටාව ආනන්ද විදුහල පිටිපස්සෙන් ඇවිත් ආනන්ද විදුහලත් කොට්ටාව හංදියත් අතරින් බොරැල්ල පාර පනින මායිම් රේඛාව හයිලෙවෙල් පාර පනින්නෙ කොට්ටාවෙ ලාෆ්ස් සුපර්මාර්කට් එක පහු කරන කොටම මහල්වරාව පැත්තට තියෙන බෝක්කුව යටිනුයි. එතනින් පස්සෙ මේ මායිම යන්නෙ කොට්ටාවත් දිගන ගමත් අතර වෙල් යාය ඉස්මත්තෙන් කොට්ටාව නගරයත් බංගලාවත්ත කොටසත් අතරිනුයි.ඒවිදියට සල්පිටිකෝරලේ මායිම කොට්ටාව ධර්මපාල විදුහල හා පිංහේන හංදිය අතරින් හොරනපාර පැනල මාකුඹුර වෙල් යායෙකොට්ටාව ආසන්න හරියෙන් මත්තෙගොඩ විද්‍යාදීප විදුහල මායිමෙන් ඇවිත්‍ යලිත් ආපහු හොරණ පාර පැනල මත්තෙගොඩ ගමත් මාඹුල්ගොඩ හා බ්‍රාහ්මණගම කියන ගම් වෙන්කරන වෙල් යාය මැදඇති ඇල දිගේඇවිත් දක්ෂිණ අධිවේගී මාර්ගය හරහාගොස් දීපංගොඩ ඇලට සම්බන්ධ වෙනවා.දීපංගොඩ ඇලදිගේ ඉහලට යන සල්පිටි කෝරලේ මායිම නියඳගල හා මාගම්මන ගම අතර ඇති වෙල් යාය ඔස්සේ .අපේ මාඹුල්ගොඩ දූවේ පුරාණ විහාරස්තානයේ ඉඳන් බැලුවම පේන දුරින් සල්පිටිකෝරළේ මායිම් රේඛාව උතුරු දෙසට විහිදෙනවා. එහෙම ගිහින් මාගම්මන හා උඩුවන ගම් මායිම දිගේ දියගම කිරිවත්තුඩුව ගම් සල්පිටිකෝරලේට ඇතුල් කරගෙන කිරිවත්තුඩුව හා තලගල වෙන්කරන මායිමෙන් හොරණපාර හරහා ගොස් කෝරල ඉම හංදියෙන් හොරණ කොලඹ මාර්ගය පැනලා ගිහින් එතනවෙල් යායෙ ජලය බොල්ගොඩ කලපුවට ගලා බසිනා ඇලමාර්ගය දිගේ බොල්ගොඩ කලපුවට වැටී එතනින් බොල්ගොඩ කලපුව හරහා මොරටුව පාලම හා පානදුර එගොඩ උයන පාලම යටින් මුහුද දක්වා ගමන් කරනවා.මේවිදියට මායිම්වී ඇති සල්පිටි කෝරලය උඩුපත්තුව හා පල්ලෙ පත්තුව විදියට පත්තු දෙකකට බෙදල තියෙනවා.මේ පත්තු දෙකට උඩපත්තුවට ගම්25කුත් පල්ලෙ පත්තුවට ගම් 80කුත් විදියට ගම්105ක් අතීතයේ අයත්වුනා. වර්තමානය අනුව බැලුවොත් තිඹිරිගස්‍ යාය, කෝට්ටේ,දෙහිවල රත්මලාන මොරටුව කැස්බෑව,මහරගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ සම්පූර්ණයෙන්ම අයිතිවන්නේ සල්පිටි කෝරලයටයි.සල්පිටිකෝරලේ උඩුපත්තුවට අයිති මාගම්මන ,දියගම කිරිවත්තුඩුව කහතුඩුව,කිරිගම්පමුණුව මත්තෙගොඩ ආදී වශයෙන් ගම් 25 ම අයත්වන්නේ හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටයි. කෝට්ටේ රාජ්‍යට අයත් හේවාගම් කෝරලය ආරම්භවන්නේ සන්ත බස්තියම් ඇල කැලනිගඟ සම්බන්ධ වන ස්තානයෙනුයි.