චන්ද්‍රතිලක සහ රියදුරු මිතුරෝ

මම අවුරුදු තිස් තුනක් ඉක්මවා රාජ්‍ය සේවාවෙ යෙදිල තියෙන්නෙ. තවත් අවුරුදු එක හමාරකට කිට්ටු කාලයක් මේ ගමන යන්න පුලුවන් කම තියෙනවා. මේ රාජකාරියෙදි මම ගුරුහරුකම්, මඟපෙන්වීම් ලබාගත්තු මගේ ජේෂ්ඨයො ගැන වරින්වර සටහන් කරල තියෙනවා. අපි රාජ්‍ය සේවාවෙදි ඉගෙන ගන්නෙ ජේෂ්ඨයින්ගෙන් විතරක් නෙවෙයි. අපිත් එක්ක වැඩ කරන අපේ මඟපෙන්වීමෙන්‍ රාජ්‍ය සේවාවෙ යෙදෙන පිරිස බොහෝයි. මාණ්ඩලික නිලධාරියෙක් … Continue reading චන්ද්‍රතිලක සහ රියදුරු මිතුරෝ

Advertisements

කහඳගමගේ මහත්තයා.

ඒ 1993 අවුරුද්ද. මම අම්පාරෙ බින්තැන්නෙ උතුරෙ පලමුවැනි ප්‍රාදේශීය ලේකම් කමේ රාජකාරි කරන කාලෙ. උදේ අම්පාරෙන් එන මම රාජකාරිය කරල හවසට ආපහු අම්පාරට යනව බොහෝ දවස් වලට. උදේ වරුව කාර්‍යාල රාජකාරි කරල හවස්වරුව ක්ශේස්ත්‍රයෙ ඇවිදින්න යාම මගෙ පුරුද්ද වෙලා තිබුනෙ. කාර්‍යාලෙ මගෙ සහායක වැඩේ කරන බැදි රැක්කෙ සෙනවිරත්න දවසක් දහයට විතර මගෙන් ඇහුව "සර්, අද … Continue reading කහඳගමගේ මහත්තයා.

බකිණිගස්දෝවේ පුංචි බණ්ඩ මාමා

නැගෙනහිරසංවර්ධන හා මුස්ලිම් ආගමික අමාත්‍යංශයෙන් ඊලඟ අමාත්‍ය මංඩලය පත්වීමත් එක්ක මටසමු ගන්න වෙනවා.ඒ මගේ විෂය පතයවූ නැගෙනහිර සංවර්දනයෙන් අධ්‍යාපන හාවාරිමාර්ග කොටස නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශෙට සම්බන්ද කරල තිබීම නිසා.මම නැගෙනහිර අධ්‍යාපනහාවාරිමාර්ගසංවර්ධන අධ්‍යක්ෂ හැටියට ඒ අමාත්‍යංශෙට ගියා.අපේ පරණ ඇමතිතුමිය ෆේරියල් අෂ් රොෆ් මැතිනිය තමයි මගේ අලුත් අමාත්‍යංශය උන නිවාස ඉදිකිරීම් කර්මාන්ත නැගෙනහිර ඇද්‍යාපන හා වාරිමාර්ග සංවර්ධන … Continue reading බකිණිගස්දෝවේ පුංචි බණ්ඩ මාමා

නැගෙනහිර මඩකලපු සංවර්ධනය.

අලුත් ලේකම්තුමා එක්ක රාජකාරිය පටන්ගත්තම අපිට ලොකු ශක්තියක් ලැබුනාමොකද ඩී. දිසානායක මැතිතුමා ප්‍රාදේශීය පාලනේ ඩී ආර් ඕ යුගයෙ ඩී ආර් ඕ හැටියට වැඩ කරල ගම්වාසීන්ගෙ ප්‍රශ්න විසඳන්න තීරණ අරගෙන වැඩකල කෙනෙක්.ඒවගේම අනුරාධපුරේ ගමක ඉපදුනු කෙනෙක්.ඒකනිසාම හොඳට බිම්මට්ටමේ ප්‍රශ්න ගැන දන්න කෙනෙක් වගේම තීරණ ගන්න පැකිලෙන කෙනෙකුත් නෙවෙයි.එතුම ප්‍රශ්නයකට උත්තරේ දෙන්න විනාඩියක් දෙකක් වත් ගන්නෙ නෑ.අනික … Continue reading නැගෙනහිර මඩකලපු සංවර්ධනය.

අලුත් ඒ ඕ මහත්තයා.

2002 අවුරුද්දෙ ආණ්ඩු වෙනසක් උනේ අපේ අමාත්‍යංශෙ ලොකු වෙනසක්කරමිනුයි.අපි එතෙක් හිටපු අමාත්‍යංශෙ කෑලි දෙකකට කැඩුනා.නාගරික මහජන උපයෝගිතා අමාත්‍යංශය කියල කොටසක් වෙනම අමාත්‍යංශයක් උනා.අපේලේකම් ආරියරත්න හේවගේ මහත්තය අතිරේකලේකම් අශෝකජයසේකර මහත්තයත් තව අපේ කීපදෙනෙකුත් ඒඅමාත්‍යංශෙට ගියා.නිවාස අධිකාරිය අපේ අමාත්‍යංශෙන් ඉවත්වෙලා වෙනම කැබිනට් නොවන අමාත්‍යංශයක් උනා.නැගෙනහිරසංවර්දන අංශෙයි පුනරුත්තාපන අංශෙයි ගිනුම් අංශෙයි විතරක් ඉතුරු උනාට ඒ අංශවල මාන්ඩලික නිලධාරි … Continue reading අලුත් ඒ ඕ මහත්තයා.

