“සක්‍රිය සේවයෙන්” සමු ගත් ගුරුතුමා

කොලඹ අමාත්‍යංශෙක රස්සාව කරනකොට ලිපි සහ ගොනු එක්ක රාජකාරි කරනව කියලනෙ හිතෙන්නෙ. හැබැයි ඔය ලිපි සහ ගොනු වලට යටවෙලා මිරිකිලා තදවෙලා ඉන්න මනුස්ස පරාණත් තියෙන වග හුඟක් නිලධාරින්ට තේරෙන්නෙ නෑ. මේ විදියෙ ලිපිගොනුවක් කියෝනකොට ඒක ඇතුලෙ හැංගිල තියන මිනිස්සුන්ගෙ ජීවිත කියවන්න පුලුවන්නම් කොයිතරම් හොඳද? අවාසනාවට මේ මිනිස් ජීවිතවල කතාන්දරේ අර ගොනුව පරිහරණය කරන නිලධාරින් බොහොමයකට … Continue reading “සක්‍රිය සේවයෙන්” සමු ගත් ගුරුතුමා

Advertisements

නාඳුනන සරසවි සිසුවියගේ ලිපිය.

රාජ්‍ය පරිපාලනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ටිකෙන් ටික මට අල්ලලා ගියේ එතනදි සාමාන්‍ය ජනතාව වගේම දුකට පත් උන පිරිසක් සේවාදායකයො හැටියට ආපු නිසයි. රජයේ සේවාවෙ අසාධාරණකම් නිසා අසහනයට පත් උන රාජ්‍ය සේවකයො සාමාන්‍ය මිනිස්සුන්ට වැඩිය භයානකයි. ඒ අය තවදුරටත් රාජ්‍ය සේවාවෙ ඉන්නවනම් තමන්ට සිදු වුන අසාධාරනේට ප්‍රතිචාර දක්වන්නෙ ඔවුන්ව හමුවට එන සාමාන්‍ය ජනතාවට. බොහෝකොට ඒ … Continue reading නාඳුනන සරසවි සිසුවියගේ ලිපිය.

අතුරුදන්වූ විදුලි සේවකයා

රාජ්‍ය පරිපාලනේ ආයතන අධ්‍යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂතනතුර මට අමුතු තනතුරක්.එතෙක් තනි අලියාවගේ ඕනවිදියට තීරන අරගෙන ලඟට ආපු මිනිස්සුන්ගෙ ප්‍රශ්න විසදපු මගෙ ලඟට ආවෙ ලියුම් විතරයි.මිනිස්සු හැටියට එන්නෙත් රාජ්‍යසේවකයො.ප්‍රශ්න ඇටියට ඉදිරිපත් වෙන්නෙ තමන්ට වෙච්ච අසාධාරනකම්වැඩිය ඒවට ඇහුන්කම් දීමක් නෑ.ආයතන ප්‍රධානියාමගින් ලිඛිතව එවන්න කියන එක බොහොම ප්‍රශ්නවලට උත්තරේ උනා.ලිපිකරු නිලධාරින්ටත් මේවගේ ප්‍රශ්නෙක පැත්තක මනුස්සයෙක් ඉන්නවයි කියල … Continue reading අතුරුදන්වූ විදුලි සේවකයා

අම්පාරෙන් කොලඹට(ක්‍රියාකාරකමෙන් ප්‍රතිපත්තියට)

අම්පාරෙ අවුරුදු දොලහක් විතර එක දිගට රාජකාරි කෙරුව. අම්පාර කියන්නෙ කොහේ තියන ගමක්ද දන්නෙ නැතුව හිටපු මම කිසිම සම්බන්ධයක් නැති අම්පාරෙ රස්සාව කරන්න බස් එකේ නැගිල ගිහින් එක්දාස් නමසිය අසූහයේ මැද ඉඳන් එක්දාස් නමසිය අනූ හත අවසන් වෙනකම් හිටියා. අම්පාරට යනකොට තනිකඩයෙක් වෙලා හිටපු මම විවාහ වෙලා බිරිඳවත් අම්පාරට මාරු කරගෙන නිල නිවාසෙ ජීවත් උනා. … Continue reading අම්පාරෙන් කොලඹට(ක්‍රියාකාරකමෙන් ප්‍රතිපත්තියට)

දියගම ජීවිතේ.

ගමෙන් නගරෙට ආපු මම අවුරුදු තුනක් මිත්‍රයොත් එක්ක ගතකරපු කාලයත් ගමේ ජීවිතේට දෙවනි උනේ නෑ.ගමට වැඩිය වෙනසක් උනේ මේ කරපු වැඩ අලුත් මිත්‍රයො සම්බන්දවෙලා කරපුව නිසයි.මුලින්ම මම ධර්මපාලෙට ගියෙ කිරිවත්තුඩුවෙ දියගම ගමේ ඉඳන්.අපේ මාම ඒවෙනකොටනැන්දලගෙ මහ ගෙදරම හිටියෙ.මාම මාඹුල්ගොඩ අලුත් ගේ හදමිනුයි හිටියෙ.දියගම හංදියෙන් උදේ හයයි හතලිස් පහට බස් දෙකක් ගමන ආරම්භ කරනවා.එකක් දීපංගොඩ දොලේකඩේ … Continue reading දියගම ජීවිතේ.