එතනසිට කැලණි ගඟදිගේ ඉහලට යන මායිම සීතාවක ගඟේ අවිස්සාවේල්ලට උඩින් මාදොල වැටෙන ස්තානය දක්වාම තියෙනවා.උතුරු මායිමට කැලණි සීතාවක ගංගා දෙක තියෙද්දි හේවාගම් කෝරලේ අනික්මායිම් ටිකත් අපි බලමු.මාදොල දිගේ සීතාවක ගඟේ සිට දකුනු පැත්තට එන මායිම ලබුගම ජලාශෙ මැද්දෙන් ඇවිත් ඉංගිරිය මීපෙ මාර්ගයේ තියෙන හදපාන්ගොඩ හා බෝපෙ ගම් මායිම දිගේ තවත් දකුණු දිසාවට ඇවිත් කිරිවත්තුඩුව ගමේ උතුරු මායිමේදී සල්පිටි කෝරලේ මායිමට සම්බන්ධ වෙනවා.ඉන්පස්සෙ බටහිර දිසාවට සල්පිටිකොරල මායිම දිගේම දියවන්නාව හරහා රාජගිරියෙ ඔබේසේකරපුරට උතුරෙන් හීන් ඇලට දෙමටගොඩ ඇල සම්බන්ධවෙන ස්තානය දක්වාම එනවා.හීන් ඇලට දෙමටගොඩ ඇල සම්බන්ධ වෙන ස්තානයේ ඉඳන් හේවාගම් කෝරළේ මායිම යන්නෙ දෙමටගොඩ ඇල දිගේ සන්ත බස්තියම ඇලටයි. එතන ඉඳන් සන්‍ත බස්තියම ඇල දිගේ කැලණි ගඟ දක්වාම හේවාගම් කෝරල මායිම දිගු වෙනවා.හේවාගම් කෝරළේ පත්තු හතරකට බෙදලා තියෙනවා.ඒ උඩුපත්තුව,අධිකාරි පත්තුව,මැද පත්තුව හා පල්ලෙ පත්තුව විදියටයි.හේවාගම් කෝරළේ අධිකාරී පත්තුව කියන්නෙ වර්තමාන කොලොන්නාව ප්‍රාදේශීයලේකම් කොට්ටාශෙට අයිති ප්‍රදේශයයි.මේ පත්තුවට ගම් 16ක් එදා අයිතිව තිබුනා.උඩුපත්තුව වර්තමාන සීතාවක ප්‍රාදේශීය ලේකම් කොටසට අයත් වෙන්නෙ. උඩුපත්තුවට ගම් 31ක් එදා අයිතිව තිබුනා.මැද පත්තුවගම් 43ක් ඒගම් වර්‍ර්තමානයේ අයිතිවෙන්නෙ පාදුක්ක හා හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වලටයි.හේවාගම් කෝරළේ පල්ලෙපත්තුවට එදා ගම් 40ක් අයිතිවුනා.ඒගම් අද අයත්වන්නේ.ප්‍රධාන වශයෙන් කඩුවෙල හෝමාගම කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ දෙකටයි.අපේා අචාර්ය මාඹුල්ගොඩ සුමනරතන නා හිමියන් වහන්සෙගෙ ජන්ම බූමියත් වැඩ වාසය කරන විහාරස්තානය අයිති බූමියත් වෙන්නෙ මේ හේවාගම් කෝරළේ පල්ලෙ පත්තුවට අයිති මාඹුල්ගොඩ ග්‍රාමයයි.තලවතුගොඩ කලල්ගොඩ කොට්ටාව,මාකුඹුර,මාලපල්ල,රුක්මලේ,කියන ගම් හය හේවගම් කෝරළේ පල්ලෙපත්තුවට අයිති ගම් ඒවුණාට ඒගම් අද අයිතිවෙන්නේ මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටයි.ඔය ආකාරයට හේවාගම් කෝරළේට එදා ගම් 130ක් අයිතිව තිබුනා.මේ සල්පිටි හේවාගම් කෝරළ දෙක වර්තමාන කොලඹ දිස්ත්‍රික්කෙට අයත් වෙනවා.