දීඝවාපි පංසලේ ධර්ම ශාලාව

අලුත් අමාත්‍යංශෙක සංවර්දන අධ්‍යක්ෂ පදවිය භාරගෙන කටයුතු කරන්න පටන් අරං සුලු කාලෙකින් අමාත්‍යංශෙ ලේකම් පදවිය වෙනස් උනා.පරිපාලනසේවාවෙ නවකයො හැටියට අපිව පුහුනු කරපු ආරියරත්න හේවගේ මැතිතුමා ලේකම් ධුරයට පත් උනා.හේවගේ මැතිතුමා එක්ක වැඩ කරන්න ලැබීම කෙනෙකුට ලැබෙන ලොකු අවස්තාවක් කිව්වෑකි.එතුමා බොහොම පැහැදිලිව නොපැකිලව නිවැරදිව තීරණ ගන්නවා.ඒවිතරක් නෙවෙයි ඒ ගන්න තීරන ක්‍රියාත්මක කරන්නත් පසුබටවෙන්නෙ නෑ.මගෙ සේවා කාලයතුල … Continue reading දීඝවාපි පංසලේ ධර්ම ශාලාව

පනස් දාහේ ව්‍යාපෘතිය.

දිසාපති පන්හිඳ බලන අපේ පරිපාලන සේවාවෙ අනාගත සම්පත් වගේ ඉන්න තරුණ නිලධාරි මහත්තයෙක් පහු ගිය දොහක මම ඉන්න තැනදිම පන්හිඳ අගය කරලා මේදවස්වල යමක් ලිව්වෙ නැත්තෙ මොකදැයි කියල ප්‍රශ්නෙකුත් ඇහුවයි කියමුකො.අන්න එතකොට තමයි තේරුනේ දැන් මේ මට ඕනවෙලාවට විතරක් මේ ලියවිල්ල කරල හරියන්නෙ නෑ කියල.ඒකනිසාම ආයිත් පරිපාලන සේවාවෙ අත්දැකීම් සටහන් කරන්න හිතුන.ඉතින් ලීලනාත්වික්‍රම ආරච්චි කියන … Continue reading පනස් දාහේ ව්‍යාපෘතිය.

කඩේලඟ කතා-හඳට යෑම

අපේ පුංචි කාලෙ කඩේලඟ සිද්දවෙච්ච කතාබහ අපිට ලොකු දැනුමක් ලබාදුන්නා කියල මම කලිනුත් කියල ඇති.කඩේලඟදි හවසට එකතුවෙන ගමේ වැඩිහිටියො විවිධ දේගැන කතාකරා.ගමේරටේ තොරතුරු ගැමියො දැනගන්නෙ ඔය කඩේලඟ කතාබහෙන් තමයි .ගමේ උදවියට මුහුනදෙන්න වෙන අත්දැකීම්, නගරෙට ගිය කෙනෙකුට ලැබෙන තොරතුරු, කුඹුරුවලට සිද්දවෙන හානි,.චන්දෙ ,රබර් මිල ,විතරක් නෙවෙයි ඇමරිකන් කාරයයි වියට්නාමෙයි යුද්ධ කරන හැටි පවා මේ කතාබහට … Continue reading කඩේලඟ කතා-හඳට යෑම

කවියේ කතාව.

මේ මූනු පොත කියනඋපකරණෙත් හරි අපූරුයි.අපිව එකඑක කල්පනාවලට ගෙනියන්න පුලුවන් සටහන් ඕක අස්සෙ දැක ගන්න ලැබුනම හරි අපූරුදේවල් සිද්දවෙනවා.මේ ටික නමො විත්තියෙන්ම කිව්වෙ මේ අපේ ගමේ බුද්දික අතුකෝරල ඉලන්දාරිය දාපු සටහනක් දැකලයි.කොහොමටත් ඔය ඉලන්දාරිය ටිකක් අමුතුදේවල් හොයල මූනුපොතට දාන කෙනෙක්.අද බැලුවම මේ යෝධය කොහෙන්දෝ හොයාගෙන එකදාස් නමසිය හැත්තෑතුනේ අතලෙ මාටින් වීරසිංහ ආතා විසින් කලුගල ආරණ්න්‍ය … Continue reading කවියේ කතාව.

දහ අට සන්නිය.

"ඔය ඕන නැති ඒවට ආවොත් දහ අට සන්නිය නටලයි නවතින්නෙ ආයි නොකිව්වයි කියන්න එපා"මේ අපේ ගම්පැත්තෙ වැඩිහිටියෙකුට කේන්ති ගියහම කියන කියමනක්. කතාවට ඔහොම කිව්වට අද කතාකරන්න හදන දහඅටසන්නිය කියන එක නම් කේන්ති ගිහින් නටන්න පුලුවන් එකක් නෙවෙයි. දහ අට සන්නිය නටන්නෙ ගෙදරක ලෙඩෙක් ඉන්න කොට සෙත් ශාන්තියක් විදියටයි. මේ ශාන්ති කර්මය අපේ ගම් පලාත්වල අපි … Continue reading දහ අට සන්නිය.