බින්තැනි වරුණාව.

මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙ හැටියට 1993දි පරිවර්තනය උනේ සුද්දන්ගෙ කාලෙ තිබුන රටේ මහත්තයගෙ කාර්‍යාලයනෙ. සිංහලේ නැතිනම් උඩරට රාජ්‍ය යටතේ දිසාව කෙනෙක් පාලනය කල බින්තැන්න තමයි පස්සෙ කාලෙකදි රටේ මහත්තයෙකුගෙ පාලනය යටතට පත් උනෙ. මේ විදියට රටේ මහත්තයෙක් බින්තැන්න පාලනය කරන කොට තමයි ආර් එල් ස්පිටල් මහත්තය අපේ ආදි වාසී නැත්නම් වැදි ජනතාව පොල්ලෙබැද්දට මහවනන්තරෙන් අරං … Continue reading බින්තැනි වරුණාව.

ප්‍රේමසිරිගෙ හේන.

මහඔයට ගිය දවස් වලම මගේ අවධානයට ලක් උන කරුණක් තමයි ඒ ප්‍රදේශෙ අයගෙ ජීවන ක්‍රමය. අතරමැදි කෘෂි කලාපයට අයිති බින්තැන්න පත්තුව අතීතයේදී ඌව වෙල්ලස්සේ කොටසක් ලෙසයි පැවත ඇත්තේ. මහවැලි නදියේ දකුණු ප්‍රදේශය පැරණි රෝහණ රාජ්‍යට අයත් වූ බැවින් මහඔයද ඇතුලත් බින්තැන්න පැරණි රෝහණ රාජ්‍යයේ කොටසක් ලෙස සැලකිය හැකියි. එවකට බින්තැන්නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ තුනක් අම්පාර … Continue reading ප්‍රේමසිරිගෙ හේන.

රාලහාමිගෙ අලකලංචිය.

මහඔය රාජකාරිය කරන කොට මහජන සම්බන්ධතාවෙ හොඳට පවත්වගන්න එක තමයි මගෙ පලමුවැනි ඉලක්කය උනේ. කාර්‍යාල කළමනාකරණය, ගිනුම්කරණය පිලිබඳ මහා පලපුරුද්දක් සහිත සහකාර ලේකම් යූ පී පියදාස මහත්තය නිසා ඒව ගැන මට හොයන්න බලන්න දෙයක් තිබුනෙ නෑ. යූ පී සියල්ල කරට අරගෙන කටයුතු කරපු දක්ෂයෙක් නිසා මට බාහිර කටයුතුවල නිරතවෙන්න ඉඩකඩ ලැබුනා. ඉතින් මම මහඔය හෑමතැනකම … Continue reading රාලහාමිගෙ අලකලංචිය.

සුදු බන්ඩා ආරච්චි.

මහඔය සුදු බන්ඩ ආරච්චි මහත්තය ගැන මේ දක්වා ලියපු කතා කීපෙකම සඳහන් කලා මතක ඇතිනෙ. මහඔය මගේ රාජකාරි කාලය තුලදි බොහොම සමීපව ඇසුරු කල බින්‍තැන්න වාසී ම්නිසා තමයි සුදු බන්ඩා ආරච්චි මහත්තය කියන්නෙ. සුදු බන්ඩා ආරච්චිල පදිංචිය මහඔය නගරෙමයි. මහඔය චෙන්කලාඩි පාරෙ කඩ පේලිය පහු කරනවත් එක්ක දකුණු අත පැත්තෙ තිබුන පරණ ගෙදර තමයි ආරච්චි … Continue reading සුදු බන්ඩා ආරච්චි.

කලුබණ්ඩගෙ අවුල

අම්පාර මහඔය අතර යමින් එමින් සමහර දවස්වලට වාරිමාර්ග නිවාසෙ නතරවෙමින් ගතකල කාලෙ මතක් වෙනකොටත් සතුටුයි. ප්‍රාදේශීය ලේකම් කන්තෝරුවෙන් මිනිස්සුන්ගෙ එදිනෙදා ගැටලු විසදමින් ඉන්නකොට මහඔය සමාජෙ හොදට අදුනාගන්න පුලුවන් උනා. වෙන ඕනෑ කාර්‍යාලෙක මහජන දිනේ බදාදා. ඒත් මහඔය ප්‍රාලේ කාර්‍යාලෙ මහජන දිනේ අඟහරුවාදා. ඒකට හේතුව මහඔය පොල තියෙන්නෙ අඟහරුවාදා වීමයි. කෙසෙල්, බඩ ඉරිඟු, මුං, කව්පි වාගේ … Continue reading කලුබණ්ඩගෙ අවුල

මහඔය කෙරුවාව.