ඊලඟට අපි කළුතර දිස්ත්‍රික්කයේ තියෙන කෝරළ ගැන බලමු. කලුතර දිස්ත්‍රික්කෙ කෝරළ තුනක් තියෙනවා.ඒවානම් රයිගම් පස් යොදුන් හා වලල්ලාවිටි කියනකෝරලයි, එයින් රයිගම් කෝරළේ ගැන විස්තර.මෙහෙමයි.රයිගම් කෝරළේ දකුණු මායිම කළු ගඟයි.බස්නාහිර මායිම පානදුරේ එගොඩ උයන පාලම නැත්නම් මොරටු ගංමෝය දක්වා මුහුදයි .මොරටු ගං මෝයේසිට සල්පිටිකෝරළේ මායිම දිගේ කිරිවත්තුඩුව ගමේ ඊසානදිගමායිම දක්වාත් එතන ඉඳන් හදපාන්ගොඩ බෝපේ ගම් මායිම ඔස්සේ ලබුගම ජලාශෙ දක්වා හේවාගම් කෝරල මායිමත් රයිගම්කෝරළේ උතුරු සීමාවයි.ලබුගම ජලාශයේ සිට කළුගඟේ නම්බපාන දක්වා වන කඳුහා ඇලවල් ඔස්සේ වැටෙන්නෙ රයිගම් කෝරළේ නැගෙනහිර සීමාවයි.මේසීමාව ඇතුලෙ අධිකාරි පත්තුව,කුඹුකෙ පත්තුව මුංවත්ත පත්තුව,හා උඩු පත්තුව යනුවෙන් පත්තු හතරකට රයිගම් කෝරළේ බෙදල තිබුනා.මේ පත්තුවලින් අධිකාරි පත්තුවට ගම්63ක් එදා අයිතිව තිබුනා. මේගම් 63න් දහයක්ම මුල්ල කියන නමෙනුයි අවසන් වෙන්නෙ. ඒගම්ටික නම්කරනව නම් බදු මුල්ල,බමුණු මුල්ල, බණ්ඩාරමුල්ල,හේන මුල්ල, කුරුප්පු මුල්ල, මාලමුල්ල,පල්ලි මුල්ල, සරික්ක මුල්ල , තන්තිරි මුල්ල,වත්තෙ මුල්ල,කියන ගම් දහයයි.මේ අධිකාරිපත්තුව වර්තමානයේ නම් පානදුර බන්ඩාරගම ප්‍රදේශයටයි අයිති වෙන්නෙ .කුඹුකෙ පත්තුව ගම්22යි.කුඹුකෙ පත්තුවෙ කේන්ද්‍රස්තානය හොරණ නගරයයි.අධිකාරි පත්තුවට නැගෙනහිරින් පිහිටි මේකුඹුකෙ පත්තුව සල්පිටිකෝරළේ මායිමටම තියෙන ගම් අයිතියි.රයිගම් කෝරළේ ඊලඟ පත්තුව මුංවත්ත පත්තුවයි.මුංවත්ත පත්තුවට වාද්දුව වස්කඩුව පොතුපිටියපොහද්දරමුල්ල වාගේ කළු ගඟට උතුරෙන් වෙරළබඩ ගම්වල ඉඳන් යාලගල රෙමුණ මදුරාවල කඳන වගේ කළුගඟේ ඉහල ප්‍රදේශවල තියෙන ගම් අයිති වුනා.මේපත්තුවට ගම් 99ක අයිතිව තිබුනා.පස්සෙ කාලෙක මේ පත්තුව නැගෙනහිර බටහිර කියල බෙදිල තිබුනු බවටත් සාක්ෂි තියෙනවා.රයිගම් කෝරළේට අයිතිව තිබූ ඉතිරි පත්තුව උඩු පත්තුවයි.මේඋඩුපත්තුව පටන්ගන්නෙ සබරගමුව පලාත් මායිම්වයි. නම්බපාන ඉංගිරිය හඳපාන්ගොඩ අරකාවිල ආදී රයිගම් කෝරළේ උතුරු දිසාවෙන් තියන ගම්30ක් උඩුපත්තුවට අයිතිව තිබුනා වර්තමාන බෙදීම් අනුව බැලුවොත් මේගම් බොහොමයක් අයිති වන්නේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටයි.මේ විදියට මුලු රයිගම් කෝරළේට පත්තු හතරක් යටතේ ගම් 214ක අයත්ව තිබූ බව කියන්න පුලුවනි . රයිගම උප රාජධානියට අයිති තව කෝරළ දෙකක් තිබුනා.ඒපස්‍ යොදුන් කෝරළේසහ වලල්ලාවිටි කෝරළේ යන කෝරළදෙකයි.මෙයින් පස්‍ යොදුන්කෝරළේ උතුරු මායිම වුනේ කළු ගඟයි.දකුණුමායිම වුනේ බෙන්තරගඟ බඩ පිහිටි වලල්ලාවිට කෝරළේට අයිති ගම් සීමා කල මායිමයි. නැගෙනහිර පැත්තෙන් සිංහරාජ මහා වනාන්තරය බද සබරගමු හා දකුණු පලාත් මායිම පස්‍ යොදුන්කෝරළය මායිම් වෙනවා බස්නාහිර පැත්තෙන් කලුතර හා බේරුවල තොටමුණු වලට අයිතිගම් පස්‍ යොදුන් කෝරළේ මායිමයි.මේ හතර මායිම් ඇතුලත පිහිටි පස්‍ යොදුන් කෝරළේ පත්තු තුනකටබෙදා තිබුනා.ඒ මහ පත්තුව ගඟබඩ පත්තුව හා ඉද්දගොඩ පත්තුව හැටියටයි.එයින්මහපත්තුවට අයිතිවුනේ පස්‍ යොදුන් කෝරළේ නැගෙනහිර පැත්තයි.නැගෙනහිර මායිමේ මහ වනන්තරේට යාව පිහිටි ගම් වුනේ තිනියාවල බොරළුගොඩ ඉඟුරුදලුව,හැඩිගල්ල, මොරපිටිය හා කලුකන්දාව කියන ගම්මානයි. ඒ ගම්වලින් කලුකන්දාව ගම මුලුමනින්ම වනාන්තරය මැද්දේ තිබුනු ගමක්.මේගම් ටිකත් ඇතුලුව මහපත්තුවට ගම් 57ක් අයිති වුනා.වර්තමානයේ මහපත්තුවට අයිති ප්‍රධාන නගර තුනක් තිබෙනවා.ඒ බදුරලිය අගලවත්ත හා පැලවත්තයි. ගඟබඩ පත්තුව ගම්22අයිතිව තිබුනා.ගඟබඩ පත්තුව කලුගඟ දිගේ පහලට තිබුනු ගම්මාන වලිනුයි සමන්විත වී තිබුනේ.ගඟබඩ පත්තුවේ වර්‍ර්හමාන කේන්ද්‍රස්තානය බුලත්සිංහලයි. මහපත්තුවත් ගඟබඩ පත්තුවත් හැරුණුකොට ඉතිරි ගම් අයත් වුනේ ඉද්දගොඩ පත්තුවටයි.ඉද්දගොඩ පත්තුවට ගම්41අයිතිව තිබුනා .වර්තමානයේ ඉද්දගොඩ පත්තුවේ කේන්ද්‍රීය නගරය මතුගමයි.ඔය අන්දමට පස් යොදුන් කෝරලය ගම් 120 කින් සමන්විතවුනු ප්‍රදේශයක් ලෙසටයි තිබුනේ.වලල්ලාවිට කෝරළේ ඉතාම කුඩාකෝරළයක් බෙන්තර ගඟබඩ පිහිටිගම් 27 ක්තමයී ඊට අයත්වුනේ. වර්තමානයේබැලුවම ඉත්තපාන කේන්ද්‍රකරගෙන බෙන්තර ගඟේ උතුරු ඉවුරදිගට තිබුනු ගම් තමයි වලල්ලාවිට කෝරළේට අයිති වුනේ.