ගමෙන් නගරෙට

ගමේ ස්කෝලෙ ප්‍රාථමික අධ්‍යාපනය හදාරපු මම අපොස සාමාන්‍ය පෙල විභාගෙට පෙනීසිටියෙ එක්දාස් නමසිය හැත්තෑ හතරෙ දෙසැම්බර් මාසෙ.මට අපොස සාමාන්‍ය පෙල විභාගෙ කරන්න පුලුවන්කම තිබුනා එක්දාස් නමසිය හැත්තෑ තුනේදි.ඒත් මට විතරක් නෙවෙයි අපේ පංතියෙ ඔක්කෝටම විභාගෙ කිරීම ඊලඟ අවුරුද්දවෙනකම් කල් දාන්න තීරනය ගත්තෙ අපේ විදුහල්පති ජයතිස්සද සිල්වා මැතිතුමා.එහෙම කලේ එතුමගෙ තනිතීරනයක් හැටියට නෙවෙයි.අපේ පංතිය භාරව හිටපු … Continue reading ගමෙන් නගරෙට

කඩේ ආතගෙ මැම්බර් චන්දෙ.

දැන් ඔන්න චන්දයක් ඇවිත්.නිකං චන්දයක් නෙවෙයි.හරියටම කිව්වොත් පලාත්පාලන ආයතන වලට සභිකයින් තෝරා ගැනීමේ චන්දයක්.මේ දැන් අපේරටේ ක්‍රියාත්මක වෙන ක්‍රමයට අනුව ප්‍රධාන චන්ද හතරක් පවත්වනවා.ඒ ජනාධිපති වරයා තෝරාපත්කර ගැනීමේ මැතිවරණය,පාර්ලිමේන්තු මහ මැතිවරණය,පලාත්සභා මැතිවරණය,සහ දැන් ඇවිල්ල තියෙන පලාතපාලන ආයතන නියෝජිතයින් තෝරා ගැනීමේ මැතිවරණය කියන යන මැතිවරණ හතර.මේ මහ භාරදූර මැතිවරන හැමඑකෙන්ම දෙක ගානෙ දිස්ත්‍රික්දෙකක්තුලදි තේරීම් භාර නිලධාරියෙක් … Continue reading කඩේ ආතගෙ මැම්බර් චන්දෙ.

බන්ඩාරදූව ඛේදවාචකය.

එල්ටීටීඊ කාරයො දිගින්දිගටමගම්වලට පැනල අහිංසක මිනිස්සු කපල කොටල මරාදාන්න පටන් අරගත්තම මුලු අම්පාරම භීතියෙන් ඇලලුනා.අපේ උපදිසාපතිවරුන් බොහොම කාර්‍ය බහුල උනා.ගම්වල ආරක්ෂාව සඳහා නොඑක් වැඩපිලිවෙලවල් සංවිධානය කරන්න ගම්වාසින්ගෙ ප්‍රශ්න වලට උත්තර හොයන්න,සිවිල් ආරක්ෂාවේ වැදගත් කම ගැන ලොකු ලොක්කො ඇවිල්ල කරන පන්ඩිත කථා අහගෙන කටවහගෙන ඉන්න,වාගෙ බොහොම අසීරු රාජකාරි ගොන්නක් අපේ උපදිසාපතිවරුන්ට කරන්න සිදු උනා.ඒහැම එකක්ම කරන්න … Continue reading බන්ඩාරදූව ඛේදවාචකය.

අමතක නැති වැඩ

1990ජුනි මාසෙ පොලිස් නිලධාරින් හයසීයක් මරල කොටි සාම සාකච්චාව අවසන් කරා.ඒවෙනකොට අම්පාරෙ මල්වත්ත ගමෙන් එහාට කොටින්ගෙ පාලනයට අරගෙනයි තිබුනෙ.අම්පාර කල්මුන පාරෙ එකොටි බලය පිහිටුවාගැනීම ගැන මුලු අම්පාරම කලබලවෙලා හිටියෙ.බුද්ධංගල නායක හාමුදුරුවො ජනාධිපතිතුමාට කථාකරල මේතත්වය පැහැදිලි කරා.ඊට පස්සෙ නැගෙනහිර මුදාගැනීම ශ්‍රීලංකාව බිහිකල විශිෂ්ඨතම හමුදා නිලධාරියට පැවරුනා.ඒ එවක බ්‍රිගේඩියර් වරයෙකු වූ ඩෙන්සිල් කොබ්බෑකඩුව මැතිතුමා.එතුමා ඇවිල්ල දින කීපයකින් … Continue reading අමතක නැති වැඩ

ඝාතනයයි භීෂනයයි.

අම්පාරෙ මුල් කාලෙ ගත කරපු ජීවිතේ තව බොහෝ මතක සටහන් තියෙනවා. මේ මතක සටහන් සමහර ඒවා ලංකාවෙ බොහොම වැදගත් සුවිශේෂි සිද්දීන් එක්ක සම්බන්ද උන ඒව. මේවා ගැන කල්පනා කරන කොට මට මතක් උනේ බොහොම භයානක හා කනගාටුදායක අත්දැකීමකට 1990දි අපිට මුහුන දෙන්න උන හැටියි. මේ කාලෙ වෙනකොට මම අම්පාර කච්චේරියෙ උප දිසාපති. දිසාපති ගුණතිලක මුදන්නායක … Continue reading ඝාතනයයි භීෂනයයි.