මම මහඔය ප්‍රාදේශීය ලේකම් හැටියට වැඩකරන්න පටන්ගත්තෙ 1993 පෙබරවාරි මාසෙදියි. එදා ඉදන් අවුරුදු දෙකක් ඉවර කරලා තවත් මාස තුනක් යනකම් මහඔය වැඩ කරා. මේ කාලෙ වැඩි වශයෙන් අම්පාරෙ ඉඳන් දිනපතා රාජකාරියට ආවගියා උනත් රාජකාරි වැඩි දවස් වල මහඔය නවතින්න සිද්ධ උනා. මහඔය තිබුනෙ එක නිල නිවාසයයි. ඒකෙ යූ.පී පියදාස මහත්තය දරු පවුලත් එක්ක පදිංචිව හිටියෙ … Continue reading මහඔය කෙරුවාව.

පනජ්ජා ඔයේ තේක්ක පාලම

බෝගමුයාය කියන්නෙ මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශෙ තියෙන ගමක්. මහඔය ඉඳන් මාදුරුඔය යන පාරෙ ගිහින් ටික දුරකදී හැරිලා පනජ්ජා ඔයෙන් එගොඩවෙලා බෝගමු යායට යන්න පුලුවන්. මම මහඔය ප්‍රා.ලේ හැටියට වැඩ කරපු 93-95 කාලෙදි බෝගමු යාය සුවිශේෂ ගම්මානයක් උනා. ඒ වනවිට බෝගමු යායට ත්‍රස්තවාදී ප්‍රාහාර තුන් වරක් එල්ල වෙලා ගම් වාසීන් තුන් පාරක් අවතැන් කරලා විශාල පිරිසක් … Continue reading පනජ්ජා ඔයේ තේක්ක පාලම

“උණට” කරපු වැඩ

අම්පාර කියන්නෙ මගෙ දෙවනි ගම කියල කිව්වොත් නිවැරදියි. අදටත් මගේ උපන් ගම වගේම සබඳතා තියෙන තැනක් තමයි අම්පාර. මේ තරම් බැදීමක් අම්පාරත් එක්ක ඇති උනේ දීර්ඝ කාලයක් එහෙ රාජකාරි කිරීම නිසාම විතරක් නෙවෙයි, ඒ රාජකාරි ජීවිතයෙ බොහෝ දේවල් ඉගන ගන්න අවස්තාව අම්පාරෙදි ලැබීමත් ඊට හේතු උනා. මම අම්පාරට යනකොට රාජකාරි අත්දැකීම් හැටියට තිබුනෙ පුහුණු වෙන … Continue reading “උණට” කරපු වැඩ

දිරිදීමනා සටන

හැමදාම පුංචි කාලෙ ගැනම ලිය ලිය ඉන්න එපා, රාජ්‍ය සේවාවෙ ගැනත් ලියන්න කියල අපේ හුඟක් මිත්‍රයො ඉල්ලා සිටියා. බලාගෙන ගියහම ඒ ඉල්ලීම හරි. ඒක නිසාදෝ කොහෙද හර්ද සාක්ෂිය කියන මගේ නඩුකාරය තීන්දුවක් දුන්න. ඒ අනුව ඉඩ තියෙන තියෙන හැටියට රාජ්‍ය සේවාවෙ ගතකල කාලය ගැනත් ලියන්න ඕන. කොහොම උනත් මම ඔය නඩුකාරය දෙන තීරණ වලට අභියාචන … Continue reading දිරිදීමනා සටන

ඡන්දෙ ලිවිල්ල

ආයෙත් සැරයක් ඡන්දෙ ලිවිල්ල පටන් අරන්. හැම අවුරුද්දකටම ජුනි මාසෙ ඒ කෙරුවාව අපේ ග්‍රාම නිලධරින් පටන් ගන්නවා. මේ වැඩේ මෙහෙයවන්නෙ මැතිවරණ දෙපාර්තමේන්තුව. 2015 ඉඳන් කොමිසමක් පටන් ගත්තු හින්ද දැන් මේ ඡන්ද සම්බන්ධ වැඩ මෙහෙවන්නෙ මැතිවරණ කොමිසමෙන්. හැම අවුරුද්දකම වගේ මෙදත් කොමිසම අපේ ග්‍රාම නිලධාරිීන් දැනුවත් කරනවා. ඊට පස්සෙ මේ කාර්‍ය ගැන සාකච්ඡා කරන්න ග්‍රා.නි වෘත්තීය … Continue reading ඡන්දෙ ලිවිල්ල