කැලණිගඟට උතුරෙන් වර්තමාන ගම්පහ දිස්ත්‍රිකෙට අයිති ප්‍රදේශයේ තියෙන කෝරළ තමයි සියනෑ, අළුත්කූරු, හා හාපිටිගම්, කියන නම්වලින් හදුන්වන්නෙ..සියනෑ කෝරලේ පත්තු හතරකට බෙදල තිබුනා.ඒඅධිකාරි පත්තුව ගංපත්තුව මැදපත්තුව හා උඩපත්තුව විදියටයි.අධිකාරි පත්තුවට අයත්වුනේ ගම්39 ක ප්‍ර මානයක්. වත්තල පෑලියගොඩ කැලණිය බියගම යබරලුව දක්වා කැලණි ගඟ දිගේ තිබුනු ගම්මාන හා ඊට ඇතුලතින් තිබුනු ගම්මාන මේ ගම්වලට ඇතුලත් වුනා.ඊලඟට ගං පත්තුවට අයත් වුනේ කැලණිගඟ බඩ යබරළුවෙන් ඉහලට තියෙන ගම්බව පෙනෙනවා . දෙකටන,ගිරිදර,දොම්පෙ, පූගොඩ, සමනබැද්ද, තිත්තපත්තර ඇතුලු ගම් 66 සියනෑ කෝරළේ ගං පත්තුවට අයිති වුනා.මැදපත්තුව මේ කෝරළේ ලොකුම පත්තුවයි. ඊටගම්121ක් අයත්වෙලා තුබුනා.මේ මැදපත්තුවට වර්තමාන ගම්පහ ඇඹරළුව, කලගෙඩිහේන,මුදුන්ගොඩ වගේ ප්‍රදේශ අයිතිවුනා.සියනෑ කෝරලේ උඩුපත්තුවට අයිතිවුනේ අත්තනගල්ල නිට්ටඹුව වාගේ ගම් කේන්ද්‍ර කරගත් ගම් 52කුයි.මේ ආකාරයෙන් සමස්ත සියනෑ කෝරලයටම ගම් 305ක් එදා අයත්ව තිබුනා. අලුත්කුරු කෝරළය සියනෑ කෝරළේ ට උතුරෙන් පිහිටි කෝරලයයි. මේකෝරලය පත්තු තුනකින් සමන්විතයි ඒ දාස් පත්තුව දුං පත්තුව හා රාගං පත්තුව කියන පත්තු තුනයි.මෙයින් දාස් පත්තුවට රද්දොළුව සීදුව කටුනායක වගේ මුහුද පැත්තෙන් තියන ගම් හා ඊට ඇතුලෙන් තියන ගම් 57 ක් අයිතිවෙනවා.දුංපත්තුවට අයිතිවෙන්නෙ කිඹුලාපිටිය කටුවැල්ලේගම,වගේ මීගමුවට ඇතුලෙන් තියන ගම් ඇතුලු ගම් 46ක්. රාගම්පත්තුව රාගම මාබිම කිරිඳිවිට වගේගම්36 ක් අයත් වන පත්තුවක්.මේ විදියට අලුත්කුරු කෝරළේ සමස්ත ගම්සංඛ්‍යාව 139ක් වෙනවා මීලඟට .හාපිටිගම්කෝරලය කියන කෝරළය ගැන විස්තර බලමු.හාපිටිගම් කෝරලය පිහිටලා තියෙන්නෙ හතර කෝරලේට මායිම්වයි .එක් පැත්තකින් මාඔයත් තවත් පැත්තකින් සතර කෝරලේ මායිමත් ඇතිව පිහිටලා තියෙන හාපිටිගම් කෝරළේට උඩු පත්තුව හා යටි පත්තුවකියල පත්තු දෙකක් තියෙනවා.උඩුපත්තුව කේන්ද්‍රවෙන්නෙ වර්තමාන මීරිගම ප්‍රදේශයට එතනින් සතරකෝරල මායිම කිට්ටුව බෝතලේ ගමත් හාපිටිගම කෝරළේඋඩුපත්තුවට අයිති ගම්66 ට ඇතුලත් වෙනවා.යටිපත්තුව කියන්නෙකොටදෙනියාව ප්‍රදේශය ඒකටගම්70 ක් අයිතියි.ඒවිදියය සමස්ත හාපිටිගම් කෝරලේටගම් 136අයිතියි. දැන් අපි කැලණිගඟේන් උතුරෙ මහඔයෙන් දකුණට තියෙනවර්තමාන ගම්පහ දිස්ත්‍රික්කෙට අයිති සියනෑ හාපිටිගම් හා අලුත් කුරුකෝරල ගැන දැන ගෙන ඉවරයි.මෙතනින් පස්සෙ තියෙන්නෙ මහඔයෙන් උතුරට දැදුරු ඔයෙන් පහලට තියෙන කෝරළ ගැන කතා කරන්නයි. මහඔයෙන්හා දැදුරුඔයෙන් මායිම් වෙනකොට සෙ තියෙන්නෙ පිටිගල් කෝරළය විතරයි .පිටිගල් කෝරළය කොටස් තුනකට බෙදල තියෙන්නෙ.උතුරු දකුණු හා මැද කියලයි.උතුරුපිටිගල් කෝරළේටගම්44ක් අයිතියි.දකුණු පිටිගල් කෝරළේට ගම් 38ක් අයිතියි.පිටිගල්කෝරළේ මැදකොටසට ගම් 57 ක් අයිතියි.මේ විදියට සමස්ත පිටිගල් කෝරලේට ගම් 139ක් අයත්වුනා.මේ අන්දමට බෙන්තර ගඟේ මෝයත් දැදුරුඔය මෝයත් අතර බස්නාහිර වෙරල ට ඇතුලෙන් සබරගමු පලාත් සීමාවතෙක් තියෙන කෝරල නමයක් ගැන තොරතුරු සාකච්චා කලා.මෙන්න මේ කෝරළ නමය නව කෝරළය කියන නමින් හඳුන්වන බවයි පැහැදිලිවෙන්නෙ .මීට පරිබාහිරව තියෙන කෝරළ ගැනත් අපි සැකෙවින් දැන ගනිමු.

කෝට්ටේ රාජ්‍යට අයිති ව තිබුනු හත්කෝරළය ගැන කියනවනම් පත්තු හතකින් සමන්විත නිසා ඊට හත් කෝරළය නම ව්‍යවහාර කරන බවයි පෙනෙන්නෙ.ඒ පත්තු හැදින්වෙන්නෙ හත්පත්තු නමිනුයි.දෙමල හත්පත්තුව, කටුගම්පොල හත්පත්තුව දේවමැදි හත්පත්තුව වන්නි හත්පත්තුව දඹදෙනි හත්පත්තුව වෑඋඩවිලි හත්පත්තුව හිරියාල හත්පත්තුව කියන්නෙ සත්කෝරලේට අයිති පත්තු හතටයි.මේ හත්කෝරලේ ට අයිති ගම් 495 අතීතයේදි තිබුනු බවයි පෙනෙන්නෙ. හත්කෝරළේ කියල හදුන්වන්නෙ වර්තමාන කුරුණෑගල දිස්ත්‍රික්කයයි .හතර කෝරලේ කියන්නෙ කෝරළ හතරකින් සමන්විත සිංහලේ රාජ්‍යට අයිතිවතිබුනු දිසාවක්.ඒකෝරල හතර පරණකුරු කෝරළේබෙලිගල් කෝරළේ,කිණිගොඩ කෝරලේ ගල්බොඩ කෝරළේ යනුවෙන් හැදින්වෙනවා..මේකෝරල හතර වර්තමාන කෑගල්ල දිස්ත්‍රික්කයේ කොටසක් ලෙසයි තියෙන්නෙ. ඊලඟට තුන් කෝරලේ කියල හදුන්වන පරණ සීතාවක රාජ්‍යායේ කේන්ද්‍රීය බලප්‍රදේශය.ගැන බලමු.අටලුගම් කෝරළය දෙහිගම්පල් කෝරළය,පනාවල්කෝරළේ කියන කෝරල තුනට තමයි තුන්කෝරලය කියල හදුන්වන්නෙ.තුන්කෝරලය ත් කෑගල්ලදිස්ත්‍රික්කෙ කොටසක් .තුන්කෝරලය හතර කෝරලේ හා පාත බුලත්ගම කියන කොටස් තුන එකතුවෙලා වර්තමාන කෑගල්ල දිස්ත්‍රික්කය හැදිල තියෙනවා.

ඊලඟට අපි කෝට්ටේ රාජ්‍යට අයිතිව තිබුනු සබරගමුවෙ තියෙන කෝරළ මොනවද කියල දැන ගනිමු.පැරණි සබරගමුව රත්නපුර දිස්ත්‍රික්කය ලෙස අද හදුන්වනවා.සබරගමුවෙ කෝරළ හතක් පිහිටලා තිබ්නා.ඒකුරුවිටි කෝරළේ, නව යොදුන් කෝරළේ, කුකුළු කෝරළේ,අටකලන් කෝරළේ,මැද කෝරළේ, කඩවත් කෝරළේ, කොලොන්න කෝරළේ කියන කෝරළ හතයි.බෙන්තර ගඟේදකුනු ඉවුරෙඉඳන් වලවේ ගඟදක්වාම කෝට්ටේ රාජ්‍යය තිබුනා.මේප්‍රදේශයේ වර්තමාන ගාලුදිස්ත්‍රික්කය ගාලුකෝරළය ලෙස හැදින්වූවා.ගාලු කෝරළේ පත්තු වලට බෙදල තිබුනා.ඒ වැල්ලබඩ පත්තුව තල්පෙ පත්තුව, හිනිදුම් පත්තුව,ගඟබඩපත්තුව,හා බෙන්තර වලල්ලාවිට කෝරළේ හැටියට.මෙතනදි විශේෂයක් වෙන්නෙ මේබෙන්තර වලල්ලාවිට කෝරළය කියන එකයි.ගාලුකෝරළේ අනිකුත් බෙදීම් පත්තු හැටියටත් බෙන්තර ගඟේ දකුණු ඉවුර කෝරළයලෙසත් හැඳින්වීමේ වෙනස ඇතිවුනේ බෙන්තර ගඟේඋතුරු ඉවුරෙ තියන වලල්ලාවිටි කෝරළේ නමේ ආභාෂයෙන් විය හැකියි.ගාලු නගරය මේබෙදීම්වලට අයිතිවුනේ නෑ.එය කඩවත් හතර නමින් හැදින්වුනා.වර්තමාන මාතර දිස්ත්‍රික්කෙ කෝරළ කීපයක් හා පත්තුවලටබෙදල තිබුනා.ඒ වැලිගම් කෝරළේ,මොරවක් කෝරළේ කදුබොඩ පත්තුව වැල්ලබොඩ පත්තුව, ගඟබොඩ පත්තුව ලෙසයි.මේවිදියට පරණ කෝට්ටේ රාජධානිය තුල තිබුනු කෝරළ රාශියක් අපිට පෙන්වන්න පුලුවන්වෙනවා.

ඔන්නඔය මම විස්තටකරපු කෝරළ වලින් වලල්ලාවිටි,පස්‍යොදුන්,රයිගම් ,සල්පිටි ,හේවාගම්, සියනෑ අලුත්කුරු, හාපිටිගම් සහ පිටිගල් කියනකෝරළ නමය නවකෝරළය ලෙස හැඳින්වෙනවා.ඕකටකොලඹනගරයත් එකතු වුනහම කොලඹ නවකෝරළය කියල හදුන්වනවා.

ඔය නවකෝරළයගැනජියවෙබකොටනඑඅතොටමුනුකියලත්කියවෙන නිසාමේවෙලාවෙම නවතොටමුණු මොනවද කියලත් අපි සොයා බලමු.තොටමුණු කියන්නෙ කෝට්ටේ සමයෙ භාවිතා කල වරායන් වලටයි.මේ නව කෝරළය පටන්ගන්න දකුණු සීමාව බෙන්තර ගඟයි. මේආසන්නයේ පැරණි තොටමුණක් තියෙයෙනවා බේරුවල තොටමුණ. විශේෂයෙන්ම වෙලඳාමේ යෙදුණු මුස්ලිම් වෙලඳුන් වැඩිවශයෙන් භාවිතාකල වරායක් නිසා බේරුවල අවට මුස්ලිම් ජනතාව වැඩිපුර ජීවත් වෙනවා.ඊලඟට වරායක් තිබුනෙ කළුතර මෝය ආශ්‍රිතවයි එතන කළුතර තොටමුණ ලෙස හැදින්වුනා.තවත් වරායක් පානදුර ගංමෝය ආශ්‍රිතව තිබුනා.ඒක පානදුර තොටමුණ ලෙස හැදින්වුනා.මේපානදුර තොටමුණෙන් යාපනා රාජ්‍යයේ ආර්‍ය චක්‍රවර්ති රජතුමා කෝට්ටේ රාජ්‍යට ආක්‍රමණයක් සඳහා ගොඩ බැස්ස බවත් ඉතිහාසයේ සඳහන්වෙනවා.ඊලඟට තියෙන තොටමුන වෙන්නේ කැලණි ගඟ ආශ්‍රිත තොටමුණවූ කොලඹ වරායයි.කොලඹ නගරය මේ තොටමුණ ආශ්‍රිත පාලන ප්‍රදේශයයි.වත්තල ආශ්‍රිතවද පැරණිතොටුපලක් වූ බවට සාධක පවතී.වර්තමානයේ ද ධීවර කටයුතු සඳහා යොදා ගැනෙන ධීවරවරායක් හැඳල ආශ්‍රිතව ඇත.ඉන්පසුව මීගමුව ආශ්‍රිතව වරායක් මෙන්ම වෙනම පාලන ඒකකයක්ද විය.ඒඅනුව මීගමුවද පැරණි තොට මුණක්සේ හදුනා ගත හැකිවේ.මීගමුවෙ න් ඉහලට දැදුරු ඔය මෝදර දක්වා මහඔය ,ගිංඔය හා දැදුරුඔය මෝදරවල් බටහිරවෙරලට විවුර්‍ර්තවනු දැකිය හැකියි ය.මේවා ආශ්‍රිතව අතීතයේ වරායන් පැවතීම සාමාන්‍යයෙන්සිදුවන්නට ඇත.හලාවත ප්‍රදේශයේ මුතුපර පිහිටාතිබූබැවින් මුතු කිම්දීම ව්‍යාපාරයක්ලෙස අතීතයේ සිටම සිදුව ඇත.මේමුතු මිලදී ගැනීම සඳහා දහස් ගණන් ජනීජනයා ගැවසුණු වෙලඳවරායක් ඒ ආශ්‍රිතව පිහිටා තිබූ බව නිසැකය.ඊටඅතිරේකව ඉරණවිල ප්‍රදේශය වර්තමානයේද ධීවර වරායන් ස්තාපිතව ඇත.මේඅනුව නවතොටමුනට අදාල ඉතිරි තොටමුණු මිගමුවදොරත් දැදුරුඔය මුවදොරත් අතර ස්තාපිතව තිබෙන්නට ඇතයිසිතීම සාධාරණය.ඉතින් ඔන්න ඕකයි කෝරළේ විස්තරේ.දිග වැඩිවුනත් මෙහෙම ලිව්වෙ නැත්නම් අඩුපාඩු වෙනවනෙ.ඒනිසා ඒගැන ඉතින් සමාධිය භජනය කරන්න හොඳමයි.

.

.

.

5 thoughts on “.කෝරළ විත්ති.

  1. බොහොම ස්තූතියි විස්තරේට. ඌව, උතුරු මැද, නැගෙනහිර හා මධ්‍යම පලාත් වල කෝරළ ගැනත් ළගඳිම ලියයි කියල ප්‍රාර්ථනා කරනවා.

    Like

    1. නැගෙන හිර පලාතෙ නම් කෝරළ බෙදීමක් තිබුනෙ නෑ.ඒ පැත්තෙ තිබුනෙ පත්තු .කෝරළ පත්තු පෝරතිවු පත්තු මන්මුනයි පත්තු එරාවුර් පත්තු කරවකු නින්දවුර් පත්තු සමන්තුර නාඩුකාඩු පත්තු.අක්කරපත්තු පානම පත්තු බින්තැන්න පත්තු.කියන පත්තුවලට මඩකලපුවදිස්ත්‍රික්කෙ බෙදිල තිබුනා.1921දි නාඩුකාඩු පත්තුව පෝරතිවුපත්තුවහා අක්කරපත්තුවෙන් වෙන්කරපු ගමෙකතුකරල වව්ගම්පත්තුව හැදුව.මේ වැව්ගම්පත්තුව පලාත නමින් උපකොට්ටාශ තුනකට බෙදල තිබුන.ඒවැව්ගම්පත්තූ
      උඩ පලාත මැද පලාත හා යටි පලාත ලෙසට.ඒපලාතක් භාරව කෝරාළ නම්න් ලධාරියෙක් පත්කරා.අනික් පලාත්වලත් හොයා බලම්න් ඉන්නෙ.ස්තූර්හියි.

      Like

      1. බොහොම ස්තූතියි. ඔබතුමාගෙ මේ විස්තර අනාගතේට ගෙනියන්ඩ පොතක් විදිහට එළි දැක්වුවොත් ඉතා අගෙයි.

        Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s